9: පරක්කු වැඩී🎈
" කුකීයෝ ටෙටේ තනියම නේද... මම ගිහින් බලලා එන්නම්.."
හොසොකයි ජන්කුකීයි ජිමිනුයි ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති වෙද්දී තමයි ජිමින්ට මතක් උනේ ටේ තනියම කියලා. එයාව කෝකටත් බලල එන එක හොදයි කියලා ජිමින් ටේව බලන්න ගියා.
කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියපු ජිමින් ඒ ගියපු පයින්ම ආපහු දොර ලගට ගියේ දොරේ අගුල ලග මොකක්ම හරි අමුත්තක් තියෙනවා කියලා දැනුන නිසයි.
අගුල ලග මොනාදෝ කුරුටු ගාලා ලියලා තිබුනා.
පොඩි වෙලාවක් ඒ දිහා බලන් ඉදපු ජිමින් ටිකක් නැවිලා ඒ කුරුටු උඩ ඇගිල්ල එහා මෙහා අරන් ගියා ඒක තේරුම් ගන්න උත්සාහා කරන්න වගේ.
කොහොම හරි ලියලා තිබුනු දේ ඇස් පොඩි කර කර බලපු ජිමින්ට තේරුම් ගන්න පුලුවන් උනා.
පරක්කු වැඩී...
එතන එහෙමයි ලියලා තිබුනේ.
ඒ අකුරු නියපොත්තකින් හූරලා වගෙයි හරියට ලියලා තිබුනේ.
ඒත් ජිමින්ට ඒක හරියට තේරුම් ගන්න බැරි උනා.
මොකක්ද මේ..? කවුද මේ..? කියන දේවල් ඔලුවට ආවත් ජිමින් ඒක ගනම් නොගෙන ඉක්මන්ට ගියා එයා ආපු වැඩේට මොකද දැන් හෝසොක් හෙයොනුයි ජන්කූකීයි ෆිල්ම් එක බලන්න එයා එනකල් බලන් ඉන්නවත් ඇති කියලා.
" අ...අ...අනියා..... අන්....අන්ද්වේ......"
⚠
" ඒ ජිමින්ශී... නේද..... "
ජන්කුකීගේ ඇස් එක පාරටම දිව්වේ සද්දේ ඇහුනු දිහාවට.
ඒ ජිමින්ගේ සද්දේ... මොකක් හරි කරදරයක් වෙලා වගෙයි යටි ගිරියෙන් ජිමින් කෑ ගැහුවේ.
තවත් තප්පරයක් යන්න කලින් හෝස්කුයි කුකීයි කෙලින්ම ඇදෙන් බිමට පැන්නා එ ක්ශනයෙන්ම දිව්වේ ටේගේ කාමරේට.
හෝසොක්ලා කාමරේට යද්දී ජිමින් කෑ ගගහා අඩ අඩ ටේව හොලවනවා. වෙලා තියෙන කිසිම දෙයක් හෝසොක්ට තියා ජන්කුකීටවත් තේරුනේ නෑ. ජන්කුකී ඇසුත් ලොකූ කරන් ඇද ලගට ඇවිල්ලා ඇගිලි තුඩුවලින් ඉස්සිලා හිතාගන්න බැරිව ටේ දිහා බැලුවා. පුංචි කොල්ලට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උනත් ඒ ඇස් වලට කදුලු ආවා ජිමින් හයියෙන් අඩ අඩ හොදටම බයවෙලා ටේව එහෙම නැගිට්ටවන්න හදද්දී. ජන්කුකී ශොක් වෙලා එහෙමම බලාගෙන හිටියා.
ටේගේ බෙල්ලට බෙක්ශීට් එක ඇබරිලා හොදටම හිරවෙලා තිබුනා. ඒක දැක්කා විතරයි ජිමින්ට උන්හිටි තැන් අමතක උනා. ටේගේ ඇග උඩට නැගපු ජිමින් ඉක්මනින්ම අර ටේගේ බෙල්ලට හිරවෙලා තිබුනු බෙක්ශීට් එක ඇදලා වීසික්ක කලා ඇදෙන් බිමට. ඒ වෙලේ කෑ ගහපු කෑ ගැහිල්ලටයි හෝස්කුයි කුකීයි බයවෙලා ඉක්මන්ටම දුවන් ආවේ.
