✨️💜️ Chapter 01 💜️✨️

" කොහෙද යකූනේ මගේ brush එක",
ලීනා කෑගහන ගමන් brush එක හොයනවා

" අයියෝ කෝ මගේ සෝස පාට ටවල් එක 🥺'
යුරී එහෙන් ටවල් එක හොයනවා

" යාහ්හ්හ් සෝෆා එක යට තියෙන රෝස පාට ටවල් එක කාගෙද යකුනේ 😤"
යුන්හා අහනවා

" අනේ ඔන්නි කුමාවෝ මගේ සූති ටවල් එක සොයා දුන්නාට 😊"

" යකෝ ටවල් එක තියෙන්නේ සෝෆා එක යටට ද කියපන් ඉස්සෙල්ලාම 🤨"

" යකෝ මගේ brush නැ තොපි මෙතන ටවල් එකක් අල්ලාගෙන නහිනවා "
ලීනා පහලට එන ගමන් කිව්වා

" මේ ලීනා මම මෙහෙම කිව්වාට තරහ ගන්න එපා හොදේ ඔයා ඔය සූති ලස්සන මූන කැත වෙයි නේ එතකොට 😁"
මින්සු ලීනාට බටර් පාර ගානවා

" උබ මොකාටද එන්න හදන්නේ 🤨"

" මේ.... මේ... මේකයි "

" මේ..මේ.. මොකද්ද යකෝ "

" උබේ brush එක මගේ අතින් කොමඩ් එකට වැටුනා සුදූ 😁"
එහෙම කියලා මින්සු දිව්වා හැබැයි වැඩි දුරක් යන්න ලැබුන් නැ නිව්ටන් අයියාගේ ගුරුත්වාකර්ෂන බලයට පිං සිද්ද වෙන්න බිම පතබෑවුනා 😂

" උබට ඔහොම තමයි වෙන්න ඕන මින්සු මගේ brush රාජයා කොමඩ් එකට වැට්ටුවාට 😌"

" අයියෝ ඔම්මා මගේ කොන්ද 😣"
මින්සු කොන්ද අතගගා නැගිට්ටා

" යාහ්හ්හ් තොපි ගිහින් ලෑස්ති වෙන්නේ නැද්ද ආ මට පරක්කු වෙනවා 😤"
හනා කිචන් එකේ ඉදලා ආවා

" කවද්ද ඔන්නි ඔයාට පරක්කු නොවුනේ "
යුරී ඇගට පතට නොදැනෙන්න කියලා දැම්මා

" යුරී 😤"
හනා යුරීට එකසිය ගානට රවනවා

" හරි ඉතින් මම රවන්න දෙයක් කිව්වේ නැ නේ 😒"
යුරී එහෙම කියලා බාත් රූම් එකට යන්න හදනකොට ලීනා දුවගෙන ගිහින් බාත් රූම් එකට රිංගුවා 😂 මෙයාලගේ ගෙදර බාත් රූම් දෙකයි තිබුනේ හැමදාම උදේට යුද්ධේ වගේ තමයි

" යාහ්හ් ලීනා ඔන්නි මම තමයි ඉස්සෙල්ලා ආවේ 😒"
යූරී බාත් රූම් එකේ දොරට තඩිබාන ගමන් කෑගහනවා

" කරන්න දෙයක් යුරි පැටියෝ ඔයා පැද්දි පැද්දි එනකොට මම ගියා අනික වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕන 😌 "

" ඔන්නි ඔයා මට වඩා අවුරුදු 03 නේ වැඩිමල් "

" කොහොමහරි මම නේ වැඩිමල් 😌"

" යාහ්හ් ඔන්නි ඉක්මනට එන්නකෝ මට පරක්කු වෙනවා "

" මොකද යුරියෝ කෑගහන්නේ '
යුන්හා ඇහුවා

" ලීනා ඔන්නිට කියන්න ඉක්මනට එන්න කියලා "

" ඕයි ලීනෝ උබට මින්හෝ ඔප්පාගෙන් මිස් කෝල් එකක් තිබුනා "
යුන්හා එහෙම කිව්වා විතරයි ලීනා brush එකත් කටේ ගහගෙන ඔලුව එලියට දැම්මා

" යාහ්හ් ලූනා ඔය මගේ brush එක නේද "
ලීනා brush එක අරගෙන බැලුවා

" උබේ කියලා නම ගහලා නැ නේ යුන්හා "

