21.Sorry And Love 😘
අවසානයට පෙර
Minhee pov
ටේහ්‍යුන් ගියාට පස්සේ මම කල්පනා කලේ ජින් එක්ක කතා කරනවා ද නැද්ද කියලා මාව බේරගත්තාට මම ස්තූති කලෙත් නැ මම ගොනා වගේ රන්ඩු වුනු එක නේ කලේ
දැන් මොකද කරන්නේ....
ගිහින් කතා කරනවා
නැ එක්කෝ ඕනි නැ
මගේ නේ වරද
ඕන දෙයක් වෙන්න කියලා ගිහින් සමාව ඉල්ලන්න ඕන
මම ගිහින් ජින්ගේ රූම් එක ලගට ගියා දැන් ඉන්නේ ජින්ගේ රූම් එක ඉස්සරහ ස්ත්‍රී ශක්තිය පෙරදැරි කරගෙන දොරට තට්ටු කලා දොර ඇරියේ නැ නිකමට වගේ දොර handle එකට අත තිබ්බා විතරයි දොර ඇරුනා දොර ලොක් කරලා නැ මම ඇතුලට ගියා
වෑව්.......... මාර පිලිවලයි නේ මගේ කාමරේවත් මෙච්චර පිලිවල නැ
එතකොට තමයි මම දැක්කේ සූටි බබෙක් වගේ කොට්ටෙකුත් බදාගෙන නිදාගෙන ඉන්න මගේ නපුරාව මම එයාගේ ලගට ගිහින් බලාගෙන හිටියේ ජින්ගේ අහිංසක මූන දිහා
අනේ නිදාගෙන ඉන්නකොට නම් අහිංසකයි වගේ නැගිට්ටාම ගිනි පිබින මකරු පරාදයි බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා
මම ජින්ගේ ඔලුව අතගාන්න හදනකොට මේ මනුස්පයා මගේ අතින් ඇදලා ඇදට පෙරලාගෙන හිතන්නවත් වෙලාවක් නොතියා පිහියක් බෙල්ලට තිබ්බා පිහියක් නෙවෙයි කිනිස්සක්...
මම ඇස් බෝල කරගෙන බලාගෙන හිටියේ වෙන කිසිදෙයක් තේරුමක් නැතුව ජින් කිනිස්ස පැත්තකින් තියලා ආපහු මගේ පැත්තට හැරුනේ රවාගෙන
" තමුසේ මොනාද මෙතන කරන්නේ තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් මොකද කරන්නේ ආ කියනවා.... "
ජින් කියපු මෙලෝ දෙයක් මට ඇහුනේ නැ මොකද මම එයාගේ තොල් දිහා බලාගෙන හිටියේ.....ජින් කතාව නවත්තලා මගේ දිහා බලාගෙන ඉන්නවා ඒ ඇස් මොකද්දෝ ලොකු දුකක් සැගවිලා තියෙනවා
" මොකද කට වැහිලා මොකටද ආවේ... "
" ඔ.. ඔයා එක්ක කතා කරන්න ආවේ.. "
මම ජින්ගෙන් ඇස් අයින් කරගෙන කිව්වා
" මොනා ගැන ද.. "
" මියානේ "
මම සමාව ඉල්ලුවාම එයාගේ මූන වෙනස් වෙනවා දැක්කා මට දැන් ඇඩෙන්න වගේ ජින් මුකුත් කිව්වේ නැ මාත් එක්ක තරහ වෙලා ද මම කියපුවාට තරහ නොවී හිටියොත් තමයි පුදුමේ
" ඔයා මාත් එක්ක තරහ වෙලා ද "
ජින් යාන්තම් හිනා වුනා ඒ කියන්නේ ජින් මා එක්ක තරහ නැද්ද
" මම තරහ නැ "
" ඇත්තටම ද "
" ම්ම් "
එක අතකින් මගේ කම්බුල මහපටගිල්ලෙන් පිරිමදින ගමන් හරි ආදරෙන් ජින් මගේ දිහා බලාගෙන ඉන්නවා
" මියානේ ජින්.... මම "
" ශ්ශ්ශ් "
ජින් මගේ තොල් උඩින් ඇගිල්ලක් තිබ්බා..
