✨️💜️ Chapter 12 💜️✨️

Yunha pov
  
   අද හනා ඔන්නිට night shift එක සනා ඔන්නිට මොකද්දෝ වැඩක් තියේ කියලා එන්නේ නැ කිව්වා එතකොට අද මේ නිවසෙහි වාසය කරන්නේ ලිසා ඔන්නි මම ලූනා මින්සු යුරී විතරයි

" කෝ මේ නිවසෙහි වාසය කරන ජීවීන් 👀"
මින්සු කිචන් එකේ ඉදගෙන කෑගහනවා මේකිට මොන යකා වැහිලද 🤨 බෙල්ල කාලා වගේ කෑගහන්නේ හනා ඔන්නි නැති නිසා මේකි කෑගහනවා මම රූම් එකේ ඉදලා කිචන් එකට ආවේ මොකද මේකි කෑගහන්නේ කියලා බලන්න

" මොකද යකෝ කෑගහන්නේ 🤨"
මම මින්සුට රවාගෙන ඇහුවා

" ඔන්නි ඔයා හරි ලස්සනයි ඔන්නි අද 😍 "
මේකි මොකාටද එන්න හදන්නේ හොදකට නම් නෙවෙයි 🤨

" ලිස්සනවා මින්සු 😒"

" වේ ඔන්නි "

" බටර් ගෑවා වැඩියි ලිස්සනවා 😒"

" අනේ ඉතින් ඔන්නි මම ඇත්ත නේ කිව්වේ 😊"
අනේ උබ කියන ඇත්ත මම නේ දන්නේ මුන්ගේ ඇත්ත ගැන

" රට වටේ යන්න ඕන නැ කෙලින්ම කතාවට බහිමු මොකද්ද මගෙන් වෙන්න ඕන 🤨"

" ඔන්නි බඩගිනියි මොනාහරි හදලා දෙනවකෝ 😊"
මට හිතුනා ආස ඇති මට කියලා කන්න හදාගන්න 😏 ඒවා හදේ නංගි මේ ඔන්නිගේ මොලේ වැඩ කරනකම්

" අත් දෙකක් තියෙන්නේ මොනාහරි හදාගෙන කාපන් "

" අනේ හොද යුන්හා ඔන්නි නේ 🙃"

" අනී මම නරකයි උබ දන්නේ නැද්ද "
මේකිගේ බටර් වලට මම අහුවෙයි මාව රවට්ටන්න තොපිට ඉගෙනගෙන එන්න වෙයි 😏

" මෙම ස්ථානයේ සිදුවන්නේ කුමක් ද මා හට පැහැදිලි කිරීමක් සිදු කරන්න "
ඒ තමයි ලූනා මේකි bathroom එකේ වැටිලා ඔලුව කොහේ හරි වැදිලා ද කොහෙද හනා ඔන්නිට කිව්වා නම් හරි 

" යුන්හා ලූනාගේ නට් ලූස් වෙලාද "
මින්සු මගේ කනට කරලා ඇහුවා මේකිගේ නට් නෙවෙයි වයර් හිට ලූස් වෙලා 

" මොකද යකෝ නෙප්චූන් වලින් බැහැපු පිටසක්වලයෙක් දිහා බලන්න වගේ බලන්නේ 👀"
ලූනා ඉනට අත් දෙක ගහගෙන ඇහුවා

" 😂😂😂 උබ පිටසක්වල ජීවීන්ට අපහාස කරන්න එපා යකෝ ඇවිල්ලා උබව උස්සගෙන යයි එතකොට අපි නම් නැ 🙂"

" කමක් නැ යුන්හා උබ කලබල වෙන්න එපා මාව උස්සගෙන යන පිටසක්වලයාව මැරි කරලා ලමයි හතරක් පහක් හදාගෙන ජීවත් වෙනවා පුංචි පවුල රත්‍තරං 😌"
අම්බෝ යකෝ මේකි 😂 හැබැයි ඉතින් ලූනාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ

" හරි ලූනා උබව උස්සගෙන යන පිටසක්වලයා ගෑනු කෙනෙක් උනොත් මොකද්ද තූ කරන්නේ 🤨"
මින්සු මෙච්චර කාලෙකට අහපු හොදම ප්‍රශ්නේ මේක තමයි

" ඒ පිටසක්වලීට ලමයෙක් ඇති නේ ඒ ලමයාව මැරි කරනවා 😌"
අම්බෝ යකූ මේකි හිතලා තියෙන දුර 😂😂 පිටසක්වලයෙක් තමයි ඉතින් මේකි වගේ ඕස්ට්‍රේලියන් ඔටුවෙක්ට බන්දන්න වෙන්නේ 😂😂

" කවුද මැරි කරන්නේ 🤨"
ලිසා ඔන්නි එන්නෙත් මරු වෙලාවට නේ

" අහ් ඔන්නි මේ ලූනාට මැරි කරන්න ඕනලු 🤭"
මම කිව්වාම ලිසා ඔන්නි ලූනා දිහාට හැරුනා ලූනා මට දවා අලු කරන බැල්ලමක් දැම්මා අපි ඔය රැවිලි වලට බය වෙනවද නැ නේ 😌

" යකූ ඔන්නිලා ඉදිද්දී තූ මැරි කරන්න ද හදන්නේ 🤨 "
ලිසා ඔන්නි ඇහුවා

" අනී ඔන්නි මේ යුන්හාට පිස්සු මම මැරි කරන්නේ නැ කියලා කිව්වා නේ ඔය කොල්ලෝ කියන ජීවීන් කොට්ඨාසය විශ්වාස කරන්න අමාරුයි 😒"
අම්බෝ ඉතින් මේකි කටින්ද යකෝ කියන්නේ මම නේ අද දැක්කේ මේකි tae hyung sir ට පැනි හලපු හැටි 😂

" ලූනා මම කියන්නද අරක 🤭"

" මොකද්ද යකෝ අරක කියන්නේ 🤨"

" මගේ ඔෆිස් එක ල්ගදී 😂"

" ඔෆිස් එක ලගදී මොකද්ද 🤔"

" මොකද්ද උනේ කියන්න යුන්හා "
ලිසා ඔන්නිගේ මූන වෙනස් උනා මෙයාලා ඔක්කොම මගෙන් මොකද්ද හංගන්නේ එදා සිද්ධියෙන් පස්සේ තමයි මෙයාලා වෙනස් ඒත් ඇයි මොකද්ද හේතුව මට මුකුත් තේරෙන්නේ නැ

" ලූනා මොකද්ද උනේ කියන්න "
ලිසා ඔන්නි කලබලෙන් ඇහුවේ එයා බය වෙලා කියලා තේරෙනවා ඒත් ඇයි මොනාද මේ වෙන්නේ

"  මුකුත් නැ ඔන්නි "
ලූනා කිව්වා

" හරි එහෙනම් මම මොනාහරි හදන්නම් "
ලිසා ඔන්නි කිව්වා මෙයාලා ඇයි මෙහෙම හැසිරෙන්නේ මම කොහොමහරි හොයාගන්නම මගෙන් ඔච්චර හංගන රහස මොකද්ද කියලා 😏

Next day morning 🌥️

වෙනදා වගේම අදත් මම ලූනා එක්ක ඔෆිස් එකට ආවා අද මොන මරාලයක් කඩාගෙන වැටෙයිදෝ කියලා හිතමින් මම ඔෆිස් එක ඇතුලට ගියා

" යුන්හා කියන්නේ තමුසෙට ද "
මගේ පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා මම හැරුනා එදා මම ජන්කූක්ගේ කැබින් එකේ ඉදිද්දී ආපු girl  හිටියේ

( මේ කියන්නේ සෙමී ගැන )

