16.Memories 🌝
Author pov
රූම්ස් බෙදාගන්න රන්ඩු වෙලා එදා දවස ගෙවිලා ගියා පසුදින කස්ටිය ලෑස්ති වුනේ ඇවිදින්න යන්න
"යුන්මි නැගිටිනවා ලමයෝ"
" 5 minutes ඔම්මා "
යුන්මි එහෙම කියලා අනිත් පැත්ත හැරිලා ආපහු නිදාගත්තා
" අනේ ඇත්තටම මේ ලමයා කොහොම ජීවත් වෙනවද මන්දා නිදාගන්නවා කියලා මෙහෙමත් නිදාගන්නවා ද "
" ඔම්මා කෑගහන්නේ නැතුව යන්නකෝ බනින්න ඕන නම් පහලට ගිහින් බනින්න නැත්නම් ඔප්පාට බනින්න "
" ආව් ඔම්මා රිදුනා "
යුන්මි කෑගැහුවේ පශ්චාත් භාගෙට වැදුනු පහරක් නිසා මෙහෙම හිටියොත් ආපහු කන්න වෙනවා කියලා දන්න යුන්මි නැගිටලා ඇදෙන් වාඩිඋනා
" ඔබට සතුටුයි ද ඔම්මා "
" අනී ගිහින් වොෂ් එකක් දාගෙන එන්න "
යුන්මිගේ ඔම්මා එහෙම කියලා ගියා එතකොට කඩාගෙන බිද ගෙන සුලි කුනාටුවක් වගේ කඩාගෙන පහත් වුනේ ජීහි
" මොකද යකෝ කුලු මී හරකෙක් පස්සෙන් එලවනවා ද "
යුන්මි ඇහුවේ ඇදේ කොනකින් වාඩි වෙලා හති අරින ජීහිගෙන්
" කුලු මී හරකෙක් නෙවෙයි බන් කුලු මී එලදෙනක් "
" යාහ්හ් ජීහි........."
කෑගහගෙන දුවගෙන ආවේ සෝහි
" මොකද්ද බන් වෙලා තියෙන්නේ උදේ පාන්දර "
යුන්මි ඈනුමක් අරින ගමන් ඇහුවා
" උදේ පාන්දර කොහෙද යකෝ දැන් උදේ අටත් පහුවෙලා "
" ඒ වුනාට මට උදේ පාන්දර නේ හරි දැන් කියපන් මෙතන මොකද්ද වෙන්නේ කියලා "
යුන්මි සෝහි ජීහි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවා
" මේන් මේ ඇටි කෙහෙල් කාපු පූසා වගේ ඉන්න එකී මගේ රාජකීය බ්‍රෂ් රාජයා කොමඩ් එකට දාලා මෙව්වා මානව හිමිකම් යන්න ඕන පුරස්නයක් "
බ්‍රෂ් රාජයා නැති වීමේ ශෝකයෙන් සෝහි කිව්වා
" ඇත්ත ඇත්ත දැන් ජීහිට මොකද්ද කියන්න තියෙන්නේ "
" මෙහෙමයි බන් බ්‍රෂ් එක ඇත්ත වශයෙන්ම වැටුනේ මගේ අතින් නෙවෙයි මාගේ දයාබර අක්කන්ඩියගේ දෑතින් "
ජීහි කිව්වා
" උප්ස් මින්හීත් මෙව්වාට සම්බන්ධයි "
" මම මොකටද සම්බන්ධ "
මින්හී එහෙම අහගෙන ආවා
" උබ සෝහිගේ රාජකීය බ්‍රෂ් රාජයා කොමඩ් එකට දැමීමේ වරදට හසු වී ඇති බව ඉතාමත් ආඩම්බරයෙන් පැවසීමට මා කැමැත්තෙමි...."