" ඒ ගැන කතා නොකර ඉමු මම කැමති නැ ඒක මතක් කරන්න "
ජින් එහෙම කියලා මගේ පපුව උඩින් ඔලුව තියාගෙන ඉන වටේ අත් යවලා මාව තුරුල් කරගත්තා මගේ මුලු ඇගම සීතල වෙලා ගියා වගේ ජින්ගේ සිනිදු කොන්ඩේ බෙල්ලේ වදිද්දී මට කිතියි
" මොකද ඔච්චර හයියෙන් ගැහෙන්නේ ලෙඩක් ද "
ජින් ඔලුව උස්සලා මගේ දිහා බලාගෙන ඇහුවා
" අනී..... "
මගේ තොල් වලට පොඩි හාදුවක් තවරලා ආපහු මගේ පපුව උඩින් ඔලුව තියාගෙන තුරුල් කරගත්තා හරියට මම එයාව දාලා යයි කියලා වගේ මම ජින්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා ඔලුව අතගාන්න පටන් ගත්තා
" සනීපයි මැනික "
ජින් මිමිනුවා ටිකකින් ජින්ට නින්ද ගිහින් කියලා තේරුනා මට දැන් හැරෙන්නවත් විදියක් නැ ජින් මගේ ඇගට කකුලකුත් දාගෙන සැපට නිදි මෙහෙම ඉදලා මට කශේරුවක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න වෙයි ද කියලා සැක.. මේ අලි පැටියා සම්පූර්ණයෙන් මගේ ඇග උඩ නේ ඉතින් පව් මගේ සූටි ඇග තැලෙනවා දන්නේ නැතුවම මටත් නින්ද ගියා
___________________________________
Sohi pov
මම garden එකේ පැත්තකට තිබුණු බෙන්ච් එකක වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා මින්හී ජින් ඔප්පා එක්ක කතා කරලා ප්‍රශ්නේ විසද ගත්තොත් ලොකු දෙයක් මේකි ඉතින් පොඩ්ඩක් ඇත්නම් ගේම ඉල්ලන්නවා නේ මමත් ඉතින් එහෙම තමයි ඒක දැන් මෙතනට අදාළ නැ නේ
(Author : අදාළ නැත්තේ මොකද අදාලයි
Sohi : පලයන් ඕතර් යන්න ගිහින් කතාව ලියපන්
Author : උබ එහෙම ද හිටපන් උබට කරන්න හොද වැඩක් මේ ඕතර් ගැන දන්නේ නැ
Sohi : ඕතරී තවුසේ මොකද්ද කරන්න හදන්නේ
Author : කියලා කරලා වැඩක් නැ
Sohi : ඕතරී
Author : ඇහෙන්නේ නැතෝ )
මම මනෝපාරක් ගහගෙන ඉන්නකොට කවුරුහරි මගේ ලගින් ඇවිත් වාඩිවුනා කියලා දැනුනු නිසා මම බැලුවේ
ඕමෝ.......... මා දකින්නේ සිහිනයක් ද මාව කවුරුහරි කොනිත්තපන්කෝ
(Author : කවුරුහරි සෝහිව කොනිත්තන්න )
" ටේහ්‍යුන් "
එයා හිනා වෙලා මගේ දිහා බැලුවා
අනේ ඒ ඇස්, ඒ නහය ඒ කම්බුල් ඒ තොල් මට පිස්සු වගේ බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා මම ටේව මෙච්චර ලගින් දැක්ක පලවෙනි වතාව එයා මගේ දිහා හිනා වෙවී බලාගෙන ඉන්නවා
(Author : ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
Sohi : කට වහගෙන යනවකෝ ඕතරී
Author : මම ගියොත් කවුද යකෝ කතාව ලියන්නේ තොගේ හැල්මොනී ද
Sohi : ඉන්නවා නම් කට වහගෙන ඉන්නවා ආපහු මැදින් ඇඩ් දාගෙන ආවොත් අඩි හයක් යටට යවනවා
Author : යකෝ ඒක )
" මොකද කරන්නේ "
