13.I Will Kill Him 😡
Author pov
ජන්කූක් ටේහ්යුන් දෙන්නා ගෙදර ගියා
" කොහෙද යකෝ ගියේ වලිගේ ගිනි ගත්තා වගේ "
ඇතුලට යනකොට ම ජිමින් කෑගහගෙන ආවා
" මින්හීගේ ගෙදර "
ටේහ්යුන් කියද්දී අනිත් අයත් එතැනට ආවා යුන්ගි නම් සුපුරුදු පරිදි සෝෆා එක බදාගෙන නිදි
" උබ මොකට ද එහේ ගියේ "
ජින් අහද්දී ජිමින් කුප්ප හිනාවක් දාගෙන ජින් දිහා බැලුවා
" මගේ වුවමනාවකට නෙවෙයි හියුන්ග් ගියේ මෙන්න මේ හාවා තමයි මාව ඇදගෙන ගියපු එක හොදයි නැත්නම් අර පොඩි කෙල්ල ඉවරයි "
ටේහ්යුන් එහෙම කියලා හිනා වුනා
" පිස්සු ද බන් උබට මතක නැද්ද යකෝ දොර අරිනකොටම සෝස්පන් එකක් උස්සගෙන ඇවිත් තව පොඩ්ඩෙන් මගේ ඔලුවට ගහන්න හැදුවේ "
ජන්කූක් කිව්වා
" උබ මොකටද ඉතින් හදිස්සියේ එහේ ගියේ "
නම්ජූන් ඇහුවා
" ජූන් හියුන්ග්ගේ ආදරනීය නැගනිය සෝජු බීලා කෙලින් හිට ගන්න බැරුව පිස්සු කෙලින නිසා ගියේ ඒකි විතරක් නෙවෙයි සෝහි මින්හී ජෝඩුවත් බීලා.."
ජන්කූක් කියද්දී මෙච්චර වෙලා ඇස් දෙක පියාගෙන හිටපු යුන්ගි ඇස් ඇරලා ජන්කූක් දිහා බැලුවා
" මොකා...... යුන්මියා.."
" යේ ජූන් හියුන්ග් යුන්මි ඇරෙන්න හියුන්ග්ට වෙන නංගිලා නැ නේ "
ජන්කූක් කිව්වා
" දැන් ඉතින් ඇයි යුන්මි බීලා තියෙන්නේ "
හොබී ඇහුවා
" ඒකිට පූසෙක් බැනලා ඒකට හිත රිදිලා බීලා තියෙන්නේ "
" යුන්ගියා උබ මොනාද කෙල්ලට කිව්වේ ආ "
ජින් යුන්ගිගේ ඔලුවට ඇනලා ඇහුවා
" මම මුකුත් කිව්වේ නැ ජිනා "
" එතකොට උබ මොකද්ද ඊයේ කිව්වේ..."
නම්ජූන් ඇහුවා
" මොකද්ද බන් ඒ කතාව "
හොබී ඇහුවා
" මේකයි බන් වෙලා තියෙන්නේ යුන්මි මාව හොයාගෙන මෙහෙට ඇවිල්ලා.......................
................................................................................................................................................................................................................................................."
