✨️💜️ Chapter 17 💜️✨️

Jk pov
  මේ කෙල්ල නිසා අද ගෙදර යන්නත් පරක්කු උනා දැන් ඉතින් ගෙදර ගිහින් අහන ප්‍රශ්නවලට උත්තර දීපන්කෝ NIS එක හොදයි මීට වැඩිය ගෙදරට ඉස්සෙල්ලාම අඩිය තියනකොට දැක්කේ සෝෆා එකේ දිගා වෙලා සැපට නිදාගෙන ඉන්න පූස් තඩියෙක්ව මම හිමින් සැරේ අඩිය තියලා මගේ රූම් එකට යන්න පඩිපෙළට අඩිය තියනකොටම ඇහුනු කටහඬ නිසා මම ආපහු හැරිලා බැලුවා

" තමුන් කොහෙද හොර පුසා වගේ යන්නේ "
ඒ වෙන කවුරුවත් නෙවෙයි කොරියාවේ ඉන්න talented ම lawyer Min yoongi මේකාට පූසෙක් කියන්නේ නිකන් ද මම යුන්ගි හියුන්ග් දිහා බැලුවා එතකොට ජින් හියුන්ග් ආවා අද නම් ඉවරයි ඉතින්

" මෙච්චර වෙලා මොනාද කලේ මනුස්සයෝ calls කීයක් ගත්තා ද ආ එකක්වත් answer කලේ නැ තමුසෙට ෆෝන් එකක් තියෙන්නේ මොකටද කියනවා ඉස්සෙල්ලාම........................................................................................................................................................................................................................................."

( කියව්ව ඒවා ලියන්න ගියොත් මට අතක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න වෙයි )

ජින් හියුන්ග්ගේ දේශනය අහගෙන ඉදලා හිමින් සැරේ රූම් එකට ඇවිත් වොෂ් එකක් දාගත්තා තාමත් වහිනවා වැස්ස දැක්කාම මට මතක් උනේ යුන්හාව ඇත්තටම අද මම එතැනට නොගියා නම් මොනා වෙයි ද
මේ කෙල්ලගේ කටේ සද්දේ මට විතරයි එයාගේ හිනාව හරි ලස්සනයි මාත් එක්ක කවදාවත් එහෙම හිනා වෙලා නැ අයිෂ් ජන්කුකා මොනාද ඔය හිතන්නේ ඒ කෙල්ලගෙන් පලිගන්න ක්‍රමයක් හිතනවා නැත්නම් ඉස්සරහට තමුන්ට තියෙන තත්ත්වයට නැති වෙයි

" කුකී කන්න එන්න "
මම කල්පනා ලෝකෙන් මේ ලෝකෙට ආවේ ජින් හියුන්ග් කතා කලාම

" හරි හියුන්ග් මම එන්නම් "
මම පහලට ගිහින් කාලා ඇවිත් නිදාගත්තා හෙට යුන්හාට වද දෙන්නත් තියෙනවා නේ 

Next day morning
Author pov

වෙන්දා වගේම අදත් උදේ පාන්දරම නැගිට්ටේ හනා අනිත් එවුන් නැගිටින්නේ ඊට පස්සේ කවුරු කොහොම නැගිට්ටත් යුන්හා නම් පස්සට පාරක් වදිනකම් නැගිටින්නේ නැ

" කෝ නිදිකුම්බරී තාම නිදිද "
ලූනා කිචන් එකේ ඉන්න හනා ලිසාගෙන් ඇහුවේ

",යුන්හා කවද්ද පස්සට පාරක් නොකා නැගිටින්නේ "
ලිසා කිව්වා

" ලූනා යනවකෝ ගිහින් නැගිට්ටගෙන එනවා යුන්හාව මට දැන් යන්න වෙනවා හරි ද එහෙනම් මම ගිහින් එන්නම් ලිසා යනකොට දොර ලොක් කරන්න "

" හරි අනේ උබ හැමදාම ඕක කියනව නේ හනා "

",හරි ඉතින් උබ නේ අන්තිමට යන්නේ ඒකයි කියන්නේ "