" යේ "

" තමුසෙට මගේ කුකී එක්ක තියෙන සම්බන්ධය මොකද්ද "
හෑ යකෝ ඒ මොකද්ද ඒ ඇහුවේ මම නම් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැ කිව්වොත් තමයි නිවැරැදි

" මොන සම්බන්ධයක් ද "
මම ඉතින් ඇත්තටම මේ තොරොම්බල් කරත්තේ අහන්නේ මොකක් ගැන ද කියලා දන්නේ නැති නිසා මම එහෙම ඇහුවේ

" අහ් තමුසේ මුකුත් නොදන්න බබා 🤨"
මේකි ගානට වැඩියි මට කියලා දත් දෙකක් ආමාශගත කරගන්න ආසයි වගේ

" මිස් මම මේ අන්තිම හොදින් කියන්නේ ඔයා කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැ please මට යන්න දෙනවද "
මම උපරිම ඉවසීමෙන් ඇහුවා

" තමුසෙට යන්න දෙන්න 😏 මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා "

" මිස් මට ඔයා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුව මම කොහොමද උත්තර දෙන්නේ "

" ඇයි තමුසෙ කුකීව හැම තිස්සේම හම්බ වෙන්නේ "
ඒකා මාව හම්බ වෙන්නේ මට වද දෙන්න 😒

" ඒක ඔයාගේ කුකීගෙන්ම අහගත්තොත් නරකද "

", තමුසේ කියවනවා වැඩියි "

" මේ මිස් මට වැඩ තියෙනවා මගේ පාරෙන් එහා වෙනවද "

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ද මට ඔහොම කතා කරන්නේ "

" 😏"

" අහ් තමුසේ දන්නවද මම කවුද කියලා "
යකෝ ඒක මම දන්නවද යකෝ මේ තොරොම්බල් කරත්තේ කවුද කියලා පුදුම ප්‍රශ්න නේ අහන්නේ

" ඔයා එංගලන්තයේ මහරැජින ද මම ඔයාව දැනගන්න 😏",
මම එහෙම ඇහුවාම එයාට තරහ ගියා ඒත් ඉතින් මම නෙවෙයි නේ මේක පටන් ගත්තේ එයා නේ

" තමුසේ ඕනවට වැඩියි තමුසෙට ඉක්මනට ගෙදර යන්න වෙයි තමුසේ මං ගැන නොදැන තමයි හැප්පෙන්න හදන්නේ 🤬 '
හිතන් ඇති මම ඔය පූස් ගෙරවිලි වලට බය වෙයි කියලා 😏

" හාකෝ 😏"
ඊට පස්සේ මට ගස්සගෙන ගියා පුහ් පද්දන පැද්දිල්ලට ඉනේ ජොයින්ට් පනිවී 😂

" එයා එච්චර හොද කෙල්ලෙක් නෙවෙයි යුන්හා "
මුන් ඔක්කොම ඇවිත් කතා කරන්නේ පිටිපස්සෙන් නේ ඉස්සරහින් ඇවිත් කතා කරපියකෝ හොල්මන් වගේ පිටිපස්සෙන් එන්නේ 👻 මම පිටිපස්ස හැරිලා බැලුවාම හිටියේ tae hyung

" sir "

" ඔයා පොඩ්ඩක් පරිස්සම් උනොත් හොදයි එයා එක්ක කට ගහගෙන කවුරුවත් යන්නේ නැ "

" වේ ? "

" සෙමීව තමයි අපේ කුකීට prepose කරලා තියෙන්නේ 😒 ඒ වුනාට මම වගේම අනිත් අයත් කැමති නැ සෙමීට jeon අන්කල්ගේ වැඩ නේ "

" එතකොට sir කැමති ද 🤨"

