7: ඩයරිය 🎈

*Hoseok pov *

නම්ජුනා පොඩි තුන් දෙනාව කාමරවලට යවලා අපිට පල්ලෙහාට එන්න කිව්වේ දෙයක් කියන්න තියෙනවා කියලා කියාගෙනයි.

ජින් නම්ජුන් ලගින් ඉද ගනිද්දී යුන්ගී මායි ඒ ලගින්ම හිට ගත්තා.

මොකෝ මේ නම්ජුන් බිම බලාගෙන ඉන්නේ.. ලොකු ප්‍රශ්නයක් වෙලා වගේ.

" ඔයා දැන් මොකක්ද කියන්න හදන්නේ ජුන්..."

" ජින්යොන් මන් ඊයේ උන දේ ගැන තාම හිතා ගන්න බැරුවයි ඉන්නේ... "

අපි අද වැඩට ගියේ නැත්තෙත් පොඩි තුන් දෙනා නිසයි. තාම තේහියුන්ගාට සනීප නෑ. ජන්කුක් ජිමින් එයා ලගින් හෙල්ලෙන්නෙවත් නෑ. තේහියුන්ග් ශක්තිමත් කොල්ලෙක්. සාමාන්‍යයෙන් එයා ලෙඩ වෙන්නේ නෑ. එහෙම හෙම්බක් හැදුනත් එයා ඉක්මන්ට සනීප වෙන්වා ජන්කුකටයි ජිමුන්ටයි වැඩ පෙන්නන්න. මොනා වෙන්වද හිතා ගන්න බෑ. කවදාවත් නොවුනු දේයක් ඒ සිද්ද උනේ.

" හ්ම්... අපිට හොරෙක් පැනලා කියලවත් ඇන්ට්‍රියක් දාන්න බෑ මොකද එහෙම අපේ බඩු කිසි එකක් නැතිවෙලා නෑ. "

යුන්ගි කිව්වේ නම්ජුන්ගේ අවදානේ ගන්න වගෙයි. එයා කියනදේනම් ඇත්ත. කවුරුත් ආවා කියලා කියන්නබෑ බඩු නැතිවෙලත් නෑ.

" අලුත් තැන්වලට කොල්ලෝ තුන්දෙනා හුරු නැති නිසා මෙහෙම උනාද කියලත් හිතෙනවා.. "

මම එහෙම කිව්වේ හිතේ සැකේට.
ජින් වගේම නම්ජුන් යුන්ගිත් මන් කිව්ව දේට ඔලුව වැනුවේ එහෙම වෙන්නත් ඇති කියන්න වගෙයි. අපි නැතුව එයාලට ඉන්න පුරුදු නෑ මෙච්චර ලොකු ගේක. බය හිතෙන්නත් ඇති තනියෙම ගේ ඇතුලේ ඇවිදිද්දී අපි නැතුව. ජිමින් දවල්ට කන්න දෙයක් හදන්න විතරයි පල්ලෙහාට එන්නෙත්. ඒ නැත්තන් උඩ ටේ ජන්කුකී පස්සෙන්මයි.

නම්ජුන්ගේ අදහස උනේ හෙට උදේම වැඩට යන්න හැබැයි කොල්ලෝ තුන්දෙනා එක්ක කවුරුහරි නැවතින්න ඕනේ.

අම්... මටත් ඒකම හිතුනා..
මම නිකටට අත තියාගන්න ගමන් කල්පනා කලා මන් නවතින එකද හොදම කියලා. එකපාරටම මගේ බෙල්ලට අමුතු සීතලක් දැනුනා. මම බෙල්ලට අත යවන ගමන් නම්ජුන් කියන දේවල්වලට ඇහුම්කන් දුන්නා..

" ආයි..."

මට කෑ ගැස්සුනා..
මන් ඒත් එක්කම පිටිපස්ස හැරුනේ මගේ පිට කවුරුහරි හිරුවා වගේ දැනුනු නිසයි. මන් හැරෙද්දිම පිට දිගේ රිදුම් කාපු වේදනාව නැත්තටම නැතිවෙලා ගියා. ඇත්තටම මට දැනුනේ කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් මගේ පිට හීරුවා වගෙයි. ඒත් දෙයියනේ... කවුරුත් මගේ පිටිපස්සේ නෑ.. නිකන්ම නිකන් පුටුයි සාලේ බඩුයි විතරයි..

