22.Endless Love ❤️

අවසාන කොටස

Minhee pov

සතියකට පස්සේ අපි හැමෝම යුනී ආවා හැමෝම කිව්වාට ජීහි ස්කූල් ගියා හැමෝම සතුටින් ජින්ගේ ඔම්මාගේ මරනයට වග කියන්න ඕන සේහුන්ගේ අප්පා කියලා හොයාගත්තා සේහුන්ගේ අප්පාට ජීවිතාන්තය දක්වාම සිර දඩුවම් හැබැයි ජින්ට නම් ඒක මදි එයාට ඕන වුනේ සේහුන්ගේ අප්පා ඉවරයක් කරන්න මම කොහොමහරි තේරුම් කරලා තියාගත්තේ නැත්නම් අනිවාර්යයෙන් ජේල් එකට ගිහින් හරි සේහුන්ගේ අප්පා මරලා නවතින්නේ අපි cafeteria එකට වෙලා කයියක් ගහගෙන ඉන්නකොට ලස්සන කොල්ලෙක් ආවා මම නිකමට වගේ සෝහි දිහා බැලුවා ඒකි ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් දැක්කා වගේ වගේ බලාගෙන ඉන්නවා යුන්මි කොෆි එක කටේ ගහගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා

(සෝහි කෙල හලන කොල්ලා 🌝
ලස්සනයි නේහ් )

" එයා ලස්සනයි වැඩියි බන් "

යුන්මි කිව්වා

" සිරාවට බන් බලපන්කෝ ඒ සූටි ඇස් "

සෝහි හීනෙන් වගේ කියවනවා මම හිතුවා ටේහ්යුන් එක්ක සෙට් වුනු නිසා පැනි හලන එක නවත්තලා ඇති කියලා මම හිතපු දේ වැරැදියි කියලා දැන් ඔප්පු වුනා මොනා වුනත් කොල්ලා ලස්සනයි හිත ඇදිලා යන පෙනුමක් තියෙන්නේ

" සෝහි කට වහගනින් බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් නවතින්නේ ආමාශගත වෙලා තමයි "

මම කිව්වේ අර කොල්ලා ගිලින්න වගේ බලාගෙන ඉන්න සෝහිට

" යේ... ඔහොම බලාගෙන ඉන්න එපා යකෝ "

යුන්මි කිව්වා එතකොට වගේ ජින් වගේම අනිත් අයත් cafeteria එකට ආවා මෙච්චර වෙලා කොල්ලා දිහා බලාගෙන හිටපු යුන්මිට කොෆි එක හිර වුනා සෝහි නම් තාම අර කොල්ලාගේ සිහියෙන් මම ජින් දිහා බලනකොට මේ මනුස්පයා මට රවනවා මොකද්ද යකෝ මම කරපු වැරැද්ද යුන්මි නම් ෆෝන් එක දිහා බලාගෙන ලොකු වැඩක්

" ඕයි....... "

මම සෝහිට ඇගිල්ලෙන් ඇන්නා

" ඉන්න දීපන් බන් "

මේකි නම් අද මදි නොකියන්න කනවා ඔව් ඔව් මට මේ අවස්‍ථාවේ දී පෙනී යනවා ටේහ්යුන් මේ පැත්තට එනවා ටේහ්යුන් ඇවිත් සෝහිගේ ඉස්සරහින් හිටගත්තා

" යාහ්හ් කවුද යකෝ මගේ දර්ශනය පථය හරස් කරපු ඊජිප්තු උගුඩුවා "

සෝහි එහෙම කියලා බලනකොට තමයි දැක්කේ ඒ ටේහ්යුන් කියලා

" හුටා.... "

සෝහිට කියවුනා මටයි යුන්මිටයි හිනා ගියා සෝහිගේ මූන තැලිලා පොඩි වෙලා හරියට තැලිච්ච සැමන් ටින් එකක් වගේ 😂

" තමුසේ එනවා මාත් එක්ක යන්න "

ටේහ්යුන් එහෙම කියලා සෝහිගේ අතින් අල්ලලා හැමෝගෙම ඉස්සරහ ඇදගෙන ගියා ටේහ්යුන්ට පැනි හලන කෙල්ලෝ ටිකගේ ඇස් වල කටු අනිනවා වගේ ඇති

" සෝහි ආපහු කකුල් දෙකෙන් ආවොත් ලොකු දෙයක් බන් "

යුන්මි හිනා වෙවී කිව්වා

" ඒ ඔව් බන් ඕකි හොද වැඩේ හැබැයි "

අපි දෙන්නා එහෙම කියලා හිනා වුනා ඒත් අපේ හිනාව නැවතුනේ අපේ ඉස්සරහ ඇවිත් වාඩිවුනු ජින් නිසා

" යුන්මි ලෙක්චර් හෝල් එකට යන්න මම ටිකකින් මින්හී එවන්නම් "

ජින් එහෙම කිව්වාම මම අසරණ බැල්ලමක් යුන්මිට දැම්මේ දාලා යන්න එපා කියන්න ඒත් මේකි මට හිනා වෙලා ගියා cafeteria එකෙන් එලියට යුන්මි යනකම් මම බලාගෙන හිටියා මේකි එක පාරක් මගේ දිහා හැරිලා බැලුවේ නැ කුහකි.. මම ජින් දිහා බලනකොට මගේ ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්නවා එහෙම බලාගෙන ඉදිද්දී මට දැනුනේ ලොකු අපහසුතාවයක්

