14.You're Mine 💓
Minhee pov
සේහුන් මගේ අත අල්ලාගෙන අතහරින්නේ නැ මම කොච්චර අත ඇද්දාත් වැඩක් වුනේ නැ
" මොකද මෙතන වෙන්නේ "
ඒ කටහඬ ඇහුනු ගමන් මම පිටිපස්ස බැලුවේ ඒ කටහඩේ අයිතිකාරයා කවුද කියලා මම දන්න නිසා මම හිතපු කෙනා තමයි එතැන හිටියේ ජින් අතමිට මොලවගෙන බලාගෙන හිටියේ ඒ ඇස් දකින ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් ජින් ඉන්නේ කේන්තියෙන් කියලා අඩියට දෙකට මගේ ලගට ආපු ජින් මගේ අතින් ඇදලා එයාගේ පිටිපස්සට කරගත්තා
" ඕ හෝ වීරයා ආවා එහෙනම් "
ජින් කින්ඩියට වගේ හිනා වුනා
" උබ කවද්ද බන් පාඩමක් ඉගෙනගන්නේ "
" උබ හරි ආසයි නේ අනුන්ගේ වැඩ වලට ඇගිලි ගහන්න "
" මම ඇගිලි ගහන්නේ උබේ වැඩ වලට විතරයි "
" අහ්.... මට ඕන මේ කෙල්ල විතරයි දවසකට දීපන් "
සේහුන් කිව්වේ තොල ඇගිල්ලෙන් පිරිමදින ගමන් ජින් අල්ලාගෙන හිටපු මගේ අත තද කලේ තරහට
" උබ මොකද්ද යකෝ කිව්වේ මේ මගේ කෙල්ල "
මොකද්ද යකෝ ඒ කියපු හතර බීරි කතාව මම කවදා ඉදන් ද මේකාගේ කෙල්ල වුනේ
ජින් කෑගහලා කිව්වේ සේහුන්ගේ ඇදුමෙන් අල්ලාගෙන කෑගැහුවා හැමෝම බලාගෙන ඉන්නවා
" උබට ඇහුනු දේ තමයි ඒකි මාර ලස්සනයි බන් "
" මම අද තෝව මරනවා බල්ලා "
ජින් එහෙම කියලා සේහුන්ගේ මූනට අත මිට මොලවලා ගහද්දී සේහුන් අඩියක් දෙකක් පස්සට ගියා තොල පැලිලා ආපු ලේත් පිහිදගෙන සේහුන් ජින්ට ගහන්න ආවා අනිත් අයත් ගිහින් සේහුන් එක්ක හිටපු අයට ගහනවා යුන්මි සෝහි දෙන්නා ෆිල්ම් එකක ෆයිට් සීන් එකක් බලනවා වගේ දෙන්නා එක්ක බලාගෙන ඉන්නවා ඒ මදිවට හිනා වෙනවා මුන් දෙන්නාට ලෝකේ පෙරලුනත් ජොලියේ ඉන්නවා දෙන්නා තකට තක
ජින් බිත්තියට තද කරලා සේහුන්ගේ බෙල්ල අල්ලාගෙන ඉන්නවා අයිෂ් මේ මනුස්සයාට කේන්තිය පාලනය කරගන්න බැරි ද මටත් පාලනය කරගන්න බැරි බව වෙනම කතාවක් ඒත් මේකා මලොත්.......
මම එහෙම හිතලා ගිහින් ජින්ගේ අතින් ඇල්ලුවා .
" මින්හී මාව අතහරිනවා මට මූව මරන්න ඕන "
" ජින් සේහුන්ව අතහරින්න "
" බලපන් ඒකි මට ආදරෙයි එහෙම නේද බේබි.."
සේහුන් එහෙම කියද්දී ජින් සේහුන්ගේ බෙල්ල අතහැරලා පයින් ගැහුවා තව හිටියොත් ජින් සේහුන් මරලා තමයි නවතින්නේ කියලා දන්න නිසා මම ජින්ව ඇදගෙන එතැනින් ආවා එදා යුන්මි එක්කගෙන ආපු බෙන්ච් එක ලගට ගියා එතැන නිස්කලංක පරිසරයක් තිබුනේ ජින්ට බෙන්ච් එකෙන් වාඩි වෙන්න කියලා මම ඇස් වලින් කිව්වා
" තමුසේ ඇයි ඌව බේරගත්තේ ආ.."