යුන්මි කිව්වා
" මොන කුනුහරපයක් ද යකෝ ඒ කිව්වේ සෝහිගේ බ්‍රෂ් එකක් ගන්න තරම් මගේ මොලේ කොලොප්පන් වෙලා නැ ඕකිගේ බ්‍රෂ් එකේ බැක්ටීරියා මිලියන ගානක් ඇති ඕක ගත්තොත් වෙනම ලෙඩක් හැදෙනවා "
" යකෝ තී ඔහොම අපහාස කරන්නේ මගේ බ්‍රෂ් රාජයාට මම උබට විරුද්ධව නඩු දානවා දැනගනින් "
සෝහි කිව්වා
" එල එල උබ නඩු දාලා නඩුව අවුරුද්දක් විතර ඇදගෙන ගිහින් තුන් වැනි පාර්ශ්වය වැරැදිකරු කරපන් "
ජීහි කිව්වා
" එතකොට කවුද තුන් වෙනි පාර්ශ්වය "
යුන්මි අහද්දී තුන් දෙනාම යුන්මි දිහා බැලුවා
" ගස් හිපාටුවෝ තුන කොහෙවත් ඉන්න අහිංසක මාව බ්‍රෂ් එකක් නිසා වැරැදිකාරයෙක් කරන්න හදන්නේ හෙන ගහන අපරාද කරන්න එපා යකුනේ "
" අනිත් ඔක්කොම හරි ඒත් උබ අහිංසක නැ හරිත "
ජීහි කිව්වා
" හරි හරි පස්සේ රන්ඩු වෙමු දැන් රෙඩි වෙලා පහලට වරෙන් "
මින්හී කිව්වා
" මට බය ඔම්මා මා එලවලා මේකි දුව වශයෙන් තියාගනියි ද කියලා "
යුන්මි නිකට ට අත ගහගෙන කිව්වා
" උබ වගේ නිදි දෙව්දුවක් තියාගන්නවාට වඩා මම වගේ සුන්දර අහිංසක කෙල්ලෙක් තියාගන්න එක කොච්චර හොද ද "
" දුප් යන්න ඊරී "
යුන්මි එහෙම කියාගෙන වොෂ් රූම් එකට ගියා අනිත් අයත් රෙඩි වෙලා පහලට ආවා කස්ටිය බූසාන් වල ඇවිද්දා මිසිස් කිම් ආවා මෙයාලා එක්ක ඔක්කොම ගැන දන්න නිසා එයා පැත්තකට වෙලා මේ පිස්සු කෙල්ලෝ කොල්ලෝ දිහා හිනා වෙවී බලාගෙන ඉන්නවා ඒ අතරේ සෝහි ටේහ්‍යුන් එක්ක රන්ඩු වෙන්න අමතක කලේ නැ ජින් හිනා වෙවී ඉන්න මින්හී දිහා බලාගෙන හිටියා මේ අතරේ ජීහි එක්ක කයියක් ගහගෙන ඉන්න යුන්මි දිහා බලාගෙන එක් කෙනෙක් මනෝපාරක් ගහනවා එතකොට ජන්කූක් ඇවිත් ජීහිගේ කරට අතක් දාගත්තා ජීහි කවදාවත් දැකපු නැති ජීවියෙක් දිහා බලන්න වගේ ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා යුන්මි ජන්කූක් දිහායි ජීහි දිහායි මාරුවෙන් මාරුවට බලනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා තේරුම් ගන්න
" මොකද ඕයි ඔහොම අපි දෙන්නා දිහා බලන්නේ "
ජන්කූක් ඇහුවේ යුන්මිගෙන්
" උබලා දෙන්නා........ "
ඉතුරු ටික කියන්න නොදී ජන්කූක් කතා කලා
" යේ....... මේ මගේ කෙල්ල අපි දෙන්නා ඩේටින් නේද බේබි "
ජන්කූක් කියන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ජීහිත් බලාගෙන ඉන්න මෙච්චර වෙලා ටේහ්‍යුන් එක්ක රන්ඩු වෙවී හිටපු සෝහි ඒක ඇහිලා යුන්මි හිටපු තැනට ආවා
" ජන්කූක් සිරාවට ද කියන්නේ "
සෝහි ඇහුවා
" ටැනී ගැන දිවුරලා කියපිය ඇත්ත කියලා "
යුන්මි කිව්වා
" යා.... යා...... මගේ අහිංසකයාගේ ජීවිතේ අනතුරේ දාන්න ද හදන්නේ "
ටේහ්‍යුන් කෑගැහුවා
" ජීහි කියන්නවා මේ ඇත්ත ද "
මින්හී ඇහුවා
" අඩේහ් මින්හී මම ජෝක් එකක් කලේ උබලා serious ගත්තා ද "
ජන්කූක් බනී ස්මයිල් එක දාගෙන කියද්දී ජීහි නම් හිටියේ ජන්කූක්ගේ හා දත් දෙක ගලවලා අතට දෙන්න පුලුවන් සයිස් එකක කෙල්ල බය වුනා පලවෙනි වතාවට කොල්ලෙක් එහෙම දෙයක් හැමෝම ඉස්සරහ කිව්වාම ජන්කූක් ජීහිගේ කරට දාගෙන හිටපු අතත් අරගෙන හිනා වෙවී ගියා
" මූට නට් ලූස් වෙලා ද කොහෙද "
යුන්මි කිව්වා
" ජීහි මොකූ කට වැහිලා "
