✨️💜️ Chapter 15 💜️✨️
Jin pov
එදා හනා එක්ක කතා කලාට පස්සේ ආපහු මම හනා එක්ක කතා කලේ නැ හනා මාත් එක්ක කතා කරන්න ට්‍රයි කලත් මම හනාව මගහැරියා හනා කොයිවෙලෙත් කල්පනා කරනවා ඒ ගැන ඇහුවාම හනා අපිට බොරු කියනවා ඉන්හා ඇහුවත් හනා මුකුත් නැ කියලා 😒 අද හනාගෙන් ඇත්ත දැනගන්නවා කියලා හිතාගෙන මම හනා හොයාගෙන ගියා එතකොට මට ඉන්හා හම්බුනා ඉන්හා කිව්ව විදියට මම rooftop එකට ගියා ඉන්හා කිව්ව විදියට හනා rooftop එකේ හිටියා අද ටිකක් සීතලත් එක්ක මේ කෙල්ලට කිසිගානක් නැතුව අහස දිහා බලාගෙන කල්පනා කරනවා මම හිමින් ගිහින් back hug කලා කෙල්ල ගැස්සිලා ගියා එක පාරටම මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව කෙල්ල දැගලුවත් මම අතහැරියේ නැ ටිකකින් හනා සන්සුන් උනාම මම නිකට හනාගේ උරහිස තිබ්බා
" ජින් "
" ම්ම්ම්"
" මොකද මේ එහාට වෙන්න "
අයිෂ් ආපහු දගලනවා අද නම් අතහරින්නේ නැ ඇත්ත කියනකම්
" මම අහන දේට උත්තරයක් දුන්නොත් අතහරින්නම් "
" මොකද්ද "
" හනා මම අවසාන වතාවට මේ අහන්නේ ඇත්ත කියන්න හරි ද ",
" හ්ම් "
" ඔයා මොකක් හරි ප්‍රශ්නෙක නේද ඉන්නේ ම්ම්"
" අනී "
මම හනාව මගේ පැත්තට හරවගත්තා
" බොරු කියන්න එපා හනා ඔයා කියන්නේ බොරු කියලා ඕන කෙනෙක්ට තේරෙනවා මට නොකිව්වට කමක් නැ මම ඔයාගේ කවුරුවත් නෙවෙයි නේ ඒත් ඉන්හා ඔයාගේ යාලුවා නේ එයාට හරි කියන්න "
හනා ඇස් වල කදුලු පුරවගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා ඔය ඇස් වල කදුලු දකින්න මම කැමති නැ හනා 😔
",වේ ඔයා මං ගැන මෙච්චර හොයන්නේ "
හනා මගේ ඇස් දිහා කෙලින් බලාගෙන ඇහුවා මම මෙච්චර ඔයා ගැන හොයන්නේ මම ඔයාට ආදරේ නිසා හනා මම කිව්වේ නැ හිතුවා විතරයි මට හනාව හම්බවෙලා වැඩි කාලයක් නැ ඒත් මම හනාව දැක්ක දවසේ ඉදලා හනාට ආදරේ කලා ඒත් හනාට මාං යාලුවෙක් තරම්වත් හැගීමක් නැද්ද 😔 ඔයා තේරෙන්නේ නැද්ද හනා මං ඔයා ගැන හොයන්නේ ඇයි කියලා
" ඔයා මගේ යාලුවෙක් නේ ඉතින් මම ඔයා ගැන හොයනවා 🙂"
" හ්ම්ම් මට අදත් කියන්න තියෙන්නේ එදා කියපු දේම තමයි මම හොදින් ජින් මං ගැන හොයනවාට කුමාවෝ "
දැන් නම් මගේ ඉවසීමේ සීමාව පනිනවා මෙච්චර වෙලා මම හොදින් ඔයාගෙන් ඇහුවා තව කොච්චර ඔහොම බොරු කිය්නවද 😠
" හනා බොරු කිව්වා ඇති මම අන්තිම හොදින් මේ අහන්නේ තමුසෙගේ ප්‍රශ්නේ මොකද්ද "
මම කෑගහලා අහනකොට හනා බය වුනා
" ජි..ජින් "
" යේ මම ජින් තමයි දැන් තමුසේ කියනවා මොකද්ද ප්‍රශ්නේ "
" මුකුත් නැ "
