15.Travel To Busan 🏞️
Minhee pov
යුන්මි ඇවිත් මටයි සෝහිට ජීහීට කිව්වා හෙට එයා එක්ක බූසාන් යන්න එන්න කියලා අපි තුන් දෙනාත් කැමති වුනා රෑ වෙලා නිසා මම ඇදට ගිහින් අද දවසේ වෙච්ච දේවල් කල්පනා කලේ
ඇත්තටම ජින් ඇයි මම එයාගේ කිව්වේ පිස්සුවත් හැදිලා ද නැත්නම් එයාට සෙල්ලම් කරන්න කෙල්ලෙක් හොයාගන්න බැරුව ද ඒක නම් වෙන්න බැ ජින් කියන්නේ කවුද කියලා දැන දැනත් කෙල්ලෝ පස්සෙන් යන්නේ ඉතින් එයාට මොකටද මාව සේහුන් මං ගැන කියවද්දීත් එයාට තරහ ගියා අනේ මන්දා ජින්ව දකිනකොට මට මොකද්දෝ වෙනවා වගේ එයාගේ ස්පර්ශයක් පවා මට හරි පුරුදුයි වගේ ඒත් එහෙම වෙන්නේ කොහොමද....?
මම හීනෙන් දකින කොල්ලත් ජින් වගේ අයිෂ් කිසිදෙයක් තේරෙන්නේ ඔක්කොම පටලැවිලා මින්හී ජින්ව අමතක කරලා නිදාගන්න එතකොට මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා මම side table එක උඩ තිබුණු ෆෝන් එක අරගත්තා
💬"Hey baby "
Unknown number එකකින් මැසේජ් එක තිබ්බේ මොකාද යකෝ මට මෙහෙම කතා කරන එකා සමහර විට වැරැදිලා වෙන්න ඇති මම ෆෝන් පැත්තකින් තියලා නිදාගන්න හදනකොට කෝල් එකක් ආවා කලින් මැසේජ් එක ආපු unknown number එකෙන්ම තමයි කෝල් එක ආවෙත්
ආන්සර් කරනවද නැද්ද
එක්කෝ ආන්සර් කරනවා
ඕන නැ කෝල් කරලා ඇති වුනාම නවත්තයි නේ
ෆෝන් එක පැත්තකින් තිබ්බා ඒත් නවත්තන පාටක් නැ සුද්ද කොරියන් වලින් කියනවා කියලා හිතාගෙන කෝල් එක ආන්සර් කලා
" තමුසේ මොනාද කරන්නේ කෝල් එක ආන්සර් නොකර "
මොකාක්..... මේ මේ එයාම ද ඒත් කොහෙන් ද මගේ නම්බර් එක
" තමුසෙගේ කටේ පිට්ටුද "
" ජින්........."
" යේ.... ජින් තමයි ඇයි තමුසේ හිතුවේ සේහුන් කියලා ද "
මොන කෙහෙල් ඇවරියක් ගැන ද මේ කියන්නේ සේහුන් ගැන මතක් වුනේවත් නැ
" අනී...... කොහෙන් ද මගේ නම්බර් එක "
" ඒක තමුසෙට වැඩක් නැ නේ "
" මට වැඩක් තියෙනවා "
" හෙට උදේ රෙඩි වෙලා ඉන්නවා මම එනවා "
" ඒ මොකටද "
" පන්ඩිත නොවී කිව්ව දේ කරනවා "
එහෙම කියලා කෝල් එක කට් කලා පුදුම මනුස්සයෙක් තමයි ඕන වෙඩිමක් මම නිදාගත්තා
Next day morning
Author pov
මින්හී කොට්ටෙකුත් තුරුල් කරගෙන සැපට නිදි ගෙදර බෙල් එකත් විනාඩි 05 ක් තිස්සේ වදිනවා මින්හී කොට්ටෙකින් කන් දෙකත් වහගෙන නිදි අන්තිමේ දී වැඩේ හරි යන්නේ නැති තැන ඇදෙන් බැස්සා...