" හ්ම්ම්"

" සනාට කියන්න යුරීව එක්කන් යන්න කියලා ලූනා යුන්හා එක්ක යන්න "

" ඒකි කැමති නැ ඔන්නි අපි එයාගේ පස්සෙන් එනවාට අනික එයාට අපිව සැකයි "

" ලූනා කිව්වා හරි යුන්හාට අපිව සැකයි ",

" හ්ම්ම් අපිට මේක එයාට කියන්න වෙයි වගේ බලමුකෝ ඉතින් ඉස්සරහට කොහොමත් දැන් යුන්හා බෙහෙත් ගන්නේ නැ නේ "

" යේ ඔන්නි "

" මම ගිහින් එන්නම් ",

" හරි හනා පරිස්සමින් "
හනා hospital එකට යන්න පිටත් වුනා ඊට පස්සේ ලූනා යුන්හාව ඇහැරන්න ගියා අපරාදේ කියන්න බැ ඔලුවේ ඉදලා පෙරවගෙන මැරිලා වගේ නිදි

",හැපූ මේකි පුදුම නින්දක් නේ සුනාමිය ආවත් මේකි නිදි මගේ soulmate නේ කාට කියම්දෝ මගේ වේදනා "
ලූනා තනියෙන් කියව කියව ගිහින් යුන්හා පෙරවගෙන හිටපු ශීට් එකෙන් ඇද්දා යුන්හා ඇදේ කොනකට ගුලි වෙලා නිදි

" යාහ්හ් යුන්හා නැගිටපන්කෝ වදේ උබව නැගිට්ටන්න ගිහින් මගේ උගුරු දන්ඩ ඉවරයි යකෝ සෙද්ද "

" ලූනා අනේ ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්නකෝ "
යුන්හා යාන්තම් ඇස් ඇරලා ලූනාට කිව්වා

",මොකද යකෝ මේ "

" ඔලුව පැලෙන්න රිදෙනවා අනේ උබ කෑගහන්න එපා "
ලූනා යුන්හාගේ නලලට අත තියලා බැලුවා ගින්දර වගේ රස්සනෙයි යුන්හාට උණ හැදිලා

" උබට හොදටම උණ යකෝ අයිෂ් හනා ඔන්නිත් දැන් ගියේ ඔහොම හිටපන් මම ලිසා ඔන්නිට කතා කරන්න "
ලූනා එහෙම කියලා ගිහින් ලිසාව කතා කරගෙන ආවා ලිසා යුන්හා ලගින් වාඩි වෙලා නලලට අත තියලා බැලුවා යුන්හා කෙදිරිගානවා

" යුන්හාට හොදටම උණ ලූනා "

" මොනාද ඔන්නි දැන් කරන්නේ "

" හනාට call එකක් දීලා කියන්න යුන්හාට උණ කියලා සනාට කියන්න යුරීව එක්කන් යන්න කියලා මින්සුවත් එක්කන් යන්න කියලා අපි දෙන්නා යුන්හා එක්ක ඉමු "

" හරි ඔන්නි "

" මේ කෙල්ල ඊයේ රෑ වැස්සේ තෙමිලා එනකොට මට හිතුනා අසනීප වෙයි කියලා ",
ලිසා යුන්හාගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" ඔන්නි දැන් මට බනින්න ද හදන්නේ ",

" ඔයාට බැනලා වැඩක් නැ නේ යුන්හා කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි නේ "
යුන්හා හිනා වෙලා ඇස් දෙක පියාගත්තා ලීනා ආපහු යුන්හාගේ රූම් එකට ආවා

" ඔන්නි හනා ඔන්නි answer කරන්නේ නැ නේ දැන් අපි මොකද කරන්නේ "

" බලාගෙන ඉදලා බැ යුන්හාට අමාරුයි වගේ hospital එකට එක්කන් යමු "

" යේ ඔන්නි "

" ලිසා ඔන්නි යුන්හාට මොකද උනේ ඇයි එකපාරට උණ ගත්තේ "
යුරී දුවගෙන ඇවිත් ඇහුවා

" ඊයේ තෙමිලා නේ ආවේ ඒක නිසා වෙන්න ඇති දැන් ඔයා යන්න ඕන නේද යුරී "