ජිමින් ටේගේ කම්බුල් වලට එයාගේ පුංචි අත් අරන් ගියා. ඒවා සීතල වෙලා. ජිමින්ට ටේ හුස්ම ගන්නවාවත් දැනුනේ නෑ. ජිමින් ටේගේ පපුවට කන තියන්න යද්දිම හෝසොක් ජිමින්ව එහාට තල්ලු කලේ ෆෝන් එකත් කනේ තියාගෙනමයි. එහෙම කලේ ජිමින් තවත් කලබල කරන නිසයි.
හෝසොක් කොල්ලෝ දෙන්නවම කාමරෙන් යැව්වේ ඉක්මන්ට මොන ලෝකෙන් හරි ජින්ව එක්කන් එන්න කියාගෙනයි. ජිමින් අඩ අඩ ඇදෙන් බිමට බැහිද්දී ජන්කුකී හෝසොක් කියනවත් එක්කම දිව්වේ ජින්ව හොයාගෙනයි.
" හ් හෙයොන් හෙයොන් හෙ.....යොන්..... "
කතා කරගන්න පවා ජන්කුකීට අමාරු උනා. ඒත් යටිගිරියෙන් කෑ ගහගෙන ජින්ව හෙව්වා. කොල්ලා හොදටම කලබලවෙලයි හිටියේ.
භාගෙට කම්බුල් දිගේ කඩන් හැලෙන කදුලු රතු උනු නහය ගැහෙන කකුල් අතපය ජන්කුක්ව ඉක්මන් කෙරෙව්වා එයාගේ ලොකු හෙයොන්ව හොයන් යන්න.
පඩිපෙල බැහැගෙන ජන්කුක් කෙලින්ම වේගෙන් දිව්වේ කුස්සිය දිහාවට. ඒත් ආපු වේග්න්ම කුස්සියට ටිකක් දුරින් ජන්කුක් හොදටම බය වෙලා නැවතුනා.
එහෙම නතර උනු ජන්කුක් දැක්කා ෆ්‍රැන්ටි කබඩ්ස් හැම එකක්ම ඇරලා දාලා බිම පුරාම එක එක බඩු විසිරිලා තියෙනවා. නිකන් හරියට හොරු පැනලා වගෙයි.
මේවා කොහොමද උනේ... ඒක නෙවේ පුදුම හිතෙන දේ.. ජින් ඒ කබඩ්ස් වලට බිම තියෙන බඩු අහුරනවා කිසිම ගානක් නැතුව. ඔව්... ජින් කිසිම කලබලයක් නැතුව අස් අස් කර කරයි හිටියේ. අඩුම මේ ජන්කුක් කෑ ගගහා එයාව හොයපු එක ඇහිලවත් ගානක් නැටුව වගේ එයා හිටියේ.
ජන්කුක්ට ජින්ගේ මූන හරියට පෙනුනේ නෑ. එයා හරිම සැහැල්ලුවෙන් හිටියා මෙතන මෙච්චර පිස්සන් කොටුවක් වෙලත්. ජන්කුක්ව තවත් ශොක් උනා. හුස්ම වැටෙන වේගේ තවත් වැඩී දැන්. ඒත් ඒකත් හිතන්නැටුව ජන්කුක් දිව්වේ ජින් ලගට. ඇයි දෙයියනේ උඩ එයාගේ ටේ හියුන් පන නැතුව ඉන්නවා. මොනා වෙලාද දන්නේ නෑ.
" හෙ...හ්...හෙයොන්... "
ජන්කුක් කතා කලා.
ජින් හ්ම් වත් නෑ. ඔහේ ඉන්නවා අනික් පැත්ත හැරිලා. තවත් බලා නොයිද ජන්කුක් ඉක්මන්ට ජින් ලගට ගිහින් ජින්ගේ පිටට තට්ටු කලා.