" මොකාද යකෝ උදේ පාන්දර කඩාගෙන පහත් වෙච්ච හාල් පාරුවා මූට ගෙවල් කියලා සෙද්දක් නැද්ද "
මින්හී ආපු එකාගේ හත්මුතු පරම්පරාවම ආදරෙන් මතක් කරන ගමන් ගියා
" උදේ පාන්දර ගෙදර බෙල් එක උඩ නැගගෙන නටන්න හදන ඇනකොන්ඩා මොකාද යකෝ "
මින්හී එහෙම අහන ගමන් දොර ඇරියා හැබැයි එතැන හිටපු සෙට් එක දැක්කාම නම් අරම කතාවක් කියපු එක ගැන මින්හී දහස් වතාවක් පසුතැව්නා මින්හී පිස්සන් කොටුවෙන් පැනපු පිස්සියක් වගේ කොන්ඩේත් අවුල් වෙලා ජින් ඇස් දෙක ලොකු කරගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා ජින් විතරක් නෙවෙයි අනිත් අයත් ෆුල් කම්පියුස් මින්හීට දැන් වලක් කපන් වැලලෙන්න හිතිලා ඉන්නේ
" ඔයාලා මොකද මෙහේ "
මින්හී ඇහුවා
" තමුසෙගේ මතකේ කොහෙද තියෙන්නේ ආ "
ඔන්න දැන් තමයි කෙල්ලට මීටර් වුනේ ඊයේ ජින් කියපු දේ කෙල්ල හිනා වෙලා ඇතුලට එන්න කිව්වා කොල්ලෝ ටික ඇවිත් සෝෆා එකේ වාඩිවුනා
" ආපු එකා ගියා ද සෙද්ද මගේ නින්දත් කෑවා "
සෝහි එහෙම අහගෙන නිදිමතේ වැනි වැනි ආවා මින්හී මුකුත් නොකියා සෝහි දිහා බලාගෙන හිටියා සෝහි එතකොට තමයි සෝෆා එකේ වාඩි වෙලා ඉන්න කොල්ලෝ ටික දකින්නේ සෝහි දෙපාරක් ඇස් පිය ගැහුවා ආවාට වඩා වේගෙන් ගියා මින්හීත් සෝහිගේ පස්සෙන් ඇතුලට දිව්වා
" ඒ මොකද්ද බන් ඒ වුනේ "
ටේහ්යුන් ඇහුවා
" යුන්මිටම සෙට් වෙන නිදිකුම්බරීයෝ ටිකක් "
ජන්කූක් කිව්වා
කෙල්ලෝ දෙන්නා කෙලින්ම දුවගෙන ගියේ යුන්මිගේ රූම් එකට යුන්මි නැගිටලා ඇද උඩ වාඩිවෙලා වෙලා ජීහි එක්ක ලොකු සාකච්ඡාවක්
" කවුද තොපි දෙන්නාගේ පස්සෙන් පන්නගෙන ආවේ "
දුවගෙන ආපු කෙල්ලෝ දෙන්නා දැකලා යුන්මි ඇහුවේ
" පස්සෙන් කවුරුවත් ආවේ නැ යකෝ උබේ ඔප්පා ඇවිල්ලා තනියෙන් නෙවෙයි අනිත් සෙට් එකත් එක්ක "
සෝහි කිව්වා
" අහ් මම දන්නවා ඒක නිසා තමයි රූම් එකෙන් එලියට ආවේ නැත්තේ "
යුන්මි කිව්වා නෙවෙයි කියවුනා සෝහි මින්හී දෙන්නා යුන්මි දිහා මරාගෙන මැරෙන සයිස් බැල්ලමක් හෙලුවා
" මොකද තොපි දෙන්නා ඔහොම බලන්නේ "
යුන්මි ඇහුවා
",මෙහෙම නැතුව කොහොම බලන්න කියලා ද තෝ කියන්නේ සෝමාලියන් ආමඩිල්ලෝ "
මින්හී කිව්වා
" වරදක් කලත් සිතකින් නොවේ පලිගන්නේ රිදවන්නේ ඇයි මේ ලෙසේ "
යුන්මි කිව්වා
" ඒක තමයි "
ජීහි කිව්වා
" එතකොට තෝත් මේකට එකතුයි ද කියපන් "
සෝහි අහද්දී ජීහී දත් තිස් දෙකම එලියට දාලා හිනා වුනා
" අද තොපි දෙන්නාම ඉවරයි "
