✨️💜️ chapter 03 💜️✨️
" අර "
ඉන්හා අපේ පැත්තට එන කොල්ලා පෙන්නුවා
" මේ තමයි මම අර කිව්ව අලුතින් ආපු doctor "
ඉන්හා මගේ කනට කරලා කිව්වා අම්බෝ මෙයා doctor කෙනෙක් කියලා කොහොමද දෙවියනේ විශ්වාස කරන්නේ actor කෙනෙක් වගේ handsome නේ 🤭😍 ඉන්හා මෙච්චර කාලෙකට ඇත්තක් කිව්වාම ද කොහෙද 😂
" Annyeong "
එයා අපි ලගට ඇවිත් කිව්වා
" annyeong "
ඉන්හා හිනා වෙවී කිව්වා
" annyeong "
මාත් කිව්වා ඉතින් නැත්නම් මගේ ලොකුකම කියලා හිතයි ඒක නිසා කිව්වේ
" මම kim seok jin මේ hospital එකට අලුතින් ආවේ එතකොට ඔය දෙන්නා "
එයා ලස්සනට හිනා වෙවී කිව්වා
" මම ඉන්හා එතකොට මේ හනා "
ඉන්හාගේ පැනි හිනාව දාගෙන කිව්වා අනේ ඇත්තට මේකි මෙතන පැනි හලන ලස්සන ගහන්න හිතෙන්නේ කරකැවිලා බිම වැටෙන්න 😒
" ඉන්හා මම යනවා පස්සේ හම්බවෙමු Dr. Seok jin "
මම කිව්වා
" හරි "
මම හිනා වෙලා ආවා ඇයි මම කිව්වේ පස්සේ හම්බවෙමු කියලා මටත් පිස්සු නේ මම ෆෝන් එක අරගෙන බලනකොට යුන්හාගෙන් miss call 02 ක් තියෙනවා
" මේ කෙල්ල මොකක් හරි පිස්සු වැඩක් කරලා ද දන්නේ නැ කියන්න බැ නේ "
මම එහෙම හිතලා යුන්හාට කෝල් එකක් ගත්තා
📱" යබුසේයෝ ඔන්නි "
" කොහෙද ඉන්නේ '
📱' ඔන්නි මම දැන් බස් එකේ "
" අහ් පරිස්සමින් ගෙදර යන්න interview එකට මොකද උනේ "
📱" ඔන්නි ගෙදර එන්නකෝ මම කියන්නම්"
" හරි එහෙනම් "
📱" ඔන්නි හවසට එනවද "
" ඒක හරියටම කියන්න බැ යුන්හා "
📱" හරි ඔන්නි මම තියන්නම් "
" පරිස්සමින් යන්න හරි ද "
📱" හරි ඔන්නි "
යුන්හා ප්‍රශ්නයක් දාගෙන නැ වගේ ඒකත් පුදුමයි යන යන තැන මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න කෙනා අද මෙහෙම කතා කරනකොට 😶 ෂුවර් එකට මේකි job එක නොලැබෙන විදියට කතා කරන්න ඇති අනේ ඇත්තට මේ කෙල්ල 😒 අපිට ආපහු අපේ පරන යුන්හා කවදා දකින්න ලැබෙයි ද 😒
Hana pov end
යුන්හා ගෙදර එනකොට යුද්ධයක් වගේ
" අද මොකටද දන්නේ නැ රන්ඩු වෙන්නේ දැන් ගිහින් මේ රන්ඩුව බේරපන්කෝ සනා ඔන්නි ඉක්මනට එන්නකෝ මට බැ මුන්ගේ රන්ඩු බේරෙන්න 😣"
යුන්හා අහස දිහා බලාගෙන එහෙම කියලා ගෙදර දොර අරිනකොට කොහෙන් ද ආපු කොට්ටක් යුන්හාට වැදුනා යුන්හා යක්ෂයා ආරූඪ කරගෙන කෑගහගෙන ඇතුලට ගියා