නම්ජූන් විස්තරේ කිව්වා
" යුන්මිගෙන් මේක හංගලා වැඩක් නැ "
ජින් කිව්වා
" දැන් හියුන්ග් මේ ගැන යුන්මිට කියනවා ද "
" යේ... ජිමින් නම්ජූන් උබ කියපන් එයා තේරුම් ගනියි "
ජින් නම්ජූන් දිහාට හැරිලා කිව්වා
" හ්ම්ම් හෙට යුනි එකේදී කියනවා "
නම්ජූන් කිව්වා
Next day morning
Minhee pov
අයිෂ් ඔලුව පැලෙන්න වගේ රිදෙන නිසා මම උදේ ඇහැරුනේ මොකද අප්පා මෙච්චර ඔලුව රිදෙන්නේ අනිත් පැත්තට හැරිලා බහින්න හදනකොට ඇදෙන් බිම වැටුනා
" ආව්.......... "
මොකද්ද යකෝ ඒ සද්දේ ඇදෙන් වැටුනාට රිදුන් නැ නේ
" යාහ්හ් මගේ ඇග උඩින් නැගිටපන් ගෑනියේ "
මම එහාට වෙලා බැලුවා හුටා මම සෝෆා එකේ නිදාගෙන තියෙන්නේ හික් බිම ඉදලා තියෙන්නේ යුන්මි
" අහ්.. ඔම්මා මගේ කශේරුව නැ වගේ උබ මොනාද යකෝ කන්නේ "
යුන්මි නැගිටලා බිම වාඩිවෙලා කොන්දත් අල්ලාගෙන කිව්වා
" මම එච්චර බර නැ යකෝ "
" එහෙම තමයි හිතාගෙන ඉන්නේ ඔලුවත් රිදෙනවා "
" උබ මොනාද මෙතන පොලොව බදාගෙන කරන්නේ "
" මතක නැ බන් මට අන්තිමට මතක මම සෝජු බෝතලයක් අරගෙන dinning table එක උඩ වාඩිවුනා කියලා විතරයි "
යුන්මි ඔලුව අල්ලාගෙන කිව්වා ඇත්ත වශයෙන්ම කිව්වොත් ඊයේ වෙච්ච මෙලෝ සංසාර දෙයක් මට මතක නැ
" අහ් බේබද්දියෝ දෙන්නා නැගිටලා "
ජීහිගේ කටහඬ ඇහුනු ගමන් අපි දෙන්නා ඒ පැත්ත බැලුවා ජීහි ඉනටත් අත් දෙක තියාගෙන කිරට කනවද මිරිසට කනවද බැදලා කනවාද අමුවෙන් කනවද වගේ බැල්ලමක් අපි දෙන්නාට එල්ල කලා
" කෝ අනිත් බේබද්දී "
ජීහි අහනකොට තමයි සෝහි ගැන මතක් වුනේ ඇත්තටම ඒකි කෝ පේන්න නැ නේ මේකි වෙරි මරගාතේ කොහේ හරි ගියා ද දන්නේ නැ ෂුවර් නැ නේ
" අර ඉන්නේ "
යුන්මි පෙන්නුවේ dinning table එක යට නිදාගෙන ඉන්න සෝහිව ඒකි ඉන්න විදිය දැක්කාම මට හිනා ගියා...
" තොපි තුන ඕන මගුලක් කරගන්න එකයි ඇත්තේ මම යනවා "
ජීහි එහෙම කියලා අපිට රවාගෙන ගියා යකෝ අපි මොන වැරැද්දක් කලාට රවන්නේ මාව වැඩක් වුනා නේ
" ඇයි බන් ඒකි අපිට රවාගෙන ගියේ "
යුන්මි මගෙන් ඇහුවා යකෝ මාත් ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ
" මම නොදනී දෙවියෝ දනී.."
කොහොමහරි සෝහිවත් නැගිට්ටගෙන යුනි ගියා අපි දෙන්නාට වඩා යුන්මිට අමාරුයි අපි කිව්වා ගෙදර ඉන්න කියලා ඒකිට තනියෙන් ඉන්න බැ කියලා ආවා උදේ lecture එක පුරාවටම යුන්මි සැපට නිදාගත්තා ඒකිගේ නින්ද ගැන නම් කියලා වැඩක් නැ ලෝකේ පෙරලුනත් ඒකි දන්නේ නැ lecture එක ඉවර වුනා
" යුන්මි නැගිටපන් "
බෑග් එකත් බදාගෙන නිදාගෙන ඉන්න යුන්මිට කතා කලේ
" අනේ නැගිටපන්කෝ බන් මට බඩගිනියි "