සෝහි ඇහුවා
" ඒක තමයි මාත් බැලුවේ මම හිතුවේ ජන්කූක්ට ගැහුවා තමයි කියලා ඒ වුනාට කෙල්ල වචනයක්වත් කිව්වේ නැ නේ "
මින්හී අමුතු විදියට හිනා වීගෙන කිව්වා
" තමුසෙලාගේ යාලුවෙක් නිසා අතහැරියේ "
ජීහි කිව්වා
" අපි එහෙමවත් පිලිගනිමුකෝ ඉතින් "
සෝහි හිනා වෙලා කිව්වා කට්ටිය ඇවිදලා අන්තිමට ආවේ කදු මුදුනක් උඩට
" වාව් මෙතන ගොඩක් ලස්සනයි නේ "
සෝහි වටපිට බලන ගමන් කිව්වා
" ඔයා තරම් නම් නැ "
සෝහිගේ ලගට වෙලා හිටපු ටේහ්‍යුන් මිමිනුවා
" මොනා හරි කිව්වා ද "
සෝහි ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා
" අනී මම මුකුත් කිව්වේ නැ "
ටේහ්‍යුන් එහෙම කියාගෙන ඉස්සරහට ගියා කට්ටිය වටපිට බලනවා ඒත් මින්හී පැත්තකට වෙලා ලොකු කල්පනාවක
කවදාවත් මම මෙතනට ඇවිල්ලා නැතුව කොහොමද කලින් මම ඇවිල්ලා තියෙනවා කියලා හිතෙන්නේ ජින්ව මුලින්ම හම්බුනු වෙලෙත් මට කලින් හම්බවෙලා තියෙනවා වගේ දැනුනා දැන් මෙතනත් අයිෂ් මොන පිස්සුවක් ද මන්දා ජින් හම්බුනු දවසේ ඉදලා මම නිකන් කරකවලා අතහැරලා වගේ කිසිදෙයක් තේරුම් ගන්න බැ
මින්හී කල්පනා ලෝකෙන් මිදුනේ මිසිස් කිම්ගේ කටහඬ ඇහිලා
" දන්නවා ද ලමයි මේ තැනත් එක්ක සම්බන්ධ ලස්සන කතාවක් තියෙනවා ලස්සනයි කිව්වාට දුක හිතෙනවා "
" ඒ මොකද්ද ආන්ටි "
ජිමින් ඇහුවා
" මම කියන්නම් ජෝසන් රාජ්‍ය සමයේ එක කුමාරයෙක් හිටියා එයාගේ නම ජීහන් හැමෝගෙම ආදරය දිනා ගත්ත චරිතයක් ජීහන් කුමාරයා තමයි කිරුල හිමි කුමාරයා වුනා ඒ වගේම ජීහන් කුමාරයට වැඩිමහල් සහෝදරයෙක් හිටියත් කිරුල හිමි වුනේ ජීහන් කුමරු ට ඉතින් ලීසන් කුමාරයා ජීහන් කුමාරයාට වෛර කලා ජීහන් කුමරු මරන්න උත්සාහ කලත් ඔහු බේරුනා ජීහන් කුමාරයාට අහම්බෙන් ගෑනු ලමයෙක් හම්බවෙනවා එයාගේ නම ආරෝ දගකාර කටකාර කෙල්ලෙක් ඇය හෙදියක් කාලය ගත වෙනවාත් එක්කම ජීහන් කුමාරයාත් ආරෝත් ආදරය කරන්න පටන් ගන්නවා මේ ගැන ලීසන් කුමාරයා දැනගෙන රජතුමාට කියනවා රජතුමා ජීහන් කුමාරයාට සුදුසු කුමාරියක් හොයන්න කියලා අගබිසවට අන කරනවා ඒ අනුව අගබිසව කුමාරියක් තෝරනවා ජීහන් කුමාරයා ආරෝ පිලිබද රජතුමාට කියනවා ලීසන් කුමාරයාගේ කීම අහලා රජතුමා ආරෝ මරන්න අන කරනවා මෙතනදී තමයි ආරෝ අවසන් හුස්ම හෙලුවේ මතු ආත්මයක නැවත හමුවෙනවා කියලා පොරොන්දුවක් දීලා තමයි ආරෝ මිය ගියේ ඒ වගේම ලීසන් කුමාරයාත් මිය ගියා ආරෝ කීමටත් රාජ්‍යයේ අනාගතය වෙනුවෙනුත් ජීහන් කුමාරයා අගබිසව තේරූ කුමරිය එක්ක විවාහ වෙනවා ජීහන් කුමාරයා රාජ්‍යට හොද පාලකයෙක් වෙනවා තමන්ගේ ආදරය ගැන ඔහු පොතක ලියනවා වසර ගනනාවකට පස්සේ ජීහන් කුමරයාත් මෙතන දීම මැරුනා කියලා තමයි කියන්නේ "
මිසිස් කිම් කතාව කියලා ඉවර වෙනකොට ඔක්කොගේම ඇස් වල කදුලු පිරිලා
" අනේ පව් එයාලා...... "
සෝහි කිව්වා මින්හී ඒ වෙලේ ජින් දිහා බැලුවේ ජිනුත් මින්හී දිහා බලාගෙන ඉන්නවා
" මම දැක්ක හීනේ ඇත්තටම වෙච්ච දෙයක් ද එතකොට ඒ කුමාරයා ඔයා ද ජින් මේ ආත්මෙත් ඒකම වෙයි ද "
මින්හී ජින්ගේ ඇස් දිහා බලාගෙන හිතුවා
" මින්හී......... "
සෝහි කතා කරාම තමයි මින්හී ජින්ගේ ඇස් වලින් මිදුනේ
" අහ් වේ..."
