✨️💜️ Chapter 08 💜️✨️

Yunha pov
  මම හනා ඔන්නිගෙන් අහලා පාක් එකට යන්න හිටියේ ඒත් මම දන්නවා මට තනියෙන් යන්න දෙන්නේ නැ කියලා ඒක නිසා මම ලූනා එක්ක යනවා කියලා හිතාගෙන හනා ඔන්නිගෙන් ඇහුවා එයා අපි එක්ක සනා ඔන්නි ලිසා ඔන්නියි එව්වා අපි හතර දෙනා පාක් එකට ආවා

" කාලෙකින් ආවේ 😌"
සනා ඔන්නි බෙන්ච් එකෙන් වාඩි වෙන ගමන් කියලා

",ඔන්නි අපි එක්ක ඉන්නේ කලාතුරකින් නේ "
ලූනා කිව්වා

" යේ ලූනා මට නම් මේ job එක තිත්ත වෙලා මේක කරගෙන ගියාට මට දැන් එපා වෙලා ඉන්නේ මම කොච්චර මහන්සි වෙලා වැඩ කලත් credit එක වෙන කාටහරි මම කරපු හැම mission එකක්ම success උනත් මට NIS එකේ හෙඩ් වෙන්න තරම් කොලිෆිකේෂන් තිබුනත් වැඩක් නැ මට තැනක් නැ ලූනා 😔"
සනා ඔන්නි මෙහෙම හැසිරෙන්නේ ගොඩක් දුක හිතුනාම තමයි එයා හැම දුකක්ම හංගගෙන ලෝකෙට පේන්න හිනා වෙන චරිතයක් හරියට මේ මම වගේ 😔 සනා ඔන්නි කොච්චර නපුරු උනත් එයා ගොඩක් සංවේදී කෙනෙක් එයා ඒක පිටට පෙන්නේ නැ මම ලිසා ඔන්නි ලූනා සනා ඔන්නි ලගට ගියා

" ඔන්නි ඔයා ගොඩක් talented කෙනෙක් කවදාහරි ඔයාගේ දක්ෂතා අගය කරන දවසක් එයි එතකම් ඉවසීමෙන් බලාගෙන ඉන්න අපි ඔයා එක්ක ඕන දේකට ඉන්නවා නේ 🙂"
මම ඔන්නිගේ ලගින් ඉදගෙන එයාගේ අත් දෙක අල්ලාගෙන කිව්වා

" ඒක නේ ඔන්නි අපි ඔයා එක්ක ඕන දේකට ඉන්නවා නේ ඔන්නි නේද හැමදාම කියන්නේ ඉවසන්න කියලා ඒත් අද බලන්නකෝ ඔයා කියන ඒවා ඔයාව කඩ කරනවා නේ "
ලූනා කිව්වා

" සනා ඔයා දන්නවා කී දෙනෙක් reject කලාද කියලා මට dancing බැ කියලා ඒත් අද මම dancing choreographer කෙනෙක් මම ඒ හැමදේම දරාගෙන හිටපු නිසා නේ අද මම මෙතන ඉන්නේ මම එදා dancing නැවැත්තුවා නම් අද මම මෙතන නැ කියන්න මම වගේම ඔයත් දන්නවා නේ ඒක නිසා තව ටිකක් ඉවසන්න හ්ම් 🙂"
ලිසා ඔන්නි කිව්වා

" ඔයාලා කියන දේ ඇත්ත දැන් මගේ පොඩි කෙල්ලෝ ටික ලොකු වෙලා නේ මට සතුටුයි ඔයාලා ගැන මට බය තිබුනේ යුන්හා ගැන තමයි "
මොකද්ද යකෝ ඒ කිව්වේ මං ගැන මොකටද බය වෙන්නේ මුකුත් හිතාගන්න බැරුව මං සනා ඔන්නි දිහා බලාගෙන ඉන්නකොට සනා ඔන්නි හිනා උනා

" මොකද ඔහොම බලාගෙන ඉන්නේ 😂"
සනා ඔන්නි ඇහුවා

" ඇයි ඔන්නි මං ගැන බය උනේ "
ඇත්තටම ඔන්නි මං ගැන බය වෙන්න හේතුව මම දන්නේ නැති නිසා ඇහුවා