" ඕහ්.. වේ... "

ජින් හෙයොන් මගෙන් අහද්දී

" අනේ මන්දා හෙයොන් මාව... ම්හ්ම්... කවුරුහරි මගේ.. මගේ පිට හිරුවා වගේ දැනුනා.. නි..නිකන්... "

" හෝසොකා... කවුරුත් නෑ.. ඔයාට නිදිමතද.. හිගාක් මහන්සි උනා අද.. ගිහින්නිදා ගන්න අපි මේක පස්සේ කතා කරමු.."

" අනි.. අනියා.. මේක කතා කරලා ඉවර කරමු.. මම හෙට ඉන්නම් එහෙම හොදයි නේද..."

මම සිහියට එන ගමන් කියලා දැම්මා. මට පුලුවන් එයාලව බලාගන්න. ජින් නැවතුනොත් එයාට තවත් වැඩ ගොඩ ගැහෙන එකනේ වෙන්නේ. මට මහ වැඩක් තිබුනෙත් නෑ. ඒක නිසා මන් නවතිනවා කොල්ලෝ එක්ක.




අපි ටිකක් රෑ වෙනකල්ම දේවල් කතා කලා. හිටගෙනම ඉන්න බැරි නිසා මම න්ම්ජුන්ල ඉන්න තැනට එහාට වෙන්න තිබ්බ පුටුවක් ඇදලා අරගෙන ඉදගත්තා.
යුන්ගි නම්ජුන් කියන එකක් ඇස් පොයාගෙන ඔහේ අහගෙන හිටිය කටක් හොල්ලන්නෙවත් නැතුව.

කොහොමත් යුන්ගී එහෙමනේ. තර්ක නොකර එයා නම්ජුන් කියන දේකට එකග උනේ නම්ජුන් මොලකාරයා නිසයි. යුන්ගී හිතන් ඉන්නේ එයා ජිනියස් කියල උනාට එයා මොලේ වෙහෙසන්න වැඩිය කැමති නෑ. ඒකට තමයිලු නම්ජුන් ඉන්නේ.

ඕහ්... මට සැකයි දැන් යුන්ගි හිටගෙන නිදිද කියලත්.

" මාක් ආයි කතා කලාද... ? "

ජින් කතාව මැද්දෙන් ඇහුවා

" මිනිහා එච්චර උදව්වක් කරලත් අපි එයාට නිකන් ස්තූති කලා විතරයි... මගේ හිත වද දුන්නා ඊයේ දවසක ඒක මතක් උනාම.."

" මිනිහා කියනවා මේ ගෙදර හොල්මන් ඉන්නවලු... "

" හො..හො...ල්.ම..න්... "

මගේ වචන ගොත ගැහුනා... මට දැනෙන දේවල් ඒවා ඇත්තද කියලා එක විනාඩියකට මම කල්පනා කලා. මගේ ඇගේ හිරිකටු පිපුනා මගේ පස්සෙන් නිතරම වගේ කවුරු හරි යනව එනවා නේද කියලා දැනුනා නේද කියලා මතක් වෙද්දිත්.

දැනුත් මට දැනෙන්නේ අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා වගේ දෙයක්. මගේ පිට... එතකොට... ඒක ඇත්තටම උනාද... මට පුදුම බයක් දැනෙනවා.. එහෙම හොලම්නක් ඉන්නවනම් දැනුත්... දෙ.. දෙ...වියනේ..

නම්ජුන් මාක් කිව්ව දේවල් කියන්න පටන් ගත්තා. මගේ කකුල් සීතලවෙලා ගියා ඒ කතාව අහද්දී. ලමයෙක් මරලා. ඔම්මත් මැරිලා. පලිගන්නව...

මොනා උනත් මැරුනු දරුවා ගැන මට දුකයි.

ඒත් ඒ කතාව ඇත්තක් නම්....

