1: ගබඩා කාමරේ🎈
" හෙයොන් මේක කරන්නම ඕඕඔනිද..🥺"
" ආ... මේක නොකර කොහොමද... ආ... ඔය මූන දාන එක නවත්තන්න... මේක කරන්නම ඔනේ...මගේ හොද කුකියනේ... හෙල්ලෙන් නැතුව ඔහොමම ඉන්න... තව ටිකයිනේ..."
" ඉහි ඉහි... 😖 හෙයොන්... ඒක රිදෙනවනේ... "
" කට පියන් හිටියෙ නැත්තන් තවත් රිදෙයි..."
" ඔය.. දෙන්නා.. මොකක්ද ඔය කරන්නේ... 😱"
කූකී ටේයි ඉදපු රූම් එකට එබුනු හොබී දැක්ක දෙයින් පුදුම උනේනම් නෑ ඒත් ඒ වගේ රගපෑවා.
" ආආආඅහ්... හෙයොන්ට පේන්නේ මම මොකක් කරනවා වගේද.. 😒"
" අප්පටසිරි.. 🙂 කොහෙද කොල්ලො මේ තුවල කරගෙන තියෙන්නේ.. තව අංශකයක් උඩට ගියානම් අනාගතේම අදුරුයි නෙහ්.. 🙂💔"
" ආනේඒඒඒඒඒඒඒඒඒ... හොබී හෙයොන් බලන්නෙපා මට ලැජ්ජයී..."
කුකී කොට්ටෙකින් හොබීට දමලා ගැහුවා.
කුකීගේ පාරෙන් ගාන්ට බෙරුනු හොබී කුකියව තවත් අවුස්සන්න ඇසුත් කරකෝ කරකෝ ඉස්සරහට එබුනා
" 👀 උප්ස් මාර ලස්ස්නයි... කෝ බලන්න... වෝව්... වෝඕඕඕඔ😲🤪....."
" අනේ..... හෙයොන්න්න්න් 😖"
" බලන් ඉන්නම එකනේ ඕක.... බලාන්කෝ එකෙ පොඩි..👌🧐"
කුකීට විහිලු කර කර හොබී කුකීයගෙ තුවාලෙට බෙහෙත් දන්න ටේට උදව් කලා.
" ආ ආ මොකො මේ....... කුකියා කෑ ගහනවා අරහෙටම ඇහෙනවා..👀 අපොයි..... ටෙ.. ටේශි...... 😯 මො.. ක... ක්... ද... ඔතන ඔය..."
" අම්බෝ... 😂 නැම්ජුනා.. ලන් වෙලා බලනවා ඔහොම බැලුවම පෙන්නේ වෙන එකක්.. ඔයා පව් ඉතින්.. අයිගෝඕ....😂"
" අ..අ..ආ........... 🙂 කොහෙද පොඩි එකෝ මේ හූරගෙන තියෙන්නේ... 😂 ඔතනට බෙහෙත් දාන්න වෙනම ආයුද ගේන්න වෙනවා.. "
" අනේ යන්න හෙයොන්.. එතන නෙවේ තුවාල උනේ.. මෙතන මෙතන...... 😭 අනේ වී හෙයොන් යන්න කියන්නකො මෙයාලට😭"
කුකී තුවාල උනු තැන ඇගිල්ලෙන් හෙයොන්ලට පෙන්නුවේ පුදුම ලැජ්ජාවෙන්.. ජම්බු ගෙඩියක්වගේ ඒ නහය රතුවෙලා.
බිස්කට් ටින් එක තිබුනේ කබඩ් එකේ උඩම තට්ටුවේ නිසා ජන්කුක්ට සිද්ද උනා පුටුවක් උඩින් බංකුවක් තියලා ඒක උඩට නැගලා ටින් එක ගන්න.
ඉතින් කුකී ටින් එක අතට ගත්තේ ජින්ට මාට්ටු නොවී ඉක්මන්ට පැනගන්න. කපටි හිනාවකුත් දාගෙන ටින් එක අතට ගන්නත් කලින්ම පුටුවේ එක පැත්තකට බරවෙලා කොල්ලව බිමට ඇදගෙන වැටුනා.
ඒ වැටෙද්දී පුටුවේ අන්ඩේ ඇනේකට ජන්කුක්ව තුවාල උනා. හොදවෙලාවට ඒක මලකඩ කාලා තිබුනෙ නැත්තේ...