සෝහි යුන්මිගේ ඔලුවට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා
" අනේ...... ඉන්න දෙන්නකෝ ඔලුව රිදෙනවා "
යුන්මි සෝහිගේ අතට ගහලා කිව්වා
" හරි නැගිටපන්කෝ ලෙමන් එකක් බිව්වාම ඕක හරි යයි "
මම කිව්වාම යුන්මි ඔලුව උස්සලා බැලුවා
" වරෙන් යන් "
සෝහි යුන්මි අත් පටලවාගෙන කපල් එක වගේ cafeteria එකට ගියා එතැන ගිහිල්ලාත් ඔලුව මේසේ උඩ තියාගත්තා පව් කියලත් හිතෙනවා හැබැයි ඉතින් මේකිගේ නේ අදහස මම ගිහින් ලෙමන් එකක් ගෙනත් දුන්නා
" බීපන් "
මම ලෙමන් එක අතට දෙන ගමන් කිව්වා
" අපි කිව්වා උබට ගෙදර ඉන්න කියලා පන්ඩිතයා වගේ ආවා නේ අද හවස් වෙනකම් lecture තියෙනවා උබ කොහොමද ඉන්නේ "
සෝහි කිව්වාම තමයි මටත් මතක් වුනේ දවසෙම lecture කියලා
" හරි බන් බනින්න එපා "
යුන්මි ලෙමන් එක මේසේ උඩින් තියන ගමන් කිව්වා
Yunmi pov
ඔලුව කැක්කුම තිබුනත් යුනි ආවේ තනියෙන් ඉන්න බැරි නිසා පලවෙනි lecture එක පුරාවටම නිදාගත්තා lecture එක ඉවර වුනාම මින්හී සෝහි දෙන්නා මාවත් ඇදගෙන cafeteria එකට ගියා මින්හී මට ලෙමන් එකක් ගෙනත් දුන්නා සෝහි මට බනින්න පටන් ගත්තා හිතේ වේදනාවට බිව්වාට දැන් තමයි ඉන්න බැරි අපරාදේ බිව්වේ කියලත් හිතෙනවා
" හරි හරි ඕක බීලා ඉදපන් "
මින්හී කිව්වා මට ඕන තරම් යාලුවෝ හිටියා ඒත් ගොඩක් අය නමට විතරයි සමහරුන්ට මාව මතක් වෙන්නේ උදව්වක් ඕන වුනාම විතරයි එයාලා නිසා අඩපු අවස්ථා නැතුව නෙවෙයි මින්හී සෝහි ජීහි මට යාලුවෝ නෙවෙයි සහෝදරියෝ වගේ අපි හම්බවෙලා වැඩි කාලයක් නැති වුනත් එයාලා මට ගොඩක් ලං වුනා
ඔන්න එතකොට තමයි මගේ ආදරනීය මොලකාර ඔප්පායි එයාගේ යාලුවෝ සෙට් එකයි එතනට සම්ප්රාප්ත වුනේ ජන්කූක් මගේ දිහා බලලා අමුතු විදියට හිනා වුනා ඒ හිනාව නම් මට ඇල්ලුවේ නැ මූ මොකක් හරි කුප්ප වැඩක් කරලා වගේ එතකොට මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා
💬 " තමුසේ මොකද බිව්වේ "
මැසේජ් එක එවපු කෙනාගේ නම දැක්කාම මට ඇස් අදහා ගන්න බැරි වුනා තාම වෙරි මරගාතේ විකාර පේනවද කොහෙද අනික එයාට මොකද මම මොනවා කරත් මම එයාගේ කවුරුවත් නෙවෙයි නේ මම ෆෝන් එක පැත්තකින් තිබ්බා ආපහු මැසේජ් එකක් ආපු නිසා මම බැලුවා ඒක තිබ්බේ ජන්කූක්ගෙන් වීඩියෝ එකක් එවලා තිබුනේ වීඩියෝ එක දැක්කාම බිබී හිටපු ලෙමන් එකත් හිර වුනා
" මොකද යකෝ පොඩි එකෙක් වගේ "
මින්හී ඇහුවා මම මින්හී කියපු දේ ගානකටවත් ගන්නේ නැතුව ජන්කූක් දිහා බැලුවා ඒකා හිනා වෙනවා ඌ විතරක් නෙවෙයි ටේහ්යුන් ජිමින් දෙන්නාත් හිනා වෙනවා ඒ කියන්නේ මුන් ඔක්කොම මේක බලලා ද......