හනා මගේ ඇස් මග හරින ගමන් කිව්වා ඔයාට මෙහෙම කියලා තේරෙන්නේ නැ නේ හනා 😏 මම හනාව බිත්තියට තියලා තද කලා හනාගේ අතේ තිබුණු coffee එකත් බිම වැටුනා
" ජින් ඔයාට මොනා වෙලා ද "
" මම තමයි ඒක අහන්න තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ "
හනා මාව තල්ලු කලා මම අඩියක් පිටිපස්සට ගියා
" මම කී සැරයක් කියන්න ද ජින් මට කිසි ප්‍රශ්නයක් නැ ඔයා මට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඉන්නවද අනික ඔයා මගේ කවුද ජින් මගෙන් ඔහොම ප්‍රශ්න අහන්න 😠"
" අහ් මං පෙන්නන්නම් මම තමුසෙගේ කවුද කියලා "
මම හනාගේ ඉනෙන් ඇදලා අරගෙන තොල් වලට බර වුනා හනාට වෙච්ච දේ හිතාගන්න බැරුව ගල් ගැහිලා වගේ ටික වෙලාවක් හිටියා මගේ එක අතක් තිබුනේ හනාගේ කම්බුලක මම ඇස් දෙක පියාගෙන හනාගේ තොල් සිපගත්තා 🙈💞 ටිකකින් මගේ අතට රස්නයක් දැනෙද්දී මම ඇස් ඇරලා බැලුවා හනා අඩනවා මම හනාගෙන් ඈත් වුනා
" මියාන්හේ "
මම එහෙම කියලා එතනින් ආවා
Jin pov end
හනා එහෙම්ම බිම ඉදගත්තේ වෙච්ච දේ හිතාගන්න බැරුව හනාගේ අත කෙලින්ම ගියේ එයාගේ තොල් වලට
" එයා මාව කිස් කලා ද 😳 මොකද්ද ඒ වුනේ "
හනා අත් දෙකෙන් කොන්ඩේත් අවුල් කරගෙන නැගිට්ටා
" අයිෂ් දැන් කොහෙද හනා යන්න හදන්නේ එයාට කොහොමද ඔයා මූන දෙන්නේ 😐 ඒත් මම මොකද්ද කලේ එයා නේ ඇවිත් මාව hug කරලා කිස් කරලා බැනලා ගියේ මොකටද ඔයා බය වෙන්නේ "
හනා පිස්සියක් වගේ තනියෙන් කියවනවා
" පොඩ්ඩක් ඉන්න එතකොට එයා ඇයි මාව කිස් කලේ 🤔 හදිස්සියේවත් එයා මට ................. ඔයාට පිස්සු ද හනා එයා ඔය වගේ කෙනෙක්ට කැමති වෙයිද එයා කවුද ඔයා කවුද ඒත් ඇයි එහෙනම් එයා මාව කිස් කලේ 🤔 දැන් මට පිස්සු වගේ "
හනා ටික වෙලාවක් ඕක කල්පනා කර කර ඉදලා වෝඩ් එක පැත්තට ගියා
Next day morning 🌥️
Yunha pov
අද උදේ පාන්දරම එලාම් රාජයා කෑගහන්න පටන් ගත්තා
" අයිෂ් මොන වෙඩිමක් ද යකෝ නිදාගන්නවත් නැ මොකාද මේ එලාම් එක හොයාගත්ත එකා ඌ මට අහුවුනොත් ගහක බැදලා දිමි ගොට්ටක් ඇගට දාලා කුරුලු පිහාටුවකින් කිති කවනවා "
එලාම් එකත් ඕෆ් කරලා අනිත් පැත්ත හැරිලා කොට්ටේත් බදාගෙන නිදාගත්තා වැඩි වෙලාවක් මට එහෙම ඉන්න හම්බුනේ නැ මහා මේරූ පර්වතයක් ඇග උඩට කඩාගෙන පහත් උනා ෆීලින් එකත් දැනෙද්දී මම ඔලුව උස්සලා බැලුවා මම හිතුවා හරි මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ අතිජාත අපාය සහයක පාප මිතුරිය ලූනා තමයි
" ඕයි එහාට පලයන් මගේ සූටි ඇග තැලෙනවා යකෝ "