ඉතින් එහෙම තමයි ජන්කුකී එයාගේ කකුලේ උඩම උඩම ඌඌඌඌඌඋඩම තැනක් තුවාල කරගත්තේ.
නම්ජුනුයි හෝසොකයි වීයී ජන්කුක් වටේට වටවෙලා ඉද්දී මොකක්ද මෙතන මේ වෙන්නේ කියලා බලන්න ජිමිනුයි ජිනුත් කාමරේ ඇතුලට ආවා. දෙන්නා එහෙම් මෙහෙන් ඉස්සිලා බැලුවා මොකෝ මේ කියලා.
හොරාට වගේ නම්ජුන්ගේ කර උඩින් ඉස්සිලා බලපු ජින් සිද්දිය පටස් ගාලා තේරුම් ගත්තා.
එකපාරටම මහ හයියෙන් ජින් වීදුරු පිහිදන්න ගත්ත විතරයි නම්ජුන් කනත් අල්ලගෙන පැත්තකට විසික් වෙලා ගියා.
ඒ අතරේ ජින්ව දැකපු කුකී
" අන්දේ...... අන්දේ...... 😭 දැන් මට මැරෙනකල්ම විහිලු කරයි 😭 අන්දේ.."
ජින් ඇගිල්ල දික් කර කර හිනා උනා. කුකීට වහගන්න විදිකුත් නෑ ඉතින් තුවාල වෙලා තියෙන්නෙත් ඔන්නැති තැනක්මනේ. ජින් පන යනකල් හිනා උනා. වීටත් හිනා ඒ මදිවට බෙහෙත් දාන එක පැත්තකට දාලා වීත් හිනාවෙන්න ගත්තා.
ජිමින් ඉස්සි ඉස්සි බැලුවත් හරියට වැඩේ තේරුනේනම් නෑ. ජින් පන දාගෙන නම්ජුන්ගේ පිටට ගගහා හිනාවෙනවා ජිමින්ට තවත් කුතුහලේ ඉතින්.
මොකක්ද වෙන්නේ කියලා ජිමින්ට බලාගන්න විදිහක් නෑ රූම් එක ඒ තරම් හුගාක් පුංචි එකක් ඒ මදිවට
දඩාර පර්වත තුනක් එයාගේ ඉස්සරහින් හිටගෙනනේ.
බැරිම තැන බුම්ම ගත්ත ජිමින් හෝසොක්ව තල්ලු කරගෙන ඉස්සරහට ගියා.
ජන්කුක්ව දැකපු ජිමින්
" දෙයිහාමුඩුලුවනේ... 😱 කුකීඊඊඊඊඊ..... අනේ ඉතින් බලන්නකෝ හෙයොන් දැන් කෝමද කුකීයා මේම මිනිස්සුන්ට මූන දෙන්නී...."
" ජිමින්🗣️ශී........... 👹️👹️👺💢"
යකා ආවේස කරන් වගේ ජන්කුකී ජිමින්ට කෑ ගහගෙන ලග තිබුනුතවත් කොට්ටෙකින් මූන වහගෙන නහයෙන් අඩන්න පටන් ගත්තා. මොන ලැජ්ජාවක්ද ඉතින්. එක්කෙනෙක් මදිවට හෙයොන්ලා පස්දෙනාම පොඩි කොල්ල කලිසමක් නැතුව ඉන්නවා දැක්කනේ.
" ඉහි ඉහි ඉහි 😩 යනඩලකෝ.... ආ..ආව්.. රිදෙනවත් එක්ක... ඉහි ඉහි ඉහි 😖 "
කට්ටියටම පන යන්න හිනා ඉතින්. ජන්කුකී කියන්නේ ස්නැක් පිස්සෙක්. ඉතින් ජින් කුකී ගැන හොදට දන්න නිසාම බඩු අහුරන වෙලාවේ කුකීට අහු වෙන්නැතිවෙන්න ස්නැක් ටින් එක උඩම තැනකින් තිබ්බා. ඒ උනාට ජන්කුකීගේ තියුනු ඇස්වලින්නම් ඒවා හන්ගන්න ජින්ට බැරි උනා.
අන්තිමට කුකියට හොද වැඩේ කියලා ජින් මැරෙනකල් හිනා උනා.