" නම්ජුනා... මේ ගෙදරට ආපු දවසේ ඉදන් මට දැනෙන්නේ කවුරු හරි මගේ පස්සෙන් මන් යන යන තැනට එනවා වගෙයි... මන් යුන්ගිට කිව්වා.. කොහෙද මේයා මාව ගනම් ගත්තේ නෑ.. දැනටත් අපි පරක්කු නෑ.. ඔය කියනවා වගේ අපේ කොල්ලන්ට... අනේ.. ජින් යුන්ගි... ප්ලීස්... අපි මෙහෙන් යමු.."

" හෝසොකා... මේ ගෙදර ඇති හොල්මනක් නෑ... මේ වගේ වෙලාවක අපි කොහෙ කියලා යන්නද හෝසොකා.. අපි හැම සතේම වියදම් කලා මේ ගෙදරට. තවත් අපි ලග සල්ලි නෑ. ඒ නිසා මේ වගේ පිස්සු දේවල් හිතන්නේ නැතුව ඉමු.."

නම්ජුන්ගේ මතේ වෙනස් වෙන්නේනෑ කවදාවත්. එයා එකම තීරනේක ඉදගෙන කිව්වා අපිමෙහෙන් කොහෙටවත් යන්නේ නෑ කියලා. එයා විශ්වාස කරන්නේ නෑ මේ ගෙදරත් අමුතුයි කියලා. මෙහෙම ඉදලා ඉස්සරහට මොනා හරි උනොත් කියලයි මට බය.

"පොඩි කොල්ලෝ ගැන අපි මීට වඩා හිතන්න ඔනේ... එයාලා පොඩිනේ තාම... මේ දේවල් එයාලට කියන්න යන්නෙපා.. එයාලාබය වෙයි.. "

ජින් පැහැදිලි කලා. ඒක ඇත්ත.. මම මීටවඩා හිතන්න ඔනේ එයාලා ගැන.
මමබිම බලාගෙන හිතඑකගව තියාගත්තා කිසිම දෙයක් නෑ කියලා. අනේ ඒක එහෙමම වෙන්න..

* no one pov *

පාන්දර 12.1 යි කට්ටියම සාලෙන් කාමරවලට යද්දී.
යුන්ගිනම් හිටියේ ඇදගෙන වැටෙන්න වගෙයි. හෝසොක්ගේ ඇගේ එල්ලිලයි යුන්ගී කාමරේට ගියේ.

" හෙයොන් දැන් ගොඩක් රෑ වෙලා... ඔයා පොත් කියවන්නද හදන්නේ..."

" ඔහ් වෙලාවේ වැරැද්ද මොකක්ද ජුනා.. "

" වෙලාවෙනම් වැරැද්දක් නෑ තමයි.. හා හා කියවන්නකෝ එහෙනම්.."

" මේක කාගේ හරි ඩයරියක්.. පොඩි ලමයෙක්ගේ එකක් වගෙයි පේන්නේ...... මේ දැක්කද කොල බෝට්ටුවක්... මේ ඩයරිය ඇතුලේ තිබ්බේ..."


" ඕක කාගෙද... මේ අපේ..."

" නෑ නෑ... අප්පේ එයාලා ඩයරි ලියන ඒවා මන්නේ දන්නේ..
මේක එයාලගේ නෙවෙයි මෙහෙ හිටපු කෙනෙක්ගේ... ආහ් එක නෙවෙයි මේක මට හම්බුනේ කොහෙද දන්නවද..."

ජින් ඇදේ ඉදගෙන ඩයරිය එහා මෙහා කර කර නම්ජුන්ට පෙන්නනකොට නම්ජුන් ඇදකොනෙන් ඉදගෙන පොතට එබිලා,

" කොහෙන්ද.."

" ජන්කුකාලා ඉන්න කාමරේ ඇද යට කැඩිච්ච ලෑල්ලක් තිබුනා.. මන් හැදුවේ අලුත් ලෑල්ලක් දාලා ඇනයක් ගහන්න.. ඒ කැඩුනු ලෑල්ල අයින් කරද්දී ඒක යට තමයි මේක තිබ්බේ... "

" ඕහ්... ඒ පොඩි එකා හන්ගන්න පුලුවන් හොදම තැන පොත හන්ගලා... මොලේ තමා ඉතිම්.... "

" අනේ මන්දා පොඩි එකෙක් ඩයරියක් එහෙම තැනක හන්ගන්න තරම් මේකේ මොනා ලියලද දන්නෑ.."

