✨️💜️ Chapter 05 💜️✨️

Next day morning 🌥️
Yunha pov

" යුන්හා නැගිටිනවා මම මේ කියන්නේ කී වෙනි වතාවට ද "
අයිෂ් මේ ඔන්නි මගේ නින්ද කඩාකප්පල් කරන්නම ද කොහෙද ඉපදිලා තියෙන්නේ 😒

" යුන්හා අද ඉස්සෙල්ලාම ඔෆිස් යන දවසේ පරක්කු වෙලා යන්න ද හදන්නේ 🤨 "
මගුලේ ඔෆිස් එක ඔය කිසිදෙයක් වටින්නේ නැ මගේ නින්ද තරම් 😌 මම ඔලුවේ ඉදලාම ශීට් එක පොරවගෙන නිදාගත්තා

" යාහ්හ් මේ කෙල්ල තාම නිදි ද ආ 😤 පස්සට ඉර වැටෙනකම් නිදාගන්නවද ගෑනු ලමයි "

" යේ ඔන්නි 😴"

" ගුටි නොකා නැගිටිනවා "
මම ශීට් එක ඔලුවෙන් අයින් කරලා එක ඇහැක් ඇරලා බැලුවා අඩෝ සුප් හැන්ද අතේ කියන්නේ දැන් නැගිට්ටේ නැත්නම් පස්සට සුපිරි පාරක් වදිනවා කියන එක අහෝ දෙවියනි ඇයි ඔබතුමා මගේ නින්දට අකුල් හෙලන ඔන්නි කෙනෙක් ලබා දුන්නේ 😪 ඉහි ඉහිම් ඉහිම් 

" හරි ඔන්න නැගිට්ටා "
මම ශීට් එක එහාට කරලා නැගිටලා ඇදේ ඉදගත්තා

" ගිහින් ready වෙලා එනවා "
එහෙම කියලා ඔන්නි ගියා මම ආපහු ශීට් එක පොරවගෙන නිදාගත්තා 🥱 විනාඩියක් දෙකක් යන්න ඇති පශ්චාත් භාගේ රත් වෙන්න පාරක් හම්බුනා මට හිතාගන්න පුලුවන් මොකද්ද සිදු වූයේ කියා 😒

" මම හිතුවා මම යනකම් ඉදලා නිදාගනී කියලා කියන කිසිදෙයක් අහන්නේ නැ පුදුම මුරන්ඩුකමක් තියෙන්නේ 😒'
මගේ නින්දයි මුරන්ඩුකමයි අතරේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා කල්පනා කරන අසරණ මම 😒

" ඔන්නි රිදුනා ගහපු පාර ඔන්නි නිසා මම මෙහෙමවත් ඉවසන්නේ 😪"

" හා හා දැන් ඒවා කියලා වැඩක් නැ ගිහින් ලෑස්ති වෙනවා 😤"
මම ඇදට වෙලා වාඩි වෙලා හිටියා

" ආපහු ගුටි කන්න ඕන ද 🤨"

" අනී අනී මම මේ යනවා "
මම ඇදෙන් බැහැලා වැනි වැනි වොෂ් රූම් එකට ගියා මම වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා ආවා

"දැන් යමන්ඉතින් "
ලීනා කිව්වා


" කාලා යනවා "
හනා කිව්වා

" අනේ බැ ඔන්නි පරක්කු වෙනවා "

" ඒක තමයි කලින් නැගිටින්න කියන්නේ දැන් නොකා යනවා ලෙඩ වෙනවකෝ මම බලාගන්න "

" අයියෝ ඔන්නි මම යන ගමන් කන්නම් බනින්න එපා "

" හ්ම් හ්ම් දැන් යන්න එහෙනම් පලවෙනි දවසෙම පරක්කු වෙයි "
ඔන්නිගෙන් හොද දේශනයකුත් අහගෙන ලූනා එක්ක ආවා මම ඔෆිස් එක ලගින් බහිනකොට වෙලාව 8.05 යි කමක් නැ විනාඩි 05 යි නේ පරක්කු ඔහොම යන් යුන්හා 😌 හොද හුස්මකුත් අරගෙන ඔෆිස් එක ඇතුලට ගියා

" ඔයා නේද kim yunha "
Girl කෙනෙක් ඇවිත් ඇහුවා මම හිතන්නේ එයා අපේ හනා ඔන්නිගේ වයසේ වෙන්න ඕන