" දැන් අරූ දිහා බලාගෙන හිටියේ මොකද "

ඒ කියන්නේ මම ඒකා දිහා බලනවා දැකලා

" අහ් මේ.. මේ.. ජිනී.. "

" මොකද ගොතගහන්නේ ආ හරියට කතා කරනවා "

" හී.. ජිනී... මේ එයා හැන්සම් නේ ඉතින් නිකන් බැලුනා "

මම අහිංසක විදියට හිනා වෙලා කිව්වා ඒත් ජින්ගේ මූනේ නම් වෙනසක් වුනේ නැ තාම රවාගෙන බලාගෙන ඉන්නවා

" එතකොට ඌ මට වඩා හැන්සම් ද "

(Author : WWH අහන ප්‍රශ්න )

ජින් අත මිටමොලවගෙන ඇහුවා

" අහ් අනී... "

ජින් ඔහොම හැසිරෙනකොට තමයි බය හිතෙන්නේ

" එහෙනම් ඌ දිහා බලාගෙන ඉන්නේ මොකටද ආ "

මට කියන්න දේවල් නැ ඉතින් මම කටවහගෙන හිටියා මෙයාට ජෙලස් වගේ එහෙම හිතනකොට මට හිනා ගියා

" තමුසේ හිනා වෙන්නේ මට ද "

ජින් ඇහි බමකුත් උස්සගෙන ඇහුවා මම නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා කට කොනින් හිනා වෙච්ච ජින් නැගිටලා ඇවිත් හැමෝගෙම ඉස්සරහ මගේ තොල් අල්ලාගත්තේ මම අයිති එයාට විතරයි කියන්න වගේ මගේ උඩු තොල යටි තොල මාරුවෙන් මාරුවට කිස් කරපු ජින් ටිකකින් මගේ තොල් වලින් ඈත් වුනා

" වෙන කොල්ලෝ දිහා ඔය ඇස් වලින් බලන්න එපා මට ඉරිසියායි "

ජින්ගේ තොල් මගේ කන් පෙත්තේ ගෑවි නොගෑවී කතා කරනකොට මගේ කශේරුව දිගේ කරන්ට් එකක් ගියා වගේ ජින් මගේ ඔලුවට තට්ටුවක් දාලා හිනා වෙලා ගියා

පිස්සු කොල්ලා

මම එහෙම හිතලා ලෙක්චර් හෝල් එක පැත්තට ගියා
_______________________________

Sohi pov

මේ දවස්වල මගේ කරුමේ පල දෙනවාද කොහෙද ඇයි යකෝ ඒ වෙලාවේ ටේහ්යුන් එතැනට කඩාගෙන පහත් වුනේ මම පව් නැද්ද දෙවියනේ මේ අහිංසක මගේ දුක දැකලා සක්‍රයාගේ පඩුපුල් ආසනේ උනු වෙලා පශ්චාත් භාගේ රත් වෙන්නේ නැද්ද හුවෑව්.....

ටේහ්යුන් නිකන් වලිගේ ගිනි ගත්ත හනුමන්තා වගේ මාවත් ඇදගෙන කොහේ යනවද මන්දා ඕක දැන් අහන්න ගියොත් මට මෙතනම කන පැලෙන්න ගහයි අහෝ දුකකි ඉරකි තිතකි

ටේහ්යුන් මාව ඇදගෙන ඇවිත් බිත්තියකට හේත්තු කලා ඒ පැත්තේ මනුස්සයෙක් තියා බල්ලෙක්වත් නැ පට්ට පාලු තැනක් මින්හී යුන්මි මාව බේරගනින්කෝ මගේ පාප මිත්‍රයෝ දෙන්නා කෝ තොපි මගේ හිත කෑගහනවා කොච්චර හිත කෑගැහුවත් උන් දෙන්නා එන්නේ නැ කියලා මම දන්නවා

ටේහ්යුන් මගේ දෙපැත්තෙන් අත් දෙක තියලා මගේ මූනට එබුනා උප්ස් මම අර ගස් හිපාටුවෙකුට ද යකෝ පැනි හැලුවේ ඊට වඩා මගේ කොල්ලා කොච්චර ලස්සන ද ගැම්මෙන් ඉන්න ඕන එයාගේ ඇස් දිලිසෙනවා ඒ තොල් අව්ස් හපන්න හිතෙනවා අෆ්ෆා අනේ මගේ සූටි හිත එක්ක බැ නේ ඉතින් කරන්න

" තමුසේ අරු දිහා බලාගෙන භාවනා කලා ද ආ "

" අහ් අනී.. "

" එහෙනම් තමුසේ මොකද්ද ඌ දිහා බලාගෙන කලේ "