ටේ මගෙන් ඇහුවා හම්මේ මගේ හාට්ටුව අසූ හාරදාහට ගැහෙනවා පොඩ්ඩක් හිමින් ගැහියන්කෝ මම පව් නේ
" මුකුත් නැ අනේ "
මම හිනා වෙලා කිව්වා
" හ්ම්ම් සෝහි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ඔයා මේ ගැන වැඩිය හිතන්න එපා මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බැරි තැන මම ඔයාට කියන්නේ "
මොකද්ද මේ කියන්නේ මූනත් හරි නැ මොකක් හරි ප්‍රශ්නයක් ද
" සෝහි සරන්හේ "
හෑ මොකක්....... යකෝ හෙන ගැහුවා වගේ ඔහොම ආදරෙයි ද කියනවද මං අහන්නේ හාට්ටුව නැවතුණා වගේ ඒකට නම් මම ඇස් දෙක ජිල්බෝල වගේ කරගෙන ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලාගෙන ඉන්නවා
" අහ්ම් ඔයා කලබල වෙන්න එපා සෝහි මම දන්නවා ඔයා කැමති කෙනෙක් ඉන්නවා කියලා ඔයා ඕක අමතක කරන්න මම මගේ හිත හදාගන්නම් මට ඒක පුලුවන් ඔයා සතුටින් ඉන්න සෝහි "
මොනාද යකෝ මේ කියන්නේ මම මේ කොටියාට ආදරෙයි කියලා කවුරුහරි කියන්න චේබල්
ටේහ්‍යුන් කිව්වේ ලොකු දුකකින් කියලා එයාගේ වචන වලින් තේරුනා මට කතා කරන්න ඕන මම ආදරෙයි එයාට කියලා කියන්න ඕන ඒත් අද මගේ කට වැහිලා වගේ
" ඔහොම මගේ දිහා බලාගෙන ඉන්න එපා සෝහි අපි කලින් වගේ යාලුවෝ විදියට ඉමු "
මොකක්...... යාලුවෝ නෝ ඒක නම් කොහොමටවත් බැ මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ ටේගේ හිතේ මම ඉන්නේ යාලුවෙක් විදියට විතරයි කියලා ඒත් දැන්.....
ටේහ්‍යුන් එහෙම කියලා නැගිටලා යන්න හදනකොට මම එයාගේ ශර්ට් එකෙන් අල්ලාගත්තා ටේහ්‍යුන් මගේ දිහා ඇයි කියලා අහන්න වගේ බැලුවා
" මට බැ "
" මොනාද "
" ඔයා එක්ක යාලුවෙක් විදියට ඉන්න "
" ඔයාට මාත් එක්ක යාලුවෙක් විදියටවත් ඉන්න බැරි ද සෝහි හරි කමක් නැ ඒක ඔයාගේ තීරණය නේ "
අයිෂ් මේ මෝඩ කොටි හපුවා කියන දේ තේරුම් ගන්නේ නැ නේ කියවනවා ඉවරයක් නැ මම නැගිටලා ඇගිලි තුඩුවලින් ඉස්සිලා ටේගේ තොල් වලට පුංචි කිස් දීලා ඈත් වුනා ටේහ්‍යුන් නිකන් කරකවලා අතහැරලා වගේ පව් අනේ මගේ කොටි පැටියා මොකද්ද වුනේ කියලා තාම කල්පනා කරනවා
" සෝහි...... "
" යේ..... මම කිව්වේ ඔයා එක්ක යාලුවෙක් විදියට ඉන්න බැ කියලා "
" ඉතින්..... "
" සරන්හේ කොටියෝ "
මම හිනා වෙලා කිව්වා ටේහ්‍යුන් දෙපාරක් ඇස් පිය ගහලා
" මේක හීනයක් නේද "
අයිෂ් මහ පිස්සු කොටියෙක්
" අනී කොටියෝ මේක ඇත්තක් "
" මට විශ්වාස නැ "
මම ආපහු ටේහ්‍යුන් තොල් වලට කිස් එකක් දීලා ඈත් වෙන්න හදනකොට එයා මගේ ඉන වටේ අත් යවලා ටේගේ ඇගට තද කරගත්තා
(Author : හීනෙන් ඇහැරවන අලුත් ක්‍රමය ඒකත් මරු හැබැයි )
" දැන් විශ්වාස ද "
" යේ....... "