සැක් අපරාදේ මගේ වචන ටික මේකි හෙල්ලුනේවත් නැ මැරිලා වගේ ඉන්නවා
" ඕයි ගෑනියේ නැගිටපන් මට කියලා මෙතන සුද්ද කොරියන් වලින් ජාතිය අමතගන්න එපා "
මේ පාර නම් උච්ච ස්වරයෙන්ම ආමන්ත්‍රණය කලා ඒත් වැඩක් ඔලුව උස්සලා ඇස් දෙක හීන් කරලා මගේ දිහා බලලා ආපහු නිදාගත්තා මේකි ඊයේ රෑ හීනෙන් දැකපු හීනේ කොල්ලා මම කියලා හිතාගෙන ද යකෝ මේ ඉන්නේ මොන banana flower එකක් ද මේ
" යාහ්හ්හ්හ් ලූනා එහාට පලයන් මම තැලෙනවා යකෝ තූ හෙන බරයි මොනාද තී කන්නේ ආ ගල් ද යකෝ ගිලින්නේ නැගිටපන්කෝ වදේ "
" බැ එහාට යන්නේ උබ අපිව දාලා ගියොත් 🥺"
මොකා කියන්නේ මේකි අඩනවද ඒත් ඇයි මම මුන් දාලා කොහේ යන්න ද පිස්සු ද මේකිට
" ලූනා තොට පිස්සු ද යකෝ මම තොපි දාලා කොහේ යන්න ද "
මම ලූනාව එහාට තල්ලු කරලා නැගිටින ගමන් ඇහුවා ලූනා නැගිටලා මාව වැලදගත්තා
" යාහ්හ් ලූනා මොකෝ යකෝ මේ කියපන්කෝ මාව බය නොකර "
මම ලූනාව ඈත් කරන ගමන් ඇහුවා
" උබ නපුරු හීනයක් දැක්කද "
මම එහෙම ඇහුවාම ලූනා ඔලුව වැනුවා
" මොකද්ද දැක්කේ "
" උබ අපිට බැනලා අපිව දාලා ගියා ආපහු කවදාවත් අපි ලගට එන්නේ නැ කිව්වා "
මේකි දැක්කොත් දකින්නේ ඔය වගේ විකාර හීනයක් තමයි
" යකෝ ඒක හීනයක් විතරයි ඒක කවදාවත් ඇත්ත වෙන්නේ නැ තෝ හිතුවද මම තොපිව දාලා යයි කියලා හීනෙන් තමයි මැරුනත් පස්සේ එනවා හ්ම් "
ඒකට නම් ලූනා හිනා වුනා
" යකෝ හීනෙන් තමයි දැක්කේ උබ අපිව දාලා යනවා ඒ කියන්නේ තී මැරිලවත් අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැද්ද "
" යන තැනකට තොපි ඔක්කොම කුදලගෙන තමයි යන්නේ "
" අම්බෝ ඉතින් උබ නම් 😂"
ලූනා හිනා වුනා ලුනා කොච්චර පිස්සු නැටුවත් පුදුමාකාර සංවේදී කෙනෙක් ඒක එයා පිටට පෙන්නනේ නැ ඒත් එයාගේ ලගින් ඉන්න අය දන්නවා ලූනා කියන්නේ කවුද කියලා
" දෙන්නා හිනා වෙවී ඉන්නේ ඔෆිස් යන්නේ නැද්ද "
අපි දෙන්නාම දොර දිහා බලනකොට එතැන හිටියේ සනා ඔන්නි එයා කොයිවෙලේද ගෙදර ආවේ
" ඔන්නි කොයි වෙලේද ආවේ "
මගේ හිතේ තිබුණු ප්‍රශ්නේ තමයි ලූනා ඇහුවේ
" මම එනකොට ලිසා විතරයි නැගිටලා හිටියේ අනිත් නිදි කුමාරියෝ ටික ගෙම්බො පොලොවේ ගහලා වගේ නිදි ඒක දැක්කාම සසර කලකිරෙනවා "
" අනේ ඔන්නි අපි ගෙම්බෝ වගේ නිදාගන්නේ නැ "
මම කිව්වා
" තොපි නිදාගත්තාම කොහොමද දන්නේ කොහොම නිදාගන්නවද කියලා අපි නේ දන්නේ අපරාදේ ෆොටෝ එකක් ගහලා තියාගන්න තිබුනේ "
ඔන්නි මූන ඇද කරගෙන කිව්වා
" මාව කපලා තොපි මොනාද මෙතන සාකච්ඡා කරන්නේ "