(Author : ටේ ඔප්පේ සෝහි ඌ හනිමූන් යන්නත් හිතින් ප්ලෑන් ගහලා ඉවරයි

Sohi : අහිංසක කුරුලු කූඩුවලට ගල් ගහන්න එපා ඕතරී

Tae : එතකොට ඒකත් එහෙමයි නේ

Author : ඒක නේ ටේ ඔප්පේ

Sohi : කට වහපන් ඕතරි

Author : ඇත්ත කියනකොට හැමෝටම රිදෙනවා තමයි නැද්ද ටේ ඔප්පේ

Tae : ඒක තමයි ඕතරී කියන්නේ

Author : ඔප්පේ අහිතක් හිතන්න එපා හී සෝහි වෙන එකෙක් සෙට් කරගත්ත එකේ අපි දෙන්නා සෙට් වෙමු ද හී

Sohi : මොකද්ද තෝ කිව්වේ ආ මම තොට ගෑස් සිලින්ඩරයකින් ගහන්නේ මේක ඕතර් කියලා මට අමතක කරන්න වෙනවා ඈ

Tae : ඕවාට බය වෙන්න එපා ඕතරී මම ඉන්නෝ ඔයා එක්ක

Author : ගැම්මෙන් ඉන්න ඕන

Sohi : ඕතරී තමුසේ මරනවා )

" හී දන්නේ නැද්ද ඉතින් "

මම අහිංසක විදියට හිනා වෙලා කිව්වා

" මම තමුසේ ගැන හොදට දන්නවා "

උප්ස් මගේ ගැන හොදට දන්නවා ලු මොනාද දන්නේ නැ දන්නේ

" මොනාද මං ගැන දන්නේ "

" තමුසෙට පැනි හැලීම පිලිබද degree තියෙනවා කියලා "

WTF !! යකෝ මගේ මූනට එහෙම කියන එක හරි ද් මං අහ්න්නේ මම රැව්වා

" මොකද රවන්නේ මම ඔය රැවිලි වලට බය වෙන්නේ නැ "

" කවුද කිව්වේ බය වෙන්නේ කියලා ආ '

මම එහෙම කියලා ටේහ්යුන්ව ඈත් කරන්න හැදුවත් බැ

" ඇත්ත කිව්වාම තරහ ගියා නේ "

" යේ මට තරහ ගියා දැන් මට යන්න දෙනවාද "

අයිෂ් මොන මගුලකට ද කදුලු එන්නේ නෝ මට අඩන්න බැ නවතිනවකෝ ඕන වෙලාවට ඇඩෙන්නේ නැ ඕන නැති වෙලාවට ඇඩෙනවා සෙද්ද

" ඒ සෝහි අඩනවා ද් "

ටේහ්යුන් මගේ ඇහුවා

" අනී මට යන්න දෙන්න "

මම ටේගෙන් මූන හංගන ගමන් කිව්වා ටේ මගේ මූන එයාගේ පැත්තට හරවගෙන කදුලු පිහිදුවා

" මියානේ සෝහියා දැන් අඩන්න එපා "

" යනවා යන්න මාත් එක්ක කතා කරන්න ඕන නැ මම ගිහින් වෙන කොල්ලෙක් හොයාගන්නම් තමුසෙටත් ඕන තරම් කෙල්ලෝ ඉන්නේ "

මූට මාව විහිලුවක් ද හිනා වෙන්නේ

" මට ඕන මේ කෙල්ල විතරයි "

ටේහ්යුන් එහෙම කියලා මාව බදාගත්තා මම දැගලුවත් එයාගේ අත් වලින් බේරෙන්න බැරි වුනා මම ඉතින් එහෙම්ම හිටියා

" හරි දැන් ඔය කදුලු පිහිදගන්න මම ආපහු එහෙම කතාවක් කියන්නේ නැ "

' කිව්වොත් මරනවා "

ටේහ්යුන් හිනා වෙලා මගේ නලලට කිස් එකක් දුන්නා ..

" දැන් යන්න ලෙක්චර් නේ ද "

මම ඔව් කියන්න ඔලුව වනලා ටික දුරක් ගිහින් ආපහු හැරිලා ඇවිත් ටේගේ කම්බුලට කිස් එකක් දීලා දුවලා ගියා

___________________________________

Yunmi pov

ජින් ඔප්පා යන්න කිව්ව නිසා මම වැනි වැනි ලෙක්චර් හෝල් එකට ගියා කම්මැලියි අප්පා සෝහිත් නැ නේ මම යනකොට කෙල්ලෝ සෙට් එකක් හිටියා මම උන්ව ගනන් නොගෙන ගිහින් පිටිපස්සේ කොනකින් ගිහින් වාඩිවුනා

තනියෙන් ඉන්න එකත් මාර කම්මැලි වැඩක් අප්පා මම නින්දක් දානවා කියලා හිතාගෙන බෑග් එකත් තුරුල් කරගෙන ඩෙස් එකට ඔලුව තියාගත්තා ටිකකින් කවුරුහරි මගේ ලග් වාඩිවෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා දැනෙද්දී මම ඇස් ඇරලා බැලුවා

මොකක් මෙයා මොකද මෙතන කරන්නේ යුනි එකේදී මාව නොදන්නා ගානට හැසිරෙන කෙනා අද මගේ ලග වාඩිවෙලා මොන වෙඩිමක් ද කරන්නේ ඇවිල්ලා නම් තියෙන්නේ හොදකට නෙවෙයි

" මොකද ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ "

ඇස් හීනි කරගෙන මගේ දිහා බලාගෙන ඉන්න පූස් තඩියාගෙන් මම ඇහුවේ ඒ බැල්ලම 0.1334444786482134 ඇල්ලුවේ නැති නිසා

" මෙහෙම බලන්නේ නැතුව කොහොම බලන්න කියලා ද කියන්නේ "

අයිෂ් මේ පූස් තඩියා අර කෙල්ලෝ ටික පිටසක්වලයෙක් දිහා බලන්න වගේ බලාගෙන ඉන්නවා

" අයිෂ් ඕන විදියකට බලාගන්නවා "

මම එහෙම කියලා අනිත් පැත්ත බලාගත්තා

" මොකද්ද එදා ජීහි එක්ක කිව්වේ ම්ම් මට බය නැ කිව්වේ "

මොකාක්......... ඒක තාම මතක තියාගෙන ඉන්නවා ද මම හිතුවේ අමතක කරලා කියලා මේ සතියෙම කලේ මම යුන්ගියා මග හැරිලා හිටියේ දැන් අතේ මාට්ටු

" මො.. මොකද්ද මට මතක නැ "

" ඇත්තටම මතක නැද්ද මතක නැ වගේ රගපානවා ද "..

එහෙම කියාගෙන මගේ ලගට කිට්ටු වුනා මම බිත්තියට හේත්තු වෙලා යුන්ගියා දිහා බලාගෙන හිටියේ මේ වගේ අවස්ථාවකදී මට වාෂ්ප වෙන්න පුලුවන් ක්‍රම මොනාද කියලා හිතන ගමන්

" මම මොකටද රගපාන්නේ මට එහෙම දෙයක් මතක නැ "

මම කිව්වා

" මම මතක් කරලා දෙන්න ද "

යුන්ගි එහෙම කියන ගමන් කට කොනින් හිනා වෙන ගමන් මගේ ලගට ආවා දැන් යුන්ගියායි මගෙයි අතරේ සෙන්ටිමීටරයක් නෙවෙයි මිලිමීටරයක් තරම්වත් දුරක් නැ යුන්ගියාගේ හුස්ම මගේ මූනේ වදිනවා යුන්මි කතා කරපිය නැත්නම් මේ පූසා මොනා කරයිද දන්නේ නැ

" හ්..හරි මට මතකයි එහාට වෙන්නකෝ.. "

" බැ "

එහෙම කියලා මගේ තොල් යුන්ගියාගේ පූස් තොල් වලින් අල්ලගත්තේ මට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර මම මේ පූස් තඩියාව කොච්චර ඈත් කරන්න ට්‍රයි කලත් මේකා ඈත් කරන්න බැරි වුනා මම එයාගේ හාදුවට react නොකරපු නිසා ද කොහෙද මගේ තොල හැපුවා ඒක නම් රිදුනා ටිකකින් හුස්ම ගන්න අමාරු වුනු නිසා මගේ තොල් වලින් ඈත් වුනා

" මොකද්ද වෙලා තියෙන්නේ තමුසෙට "

යකෝ ඒක හරි නම් මම අහන්න ඕන

" මට මුකුත් වෙලා නැ "

" මට ඒක පේනවා අරු දිහා බලාගෙන හිටපු ලස්සන ජීවිතේට කොල්ලෙක් දැකලා නැ වගේ "

අඩේහ් ඒක ද මේ කලින් දැනුවත් කරන්න එපැයි ඉතින්

" හි මට ඉන්නේ පූස් කොල්ලෙක් නේ ඉතින් මම නිකමට බැලුවේ ඉතින් "

" තමුසෙට මම....... "

" හරි හරි ගහන්න එපා කවුරු දිහා බැලුවත් මම ආදරේ මේ පූසාට නේ "

ස්මූත් ලයික් බටර් කියලා පූසාට බටර් පාරක් ගෑවා

" තමුසෙගේ බටර් වලට මම අහුවෙන්නේ නැ "

" බටර් හරි මොනාහරි මම කිව්වේ ඇත්ත නේ "

" මොකද්ද ඇත්ත "

" මම ආදරේ මගේ පූසාට නේ "

මම කිව්වාම යුන්ගි හිනා වුනා අම්බෝ ඒ හිනාව මම පිස්සෙක් අෆ්ෆා මම එයා එහෙම හිනා වෙනවා දැක්කාමයි

(හනෙව් ඒ හිනාව ඕතර් පිස්සෙක් අෆ්ෆා 🙂)

" අනේ කියුට් පූසා කිස් එකක් දෙන්න හිතෙනවා "

" මොකද්ද "

හුටා මම ඒක කියලා නේද සැක් මගේ කටට බ්‍රේක් නැ නේ ඉතින්

" මුකුත් නැ "

" යාහ්හ්හ් මේක යුනි එක තොපිට ලව් කරන්න ඕන නම් පාක් එකට පල "

මින්හී ඇවිත් කිව්වා හම්මේ උබ නම් මින්හී දෙවියෙක් නෙවෙයි දේවාලයක් උබ ආවේ නැත්නම් මම ඉවරයි

" පස්සේ අල්ලාගන්නම් "

