19.Am I late? 😐

Author pov

" කොහෙද යකෝ මගේ කෙල්ල උබලා මෙච්චර දෙයක් වෙනකම් මොනාද කරේ කියපල්ලා "

ජින් ගෙදරට ඇවිල්ලා ගේ දෙදරන්න කෑගැහුවේ තාම මින්හී ගැන තොරතුරක් දැනගන්න ලැබුනේ නැති නිසා යුන්මි ජීහි සෝහිත් පැත්තකට වෙලා ජින්ගේ හැසිරීම දිහා බලාගෙන හිටියේ බයෙන් ජීහි අඩනවා...

" ජිනා උබේ වේදනාව තේරෙනවා ඒත් ඔහොම පිස්සෙක් වගේ හැසිරුනා කියලා කෙල්ලව හම්බවෙන්නේ නැ නේ "

නම්ජූන් කිව්වා

" උබ මොකද්ද නම්ජූන් කියන්නේ දැන් පැය දෙකක් ගිහින් මගේ කෙල්ල ගැන කිසිම ආරංචියක් නැ "

" හරි බන් අපි හොයාගමු.. "

යුන්ගි කිව්වා

" යේ........ මම කොහෙන් හරි මගේ කෙල්ලව හොයාගන්නවා "

" බොස්.... "

එතකොට ෆයිටර් කෙනෙක් ඇවිත් කතා කලා

" බොස්.... අරු මිස්ව අරගෙන සෝල් ගිහින් ඌ මෙහේ නැ "

" අයිෂ්......... වේ$% බල්ලා
සුගා වාහනේ ගනින් ඉක්මනට "

ජින් එහෙම කියාගෙන එලියට ගියා

" තමුසෙලා තුන්දෙනා ගෙදරින් එලියට අඩියක් හරි තිබ්බොත් බලාගන්නම් "

ටේහ්යුන් එහෙම කියලා එතැනින් ගියා අනිත් අයත් යද්දී කෙල්ලෝ තුන් දෙනා තනිවුනා

" ඔන්නි....... "

ජීහි යුන්මිට කතා කලා ජීහි ඔන්නි කිව්වාම යුන්මිට විතරක් නෙවෙයි සෝහිටත් ඒක අමුතුයි වගේ ජීහි ඉතින් මේ තුන්දෙනාට නම් කියලා නේ කතා කරන්නේ

" වේ මැනික "

යුන්මි ජීහිගේ ඔලුව අතගාන ගමන් ඇහුවා

" මගේ ඔන්නිට කරදරයක් නැතුව ඇති නේද "

" අනී මැනික ඔයාගේ ඔන්නිට කරදරයක් නැතුව ඇති බය වෙන්න එපා ජින් ඔප්පා ඔක්කොම බලාගනියි එයා මින්හීට මුකුත් වෙන්න දෙන එකක් නැ "

" ඒක නේ යුන්මි අපේ මින්හීට කරදරයක් කරන්න පුලුවන් කෙනෙක් කවුද ඉන්නේ බය නොවී ඉන්න "

සෝහි එහෙම කිව්වත් එයාගේ හිත ඇතුලේත් බයක් නොතිබුනා නෙවෙයි

" දැන් අඩන්නේ නැතුව ඉන්න කෝ.... "

යුන්මි ජීහිගේ කදුලු පිහිදන ගමන් කිව්වා

" බලපන් උබේ මූනේ හැටි අපායට ගහපු 2022 කැලැන්ඩරයක් වගේ "

සෝහි කිව්වාම ජීහිට යාන්තම් හිනා ගියා

" අනේ ඉතින් ඔහොම හිනා වෙන්නකෝ ඔන්න බලන්න හෙට වෙනකොට ඔයාගේ ඔන්නි ආපහු ඇවිත් ඉදියි හරි ද "

යුන්මි කිව්වා

" ජින් ඔප්පා ඇත්තටම කවුද යුන්මි "

සෝහි අහපු පුරස්නේ නිසා යුන්මිගේ මූන වෙනස් වෙන්න ගියේ තත්පර ගානයි

" ඒක මට දැන්ම කියන්න බැ සෝහි ඉක්මනට දැනගන්න ලැබෙයි "

යුන්මි හිනා වෙලා කිව්වා

________________________________________

සේහුන් මින්හීව අරගෙන සෝල් වල තියෙන එයාගේ apartment එකට ආවා කෙල්ලට තාම සිහිය නැ සේහුන් කෙල්ලව ඇදෙන් තියලා කට කොනින් හිනා වෙලා ගියා

පැය කිහිපයකට පසු කෙල්ලට සිහිය ආවා අමාරුවෙන් ඇස් ඇරගෙන වටපිට බැලුවේ ඉන්නේ කොහෙද කියලා බලාගන්න එතකොට තමයි මින්හීට මතක් වුනේ වෙච්ච දේවල්.....

