2: ජිමින්..ශී 🎈

කාලය ගෙවුනේ පුදුම වේගෙකින්. ඔවුන් අලුත් ගෙදරට මාරු උනත් හරි දවස් කීපයක්ම ගෙවිලා ගිහින් ඇගටත් නොදැනිම.


සතියකට පසු.....

" යුන්ගියා.. නැගිටිනවකෝ... පරක්කුවෙනවා... නැගිටිනවකෝ..."

" අ....... ම්..... ම්... නැ..ගි..ටලා... ඉන්..නේ... ආආආ... කෑ.... ගහන්නෙ.. පා..."

" හරි හරි 😂 මම පහලට යනවා එහෙනම්.."

හැමදාම වගේ හොබී උදේට මුලින්ම කරන්න ආසම වැඩේ කරන්න තමයි මේ යන්නේ. ඒ තමා පොඩි තුන්දෙනාව ඇහැරවන එක.

ජිමින් කුකී වී ත්‍රිඩබලම හිටියේ එකම කාමරේක.. ඒ තුන්දෙනා කොහෙ ගියත් එකට ඉන්න නිසා අලුත් ගේකට ආවත් තුන්දෙනාටම වෙන්නොවී එකටම ඉන්න ඔනි උනා. ඔහොම ඇලිලා වගෙ එකට හිටියට යක්කු තුන්දෙනෙක් වගෙයි වෙලාවකට. රන්ඩු කරන්න ගියාම ආයි ඉතින් කාටවත් නවත්තන්න බෑ. නම්ජුන්හරි හෝසොක්හරි බැන්නම තමයි ඒ රන්ඩුව ඉවර වෙන්නේ. ඊට පස්සේ බුම්මන් ඉන්නවා

'මම නෙවේ අරයනේ වගේ'

මොනා උනත් හෙයොන්ලට ඔය වගේ වෙලාවකට මේ තුන්දෙනාගේ මූනු දිහා බලන් ඉන්න එක තරම් ජොලි වැඩක් වෙනනම් තිබ්බෙ නෑ.

ආයි ඉතින් ඇගිල්ලක්හරි ඇගේ වැදුනත් ඇති පූස් පැටව් වගේ ආයිත් මයිල් කෙලින් කරන් රන්ඩුවෙනවා. කොහොම උනත් මේ පූස් පැටව් තුන්දෙනාට ඒ තුන්දෙනා නැතුවම බැරි උනා. යාලුවන්ටත් වඩා සහෝදරයෝ වගේ ඒ ආදරේ එයාලව බැදලා තියා ගත්තා. කොච්චර රන්ඩූ උනත් ඊලගට හැසිරෙන්න අපි නෙවේ රන්ඩු උනේ වගෙයි.

* හොබී පොඩි තුන්දෙනාගේ කාමරේට හොරාට ඇතුල් වෙන්න හිතාගෙන කාමරේ ලගට ගිහින් හිට ගත්තා.
දොරේ ලොක් එක හිමීට ඇරපු හොබී එකපාරටම ඇස් කොනටවගේ දැක්ක දේ නිසා ගැස්සිලා ගියා.

හොබී දැක්කේ කවුරුම හරි කෙනෙක් එයාගේ දිහාවට වේගෙන් එනවා..

දොර භාගෙට ඇරගෙන හිටපු හොබී ටක්ගාලා අහකට පැන්නේ ඒ කෙනා ඇගේ වදින්න තරම් හයියෙන් එනවා වගේ පෙනුනු නිසයි. ඉක්මන්ට පස්සට පැනපු හොබී මොහොතකට ගල් උනා

එතන කවුරුත්ම හිටියේ නෑ.
එයා හොදටම දැක්කා කවුරුම හරි එනවා වගේ.. වගේ නෙවේ කවුරුම හරි ආවා..

එහෙම කොහොමද වෙන්නේ..

" යු...යු..යුන්ගියා.... "

හොබී සද්දෙන් වගේ කතා කලා... ඒත් කටහඩ වෙව්ලනවා..

"...."

කිසිම සද්දයක් නෑ... ඇල්පෙනෙත්තක් වැටෙන තරමටම එතන නිහඩයි..

හොබී යුන්ගිගේ නම කියලා ටිකක් වෙලා එහෙමම හිටියා. යුන්ගි තියා කවුරුත් කතා කලේ නෑ. කලිනුත් මේ වගේ උනා නේද කියලා හොබීට මතක් උනා. පස්සේ ඇයි මේ හිත මෙච්චර කලබල කියාගෙන ඇස් පියාගත්තු හොබී හොද හුස්මක් අරගෙන ආයිමත් දොර ලගට ගියා.