ටේහ්‍යුන් මගේ තොල් වලට බර වුනා ටේහ්‍යුන් මගේ තොල් සැහැල්ලුවෙන් සිපගනිද්දී මාත් එයාගේ ගෙල වටේ අත් යවලා ලං කරගත්තා සිපගැනීම අතරේම ටේහ්‍යුන් යාන්තම් හිනා වුනා මගේ තොල් එක්ක සෙල්ලම් කරපු ටේහ්‍යුන් ටිකකින් ඈත් වෙලා මගේ කම්බුලට කිස් එකක් දීලා හිනා වුනා දැන් නම් ෂුවර් එකට ම මම රතු වෙලා ඇති
" මොකද රතු වෙලා ම්ම් "
ටේහ්‍යුන් මගේ මූන එයාගේ පැත්තට හරවගෙන ඇහුවා අයිෂ් ඔහොම අහන්න එපා මටත් ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා හරි තියෙනවා දෙවියනේ
ටේහ්‍යුන් මගේ මාව තුරුල් කරගෙන හිස් මුදුනට කිස් එකක් දුන්නා
" සරන්හේ සෝහි "
",නාදු සරන්හේ කොටි පැටියෝ "
මමත් ටේහ්‍යුන්ට තුරුල් වෙලා ඇස් පියාගත්තා
____________________________________
Author pov
මේ රොමෑන්ටික් සීන් එක බැල්කනියට වෙලා දෙන්නෙක් බලාගෙන හිටියේ හිනා වෙවී
" හම්මේ ඒ කිස් එක "
" සැක්... අපේ ලමා මනස දූෂණය කරනවා මේකි.. "
" මම බයේ හිටියේ 18+ සීන් එකක් ලයිව් බලන්න වෙයි කියලා "
" මටත් ඒක නොහිතුනාම නෙවෙයි යුන්මියා "
" එතකොට ඒකත් එහෙමයි නේ තනිකඩ අපේ හිත් වේදනාවට පත් වෙනවා "
" මොකද්ද උබ කියන්නේ එතකොට යුන්ගි ඔප්පා මගේ කොල්ලා ද "
" උබට කැමති නම් තියාගනින් ජීහි මට රවනවා ඉවරයක් නැ මම වැරැද්දක් කලා වගේ නේ ඔය පූස් රැවිලි වලට මම බය නැ "
යුන්මි කිව්වා
" අනේ පලයන් බන් යන්න උබ යුන්ගි ඔප්පාට බයයි නේ "
" පිස්සු ද උබට මම ඔය පූස් නාම්බට බය නැ යකෝ මොනාහරි කියාගෙන ආවොත් කොන්ඩ ගහ ගහ ගානේ ගලවන්නේ දන්නේ නැ මගේ හැටි ඒකා රැව්වාම මම බය වෙයි කියලා හිතාගෙන ඉන්නේ නපුරු ගොන් පූස් නාම්බා "
ජීහි හිනාව පාලනය කරගෙන අහගෙන හිටියා යුන්මි පිටිපස්ස හැරිලා බලනකොට තමයි දොරට හේත්තු වෙලා කට කොනින් හිනා වී ගෙන තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගිව යුන්ගි ටික වෙලාවක් බලාගෙන ඉදලා ගියා
", ඇයි දෙවියනේ මට ම මෙහෙම කරන්නේ මම මොකද්ද ඔබතුමාට කරපු වරද "
යුන්මි අහස දිහා බලාගෙන කියද්දී ජීහි මහ හයියෙන් හිනා වුනා යුන්මි ජීහි දිහා බැලුවේ දවල්ට කනවද උදේට කනවද රෑට කනවද වගේ බැල්ලමක්
" උබ හිතාමතාම නේහ් අරම ප්‍රශ්නයක් ඇහුවේ කියපන් "
යුන්මි අන්තිම ඉවසීමෙන් ඇහුවේ
" පිස්සු ද බන් මම උබට එහෙම කරනවද "
" තෝ..... බැම්ලි උබට දැන් සතුටු ද ආ දැන් අර පූසා මට මොනා කරයි ද යකෝ "
" මම මුකුත් කරේ නැ නේ උබ නේ කිව්වේ යුන්ගි ඔප්පාට අහ් නැ වැරැදුනා පූස් නාම්බට බය නැ කියලා "
ජීහි කිව්වා
" උබට අද මම හොද වැඩක් කරන්නම් "
යුන්මි කියලා හැරෙන පරක්කුවට ජීහි දුවලා ඉවරයි