ජින් හිටියේ පිහි වගයක් අහුරන ගමන්. ජන්කුකී පිටට තට්ටු කරද්දී ජින් කරන වැඩේ නතර කරා. ඇස් කොනින් ජන්කුක්ගේ කකුල් දිහා බැලුවා. ඒක හරිම අමුතුයි. එයාගේ ජින් හියුන්ගේ මේ බැල්ම වෙනස්. ඒ හැසීරීම වෙනස්. ජින්ගේ හැසීරිම අමුතුවග දැනෙද්දී ජන්කුක්ට පවා බය හිතුනා.
හුරතල් ඇස් බෝල කරගෙන කදුලු පුරෝගත්තා. ජින්ගේ පිටිපස්සෙන් හිටගෙන ජන්කුක් ඉකි ගහන්න පටන් ගත්තා. මේ දේවල් ඔක්කොම එකපාර ජන්කුක්ව බය කලා.
" ජි... ජි.... ඉ... හ්.... ජින්... හි... යුන්.... ඉ.....හ්..... ටෙ..ටේ... හි... යු... න්... ට... අ.. මාරුයි..... "
ඇහෙන නෑහෙන ගානට මුලදි වචන පිට උනත් අන්තිමට ජන්කුකී හයියෙන් ටෙටේ හියුන්ට අමාරුයි කියලා අඩන්න පටන් ගත්තා. මොනාද වෙන්නේ කියන එක කොල්ලට තේරෙන්නේ නෑ. ඒත් අවට වටපිටාව හරිම දරුනුයි. ලොකු කුනාටුවක් එන්න වගෙයි.
වෙන්දට කුකීගේ සද්දේ ඇහුනත් හිනාවෙලා හැරෙන ජින් දැන් මේ වෙලාවේ හුගක් වෙනස් විදිහට හැසිරෙනවා.
ජින් එකපාරටම ජන්කුක් දිහාවට හැරුනා අතේ තිබ්බ පිහියත් ඉස්සරහට දික් කරගෙන. ජින්ගේ කට කොනේ හිනාවක් තිබ්බා. ඒ හිනාව ජින්ගේ නෙවෙයි ඒ ඉන්නේ ජිනුත් නෙවෙයි ජන්කුක්ට දැනුනේ එච්චරයි. ඒයගේ ඉස්සරහා ඉන්නේ එයාගේ හියුන් නෙවෙයි. දෙයියනේ මේ මොකක්ද වෙන්නේ. ජන්කුක්ගේ ඉකි ගැහිල්ල පවා නතර උනා බය උනු පාරට. කට වෙව්ලන්න පටන් ගත්තා.
ජන්කුකී හිටියේ ජින් කලින් හදන්න ගත්තූ රාමෙන් එක ලග. ජින් හිටියේ ජන්කුක්ට අඩියක් විතර දුරින්. ජන්කුක් හිතන තප්පරේට ජින් ඒ අඩියත් ඉස්සරහට ආවා මාරම වේගෙන්. හරියට ජින්ව කවුරුහරි පිටිපස්සෙ ඉදන් තල්ලු කලා වගේ.
ජින්ගේ සුදු පාට ඇස් රතුපාට වෙන්න ගත්තා ජන්කුක් බලා ඉන්න ඇද්දී. අනේ දෙවියනේ ඒ හරියට මොකෙක් හරි ජින්ගේ ඇගට වැහිලා වගෙයි. ජන්කුක්ට හුස්ම ගන්නත් අපහසු උනා.
ජින්ගේ ඇස් රතුපාටයි. කලු ඇස් බෝල නෑ මුලු ඇද් දෙකම රතුපාටින් වැහිලා යනවා එක තප්පරෙන්. හොදටම බය උනු පුංචි එකා එකපාරටම කෑ ගහන්න කට ඇරියා
ඒත් ජින් නෙවේ ජන්කුකීට කෑ ගහන්න දුන්නේ. එකපාරටම එක අතකින් ජන්කුක්ගේ කට තද කරලා වහපු ජින්
" මැරියන්...... "
කියලා බෙරිහන් දුන්නා.