" යුරී මින්සු යන් ලිසා "

" යේ සනා "

" යුන්හා බලාගන්න හරි ද මම call කරනවා හොදේ answer නොකර ඉදලා මාව බය කරන්න එපා එහෙම කලොත් බුලට් දෙකක් බස්සනවා ඔලුවට "
සනා කිව්වා

" අම්බෝ ඔන්නි ඔයා 😅"
ලූනා හිනා වෙවී කිව්වා

" හරි හරි අනේ "

" හ්ම්ම් පරිස්සමින් හරි ද අපි යන් "
සනා යුරී මින්සුව එක්කගෙන ගියා ලූනා ලිසා යුන්හාව එක්කගෙන hospital එකට ගියා ලිසා ලූනා එක්ක යුන්හාව වාඩි කලා

" ඔහොම ඉන්න හොද ද මම ඉක්මනට එන්නම් "
ලිසා යුන්හාගේ ඔලුව අතගාලා ගියා යුන්හා ඔලුව උස්සගෙන හිටියෙත් අමාරුවෙන් ඒක නිසා ලූනාගේ උරහිසෙන් ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා

" ඇස් වහන්න එපා යකෝ මට බය හිතෙනවා "
ලූනා කිව්වේ යුන්හාගේ දිහා බලන ගමන් යුන්හා හිනා වුනා

" මට උබේ මූන පේන්නේ නැ "

" ම්ම්ම් මොකද්ද බන් වද දෙන්නේ "

" උකුලෙන් ඔලුව තියාගනින් "

" ම්ම්ම් "
යුන්හා ලූනාගේ උකුලෙන් ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා

" බය වෙන්න එපා මම දැන්ම මැරෙන්නේ නැ "
යුන්හා ඇස් දෙක පියාගෙනම කිව්වා හැබැයි ඒ කියපු කතාවට ලූනාට තරහ ගියා

" මොකද්ද උබ කියන්නේ ආපහු කියපන් බලන්න අසනීපෙන් කියලා බලන්නේ නැ තල්ලු කරලා දානවා බිමට උබට විහිලුවක් ද යකෝ මේක "

" හරි බන් මියාන්හේ මම හිතුවේ.........."
යුන්හා කියන්න ගියපු දේ නවත්තලා ලීනා කතා කලා

" උබ කවද්ද හිතලා කතා කලේ ආ හැමදාම කියන්නේ මම ඒක එච්චර හිතුවේ නැ මියාන්හේ කියලා හිත රිද්දලා මියාන්හේ කිව්වාම හරි ද යුන්හා "
ලූනාගේ ඇස් වල කදුලු පිරිලා යුන්හා අමාරුවෙන් හරි ඔලුව උස්සලා ලූනාගේ අත් දෙකෙන් අල්ලාගත්තා

" මේ අහපන්කෝ ලීනා මගේ බෙස්ටි මගේ නංගි මගේ හැමදේම කිව්වේ උබට උබේ හැමදේම කිව්වෙත් මට මෙච්චර කාලෙකට අපි අතරේ කිසිම රහසක් තිබුනේ නැ ඒත් ලගදී ඉදලා උබ මගෙන් මොනාහරි දෙයක් හංගනවා කියලත් තේරෙනවා මම ඒක අහන්නේ  නැ ඔයාව අපහසුතාවට පත් කරන්න මට ඕන නැ ලීනා මම කියන දේවල් හිත හිතා කියන කෙනෙක් නෙවෙයි කියලා උබ දන්නවා නේ මටත් වඩා හොදට මං ගැන උබ නේ ලීනා "
යුන්හා කියන හැමදේම ලූනා කට වහගෙන අහගෙන හිටියා

" ආපහු මැරෙන කතා කියන්න එපා මට දුකයි මට ඉන්නේ ඔයාලා විතර මට ඔයාලත් නැති උනොත්............."