මගේ නම්බුව වනාන්තරේ යකෝ වේදනාව ඇයි මටම මෙහෙම වෙන්නේ මම පව් නැද්ද දෙවියොත් ආතල් ගන්නේ අසරණ අහිංසක මගෙන්ම නේ
" ඕයි මේක බලපන් "
මම සෝහිටයි මින්හීටයි වීඩියෝ එක පෙන්නුවා මින්හී ඇස් දෙක ජිල්බෝල වගේ කරගෙන බලාගෙන ඉන්නවා සෝහි තරහෙන් පුපුරනවා
" කවුද යකෝ මේ බලු වැඩේ කරපු කකුල් දෙකේ බල්ලා "
සෝහි ඇහුවා
" මම දන්නවා ද යකෝ අපි සිහියෙන් හිටියා ද ඊයේ වෙච්ච දේවල් තාම මතක් කරනවා "
මම කිව්වා
" අපි තුන් දෙනා අසිහියෙන් හිටියාට ජීහි හිටියේ හොද සිහියෙන් නේ "
මින්හී අපි දෙන්නා දිහා බලන ගමන් කිව්වා
" ජීහි මේක වීඩියෝ කලා නම් කොහොමද ජන්කූක් ලගට ගියේ ජීහි ජන්කූක්ව අදුරන්නේ නැ නේ "
මම කිව්වා
" අනේ මම දන්නේ නැ බන් මම දන්නේ එක දෙයයි අපේ නම්බුව ලෙෆ්ට් එච්චරයි "
මින්හී කිව්වා
" ඕක කරපු එකා මොකා වුනත් මම ඌව මරනවා"
සෝහි කිව්වා
💬" කවුද මේක කරපු හාල් පාරුවා "
මම ජන්කූක්ට යැව්වා මැසේජ් එක බලලා මගේ දිහා බැලුවා
💬" ටේහ්යුන් "
💬" ඒ කොහොමද ආ "
💬" මෙලෝ දෙයක් මතක නැද්ද තවුටෙට "
💬" මතක නම් තවුසෙගෙන් අහනවද බූරුවෝ."
💬" තමුසෙට මම කෝල් කලා එතකොට තවුසේ විකාරෙන් කියෙව්වා තවුසේ කොහෙද ඉන්නේ කියලා හොයාගත්තේ ජීහි මින්හීගේ නම කියලා කෑගහනවා ඇහුනා "
💬" තවුසේ ඉතින් ආවා "
💬" යේ....."
" ටේහ්යුන් වීඩියෝ කරලා තියෙන්නේ අනිත් අයටත් පෙන්නලා 😑"
මම කිව්වා
" අයි විල් කිල් හිම් "
සෝහි එහෙම කියලා නැගිටලා ටේහ්යුන් ඉන්න තැනට ගියා
" යාහ්හ් සෝහි කොහෙද යන්නේ "
මින්හී එහෙම අහගෙන සෝහිගේ පස්සෙන් ගියා අපරාදේ කිව්වේ මාත් නැගිටලා සෝහි පස්සෙන් ගියා
" කිම් ටේහ්යුන් තමුසේ කවුරු කියලා හිතාගෙන ද එහෙම දෙයක් කලේ ආ "
සෝහි කෑගහද්දී cafeteria එකේ හිටපු ඔක්කොම අපේ දිහා බැලුවා
" සෝහි වරෙන් යන්න "
මින්හී සෝහිගේ අතින් අදින ගමන් කිව්වා
" තවුසේ අසනීපෙන් ද "
ඒ අස්සේ මගේ ආදරනීය දයාබර ඔප්පා කියන මනුස්පයා මගෙන් අහනවා මෙතන තුන් වැනි ලෝක යුද්ධය පටන් ගන්න යන්නේ මේක මම අසනීපෙන් ද කියලා අහනවා
" අනී....."
" තමුසේ මොනා ගැන ද කියන්නේ කියලා මම දන්නේ නැ "
අනේ මූ බබා මම කියන්නේ නැ ඉතින් ඔක්කොම කරලා ඉන්න හැටි විතරක්
" අහ් තමුසේ මුකුත් දන්නේ නැති තොත්ත බබා තොටිල්ලේ දාලා නලවන්න ඕන "
සෝහි කියද්දී ජන්කූක් ජිමින් දෙන්නා හිනා වෙනවා
" කවුද දන්නේ නැ ඊයේ බීලා බීලා බබා වගේ හැසිරුනේ "
" තමුසේ මොකටද අපේ ගෙදර ආවේ..."