" හ්ම්ම් ඔයා අතීතේ ගැන හිතලා ඔයාගේ ලස්සන අනාගතය නැති කර ගනියි කියලා මම බය උනේ 😒 මම වගේ හනා හිටියෙත් ඒ ගැන හිත හිතා එයා නිසා ඔයාගේ ජීවිතේ විනාස කර ගනී කියලා හනා හිටියෙත් බයෙන් "
ඔම්මා නැති උනු දවසේ ඉදලා මට මාව එපා වෙලා හිටියේ මට මගේ මුලු ලෝකෙම නැති උනා කියලා හිතාගෙන ඉන්නකොට තමයි මට මේ වගේ සහෝදරියෝ හය දෙනෙක් හම්බුනේ මම පුංචි කාලේ ගොඩක් දුක් වින්දා මගේ ඔම්මාගේ මරනෙට වග කියන්න ඕන මගේ අප්පා 😔 ඔම්මා නැති උනාට පස්සේ මම ගෙදරින් ඈත් උනා මම කාත් කවුරුවත් නැති කෙනෙක් විදියට ජීවත් උනා 😔 ඒ අතීතේ මතක් වෙන වාරයක් වාරයක් ගානේ මට ඇඩුනා අදත් මට ඇඩුනා 😭

" යුන්හා අඩන්න එපා 🥺 ඔයා ඔය අතීතේ අමතක කරලා ඔයාගේ අනාගතේ හදාගන්න 🙂"
සනා ඔන්නි කිව්වා ඔව් එයා කියන දේ ඇත්ත කවදා වෙනකම් මෙහෙම විදවන්න ද ඒත් මගේ ඔම්මාගේ මිනිමරුවා තාම නිදැල්ලේ ඉන්නවා මම කොහොමද සැනසීමේ ඉන්නේ ඒත් ඒ මගේ අප්පා නේ මම හැමදාම වගේ ඔතනදී අසරණයි 😔

" යුන්හා ඔයාට මුලු ලෝකෙම නැති උනත් අපි ඉන්නවා නේ "
ලිසා ඔන්නි එහෙම කිව්වාම මම ඔලුව වනලා හිනා උනා

" යන් යන් දැන් හනා ඔන්නි කෑම නෙවෙයි අපිව කන්න බලාගෙන ඇති 🤭"
ලූනා කිව්වා

" අම්බෝ ඔව් බන් යමන් දැන් "
මමත් එහෙම කියලා නැගිට්ටා අපි restaurant එකට ගිහින් ඇතුලට යනකොට දැක්ක දෙයින් අනිත් අය ගැන නම් කියන්න දන්නේ නැ මම නම් එතැන ගල් ගැහුනා හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු කෙනෙක් ඉන්නවා දැක්කාම ඒකත් අපේ ඔන්නි මින්සු යුරී එක්ක ගල් ගැහෙන්නේ නැද්ද මං අහන්නේ

( යුන්හා : ඕයි ඕතරී තවුසේ කොහෙද

Author : පොඩ්ඩක් වැදගත් විදියට කතා කලොත් නරක ද

යුන්හා : පුහ්

Author : ශිවන්‍යා ද ශේෂා ද ශිවංගි ද බේලා ද විශාඛා ද

යුන්හා : හෑ

Author :,පිබින්නේ හැපින්නක් ද

යුන්හා : ඕතරී තවුසෙගේ ඔලුව කොහේ හරි වැදුනා ද

Author : අහසේ තරු ගොඩයි

යුන්හා : ඔලුව වැදිච්ච පාර මොලේ හෙල්ලිලාද් කොහෙද

Author : සාලල ලාලා සා......

යුන්හා : 🤦)