" යාහ්හ් ජීහි.... "
යුන්මි කෑගහනකොට ජීහි ගිහින් ඉවරයි
____________________________________
උදේ මින්හී ඇහැරෙනකොට දැක්කේ එයාව තුරුල් කරගෙන සැපට නිදාගෙන ඉන්න ජින්ව
නිදාගෙන ඉන්න ලස්සන මගේ ඇග උඩින් අලි පැටියෙක් තියලා වගේ
" ජිනී.... නැගිටින්නකෝ "
මින්හී ජින්ගේ ඔලුව අතගාන ගමන් හිමින් කතා කලා
" ම්ම්ම්"
ජින් කෙදිරිගාන ගමන් මින්හීගේ පපුව මූන හංගගත්තා කෙල්ලට දැන් කිතියි
" යාහ්හ් ජිනී මට කිතියි නැගිටින්නකෝ "
ජින් නම් නැගිටින පාටක් නැ කොල්ලා මින්හීගේ ඉනේ තිබුණු අත තව තද කලා
" මම හුස්ම ගන්න බැරුව මැරෙයි ද දන්නේ නැ "
මින්හී මිමිනුවා
" ජිනී මට අමාරුයි අනේ නැගිටින්නකෝ ",
ඔන්න එතකොට තමයි ජින් කරන්ට් එක වැදුනා වගේ නැගිටලා වාඩිවුනේ
කශේරුව නැ වගේ අප්පා
මින්හී එහෙම හිතන ගමන් නැගිටලා ඇදේ ඇන්දට හේත්තු වුනා
" මොකද වුනේ.. "
ජින් පොඩි ලමයෙක් වගේ මින්හීගෙන් ඇහුවා
" අලි පැටියෙක් මගේ ඇග උඩ නිදාගත්තා නේ ඒක නිසා කොන්ද රිදෙනවා "
මින්හී ජින්ට රවාගෙන කිව්වා
" දැන් ඔය තරහ ගිහින් ද ඉන්නේ "
" අනී "
" අනී කිව්වට එහෙම තමයි "
" මෝඩයා "
මින්හී එහෙම කියලා ඇදෙන් නැගිටලා යන්න හදනකොට මින්හීව ඇදලා තුරුල් කරගත්තා
" මොකද මේ මෙච්චර වෙලා මාව බදාගෙන නිදාගත්තා මදි ද "
" යේ........ මට මදි "
" පිස්සා.. "
මින්හී ජින්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" හියුන්ග්... "
එතකොට ජින්ගේ රූම් එකට කඩාගෙන බිදගෙන ආවේ මින්කුක් ඩබල මින්හී ජිනුයි ඈත් වුනා
" උප්ස් මියානේ හියුන්ග් අපි දන්නේ නැ නේ ඔයා මින්හී එක්ක ඉන්නේ කියලා "
මින් කුක් ඩබල යන්න හදනකොට ජින් කතා කලා
" මොකද කලබලෙන් වගේ දුවගෙන ආවේ "
" අනී හියුන්ග් මුකුත් නැ හියුන්ග් කරගෙන යන්න "
ජිමින් කිව්වේ හිනා වෙන ගමන් දෙන්නා හොර පූසෝ දෙන්නෙක් වගේ හිනා වෙනවා
" මම මුකුත් කලේ නැ යකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියපිය "
" හියුන්ග් මිස්ටර් පාක් ව arrest කරලා ඒකාගේ ඔක්කොම නීති විරෝධී වැඩ NIS එකට අහුවෙලා "
ජන්කූක් කිව්වා
" අහ් එහෙම ද.. ",
" හියුන්ග් ඔයා නේද මේවා පිටිපස්සේ ඉන්නේ "
ජිමින් ඇහුවා
" ජිනී... "
ජින් මින්හීට ඇහැක් ගැහුවා
" මම එන්නම් උබලා පලයන් "
ටිකකින් ජින් මින්හී එකක් පහලට ආවා ඔක්කොම Living room එකේ වාඩිවෙලා හිටියා යුන්මිගේ ඉස්සරහ වාඩිවෙලා ඉන්න ජීහිට යුන්මි අංශක 270 ක කෝනයකින් රවනවා
" මින්හියා "
යුන්මි කතා කලා
" වේ..... "
" උබේ නැගනියට මම ගැහුවොත් උබ මාත් එක්ක තරහ වෙනවද "
" මොකද බන් මේ ".