කෑගහලා අහද්දී මාත් ගැස්සිලා ගියා ඕක පොඩ්ඩක් හිමින් ඇහුවා නම් මොකද වෙන්නේ ඕක කියන්න ගියේ නැ හිතුවා විතරයි කියන්න ගිහින් නිකන් අපරාදේ දත් දෙකක් ආමාශගත කරගන්න ඕන නැ නේ
" සේහුන් තව ටිකක් තමුසෙගෙන් ගුටි කෑවා නම් මැරෙනවා ඒකයි බේරගත්තේ "
ජින් මගේ අත තද කරලා ඇල්ලුවා මේ යකාට තේරෙන්නේ නැද්ද මම යකඩෙන් නෙවෙයි හැදිලා තියෙන්නේ කියලා මටත් ස්නායු පද්ධතියක් තියෙනවා කියලා මටත් රිදෙනවා
" ඒ කියන්නේ ඌ කියපු කතාව ඇත්ත තමුසේ ඌට කැමතියි නේහ් "
මොන විකාර කතාවක් ද යකෝ ඒ කිව්වේ මම මේකාව ඇදගෙන ආවේ සේහුන්ට මොනාහරි වුනොත් මේකාට ප්‍රශ්නයක් වෙන හින්දා
" පිස්සු ද මම ඒකාට කැමති නැ "
" එහෙනම් මොකටද ඌව බේරගත්තේ "
" අයිෂ් මෝඩයෝ සේහුන් තමුසේ අතින් මැරුනොත් තමුසෙට මොකද වෙන්නේ කියලා හිතුවාද "
" ඒ කියන්නේ තමුසේ මං ගැන හිතනවා එහෙම නේද "
අපරාදේ ඕක කිව්වේ මුඛය නිසා ලු නේ ෆිෂ් නහින්නේත් මම නහින්නේත් ඔය මුඛය කියන සෙද්ද නිසා තමයි දැන් උත්තර දීපන්කෝ
" කවුද එහෙම දෙයක් කිව්වේ....."
" එහෙනම් කොහොම දෙයක් ද කිව්වේ "
" මුකුත් නැ "
මම එහෙම කියලා යන්න හැරුනත් මට වඩා ඉක්මන් වුනු ජින් මගේ ඉන වටේ අත් යවලා එයාගේ පපුවට තුරුල් කරගත්තා මම දැගලුවත් ජින් මාව අත හැරියේ නැ මම දගලන එක නැවැත්තුවාම ජින් මගේ උරහිස උඩින් එයාගේ නිකට තිබ්බා එයාගේ හුස්ම මගේ බෙල්ලේ වදිද්දී සුෂුම්නාවත් එක්කම සීතල වෙලා ගියා කවදාවත් නොවිදපු හැගීම් ගොන්නක් මැද්දේ මම තනිවෙලා මට දැනෙන උනුසුම හරි හුරුපුරුදුයි වගේ ඒත් මට කවදාවත් කොල්ලෙක් මෙච්චර ලං වෙලා නැ
" මියානේ කෑගැහුවට."
මේකාට වැරැදි දෙයක්වත් කැවිලද මගෙන් සමාව ඉල්ලන්නේ
" මට කේන්ති ගියා අරු අර විදියට කතා කරද්දී ඔයා මාව නවත්තද්දී ඊට වඩා කේන්ති ගියා "
" සේහුන් එහෙම කියද්දී තමුසෙට මොකටද කේන්ති ගියේ "
" තමුසේ මගේ නිසා "
මොකද්ද යකෝ ඒ හරුපේ මාව නිකන් කරකවලා අතහැරියා වගේ ඒ මොකද්ද කිව්වේ කියලා අහගන්න මම බෙල්ල ජින්ගේ පැත්තට හැරෙව්වා මගේ තොල් ජින්ගේ කම්බුලේ ගෑවෙන්න ඔන්න මෙන්න ජින් එසැනින් මගේ දිහා බැලුවා මගේ හාට්ටුව අසූ හාරදාහට ගැහෙනවා මම හාර්ට් පේෂන් කෙනෙක් නම් මෙලහකටත් මැරිලා මගේ තොල් වලට ඉක්මන් හාදුවක් තවරලා ඈත් වුනා මම ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට මම කවදාවත් නොදැකපු ලස්සන හිනාවක් ජින්ගේ මූනේ ඇදුනා
" මට දැන් lecture එකක් තියෙනවා "
මම එහෙම කිව්වාම තමයි මාව අතහැරියේ