ඔන්නි යුරී මින්සු එක්ක ඉන්න මගේ බොසාලා ඩබල දැක්කාම තමයි හීන් දාඩිය දැම්මේ බොසාලා ඩබල කිව්වට අර සයිබීරියානු ගිනි මකරා දැකලා තමයි මම බය උනේ tae hyung sir නම් හොදයි එයාගේ මූනේ හිනාවක් නැති වෙලාවක් නැ ගියපු එක දවසෙට තේරුනා ඔෆිස් එකේ කෙල්ලෝ මෙයාට වහ වැටිලා කියලා වහ වැටෙන්නේ නැද්ද අප්පා ඒ මූන දැක්කාම 😍 මුලු ලෝකෙම අමතක වෙනවා මට පිස්සු වගේ මම ලූනා දිහා බැලුවා ඒකි කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා හරි නේ ඉතින් සුරංගනා ලෝකෙන් බැහැපු කුමාරයෝ හය දෙනෙක් ඉදිද්දී කට ඇරගෙන බලාගෙන ඉන්න එක සාමාන්‍ය සිදුවීමක් දැන් තොපි හිතනවා ඇති මට ගනන් බැ කියලා මම කිව්වේ අර සයිබීරියානු යක්ෂ හාවා ඇර අනිත් අය ගැන 😌 ලූනා ගැන නම් ඉතින් කියලා වැඩක් නැ යන්නේ කොහෙද එතැන කොල්ලෙක්ට පැනි හලනවා

" ඕයි ලූනා කට වහ ගනින් බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් තොගේ ආමාශයේ නවතින්නේ 😁"
මම ලූනාගේ කනට කරලා කිව්වාම තමයි ඒකි මේ ලෝකෙට ආවේ මෙච්චර වෙලා සුරංගනා ලෝකෙ නේ හිටියේ 😂

" අයිෂ් කවුද බන් අර handsome කොල්ලෝ හත් දෙනා බලපන්කෝ ලස්සන මෙච්චර ලස්සන කොල්ලෝ ලෝකේ ඉන්නවා ද බන් "

(Author : ඉන්නවා තමයි යකෝ )

" හතයි නෙවෙයි හයයි "

",උබේ ඇස් පේන්නේ නැද්ද නැත්නම් බොට ගනන් බැරි ද 🤨"
ලූනා මාව කන සයිස් එකේ බැල්මක් දාගෙන අහනවා ඉතින් මම ඔච්චර තරහ ගන්න දෙයක් කිව්වේ නැ නේ 

" දැන් මෙතන ඉන්න ද කල්පනාව "
සනා ඔන්නි ඇහුවා

" අඩේහ් මගේ ඇස් වල ප්‍රශ්නයක් ද යකෝ නැත්නම් මැවිලා පේනවා ද "
ලිසා ඔන්නි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව අපි තුන් දෙනා ලිසා ඔන්නි දිහා බැලුවා අපි ඔන්නි දිහා බලාගෙන ඉන්නවා කියලා දැක්කාම හිනා උනා

" ඔන්නි මොකෝ මේ "
ලූනා ඇහුවා

" යකෝ අර ඉන්නේ JHM DANCING ACADEMY එකේ අයිතිකාරයා යකෝ එයාට මාර විදියට DANCING පුලුවන් මෙයාගේ හිනාවට පිස්සු හැදෙනවා 😍 මටත් නිකන් පිස්සු වගේ "
ලිසා ඔන්නි කතාව නවත්තලා අපි දිහා බැලුවා අපි ලිසා ඔන්නි දිහා බලාගෙන හිටියේ යුරේනස් වලින් බැහැපු පිටසක්වල ජීවියෙක් දිහා බලන් වගේ ලිසා ඔන්නි මෙච්චර කාලෙකට කොල්ලෙක් වර්නනා කලාමද කොහෙද 😂

",දැන් එතකොට එයාලා මොනාද අපේ පිස්සියෝ ටික එක්ක කරන්නේ 🤔"
ලූනා ඇහුවා

",වැරැදියි නේ එයාලා නෙවෙයි අපේ උන් මොනාද එයාලා එක්ක කරන්නේ කියලා තමයි අහන්න ඕන "
සනා ඔන්නි කිව්වා

" දෙකම එකයි නේ ඉතින් 😌"

" අපි යන් නේ එතැන්ට "
ලිසා ඔන්නි කියනකොට මම යන්නම ඕනද වගේ බැල්මක් දැම්මේ

" මොකද ඔහොම බලන්නේ 👀 "
ලිසා ඔන්නි ඇහුවා

" ඔන්නි එතැන මගේ බොසා ඉන්නවා 😒"

" මොකා 😳"
කර්න පටහ පටලය ඉවරයි ද කොහෙද මේකිට මම හැමදාම කියනවා කන පල්ලේ ඉදගෙන කෑගහන්න එපා කියලා  අහන්නේ නැ නේ ඉතින් අපරාදේ මගේ වචන ටික

