5: අඩි සද්දේ 🎈
........................hi...........................😌
මහ අමුතු ගදක්.. මීයෙක් මැරුනු ගදක් වගෙයි.. මහ ලොකු වෙලාවක් නෙවෙයි. ඒත් තප්පරේකට වගේ දොර ඇරුනු ගමන් මහ ජරා ගදක් ජන්කුක්ට දැනුනා. පුරුද්දට වගේ තොලත් හපාගෙන බය උනු ඇස් ලොකු කරගෙන ජන්කුක් ඒ ඇරුනු දොර දිහා බලාගෙනම දිව්වේ බාතෲම් එක දිහාවට.
" හෙයොන්.. ටෙටේ හෙයොන්.... මේක අරින්න... ටෙටේ හෙයොන්... හෙයොන්... හෙයොන්..."
ජන්කුක් දොරට ගහලා ගහලා දොර අරින්න හැදුවා. ලොක් එක කිසිම විදිහකින් හොල්ලන්න බෑ.
" හෙ..හෙයොන්.... මේක අරින්න බෑනේ... අනේ ටේ හෙයොන් කතා කරන්නකෝ...
ජි...ජිමින්... ජිමින්...... "
ජන්කුක්ට දොර ඇරගන්නත් බෑ. ටේ කෙදිර ගානවා වගේ පුංචිම සද්දයක් විතරක් ඇතුලෙන් ඇහෙනවා ඒත් කිසිම උත්තරයක් නෑ.
ඒ පුංචි වෙලාවට ජන්කුක්ට දැනුනේ එයා තනිවෙලා වගෙයි.
දැනෙන මේ මහ මූසල ගතිය ජන්කුක්ව හොදටම බය කරා. වොශෲම් එකේ දොරේ ලොක් එක එලියට ඇදගෙන ජන්කුක් ජිමින්ට කෑ ගහලා කතා කලා. ඒත් ජිමින් නෙවේ ආවේ. ජන්කුක්ගේ ඇගම සීතලයි බයටම.
ඔන්න ඔය වෙලාවේ එකපාරටම ජන්කුක් ප්ලේ කර කර හිටපු ගේම් එක පිස්සු නටන්න පටන් ගත්තා. ජන්කුක් උඩ ගියා එකපාරටම ස්ක්රීන් එක ඕෆ් වෙලා ගිහින් බීක් සද්දයක් එක්ක ගෑනු කෙනෙක් හූ තිබ්බ නිසා.. කන් දෙක කීන් ගාන තරමටම ඒ සද්දේ වැඩි උනා.
ජන්කුක් හොදටම බයවෙලා ඒ දිහා ඇස් කොනින් වගේ බැලුවා.
ඒත් එක්කම ජන්කුක්ට ඇහුනා කවුරුම හරි ඈතක ඉදගෙන කාමරේ දිහාවට හයියෙන් ඇවිදන් එන සද්දයක්. ඇවිදන් එනවා කියන්නේ එයාට ගොඩාක් කකුල් තියෙනවා වගෙයි. නෑ ඒ කෙනා බිම බඩගාගෙන එනවා වගෙයි ඒ සද්දෙන් දැනුනේ. බර අඩි තිය තිය මහා භයානක සද්දයක්. ජන්කුක්ගේ අත කටට ගියේ එයාගේ වෙව්ලන තොල් නවත්ත ගන්නයි. ඒ ඇස් වලින් කදුලු ආවා.
" හෙ..හෙයොන්... අනේ... මට බයයි...."
ඔය වෙලාවේ ටේගේ සද්දේ පවා නතර වෙලා තිබුනා.
කිසිම සද්දයක් නෑ ඇතුලෙන්.
ටේ ඇතුලෙ ඉන්නවද නැද්ද හිතා ගන්න බෑ.
තවට්ත් බලා නොයිදපු ජන්කුක් දොර ලගට දුවගෙන ගියේ දොර වහන්න හිතාගෙනයි.
දොර ලගට යද්දි ඒ අඩි සද්දේ නැවතුනා..... මොකක්ද මේ වෙන්නේ... ජන්කුක් අත් දෙකෙන්ම දොර වහලා දැම්මා.
ජන්කුක් දොර වහලා පිටිපස්සට අඩියක් තිබ්බේ අත් දෙකම කටට තියා ගන්න ගමනුයි. පුංචි කොල්ලා හිටියේ කියාගන්න බැරි තරම් ලොකු බයක් එක්ක තනිවෙලයි. ජන්කුක්ට ජිමින්ව හොයාගෙන යන්න ඔනෙ උනත් එලියේ කවුරුම හරි ඉන්නවා වගේ දැනුනා ඒ ජිමුන් නෙවෙයි කියලත් ජන්කුක්ට දැනුනා.
ජන්කුක් තවත් අඩියක් පිටිපස්සට තියලා හැරෙන්න හිතද්දිම
ඒ අඩි සද්දේ ඒක හරියටම...