"😂😂😂"
හෑ මේ මොකෝ ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙන්නේ මම හිතන්නේ මේකාටත් අපේ ලූනාට වගේ නට් ලූස් එකක් තියෙද කොහෙද පව් අසරණ ජීවිත

" ඇයි sir හිනා වෙන්නේ "

" අනී කුකියා කැමති නැ බිස්නස් වෙනුවෙන් තමයි  කැමති උනේ හැබැයි සෙමී නම් කුකියාට කැමතියි "
ඒකිගේ මොලේ අවුලක් නැත්නම් මුල් ලමා විය් සංවර්ධන වෙලා නැ නැත්නම් යකූ මේ වගේ යකෙක් මැරි කරන්න කැමති වෙයිද 😒

" මොනාද යුන්හා හිතන්නේ "
Tae hyung ගේ කටහඩ ඇහෙනකොට තමයි මම කල්පනා ලෝකෙන් මිදුනේ

" අනී "

" අපේ කුකියා ඉස්සරහ ඔහොම නැ එයාගේ ඔම්මා නැති උනාට පස්සේ තමයි පොඩි දේටත් කේන්ති ගියා 😒 "
එහෙනම් එයත් මං වගේ 😔 මට හිතුනේ එහෙමයි

" හරි දැන් ඔයා යන්න නැත්නම් අර යකා අදත් ඔයාව අල්ලාගෙන කයි 😂"
එයාට නම් හිනා 😒 එකාට මාට වද දෙනවා ඇරෙන්න වෙන වැඩක් නැ නේ පරක්කු උනත් එකයි නැතත් එකයි මම ඊජිප්තු හාවාට ජාතිය අමතමින් මම ගියා

Jk pov 
  මම අද ටිකක් කලින් ආවේ අර කෙල්ලව අල්ලගන්න හිතාගෙන මම කැබින් එකට ගිහින් ඉන්නකොට සෙමී ආවා මල කරුමේ උදේ පාන්දරම ඇවිල්ලා අද මොන නාඩගමක් නටන්න ද දන්නේ නැ ආවේ 🤬 මට මේකිට දෙකක් අනින්න බැ නේ අයිෂ් මේ සේරටම මුල අප්පා මේ කරදරේ මගේ ඇගේ ගැහුවේ 😑

" කුකී බේබි "
බේබි කියන්න මම අත දරුවෙක් ද මේකිට කියන දෙයක් තේරෙන්නේ නැ නේ

" තමුසෙට මම කියන දේ තේරෙන්නේ නැද්ද 🤬"

" කුකී වේ ?"

" තමුසෙට මම කියලා තියෙනවා මගේ ඔෆිස් එක පැත්තේ එන්න එපා කියලා තමුසෙට කොච්චර කිව්වත් තේරෙන්නේ නැ වගේ 😡"
සෙමී මගේ ලගට ආවා

" ඔහොම කතා කරන්න එපා කුකී මම නේ ඔයාව මැරි කරන්න ඉන්නේ "

" තමුසෙව මැරි කරන්න මේ මං 😏"

" වේ කුකී ඔයාට මාව තමයි මැරි කරන්න වෙන්නේ ඒක වෙනස් වෙන්නේ නැ අනිත් එක ඔයාට අර හිගන කෙල්ල එක්ක මොන වගේ සම්බන්ධයක් තියෙනවා ද කියන්න මම දන්නේ නැ හැබැයි මම ඒකිට හොදින් නම් ඉන්න දෙන්නේ නැ 😡"

" තමුසේ කියවන්නේ මොන කෙල්ලෙක් ගැනද තමුසෙට පිස්සු හැදීගෙන එනවද "

" යුන්හා ගැන කියන්නේ "

" ඉතින් "

" එයාටයි ඔයාටයි තියෙන ගනුදෙනුව මොකද්ද කුකී "
ඉවසලා බැරිම තැන මම සෙමීගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කලා