" මොකද බන් මේ...."
" එයාට දුක හිතිලා යකෝ ඒකයි ඔය "
යුන්මි කියද්දී මින්හී යාන්තම් හිනා වෙලා බලනකොට ජින් පේන්න හිටියේ නැ මින්හී වටේම ඇස් යවමින් ජින්ව හෙව්වා
" කාවද හොයන්නේ ජින් ඔප්පා ද "
සෝහි අමුතු විදියට හිනා වීගෙන ඇහුවා
" අහ් අනී මම මොකටද එයාව හොයන්නේ "
මින්හී කලබලෙන් උත්තර දුන්නා
" ජින් ඔප්පා හොබි ඔප්පායි කුක්කා එක්කයි ඉස්සර වෙලා ගියා උබ මෙතනට වෙලා මනෝපාරක් ගහනවා "
යුන්මි කිව්වා
" ඒක තමයි මෙතන ඉදගෙන අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරනකොට කොල්ලා ගිහින් "
ජීහි කිව්වා
" උබ මෙතන මොකද කරන්නේ ජන්කූක් ගියා නේ "
සෝහි කිව්වා
" ටේහ්‍යුන් ගියා නේ "
ජීහි අනිත් පැත්තට කිව්වා
" ඒක නෙවෙයි මෙතනින් පැන්නොත් මොනා වෙයිද "
යුන්මි අහනකොට ජීහි ඔලුවේ අත ගහ ගත්තා
" වැඩිය දෙයක් වෙන්නේ නැ බන් කෙලින්ම අපායට යන්න පුලුවන් "
සෝහි කිව්වා
" උප්ස්....."
" ඔය කෙල්ලෝ හතර දෙනා මෙතන නවතින්න ද හදන්නේ "
ජිමින් ඈත ඉදගෙන කෑගහද්දී කෙල්ලෝ හතර දෙනා ගියා දවසෙම පිස්සු නටලා මහන්සියට හැමෝටම නින්ද ගියා දෙන්නෙක්ට ඇරෙන්න වෙන කාටද ජින් ටයි මින්හීටයි ජින් නින්ද යන්නේ නැති නිසා නැගිටලා garden එකට ගියා
කොල්ලා රෑ අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක
" මියානේ මින්හියා මට එදා ඔයාව බේරගන්න බැරි වුනා මේ ආත්මේ අපි හම්බුනා ඔයා මගේ විතරයි මින්හියා මේ ආත්මෙට විතරක් නෙවෙයි ඊලග හැම ආත්මයකදීම ඔයා මගේ විතරයි කාටවත් ඔයාව මගෙන් ඈත් කරන්න දෙන්නේ නැ "
ජින් අහස දිහා කල්පනා කරද්දී පිටිපස්සෙන් ඇහුනු සද්දයක් නිසා කොල්ලා පිටිපස්ස හැරිලා බැලුවේ එතැන හිටියේ මින්හී
" ඔයා මොනාද මහ රෑ ඇහැරගෙන කරන්නේ "
ජින් ඇහුවා
" නින්ද යන්නේ ඒකයි එලියට ආවේ... එතකොට ඔයා මොනාද කරන්නේ "
" මටත් ඒකම තමයි නින්ද යන්නේ නැ "
ජින් හිනා වෙලා කිව්වා
" මෙතන හරි ලස්සනයි නේද "
මින්හී garden එක වටේ ඇස් යවන ගමන් කිව්වා
" හ්ම්ම් "
ජින් ඊට වඩා දෙයක් කියන්න ගියේ නැ කොල්ලාගේ ඇස් තිබුනේ සද එලිය වැටිලා දිලිසෙන මින්හීගේ මූනේ ජින් බලාගෙන ඉන්නවා කියලා දැනිලා කෙල්ල ජින් දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ ජින් මුකුත් නැ කියන්න ඔලුව වැනුවත් ජින්ගේ හිතේ මින්හීට කියන්න දහසක් දේවල් තිබුනා ඒත් ජින් අද ගොලු වෙලා මින්හී හිනා වෙලා යන්න ගියත් එතැනම නැවතුනේ ජින් කෙල්ලව back hug කරපු නිසා