ජන්කුක්ට වී බෙහෙත් දාන අතරේ නම්ජුන් ජින් දිහාවට හැරිලා
" අපිට දැනට තියෙන්නේ ඇදවල් දෙකයි. ඒ නිසා අපිට ඒ දෙක බෙදා ගන්න වෙනවා... කොහොමත් මෙ රෑ මේ වගේ තැනකට බඩු ගෙන්න ගන්න විදිහකුත් නෑනේ.. "
" ආහ් මම දැක්ක පහල තට්ටුවේ පරන ඇදවල් දෙකක් තියනවා... ඒවා හොදට තිබ්බා... "
" ආහ් ඒකත් හොදයි... මෙහෙ අපිට ඔන කරන හැමදෙයක්ම තියනවනේ ..."
"හ්ම්... මට තවම හිතා ගන්න බැරි මේ වගේ තැනක් අපිට ඇයි එච්චර අඩු ගානකට දුන්නේ කියලා... බලන්න නම්ජුනා මේක හුගාක් ලොකු තැනක්... ගේ හදන්න ඇත්තේ හුගාක් කාලෙකට කලින් උසස් පවුලක අය වෙන්න ඇති. ඒක දැක්ක ගමන් පේනවා... "
" හ්ම්ම්... කලින් මේ ගෙදර හිටපු අය සල්ලි අඩුපාඩුවක් නිසයි අපි කැමති ගානකට ගේ දෙන්න කැමති උනේ.. එහෙම තමයි අයිතිකාර මිස් කිව්වේ. අර වයසක අන්කල්ගේ කතාවනම් මට ඇල්ලුවේ නෑ. කොල්ලෝ ටික දිහා බලපු බැල්ම මට තවමත් මතකයි. එයානම් කැමති උනේ නෑ මේ ගේ අපිට දෙන්න. එත් අර මිස්ටනම් කෝම හරි ඔනෙ උනේ ඉක්මන්ට ගේ දීලා මෙහෙන් යන්න.. "
"හ්ම්.... අහ් ඒක නෙවෙයි සුගා කෝ..."
" එයා ආපු ගමන් නිදි.. මාවත් කාමරෙන් පන්නලා දොරත් වහගත්තා.. නිදගන්න දියම් කියලා."
" හරි එහෙනම් අපි තුන්දෙනා යමු අර ඇදවල් දෙක බලන්න.."
කයිය අවසානයේ නම්ජුන් ජින් හෝසොකයි පල්ලෙහා ගබඩා කාමරේට ගියා. පටු පඩිපෙලක් තමයි තිබ්බේ පල්ලෙහාට යන්න.
පුදුම අදුරක් පහල තිබ්බේ.
" කලින් හිටපු අය අඩුම සුද්ද කරන්නවත් පල්ලෙහාට ඇවිත් නැති පාටයි. අම්මෝ ගද... "
" හොබියො ඔයා ඉතින් ආසයිනේ සුද්ද කිරීමේ වැඩ වලට.. මොකො කියන්නේ..."
" හහ් හහ් හහ් හහ් හා.... 🙂 මේ අහිංසක මාව අල්ලගන්නෙපා අර කම්මැලි යුන්ගිට කියන්ට... "
" අස්කරන එක කෙසේ වෙතත් ඒකා කොස්සත් හරස් කරන් මෙතන නිදා ගනී.."
තුන්දෙනාම හිනාවෙවී පල්ලෙහාට බැස්සා.
නම්ජුන් ෆෝන් ටෝච් එක ඔන් කරගන්න ගමන් ලයිට්ස් තියනවද බලාගෙන ඉස්සරහට ගියා.
" නම්ජුනා ඔය ඔයාගේ දකුනු පැත්තේ බලන්න... මන් හවස එද්දී දැක්කා ඔතන සුවිච්ස් වගයක් තියෙනවා.."
හරියට පටු පඩිපෙල ඉවරවෙනවතෙක්කම තිබ්බේ පොඩි කොරිඩෝවක් වගේ කෑල්ලක්. එතන සිවිලිමේ හරියටම මැදට වෙන්න එක බල්බ් එකක් තිබුනා. ඒක තාමත් වැඩද බලන්න නම්ජුන් හොබී කිව්ව සුවිච්ස් එකින් එක දදා බැලුවා.