ජන්කුක්ගේ පිටිපස්සෙන් ඇහෙන්න පටන් ගත්තා. ඇද ගාව ඉදලා ජන්කුක් දිහාවට බඩගාගෙන එනවා වගේ. හැරෙන එක ගැන මතක කරපු ජන්කුක්ට තේරුනා එයාගේ පිටිපස්සේ කවුරුම හරි ඉන්නවා කියලා. එයාගේ
තොල් එකිනෙම වැදෙන ගමන් වෙව්ලන්න පටන් ගත්තා. ජන්කුක්ට හුස්ම ගන්න එක පවා අපහසු උනා..
ජන්කුක්ට හොදටම දැනුනා මොකෙක්ම හරි එයා පිටිපස්සේ ඉන්නවා...
ජන්කුක්ගේ සද්දේ එන්න එන්නම වැඩි වෙනවා ජිමින්ට ජන්කුක්ට ගැන හොදටම බය හිතුනා.
ජිමින් හොදටම අඩන්න පටන් ගත්තා.
" මේක අරින්න අනේ.... ජන්කුකා... ඔයා හොදින් නේද... අනේ... මේක අරින්න...... මම මේකේ ඇතුලේ හිර වෙලා...."
ජිමින් අඩ අඩ දොරට ගගහලා කාමරේ හතර වටේටම ඇස් යැව්වා. ජිමින්ට හම්බුනා කාමරේ ඇතුලේ තිබිලා ඇදන් ලියක්.
ටිකක් බර එකක්.
ජිමින් ඉක්මන්ට ඒක අතට ගත්තා. ජිමින්ට ඔනේ උනේ ඉක්මන්ට මෙතනින් පිටවෙල ජන්කුකයි ටේයි ලගට දුවන්න.
ජිමින්ගේ එයාගේ පුලුවන් උපරිම වේගෙන් දොරට ගැහුවා. කිසිම අගුලක්වත් තිබුනු නැති මේ දොර කොහොමද වැහුනේ කියලා ජිමින්ට හිතාගන්නවත් බෑ. ජිමින් දිගටම දොරට ගැහුවා.
" හෝසොකා උබට මොකක් හරි ඇහුනද... "
" වේ... "
හොසොක් දොර ලග හිටගෙන සුගාගේ මූන දිහා බලන් හිටියේ සුගා කිව්ව දේ තේරුන්නෑ වගේ.
" මොකක්රි එකකට හයියෙන් තඩිබානවා වගේ සද්දයක් ඇහෙනවා.. ජින්යොන් ඔයාට ඇහෙනවද..."
වැඩ ඉවරවෙලා ලොකු කොල්ලෝ හතර දෙනා ගෙදර ආවා. නම්ජුන් කා එක පාක් කරන්න කලින්ම කා එකෙන් බැහැපු යුන්ගි තමයි මුලින්ම දුරන් ගිහින් ගෙදර දොර ඇරියේ. එයා පස්සෙන්ම හෝසොකත් ජිනුත් දිව්වා නම්ජුන්ට පාඩමක් උගන්වන්න වගේ.
යුන්ගිට ඇහුනු සද්දේ ටික වෙලාවකින් හෝසොක්ටත් ජින්ටත් ඇහුනා.
ඒත් එක්කම
" අනේ උදව් කරන්න...... "
ජිමින් කොහෙදෝ මන්ද ඉදගෙන හොදටම අඩ අඩ බෙරිහන් දෙනවා ඇහුනා. එයාට කරදරයක් කියලා ඒ කටහඩ ඇහෙද්දිම කොල්ලෝ තුන්දෙනාට තේරුනා.
" ජි..ජිමිනා.... ජිමිනා..... "
ජින් හොදටම බය උනා, ජිමින්ගේ ඒ කෑ ගැහිල්ලට හෝසොක්ට උන්හිටි තැන් අමතක උනා. සුගා ඔය මොකුත් බැලුවේ නෑ කිසිදෙයක් හොයන්නේ නැතුව එයා කෙලින්ම දිව්වේ ජිමින්ගේ කෑ ගැහිල්ල එන දිහාවට.
ගබඩා කාමරේ පැත්තෙන් සද්දේ එනවා කියලා ඇහුනු ගමන්ම සුගා පඩිපෙල බහින්නෙත් නැතුව කෙලින්ම උඩ පඩියේ ඉදන් පල්ලෙහාට පැන්නා.
ජිනුයි හෝසොකයි සුගා පස්සෙන් දුවගෙන ආවා.
" ජිමිනා... ජිමිනා... කොහෙද ඉන්නේ... "
" දෙයියනේ මේ බලන්න... එ කමරේ වැහිලා... මේ කබඩ් එකක් කොහෙන්ද මෙතනට ආවේ..."
ජිනුයි හෝසොකයි හොදටම කලබල උනේ ගබඩා කාමරේ දොර වැහිලා තිබුනු විදිහ දැකලයි. කොහෙන්දෝ මන්දා ලොකු කබඩ් එකක් ඒ දොර ඉස්සරහට වැටිලා තිබුනා. දොර අරින්නවත් බරුව හිර වෙලා තියෙන්නේ ඒ කබඩ් එක නිසයි. ජීවිතේට මේ වගේ කබඩ් එකක් මේ පල්ලෙහා තියෙනවා මෙයාලා දැකලා තිබ්බේ නෑ. කොහෙන් ආවද කවුද ගෙනාවේ කියන්න එයාලා දන්නේ නෑ.