" යාහ්හ්හ් අද මොකද්ද වෙලා තියෙන්නේ තොපි දෙන්නාට ආ 😡"
යුන්හාගේ සද්දෙට දෙන්නාම රන්ඩු වෙන එක නවත්තලා යුන්හා දිහා බලන් ඉන්නවා
" ඔන්නි කොයි වෙලේද ගෙදර ආවේ 😁"
මින්සු දත් තිස් දෙකම එලියට දාලා හිනා වෙන ගමන් ඇහුවා
" තමුසෙලා දෙන්නා රන්ඩු වෙනවා එලියට ඇහෙනවා මේක නිකන් තුන් වෙනි ලෝක යුද්දේ වගේ නේ 😡"
" අනේ ඔන්නි ඔච්චර තරහ ගන්න එපා ඔයාගේ ලස්සන මූන කැත වෙයි එතකොට අපි කොහොමද කියන්නේ ඔයා අපේ ඔන්නි කියලා 🤭"
යුරී කිව්වා
" යුරී කට වහගෙන ඉන්නවා 😤 මෙතනින් ඉන්න පොඩිම එකා ඒ උනාට වැඩ අපි ඔක්කොටම වඩා අන්තයි 😤",
" ඇද්ද අහ ගත්තා 🤭"
මින්සු යුරීට දිව දික් කර කර හිනා වෙනවා යුරී පුපුරන්න ඔන්න මෙන්න 😤
" තමුසේ අනිත් එක්කෙනා මින්සු "
යුන්හා අත් දෙක බැදගෙන කිව්වා
" ඔන්නි මම මොකද්ද කලේ 😒"
" අනේ තූ මුකුත් කරන්නේ නිකන් ඉන්න හොද ලමයා අනේ මින්සු මේ මගෙන් අහගන්න එපා තෝ ගැන 🤨"
" ඔන්නි 😔"
" දැන් කියනවා මොකද දෙන්නා රන්ඩු උනේ කියලා "
" ඔන්නි යුරී මගේ චොකලට් එක උස්සලා 😒"
",ඔන්නි මින්සු බොරු කියන්නේ මින්සු තමයි මගේ චොකලට් එක ඉස්සුවේ 😒"
" මොකද්ද කියන්නේ ආ දැන් උබ කියන්නේ මම උබේ චොකලට් එක ඉස්සුවා කියලා ද 🤨"
" දේ මම ඇත්ත නේ කිව්වේ 😌"
යුරී කිව්වා
" යාහ්හ් පොඩි එකෝ බොරු කියන්න එපා 😒"
" දෙන්නාම නවත්තනවා ඕක කෝ දැන් චොකලට් එක 😌"
යුන්හා ඇහුවා
" ආ ඔන්නි මේ තියෙන්නේ "
මින්සු චොකලට් එක පෙන්නුවා
" කෝ දෙන්න මට "
මින්සු චොකලට් එක යුන්හාට දුන්නා
" කුමාවෝ මින්සු මම ගියා 😂"
එහෙම කියලා යුන්හා දිව්වා
" යහ්හ් එහෙනම් ඔන්නි ඔයා අපිව රැවැට්ටුවා "
මින්සු කිව්වා
" අනී මම රැවැට්ටුවේ නැ ඔයාලා චොකලට් එක දුන්නා මම ගත්තා "
යුන්හා කාමරේ ඉදන් කෑගහනවා
" හනා ඔන්නි ආවාම මම කියනවා "
යුරී කිව්වා
" කියන්න කියන්න හෙට උදේට නේ එයා එන්නේ😂"
යුන්හා හිනා වෙවී කිව්වා
" යුරී මේකට රිටන් එක දෙන්නම වෙනවා "
" යේ ඔන්නි මම ඉන්නවා ඔයා එක්ක "
At Night
හවස ලූනාත් ගෙදර ආවා දැන් කස්ටිය රෑට උයන්න යන්නේ යුන්හා ලූනා එක්ක කිචන් එකට ගියා