ජින්ගේ කටහඩ නෙවෙයි ඒ ඇහුනේ. වියරු ගැනු කෙනෙක්ගේ යටිගිරියක්. ජන්කුක්ගේ කට තදකරලා වැහුව ජින් අතේ තිබ්බ පිහිය ජන්කුක්ගේ බෙල්ලට තද කරනවා. ජන්කුක්ට හෙල්ලෙන්නවත් බෑ පිහිය තද වෙනවා. ඒ ඇස් වල ආදරයක් ගෑවිලාවත් නෑ. ඒ කටින් පිට උනේ මැරියන්ම විතරයි.
අනේ මාව මරන්නෙපා.... ජන්කුක්ට කෑ ගහලා වැදලා ඉල්ලන්න ඔනේ ඒත් බෑ... දැන් ටිකක් කැපිලා ලේ එනවා කොල්ලගේ බෙල්ලෙන්.
දැවිල්ලක් දැනෙන්නේ නෑ තුවාලෙන් ඒත් ලොකු බයක් දැනෙනවා. හිතාගන්න බෑ එයාගේ හියුන්ට මොකද මේ...., ඊටත් වඩා පොඩි එකාට මරන බය දැනෙනවා දැන්.
ඔහොම ඉද්දී එකපාරටම ජන්කුක් දකිනවා ජින්ගේ බෙල්ල මිරිකගෙන ජින්ගේ පිටිපස්සෙන් කලුපාට භයානක හෙවනැල්ලක් ජන්කුක් දිහා ජරා විදිහට හිනාවෙවී බලන් ඉන්නවා.
ජන්කුක්ගේ කකුල් වෙව්ලන්න පටන් ගත්තා. ඉනෙන් පල්ලෙහා පන නැතිව ගියා.
හියුන් ඔන්න පිටිපස්සේ කියලා කෑගහන්න ඔනේ ඒත් කෑ ගහන්න බෑ හියුන් එයාගේ කට තද කරලා වහගෙන ඉන්නවා.
ජන්කුක් පුලුවන් තරම් කෑ ගහන්න දගලන්න හැදුවා. එයාට එයාගේ බෙල්ලට තද වෙලා තියෙන පිහියට කැපෙන එක දැනුනේ නෑ එයාට ඔනේ උනේ ජින්ගේ බෙල්ල මිරිකන් ඉන්න සතාගෙන් ජින්ව බේර ගන්න. ඒත් ජන්කුකී හෙලවෙන පාරක් ගානේ පිහිය බෙල්ලට තද වෙනවා. තව ටිකයි. ජන්කුක්ගේ බෙල්ල ඇතුලටම පිහිය කිදා බනින්න තව ටිකයි.
ජන්කුකී තාම ආවේ නෑ ජිමින් දොර ලග හිටගෙන බලන් ඉන්නවා ජන්කුකී ජින් හෙයොනුයි ඉක්මන්ට එනකල්. හෝසොක් ෆෝන් එක අරගෙන එහාට යනවා මෙහාට යනවා. සිග්නල් නෑ කියනවා ෆෝන් එක උස්සන්නේ නෑ කියනවා. තරහෙන් අත එහා මෙහා ගියා. ප්‍රතිචාරයක් නෑ එච්චරම තමයි. 119 ගහන්න බෑ සිග්නල් අහුවෙන්නේ නැතුව යනවා. හෝස්ක් ටේ ලගට යනවා ටේගේ අතින් අල්ලගන්නවා ආයිම කෑ ගහනවා ජින් කෝ කියලා. කොච්චර බලන් හිටියත් ජිනුත් නෑ ජන්කුකත් නෑ.
ජිමින් බලන් ඉන්න බැරිම තැන පහලට දුවනවා. ඒත් එක්කම ජිමින්ට එලියෙන් ඇහෙනවා නම්ජුනුයි යුන්ගී වාහනේ එන සද්දේ. කුස්සියට දුවන්න කලින් දොර ලගට දුවපු ජිමින් හෙයොන්ලා දෙන්නට දොර ගාව ඉදන් වාහනේ නවත්තන්නත් කලින් කෑ ගහලා කියනවා වීට අමාරුයි කියලා.