" ඕහ් හෝ... ඒක තාමත් වැඩ."
ඉතින් ජින් හෝසොක් කියාපු කාමරේ දිහාවට ඇවිදගෙන ගියේ ඇදවල් දෙක බලන්න හිතාගෙනයි. පඩිපෙල බැහැලා දකුනු අතට හැරෙද්දී තමයි ඒ ගබඩා කාමරේ එයාලට හම්බෙන්නේ.
" ආ මේහ්.. හොසොක් ඔයා මේ දොරේ යතුර කොහාටද දැම්මේ..."
" යතුරක්... ඒ මොකටද හෙයොන්.. ඕකට යතුරු නෑ.. නිකන් දොරක් තියෙන්නේ.. "
" හෝසොක් විහිලු නෙවෙයි යතුර කොහෙද දැම්මේ.. එක අගුලක්නම් කමක් නෑ අගුලු තුනක්ම.."
"......."
" හොසොකා... මොකද මේ... බයවෙලා වගේ බලන් ඉන්නේ..."
⏳
" හොසොකා..."
" හෙ..හෙයොන්... මට හොදට මතකයි.. මේ අගුලු.. මේ අගුලු එකක්වත් තිබ්බෙ නෑ... හෙයොන් මෙහෙම අගුලු මේ දොරේ තිබ්බෙ නෑ. මන් එද්දී මේක හොදටම ඇරලයි තිබ්බේ... අගුලු තියා මේක අරින්නවත් කෑල්ලක් දොරේ තිබ්බෙ නැ."
හොබී චකිතයෙන් දොර ලගට ඇදෙන ගමන් කිව්වා.
" අගුලුවල දූවිලිනම් නෑ.. කවුරු හරි මේක හෝසොක්ට පස්සෙ වහලා තියනවා මන් හිතන්නේ.."
නම්ජුන් ඇස් පුංචි කරන ගමන් ඇගුලු අත ගලා එහෙම කිව්වා. ඒත් එක්කම ජින් වට පිට බල බල
" ආහ් පොඩි තුන්දෙනා ගෙන් කවුරුහරි වෙන්න ඇති මේක අරින්න ඇත්තේ. ඉන්න බලන්න යතුරු ඇති මේ කොහෙ හරි.. හොදට බලන්න..."
හෝබී යටි තොල හපාගෙන තවමත් දොර දිහා බලාගෙන කල්පනා කරද්දී,
නම්ජින් දෙන්නා යතුරු හොයන්න පටන් ගත්තා.
ඔන්න ඔය අතරේ ජින් නම්ජුන්ගෙනු හොබීගෙනුයි ටිකක් ඈතට ගියා. ජින් දැක්කා එහා කොනට වෙන්න තවත් කාමරයක්.
"මෙතන ගබඩාකාමර දෙකක් තියෙනවා.."
ජින් මූන පැත්තට හරවන ගමන් ඒ දොර දිහා බැලුවා. හොබී කිව්වා වගේම ඒ දොරේ අගුලක් තියා අරින්න් අන්ඩක් තිබ්බෙත් නෑ.
ජින් ඒ කාමරේට හිමීට ඔලුව දාලා එබිකම් කරලා බැලුවා. කමරේ ඇතුලට ගිහින් බිත්තිය අතගාලා අතට අහු උනු සුවුච් එක ඔන් කලා. ඒ කමරේ බල්බ් එකත් හොදට වැඩ.
හොබී සමහරවිට මේ දොරයි අර දොරයි පටලව ගත්ත වෙන්නත් ඇති, කියලා ජින්ට හිතෙද්දිමයි ජින් දැක්කේ ඒ කමරේ ඇතුලේම අර හෝසොක් කිව්ව ඇදවල් දෙක තියනවා.
" මෙ තියෙන්නේ බූරෝහ් බඩු...... වෝහ්හ්... ලොකු ඇදවල් දෙකක්නේ...."
" ජි... ජි.. ජින් හෙයොන්... 😕 ඒක වෙන්න බෑ... මට.. මතකයිනේ... ඒවා තිබ්බේ මේ...."
" හෝසොකා ඔයාට වැරදෙන්න ඇති... හවස එද්දී ඔයා දකින්න ඇත්තේ ඒ කාමරේ වෙන්නැති.. යන් යන් පොඩි කොල්ලො ටිකට මහන්සිත් ඇති ඉක්මන්ට ඔය ටික ගෙනිහින් දාමූ... හෙට උදේට වැඩ ගොඩක් තියනව කරන්න.."