" ජින්‍යොන් ඔය කුතුහලේනම් හොද නෑ.. හාරි හාරි ඕක කියවන්න එහෙනම්.. මම නිදා ගන්නවා මට මහන්සි.."

නම්ජුන් එහා පැත්ත හැරුනා හොදට නිදාගන්න කියලා හිතාගෙන.

ජින්ට තිබ්බෙ ලොකු කුතුහලයක්. ඩයරි එකේ පොඩි එකෙක් මොනා ලියන්න ඇද්ද කියලා. කාගේ හරි ඩයරියක් කියවන එක හොද නෑ කිව්වට ඒ පොඩි එකා ඒක හන්ගලා තිබුනු විදිහත් එක්ක ජින්ට ඒකේ කුතුහලේ තවත් වැඩි උනා.









*****📕🕯️

2 / 5 / 2013
-7.00 PM

මම් කිම් ජේ හියුන් ت︎

අද දවස ගොඩ ගොඩාක් ලස්සනයි ගොඩාආඅක්

ඔම්මා දුන්නු තෑග්ගට මන් ගොඩාආආක් කැමතියි シ︎
මම හැමදාම මේක ලියනෝ

බායි シ︎ ♡︎

........📖️📖️📖️📖️📖️.......

3 / 5 / 2013
8.00 PM

මම් කිම් ජේ හියුන් ت︎

අද ලස්සනයි ගොඩාආආආක්

ස්කෝලේ යාලුවෝ හුගාක් හොදයි. මට නැති නිසා ගෙදර ඉද්දි සෙල්ලම් කරන්නම් කවුරුත් නෑ

ඒත් මන් සතුටිම්

බායි シ︎ ♡︎


පිටු කීපයක් ඉස්සරහට යනකල් ජින් ආසාවෙන් කියෙව්වා. එ පොත ලියපු ලමයා හරිම හුරතල් විදිහට අකුරු වරද්දලා තිබුනා. ජින්ගේ කට පුරාම හිනාවක් ඇදිලා තිබුනා.

එයා හැම දවසකම එයාගේ ඩයරියේ එදා දවසේ වෙච්ච ලස්සන දේවල් ලියලා තිබුනා. අනෙ හරිම අහිංසක ආශාවන් එයාට තිබුනේ.

ජින් ඒ ලමයා අවුරුද්දක්ම ලියපුවා පැයකින් කියෙව්වා. ඒ තරම් ආස හිතුනා ජින්ට ඒවා කියවන්න.

📖️🕯️....

5 / 1 /2014
8. 00 PM

මම් කිම් ජේ හියුන්.ල්

ඔම්මට සනීප නැ එයා පව් මන් ඔම්මා ලග අද නිදන්නේ
ඉක්මන්ට හොද වෙන්න ඔම්මා

සරන්ග්හේ ☹︎ ♡︎

අවුරුද්දක් ඉවර උනා හරිම ලස්ස්නට ඒ ලමයේ. ඒත් එතනිනෙහාට එහෙම උනේ නෑ. ටිකින් ටික ජින්ගේ මූනේ තිබ්බ හිනාව නැතිවෙලා යන්න පටන් ගත්තා. දරුවගේ ඔම්මා හොදටම අසනීප වෙන්න පටන් අරගෙන.. සමහර පිටුවල අකුරු බොද වෙලා ගිහින් කදුලු වැටිලා. සමහර පිටු පිගිලම ඉරිලා ගිහින්. එයා හුගාක් අඩලා.

ඔම්මා අසනීප උනහම ටික කාලෙකින් එයාගේ අප්පටත් අසනීප වෙන්න පටන් අරගෙන. අප්පා දුකෙන් හිටියා කියලා එයා කියනවා. ඒක නිසා වෙන්නැති අප්පත් අසනීප වෙන්න ඇත්තේ.