" ජීහිට ගහන්න තී කවුද "
ජන්කූක් ඇහුවා
" මේ ඕයි කුක්කෝ මම අන්තිම හොදින් කියන්නේ කෙල්ලොන්ගේ පුරස්නවලට අත දාන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා ද "
යුන්මි එහෙම කියලා මින්හී දිහාට හැරුනා
"උබ දැන් මම අහපු දේට උත්තර දීපන් "
" අනී.. "
යුන්මි ඇස් හීනි කරගෙන ජීහී දිහාට අමුතු හිනාවක් දාලා
" උබ අද මගෙන් බේරෙනවා බොරු ජීහි.. ".
යුන්මි එහෙම කියලා ලග තිබුණු කොට්ටේ අරගෙන ජීහිට ගැහුවා ජීහි කොට්ටෙත් අරගෙන දුවන්න පටන් ගත්තා
" යාහ්හ් ජීහි ඔහොම ඉන්නවා "
යුන්මි ජීහි පස්සේ දුවනවා අනිත් අය හිනා වෙවී මේ කෝලම දිහා බලාගෙන ඉන්නවා මේ අතරේ ජිමින් ටීවී එක දැම්මා
Breaking News
මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්..
මීට සුලු මොහොතකට පෙර Seongsu පාලම යට තිබී විසිපස් හැවිරිදි තරුනයෙකුගේ මල සිරුරක් හමු වී තිබේ මෙය park industries වල අයිතිකරු park minshik ගේ පුතු වන park sehun ගේ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. මේ වන විට park minsik මහතා ස්ත්‍රී දූෂණ කිහිපයකට වැරැදිකරු බවට සාක්ෂි ඇති බැවින් ඔහු පොලිස් අත්තඩංගුවේ පසු වේ Park sehun ගේ මරනය ඝාතනයක් බවට සැක පල කරයි....