" කට වහපන් උබව දාලා කවුරු ගියත් මම යන්නේ අපායට ගියත් උබව උස්සගෙන තමයි යන්නේ අද කිව්වා කියලා කොහේ හරි ලියාගෙන තියාගනින් ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙයි "

" හාකෝ උබ කියන දෙයක් තමයි ",
එහෙම කියලා දෙන්නාම හිනා වුනා යුන්හාට දැන් ලෙඩත් අමතකයි ඒ වෙලාවේ තමයි ජින් hospital එකට ආවේ එතකොට ජින් මේ ජෝඩුව දැකලා එතැනට ගියා

" දෙන්නා මොකද මෙහේ "
ජින් අහනකොට ඇවිත් දෙන්නා ජින් දිහා බැලුවේ මේ ඩබලට හිනා වෙන්න ගියොත් ඉන්නේ කොහෙද කින්ද මන්ද මෙලෝ දෙයක් මතක නැ

" ජින් ඔප්පා "
ලූනා හිනා වෙලා කිව්වා ජිනුත් හිනා වෙලා දෙන්නා දිහා බලාගෙන හිටියා

" මොකද මෙහේ කරන්නේ "

" අපි දෙන්නා කොල්ලෙක් බලන්න ආවේ "

" hospital එකට එනවද යකෝ කොල්ලෝ බලන්න  "

" අනේ ඔප්පේ hospital එකට එන්නේ බෙහෙත් ගන්න නේ ඔයා specialist කෙනෙක් උනේ කොහොමද ඔප්පේ හොර වැඩක් වත් කලාද "
ලූනා එහෙම අහනකොට යුන්හා ලූනාගේ අතට ගැහුවා

" මොකද යකෝ ගහන්නේ "
ලූනා ඇහුවා එතකොට එතැනට ලිසා එක්ක ඉන්හා ආවා

" හායි ඉන්හා කොහොමද ඉතින් ජීවිතේ ",
ඉන්හා දැක්ක ගමන් ලූනාගේ ඇහුවා

" යකෝ මේකි.... මම තොට වඩා වැඩිමල් කියලා දන්නේ නැද්ද "

" දන්නවා හලෝ "

" අනේ උබේ පිස්සු කතා අහන්න නෙවෙයි මම ආවේ මෙන්න මේක අසනීපෙන් කිව්ව හින්දා ආවේ "

" යකෝ ඒක බලපන්කෝ යුන්හා "

" මොනාද බලන්න කියන්නේ යුන්හාට "

" මේ මාත් මෙතන ඉන්නවා "
ජින් කිව්වා

" ඕ ජින් good morning ඔයා මොකද මෙතන "
ඉන්හා හිනා වෙලා කිව්වා

" මේ දෙන්නා ඉන්න දැකලා ආවේ "

" ඒ කියන්නේ ඔයාලා අදුරනවද "

" යේ අපි අදුරනවා ඔයාට ඒක ප්‍රශ්නයක් ද "

" ලූනා කට වහගන්නවා මෙතනත් රන්ඩු වෙන්න හදනවා මේක hospital එකක් කියලා අමතකයි ද ".
දැන්ම ලූනාගේ ටින් බෙලෙක්ක කට වැහුවේ නැති උනොත් hospital එකම දෙක වෙන්න කෑගහලා වලිය පටන් ගන්න බව දන්න නිසා ලිසා කතා කලා එතකොට තමයි ලූනා කට වැහුවේ

" අනේ මෙතනින් ලෙඩෙක් ඉන්නවා කියලා කිසි කෙනෙක්ට ගානක් නැද්ද "
යුන්හා කිව්වා

" අහ් උබ ඉන්නෝ නේ අමතක උනා බන් සමාව භාජනයකට දාලා අරන් තියාගනින් අවශ්‍ය උනොත් මම ඉල්ලන්නම් "
ලූනා කිව්වා

" අනේ මම උබට කිව්ව කියලා හිතාගනින් doctors දෙන්නෙක් මගේ ඉස්සරහ ඉන්නවා එකෙක්ටවත් මං ගැන ගානක් නැ කෝ හනා ඔන්නි මට හනා ඔන්නිව ඕන "