ඔන්න ඒත් එක්කම කවුරුම හරි එයාව පාස් කරගෙන ගියා. අදුරුයි ඒක හෙවනැල්ලක් වගෙයි... ලාවට එහමයි පෙනුනේ හොබීට. හොබීට හොදටම දැනුනා කවුරුම හරි පුදුම වේගෙකින් එයාව පාස් කරගෙන ගියා. හිරිගඩුත් පිපෙන තරම්ම සීතල හුලගක් බෙල්ල හරහා ගියපු පාර හොබී තවත් හොදටම බය උනා. දැන්නම් හොබීගේ හිත හොදටම කලබලයි.

හරිම වේගෙන් ඒ කෙනා හොබී ලගින්ම ගියේ. ඒ ක්ෂනික හොබී අයෙමත් ඒ කෙනා ගියපු දිහා බැලුවා.

ආආ... නෑ.. එතන කවුරුත්ම නෑ...
මොකක්ද මේ වෙන්නේ..
කවුද මේ... ඇයි මේ...

හොබී ඉක්මන්ට හිතේ කුතුහලේටම අඩි දෙකක් පිටිපස්සට ගිහින් සුගාගේ කාමරේ දිහා බැලුවා.
එ දොර වහලා.
එයාලගේ කාමරේ දොර ඇරපු පාටක් පෙන්න නෑ. යුන්ගි නැගිටලා නැ. එනකොට වහගෙන ආපුදොර එ විදිහටමවහලා තිබුනා.

යුන්ගි නෙවෙයිනම් ඒ කවුද...

හොබී ආයිමත් දෙපැත්තම බැලුවා..

එත්...

කොහෙවත් කවුරුත්ම හිටියෙ නෑ.

යුන්ගීයයි හොබීයි පොඩි තුන්දෙනයි තමයි උඩ තට්ටුවේ කාමරේ දෙකේ හිටියේ. පහල කමරේ තමයි නම්ජුනුයි ජිනුයි හිටියේ. එහෙම තමයි එයාලා කාමර බෙදාගෙන තිබුනේ.

" මට මොකක්ද මේ ලගදි ඉදන් වෙලා තියෙන්නේ......."

එහෙම කියාගෙන ඉක්මන්ට දොර ඇරගෙන ඇතුලට ගිහින් ඉක්මන්ටම දොර වහගත්තා. ටිකක් වෙලා එහෙමම ඉදපු හොබී දැක්කේ පොඩි තුන් දෙනා උතුරටයි දකුනටයි බස්නාහිරටයි කකුල් අත පය දාගෙන හරි අපුරුවට නිදන් ඉන්න හැටියි.

එයාලා නිදන් ඉන්න හැටි දැකලා හොබීගේ මුලු මූනම සතුටින් පිරුනේ හිතේ තිබ්බ අමුතු බයත් අමතක කරලා දාන ගමනුයි.

අනේ හරිම හුරතල්.. හොබීගේ හිත තනියම හිනා උනා. ජිමින්ගේ බෝල කම්බුල් දකින හැම වතාවකම හපලා කන්න තරම්ම හොබීට ආස හිතුනා.

ඉතින් මේ හුරතලේ තවත් බලන් ඉන්න බැරුව හොබියා දඩන් ගාලා කොල්ලෝ තුන් දෙනාගේ ඇගවල් උඩට පැනලා කෑ ගහන්න පටන් ගත්තා..

" නැගිටින්ඩා....... නැගිටපල්ලෝ.... ගිනිගන්නෝ.. වීයෝ කුකියෝ ජිමිනී... බේරගන්නෝ..."

කියාගෙන කෑ ගහන්න පටන් ගත්තා. අනේ ඉතින් හොබීගේ කෑ ගැහිල්ලට කොල්ලෝ තුන් දෙනා උඩ ගිහින් ඇහැරුනා.

හෝබීව ඇගෙන් එහාට තල්ලු කර කර

" අනී....... නොයිසි නොයිසී.... 😖"

වී කෑ ගහද්දී , වීව බදාගෙන නිදන් හිටපු ජිමිනී හොබීට පයින් ඇනලා ආයිමත් ශීට් එක ඔලුවේ ඉදන්ම පෙරෝගෙන නිදා ගත්තා.