" ජින්........ "

කෙල්ලට ඉස්සෙල්ලාම මතක් වුනේ ජින්ව හිමින් ඇදෙන් බැහැලා දොර ලගට ඇවිදගෙන ගිහින් දොරේ handle එකට අත තියනකොට දොර ඇරගෙන සේහුන් ආවා මින්හී අඩියක් දෙකක් පිටිපස්සට ගියේ ඉබේටම

" oppz babygirl නැගිටලා "

සේහුන් ටික ටික කෙල්ලට ලං වෙන ගමන් කිව්වා

" මගේ ලගට එන්න එපා..... "

මින්හී පස්සට යන ගමන් කිව්වා

" babygirl මොකද මේ.... "

" මම තමුසෙට කිව්වා එක සැරයක් මගේ ලගට එන්න එපා කියලා "

මින්හී කෑගහලා කිව්වා

" babygirl කෑගහන්න එපා පැටියෝ ඔයා කොච්චර කෑගැහුවත් වැඩක් නැ "

සේහුන් කට කොනින් හිනා වෙන ගමන් කිව්වා

" මාව අතහරිනවා "

සේහුන් කෙල්ලගේ අත් දෙකෙන් අල්ලාගනිද්දී මින්හී කෑගැහුවා

" එහෙම නිකන් අතහරින්න නෙවෙයි නේ babygirl අල්ලාගත්තේ අද ඔයා මගේ "

සේහුන් එහෙම කියලා මින්හීව ඇදට තල්ලු කලා කෙල්ල නැගිටලා දොර ලගට දුවගෙන ගියා මින්හීට වඩා ඉක්මන් වුනු සේහුන් කෙල්ලගේ අතින් අල්ලාගත්තා

",දුවලා බේරෙන්න ද හදන්නේ babygirl "

සේහුන් කෙල්ලගේ අත තද කරලා අල්ලාගෙන ඇහුවා

" මාව අතහරිනවා සේහුන් තමුසේ පිරිමියෙක් ද ආ කෙල්ලෙක්ට බලහත්කාරකම් කරන්නේ "

" babygirl කට වහගන්න නැත්නම් ඔයාට ගොඩක් රිදෙයි "

" මම කට වහගන්නේ මොකටද ආ තමුසෙට කොන්දක් තියෙනවා නම් මාව කිඩ්නැප් කරගෙන එන්නේ නැ "

මින්හී කියනවත් එක්කම සේහුන් කෙල්ලගේ කම්බුලට ගැහුවා මින්හී බිම ඇදගෙන වැටුනා සේහුන්ගේ අතුල් පහර නිසා කෙල්ලගේ තොලත් පැලිලා සේහුන් කෙල්ලගේ කොන්ඩෙත් ඇදලා ගත්තේ මින්හී වේදනාවෙන් කෑගහද්දී

" උබ මොකද්ද බැල්ලි මට කිව්වේ ආ උබ කාගේ හයියක් අරගෙන ඔහොම කතා කරන්නේ අද මම උබේ කට වහන්නම් "

එහෙම කියපු සේහුන් කෙල්ලගේ තොල් අල්ලගන්න හදනකොට මින්හී කකුල නවලා සේහුන්ගේ අහවල් ස්ථානයට ප්‍රහාරයක් එල්ල කලා සේහුන් එතැන වැටෙද්දී මින්හී දුවලා යන්න හැදුවත් සේහුන් කෙල්ලගේ කකුලට ගැහුව නිසා කෙල්ල බිම වැටුනා

" අහ්....... "

සේහුන් හිමින් නැගිටලා කෙල්ලගේ කොන්ඩෙත් ඇදලා නැගිට්ටවලා බිත්තියට තද කලා මින්හී සේහුන්ගේ අත් වලින් බේරෙන්න ලොකු උත්සාහයක

" උබ දැගලුවා වැඩියි දැන් විදවන්න ලෑස්ති වෙයන් "

සේහුන් කෙල්ලගේ තොල් වලට පහත් වෙන්න හදනකොට කොහෙන් ද ආපු බුලට් එකක් සේහුන්ගේ කකුල පසාරු කරගෙන යද්දී සේහුන් කකුල අල්ලාගෙන අඩියක් දෙකක් පස්සට ගියා මින්හී එතැනම බිම ඉන්දුනා

" SJ උබ මොනාද මෙතන කරන්නේ "

තනි කලු පාටින් ඇදගෙන කලු මාක්ස් එකක් දාගෙන ඉන්න ජින්ගෙන් සේහුන් ඇහුවා

" SJ නෙවෙයි ජින්...... "

ජින් එහෙම කියලා මාක්ස් එක ගැලව්වේ කට කොනකින් හිනා වෙන ගමන් මින්හී ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා මින්හීට වඩා සේහුන් පුදුම වෙලා ඊට වඩා බය වෙලා SJ ලේසියෙන් කෙනෙක්ව අතහරින්නේ නැ කියලා දන්න සේහුන් පිටිපස්සට ගියා

" මොකද උබ බය වෙලා.... "

ජින් සේහුන්ගේ ලගට කිට්ටු වෙන ගමන් කිව්වා

" මම මොකටද උබට බය වෙන්නේ "