යුන්ගියා මගේ කනට කරලා කියලා ගියා ඒක නම් මට ඇල්ලුවේ නැ

" අව්ස් කෙල්ලගේ තොල පූසෙක් හපලා වගේ "

මින්හී හිනා වෙවී කිව්වා

" අයිෂ් කට වහගනින් "

මම මින්හීට බැනලා තොල අතින් වහගත්තේ සෝහි දැක්කොත් මම ඉවර නිසා ටිකකින් සෝහි ආවා ඒකි මගේ අත අයින් කලා මම ඉවරයි ඉතින් අද දවසෙම මුන් දෙන්නාගේ කුනු කතා අහගෙන හිටියා අර පූස් නාම්බා නිසා තමයි ඔක්කොම සෙද්ද

___________________________________

After 06 years

Author pov

ජින් මින්හී මැරි කරලා අවුරුදු 04 ක චූටි කෙලි පැටියෙක් ඉන්නවා චූටි කෙල්ලගේ නම සෝයූනා ජින් අප්පාගේ කම්පැනි එකේ වැඩ කරනවා මාෆියා අතහැරියෙත් නැ ඒත් ඉස්සර වගේම නැ ජින්ගේ වැඩේ තමයි දැන් මින්හීට කරදර කරන එක තව බබෙක් ඉල්ලලා මින්හී නම් එක බබෙක්ගෙන් සෑහීමකට පත් වෙලා ඉන්නේ

ටේහ්යුන් සෝහි දෙන්නාත් මැරි කලා ඒ දෙන්නාට අවුරුදු 02 චූටි පුතෙක් ඉන්නවා ටේහ්යුන් ජින් එක්ක එකතු වෙලා කම්පැනි එක බලාගන්නවා චූටි කොල්ලාගේ නම ජීහුන් කොල්ලා ටේහ්යුන් වගේමයි පෙනුම ටේහ්යුන්ගේ වගේම ගතිගුණත් ටේහ්යුන්ගේ වගේ වුනා නම් හොදයි කියලා ජීහී කිව්වා සෝහි වගේ උනොත් වසලා හමාරයි කියලා දන්න නිසා

ජන්කූක් ජීහිට prepose කරන්න ගිහින් කොහු පාරක් නොකාපු එක විතරයි කොහොමහරි කොල්ලා දන්න 128 මායම් දාලා ජීහිට prepose කලා දැන් ජන්කූක් ජීහි දෙන්නා engaged වෙලා ඉන්නේ ජන්කූක්ට හදිස්සියි මැරි කරන්න ඒ වුනාට ජීහි කැමති නැ දැන්ම මැරි කරන්න

යුන්ගි යුන්මි දෙන්නාත් මැරි කලා යුන්ගි NIS එකේ වැඩ හින්දා යුන්මි එක්ක එකට ඉන්න වෙලාවල් අඩුයි සමහර දවස්වලට යුන්ගි ගෙදර එන්නෙත් නැ මේ හින්දා යුන්මි දුකින් හිටියත් ඒක පෙන්නුවේ නැ යුන්මි නම්ජූන් එක්ක එකතු වෙලා කම්පැනි එකේ වැඩ බලාගෙන ඉන්නවා

නම්ජූන් රෝස් දෙන්නත් මැරි කලා රෝස් දැන් ඩොක්ටර් කෙනෙක් වගේම මාස හතක ගැබිනියක් නම්ජූන්ගේ වැඩ තමයි ඉතින් නම්ජූන් නැති වෙලාවට රෝස්ගේ තනියට ඉන්නේ යුන්මි ජීහි දෙන්නා තමයි මින්හී සෝහි දෙන්නත් එයාලගේ පොඩ්ඩෝ එක්ක ඇවිල්ලා යනවා

හොබී ඩාන්සින් පැත්තෙන් ඉස්සරහට ගියා දැන් එයාව නොදන්න කෙනෙක් නැ ගොඩක් අය එයාව දන්නේ J Hope කියලා තමයි හොබී තාම මැරි කරලා නැ ඒත් යොජාචිංගු කෙනෙක් ඉන්නවා එයාගේ නම සෙමී එයා නම් සාමාන්‍ය කෙල්ලෙක්

ජිමින් ගැන කිව්වොත් කොල්ලා කෙල්ලට කැමතියි ඒත් prepose කලේ නැ කොල්ලා ඒක හිතේ තියාගෙන ඉන්නවා ඒ කෙල්ල තමයි ජීහීගේ යාලුවා මිසෝ ජන්කූක් එක්ක ජීහි හම්බවෙන්න ගිහින් තමයි ජිමින්ට මීසෝ හම්බවෙන්නේ

(ජින්ගෙයි මින්හීගෙයි සූටි කෙල්ල සෝයූනා )


(ටේහ්යුන්ගෙයි සෝහිගෙයි සූටි කොල්ලා ජීහුන් )

" ජිනී....... මොනාද ඔය කරන්නේ "

Living room එකේ බිම ඉදගෙන සූටි කෙල්ල එක්ක සෙල්ලම් කරනවා ජින්ගෙන් ප්‍රතිචාරයක් නොමැත තැන මින්හී හැන්දත් උස්සගෙන living room එකට ආවා