මින්සු අත් දෙක ඉනට ගහගෙන අපි තුන් දෙනා දිහා බලාගෙන ඇහුවා
" අපි මේ අවස්ථාවේදී සාකච්ඡා වූ දේ පිලිබද ඔබතුමිය දැනගැනීමට කැමැත්තෙහි ද "
ලූනා මින්සු දිහා බලාගෙන ඇහුවා
" ව්‍යාකරණ වැරැදියි ලූනෝ "
" ව්‍යාකරණයක් වැඩක් නැ නේ මෙතනට අපි සාකච්ඡාවට බදුන් කලේ උබව විකුනලා කීයක් හරි හොයාගන්න කියලා "
අම්බෝ ලූනා මම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් නේ යකෝ මේකි කිව්වේ ලේසියෙන් හිනා නොවෙන සනා ඔන්නිත් හිනා උනා
" මොකද්ද කියන්නේ මම වගේ රටට දැයට වැඩදායී දරුවෙක් නැති කරන්න ද යකෝ හදන්නේ තොපිට මගේ අගේ තේරෙන්නේ නැ ආපහු නම් තොපිගේ කුප්ප වැඩ වලට ප්ලෑන් හදන්න නම් උදව් කරන්නේ නැ "
ඔය වුනේ වැඩක් මින්සු තමයි අපි කරපු හැම කුප්ප වැඩක්ම ප්ලෑන් කලේ මෙච්චර කාලෙකට මින්සු ගහපු ප්ලෑනක් කාටවත් අහුවුනේ නැ ඉතින් ඕකි තරහ වුනා කියන්නේ අපි ඉවරයි කියන එක තමයි අපි කරපු හැම කුප්ප වැඩක් ගැනම මේකි දන්නවා හදිස්සියේවත් හනා ඔන්නිට කිව්වොත් සොරිම තමා
" මින්සු බබෝ ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න පැටියෝ මගේ උම්මා කැටේ නේ "
" යුන්හා ලිස්සනවා බන් උබේ බටර් පාර වැඩියි "
හැපූ අපරාදේ මගේ බටර් පාර 😒
" යාහ්හ්හ් කයිය ගහ ගහ ඉන්නේ ඔෆිස් යන්නේ නැද්ද ආ "
ඒ ලිසා ඔන්නි
" හනා ඔන්නිගේ කිඹුලා ඇවිත් බන් යමන් "
ලුනා ඇදෙන් නැගිටින ගමන් කිව්වා ලිසා ඔන්නි ලූනාට එකසිය ගානට රවනවා අපේ ලූනා ඉතින් ඕවා ගනන් ගන්නවා ද නැ නේ
" යමන් ඉතින් "
මමත් ඇදෙන් බැහැලා ගිහින් වොෂ් එකක් දාගෙන ලෑස්ති වුනා ඔෆිස් යන්න ජන්ගල් බුක් මාව කන්න බලාගෙන ඇති මේක නම් මම පෙර කරපු පවක් පල දෙනවද කොහෙද 🤧 මම ලෑස්ති වෙලා ලූනා එක්ක ඔෆිස් එක ලගට ගියා
" ලූනා අද උබ එන්න ඕනි නැ මම තනියෙන් එන්නම් "
" උබ හදන්නේ මාව ගෙදරින් එලව ගන්නද යකෝ "
" අනේ බන් මම පොඩි ලමයෙක් නෙවෙයි මට මං ගැන බලාගන්න පුලුවන් "
" මට නම් උබව ෂුවර් නැ "
" වේ "
" මම ඒක හොයාගන්නම් "
" මොකද්ද "
මේකිට පිස්සු ද මන්දා මොනාද මගේ හොයාගන්න තියෙන්නේ මේකි ගැන තමයි හොයන්න තියෙන්නේ
" ඒක ඒ වෙලාවට බලමු දැන් පලයන් පරක්කු වෙනවා නේ "
" හරි එහෙනම් පරිස්සමින් පලයන් "
" bye "
මම ලූනාට සමුදීලා ඔෆිස් එක ඇතුලට යනකොට මම දැක්කේ...........................
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හේ හේ
කොහොමද ලමයි ඔයාලට
පරිස්සමින් ඉන්නවා නේද
සරන්හේ 💜️
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top