✨️💜️ chapter 02 💜️✨️

Jungkook pov
   " කුකී නැගිටිනවා හාවෝ "
අයිෂ් ජින් හියුන්ග්ට එක දවසක්වත් කෑගහන් නැතුව ඉන්න බැ නේ හැමදාම මගේ නින්ද කඩාකප්පල් කරනවා 😒

" හියුන්ග් තව විනාඩි 05 ක් "

" අද office එකේ interview එකක් තියෙනවා නේද ඔහොම නිදාගෙන හරි යනවද ආ "
හම්මට යකෝ හියුන්ග් කිව්වාම ඒක මතක් උනේ දැන් ඕක කියන්න ගියොත් ඉවරයි

" හරි හරි ඔන්න නැගිට්ටා 😒"
මම නැගිටලා ඇදෙන් වාඩිඋනා

" වොෂ් එකක් දාගෙන පහලට එනවා මම යුන්ගිව ඇහැරවන්න යනවා ආපහු නිදාගන්නවා එහෙම නෙවෙයි 😤"

" හරි හරි හියුන්ග් "
මම ඇදෙන් බැහැලා ගිහින් වොෂ් එකක් දාගෙන පහලට ආවා මම යනකොට ටේ හියුන්ග් ready වෙලා ඉන්නවා

" කුකී යමන් අද වැඩ ගොඩක් තියෙනවා "
මාව දැක්ක ගමන් ටේ හියුන්ග් එහෙම කිව්වා

" හරි හියුන්ග් යන් ",
මම ටේ හියුන්ග් එක්ක office එකට ආවා ටේ හියුන්ග් වැඩක් තියෙනවා කියලා මට යන්න කිව්වා මම lift එක පැත්තට යනකොට කෙල්ලෙක් ඇවිත් මගේ ඇගේ හැප්පිලා වැටුනා මම හිතන්නේ අද interview එකට ආපු කෙනෙක් වෙන්න ඕන මම නොදැක්ක ගානට ගියා

" මේ හලෝ තමුසෙට කවුද ලයිසන් දුන්නේ මාව හප්පන්න 😠 "

ඒ කෙල්ල මහ හයියෙන් කෑගැහුවා මම කෙල්ල ලගට ගියා

" තමුසේ දන්නවද මම කවුද කියලා ආ තමුසෙට කොහෙන් ආපු හයියක්ද මට ඔහොම කතා කරන්න 😠"
මම තරහින් ඇහුවත් කෙල්ල බය වුනේ නැ වෙන කෙනෙක් හිටියා නම් මෙලහකටත් බිම බලාගෙන අඩනවා ඒත් මෙයා මගේ දිහා කෙලින් බලන් ඉන්නවා

" තමුසේ කවුරු උනත් මට මොකද තමුසෙට අයිතියක් නැ මාව වට්ටන්න 😠"

" මම නෙවෙයි නේ තමුසෙගේ ඇගේ හැප්පුනේ තමුසෙ නේ උඩ බලාගෙන ඇවිත් මගේ ඇගේ හැප්පුනේ 😡"

" අහ් තමුසේ මෙතන වැරැද්ද කරලා තව මට කියවන්නත් එනවා ",
එතකොට මට කෝල් එකක් ආවා ටේ හියුන්ග්ගෙන්
📱" කුකී ඉක්මනට එන්න "

" දේ හියුන්ග් මම එන්නම් "
මම කෝල් එක ඉවර වෙලා කෙල්ල දිහාට හැරුනා

" තමුසේ ගැන මම පස්සේ බලාගන්නම් "

" මොනාද පස්සේ බලාගන්නේ ආ 😤"

" තමුසේ කියවනවා වැඩියි ලගදීම තමුසෙට දුක් වෙන්න වෙයි 😏"
මම එහෙම කියලා එතැනින් ආවා ටිකකින් interview එක පටන් ගත්තා මිසිස් චෝයි මමයි ටේ හියුන්ග් තමයි interview එක කරගෙන ගියේ අන්තිමට හිටපු කෙනාටත් එන්න කිව්වා මම බලාපොරොත්තු වෙච්ච කෙනා ආවා එක පාරින්ම කපලා දානවා කියලා හිතාගත්තා කෙල්ල දොරත් භාගෙට ඇරගෙන මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා එයාටම මොනාද කියා ගත්තා😂

" please come in "

මිසිස් චෝයි කතා කලාම ආවා ඇවිත් අපි ඉස්සරහ තිබුණු පුටුවේ වාඩි උනා

" ගුඩ් මෝනින් "

" ගුඩ් මෝනින් මිස් අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න "
මිසිස් චෝයි කිව්වා

" මම කිම් යුන්හා business management degree එකක් තියෙනවා "
එතකොට මෙයාගේ නම යුන්හා එයා මේසේ උඩින් තිබ්බ ෆයිල් එක මම අරගත්තා ෆයිල් එක අරගෙන බැලුවාම මම පුදුම උනා😶 මේ කෙල්ලට මෙච්චර සුදුසුකම්

" මිස් යුන්හා ඔයා කලින් වෙන company එකක වැඩ කරලා තියෙනවා ද "

" නැ "

" ඇයි ඒ "

" මම හිතන්නේ ඒක මෙතැනට වැදගත් නැ නේ ද 🤨"