සේහුන් එහෙම කිව්වත් සේහුන් හිටියේ බය වෙලා

" උබ බය වෙලා ඉන්නේ කියලා උබේ ඇස් වලින් පේනවා "

ජින් ගන් එක කරකවන ගමන් සමච්චලේට වගේ කිව්වා සේහුන්ගේ කකුලෙන් ලේ යනවා ඒත් එක්කම සුගා,නම්ජූන්,හොබී ආවා

" මූව basement එකට අරගෙන ගිහින් දාපන් "

ජින් කියපුවාම නම්ජූන් හොබී එක්ක සේහුන්ව අරගෙන ගියා

" උබත් පලයන් සුගා මම එන්නම් "

හා කියන්න ඔලුව වනපු සුගා ගියා මින්හී බිම ඉදගෙන කිසිදු හැගීමක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවා ජින් කෙල්ල ලගට ගිහින් දන ගහගෙන කෙල්ල දිහා හොදට බැලුවේ මොනාහරි වෙලා ද කියලා දැනගන්න ජින් කෙල්ල අතින් ඇදලා අරගෙන තුරුල් කරගත්තේ කෙල්ලට කරදරයක් නැ කියලා සැනසීම හිතට දැනෙද්දී මින්හී නම් එහෙම්ම හිටියා

" ඔයා හොදින් නේද මින්හී....... "

ජින් කෙල්ලගේ මූන දෝතට අරගෙන ඇහුවා

" මා.. මාව අල්ලන්න එපා... "

මින්හී ජින්ගේ අත් අයින් කරන ගමන් කිව්වා

" මින්හී........ වේ මැනික "

ජින් ආපහු කෙල්ලව අල්ලන්න හදනකොට පස්සට ගියා ජින් අත මිට මොලවගත්තා

" දැන් ඇයි මේ "

ජින් ඇහුවේ සන්සුන් කටහඬකින්

" ඔ.. ඔයා...... කවුද "

" මම ජින් මැනික "

ජින් කෙල්ලව ආපහු අල්ලන්න හැදුවත් කෙල්ල බිත්තියට කොනට ගුලි වුනා මින්හීගේ මේ හැසිරීම ජින්ට ගෙනාවේ වචනෙන් කියාගන්න බැරි වේදනාවක්

" ඔ.. ඔයා.. ජින් නෙවෙයි ඔ.. ඔයා SJ ඔයා සේහුන්ට වෙඩි තිබ්බා "

මින්හීගේ ඇස් වලින් කදුලු ගලාගෙන එද්දී කෙල්ල කිව්වා

" යේ...... මම තමයි SJ ඔක්කොම හොයන SJ මේ මම තමයි දැන් තමුසේ මොකද්ද කියන්න හදන්නේ ආ "

" මාව අල්ලන්න එපා.... "

" වේ ඇල්ලුවොත් මට මොනාද කරන්නේ "

ජින් කට කොනින් හිනා වෙලා ඇහුවා කෙල්ල නිහඬව හිටියා

" එනවා මාත් එක්ක යන්න "

ජින් මින්හීගේ අතින් අල්ලලා කිව්වා

" මම තනියෙන් යන්නම් "

" තමුසෙට මැරුම් කන්න ඕන ද "

ජින් ඇහි බමකුත් උස්සගෙන ඇහුවා කෙල්ල මුකුත් නොකියා ඉද්දී ජින් කෙල්ලගේ අතින් ඇදගෙන යන්න ගියේ මින්හීගේ කෑගැහිල්ල මැද්දේ

" යාහ්හ්හ්හ් මාව අතහරිනවා මට තනියෙන් යන්න පුලුවන් "

ජින් මින්හී කෑගහද්දී කා එක ඇතුලට තල්ලු කරලා දොර වහලා ජින් අනිත් පැත්තෙන් කා එකට නැග්ගා

" Mr.SJ තමුසෙට මම අන්තිම හොදින් කියන්නේ මට මං ගැන බලාගන්න පුලුවන් තමුසේ මට යන්න දෙනවා..... "

මින්හී කෑගහනකොට ජින් කෙල්ල පැත්තට මාරාන්තික බැල්මක් දැම්මා මින්හී ඒ බැල්ලමට බය වුනත් ඒක මූනෙන් පෙන්නුවේ නැ

" තව එක වචනයක් හරි කිව්වොත් බලාගන්නම් "

ජින් එහෙම කියලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා ජින්ගෙන් බේරීමක් නැ කියලා දන්න නිසා මින්හී ශටර් එකෙන් එහා පැත්ත බලා ගත්තා

To be continue....... 😈

ඊයේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුනාට මියානේ

ඕතර් මූඩ් ගහලා ඉන්න වෙලාවක මේ චැප්ටර් එක ලිව්වේ.....
මගේ රීඩස්ලා බබ්බුලා අද දෙන්න කියලා තිබුණු නිසා ඔන්න දුන්නා එහෙනම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top