ඒත් නම්ජුන්ටවත් යුන්ගිටවත් ඇහෙන්නේ නෑ ජිමින් කියන දෙයක්.
කෝම හරි විනාඩි දෙකක් ඇතුලත නම්ජුන් යුන්ගී ගෙදරට ආවා. ජිමින් එලියට දුවගෙන ගිහින් යුන්ගී කා එකෙන් බහිද්දිව යුන්ගිව ඇදගෙට ගේ ඇතුලට දිව්වා. ජිමින් එක දිගට ටේ ටේ ගගා ගොත ගහනවා. ඒත් හරියට කිව්ව දේ තේරුනේ නෑ. ඒ පස්සෙන්ම නම්ජුනුත් දුවගෙන ආවා ජින් නිකන් ලොකු කරදරේක වැටිලා වගේ ඉවෙන් දැනුනු නිසා.
නම්ජුන් ගෙට එද්දී ඈත තියාම ලාවට වගේ දැක්කා ජින් කුස්සියේ ජන්කුක් එක්ක ඉන්නවා. ටිකක් හොදට බලද්දීයී නම්ජුන් දැකින්නේ ජින් ජන්කුක්ගේ බෙල්ලට පිහියක් තියන් ඉන්නවා කියලා.
නම්ජුන් ශොක් උනා මේ මොකක්ද මේ වෙන්නේ...
නම්ජුන් හිතන වේගෙට දුවගෙන ගියා ජින් දිහාවට. ජින් හිටියේ වියරුවෙන්. ජන්කුක්ව මරන්නම ලෑස්ති පිට. කොල්ලගේ බෙල්ල දිගේ ලේ ගලනවා. නම්ජුන්ව දැකලා අනේ බේරගන්න වගේ ජන්කුක්ගේ ඇස් ආයාචනා කලා. කිසි දෙයක් හිතා ගන්න බැරිව ගියපු නම්ජුන් ඉක්මන්ටම ජින්ව ජන්කුක්ගෙන් එහාට ඇදලා අරගෙන ජින්ට හෙල්ලෙන්න බැරිවෙන්න හිර කරලා බදා ගත්ටා.
නම්ජුන්
" ජින් ජින් හෙයෝඕන්... "
කියලා කෑ ගහලා අන්තිමට ජින්ට සිහිය නැතිවෙනවා නම්ජුන්ගේ අත් දෙක උඩම.
.............................⏳
ගේ ඇතුලේ එකම කලබලයක්.. වීට සිහිය නෑ ජන්කුක්ට තුවාලයි. ජින් පැත්තක් බලාගෙන ජන්කුක්ගෙන් මූන හන්ගනවා. එයා ජන්කුක්ව මරන්න ගියා නේද... ඒත් එයාට ඔනේ උනේ නෑ. බලා ඉන්න ඇද්දී ඒ දේවල් සිද්ද උනේ ජින් එක දිගට කියවනවා. එයාට සමාව දෙන්න කිය කිය.
ෆෝන් වැඩ කරන්නේ නෑ ඉමේජන්සි කෝල් එකක්වත් පිටට යන්නේ නෑ. තවත් බලානොයිදම යුන්ගී හෝස්💔කුයි නම්ජුනුයු වීව ජන්කුක්වයු උස්ස ගත්තා හොස්පිටල් එකට අරගෙන යන්න.
නම්ජුනුයි යුන්ගී කොල්ලෝ දෙන්නව අරගෙන එද්දී එයාලට කලින් ඉස්සර උන හෝසොක් දොර ලගට දිව්වා එයාලට ඉඩ හදලා දෙන්න. හෝසොක් ඉක්මන්ට වහලා තිබ්බ දොර අරින්න ගියා.
" ඒ දොර අරින්න බෑ ලොක් කලාද කවුරු හරි "
දොර අරින්න බෑ ලොක් වෙලා. ලොක් එකේ වෙන්දට තිබුන යතුරුත් නෑ. යුන්ගී තවත් බලා නොයිද දිව්වේ පිටිපස්සේ දොරෙන් එලියට යන්න. තවත් මේම කාලේ නාස්ති කරන්න බෑ. ටේට එන්න එන්නම අමාරු වෙනවා.