" තමුසේ මගේ දේවල් වලට ඇගිලි ගහන එක නැවැත්තුවොත් හොදයි නැත්නම් තමුසෙගේ ජීවිතේ නැති වෙයි මම කවුද කියලා තමුසේ හරියට දන්නේ නැ 🤬 අනිත් එක යුන්හා කියන්නේ මගේ කවුරුවත් නෙවෙයි ඒ වගේම තමුසෙත් මගේ කවුරුවත් නෙවෙයි කියලා මතක තියා ගත්තොත් හොදයි 😡"
මම එහෙම කියලා සෙමීගේ බෙල්ල අතහැරියා සෙමී බෙල්ල අල්ලාගෙන කහින්න පටන් ගත්තා හොද වැඩේ මගේ දේවල් වලට ඇගිලි ගහනවට 😏

" මගේ දෑහට නොපෙනී මෙතනින් පලයන් ආපහු මේ පැත්තේ ආවොත් තමුසේ ඉවරයි 🤬"
සෙමී යනවාත් එක්කම ටේ හියුන්ග් ආවා ටේ හියුන්ග් සෙමී දිහා බලලා මගේ දිහා බැලුවා සෙමීගේ බෙල්ලේ මගේ ඇගිලි පහම හිටලා තිබුනා ඒකි කියවනවා වැඩියි 😏

" මොකද්ද බන් උබ කලේ "
ටේ හියුන්ග් සෙමී ගියාට පස්සේ මගේ ලගට ඇවිත් ඇහුවා

" ඒකිගේ කට වැඩියි මම පාඩමක් ඉගැන්නුවා එච්චරයි හියුන්ග් 😌"

" උබ මැරයෙක් ද කුකී පොඩි දේටත් තරහ අරගන්නේ උබ ඔය කේන්ති හින්දා ලොකු අමාරුවක වැටෙනවා "
ටේ හියුන්ග් මගේ ඉස්සරහින් වාඩි වෙන ගමන් කිව්වා

" හියුන්ග් ඒක බලමු ඒ වෙලාවට දැන් හියුන්ග් ආවේ "

" මම ආවේ ද අර meeting එක ගැන කියන්නේ "

" අහ් "

" එයාලා JW Marriott hotel එකේ ඉන්නේ උබ යන්න ඕන "

" හියුන්ග්ට යන්න පුලුවන් නේ "

" උබ පලයන් මට වැඩක් තියෙනවා "

" හියුන්ග් "

" මොකෝ "

", හියුන්ග්ට තියෙන වැඩේ මොකද්ද "

" ඒක උබට අදාළ දෙයක් නෙවෙයි යුන්හා එක්ක පලයන් "
ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන ආපහු කවදා මේ වගේ අවස්ථාවක් ලැබේද කියලා කවුද දන්නේ අද ඔයාව බේරගන්න කවුරුවත් නැ යුන්හා 😏 අද තමයි තමුසේ මේ ජන්කූක් කවුද කියලා දැනගන්නේ

",මොනාද උබ කල්පනා කරන්නේ 🤨"

" හරි හියුන්ග් මම යන්නම් "

" උබ කෙල්ලට කරදරයක් කරනවා එහෙම නෙවෙයි මම දන්න හින්දා "

" හියුන්ග් බය වෙන්න එපා මම මුකුත් කරන්නේ නැ 😏"

" උබේ හිනාව මට නම් අල්ලන්නේ නැ හ්ම් පරිස්සමින් ගිහින් වරෙන් "

" හරි හියුන්ග් "
ටේ හියුන්ග් කැබින් එකෙන් ගියාට පස්සේ මම chair එකට බර වෙලා කල්පනා කලේ meeting එක ගැන නෙවෙයි යුන්හාට අමතක නොවෙන්න හොද පාඩමක් උගන්නන්න ඕන කියලා 😏😂

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


Happy Jk day 💜️🥰

කොහොමද ඔයාලට
පරිස්සමින් ඉන්නවා නේද
සරන්හේ 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top