හෝබී කියන්නේ පොඩි දේත් හිතන කෙනෙක්. ඒ වගේම ඉක්මන්ට බයවෙන කෙනෙක්. හෝබීගේ හිතනම් කීවෙම මේ දොරම තමා එයා දවල් ඇරලා තියනවා දැක්කේ කියලයි. පටු පඩි පෙල ලගට ගිහින් බෙල්ල කරකො කරකො හොබී ආයිමත් කල්ප්නා කලා. හොබීටහිතුනෙම් ඔව් මේ ඒ දොරමයි කියලයි.
අගුලු දාලාවත් තිබුනු නැති දොර දැන් එද්දි අගුලු දාලා තිබුනා.
අන්තිමට හොබී අගුලු දාපු දොරෙන් ඇස් අහකට අරගත්තේ එයාගේ ඇස් රැවටිලා කියලා එයාටම කියාගෙනයි.
" හ්ම්... මට වැරදෙන්න ඇති...."
නම්ජුන්ගේ පස්සෙන් ජින් ඉන්න කාමරේට ගියපු හෝබී ඒ කමරේ දිහා හොදට බැලුවා. මේ ඒ කමරේ නෙවෙයි.. හෝබීට හොදට මතක තිබ්බා ඒ කමරේ මීට වඩා හුගාක් වෙනස් කියලා. හෝසොක් දවල් ආපු වෙලේ එයා දැකපු ඒ ගබඩා කාමරේට ඇතුල් උනෙ නෑ. කොරිඩෝවෙම ඉද්දී එයා කාමරේ ඇතුලේ තිබ්බ සමහරක් දේවල් එලියෙ ඉදන්ම දැක්කා. හැම දෙයක්ම වගේ හොදට සුදුරෙදිවලින් ඔතලා තිබ්බා.
ඒවත් හිත හිත හෝබී ජින්ටයි නම්ජුන්ටයි උදව් කරන්න හැරුනා. නම්ජුනුයි ජිනුයි ඇදවල් දෙක තිබ්බ තැන වටේටම තිබ්බ බඩු එහා මෙහා කර කර ඇද එලියට ගත්තා.
ටිකක්වෙලා යද්දී හෝබීගේ ඇස් වලට දැනුනෙම කවුරුම හරි අර අගුලු දාපු දොර ඉස්සරහා හිටගෙන, එයාට
හිනාවෙනව වගෙයි. හෝසොක් ඒ ක්ෂනික හැරිලා බැලුවා.
නෑ... එතන කවුරුත්ම නෑ..
හෝසොක් ඔලුව ටිකක් හොලවලා ඇස් දෙක ඇගිලිවලින් පිහිදාලා ආයිමත් ඒ දොර දිහා බැලුවා. හිත කලබලවෙලා.. හෝසොක් තනියෙම් හිතින් හිතාගගෙන ආයිමත් වැඩේට හිත යොමු කලා.
ඇස් කොනින් හෝසොක් දැක්කා අදුරු සෙවනැල්ලක් ඒක හෝසොක් දිහාවටම ඇදිලා එනවා... ලගටම... ලගටම...
හෝසොක් ගැස්සිලා වගේ ජින් දිහාවට පනින ගමන් ඒ දිහා බැලුවා..
" මොකද... උනේ... හොබියෝ..."
" අ... අ... මොකක් හරි ආවා මගේ මූනට... ආශ්... අනේ මන්ද... මට මොනා වෙලාද.."
හොබී හොද හුස්මක් අරගන්න ගමන් ජින්නම්ජුන් දෙන්නා දිහාවට හැරුනා.
" අද හොදටම මහන්සි දවසක්.. ඒකයි ඔය.. වැෆිය හිතන්නෙපා.. ඉක්මන්ට මේව අරගෙන යමු.. හොදට නිදගත්තම ඔක්කොම හරියයි.."
