20.Don't leave me 😩
ජින් මින්හීව එක්කගෙන ජින්ගේ සෝල් වල තිබුණු mansion එකට ආවා එතකොට යුන්මි ජීහී සෝහි ඇවිල්ලා හිටියේ නැ ජින් කෙල්ලව ඇදගෙන ගිහින් රූම් එකට දැම්මා ජින් දොර වහලා කෙල්ලට ලගට ආවා
" දැන් මට තමුසේ කියනවා ඇයි ඔහොම හැසිරෙන්නේ ආ දැන් තමුසෙට මාව එපා ද "
ජින් තමන්ගේ කේන්ති පාලනය කරගන්න උපරිම උත්සාහ කරන ගමන් ඇහුවා
" මට තමුසේ වගේ මිනීමරුවෙක්ගෙන් වැඩක් නැ කී දෙනෙක් මරලා තියෙනවා ද ආ "
" යේ...... මම මිනිමරුවෙක් තමයි එතකොට තමුසේ මේ මිනිමරුවාට නෙවෙයි ද ආදරේ කලේ "
ජින් ඇහුවා
" අනී මම ආදරේ කරන්නේ ජින්ට මිසක් SJ ට නෙවෙයි "
" මින්හී චේබල් ඉස්සෙල්ලා මම කියන දේ අහන්න "
" මට තමුසේ කියන කිසිදෙයක් අහන්න ඕන නැ මට යන්න දෙනවා "
" තමුසෙට මෙහෙන් එක අඩියක් එලියට තියන්න බැ පැනලා යන්න නම් හිතන්නවත් එපා "
ජින් තර්ජනයක් වගේ කිව්වා
" තමුසේ මට තර්ජනය කරනවා ද "
ජින් කට කොනින් හිනා වෙලා දොර ලගට ගිහින් ආපහු හැරුනා
" තමුසේ කැමතියි නම් එහෙම හිතාගන්න මට ඒක ප්රශ්නයක් නෙවෙයි "
ජින් එහෙම කියලා දොර වහගෙන ගියා මින්හී එහෙම්ම ඇදෙන් වාඩිවුනා
ඔයා කිව්වා හරි ජින් එදා හිටපු කෙනා නෙවෙයි අද ඉන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්
මින්හී හිතුවා ජින් පහලට ගිහින් සෝෆා එකේ වාඩිවුනා
මින්හී මේක දැනගත්තාම මෙහෙම හැසිරෙයි කියලා මම හිතුවේ නැ යුන්මි වගේ මින්හීත් මාව තේරුම් ගනියි කියලා හිතුවා යුන්මිට වඩා මින්හී වෙනස් කියන එක ඔයාට අමතක වෙලා වගේ ජින් මොන දේ වුනත් ඔයාට මාව දාලා යන්න දෙන්නේ නැ මින්හී හොදින් හරි නරකින් හරි මම ඔයාව මගේ ලග තියාගන්නවා
ජින් කට කොනින් හිනා වෙන ගමන් හිතුනා එතකොට යුන්මි ජීහි සෝහි එක්ක ආවා
" ඔප්පා මින්හී කෝ... "
යුන්මි ජින්ගෙන් ඇහුවා
" උඩ ඇති "
ජින් එහෙම කිව්වා විතරයි සෝහි යුන්මි ජීහි එක්ක මින්හී හිටපු රූම් එකට ගියා
" ජිනා මොකක් හරි ප්රශ්නයක් ද "
කල්පනා කර කර ඉන්න කොල්ලා දැක්ක යුන්ගි ඇහුවා
" කෙල්ල මාව රිචෙක්ට් කරනවා බන් මම SJ කියලා කෙල්ල දැනගත්තා අනේ මන්දා බන් මට තේරෙන්නේ නැ මොකද්ද කරන්න ඕන කියලා "
ජින් කොන්ඩේ අස්සේ ඇගිලි යවන ගමන් කිව්වා