"ආආ🗣️ආආ😱ආආ🤕...... හෙයොන්... 😫 රිදෙනවා.... අනේ... ආයිමත් පෑරුනාද කොහෙද... 😭"

" ඔහ්... 😵නො...නො...අඩෙ... 🙂💔 "

ඇදේ මේ කොනේම නිදම් හිටපු ජන්කුක් කදුලු පුරෝගෙන කෑ ගහද්දි තමයි හොබියාට මතක් උනේ, කුකියාගේ තුවාලේ උඩ නේද දනිස්ස තියන් ඉන්නේ කියලා.
හොබී ඉතින් ඉක්කන්ට බඩගාගෙන ජිමින්ගේ ඇග උඩට නැග්ගා. ජන්කුකි කකුල් දෙකම එකට ලන් කරගෙන නහයෙන් අඩනවා ඉතිම් රිදෙනවා කිය කිය

" කෝ බලන්න.... 👀"

හොබී හිමීට බෙක් ශීට් එක උස්සල කුකීගේ තුවාලේ බලන්න ගියා.

" ආ😒 ආයිශ්.....😖😫 "

ජන්කුකී මුලු බෙක්ශීට් එකම ඇදලා අරගෙන කකුල් දෙක ඔතාගෙන ඇදෙන් එකපිම්මට ඉදගත්තා

" අනේ යන්නකෝ නපුරු හෙයොන්.. 😖 "

කුකීගේ කැගැහිල්ලට ජිමිනුයි වීත් ඇහැරුනා ඒ පාරනම්.
ඒත් එක්කම පල්ලෙහයින්

" කෑම ලෑස්තී...කන්න එන්න... ජන්කුකාඅ.... තේහෙයොන්ගා.... ජිමිනා.... හෝසොකා...යුන්ගියා... නැම්ජුනා.... පල්ලෙහාට එන්න........"

ජින් හැමෝටම පල්ලෙහාට කතා කලා.













................⏳

කෑම මේසය කියන්නේ කොල්ලෝ හත් දෙනාට එක එක දේවල් මතක් වෙන හොදම වෙලාව. ජින්ගේ විහිලු මැද ජිමින්ගේ රස කතා මැද හැමෝම දවස හිනාවෙලා පටන් ගත්තා.

ඉතින් ඔහොම සතුටින් හිනාවෙලා කෑම කාලා ඉවර උනාම ජන්කුකී ටෙටේයි ජිමිනුයි මේ මහා ගෙදර තනිකරලා ලොකු හෙයොන්ලා හතර දෙනාම වැඩට යන්න ලෑස්ති උනා. සතියම හෙයොන්ලා පොඩි අයත් එක්ක ගෙදර හිටියා. ඒත් ම්ව්හ්ව්ම හැමදාම ඉන්නබෑනේ.. ජීවත් වෙන්න සල්ලී ඔනේ.. ඉතින් ලොකු හෙයොන්ලට සිද්ද වෙනවා නගරෙට යන්න... වැඩ කරන්න.. පොඩි අයව සතුටින් තියන්න ලොකු හෙයොන්ලා එයාලගේ සම්පූර්ණ කාලයම වැය කලා.

ජන්කුකී ජිමින්ගේ අතින් අල්ලගෙන හෙයොන්ලා වාහනේට නගින දිහා ඇසුත් ලොකූ කරම් බලාගෙන හිටියා. කුකී වගේම ජිමිනුත් හුගාක් අහිංසකයි. ටේ ජිමින් කුකී එකම වයසේ උනාට ටේ තමයි ඒ දෙන්නගෙම බොස් වගේ හිටියේ. ටේ එඩිතර කෙනෙක්..
විශේශයෙන් කුකී ජිමින් ඉදිරියේ ටේටේ සුපිරි වීරයෙක්... කුකී හුගාක් වෙලාවට ටේගේ වීරක්‍රියා දිහා කට ඇරගෙන බලාගෙන හිටියා. ඉතින් ටේ හරිම ආඩම්බරෙන් තමයි එයාගේ වැඩ කිඩ කුකීට පෙන්නුවේ. ඉතින් ලොකු හෙයොන්ලා ගියාට ටේටෙ ඉන්න නිසා ජිමින්ටයි කුකීටයි කිසිම බයක්තිබ්බෙ නෑ මේ මහ ගෙදර තනියම ඉන්න.

ඉතින් යන්න ඔන්න මෙන්න තියලා ශටර් එක ඇරලා ඒකෙන් එලියට ඔලුව දාන ගමන් ජින්

" බඩු ටිකට අත තියන්න එපා අපි එනකල්.. "

කෑ ගහලා කිව්වේ හරියටම කුකීට ඇගිල්ල දික් කරලයි.