" මම හිතන්නේ යුන්හාගේ ලෙඩ හොදයි වගේ "
ලිසා කිව්වා

" මම යන්න ඕන ලමයි ජින් මෙයා ගැන බලන්නකෝ "
ඉන්හා එහෙම කියලා ගියා

" යුන්හා යන් "
ඊට පස්සේ ජින් යුන්හාට බෙහෙත් දුන්නා යුන්හා හිටියේ නම් ගෙදර යන්නේ කොයිවෙලේද කියලා හිතාගෙන කොහේ යන්නද ලූනා ජින්ව අල්ලාගෙන ලොකු කයියක් අන්තිමේ දී යුන්හා කෑගහලා තමයි ලූනාව ගෙදර ඇදගෙන ගියේ නැත්නම් අද දවසෙම උනත් hospital එකේ ඉදීවී ගෙදර ඇවිත් යුන්හා නිදාගත්තා

Jk pov

  මම උදේ ඔෆිස් එකට එනකොට යුන්හා ඇවිත් හිටියේ නැ මම මගේ කැබින් එකට ගිහින් වාඩි වෙලා යුන්හා එනකම් බලාගෙන හිටියා ඒත් යුන්හා ආවේ නැ 8.30 ත් පහුවෙලා මේ කෙල්ල අද ඔෆිස් එන්නේ නැද්ද අයිෂ් ජන්කුකා ඒ කෙල්ල ආවත් මොකද නාවත් මොකද ඒක ඔයාට වැඩක් නැ නේ තමුසේ හෙට එනවකෝ අල්ලගන්න මාසෙකට හරි යන්න වැඩ මම තමුසෙට හෙට දෙන්නම් ඒ වෙලාවේ ටේ හියුන්ග් ආවා

" අද යුන්හා නැද්ද බන් "
ටේ හියුන්ග් වාඩි වෙන ගමන් මගෙන් ඇහුවා

" ඒක මම දන්නේ කොහොමද හියුන්ග් "

" උබ ලග වැඩ කරන එකා ආවේ නැතිවුනාම උබ දැනගන්නේ නැතුව මම දැනගන්න ද යකෝ "

" හියුන්ග් ඒකි මට ආවත් එකයි නාවත් එකයි හැබැයි මේක ඔෆිස් ඒකිට ඕන වෙලාවට එන්න යන්න මේක කෝලම් මඩුවක් නෙවෙයි "

" හැබැයි යුන්හාට ආවේ නැත්තේ සාධාරණ හේතුවක් නිසා නම් මොකද්ද උබ කරන්නේ "

" හියුන්ග් ඒක එහෙනම් ඔෆිස් එකේ කාටහරි කියන්න ඕන "

" අනේ උබ එක්ක කතා කරලා දිනන්න බැ මම යනවා "

" කොහෙද "

" කොහේ හරි "
ටේ හියුන්ග් එහෙම කියලා ගියා ඇත්තටම එයාට කරදරයක් වත් ද අයිෂ් ජන්කුකා ඔය කෙල්ල ගැන හිතන එක නවත්තගන්නවා ඒත් එයාට ඊයේ වෙච්ච දේවල් නිසා......... කෝල් එකක් දීලා බලනවා

" What ?? Phone off ?? Phone එකත් off කරගෙන මෙයා මොනාද කරන්නේ හෙට ඔෆිස් ආවාම බලාගමු යුන්හා මම තමුසෙව ලේසියෙන් අතහරින්නේ නැ "
මම ෆෝන් එක පැත්තකින් තියලා ආපහු වැඩට බැස්සා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Yunha pov 

   කාලෙකින් සැපට නිදාගත්තා දැන් වෙලාව කීයද දන්නේ නැ මම ඇස් දෙක හීනි කරගෙන වටපිට බැලුවේ ෆෝන් එක හොයාගන්න දැන් දවල් ද රෑ ද උදේ ද කියලවත් දන්නේ නැ ඒ තරම් හොදයි මගේ නින්ද