" යේ "

" එන්න මෙහෙන් "
මමත් ඉතින් එයාගේ පස්සෙන් ගියා අපි ගිහින් නැවතුනේ ලොකූ කැබින් එකක් ඉස්සරහ අර girl දොර තට්ටුවක් දාලා
" sir may i come in "

" yes "
අපි දෙන්නා ඇතුලට ගියා මම ඒ කෙනා හරියට කවුද කියලා දැක්කේ නැ මොකද ඒ යකා එහා පැත්ත හැරිලා වාඩි වෙලා හිටියේ ඉතින් මම කොහොම දකින්න ද

" sir මිස් යුන්හා ආවා "

" හ්ම් දැන් තමුන් යනවා '
එතකොට ඒ girl ගියා ඊට පස්සේ එහා පැත්ත හැරිලා හිටපු යකා මගේ පැත්තට හැරුනා අඩේහ් මේ එදා මාව බිම වැට්ටුව බොසා නේද යකූ මිනිහාගේ බැල්ලම නම් සත පහකට තියා සත දෙකකටවත් අල්ලන්නේ නැ 😒 මගේ මූනේ පෙරහැරක් යනවද මූ මෙහෙම බලන් ඉන්න

" තමුසේ විනාඩි 07 ක් පරක්කුයි මම කැමති නැ තමුසේ වගේ වෙලාවට වැඩ කරන්නේ නැති උන්ට 😤"
මේ මිනිහා උදේ පාන්දර ඩයිනමයිට් කාල ද කොහෙද ඇයි යකූ විනාඩි 07 ක් පරක්කු උනා කියලා ඔච්චර නහින්න ඕනද යුන්හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕන මූට විරුද්ධව විප්ලවයක් ආරම්භ කරන්න ඕන 😌

" ඉතින් අස් කරනවකෝ මම කිව්වද එපා කියලා මමත් කැමති නැ තමුසේ වගේ ඩයිනමයිට් කාපු බොසෙක් ලග වැඩ කරන්න 😒",
බොසා කියලා කටවහගෙන ඉන්නද මට කොහොමත් කට වහගෙන ඉදලා පුරුද්දකුත් නැ නේ 😁✋

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ද ඔහොම කතා කරන්නේ ආ 🤬 "
මූන නම් හරියට හාවෙක් ගේ වගේ ඒ වුනාට අහිංසකයි කියලා නාමයක් ගෑවිලා පුදුම යක්ෂයෙක් තමයි මූ යමයාගේ පුතා ද දන්නේ නැ මෙච්චර පුපුරන්න 😒

" තමුසේ ඩයිනමයිට් ගිලපු උගුඩුවෙක් වගේ 😏"
උප්ස් ඒකට නම් තරහ ගියා ද මන්දා තරහ යන්න දෙයක් නැ නේ දැනටත් තරහ අරගෙන නේ ඉන්නේ 😂

" තමුසේ මට ද උගුඩුවා කිව්වේ මම තමුසෙගේ බොස් තමුසේ ඔහොම ද මට කතා කරන්නේ ආ 😡"

" උප්ස් මියාන්හේ සර් ඒත් මම උගුඩුවා කිව්වේ ඔයාට තමයි මෙතන වෙන කවුරුවත් නැ නේ 😏"
බොසා පුටුවත් පස්සට කරලා මගේ ලගට ආවා

" තමුසෙට අද මම පෙන්නන්නම් මම කවුද කියලා 🤬"
එහෙම කියලා බොසා මට ගහන්න අත ඉස්සුවා මම එහෙම්ම ඇස් දෙක පියාගත්තා තත්පරක් දෙකක් ගියා ඒත් තාම කම්බුල් පාරක් වැදුන් නැති නිසා මම ඇස් ඇරලා බලනකොට දිව්‍ය ලෝකෙන් බැහැපු කුමාරයෙක් වගේ 😍 කොල්ලෙක් මගේ ඉස්සරහ ඉන්නවා යම පුත්‍ර බොසාගේ අත අල්ලාගෙන අම්බෝ යකූ මට පිස්සු හැදිලා ආපහු හැදෙන්න වගේ එදා interview එකේදී දැක්කට මෙච්චර ලගින් දැක්කේ අද නේ 🤭 එයාගේ නලලට වැටිලා තියෙන කොන්ඩේ දිලිසෙන ඇස් සෝස පාට තොල් 😍 තොට පිස්සු හැදීගෙන එනවද යුන්හා මොන විකාරයක් ද යකෝ ඔය හිතන්නේ

