✨️💜️ Chapter 09 💜️✨️
" මැඩම් වැඩේ හරි "
" හ්ම්ම් very good "
එහෙම කියපු ගෑනු කෙනා සල්ලි වගයක් අර මනුස්සයාගේ පැත්තට වීසි කලා
" ඔතන තමුසේ ඉල්ලපු ගාන ඇති කෙල්ල මේ ලෝකෙන් චුත උනාම ඉතුරු ගාන ලැබෙයි මේ පාර වැඩේ ගස්ස ගන්නවා එහෙම නෙවෙයි එහෙම උනොත් තමුසෙලාගේ ජීවිත තමයි නැති වෙන්නේ 😏"
" මේ පාර එහෙම වෙන්නේ නැ මැඩම් "
" ඔය කිව්වා වගේ වැඩේ සිද්ධ උනොත් තමයි හොද "
එහෙම කියපු ගෑනු කෙනා එතැනින් ගියා
At yunha's house
කට්ටිය ගෙදර එනකොට ගෙදර දොර ඇරලා දාලා තිබුනේ
" දොර වහලා නේද ගියේ 🤨"
හනා ඇහුවා
" යේ හනා මම තමයි දොර වැහුවේ "
සනා කිව්වා .
" අතට අහුවෙන දෙයක් අරගෙන ඇතුලට යන් ඉන්න එකා පරලොව යවමු 😏"
ලූනා මල් පෝච්චියක් අරගන්න ගමන් කිව්වා
" ලූනා මේ පිස්සු නටන්න එපා එයාලා ලග වෙපන්ස් තියෙනවා ද දන්නේ නැ නේ "
සනා කිව්වා
" ඒක ඇත්ත "
ලිසා කිව්වා
" මම ඉස්සෙල්ලාම යන්නම් මම හරි කිව්වාම එන්න හරි ද "
සනා කිව්වා
" ඒත් සනා ......."
හනා කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න දෙන්නේ නැතුව සනා ආපහු කතා කරන්න පටන් ගත්තා
" හනා ඔයාට අමතක උනාද මම කවුද කියලා බය වෙන්න එපා මට මං ගැන බලාගන්න පුලුවන් අනික මම පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි නේ 🙂"
" හරි හැබැයි පරිස්සමින් හොද ද "
" 🙂 "
සනා හිමින් සැරේ ඇතුලට ගියා මුලු ගෙදරම අනිත් පැත්ත පෙරලලා මේස පුටු ඔක්කොම අනිත් පැත්ත ගහලා පිස්සන් කොටුවක් වගේ සනා එතකොට තමයි දැක්කේ බිම ලියුම් කවරයක් තියෙනවා සනා ඒක ඇහිදලා අරගෙන බැලුවා ඇතුලේ තිබුනේ ලේ වලින් යුන්හා කියලා ලියලා තිබුණු කොලයක් වගේම යුන්හාගේ ෆෝටෝ එකක් ඒ ෆොටෝ එකෙත් රතු පාටින් කතිරයක් ගහලා තිබුනා
" යුන්හා ජීවතුන් අතර කියලා දැනගෙන "
සනා යුන්හාගේ ෆොටෝ එක දිහා බලාගෙන හිතුවා
" ඔන්නි අපි එනවා හොදේ "
ලූනා එහෙම කෑගහගෙන ඇතුලට එනකොට සනා ලියුම අතේ ගුලි කරලා හංග ගත්තා
" ඕ එන්න "
කට්ටිය living room එකට ආවා
" අම්බෝ යකූ ගෙදරක හැටි සෝජු පාටියක් දාලා වගේ 😂"
මින්සු හිනා වෙවී කිව්වා
" මින්සු මේක විහිලුවක් නෙවෙයි ",
හනා කිව්වා
", ඒක ඇත්ත මින්සු "
ලිසා කිව්වා
" සනා මොනා හරි හොයාගත්තා ද "
" අනී හනා කිසිම සාක්ෂියක් නැ කවුරු උනත් හොදට ප්ලෑන් කරලා කරපු වැඩක් "
" ගෙදර මොනාහරි අඩු ද කියලා බලන්න යුන්හා ලූනා මින්සු යුරී ගිහින් බලන්න "
ලීසා කිව්වා
" යේ ඔන්නි "
හතර දෙනා උඩට යනකම් ඉදලා හනා සනාගේ පැත්තට හැරුනා
" සනා මොකද්ද ප්රශ්නේ "
" හනා ලිසා මේක නොකියා බැරි නිසා මම කියන්නේ ඒ වගේම මේක යුන්හා නොදන්නා තරමට හොදයි "
" සනා මොකද්ද කියන්න යන්නේ "
" ලිසා පොඩ්ඩක් මේක බලලා ඉන්න "
සනා ලියුම් කවරය පෙන්නුවා
" සනා කියන්න හදන්නේ ............"