" කොහි ගියේ මා මැනික ඔම්මා ලගට එන්න පැටියෝ කෝ ඔයා "
මගේ ප්‍රාණය සම වූ මගේ ෆෝන් රාජයා හෙව්වේ උබලා මොනාද හිතුවේ ආ ඇත්තටම කෝ යකෝ මගේ පන ඩිංග හුවෑව්.......... කෝ මගේ පන

" ලූනා කෝ මගේ පන "
ප්‍රතිචාරයක් නැ මගේ sound එක මදි වගේ නැත්නම් මේකි මැරිලා ඒකි මලාට අනිත් එවුන් ඇති නේ මෙහෙම ඉදලා හරි යන්නේ නැ මම ඇදෙන් බැහැලා දොර ලගට ගියා එතකොට දොර ඇරියා කියන්න වචන නැ අහිංසක මගේ අසරණ පස්ස බිම වැදුනා මේ දවස්වල මගේ අහිංසක අසරණ පස්සට අපලයි වගේ සැක් එතකොට මෝහිනි හිනා වෙනවා වගේ ඇහුනු නිසා මම දොර දිහා බැලුවා දොරට ගගහා හිනාවෙන මගේ අතිජාත පාප මිතුරිය වන ලීනා නොහොත් ලූනා හැපෝ මෝහිනිගේ හිනාව ඔයිට වඩා ලස්සනයි

" ඕයි ඔය හිනාව නවත්තගනින් නැත්නම් බොට පසුතැවෙන්න වෙයි "
අපරාදේ මගේ වචන ටික කියලා හිතුනේ මේකි කලින්ට වඩා හයියෙන් හිනා වුනු නිසා

" හිනා වෙයන් තව හිනා වෙයන් වයසක හිවලි "
ඔන්න එතකොට තමයි හිනාව නැවැත්තුවේ ඒක හිනාවක් කියන්නත් බැ ඒකට තාම නමක් නැ මම හිතන්නේ

" මොකද්ද උබ කිව්වේ "
උප්ස් ඒ පාර මේකිට තරහ ගිහින් මේකිගේ මූඩ් වෙනස් වෙන්නේ හරියට කටුස්සා පාට මාරු කරන්න වගේ නේ

" එක දෙයක් එක පාරයි කියන්නේ ඇහුන් නැත්නම් මට කරන්න දෙයක් නැ ඒක උබේ වැරැද්දක් මිසක් මගේ වැරැද්දක් නෙවෙයි නේ "

" පුහ් කොහෙද දන්නේ නැ එහෙම කියලා තියෙන්නේ "

" අපායේ තියෙන රාජකීය ග්‍රන්ථයකලු බන් තියෙන්නේ "

" උබ අපායේ ගියා ද යකෝ "

" අනී බන් ගියෙපු එකෙක් කිව්වේ "

" හැපූ "

" යන්න ඉන්න තැන ගැන හොයාගන්න එපැයි බන් උබත් පොඩ්ඩක් හොයලා බලපන් "

" කියනකම් හිටියේ "

" දැන් කිව්වා නේ ගිහින් හොයපන් ඊට කලින් කෝ මගේ පැටියා "

" හිටපන් ගෙනත් දෙන්න "

" උබ මොකටද මගේ පැටියාව ගත්තේ "

" යකෝ උබේ ඔය අටමගලක් මට ඕන නැ charge වෙන්න ගැහුවා battery low නිසා "

" හරි හරි ගෙනත් දීපන් "
ලූනා මට ෆෝන් එක ගෙනත් දුන්නා ෆෝන් එක on කරලා බලනකොට බොසාගෙන් miss call එකක් තිබුනා

" හුටා මම ඉවරයි බොසාට කිව්වේ නැ දැන් මොකද්ද යකෝ කරන්නේ මාව මරයි කොයිවෙලෙත් ඉන්නේ යකා වැහිලා වගේ නේ මොනාද කරන්නේ අනේ කරන්න දෙයක් නැ call එකක් ගත්තා දෙපාරක් rings යනකොට answer කලා.....................

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Good morning and Good night
දැන් වෙලාව 12.02

කොහොමද ඔයාලට
පරිස්සමින් ඉන්නවා නේදෝ
සරන්හේ 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top