" ආපහු අරු මොනාහරි කියාගෙන ආවොත් මට කියන්න හරි ද"
මම හා කියන්න ඔලුව වනලා ගියා ඕකට විරුද්ධව මොනාහරි කියාගෙන ගියොත් නින්ද ගිහින් ඉන්න යකා ආපහු නැගිටලා මට කෑගහයි නිකන් ඉල්ලන් කන්න ඕන නැ නේ මම එහෙම හිතලා lecture hall එකට ආවා
" උබ ආව ද මම හිතුවේ දැන්ම එන එකක් නැ කියලා "
සෝහි මාව දැක්ක ගමන් කිව්වා
" උබ ජින් ඔප්පා ඇදගෙන ගිහින් මොනාද කලේ "
ඒ පුරස්නය යුන්මිගෙන්
" මම මුකුත් කරේ නැ යකෝ "
" උප්ස්........ ඒත් මොනාහරි වෙලා වගේ බලපන් මූනේ තියෙන පැනි හිනාව අව්ස් "
සෝහි කිව්වා
" ඒක නේ අපරාදේ පැනි ටික භාජනයක් තිබ්බා නම් හරි "
" කට වහගෙන හිටපන් යකුනේ 😤 "
" ලැජ්ජයි ද ශුදූ ඔයාට....."
සෝහි හිනා වෙවී ඇහුවා
" ඒක නෙවෙයි බන් ඇයි අර සකරවට්ටම් ටික මට රවන්නේ "
මම ආපු වෙලේ ඉදලා කෙල්ලෝ ටිකක් මට රවනවා ඉවරයක් නැති නිසා මම ඇහුවේ
" ඒ මේක නේ බන් උබ උන්ගේ සිහින කුමාරයාව අල්ලාගත්තා නේ ඒකයි "
යුන්මි කිව්වා
" යකෝ මම කොහෙද උන්ගේ සිහින කුමාරයෙක් අල්ලගත්තේ "
" ආ එහෙම නෙවෙයි ද එහෙනම් මොන කෙහෙල් ඇවරියක් කරන්න ද ජින් ඔප්පාව ඔක්කොම ඉස්සරහ ඇදගෙන ගියේ කියපන් බලන්න "
සෝහි ඇහි බමකුත් උස්සගෙන මගෙන් ඇහුවා
" ජින් සේහුන් එක්ක රන්ඩුවට ගියේ මම නිසා නේ බන් ඒකයි මම ජින්ව ඇදගෙන ගියේ "
" ඇයි උබ ජින් ඔප්පාට ඔප්පා නොකියන්නේ "
යුන්මි ඇහුවා ඇත්තටම ඇයි මම ජින්ට ඔප්පා නොකියන්නේ ඒක මටත් පුරස්නයක්
" දැන් දීපන් උත්තර "
සෝහි කිව්වා මට ඒකට උත්තරයක් දෙන්න හම්බුනේ නැත්තේ lecturer ආපු නිසා පැය ගානක් ඇදුනු lecture එකෙන් පස්සේ අපි ආවා ඒත් එක්කම නම්ජූන් ඔප්පා අපි හිටපු තැනට ආවා
" තමුසේ ෆෝන් ඕෆ් කරගෙන මොන මගුලක් ද ඕයි කරන්නේ "
ඔප්පා ආපු ගමන් යුන්මිගෙන් ඇහුවා
" ඇයි තමුසේ දන්නේ නැද්ද මම lecture එකට කලින් ෆෝන් ඕෆ් කරනවා කියලා "
අපි දන්නෙත් නැ නේ
" ඔම්මා කතා කලා තමුසෙටයි මටයි ගෙදර එන්න කිව්වා "
" ඒ මොකටද "
" මම දන්නවා ද ඕයි ඒක "
" හ්ම්ම්
මින්හී සෝහි මම මේකා එක්ක ගිහින් එන්නම් ඈ "
" හරි බන් පරිස්සමින් "
" පාරේ මැදින් පරිස්සමින් පලයන් එන ගමන් කන්න මොනාහරි අරගෙන වරෙන් "
සෝහි කිව්වා
" සැක් පෙරේති "
යුන්මි එහෙම කියලා නම්ජූන් ඔප්පා එක්ක ගියා
Author pov
නම්ජූන් යුන්මි එක්ක රන්ඩු වෙවී ගෙදර ගියේ දෙන්නා එක්ක ගෙදර ආවා
" ඔම්මා අපි ආවෝ "
යුන්මි එහෙම කියාගෙන ඇතුලට ගියා නම්ජූන් යුන්මිගේ පස්සෙන් ගියා
" ජූනී පුතා ආවද "