" යාහ්හ් ජිනී තාම සෙල්ලම් කරනවද ආ ඔයත් හරියට පොඩි ලමයෙක් වගේ ගිහින් වොෂ් එකක් දාගෙන රෙඩි වෙලා එන්න සෝ යන්න අප්පා එක්ක "

" අප්පා ඔම්මා ඇයි කොයිවෙලෙත් තලහ ගන්නේ "

පොඩි කෙල්ල ජින්ගෙන් ඇහුවා ජින් හිනා වෙලා මින්හී දිහා බැලුවා

" මගෙන් ගුටි නොකා යනවා දෙන්නාම "

" අප්පා ඔම්මා හලි නලකයි අපි දෙන්නාත කොයිවෙලෙත් බනිනවා මත ඔම්මා එක්ක තලහයි ඔම්මා අපිත ආදලේ නැ "

සූටි කෙල්ල අත් දෙකත් බැදගෙන කිව්වා

" අප්පාගේ ෆොටෝ කොපියක් ද කොහෙද "

මින්හී එහෙම කියාගෙන ගිහින් සූටි කෙල්ල ලගට පහත් වුනා

" අනේ පැටියෝ ඔම්මා මගේ පැටියාට ගොඩක් ආදරෙයි ඔම්මා කියන දේ අහන්නේ නැති නිසා නේ බනින්නේ කෝ ඉතින් ඔම්මා දිහා බලන්නකෝ "

සූටි කෙල්ල මින්හී දිහා බැලුවේ නැ ජින් නම් කට වහගෙන බලාගෙන ඉන්නවා

" හරි ඔම්මා එක්ක යාලු වෙන්න මොනාද ඕන "

" ඔම්මා මත ඉල්ලන ඕනිම දෙයක් දෙනෝ ද "

සූටි කෙල්ල මින්හී දිහාට හැරිලා ඇහුවා මින්හීත් ටිකක් කල්පනා කරලා හා කිව්වා

" මත සෙල්ලම් කලන්න මල්ලි බබෙක් ඕන "

මින්හී කෙලින්ම බැලුවේ ජින් දිහා ජින් නම් මුකුත් නොදන්නවා වගේ ඉන්නවා හැබැයි මින්හී නම් දන්නවා මේක ජින්ගේ වැඩක් කියලා

" ඔම්මා අලේ කියන්නකෝ "

" කෝ යන්න ගිහින් වොෂ් එකක් දාගන්න ඔම්මා එනකම් "

" ඔම්මා හා කියලා නේ කිව්වේ
ඔම්මා මත සෙල්ලම් කලන්න මල්ලියෙක් ගේනවා කිව්වා "

සූටි කෙල්ල උඩ පැන පැන ගියා කෙල්ල ගියාට පස්සේ මින්හී ජින්ගේ දිහාට හැරුනා

" මේක ඔයාගේ වැඩක් නේද ජින් ආ පොඩි කෙල්ලට ඕවා කියන්නේ "

" අනී මින්හියා මම මුකුත් කිව්වේ නැ සෝ හිතලා කියන්න ඇත්තේ එයාටත් සෙල්ලම් කරන්න කවුරුහරි ඕන නේ "

ජින් හිනා වෙලා කිව්වා

" අනේ ජින් මම ඔයා ගැන හොදට දන්නවා ඔයාට ඕන දේ මොන ක්‍රමේකින් හරි කරගන්නවා සෝත් ඒ වගේමයි ඇරපු අතක් නැ "

මින්හී කිව්වා ජින් හොර පූසා වගේ මින්හීව බැක් ගහ් කලා

" ඉතින් ඔයා මගේ හැටි දන්නවා නම් සෝට කියන්නේ නැ නේ ඉතින් "

ජින් මින්හීගේ උරහිස උඩින් නිකට තියාගෙන කිව්වා

" අන්න කටින්ම පැන්නා මම කිව්වා නේ කලින්ම "

මින්හී ජින්ගේ පැත්තට හැරිලා කිව්වා

" අප්පා...... "

ජින් මුකුත් කියන්න කලින් සෝයූනා කෑගැහුවා

" යන්න යන්න අන්න ඔයාට කතා කරනවා "

මින්හී කිව්වා

" සෝටත් අප්පාව මතක් වෙන්නේ ඔම්මාට පොඩ්ඩක් ලං වුනාම තමයි "

ජින් මුමුනන ගමන් ගියා මින්හීත් හිනා වෙලා කිචන් එකට ගියා ඔන්න අද තමයි කාලෙකට පස්සේ කට්ටිය එකතු වෙන්නේ

" යුන්මියා.......... "

යුන්මි ඇතුලට එනකොට සෝහි කෑගහගෙන ගියා

" අඩේහ් සෝහියා උබ ලස්සන වෙලා "

යුන්මි කිව්වා

" යාහ්හ්හ් විනීතව හැසිරියන් පොඩි ලමයි ඉන්නවා "

මින්හී කෑගැහුවා

" ඔම්මා අපිත විතලක් නෙවෙයි නේ අප්පා යුන්මි ආන්ටිත් බනිනවා නේ "

සෝ කිව්වා

" ඒක නේ පැටියෝ කියන්නේ ඔයාගේ ඔම්මා හරි නපුරුයි අෆ්ෆා "