මෙහෙම කලබලවෙලා ඉන්න ජින්ගෙයි හෝසොක්ගෙයි සද්දෙ ආහුනු ගමන්ම
" හෙ..හෙයොන්.... අනේ හෙයොන්... මාව මේකෙන් එලියට ග..ග..න්නකෝ... මට බයයි හෙයොන්.... "
ජිමින් හොදටම ඉකි ගගහා අඩනවා..
සුගා ඒ පාර කොහෙන්දෝ මන්දා පරන පුටුවක් හොයාගෙන එකට පයින් ගහලා ගහලා කැඩුවා. ඒක කඩලා පුටුවේ කකුල අරගෙන අර කබඩ් එක යටට දාලා කබඩ් එක උස්සලා අයින් කරන්න හැදුවා. තවත් බලා නොයිදපු හෝසොකයි ජිනුයිත් සුගාට උදව් කලා.
හිර්හන තරම් අමාරු උනේ නෑ.
මහා වෙලාවක් යන්නත් කලින් එයාලා තුන්දෙනාට දොර ඇරගන්න පුලුවන් උනා.
" මොකක්ද මෙතන වෙන්නේ... "
වාහනේ පාක් කරලා ආව නම්ජුන්ටත් ගබඩා කාමරේ පැත්තෙන් අර සද්දෙ ඇහුනා. නම්ජුන් දුවගෙන යද්දී යුන්ගී හෝසොකයි ජිනුයු කබඩෙක එහාට කරලා දොරත් ඇරියා. නම්ජුන්ගේ මූනේ ප්රශ්න දාහක් විතර ඇදිලා තිබ්බා. දොර ඇරියා විතරයි ජින් ඉක්මන්ට කාමරේ ඇතුලට පැනලා ජිමින්ව බදා ගත්තා. ඒ අත්වල හොදටම ලේ. අර පොල්ලෙන් හුගාක් වෙලා දොරට ගහපු නිසා ඒ අත් තුවාල වෙලා තිබුනා.
ඒත් එක්කම මොකක්දෝ මර්හක් වෙලා වගේ ජිමින්
" ජන්..ජන්කුක්... එයා... එයා... "
" මොකද උනේ... ආ... "
" හෙ..හෙයොන්... ජන්කුක්...."
මෙතන වෙන කිසිම දෙයක් තේරුනේ නැතත් නම්ජුන් තවත් බලා නොයිදම දිව්වේ ජන්කුක්වයි ටේවයි හොයාගෙනයි. ජිමින්ට මෙච්චර දෙයක් වෙද්දී ඒ දෙන්නා කොහේ ගියාද කියන ප්රශ්නේ එද්දී නම්ජුන්ට වගේම යුන්ගි ජින් හෝසොකත් කලබලෙන් ජිමින්වත් ඇදගෙන උඩට දුවගෙන ගියා.
කිසිම සද්දයක් නෑ.. ඒකම තමයි බය... ඈත තියාම දැක්කේ ඒ දොර වහලා තියෙන හැටියි.
____________________________________
Hi 🙂💔
ඔයා හීනෙන් හොල්මනක් දැක්කොත් එකෙන් ඇත්තෙන්ම කියවෙන්නේ ඒ වෙලාවෙදී ඔයා දිහා ඒ හොල්මන බලා ඉන්නවා කියලයි. ඇස් ඇරලා කොයිම වෙලාවකවත් ඒ වෙලාවට පිටිපස්ස බලන්නෙපා ඔයා ඒ හිනේ ඇතෙලෙදී ඒ හොල්මනව අල්ලගන්න උත්සාහා කරන්න.
🙂💔 මේක මන් මේ පෝස්ට් එකකින් ඇහිද ගත්තේ.. මම ඉතින් හොලමන් විස්වාස කරන කෙනෙක් නෙවෙයි 😌 ඔයාව බය කරන්න මම ඉතින් මේම කතා හොයලා කියනෝ.. බලන්නකෝ නේද මම වගේ හොද ඕතර් කෙනෙක් වෙන කොයිම්ද... රීඩස්ලගේ වාසනාව ඉතිම් 😌🔫❤️
රිස්ක් එකක් අරන් මේක කියවන නිසා මට බෑ ඕම ඔයල්ගේ ෆෝන් ගැන වග කියන්න.. 🙂 💔 ඇත්තටම කියන්නේ මේ වගේ වැඩිය බය හිතෙන්නැති කෑලි ටිකකට ඔයා බය වෙනෝනම් ඉස්සරහට කියවන්න යන්නෙපා 🙂💔 මාව විස්වාස කරන්න... 🙂 ඔයා නැත්තම් මට පාසල් කරලා බෝම්බ එවයි ❤️
Byee 🙂
Enjoy 😂
Ishkii...
Bạn đang đọc truyện trên: AzTruyen.Top