ඔම්මා ගිහින් නම්ජූන්ව වැලදගත්තා යුන්මි පැත්තකට වෙලා ඉනටත් අත් දෙක ගහගෙන බලාගෙන ඉන්නවා
" පුතා කෙට්ටු වෙලා වගේ "
නම්ජූන්ගේ මූන අල්ලාගෙන කිව්වා
" අනී ඔම්මා final year එක නේ වැඩ වැඩියි "
" පුතා කන්නේ නැද්ද ආ "
" අයියෝ ඔම්මා ආවා විතරයි නේ ඔයාගේ ප්‍රශ්න පත්‍රයට පස්සේ උත්තර දෙන්නම් "
නම්ජූන් කිව්වා
" ඔම්මායි පුතායි හුරතල් වෙලා ඉවර ද ඔම්මාට දුවෙකුත් ඉන්නවා කියලා මතක ද "
යුන්මි කට ඇද කරගෙන කිව්වා
" එක් කෙනෙක් ඉරිසියාවේ පුපුරනවා "
නම්ජූන් හිනා වෙවී කිව්වා
" අනේ මට වෙන වැඩ නැ නේ මම යනවා ඔම්මායි පුතායි ඕන දෙයක් කරගන්න "
" යුන්මියා කොහෙද යන්නේ "
යුන්මි යන්න ගිහින් ආපහු නැවතුනේ මිස්ටර් කිම්ගේ කටහඬ ඇහුනු නිසා
" අප්පා......"
" ආපු ගමන් කොහෙද යන්න හදන්නේ "
" ඔම්මාට පේන්නේ ඔප්පා විතරයි මම කියලා කෙනෙක් ඉන්නවා ද කියලාවත් ගානක් මම යනෝ "
යුන්මි පොඩි ලමයෙක් වගේ තොල පිට පෙරලගෙන කිව්වා
" මේ කෙල්ල තාම පොඩි ලමයෙක් වගේ "
මිසිස් කිම් කිව්වා
" මම පොඩියි තමයි "
" අම්බෝ ඔව් ඔව් පොඩියි වෙන නැත්නම් "
නම්ජූන් කිව්වා
" කට වහගෙන ඉන්නවා "
" මම එන්න කිව්වේ දෙන්නාට රන්ඩු වෙන්න නෙවෙයි "
මිස්ටර් කිම් කියනකොට නම්ජූන් යුන්මි දෙන්නා කට වහගත්තා
" බූසාන් වල අලුතින් ඕපන් කරන ශෝපින් මෝල් එකේ පාටියක් තියෙනවා මිස්ටර් පාක් කිව්වා ඔය දෙන්නාවත් එක්කගෙන එන්බ කියලා හෙට යන්න දෙන්නාම ලෑස්ති වෙන්න "
" අපි දෙන්නා එන්නම ඕන ද අප්පා "
යුන්මි ඇහුවා
" යේ යුන්මියා මිස්ටර් පාක්ගේ ඉල්ලීම අහක දාන්න බැ දෙන්නා එක්ක එන්න "
" මගේ යාලුවොත් එක්ක එන්නම් ද "
යුන්මි ඇහුවා
" හරි යුන්මියා ඔප්පාගේ යාලුවොත් එනවා නේ "
මිසිස් කිම් කිව්වා
" අපි යන්න ද "
නම්ජූන් ඇහුවා
" පුතා dinner එක අරගෙන යන්න "
" අනී ඔම්මා වැඩ ගොඩයි "
" මාත් ඔප්පා එක්ක යන්නම් ඔම්මා "
යුන්මි නම්ජූන් එක්ක ආවා
" මිස්ටර් පාක් අපි දෙන්නාට එන්න කියන්නේ ඇත්තේ මොකට කියලා හිතන්නේ "
යුන්මි නම්ජූන්ගේ පැත්තට හැරිලා ඇහුවා
" මොනා වුනත් හොදකට නෙවෙයි කලින් ගෙනාපු යෝජනාවට තමුසේ කැමති වුනෙත් නැ නේ "
" මට ඌව පේන්න බැ අනික මම තාම ඉගෙනගන්නවා "
" හ්ම්ම් මොනා වුනත් තමුසේ පරිස්සම් වෙනවා මට මිස්ටර් පාක්ව විශ්වාස නැ "
" හ්ම්ම් "
" මට තමුසේ එක්ක කොහොමත් කතා කරන්න වුවමනා වෙලා තිබුනේ "
නම්ජූන් කියද්දී යුන්මි බැලුවේ ඇයි කියලා අහන්න වගේ
" මොකෝ තමුසේ ඔහොම බලන්නේ මොකක් හරි හොර වැඩක්වත් කලා ද "
" අනී..."