" මොනාද බන් හදන්නේ "
යුන්හා ඇහුවා
" අනේ බන් මේ මට නම් උයන්න බැ "
" මටත් කම්මැලියි බන් "
" එහෙනම් මොනාහරි ඕඩර් කරමු "
" පොඩි ඩබලගෙන් අහමු මොනාද කන්නේ කියලා "
" ඕයි මින්සු යුරි මෙහෙ වරෙව් "
ලූනා කෑගහනවා
" කෝ තොපි දෙන්නා මැරිලා ද තොපි ඩබල "
ලූනාගේ ටින් බෙලෙක්ක වොයිස් එක දරාගන්න බැරුව මින්සු යූරී පහලට ආවා
" කවුද යුරි අර මී හරකෙක්ට තණකොළ හිර වෙලා අපේ නම් කියලා කෑගැහුවේ 🤔"
මින්සු ඇහුවා
" වෙන කාටද අනේ ඔය වගේ ටින් බෙලෙක්ක වොයිස් එකක් තියෙන්නේ අපේ ලූනා ඔන්නිට ඇරෙන්න 😂"
ලූනා තරහින් පුපුරනවා අපරාදේ කියන්න බැ අබ ටිකක් දැම්මා නම් චට පට ගාලා පුපුරනවා 😂💔
" අමූලික ඇත්ත යුරි මමත් පිලිගන්නවා 😂"
යුන්හා හිනා වෙවී කිව්වා
" මට මේ නිකමට හැගෙන විදියට කියන්නේ බොහෝම ඉක්මනට අපි හොද හයේ පාරක් කනවා මදි නොකියන්න "
මින්සු ලූනා දිහා බලාගෙන කිව්වා
" තොපි ඔක්කොම එකයි මහ කුහකයි තොපි 😡 මගේ සුමිහිරි වොයිස් එකට තොපි ඉරිසියාවේ ඔය කියන්නේ සැක් තමන්ගේ සහෝදරියට ඉරිසියා කරන එවුන් තොපි 😒"
ලූනා කිව්වා
" අම්බෝ අම්බෝ හාකෝ අපි උබේ ඔය කතාව ඉහලින් පිලිගත්තා 😂"
යුන්හා කිව්වා
" යා...... තොපිට මාව ජෝක් එකක් ද 😡"
" අපි එහෙම එකක් කිව්වේ නැ නේ ඔන්නි 🤭 ඔයාගේ හනුමන්තගේ වලිගේ ගිනි ගත්තා වගේ කෑගහන්නේ 😂 "
මින්සු කිව්වා
" මින්සු ........ 😤"
" හරි හරි ඕක නවත්තන්කෝ රෑට මොනාද කන්නේ "
යුන්හා ඇහුවා
" pizza 😋"
යුරී කිව්වා
",ඒක හොදයි 😄"
මින්සු කිව්වා
" එතකොට උබ ලූනා "
" තොපි කාපිය මට කන්න ඕන නැ "
" ඕ මෝ ලුනා ඔන්නි කෑම එපා කිව්වා 😲 මේක තමයි ලෝකේ අටවැනි පුදුමය 🤭"
මින්සු කිව්වා
" මින්සු උබ ලගදීම ලූනාගෙන් කනවා කෑමක් ජීවිතෙට අමතක නොවෙන්න 😂"
යුන්හා කිව්වා
" අනී එහෙම වෙන්නේ නැ ලූනා ඔන්නි මට ආදරෙයි නේද ඔන්නි 😌"
" උබට ආදරේ කරනවාට වඩා හොදයි ඕස්ට්‍රේලියන් ඔටුවෙක්ට ආදරේ කරන එක මොකද උගෙන් ප්‍රයෝජනක්වත් තියෙනවා උබෙන් ප්‍රයෝජනයක් නැ නේ 😌"
ලූනා කිව්වා
" ඔන්නිට පේන්නේ මාව ඔටුවෙක් වගේ ද "