" කුකී මොනාද මේ කරන්නේ ආ කී පාරක් කියලා තියෙනවා ද තරහ පාලනය කරගන්න කියලා 😤"
අඩේහ් මේ ඉතියෝපියන් හාවාට කියන්නේ කුකී කියල ද යකූ 😂😂 අඩෝ මෙව්වට පශ්චාත් භාගෙනුත් හිනා 😂 කුකී තියේ නම් දීපිය මටත් කන්න

(Author: ඇත්තමයි යුන්හා මම කියන්නේ ලගදීම කනවා කෑමක් මදි නොකියන්න ඔය මුඛය නිසා

යුන්හා : ඕතරී කට වහගෙන වෙන දෙයක් බලාගෙන ලියලා දෙන දෙයක් කාලා නිදාගන්නවා ආවා මෙතන මගේ මුඛය ගැන කියන්න

Author : හැපූ තොපේ හොදට කිව්වේ ඉතින් කියන දේ අහන්න බැරි නම් ඕන වෙඩිමක් කර ගන්නවා මට මොකෝ

යුන්හා : වෙඩිමක් බැරි නම් මගුලක් හරි කර ගන්නවා ඕතරී කට වහගෙන හිටියොත් ඒක ඕතරීගේ ඇගට හොදයි

Author : පුහ් හාල් මැස්සියක් ගියපු උඩක් පරිස්සමින් ඉන්නවා ඉක්මනට බිම වැටෙයි

යුන්හා : ඒක මම බලාගන්නම් 😏

Author : හාකෝ එහෙනම් කෙලවගෙන වරෙන්කෝ මගේ ලගට පයින් ගහලා පන්නන්නේ 😏

යුන්හා : හා 😏)

" හියුන්ග් මාව අතහරින්න අද මම මේ කෙල්ලට 😡"
අම්බෝ යකෝ මේ වගේ ගිනි මකරෙක් එක්කද මට වැඩ කරන්නේ වෙන්නේ 😐 කුරා කුහුබුවෙකුටවත් කරදරයක් නොකරපු මටම ඇයි මේම වෙන්නේ ලූනා මින්සු යූරිට ඉදලා හිටලා පොඩි පොඩි යටි කූට්ටු කුප්ප ගේම් දීලා තියෙනවා තමයි එහෙමෙයි කියලා මට මෙහෙම කරන එක හරි ද මං අහන්නේ 😒 ඔය උඩ ඉන්න එක් කෙනාට කියන්නේ මම උඩට ආවාම ඔයා එක්ක බේරගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා 😏 ලෑස්ති වෙලා ඉන්නවා 😏

" කට වහගන්නවා ජන්කූක් ඔය ඇති 😡'
අම්බෝ සාන්ත මේකා මේ සයිබීරියානු හාවට වඩා අන්තයි වගේ

" හියුන්ග් 😳"

" යුන්හා එන්න මම ඔයාට කරන්න ඕන දේවල් පැහැදිලි කරන්නම් "
මමත් ඔලුව වනලා එයාගේ පස්සෙන් ගියා අර සයිබීරියානු හාවා නම් මාව මරන්න පුලුවන් නම් මෙලහකටත් මරලා 😒 අම්බෝ ඒ ඇස් රතු වෙලා මේකා නිකන් ගිනි කුරුල්ලෙක් වගේ නේ යකූ මාත් මහ පුදුම තැන් වලට නේ එන්නේ 😒

Yunha pov end

  ජන්කූක් තරහෙන් පුපුර පුපුර යුන්හා යන දිහා බලාගෙන ඉදලා මේසෙට අත මිට මොලවලා ගැහුවා

" තමුසේ කවුරු කියලා හිතාගෙන ද දන්නේ නැ මට අරම කතා කලේ 😡 කිසිම කෙනෙක් අද වෙනකම් මාත් එක්ක එකට එක කියාගෙන ඇවිල්ලා නැ ඒත් මේ කෙල්ල 🤬 තමුසේ බලාගෙන ඉන්නවා යුන්හා මම තමුසෙගෙන් පලිගන්න විදිය 😏"

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Nipu

 

Bạn đang đọc truyện trên: AzTruyen.Top