" උබ කලබල නොවී හිටපන් මින්හීට කාලය දීපන් ටික ටික එයා තේරුම් ගනියි.. "
නම්ජූන් කිව්වා
" යේ..... හියුන්ග් මම මින්හී එක්ක කතා කරලා බලන්නම් "
ටේහ්යුන් ජින් ලගින් වාඩි වෙන ගමන් කිව්වා
" හියුන්ග් මිස්ටර් පාක් පිස්සෙක් වගේ සේහුන්ව හොයනවා "
ජන්කූක් කිව්වා
" අපි ඉතින් ඌට සේහුන්ව දෙමු.. "
ජින් කට කොනින් හිනා වෙලා කිව්වා
" යමන් "
ජින් එහෙම කියාගෙන අනිත් කොල්ලෝ ටිකත් එක්ක basement එකට ගියා
_________________________________
Minhee pov
මම ඇද උඩට වෙලා කල්පනා කර කර ඉන්නකොට ජීහිගේ කටහඬ ඇහිලා මම දොර දිහා බැලුවේ තුන් දෙනා කඩාගෙන බිදගෙන ආවේ නිකන් පිස්සු බල්ලෙක් පස්සෙන් එලවගෙන එනවා වගේ සුනාමිය ආවා වගේ හරියට තුන් කට්ටුව කඩාගෙන වැටුනා
" ඔන්නි.... "
ජීහි මාව ඇවිත් බදාගත්තා පොඩ්ඩක් ඉන්න මොකද්ද මට දැන් ඇහුනේ ඔන්නි......
මගේ කනේ දෝෂයක් ද යකෝ නැත්නම් මේකි මට ඔන්නි කිව්වා ද වෙන්න බැරි වැඩක් පොලොවෙන් වැස්සත් සෝහි දකින දකින කොල්ලාට පැනි හලන එක නැවැත්තුවා කියන එකත් විශ්වාස කරන්න පුලුවන් ඒත් මේකි මට ඔන්නි කිව්වා කියලා විශ්වාස කරන්න බැ
" උබ හොදින් නේද අරු උබට කරදරයක් කරේ නැ නේ "
යුන්මි ඇහුවා
" පිස්සු ද බන් උබට සේහුන්ට මොනවා වෙලා ද දන්නේ නැ පව් බන් ඌ මොනා වුනත් පන තියෙන ජීවියෙක් නේ "
ඒත් මම බැලුවා මොකද මේකි කටවහගෙන ඉන්නේ කියලා
" උබට මම කිව්වා කියලා හිතාගනින් "
මම රවාගෙන කියනකොට සෝහි යුන්මි දෙන්නාම හිනා වුනා
" තමුසේ හොදින්ද කියනවකෝ "
ජීහි මට ගහලා ඇහුවා
" මම තාම පනපිටින් ඉන්නවා පේන්නේ නැද්ද "
" කවුද දන්නේ හොල්මන ද කියලා "
සෝහි වටපිට බලන ගමන් කිව්වා ලග තිබුණු කොට්ටයක් අරගෙන මම සෝහිට ගැහුවා ඒත් ඒකි කොට්ටේ අල්ලාගත්තා
" යුන්මි.... මට දෙයක් අහන්න තියෙනවා "
යුන්මි ජින් ගැන නොදැන ඉන්න විදියක් නැ
" මොකද්ද "
" ජින් කියන්නේ SJ ට නේද "
මම එහෙම ඇහුවාම යුන්මිගේ මූන වෙනස් වෙනවා මම හොදටම දැක්කා ඒ කියන්නේ මෙයා දන්නවා දැනගනත් මට මුකුත් කිව්වේ නැද්ද
" යුන්මි උත්තර දෙන්න "
යුන්මි ඔව් කියන්න වගේ ඔලුව වැනුවා
" ජින් ඔප්පා තමයි SJ කියන්නේ "
යුන්මි බිම බලාගෙන කිව්වා සෝහි ජීහි දෙන්නා හොල්මනක් දැකලා වගේ
" ඇයි අපෙන් මේක හැංගුවේ යුන්මි "