යුන්මි එහෙම කියලා වාඩිවෙලා සෝව උකුලට ගත්තා

" යුන්මියා කෝ යුන්ගි "

නම්ජූන් යුන්මිගෙන් ඇහුවා කෙල්ලගේ මූන වෙනස් වෙන්න ගියේ තත්පර ගානයි

" අහ්.. එයාට එන්න පරක්කු වෙනවා කිව්වා "

යුන්මි හිනා වෙලා කිව්වත් යුන්මි ඉන්නේ දුකින් ඉන්නේ කියලා අනිත් අයට තේරුනා

" ජීහී තවුසෙට මාව මතක ද කියපිය "

සෝහි ඇහුවා

" යාහ්හ් තොපි එක්ක බැ යකෝ මේක කරන්න "

මින්හී කිව්වා

"ඇයි ඔන්නි අපි එක්ක බැරි "

මීසෝ ඇහුවා

" පේන් නැද්ද පොඩි ලමයි ඉස්සරහ තියාගෙන මුන් හැසිරෙන විදිය "

මින්හී කිව්වා

" හී මියානේ නිකන්ම කියවෙනවා "

සෝහි දත් තිස්දෙකම එලියට දාලා කිව්වා යුන්මි මීසෝ එක්ක එකතු වෙලා පොඩි දෙන්නා හුරතල් කරනවා

" උබ කවද්ද අර කෙල්ලට හිතේ තියෙන දේ කියන්නේ "

ටේහ්යුන් ඇහුවේ ජිමින්ගෙන්

" මොන කෙල්ල ද බන් "

ජිමින් ඇහුවා

" යකෝ උබට කෙල්ලෝ දාහක් ඉන්නවා ද ඉස්සර නම් හිටියා දැන් ඉන්නේ එක් කෙනායි නේ "

ජන්කූක් කිව්වා

" ඒක නේ බන් "

හොබි කිව්වා

" දැන් මම කියලා පෙන්නන්න ද "

ජිමින් එහෙම ගිහින් පොඩි ලමයි දෙන්නා එක්ක සෙල්ලම් කර කර හිටිය මීසෝගේ අතින් ඇදලා නැගිට්ටුවා

" ජිමින් ඔප්පා මොකද මේ "

ඔක්කොම දැන් රොමෑන්ටික් ෆිල්ම් එකක් බලන්න ලෑස්තිය

" මීසෝ මට කියන්න දෙයක් තියෙනවා මම මේක කියන්න ගොඩක් කල් ඉදලා බලාගෙන හිටියේ "

මීසෝ නම් වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඇස් දෙක බෝල කරගෙන බලාගෙන ඉන්නවා

" ඔප්පා මොකද්ද කියන්න හදන්නේ "

" මම මේක ගොඩක් අවස්ථාවල කියන්න උත්සාහ කලා ඒත් කියන්න බැරි උනා මම හිතන්නේ දැන් තමයි හොදම වෙලාව මේක කියන්න "

ජිමින් එහෙම කියලා මීසෝගේ අත් දෙකින් අල්ලාගත්තා

" සරන්හේ මීසෝ "

ජිමින් මීසෝගේ ඇස් දෙක බලාගෙන කිව්වා මීසෝට තාම වෙච්ච හිතාගන්න බැරුව ඉන්නේ

" යාහ්හ් මීසෝ ඔහොම බලන්න එපා සරන්හේ කියලා කිව්වේ "

ජිමින් හිනා වෙලා කිව්වා

" යකෝ හෙන ගැහුවා වගේ ආදරෙයි කිව්වාම ඒ කෙල්ල ඔහොම බලන එක සාධාරණයි "

ජින් කිව්වා

" එතකොට හියුන්ග් කොහොමද මින්හීට ආදරෙයි කිව්වේ "

ජිමින් ඇහුවා

" යේ හියුන්ග් කොහොමද කිව්වේ "

ටේහ්යුන් කිව්වා

" ඔයාලාගේ හියුන්ග් මට තාම ආදරෙයි කියලා නැ "

මින්හී කිව්වා

" මොකාක්...... "

" අඩේහ් හියුන්ග් "

" ඒ සිරාවට ද මින්හී කිව්වේ "

" ඔව් යකෝ "

කාලෙකට පස්සේ හැමෝම එකතු වුනු හින්දා ඉස්සර වගේ රන්ඩු වුනා හිනා වුනා පිස්සු නැටුවා ඔක්කොම ගියා

" යුන්මියා කෝ.... "

සෝහි ඇහුවා

" ඒකී සෝ ලග නිදි "

මින්හී සෝගේ රූම් එකට ගිහින් එන ගමන් කිව්වා

" ඒකි අවුලෙන් බන් ඉන්නේ "

ජීහී කිව්වා

" හ්ම්ම් මටත් ඒක තේරුනා ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩිය කියවන්නේ නැ "

මින්හී කිව්වා

" මම යනවා බන් ටේ දැනටමත් මොනා කරගෙන ද දන්නේ නැ "

" හරි හරි බන් උබ පලයන් පරිස්සමින් ගිහින් වරෙන් "