" මගේ වුවමනාවකට නෙවෙයි ආවේ මෙන්න මූ ඇදගෙන ආවේ "
ටේ ජන්කූක් පෙන්නලා කිව්වා
" එයා ඇදගෙන එනකම් තමුසේ හිටියා එහෙම ද කියන්නේ "
" සෝහි නවත්තපන් බන් දැන් මගේ ඔලුවත් රිදෙනවා "
මම කිව්වා
" ඊයේ බීපුවායේ ප්රතිඵල තමයි ඉතින් "
ජන්කූක් කිව්වා
" තවුසේ කටවහගෙන ඉන්නවා ද ගස් හාවා "
" ඇයි තවුසෙට බයේ ද කට වහගන්න ඕන "
" මම හොදින් හිටියා නම් තෝ ඉවරයි කුක්කෝ "
" මෙහේ වරෙන් යන්න තොපි දෙන්නාම "
මින්හී අපි දෙන්නාම ඇදගෙන cafeteria එකෙන් ආවා
Author pov
මින්හී සෝහි යුන්මි ඇදගෙන ආවේ ජින් තමන්ගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මින්හී දැක්ක නිසා හැබැයි ඒක අනිත් අය දැක්කේ නැ
" මට අරුගේ කන් දෙක පැලෙන්න ගහන්න ඕන මොන වෙඩිමකට ද මාව එක්කගෙන ආවේ ආ "
සෝහි ඇහුවා
" වෙච්ච දේ වෙලා ඉවරයි නේ දැන් තෝ ගිහින් කෑගහලා වැඩක් තියෙද "
මින්හී ඇහුවා
" යේ....... "
" උබ එක්ක බැ බන් යුන්මි උබට කොහොමද දැන් "
" අවුලක් නැ බන් "
තුන් දෙනා එක්ක කයිය ගහගෙන යනකොට ඉස්සරහට හම්බුනේ සේහුනුයි එයාගේ යාලුවෝ සෙට් එකයි
" උප්ස් මේ ඉන්නේ අපේ ජින්ගේ කෙල්ල වෙන්න ඇති "
සේහුන් කිව්වේ මින්හීට ඇගිල්ලක් දික් කරන ගමන්
" ඕ batch top ගේ නංගිත් ඉන්නවා කොහොමද ඉතින් "
සේහුන් යුන්මිට අතක් දික් කරන ගමන් කිව්වා යුන්මි එහා පැත්ත බලාගත්තා සේහුන් ආපහු අත අරගත්තා
" ඔප්පාගේ ලොකුකම වෙන්න ඇති "
තව කොල්ලෙක් කිව්වා ..
" අනියා.... මම කතා කරන්නේ මට ගැලපෙන මිනිස්සු එක්ක විතරයි "
යුන්මි කිව්වා
" ඒක බලපන්කෝ තමුන්ගේ ඔප්පා හරි හොදයි කියලා වෙන්න ඇති හිතාගෙන ඇත්තේ "
සේහුන් කිව්වා
" මගේ ඔප්පා හොදයි තමයි ඇයි "
" යුන්මි මේ වගේ මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැ එන්න අපි යමු "
මින්හී බලාගෙන ඉදලා බැරි තැන කිව්වා
" කොහෙද යන්නේ ආ මම යන්න කිව්වේ නැ නේ "
සේහුන් මින්හීගේ අතින් අල්ලාගෙන කිව්වා
" මගේ අත අතහරිනවා "
මින්හී අත අදින ගමන් කිව්වා සේහුන් තවත් තදින් මින්හීගේ අත අල්ලාගත්තා
" තමුසෙට කියන දේ තේරෙන්නේ නැද්ද මින්හීගේ අත අතහරිනවා "
සෝහි කිව්වා
" එතකොට මෙයාගේ නම මින්හී ද නම වගේ ඔයත් ලස්සනයි "
සේහුන් මින්හීගේ දිහා රාගයෙන් බලද්දී මින්හී රැව්වා
" රවද්දී තවත් ලස්සනයි මට මාව control කරගන්න බැරි වෙයි බේබ්"
සේහුන් තොල ලෙවකන ගමන් කිව්වා
" මොකද මෙතන වෙන්නේ ආ "
To be continue........😈
ආවේ කවුද කියලා ගෙස් කරන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top