" මින්හී මම දැනගෙනත් සතියක්වත් වෙන්නේ නැ "
" අපි මෙහෙන් යමු ජීහි සෝහි යන්.. "
" මින්හී චේබල් යන්න එපා ඔයාලට කරදරයක් වෙයි මාත් එක්ක තරහ වෙන්න එපා මින්හියා ජින් ඔප්පා ඔයාට හැමදේම කියනකම් මම මුකුත් නොකියා ඉන්න තීරණය කලා ඔයා දැන් හැමදේම දන්නවා නේ ජින් ඔප්පා සෙල්ලක්කාරයි තමයි මින්හී ඒත් එයා නරක කෙනෙක් නෙවෙයි "
යුන්මි ඇස් වල කදුලු පුරවගෙන කිව්වා
" දැන් ඔයා මොකද්ද කියන්න හදන්නේ යුන්මි "
" ජින් ඔප්පා එක්ක කතා කරන්න මින්හියා ඔයා නොදන්න කතාවක් තියෙනවා ඒක ඔයාට ජින් ඔප්පා කියයි එයා හිනා වෙන්න පටන් ගත්තා විතරයි ඒ සතුට නැති කරන්න එපා ඔප්පාව තේරුම් ගන්න බලන්න "
" මම හිතන්නේ යුන්මි කියන දේ ඇත්ත ජින් ඔප්පා එක්ක කතා කරන්න මින්හියා "
සෝහි කිව්වා
" ඒක නේ තමුසේ නිකන් කවුද වගේ වලිගේ ගිනි තියාගෙන කෑගහනවා ජින් ඔප්පාට කතා කරන්න මේකි දෙන්නේ නැතුව ඇති මම දන්නවා නේ මේ හැකර කටේ හැටි.... "
ජීහි කිව්වා
" හ්ම්ම් "
ජීහි කියන දෙයත් ඇත්ත නේ මම ජින්ට කතා කරන්න දුන්නේ නැ නේ මාව බේරගත්තාට මම කලේ ස්තූති කරනවා වෙනුවට රන්ඩු කරපු එක නේ
_______________________________________
Author pov
මේ අතරේ ජිනුයි අනිත් කට්ටියයි ගියේ එයාලගේ basement එකේ රදවගෙන ඉන්න සේහුන්ව බලන්න මේ වෙනකොටත් ෆයිටස්ලා අතින් ගුටි කාලා සේහුන් භාගෙට මැරිලා ඉන්නේ ජින් ගිහින් පුටුවක් අනිත් හරවගෙන වාඩිවුනා සේහුන් පුටුවක බැදලා තිබුනේ ඇග පුරාම ලේ සේහුන්ට සිහිය තිබුනේ නැ
" මූව ඇහැරවපන් "
ටේහ්යුන් කියද්දී ෆයිටර් කෙනෙක් වතුර එකක් අරගෙන ඇවිත් සේහුන්ට ගැහුවා සේහුන් ගැස්සිලා ඇහැරිලා අමාරුවෙන් ඔලුව උස්සලා ජින් දිහා බැලුවා
" කොහොමද ඉතින් උබට..... "
ජින් එවිල් ස්මයිල් එකක් දාගෙන ඇහුවා සේහුන්ට කතා කරගන්නවත් පන නැ
" ම්.. මට ය්..යන්න දීපන් "
" උබට යන්න දෙන්නම් මම මොකටද මෙහෙට ගේන්නේ මම ඉස්සෙල්ලා හිතුවේ උබව ලේසියි ඉවරයක් කරනවා කියලා ඒත් උබ කරපු බලු වැඩේ නිසා උබට වද දීලා මරන්න ඕන කියලා හිතුනා උබමයි මාව මේ තත්ත්වයට ඇදලා දැම්මේ "
ජින් පුටුව පැත්තකට කරලා නැගිටලා සේහුන්ගේ ලගට යන ගමන් කිව්වා
" මට.. යන්න දීපන් ජින්. "