" ඔච්චර හයියෙන් කෑගහන්න දෙයක් උනේ නැ නේ ලූනා "
මම කිව්වා

" බොසා නෙවෙයි මොකා හිටියත් මෙතන ඉදලා හරියන්නේ නැ නේ යන් ඉතින් "
සනා ඔන්නි එහෙම කියලා පෙරමුණ අරගෙන ගියා අපිත් පිටිපස්සෙන් ගියා

" යුන්හා "
මාව දැක්ක ගමන් Tae කතා කලා මම හිනා උනා හනා ඔන්නි පොඩි ජෝඩුවයි නිකන් කරකවලා අතහැරියා වගේ 🤭

" හියුන්ග් මේ තමයි අපි අලුතින් ගත්තා කිව්ව girl "
Tae තව කෙනෙක්ට එහෙම කිව්වා එතකොට මම දැක්කේ මගේ යක්ෂ බොසා මාව රාත්‍රි ආහාරයට ගන්න වගේ බලාගෙන ඉන්නවා එයා දිහා මම බලපු ගමන් යක්ෂ බොසා මට රවලා අහක බලාගත්තා මූට මොන යකා වැහිලද දකින දකින තැන රවන්නේ ලෙඩක් ද මන්දා

" දැන් ඔහොම ඉන්න ද කල්පනාව "
ටේ ඇහුවා මම ඉතින් දත් තිස් දෙකම එලියට දාලා හිනා වෙලා වාඩි උනා

" ඔයාලා ගැන කියන්නකෝ ජින් හියුන්ග් දන්නවා උනාට අපි දන්නේ නැ නේ "
අම්බෝ යකූ ඒ හිනාව 😍 ඉර පෑව්වා වගේ මාර එලියක් අප්පා

" හරි එහෙනම් මම පටන් ගන්නම්
මම හනා
වයස 26 යි
  Doctor කෙනෙක් විදියට වැඩ කරනවා "
හනා ඔන්නි හිනා වෙවී කිව්වා

" මම සනා
  වයස 25 "
සනා ඔන්නි නම් ඉතින් ලේසියෙන් කෙනෙක්ට එයාගේ job එක ගැන කියන්නේ නැ ඒක එයාගේ හැටි ගොඩක් අයට නම විතරයි කියන්නේ 😂

" NIS එකේ නේ "
පූසෙක් වගේ කොල්ලෙක් යාන්තම් හිනා වීගෙන සනා ඔන්නිගෙන් ඇහුවා සනා ඔන්නිගේ මූන බලන්න ලස්සනයි 🤭

" කොහොමද දන්නේ 🤨"

" මම කවුද කියලා දන්නවා ද "

" මට දිවැස් නැ නේ ඔයා කවුද කියලා දැනගන්න "

" සුගාව දන්නවද 😏 "

" යේ කොරියාවේ ඉන්න Best ම lawyer "

" එයාව දැකලා තියෙනවා ද "

" අනී "
මේ පූෂ් මොනා කියන්නද යකෝ හදන්නේ සනා ඔන්නිටත් කිසිදෙයක් හිතාගන්න බැරුව ඉන්නේ කියලා එයාගේ මූන දැක්කාම තේරෙනවා

" සුගා කියන්නේ මට මම ඔයා ගැන නම් ගොඩක් දේවල් දන්නවා මිස් සනා "

" මොකාක් 🙁"
සනා ඔන්නි නිකන් කරකවලා අතහැරියා වගේ ඉන්නේ

" මම ලිසා
  වයස 25
  මම  dancing choreographer කෙනෙක් "
ලිසා ඔන්නි නම් වෙනදා වගේ ලස්සනට හිනා වීගෙන කිව්වා

" මම යුන්හා
  වයස 23
Job එක කියන්න ඕනි නැ නේ 😁"

" උබ ගැන ඕන නම් කියන්නම් 🤭"
ලූනා හෙන කුප්ප හිනාවක් දාගෙන කිව්වා ඔය හිනාව මට නම් සත පහකට තියා සත භාගෙටවත් ෂුවර් නැ

" නැතුවට කමක් නැ 😒"