" උබට මම .... 😠"
යුන්හා සපත්තුවෙන් ගැහුවා හැබැයි ඉතින් ලීනාට වැදුනේ නැ එයා දොර වහගත්තා

" උබ එලියට වරෙන්කෝ ඇමසන් වැදිරි 😠"
යුන්හා බැන බැන කිචන් එකට ගියා

" යුන්හා "
හනා කතා කලා

" දේ ඔන්නි "

" යුන්හා මේ අහන්නකෝ "

" මොකද්ද ඔන්නි කියන්න හදන්නේ "

" ඔයාගේ degree එකට ගැළපෙන job එකක් ඔයා කලොත් නේද හොද "

" ඔන්නි කියන දේ මට නොතේරෙනවා නෙවෙයි ඒත් "

",ඒත් කියන්නේ මොකද්ද යුන්හා අද තියෙන interview එකට යන්න 🙂"

" ඔන්නි මම යන්නම් ඒ ඔයාලා කියන හින්දා මිසක් මගේ කැමැත්තකට නෙවෙයි 😒"

" හරි අනේ දැන් ගිහින් එහෙනම් ලෑස්ති වෙන්න "

" මින්සු වොෂ් රූම් එකේ පැල වෙලා ද කොහෙද ඔන්නි දැන් විනාඩි 30 ක් වෙනවා මේකි තාම නැ 😒"

" මින්සු වොෂ් රූම් එකට ගියාම එහෙම ලේසියෙන් එලියට එන්නේ නැ කියලා ඔයා දන්නව නේ 😂"

" දේ දේ මම ගිහින් බෝම්‍බයක් ගහනවා එතකොට එයි නේ 😒"

" හරි හරි ඉක්මනට ලෑස්ති වෙන්න මම එක්කන් යන්නම් "

" නැ ඔන්නි මම ලුනා එක්ක බස් එකේ යන්නම් 🙂"

" හරි හරි යන්න දැන් "
යුන්හා ගියා ඔයා කවද්ද යුන්හා ඔයාගේ අතීතේ අමතක කරලා හිත හදාගන්නේ ඔයා හිනා වෙලා හිටියට අදටත් හිතින් විදවනවා කියලා මම දන්නවා 😔 යුන්හා යන දිහා බලාගෙන හනා හිතුවා

Yunha pov

මම ඉක්මනට ලෑස්ති උනා interview එකට යන්න මම නම් කැමති නැ තමයි ඒත් මොනවා කරන්න ද මෙයාලගේ කරදරෙන් බේරෙන්නත් එපැයි 😒 මම ලෑස්ති වෙලා යනකොට ලූනා ඉන්නවා
" ඕයි ගෙම්බි යමන් 🙂"
මාව දැක්කා විතරයි ලූනා කිව්වා

" උබට මාව පේන්නේ ගෙම්බෙක් වගේ ද යකෝ 😠"

" ඔහොම තරහ ගන්න එපා යකෝ "

" හැව් හැව් 😒"

" වරෙන් යන්න "
ලූනා එක්ක ගිහින් ඔෆිස් එක ඉස්සරහ බැස්සා
JJK company 🙄 ඕන වෙඩිමක් වෙන්න කියලා යමන් යුන්හා තේරුනත් එකයි නොතේරුනත් එකයි 😌
මම එහෙම හිතාගෙන company එක ඇතුලට ගියා වැඩි දුරක් යන්න ලැබුන් නැ මොකෙක් ද හෙන කදයෙක්ගේ ඇගේ වැදිලා බිම වැටුනා 😒
අයිෂ් මගේ සුත්තන් පස්ස අද නම් අපලයි ද කොහෙද මේ දවස්වල සිකුරු නීච වෙලා සෙනසුරු උචිච වෙලා කියලා කිව්වා ඕවා කල්පනා කර කර ඉදලා වැඩක් නැ අර මනුස්සයා මාව වට්ටලා නොදැක්ක ගානට යන හැටි 😤 මම නැගිටලා

" මේ හලෝ තමුසෙට කවුද ලයිසන් දුන්නේ මාව හප්පන්න 😠"

මම එහෙම ඇහුවාම ඒ මනුස්ස පරානේ මගේ දිහා බලලා කට කොනෙන් හිනා උනා 😏

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඔන්න පලවෙනි chapter දුන්නා
අදහස් කියන්න
සරන්හේ 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top