මින්හී කිව්වා දැන් මෙතන තත්ත්වය පැහැදිලි කලොත් කොට්ට උඩින් පාවීගෙන යනවා පුලුන් හැමතැනම විසිරිලා වතුර පුරවලා තිබුණු වීදුරුවක් කුඩේ කුඩු කෙටියෙන් පැවසුවොත් පිස්සන් කොටුවකට වඩා අන්තයි පිස්සෙක් මේක දැක්කොත් ඒකාට පිස්සු ඩබල් වෙනවා කොහොම හරි හතර දෙනා රන්ඩු වෙලා ලෑස්ති වෙලා ආවා
Minhee's outfit
Sohi's outfit
Yunmi's outfit
Jihi's outfit
හතර දෙනා එක්ක රෙඩි වෙලා ආවා ජින් මින්හී දිහා බලාගෙන හිටියේ ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් දැක්කා වගේ තව කෙනෙක් සෝහි දිහා හොරාට බලාගෙන ඉන්නවා
" අඩේහ් මේ අර කෙල පෙරාගෙන නිදාගන්න හඩු කෙල්ල ද "
ජන්කූක් ඇහුවේ යුන්මි දිහා බලාගෙන
" කුක්කෝ තවුසෙගේ හා දත් දෙක මට කියලා ගලවන්න ආසාවක් ඇවිල්ලා වගේ "
යුන්මි රවාගෙන කිව්වා
" ඔක්කොම රෙඩි නේ අපි යන් "
නම්ජූන් එහෙම කියාගෙන නැගිට්ටා
" කුක්කෝ මාත් එක්ක යන් "
යුන්මි කුප්ප හිනාවක් දාගෙන කිව්වා
" තමුසේ මොකද ඔහොම හිනා වෙන්නේ "
" කොහොමද "
" පස්සේ රන්ඩු වෙයන් දැන් යමන් "
ජින් එහෙම කියාගෙන නැගිටලා එලියට ගියා ජන්කූක් යුන්මි ජිමින් එක්ක එක කා එකක යද්දී නම්ජූන් ටේහ්යුන් ජීහී සෝහි එක කා එකක යද්දී ජින්ට මින්හී එක්ක තනියෙම යන්න ඕන නිසා හොබී යුන්ගි තව කා එකක ගියා
" කුක්කෝ බඩගිනියි "
ටික දුරක් යද්දී යුන්මි පිටිපස්සේ ශීට් එකේ ඉදගෙන කෑගැහුවා
" හිමින් කතා කරපන් යකෝ මගේ කන ඉවරයි "
ජන්කූක් මූන අකුලගෙන කියද්දී ජිමින් යුන්මි හිනා වුනා
" මියානේ කුක්කෝ බඩගිනියි ඒ වුනාට "
යුන්මි කිව්වා
" තමුසේ කෑවේ නැද්ද ඕයි "
" කන්නේ කොහෙද උදේ පාන්දර හරක් රැලක් කඩාගෙන පහත් වුනා නේ "
" හරක් කිව්වේ අපිට ද "
ජිමින් පිටිපස්ස හැරිලා යුන්මිගෙන් ඇහුවා
" තොප්පිය හරි නම් දාගන්න එකයි ඇත්තේ "
" තමුසේ කියපු හරක් රැලට යුන්ගි හියුන්ග් අයිති කියලා අමතක වෙලා වගේ "
ජන්කූක් කියලා
" ඉතින් මට මොකෝ....
මට බඩගිනියි කන්න දීපියව් "
යුන්මි කෑගහලා කිව්වා
" හරි බන් වදේ හිමින් කතා කරපන්කෝ මම කිලෝමීටරයක් එහායින් නෙවෙයි නේ ඉන්නේ "
ජන්කූක් කා එක නවත්තලා කිව්වා
" කෑගහන්නේ නාකි ගස් හාවොන්ගේ කන් ඇහෙන්නේ නැ නේ ඒකයි "
යුන්මි කියද්දී ජිමින් හෙන හයියෙන් හිනා වුනා
" මම කිව්වා කියලා හිතාගනින් "
ජන්කූක් එහෙම කා එකෙන් බැහැලා ගියා ටිකකින් ජන්කූක් බනානා මිල්ක් එකකුයි කෑම වගයකුයි අරගෙන ආවා
" බනානා මිල්ක් එක මට "
යුන්මි එහෙම කියලා ජන්කූක්ගේ අතේ තිබුණු බනානා මිල්ක් එක උදුරලා ගත්තා
" යාහ්හ්හ් ඕක මගේ "
"දැන් මගේ "
යුන්මි එහෙම කියලා බනානා මිල්ක් එක කටේ ගහගත්තා
" තමුසේ ගැන බලාගන්නම්කෝ "
ජන්කූක් යුන්මිට රවාගෙන කිව්වා