" යේ හනා එයා දැනගෙන යුන්හා ජීවතුන් අතර කියලා ඒක අපිට යුන්හාව පරිස්සම් කරන්න වෙනවා "
" අපි අර තුන් කට්ටුවට මේක කියමු නේද මොකද එයාලා තුන් දෙනා නේ යුන්හා එක්ක වැඩිපුරම ඉන්නේ "
" අපි කියමු ලිසා හෙට උදේට "
" යේ හනා දැන් ගිහින් නිදාගන්න කියන්න අර හතර දෙනාට "
" ඔය දෙන්නත් ගිහින් නිදාගන්න "
එහෙම කියපු හනා ගියා උඩට ලිසා සනා නිදාගන්න ගියා හනා උඩට යනකොට එතැන එක යුද්ධයයි
" මොකද්ද යකෝ තූ කියන්නේ ආ "
ලූනා ඉදගෙන කෑගහනවා
" උබට ඇහුනු දේ තමයි ගස් ගෙම්බි "
මින්සු එහෙන් කෑගහනවා
" same to you 😏"
" ලූනා දැන් තවුසේ ගානට වැඩියි "
" යකෝ මම තවුසෙගේ කවුරු කියලා හිතාගෙන ද ඔහොම කතා කරන්නේ "
යුන්හා යුරී පැත්තකට වෙලා වාඩි වෙලා මේ ජවනිකාව රසවිදිනවා
",යුන්හා ඔන්නි පොප්කෝන් නැද්ද "
" ආපු එවුන් පොප්කෝන් ටික උඅස්සන් ගිහින් "
" සැක් උන්ට උස්සන්න තිබුනේ මේ ජෝඩුව "
" අම්බෝ යුරියෝ ඒ මිනිස්සු ගැන පොඩ්ඩක් මානුෂිය විදියට හිතන්නකෝ ගෙනිහිල්ලා විනාඩි 02 ක් මුන් දෙන්නාව ආපහු ගෙනත් දෙනවා ඒක නම් ෂුවර් 😂😂"
ඔය වෙලාවේ තමයි හනා රූම් එකට ආවේ
" මම හතර දෙනා උඩට එව්වේ රන්ඩු වෙන්න ද ආ 😠 කොයි වෙලෙත් රන්ඩු වෙනවා ඉවරයක් නැ හරියට පොඩි ලමයි වගේ restaurant එකේදී රන්ඩු උනා මම කොහොමද දැන් ගිහින් ජින්ට මූන දෙන්නේ ආ කියනවා 😠"
හනා යටි ගිරියෙන් කෑගහනවා ජින්ට දෙවැනි නැ
" මොකද්ද ඔන්නි ඒ කතාව ජින් ඔප්පාට මූන දෙන්න බැ කිව්වේ 🤭"
ලූනා හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන හනාගෙන් ඇහුවා
" ඔන්නි ජින් ඔප්පා එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද 🤨 මොනා උනත් ජින් ඔප්පා මාර handsome 🤭 ඒක කියන්න ඕන "
යුන්හා කිව්වා
" ජින් ඔප්පා විතරද ඇයි උබේ බොසා උනත් ඇහැට කනට පේන්න ඉන්නේ "
මින්සු කිව්වා
" ඇයි බොසා ඇහැට කනට පේන්න නැති වෙන්න ඒකා ඉදි කට්ටක් ද "
යුන්හා මින්සුට රවාගෙන ඇහුවා
" මොකෝ මේ තරහ ගිහින් 🤭"
ලූනා කුපාඩි හිනාවක් යුන්හා දෙසට එල්ල කරමින් කිව්වා
" මම මොකටද යකෝ තරහ ගන්නේ මගේ කවුරුවත් නෙවෙයි නේ 😏"
" ඒක තමයි මාත් අහන්නේ "
" මොකද්ද අහන්නේ "
" මෙහෙමයි උබේ බොසාගේ නම මොකද්ද කිව්වේ 🤔 ආහ් ජන්ගල් බුක් "
ලූනා එහෙම කිව්වා විතරයි යුන්හා බඩ අල්ලාගෙන හිනා වෙන්න පටන් ගත්තා 😂 අච්චර ලස්සන නමක් තියෙන ජීවියෙක්ට කියපු නම පව් අසරණයා .