" හරි මිස් යුන්හා අපිට ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්න "
ටේ හියුන්ග් කිව්වා

" මම ඉන්නේ නම් ඔන්නි නංගිලා තුන්දෙනා එක්ක "

" එතකොට ඔම්මා අප්පා "

" අපි හැදුනේ ලමා නිවාසෙක ඒක නිසා අපේ ඔම්මා අප්පා කවුද කියන්න අපිවත් දන්නේ නැ "

" I'm sorry miss yunha "
ටේ හියුන්ග් කිව්වා

" It's ok මට දැන් ඕවා පුරුදුයි "

" හරි මිස් යුන්හා දැන් යන්න අපි ඔයාව පස්සේ දැනුවත් කරන්නම් "
මිසිස් චෝයි කිව්වා යුන්හා නැගිටලා එලියට ගියා

" අපි ගිහින් coffee එකක් බීලා ආවොත් නරකද "
ටේ හියුන්ග් කිව්වා

" මටත් එහෙම හිතෙනවා "
මිසිස් චෝයි කිව්වා

" කුකී එනවද "

" හියුන්ග් යන්න මම එන්නම් "
හියුන්ග් මිසිස් චෝයි ගියා මමත් ටිකකින් එලියට යනකොට යුන්හා බිත්තියට හේත්තු වෙලා පපුවට අත තියාගෙන ඉන්නවා මම එයාව නොදැක්ක ගානට ගියා

Yunha pov
  සැක් මටත් interview එන්න සිද්ධ උනා නේ මොනා කරන්න ද ඉතින් යුන්හා අද මේ interview එකට නාව නම් ඔයාව දාලා සුප් හදයි හනා ඔන්නි 😒 අන්තිමට හිටියේ මම තමයි මම ඇතුලට යනකොට හිටියේ අද උදේ මම හැප්පපු මනුස්ස පරානේ 😒 දැන් නම් ඉතින් මේ job එක ලැබෙන්නේ නැ කියලා සීයට ලක්ෂ තුන හමාරක් ෂුවර් 😶 මම ගිහින් වාඩි උනා එයාලා ඇහුව ප්‍රශ්න වලට උත්තර දීලා මම එලියට ආවා එතකොට මට ලුනාගෙන් කෝල් එකක් ආවා
📱" මාන්දමී interview එක ඉවර ද "

" දේ ඇෆ්ගනිස්තාන් ගෙම්බි "

📱" මොකෝ උනේ ඉතින් වැඩේ අනාගත්තේ නැ නේ "
අනලා කෑවා බන් 😒

" මම ඇවිත් විස්තරේ කියන්නම් උබලා එක එකාට එක එක සැරේට කියන්න බැ නේ "

📱" හරි හරි හනා ඔන්නිට කෝල් එකක් දීපන් "

" හරි බන් මේ උබ එනකොට පරක්කු වෙනවද "

📱" හරියටම කියන්න බැ ඇයි "

" අහ් නැ නිකන් "

📱' පාරේ මැදින් පලයන් "

' උබ කියන දෙයක් තමයි 😒 "
මම ඊට පස්සේ හනා ඔන්නිට කෝල් කලා එයා ආන්සර් කලේ නැ ඒක හොදයි නැත්නම් ප්‍රශ්න පත්‍රයක් ලියන්න වෙන්නේ මම එහෙම හිතලා පපුවට අතත් තියාගෙන බිත්තියට හේත්තු උනා

Hana pov
  මම hospital එකට ඇවිල්ලාත් කල්පනා කලේ අර කෙල්ල මොනවා කරගනී ද කියලා 😒 එයා ගැන මම දන්නවා නේ ඉතින් මම යුන්හා ගැන හිතන ගමන් word එක පැත්තට ගියා

" මේ හනා අලුතෙන් doctor කෙනෙක් ඇවිත් ඔයා දැක්කා ද "
.ඉන්හා ඇහුවා ඉන්හා කියන්නේ මාත් එක්ක hospital එකේ වැඩ කරන පිස්සු කෙල්ලෙක් මට වඩා අවුරුද්දක් බාලයි  එයා

" කා ගැන ද කියන්නේ මම දැක්කේ නැ ",

" උබ කොහේ දකින්න ද නේ "

" හරි දැන් කියන්න කවුද කියලා "

" මට ඇහුනු විදියට එයාගේ නම kim seok jin specialist කෙනෙක්  මාර handsome actor කෙනෙක් වගේ එයාට සිත වශී වෙනවා 🥰 "

",ඉන්හා ඔයා නම් හැදෙන්නේ නැ මම යනවා අපේ නසරානි යුන්හා අද interview එකට ගියා මොනා කරගෙන ද දන්නේ නැ 😒"

" මොකක් 😶 එයා interview එකට ගියා කියන එක නම් විශ්වාස කරන්න බැ "

" අපේ බලකිරීමට ගියේ "

" හරි එහෙනම් ගිහින් බලන්නකෝ ",

එහෙම කියලා මම යන්න හදනකොට ඉන්හා ආපහු මට කතා කලා

' හනා '

" වේ ",

" අර "
ඉන්හා එහෙම කියලා අපේ පැත්තට එන කොල්ලෙක් පෙන්නුවා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අදහස් කියන්න
සරන්හේ 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top