" පුහ් දැන් මම බය වෙන්න ඕන ද "
යුන්මි එහෙම කියාගෙන අහක බලාගත්තා ජිමින් හිනා වුනා
_______________________________________
Minhee pov
මොන පිස්සුවක් ද මන්දා මාත් එක්ක යන්න ආපු ජීහී සෝහි එක්ක යවලා හොබී ඔප්පාවත් යුන්ගි ඔප්පා එක්ක යැව්වා මේ මනුස්සයා මාව මරන්නවත් අදහසක් තියෙනවා දන්නේ නැ ඊයේ සේහුන්ට ගහපු විදියට මම හිතුවේ සේහුන් මැරුනා කියලා තමයි
මම ශටර් එක එහා පැත්ත බලාගෙන හිටියා මිසක් වැරැදිලාවත් ජින් දිහා බැලුවේ නැ හිත කියන්නේම එකපාරක් හරි ජින් දිහා බලන්න කියලා ඒත් මම බැලුවේ නැ එක පාරට බ්රේක් ගහපු නිසා තව පොඩ්ඩෙන් මගේ ඔලුව වදිනවා
" තමුසේ අප්පාගේ පාර කියලා හිතාගෙන ද ඔහොම බ්රේක් ගහන්නේ ආ තව පොඩ්ඩෙන් මගේ ඔලුවත් වදිනවා මෝඩයා "
" කවුද මෝඩයා "
ජින් කිව්වේ මගේ මූනට එබෙන ගමන් මම බෙල්ලෙන් පිටිපස්සට වුනා
" මේ... මොකද "
ජින් මගේ මූනට ලං වෙනකොට මගේ ඇස් පියවුනු හේතුව මමවත් දන්නේ නැ මගේ කනට කිට්ටු වෙලා කිව්ව දේ නිසා මම ඇස් ඇරියා
" බඩගිනියි ද "
හෑ... මොකාක්.... බඩගිනියි ද යකෝ ඒක අහන්න ද මෙච්චර ලං වුනේ මම හිතුවේ........
නැ ඒක වැඩක් නැ ජින් කට කොනින් හිනා වී ගෙන පිටිපස්ස ශීට් එකේ තිබුණු බෑග් එකක් අරගෙන මගේ ඔඩොක්කුවෙන් තිබ්බා මම තාමත් ඇස් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉන්නවා
" මොකද ඔහොම බලන්නේ තමුසේ හිතුවේ මම තමුසෙව කිස් කරන්න හදනවා කියලා ද "
සැක් ලැජ්ජාව බාල්දියෙන් එකයි නියගලා අලයක් කාලා මැරෙන්න හිතයි මේ මනුස්සයා ඉස්සරහම ඇයි දෙවියනේ මාව නෝන්ඩි කරන්නේ මම මොකද්ද කරපු වරද ඉදලා හිටලා සෝහිට ජීහිට කුප්ප ගේමක් අදින්නෙත් උන් මට කරන දේවල් වලට රිටන් එකක් වශයෙන් විතරයි සක්රයාගේ පඩුපුල් ආසනේ උනු වෙන්නේ නැද්ද යකු මගේ දුක වේදනාව දැකලා........
මම නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" කනවා බලාගෙන ඉන්නේ "
මම කන්න පටන් ගත්තා මාත් ඉතින් බඩගින්නේ නේ හිටියේ කන්න කියලා නේ කිව්වේ පැය කිහිපයකට පස්සේ අපි බූසාන් වලට ආවා යුන්මි ජන්කූක් එක්ක වලියක් තව පැත්තකින් සෝහි ටේහ්යුන්ට රවනවා ඒ ඔක්කොම අස්සේ ජීහි ජිමින් එක්ක ලෝකේ පෙරලන්න වගේ කතාවක් මෙහේ හරි ලස්සනයි මම වටපිටාව බල බල ඉන්නකොට කවුරුහරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුනු නිසා මම බැලුවේ එතකොට ජින් එහා පැත්ත බලා ගන්නවා මම දැක්කා මම හිනා වෙලා ජීහි ලගට ගියා
" ඕක නවත්තපල්ලා යකුනේ තොපි දෙන්නා එනකොටත් රන්ඩු වුනා මෙතන ඇවිල්ලාත් රන්ඩු වෙනවා මොකද්ද යකෝ "