" මොකද උබ හිනා වෙන්නේ 🤨 "
" යකෝ....... 😂 ය..යකෝ 😂 උබ අනේ මට බැ 😂"
යුන්හා බිම ඉදගෙන හිනා වෙනවා ඉවරයක් නැ යුන්හා හිනාව නවත්තගෙන කතා කරන්න හැදුවත් වැඩේ හරි ගියේ නැ දැන් යුන්හාට හුස්ම ගන්නත් අමාරුයි හිනා වෙලා 😂
" ඔය හිනාව නවත්තනවා 😠 "
ලුනා කෑගහනකොට යුන්හා තොලත් හපාගෙන හිනාව පාලනය කරගත්තා
" හරි අහපන්කෝ ලූනා 😂"
යුන්හාට ආපහු හිනා ගියා යුන්හා හිනාව නවත්තන්නේ නැති කොට ලූනා මල් vas එකක් අත අරගෙන තෙලට කනවාද අමුවෙන් කනවද මිරිසට කනවද වගේ බැල්ලමක් දැම්මාම තමයි යුන්හා හිනාව නැවැත්තුවේ
" ලූනා මගේ soulmate අහපන්කෝ ඉතින් 😅 එයාගේ නම ජන්ගල් බුක් නෙවෙයි යකෝ ජන්කූක් 🤣🤣"
එහෙම කියලා ආපහු යුන්හා හිනා වෙන්න පටන් ගත්තා මින්සු යුරීත් යුන්හාට එකතු වෙලා හිනා වෙන්න පටන් ගත්තා දැන් මෙතන සිනා සාගරයක් 😂😂 හනා නම් හිනාව කාගෙන හිටියා මුන් ඉස්සරහ හිනා උනා කියන්නේ ඉවරෙටම ඉවරයි
" යාහ්හ්හ් ඔය හිනා වෙන එක නවත්තපල්ලා 😡 "
ලූනාගේ මූන රතු වෙලා ලූනාගේ කෑගැහිල්ලට හිනා වෙන එක නවත්තලා තත්පර දෙකක් තුනක් නිහඬව ගෙවිලා ගියා ඒත් ඊලග තත්පරේ ආපහු හිනා වෙන්න පටන් ගත්තා
( Author : ලූනා ගැන සාධාරණ දුකක් ඇති වෙනවා 😁)
" ඔය හිනා වුනා ඇති ගිහින් නිදාගන්න හෙට ඔෆිස් යන්න තියෙනවා නේ ලූනා යුන්හා කෝ යන්න යුරී හෙට යුනී එකට යන්න ඕනි නේ යනවා නිදාගන්නවා "
හනා කියනකොට කස්ටිය දොයිය බබා කියන්න විසිර ගියා
Next day morning 🌥️
වෙනදා වගේම හනා ඉස්සෙල්ලාම නැගිට්ටා පස්සේ ලිසා සනා නැගිටලා ආවා
" Good morning දෙන්නාටම "
" Good morning හනා "
" යුන්හා නැගිටින්න කලින් අර තුන් කට්ටුවට මේක කියලා දාමු "
" යේ ලිසා අර කියනකොටම එන්නේ "
හනා කිව්වේ පඩිපෙළ බැහැගෙන එන මින්සු යුරී දිහා බලාගෙන
", කෝ ලුනා "
ලීසා ඇහුවා
" ඒකි පස්සට ඉර වැටෙනකම් නිදාගන්නවා නේ ඔන්නි අපි වගේ හොද ලමයි නෙවෙයි නේ 🙂"
මින්සු කිව්වා
" අම්බෝ උබලාගේ හොද මම හොදට දන්නවා දැන් ගිහින් ලූනාව නැගිට්ටගෙන එනවා යුන්හාව ඇහැරන්න එපා "
හනා කිව්වා
" ඇයි එයාට special 🤨"
මින්සු ඇහුවා
", අනේ මින්සු මේ පන්ඩිත කතා කියන්නේ නැතුව කිව්ව දේ කරනවාද "