" අයිෂ් මූට කවුරුහරි කියපන්කෝ මෙතනට ආපු කෙනෙක් ආපහු පනපිටින් ගිහින් නැ කියලා "
ජින් සේහුන්ගේ කොන්ඩේන් ඇදලා ඔලුව ඉස්සුවා
" අහ්... "
" උබ මොනාද බල්ලෝ මගේ කෙල්ලට කරන්න ගියේ කතා කරපන් "
" මම උබට කිව්වා කලින්ම මට ඒකිව ඕන කියලා උබ ඇහුවේ නැ "
ජින්ගේ කේන්තිය සේහුන්ගේ වචනයක් ගානේ වැඩි වෙද්දී කොල්ලා කිනිස්සක් අතට අරගෙන සේහුන්ගේ නලලේ ඉදලා තද ඇදගෙන ආවේ ලේ බේරෙද්දී සේහුන් මර හඩ දීලා කෑගහද්දී ජින් වගේම අනිත් කොල්ලෝ ටිකත් හිනා වුනා ජින් සේහුන් ගැට ගහලා තිබුණු පුටුව උඩින් කකුලක් තියලා සේහුන්ගේ මූනට එබුනා
" ජින්...... මට යන්න දීපන් යකෝ "
" උබට අද පනපිටින් යන්න දෙන්නේ නැ උබ කෙල්ලෝ කී දෙනෙක් රේප් කරලා මරලා දැම්මා ද කියපන් උබේ මහ ලොකු අප්පාත් මේවාට සම්බන්ධයි කියලා මම දන්නවා "
ජින් කිව්වේ කිනිස්සෙන් සේහුන්ගේ පපුව පුරා රටා අදිමින්
" හහ්..... උබ හොද එකා ද උබ කෙල්ලෝ එක්ක නටන්නේ නැද්ද එහෙම එකේ මට මින්හීව එක රැයකට විතරක් දුන්නාම මොකද "
(Author : මූ ඉල්ලන් කන්න හදන්නේ )
ජින් කොච්චර වද දුන්නත් සේහුන්ගේ කට නම් අඩු වෙලා නැ ජින් කිනිස්සෙන් සේහුන්ගේ ඇගිල්ලක් වෙන් කරද්දී සේහුන්ගේ වේදනාත්මක කෑගැහිල්ල මුලු basement එකම දෙදරද්දී ජිනුයි අනිත් කොල්ලෝ ටිකයි හිනා වුනු එක කලේ
" මෙහෙම ඉදගෙනත් මුගේ කියවිල්ලේ අඩුවක් වෙලා නැ නේ බන් "
ජිමින් කිව්වා
" උබේ ඔය කටින් මින්හීගේ නමවත් කියන්න අයිතියක් නැ "
ජින් සේහුන්ගේ කොන්ඩෙන් අල්ලාගෙන ඔලුව උස්සන ගමන් කිව්වා
" ගන් එක දීපන් "
යුන්ගි අතේ තිබුණු ගන් එක ජින්ට විසි කලා
" එහෙනම් යන්න ලෑස්ති වෙයන්
Good bye sehun "
ජින් එහෙම කියලා ගන් එකේ බුලට් ඉවර වෙනකම් සේහුන්ට වෙඩි තිබ්බා
" ජිනා ඇති ඌ මැරිලා "
නම්ජූන් කියද්දී ජින් සේහුන් හිටපු පුටුවට පයින් ගහලා ගන් විසි කලා
" පර බල්ලා..... "
ජින්ගේ කේන්තියෙන් එතැනින් යද්දී අනිත් කොල්ලෝ ටිකත් ජින්ගේ පස්සෙන් ගියේ එතැන අස් කරන්න කියලා ෆයිටස්ලාට අණ කරලා
ජින් ශවර් එක යටට වෙලා කල්පනා කලේ මින්හී එක්ක කොහොමද කතා කරන්නේ කියලා කෙල්ල ජින්ව ප්රතික්ෂේප කරන එක කොල්ලාට දරාගන්න අමාරුයි පැයකට විතර පස්සේ වොෂ් රූම් එකෙන් එලියට ආපු ජින් ඇදුමක් දාගෙන ඇදට ගියේ නිදාගන්න කියලා හිතාගෙන ඒත් කොල්ලාට නින්ද නම් අහලකවත් නැ පැය ගානක් මින්හී ගැන හිත හිතා හිටපු කොල්ලාට නින්ද ගියා