එතනින් එහාට දවස් සති මාස ගෙවිලා තිබුනේ හරිම වේදනාකාරී විදිහට.. ජින්ගේ ඔලුවත් කැරකෙන්න පටන් ගත්තා මේ දේවල් නිසා.

ජින් ඒ පිටු මග ඇරලා ඉස්සරහට ඉස්සරහට පෙරලුවා දිගටම පොඩි දරුවා දුකෙන් අඩලා ලියලා තියෙන දේවල් කියවන්න අපහසු නිසා. අවුරුදු දෙකක්ම එයා එකදිගට ඔම්මඑනකල් බලන් ඉදලා. ඒත් ඔම්මා ඇවිත් නෑ.

එයා හැමදාම අඩනවා.. ඔම්මා එයා එක්ක කරපු හැමදෙයක්ම මතක්වෙන හැමදේම හුගාක් දුක හිතෙන විදිහට ලියලා..

මග ඇරලා පෙරලගෙන යන අතර් ටි කාලෙකට පස්සේ ලියපු පිටුවක ලග අහම්බෙන් වගේ ජින් නැවතුනා.

එක පිටුවක් හොදටම කටු ගාලා තිබුනා. හුගාක් තරහා ගිහින් වගේ.
කුරුටු උඩින් ඒකේ යකෙක්ව ඇදලා තිබුනා..

අකුරු උඩ කටු ගාපු අතරින් පතර ජින්ට හැකි උනා ලියලා තියෙන දේවල් කියවගන්න..

📖️🕯️.....

09 / 3 / 2014
12.45 AM

මම් කිම් ජේ හියුන්

අප්පා ආන්ටි කෙනෙක් එක්කම් ආවා ඔම්මා ආයි එන්නේ නෑ කියල අප්පා කිව්වා ලී ආන්ටි අද ඉදම් මගේ ඔම්ම වෙනවලු

ඔම්මා මට පාලුයිනේ එන්නකෝ මට ඔම්මව විතරමයි ඔනේ

ඔම්මා හුගාක්මතක් වෙනවා ඔම්මා අනේ එන්නකෝ

ජින් පොත වැහුවේ කොල්ලගේ අප්ප ගැන කේන්තියෙන් දත්මිටි කාගෙනයි.

' වේ... එයා හොද කෙනෙක් නෙවෙයිනම්.. අනේ නරකක්නම් එපා... '

ජින් තවත් පොත කියවන්න ගියේ නෑ. හිතට එකගව ඊලග දවසේ මොනා වෙලා ඇද්ද කියලා කියවන්නවත් ජින්ට ඔනේ උනේ නෑ. ජින්ගේ හිත වද උනා ඒ දරුවා ගැන. ටිකක් වෙලා කකුල් දෙක වේගෙන් හොල්ල හොල්ල කල්පනා කර කර ඉදපු ජින්

" අමතක කරලා දාන්න.. "

කියාගෙන ඇදේ ඇල උනා.


................↔↕↔

යුන්ගී නිදාගන්න කලින් හෙට ඇදගෙන යන ඇදුම් අයන් කලා. බ්ජාගෙට ඇස් ඇරගෙන උනත් සුගාට ඒ වැඩේ හොදට කරන්න පුලුවන්. හැකියාවද පුරුද්ද මංදා ඉතින්

හෝස්ක් වොශ් එකක් දාගන්න කියලා වොශෲමෙකට ගිහින්විනාඩි පහක් යන්නත් කලින් හොදටම බයවෙලා වගේ දුවගෙන ආවේ උඩ ටී එක භාගෙන උස්සගෙනයි.




" යු..යු..ගී...යුන්ගියා... මගෙ පිට මගේ පිට.. ඒක ඇත්තටම වෙලා...... අනේ... "

___________________________________

Hi ❤️

මට කීමට කිසිවක් නැත 🙂 තනියම හරි කියවන කියලයි කියන්නේ ඉතිම් 🙂💔

හා කියම්ට බලන්න...

Okay ☠️

Ihi ihi  ↔

Enjoy 🙂
Ishki 🐻

Bạn đang đọc truyện trên: AzTruyen.Top