සනා කියනකොට මින්සු යුරී උඩට ගියා සනාට තමයි කට්ටිය බය සනා එක්ක නම් කට ගහගෙන යන්නේ නැ කට ගහගෙන ගියා කියන්නේ දත් නැතුව රාමෙන් කන්න වෙනවා කියන එක 😂😂 ටිකකින් ලූනාත් පහලට ආවා
" මොකද අනේ මට නිදාගන්න දෙන්නේ නැත්තේ 😒",
ලූනා කෙදිරිගගා බීලා වගේ වැනි වැනි පහලට ආවා
" දැන් මම කියන්න යන දේ ඇහුවොත් නිදිමත නැති වෙයි "
සනා කිව්වා
" මොකද්ද ඔන්නි කියන්නේ යන්නේ "
යුරී ඇහුවා
" ඉස්සෙල්ලාම වාඩි වෙන්නකෝ "
හනා එහෙම කියනකොට තුන් දෙනා ඇවිත් dinning table එකේ වාඩි උනා
" දැන් කියන්නකෝ "
ලූනා කිව්වා සනා හොද හුස්මක් අරගෙන කතාව පටන් ගත්තා
" මම මේක කියන්නේ නොකියා ඉන්න බැරි නිසා මේක අහලා ඔයලා බය වෙන්න එපා specially යුරී ඔයාලා තමයි යුන්හා එක්ක වැඩිපුරම ඉන්නේ ඒක නිසයි අපි මේක කියන්න තීරණය කලේ 🙂",
" මොකද්ද ඔන්නි කියන්න හදන්නේ යුන්හාට ආපහු .............."
ලූනා කියන්න
" අනී ලුනා එහෙම දෙයක් නෙවෙයි මේක ඊයේ සිද්ධිය සම්බන්ධව "
හනා කිව්වා
" ඔන්නි මොකද්ද උනේ ඔක්කොම විස්තරේ කියන්න "
ලූනා සනා දිහා බලාගෙන ඇහුවා
" මේක ඉස්සෙල්ලා බලලා ඉන්න "
සනා කොලයයි යුන්හාගේ ෆොටෝ එකයි පෙන්නුවා
" ඔන්නි මේ.......😳"
" යේ මින්සු එයා දැනගෙන යුන්හා ජීවතුන් අතර ඉන්නේ කියලා "
" සනා ඔන්නි අපි දැන් මොකද්ද කරන්නේ අපිට මේක යුන්හාට කියන්න බැ නේ ද "
ලූනා ඇහුවා
" යේ ලූනා අපිට මේක යුන්හාට කියන්න බැ මම අමුතුවෙන් කියන්න ඕන නැ නේ මේක යුන්හා දැනගත්තොත් වෙන දේ 🙂 "
" යේ ඔන්නි "
මින්සු කිව්වා
" ඒක නිසා තමයි අපි මේක ඔයාලට කියන්නේ එයාව කොයිම වෙලාවකවත් තනි කරන්න එපා එයාට මේක දැනගන්න තියන්නත් එපා ලූනා ඔයා උදේට යුන්හා එක්ක ඔෆිස් එක ලගට යනවා හවසටත් එයා එක්කම එන්න "
", යේ ඔන්නි "
" මට මේ මුකුත් තේරෙන්නේ නැ යුන්හා ඔන්නිට මෙහෙම දෙයක් කරන්න කවුද ඉන්නේ ",
,යුරී එයාගේ හිතේ තිබුණු ප්රශ්නේ එලියට දැම්මා
" යුරී ඔයාට වෙලාව ආවාම ඔක්කොම දැනගන්න ලැබෙයි එතකම් ඉන්න මේ ගැන යුන්හාගෙන් අහන්න එපා "
ලිසා කිව්වා
" යේ ඔන්නි "
" හරි දැන් ගිහින් අර කෙල්ලව නැගිට්ටමු "
හනා කිව්වා ඊට පස්සේ ලූනා මින්සු යුරී යුන්හාව නැගිට්ටන්න ගියා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top