මින්හී කිව්වා සෝහි ජීහී දෙන්නාත් ගියා මින්හී living room එකට වෙලා යුන්මි ගැන කල්පනා කර කර ඉන්නකොට සීතල අත් දෙකක් මින්හීගේ ඉන වටේ එතුනා මින්හී කෙලින් වෙලා ජින්ගේ අත් උඩින් මින්හීගේ අත් දෙක තිබ්බා

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ ම්ම් "

ජින් මින්හීගේ උරහිස උඩින් නිකට තියාගෙන ඇහුවා

" කෙනෙක් ගැන "

" කෙනෙක් කිව්වේ කවුද "

" කෙනෙක් අනේ "

" නමක් නැද්ද "

" තියෙනවා "

" මොකද්ද "

මම ජින්ගේ පැත්තට හැරිලා එයාගේ බෙල්ල වටේ අත් දෙක යවලා ලං කරගත්තා

" මතක නැ නේ "

මම හිනා වෙලා කිව්වා

" මොකද්ද "

" මතක නැ අනේ "

පිටිපස්සෙන් ඇහුනු සද්දයක් නිසා දෙන්නාම හැරිලා බැලුවා එතැන හිටියේ යුන්ගි

" උබ දැන් ද යකෝ එන්නේ "

ජින් එහෙම කියාගෙන යුන්ගි ලගට ගියා

" මියානේ බන් වැඩක් තිබුනා යුන්මි කෝ "

" උබට දැන් ද ඒ කෙල්ලව මතක් වුනේ ගිහින් බලපන් සෝගේ රූම් එකේ ඇත්තේ "

ජින් කියන පරක්කුවට යුන්ගි සෝගේ රූම් එකට ගියා යුන්මි සෝවත් තුරුල් කරගෙන නිදි යුන්ගි හිමින් සැරේ ගිහින් යුන්මි ලගින් ඉදගෙන ඔලුව අතගානකොට කෙල්ල ඇහැරුනා

" ම්ම්හ් "

යුන්මි හිමින් ඇස් ඇරලා බැලුවා

" නැගිට්ටා ද ම්ම් "

යුන්ගි ඇහුවා

" ශ්ශ්ශ් කෑගහන්න එපා සෝ නිදි "

කෙල්ල එහා පැත්තේ නිදාගෙන ඉන්න චූටි කෙල්ලව පෙන්නලා කිව්වා

" ඕ මියානේ "

යුන්ගි හිමින් වගේ කියද්දී යුන්මි හිනා වුනා

" මියානේ යුන්මියා ඔයා එක්ක කාලෙකින් නිදහසේ කතා කරන්න බැරි වුනා "

" කමක් නැ අනේ දැන් ගෙදර යන් ඔයාට මහන්සි ඇති නේ "

යුන්මි හිනා වෙලා කිව්වා

"බොරුවට හිනා වෙන්න එපා යුන්මියා "

" කෑගහන්න එපා කියලා කිව්ව නේද පූසෝ "

" හරි හරි අපි දෙන්නා හෙට කොහේ හරි යන් "

" කොහෙද "

" කොහේ හරි "

" කොහෙද ඔලුව වැදුනේ "

" යාහ්හ් යුන්මි තමුසේ එක්ක නම් බැ මේක කරන්න "

යුන්ගි මූන හකුලගෙන කියද්දී යුන්මි හිනා වුනා

" දැන් ගෙදර යන්නේ නැද්ද "

" යන් යන් "

යුන්ගි යුන්මි දෙන්නා ජින්ලාට කියලා ගියා මින්හී කිචන් එක ඔක්කොම අස් කරලා රූම් එකට යනකොට ජින් ඇද උඩ වාඩිවෙලා බලාගෙන ඉන්නවා

" නිදාගන්නේ නැද්ද "

මින්හී ජින් ලගින් වාඩි වෙලා ඇහුවා

" අනී "

" වේ "

" අපි සෝට සෙල්ලම් කරන්න බබෙක් ගේමු "

ජින් හිනා වෙවී කිව්වා

" යාහ්හ් ජිනී ඔය........ "

කෙල්ලට කියන්න ගියපු දේ ඉවර කරන්න නොදී ජින් මින්හීගේ තොල් සිපගන්න පටන් ගත්තා ටිකකින් මින්හිගේ තොල් වලින් ඈත් වුනා

" සරන්හේ ප්‍රින්සස් "

" නාදු සරන්හේ මයි ප්‍රින්ස් "

මින්හී කියනවාත් එක්කම ජින් කෙල්ලගේ තොල් වලට බර වුනේ අනුරාගි හෝරා කිහිපයකට ආරාධනා කරමින්............

...........The End...........


මේ කතාවේ අවසානය....
කතාව විතරයි අවසාන වුනේ මේ ආදරය හැම ආත්මයක තියේවී....

My Prince...මෙතනින් අවසානයි
මෙතෙක් කල් මගේ කතාවත් එක්ක රැදිලා හිටිය හැමෝටම කුමාවෝ 🥰
උදව් කරපු හැමෝටමත් කුමාවෝ 🥰

අලුත් කතාවක් අරගෙන ඕලෙවල් වලින් පස්සේ ඕතරී එන්නම්
එතකම් පරිස්සමින් ඉන්න
සරන්හේ 😘
Bye

Bạn đang đọc truyện trên: AzTruyen.Top