හෝසොක් ඒ දොරත් අරක වගේම අරින්න හැදුවා.
" දෙයියනේ මොනාද මේ වෙන්නේ "
___________________________________
හායි පෙන්ස් 🙂
මේ කතාවේ මේ වෙනකල් ආපි කට්ටියක් ඉන්නවා නේද පෙන්ස්... නිකන් උඩට ගිහින් බලන්න මම එදා මෙතනින් එහාට බය අය කියවන්න එපා කීවාම කීප දෙනෙක් හැරිලා ගිහින් තියෙනවා නේද කියලා. 🙂 මම සාර්තකද අසාර්තකද.. ? 😂 මම සාර්තකයි 😂
එයාලාබය උනේ මගේ කතාවට නෙවෙයි 🙂 මගේ කීමට 🙂
දන්නවද කතාවේ හැන්ගුනු අරමුන මොකක්ද කියලා... ඕ ඒයී... ලොකු අරමුනක් තියෙනවා මේකේ... මට ඔනේ හොල්මන් කතාවක් දෙන්න නෙවෙයි... මම කොල්ලෝ හත් දෙනාගෙන් මම මම මේ මම දකින දේ පෙන්නන්න. එයාලගේ හැසීරීම් ප්‍රතිපත්තී ඒ මොකුත්ම නෙවෙයි.. දැන් හිතන් හෝසොක් ඇත්තටම බය ගුල්ලා මේ ඕතර් මේ එයාලගේ චරිත වල ස්භාවය පෙන්නන්න හදන්නේ කියලා. නෑ අනේ ඒම මොකුත්ම නෙවේ...
නිකන් ඔයාලට හිතුනානම් මම මොකක්ද මේ ඔයාලට දෙන්න හදන්නේ... මොකක්ද මම මේ ඔයාලට කියන්න හදන්නේ... නිකන් කාට හරි තේරුනානම් කියම් යන්න බලන්න...
මම අන්තිම චැප්පෙදී ඒක කියනවා... බලමු කාටද තේරෙන්නේ කියලා.
........................ පොඩි හොල්මන් සිද්දියක් තියේ බ්ලමු කියෝලා.... බලන්න ඔයාලටත් වෙලා තියේද කියලා...
🎈 හීනෙන් නරක හීන පේනවද 🙄
එහෙනම් කියවන්න 🙂
ඔබ නිදා සිටින විට භූතාත්මයක් අවතාරයක් වැනි අමුතු රූපී දෙයක් දැකලා බයවෙලා නැගිටලා ඒක නිකන් නරක හීනයක් විතරයි කියලා හිතන් ඉන්නවද 🙂
× නෑ 🙁
🌍.අද්භූත සිද්ධි පිළිබඳ විශේෂඥයින් පවසන ලෙස එය අතත්‍ය යථාර්ථයක් හෙවත් virtual reality නම් වේ.
🌍.ඒ අනුව අපගේ ආත්මය සමඟ ඒ භූතාත්මය එවෙලේ දී සන්නිවේදනය කිරීමට උත්සාහ කරන අතර අපගේ ආත්මය ඒ සංනිවේදනය ප්‍රතික්ෂේප කරයි
🌍.එවිට අපගේ ආත්මය විසින් අපිව ක්ෂණිකව ම නින්දෙන් ඇහැර වනු ලබයි.. (මොනයම් ක්‍රමයකින් හෝ ඒ සිදු වෙන්නට පුළුවන්) 🙁
🌍.අපිට කවදාවත් නරක හීන සම්පූර්ණයෙන් ඉවරයක් වෙනකම් පේන්නෙ නැත්තෙ මෙන්න මේ හේතුව කියලා හින්දා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ 😍
උපුටාගැනිම උසිත මල්ලිගෙන්... ලූ
අහුල ගත්තඑකක් 🙂❤️
Ekh 🙂😍😂
Enjoy 🙂
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top