ජිමින් ටීවී එක ඕෆ් කරලා ජින් දිහා බැලුවා ජින් ජයග්‍රාහී සිනාවක් රදවගෙන බලාගෙන හිටියා
" අද මං ගානේ පාටි ඈ "
යුන්මි හිනා වෙලා ඇහැක් ගහලා කිව්වා
" යකෝ මනුස්සයෙක් මැරුනා කිව්වාම පාටි දාන එකෙක් දැක්කාමයි "
ජන්කූක් කිව්වා
" දැකලා නැත්නම් බලාගන්නවා "
" තමුසේ ඊයේ කිව්වා නේ තමුසෙගේ අතේ සතේ නැ කියලා දැන් එතකොට අද හවස් වෙනකොට බැංකුවක් කැඩුවා ද "
යුන්මිගේ දයාබරනීය අයියන්ඩිය හඩ අවදි කලා
" ඊයේ තත්ත්වයම තමයි තාම තමුසේ ගානේ දෙනවකෝ ඔප්පා දුන්නත් එකයි මම දුන්නත් එකයි කොහොමහරි පාටියක් නේහ් "
" මොකාක්........ තමුසෙට ඕන නම් දෙනවා මට නම් බැ "
" මොකද්ද කියන්නේ ආ මම කියන්න ද මෙඩිකල් ෆැකල්ටි එකේ 3rd year එකේ ඉන්න රෝස්ට තමුසේ කැමතියි කියලා "
නම්ජූන් ඔලුවේ අත ගහ ගත්තා මාලුවා නහින්නේත් මුඛය හින්දා නේ
" මොකද්ද බන් ඒ කතාව "
හොබී ඇහුවා
" අව්ස් අපේ නම්ජූන් හියුන්ග්ට මල් සරා එහෙනම් විද්දා "
ටේහ්‍යුන් කිව්වා
",ඒක නේ බන් අපිට නිකන්වත් කිව්වේ නැ "
ජිමින් කිව්වා
" යුන්මි කිව්වේ නැත්නම් අපි දන්නෙත් නැ එහෙනම් නම්ජූන් හියුන්ග් බැදලා බබෙකුත් හැදුවාට පස්සේ තමයි අපි දන්නේ "
ජන්කූක් කිව්වා
" බබෙක් හදන්න බදින්න ඕන නැ ජන්කූකා.. "
ජින් කිව්වාම මින්හී ඇස් දෙක ජිල්බෝල වගේ කරගෙන ජින් දිහා බැලුවා
" පව් බන් මින්හී බලපන් කෙල්ලගේ මූනේ හැටි "
යුන්ගි කිව්වා ජින් මින්හීගේ ඉනෙන් අත දාලා ඇදලා ගත්තා ඔක්කොම හිනා වුනා
" ජිනී.... ඔයා නේද ඒක කලේ. "
" මොකද්ද මැනික "
" මුකුත් නොදන්න ගානට හැසිරෙන්න එපා "
" යේ යේ මම තමයි කලේ මගේ කෙල්ලට අතක් තියපු එකෙක් එහෙම අතහරිනවා ද "
මින්හී හිනා වුනා ජින් මින්හීව පපුවට තුරුල් කරගත්තා
" අපිත් මෙතන ඉන්නවා "
ජීහි යුන්මිගේ කරට අත දාගන්න ගමන් කිව්වා
" තනිකඩ හිත් වේදනාවට පත් කරනවා "
හොබී කදුලු පිහිදන ගමන් කිව්වා
",ඒක නේ හොබී ඔප්පේ "
සෝහි කිව්වා යුන්මි ජීහි දිහා බැලුවා
" මොකද්ද උබ කියන්නේ "
ජීහි ඇහුවා
" මම තනිකඩයි කියලා "
" උබ තනිකඩ නම් කවුද දන්නේ නැ garden එකේ ඉදගෙන ටේ ඔප්පව කිස් කලේ 😏"
ජීහි කිව්වා
" අඩෝ තෝ මට කලින් කෙල්ලෙක් සෙට් කරගත්තා නේ "
ජිමින් කිව්වා
" සෝහි අපි ඒක දැක්කේ නම් උබ අපිට කියන්නේ නැ නේ "
යුන්මි කිව්වා
" උබ කිව්වෙත් නැ නේ යුන්ගි ඔප්පා එක්ක යාලුයි කියලා අපි දන්නෙත් එදා අත් පටලවාගෙන ඉන්නකොට නේ "
සෝහි කිව්වා
" උබලාගේ රන්ඩු බැලුවා කියලා මගේ බඩ පිරෙන්නේ නැ යකෝ මට බඩගිනියි "
ජන්කූක් කිව්වා
" අපි අල්ලගත්තේ නැ නේ "
යුන්මි කිව්වා
" යුන්ගි හියුන්ග් යුන්මිගේ කට වැඩියි "
ජන්කූක් යුන්ගිට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා
" ඒක මටත් තේරිලා තියෙන්නේ ජන්කුකා "
යුන්ගි කට කොනින් හිනා වෙලා කිව්වා
To be continue..........😈
අවසාන කොටසින් හමුවෙමු
Bạn đang đọc truyện trên: AzTruyen.Top