" අනී ඔයාව මට පේන්නේ ඔටුවෙක් වගේ නෙවෙයි පොඩි පැස්බරෙක් වගේ ගතියකුත් තියෙනවා රිලවියක් වගෙත් පේනවා ඇත්තටම කිව්වොත් මින්සු ඔයා නෙප්චූන් ජීවියෙක් වගේ 🤭"
" යාහ්හ් ඔන්නි ඔයා හරියට ඇෆ්ගනිස්තාන් ඇනකොඩෙක් වගේ "
" නෙප්චූන් වල ඉදලා ආපු පිටසක්වල ඩයිනෝසරයෙක් වගේ තූ "
" යුරි අපි ගිහින් pizza ඕඩර් කරලා එමු මේ දෙන්නාගේ වලිය අද ඉවර වෙන්නේ නැ 🤭"
යුන්හා කිව්වා
" යේ ඔන්නි 😂"
" ඔන්නි තුට නම දාන්න තිබුනේ ලීනා කියලා නෙවෙයි ලුනා කියලා මොකද තූ ලූලෙක් වගේ 😌"
" පල පල යන්න පිටසක්වල ජීවියා තූ හරියට පිඹුරෙක් වගේ "
මින්සු ලූනායි රන්ඩු වෙනවා දැන් එතැන හරියට Zoo එකක් වගේ 😂💔
Jungkook's house
" යාහ්හ් නම්ජූනා මේ සතියට කඩපු 12 වෙනි බඩුව තමයි මේ 😤 නම්ජූනා ඔයාගේ ඔම්මා මොනවා කවලද ඔයාව හැදුවේ ආ "
නම්ජූන් ජින්ගේ අලුත්ම පෑන් එක කඩලා ඒක නිසා තමයි ජින් ගෙදර ජනේල් දොරවල් පුපුරන්න කෑගහන්නේ ජින්ගේ කින්කිනි වොයිස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැ නේ 😂
" මියාන්හේ හියුන්ග් හිතලා නෙවෙයි කලේ 😔"
" නම්ජූනා කවද්ද හිතලා වැඩක් කලේ මේක කොච්චර වටිනවද දන්නවද ආ 😠"
" මියාන්හේ හියුන්ග් මම අලුතින් එකක් ගෙනත් දෙන්නම් "
" ජින් හියුන්ග් ජින් හියුන්ග් ගිය සතියේ නම්ජූන් හියුන්ග් ටැප් එකත් කැඩුවා "
ජිමින් දුවගෙන ඇවිත් කිව්වා
" ජිමින් ඇවිලෙන ගින්නට පෙට්‍රල් නොදා ඉන්නවද 😒"
නම්ජූන් කිව්වා
" ජින් හියුන්ග් ඒවා දැනගන්න ඕන හින්දා කිව්වේ 😌"
" හරි හරි දැන් ඇති නේ හියුන්ග් බඩගිනියි මොනාහරි කන්න හදන්නකෝ "
හොබී කිව්වා
" උබලා උයවගෙන කන්නේ specialist කෙනෙක්ට කියලා දන්නවා ද"
" යේ හියුන්ග් අපි දන්නවා ඔයා specialist කෙනෙක් කිව්වාම අපේ බඩගින්න නිවෙන්නේ නැ නේ 🤭"
ජිමින් කිව්වා
" උබලට මගේ වටිනාකමක් නැ මම නැති දවසක තේරෙයි 😒"
" හියුන්ග් අපිව දාලා කොහේ යන්නද ගිහින් උයන්නකෝ 😌"
ජිමින් කිව්වා
" පොඩ්ඩක් කිචන් එකට ඇවිත් උදව් කරනවා කන්න විතරක් බලාගෙන ඉන්නේ "
" යන් හියුන්ග් මම එන්නම් "
" නම්ජූනා නම් නාවට කමක් නැ ජිමින් හොබී යන් "
ජින් ජිමින් හොබී ගිහින් උයන්න පටන් ගත්තා "
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top