ජිමින් ජන්කූක් යුන්මි දෙන්නා රන්ඩුව නවත්තන්නේ නැති නිසා කෑගැහුවා
" ඇයි මුන් දෙන්නා රන්ඩු වෙන්නේ "
නම්ජූන් ඔප්පා ඇහුවා
" හියුන්ග් ඔයාගේ නැගනිය මගේ ජාතික පානය තනියෙන් බිව්වා "
ජන්කූක් පොඩි ලමයෙක් වගේ කිව්වා
" උබේ කෙහෙල් කිරි එක මොකටද යුන්මි බොන්නේ "
හොබී ඔප්පා ඇහුවා
" මම දන්නේ කොහොමද හියුන්ග් අද පෙත්ත ගහලා නැ වගේ කොයිවෙලෙත් මාත් එක්ක එල්ලෙන්නමයි හදන්නේ "
ජන්කූක් කිව්වා
" තමුසේ එක්ක එල්ලෙන්න තරම් මට මානසික රෝගයක් වල් හාවෝ "
" ජින් හියුන්ග් බලන්නකෝ මේකි මට වල් හාවා ලු ඇයි හියුන්ග් අහිංසක මට එහෙම කියන්නේ "
මම බැලුවේ ජින් මොනවා කියයිද කියලා
" ඇත්ත නේ කිව්වේ උබ අහිංසක නැ නේ "
" උබ ඉල්ලන් කෑවේ බන් "
ටේහ්යුන් ජන්කූක්ගේ කරට අත දාගෙන කිව්වා
" දවසෙම මෙතන ඉන්න ද හදන්නේ ඇතුලට එන්නේ නැද්ද "
මැදි වයසේ ගෑනු කෙනෙක් එහෙම අහගෙන අපේ පැත්තට ආවා
" කොහොමද පුතාලාට කාලෙකින් දැක්කේ මගේ කොල්ලෝ ටික ලස්සන වෙලා "
" ආන්ටි දන්නවා නේ අපි ගැන නැව ගිලුනත් අපි ජොලියේ ඉන්නවා "
ජිමින් කිව්වා
" ගිලෙන්න නැවක් කොහෙද බන් මෙතන "
ටේහ්යුන් හිනා වෙවී ඇහුවා
" ජින් පුතා කොහොමද "
" හොදින් ඉන්නවා ආන්ටි "
ජින් හිනා වෙලා කිව්වා අම්බෝ ඒ හිනාව පිස්සු හැදෙනවා
" ඔම්මා හැමෝම ගැන අහලා ඉවර ද "
යුන්මි ඇහුවා ඒ කියන්නේ යුන්මිගේ ඔම්මා තමයි මේ
" අම්බෝ මේකිගේ ඉරිසියාව "
ජන්කූක් කිව්වා
" හා දතා කට වහගෙන ඉන්නවා "
" හරි හරි පස්සේ රන්ඩු වෙන්න ඉස්සෙල්ලාම මට මේ ලස්සන කෙල්ලෝ තුන් දෙනා කවුද කියලා හදුන්වා දෙන්නේ නැද්ද "
" ඔම්මාට දැන් ද මේ ත්රිබල දැක්කේ 😑"
" යුන්මි "
" හරි හරි ඉතින්
මේ ඉන්නේ මින්හී "
" කොහොමද දුව "
" හොදයි ආන්ටි "
මම හිනා වෙලා කිව්වා
" ඔච්චර සංවර වෙන්න එපා යකෝ මගේ කාර්ඩ් කුඩු වෙනෝ "
යුන්මි මගේ කනට කරලා රහසින් කියද්දී මට හිනා ගියා යුන්මිගේ ඔම්මා නොහිටියා නම් මම මේකිට කියලා ..
" එතකොට මේ සෝහී මායි මින්හී එක්ක යුනි යනවා
මේ ජීහි මින්හී යක්ෂ නංගි high school එකේ last year "
සෝහි ජීහි දෙන්නාත් හිනා වුනා යුන්මිගේ ඔම්මා කරුනාවන්ත කෙනෙක් වගේ ඒක නේ මේකි මෙච්චර පිස්සු කෙලින්නේ
" ආව්..... කොනිත්තන්න එපා යකූ "
යුන්මි අතත් අල්ලාගෙන කෑගැහුවා ෂුවර් එකට ජීහි කොනිත්තලා ජීහි මුකුත් නොදන්න ගානට ඉන්නවා
" යන් යන් ඇතුලට "
යුන්මිගේ ඔම්මා ඉස්සර වෙලා ගියා අපි පස්සෙන් ගියා
To be continue..........😈
ඉක්මනට කතාව ඉවර කරනවා
Bạn đang đọc truyện trên: AzTruyen.Top