බඩු ඔක්කොම අයින් කරපු නම්ජුනයි ජිනුයි හෝසොකයි ඇදවල් දෙක හරො හරෝ හොදට බැලුවා. ඒවා කෑලි කීපයකට ගලෝලා ආයිමත් හයි කරන්න පුලුවන් විදිහටයි හදලා තිබුනේ. කබඩ් එකක් උඩ දුවිලි ගොඩක තිබ්බ ආයුධ පෙට්ටියක් ජින් හොයාගත්තේ බඩු අදින වෙලාවෙමයි. ඒකෙම තිබිලා ඇද ගලවන්න පුලුවන් යතුරුවගයක් ජින්ට හම්බුනා. යතුරුවල උදව්වෙන් ඇන ටික ගලව ගත්තු තුන් දෙනා ඇදවල් දෙකේ ලෑලී කෑලි ටික උස්සගෙන කාමරෙන් පිට උනා.
අන්තිමට එලියට ආවෙ හෝසොක්.
ලෑලී නිසා හෝසොක්ට හරියට බිම පෙනුනෙත් නෑ. එලියට යද්දිම හෝසොක්ගේ කකුලේ ආයුද පෙට්ටිය වැදිලා ආයුද කීපයක් කබඩ් එකක් අස්සට විසික් වෙලා ගියා. ඒ ඩින්ගට නම්ජුන් බඩු ටිකත් උස්සගෙන උඩට ගිහිල්ලත් ඉවරයි. ආයුද හතර වටේ විසිවෙලා යන සද්දේ ඇහුනු පාර ජින් නැවතිලා හෝසොක් දිහා හැරිලා බලුවා.
" ඕහ්.. අවුලක් නෑ ජින්යොන්.. මන් එන්නම් හෙයොන් යන්න..."
හෝසොක් ඇදන් ලී ටික බිමින් තියන ගමන් ජින්ට යන්න කියලා අත වැනුවා.
ජින් ලී ටිකත් උස්සගෙන ඉතින් යන්න ගියා හොබීට එන්න කියාගෙන.
හෝසොක් කබඩ් එක යටට නැවිලා අයුද එකින් එක අත දාලා ගත්තා. කබඩ් එක යටට කිසිම එලියක් තිබුනෙ නැති නිසා මොකුත්ම පෙනුනෙත් නැ. කෝම හරි හෝසොක්ට පුලුවන් උනා එලියක් නැතුවම ආයුද පෙට්ටියේ බඩු කීපයක්ම හොයාගන්න.
"18ටේ යතුරක් අඩුයි. කොහෙද ඒක... මෙතනටනෙ ඔක්කොම වැටුනේ.. අම්... "
කබඩ් එක යට දූවිලි තට්ටුව ඇවිස්සුවත් ඒ යතුරනම් හොයාගන්න හෝසොක්ට බැරි උනා. හෝසොක් දත්මිටිකාගෙන කබඩ් එක යටටම අත දැම්මා. සීතල දෙූයක් ඇගිලි තුඩු වල ගෑවුනු පාර හොදටම ගැස්සුනු හෝසොක් ඉක්මන්ට අත එලියට ගත්තා.
" ඊව්... 😬"
ඒපාරේ අතේ කුනු ලේ වගේ මොනාදෝ ගෑවිලා තිබුනා. සතෙක් මැරිලද කොහෙද.. හෝසොක් මල අප්පිරියාවෙන් හිට ගත්තා.
යතුර හොයාගන්නම නැති තැන ඒ වැඩෙත් දමලා ගැහුව හෝසොක් ඇදන් ලී ටික උස්සගෙන කාමරෙන් එලියට ආවා.
" මොමොකක්..... මෙ. ක කොහොමද..."
18 ටේ යතුර... ඒක හම්බුනා. ඒත් හිතාගන්නවත් බැරි තැනකින්.
ඒක තිබුනේ අගුලු දාපු දොර ඉස්සරහා. කොහොමද ඒක උනේ. මෙච්චර දුරකට ඒක එන්නේ කොහොමද.
___________________________________
ඔන්න ගෙනාවා හොලමන් ස්ටෝරීඑක.
මේකශිප් ස්ටෝරි එකක්නම් නෙවෙයි. නෝමල් ස්ටෝරී එකක්..❤️
ලොකූවට ඇදෙන්නේ නෑ..🙂
චැප්ටර්ස් 5ක් වගේ 👉👈
දන්නෑ කොහොමද කියලනම්.. කියවලම බලන්න... 🙂💔
බය හිතෙනෝද දල්ලෑ 🎈
Enjoy 🤗
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top