" මම ලීනා
  මම ලීනා උනාට නසරානි සහෝදරියෝ ටික මට කතා කරන්නේ ලූනා කියලා 😒
  වයස 23
  මේන් මේ නයිජීරියන් වැදිරිගේ soulmate "
මම කලින් නිකන් ද කිව්වේ මේකි මාවම කන්න ආපු එකියක් කියලා උඩ ඉන්න කෙනා මට මේ වගේ soulmate කෙනෙක් තමයි හොයලා දුන්නේ

" යාහ්හ් ලූනා වරෙන්කෝ ගෙදර 😠"
ඉන්න තැනත් අමතක වෙනවා මේකි නිසා

" මොනාද කියන්නේ ආ ගෙදර එනෝ තමයි "
යකෝ මේකි ගහන්න හිතෙන්නේ රාමෙන් එකෙන් මූනට

" ඇයි ඇයි ගේමද "

" යේ යේ ගේම තමයි ඇයි බයද "
කට්ටිය ටිකට් නැතුව ෆිල්ම් එකක් බලන්න වගේ බලාගෙන හිටියේ හනා ඔන්නි නම් සෙල්සියස් අංශක එක සිය ගානට රත් වෙලා ඉන්නේ අපි ඉතින් ඕවට බය වෙනවද නැ නේ 

" උබට බය වෙන්න උබ හොල්මනක් ද 😏"
ගේම ඉල්ලනවා නම් ඒකා මොකාද කියන එක මට අදාළ නොවේ ඒ මගේ හැටි සනා ඔන්නි ඔලුවේ අත ගහගත්තා

" යාහ්හ් තොපි දෙන්නාට අමතක උනා ද මේ ගෙදර නෙවෙයි කියලා හවස නටපු නඩගම මදි ද ආ 😡 වරෙන්කෝ ගෙදර මම බලාගන්නම් "
අද නම් ඉවරයි සුප් හැන්දෙන් ද කොස්සෙන් ද මල් vas එකෙන් ද පෑන් එකෙන් ද අද ගුටි කන්නේ කියලා කල්පනා කරන මම 😒 අපි දෙන්නා කට වහගෙන පැත්තකට උනා

" මම මින්සු
  වයස 22,"

" මම යුරි
  වයස 20
  University එකේ last year එකේ "
එතැනින් පස්සේ කොල්ලෝ ටික හදුන්වා දුන්නා

" මම ජින්
   Doctor කෙනෙක් හනා එක්ක වැඩ කරන්නේ "
උප්ස් අපේ ඔන්නි එක්ක වැඩ කරනවා කියන්නේ ටිලින් ටිලින් 🤭

" මම මින් යුන්ගි
  Lawyer කෙනෙක් "
පූෂ් එහෙම කිව්වා

" I'm your hope
   You're my hope
   I'm J hope
   මම ගැන නම් ඉතින් කියන්න ඕන නැ නේ "

" මම kim Namjoon
  Seoul National University එකේ lecture කෙනෙක් "
අපේ යුරිගේ university එකේ lecture කෙනෙක් සා.....වෑව් මම යුරී දිහා බලලා කුප්ප හිනාවක් දැම්මා කෙල්ල මට රැව්වා

" මම Park jimin
හියුන්ග් එක්ක dancing academy එකේ වැඩ "

" මම kim tae hyung
මං ගැන නම් යුන්හා දන්නවා "
හෑ.... මාව කාපිය දැන් ගෙදර ගිහින් අහන ප්‍රශ්නවලට උත්තර දීපන්කෝ ඔක්කොටම වඩා හපන් ලූනා මාව කාවී 😪 අහෝ දුකකි ඉරකි තිතකි

",මම jeon jungkook
JJk company එකේ CEO "
පුහ් මේකාගේ ගෑස් මූනේ හිනා පොදක් නැ ආසාවට දකින්න උදේට දැක්කොත් කැදත් නැ රාමෙනුත් නැ මුකුත් නැ කොයි වෙලෙත් බුම්මාගෙන ඉන්නේ සෙද්ද මට පේන්න බැ ඔහොම එවුන් අපි කාලා ඉවර වෙලා ගෙදර එනකොට ගේ තිබුණු විදිය දැකලා පුදුම උනා.........................................................

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කස්ටිය පුදුම වෙන්න තරම් මොකද්ද වෙලා තියෙන්න ඇත්තේ

NIPU

Bạn đang đọc truyện trên: AzTruyen.Top