මින්හී අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට දොරට තට්ටු කරනවා ඇහිලා කෙල්ල දොර දිහා බැලුවේ එතැන හිටියේ ටේහ්යුන්
" මම ඇතුලට එන්න ද "
ටේහ්යුන් ඇහුවා
" එන්න "
කොල්ලා ඇතුලට ඇවිත් ඇද උඩින් වාඩිවෙලා මින්හීටත් ඉස්සරහින් වාඩි වෙන්න කිව්වා
" ඔයා ආවේ..... "
" හියුන්ග් ගැන කතා කරන්න "
" ජින් ගැන මොනාද කියන්න තියෙන්නේ "
" මින්හී ඔයා හිතාගෙන ඉන්නවා වගේ කෙනෙක් නෙවෙයි හියුන්ග් කියන්නේ හියුන්ග් ඔම්මා නැති වුනාට පස්සේ ගොඩක් වෙනස් වුනා හිතුවක්කාර වුනා ඔම්මාගේ මරනයට නොවිසිදුනු අභිරහසක් හියුන්ග්ට ඕන වුනා ඔම්මාගේ මරනයට වග කියන්න ඕන කවුද කියලා හොයාගන්න ඒ අතරේ අප්පා වෙන කෙනෙක්ව මැරි කලා හියුන්ග්ට කොච්චර දුක හිතුනත් එයා කවදාවත් ඒක පෙන්නුවේ නැ හියුන්ග් හිතින් විදෙව්වා මින්හී ඔයාට දැන් ප්රශ්නේ හියුන්ග් මරපු අය ගැන නම් එයාලා මේ ලෝකේ ඉන්න ඕන අය නෙවෙයි පුංචි ලමයි විකුනලා සල්ලි හොයන අහිංසක කෙල්ලෝ රේප් කරලා මරලා දාන අවයව ජාවාරම් කාරයෝ වගේ එවුන් කවදාවත් හියුන්ග් අතින් කිසි වරදක් නොකරපු කෙනෙක්ට කරදරයක් කලේ නැ මින්හී හියුන්ග් ඔයා ලග දී සැහැල්ලුවෙන් ඉන්නේ හියුන්ග් කිසිම කෙල්ලෙක් දිහා ඔයා දිහා බලනවා වගේ බලලා නැ මින්හියා ඔයාට කලින් හියුන්ග්ට ඕන තරම් කෙල්ලෝ ඉන්න ඇති ඒ හැමෝටම වඩා ඔයා වෙනස් හියුන්ග් අපිව බලාගත්තේ හරියට අප්පා කෙනෙක් වගේ මින්හී මට ඔයාට කියන්න විතරයි මින්හී පුලුවන් ඔයාලා හොදට හිතලා තීරණයක් ගන්න මම හිතනවා ඔයා හියුන්ග් තේරුම් ගනියි කියලා "
ටේහ්යුන් කියපු හැම වචනයක්ම හොදට අහගෙන හිටපු මින්හී ඔව් කියන්න ඔලුව වැනුවා ටේහ්යුන් මින්හීගේ ඔලුවට තට්ටුවක් දාලා ගියා
මම කලබල වුනා වැඩියි
මින්හී හුස්මක් පහත දාන ගමන් හිතුවා
To be continue..........😈
Get well soon namjinyoon.........🥺
මීට වඩා දිග චැප්ටර් එකක් දෙන්න හිටියේ ඒත් නම්ජින් ඔප්පලා කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තා ටයිප් කරගන්න බැ අත වෙව්ලනවා 😔
Bạn đang đọc truyện trên: AzTruyen.Top