" ය්... යන්න... එපා.. "
මින්හීගේ බෙල්ල අස්සේ මූන හංගගෙන වෙව්ලන කටහඬකින් මිමිනුවා මින්හීට වෙන දෙයක් හිතාගන්න බැ කෙල්ල හෙල්ලෙන්නේවත් නැතුව එහෙම්ම හිටියා කෙල්ලගේ උරහිසට රස්සනයක් දැනෙද්දී මින්හී ජින්ට කතා කලා
" ජින්........"
කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් ජින්ට විතරක් ඇහෙන තරමට හිමින් කතා කලා
" ම්ම්ම්"
කෙල්ලගේ බද වටේ එතිලා තිබුණු අත් තද කරමින් ජින් කෙදිරි ගෑවා
" මොකද මේ "
මින්හීගේ හිතට අමුත්තක් දැනෙද්දී කෙල්ල ඇහුවා මින්හීට ජින්ගෙන් ඈත් වෙන්න ඕන වුනේ නැ කෙල්ල මේ උනුසුමට ආසයි
" මාව දාලා යන්න එපා "
මින්හී වෙන දෙයක් හිතාගන්න බැරුව හිටියා ජින් කියන්නේ කාගෙන්වත් ඉල්ලීමක් කරන කෙනෙක් නෙවෙයි කියලා මින්හී දැනගෙන හිටියා
" මම කොහෙවත් යන්නේ නැ ඔයා ලග ඉන්නවා ජින් "
මේ වෙනකොට ජින්ට මින්හී ආදරේ කරන්න පටන් අරගෙන තිබුනේ ඒත් ඒක පිලිගන්න මින්හී කැමති වුනේ නැ දැන් ජින් එයාව දාලා යන්න එපා කියද්දී මින්හීට තවත් මේක හංගගෙන ඉන්න බැරි වුනා
" එදත් ඔයා ඔහොම කියලා තමයි මාව දාලා ගියේ "
ජින් පොඩි ලමයෙක් වගේ කියද්දී මින්හී ජින්ගේ අත් ලිහිල් කරගෙන කොල්ලාගේ පැත්තට හැරුනා
",එදාට වඩා අද වෙනස් ජින්... "
" ඔයාගේ හිතේ තියෙන්නේ එකක් කියන්නේ වෙන දෙයක් "
ජින් කෙල්ලගේ ඇස් දිහා බලාගෙන කියද්දී මින්හී නිරුත්තර වුනා මින්හීගේ හිත කිව්වේ ආපහු ඒ දේ වුනොත් මොකද කරන්නේ කියලා
" ජින්....."
" තමුසේ මගේ විතරයි ඒක වෙනස් වෙන්න දෙන්නේ නැ එදා හිටපු කෙනාට වඩා දහස් ගුනයකින් වෙනස් කෙනෙක් දැන් ඉන්නේ "
" ජින්...."
" මුකුත් කියන්න එපා මගේ ලගින් හිටියාම ඇති.. ",
ජින් එහෙම කියලා මින්හීව තුරුල් කරගත්තා කෙල්ලත් ජින්ගේ බද වටේ අත් යවලා තුරුල් වුනා මේ උනුසුමට තුරුල් වෙලා හැමදාම ඉන්න ලැබෙන්න කියලා හිතාගෙන මින්හී ඇස් පියාගත්තා
(මේ තමයි මින්හී..)
To be continue....... 😈
ගිය ආත්මේ වගේම මේ ආත්මේ දීත් ඒ දෙන්නා වෙන් වෙයිද
Bạn đang đọc truyện trên: AzTruyen.Top