නම්ජූන් යුන්මි එක්ක පාක් එකට ගියා
" ඇයි දැන් මාව මෙතනට එක්කන් ආවේ "
යුන්මි ඇහුවා
" මම කිව්වේ තමුසේ එක්ක කතා කරන්න ඕන කියලා වාඩි වෙන්න "
නම්ජූන් එතැන තිබුණු බෙන්ච් එකකින් වාඩි වෙන ගමන් කිව්වා යුන්මි වාඩිවුනා
" යුන්මියා ඔයා මේක අහලා කොහොම react කරයිද කියන්න මම දන්නේ නැ "
" මොකද්ද කියන්න හදන්නේ "
" එදා ඔයා මාව හොයාගෙන ආපු වෙලාවේ යුන්ගි......................"
නම්ජූන් කියන්න ගියපු දේ නවත්තලා යුන්මි කතා කලා
" මම ඒක අමතක කලා ඔප්පා ආපහු ඒ දේවල් මතක් කරනවාට මම කැමති නැ "
" යුන්මි අහන්නකෝ ඉස්සෙල්ලාම අපි mafia gang එකක් ඔයා අහලා තියෙනවා නේද SJ ගැන ඒ තමයි ජින්.... "
යුන්මි ඇස් දෙක ලොකු කරගෙන නම්ජූන් දිහා බලාගෙන ඉන්නවා
" අපි mafia gang එකක් පටන් ගන්න හේතුව ජින්ගේ ඔම්මාගේ මරනය ඒක murder එකක් යුන්මියා ජින්ට ඔම්මාගේ මරනයට වග කියන්න ඕන කවුද කියලා හොයාගන්න ඕන වුනා ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා gang එකක් හදාගත්තේ
එදා ඔයා අඩ අඩා ගෙදර ගියා කියලා යුන්ගි කිව්වා මියානේ යුන්මියා යුන්ගිට කේන්ති ගිහින් හිටපු ඔයාට එහෙම කතා කරන්න ඇත්තේ මොකද කතා නැත්තේ ආ "
නම්ජූන් කියන හැමදේම නිහඩව යුන්මි අහගෙන හිටියා
" ඔප්පා ගැන මම දන්නවා ඔයා මොන දේ කරත් කරන්නේ හරි දේ ඔප්පා underworld එකට සම්බන්ධ වුනා කියලා මට ප්‍රශ්නයක් නැ අනිත් එක මට කොහොමත් ඕක තේරිලා තිබුනේ මම ඉතින් අහන්න ගියේ නැ තමුසේ කවදාහරි මට කියයි කියලා හිතාගෙන මම හිටියා "
" තමුසේ කොහොමද දැනගත්තේ "
" තමුසේ කාත් එක්ක ද කතා කර කර ඉන්නවා දවස් දෙක තුනක්ම් ඇහුනා "
" අනුන්ගේ කෝල්ස් අහගෙන ඉන්න ලැජ්ජ නැද්ද ආ "
" අනුන්ගේ කොහෙද මගේ ඔප්පා නේ "
" මම හිතුවේ නැ තමුසේ මෙච්චර ලේසියෙන් මාව අතහරියි කියලා "
" කවුද කිව්වේ තමුසේ අතහරිනවා කියලා පනිෂ්මන්ට් තියෙනවා පරිස්සමින් ඉන්නවා හුම් මගේ හැටි දන්නේ නැ අර කුක්කා ගැනත් බලාගන්නම් කෙල්ලොන්ගෙන් බේරෙන්න විතරයි මාව මතක් වෙන්නේ අහුවෙයන්කෝ ඕකා "
යුන්මි කියවන දිහා නම්ජූන් හිනා වෙවී බලාගෙන හිටියා
To be continue........😈
මිස්ටේක් තිබේ නම් සමාව භාජනයකට දාලා තියාගන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top