කුකී ඇගිල්ලෙන් එයාගේ පපුවට ඇනගෙන මටද කියන්නේ වගේ ජින් දිහා බලගෙන හිටියා..

" ඔය තුන් දෙනාටමයි කිව්වේ..."

" හලී.... බායි...."

කුකී ජිමින්ගේ අතත් උඩට උස්සලා හයියෙන් හොලෝන ගමන් බායි කියලා කෑ ගැහුවා එයාගේ හෙයොන්ලා හතර දෙනාවටම..

ජිමින්නම් බුම්මගෙන හිටියේ.

හෙයොන්ලා වාහනේට නගිද්දී අන්තිමට ගෙදරින් එලියට බැස්ස යුන්ගි දඩාන් ගාලා ජිමින්ගේ ඔලුවට බෑග් එකෙන් ගැහුවනේ.. ජිමින්ව කරකෝලා අත ඇරියා වගේ ඉතින්..🙂💔

ජිමින් සුගාට ඔරෝ ඔරෝ ඉද්දී
පොඩි තුන් දෙනාට ගෙදර පෙරලන්න එපා කියලා අනතුරු අගවලා තමයි හෙයොන්ලා යන්න ගියේ.



















......................⏳

_12.35pm_

උදේ වරුවම ජන්කුකීයී ටෙටෙයි කාමරේට වෙලා ගේම් ගහන එකමයි කලේ. ගේම් ලෝකේට ගියා කියන්නේ දෙන්නව ආයි එලියට ගන්නවා බොරු. එලියේ මොනා උනත් දෙන්නට ගානක්වත් නෑ ගේම් ගහද්දී.

ඒ දෙන්නා ගේම් ගහද්දී ජිමින් දවල්ට කන්න කෑම හදන ගමනුයි හිටියේ එයාලට කන්න. හෙයොන්ලා එන්න හවස් වෙන නිසා ජිමින් තමයි හැමදාම වගේ දවල්ට කෑම හැදුවේ.

ටෝස්ටර් එකට පාන් පෙති දාලා බටර් එක ගන්න ෆ්‍රිජ් එක ලගට යද්දී

" ජිමින්ශී....... "

" ඕ....

ඇයි.... කුකී.... "

ජිමින්ට කුකී කතා කලා. ඒත් ජිමින් ආයි කතා කරද්දී කුකීගෙන් හ්ම් සද්දයක් නෑ...

සද්දයක් නැති නිසා ජිමින් ආයිමත් හැරිලා ෆ්‍රිජ් එක ඇරලා බටර් එක අතට ගත්තා.
ඒ විනාඩියක් යන්න ගියෙ නෑ ආයිම

" ජිමින්ශී.... "

ජිමින් ෆ්‍රිජ් එකේ දොර වහද්දිම ආයිමත් ජන්කුකී කතා කලා.. අහක බලාගෙනම බටර් එක මේසෙ උඩින් තිබ්බ ජිමින් ඉනට අත්දෙක තියාගෙන

" මා එක්ක සෙල්ලන් කරනවද කුකී ආ... . "

ජිමින් ටිකක් සද්දෙන් ඇහුවා.
ජිමින් හිතුවා ටෙටෙයි ජන්කුකියි මොකාක්මහරි මගෝඩි වැඩක් තමයි කරන්න යන්නේ කියලා කොහෙ හරි හැන්ගිලා ඉදගෙන.

ජිමින් බටර් එකේ පියන අරිද්දිම පාන් පෙත්ත ටෝස්ට් වෙලා සද්දෙකුත් එක්ක එලියට පැන්නා.. ජිමින් උඩ ගියා ඒ සද්දෙට..

" අම්මෝ.."

කියාගෙන ජිමින් පාන්පෙත්ත ගන්න යද්දිම, කුස්සියට ටිකක් එහයින් වගේ තිබ්බ ගබඩා කාමරේට යන්න තියෙන පටු පඩිපෙල දිහාවෙන් කලින් වගේම

" ජිමින්...ශී.........."

ඒත් එක්කම උඩ තට්ටුවේ කාමරෙන් කුකී ටේයි හිනාවෙන සද්දේ ජිමින්ට ඇහෙනවා.

පාන් පෙත්ත අතට ගන්න හම්බුනෙත් නෑ එක බිම වැටුනා.

" ජන්කුකී උඩනම්... "

___________________________________

රෑට දාන්නම් කිව්වට මොකද මම කතාව එඩිට් කරලා මේකට දාද්දී පාන්දර වෙනවා.. 🙂💔

Enjoy 😍
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top