12.Soju Party 🥂

Jin pov

චැන්යොන්කාරයා ඉවරයක් කරලා එනකොට මට ඇවිදග්න්නවත් පනක් තිබුනේ නැ හේතුවක් දන්නේ නැති වුනත් මට ඕන වුනේ මින්හී ලගට යන්න මම කෙල්ල වැඩ කරන කොෆි ෂොප් එකට ගියා හොද වෙලාවට කෙල්ල ගිහින් නැ මම ෂොප් එක ඇතුලට ගියාම එයා බය වෙලා වගේ ඉන්නවා මම දාගෙන හිටපු මාක්ස් එක ගැලෙව්වාම ඒ ඇස් පුදුමෙන් ලොකු වුනා

" කියුට්........"

මට හිතුනේ එහෙම ඒඇස් දැක්කාම මට මුලු ලෝකෙම අමතක වෙන තරම් මම ගිහින් වාඩිවුනා ම මින්හී මගේ ලගට ආවාම මම වතුර එකක් ඉල්ලගත්තා මම හිතන්නේ එයාට තේරිලා මම වේදනාවෙන් ඉන්නේ කියලා

" අහ්.."

උරහිස තුවාල වුනු තැනට මින්හී අත තියපු නිසා මට කෙදිරිගෑවුනා මින්හී ඉක්මනට අත අරගත්තා කෙල්ල බය වෙලා කියලා එයාගේ ඇස් වලින් පේනවා මින්හී ගිහින් ෂොප් එකත් වහලා first aid box එකත් අරගෙන මගේ ලගට ඇවිත් බලාගෙන ඉන්නවා එයාට බෙහෙත් දාන්න විදියක් නැතුව ඉන්නේ මම ශර්ට් එක ගලවලා බෙහෙත් දාන්න දුන්නා මම ශර්ට් එක ගැලෙව්වා විතරයි කෙල්ලගේ මූන වෙනස් වූනා ඇස් පිල්ලමක්වත් නොගහා මගේ දිහා බලාගෙන ඉන්නවා එයාගේ දිලිසෙන ඇස් දිහා මට ඕනතරම් බලාගෙන ඉන්න පුලුවන්

" මම handsome කියලා දන්නවා ඒත් ඔහොම බලන්න එපා "

මම එහෙම කියපුවාම කෙල්ලගේ මූන රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ දැන් හරියට චෙරි ගෙඩියක් වගේ හපලා හපලා දාන්න හිතෙනවා ඕක තමයි ඉතින් කරන්න බැරි මින්හී මගේ ලගට ඇවිත් බෙහෙත් දාන්න පටන් ගත්තා මට නොරිදෙන විදියට පරිස්සමින් බෙහෙත් දැම්මා උරහිසට බෙහෙත් දාලා ඉවර වෙලා මගේ නලල සීරිලා තිබුණු තැනට බෙහෙත් දාන්න පටන් ගත්තා

දිග ඇස් පිහාටු එක්ක හීනි ඇස් ලා රෝස පාට කම්බුල් සෙලවෙන තොල් දිහා මම බලාගෙන හිටියේ මම පාලනයෙන් තොර වෙනවා කියලා දැනෙද්දී මට ඒ රෝස පාට තොල් සිපගන්න හිතුනු වාර අනන්තයි එයාගේ තොල් මාව පිස්සු වට්ටනවා කිසිම කෙල්ලෙක් ලග මම මාව පාලනය කරගන්න උත්සාහ නොකරපු මම අද මින්හී ඉස්සරහ මාව පාලනය කරගන්න උත්සාහ කරනවා

බෙහෙත් දාලා මගේ ඇස් දිහා බලපු මින්හී දැක්කා මගේ ඇස් රැදිලා තිබුනේ එයාගේ තොල්වල කියලා එසැනින් මගෙන් ඈත් වෙන්න හැදුවත් මම මින්හීගේ අතින් අල්ලලා ඇද්ද පාර එයා ඇවිත් මගේ ඔඩොක්කුවේ ඉන්දුනා මින්හීගේ ඉන වටේ අත් යවලා මගේ ඇගට තද කරගත්තා කෙල්ලගේ හාර්ට් එක ගැහෙන සද්දේ පවා මට ඇහෙනවා

" මෙයාට ලෙඩක් ද මෙච්චර වේගෙන් හාර්ට් එක ගැහෙන්නේ "

මම ඕන තරම් කෙල්ලෝ එක්ක ඉදලා ඇති ඒත් මට මින්හී ලගදී දැනෙන්නේ වෙනස්ම හැගීමක් ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැ මම දන්නේ මට හැමදාම මේ උනුසුමට තුරුල් ඉන්න ඕන කියලා විතරයි

මගේ ෆෝන් එක ඕෆ් වෙලා හින්දා මම මින්හීගේ ෆෝන් එක ඉල්ලාගෙන නම්ජූන්ට කෝල් කරලා එන්න කිව්වා නම්ජූන් ජිමින් එක්ක ආවා රෑ වෙලා නිසා මින්හී තනියෙන් යවන්න බැරි නිසා අපි එක්කගෙන ගිහින් ගෙදර ලගින් බැස්සුවා

" අහ් ජිනා කවදා කරපු වැඩ ද "

මම මටම මුමුන ගත්තා නම්ජූන් ජිමින් දෙන්නා සැරින් සැරේ මගේ දිහා බලනවා මුන් දෙන්නාට මොනා වෙලා ද

" මොකද උබලා දෙන්නා ඔහොම බලන්නේ "

මම දෙන්නා දිහා බලලා ඇහුවේ මින්හී ගියපු වෙලේ ඉදලා මුන් දෙන්නා මගේ දිහා බලපු නිසා

" හියුන්ග් මින්හීට කැමතියි ද "

ජිමින් ඇහුවා මූ විකාර කියනවා මට මොනවා වෙලා ද කියලා තේරුම් ගන්න බැරුව මම ඉන්නේ මේකා මින්හීට කැමති කියලා අහනවා

" උබේ ඔලුව කොහේ හරි වැදුනා ද ගොන් ප්‍රශ්න අහන්න එපා බන් "

" ඉතින් බන් ජිනා ඌ එහෙම අහන එක සාධාරණයි නේ කවදාවත් කෙල්ලගේ පරිස්සම් කරන්නේ නැති උබ එකපාරට මින්හීව පරිස්සම් කරන්න පටන් අරගෙන "

ජිමින් මදිවට මූත් පටන් අරගෙන යකෝ මට වෙච්ච දෙයක් තේරුම් ගන්න බැරුව මම අසරණ වෙලා ඉන්නකොට මුන් මින්හී පරිස්සම් කරන එකක් ගැන කියනවා

" පිස්සු නොකියා යමන් "

මම ආපහු මුකුත් කියන්න ගියේ නැත්තේ මුන් මාව අල්ලාගෙන හාන බව දන්න නිසා ඔක්කොටම වඩා අන්තයි ජිමිනා ඔය කොට පොඩි එකා ගිහින් ටේටයි කුකීටයි කිව්වාම උන් දෙන්නා මට නිදාගන්නවත් දෙන එකක් නැ ජිමින්ට කිව්වොත් කියන්න එපා කියලා ඌ ඒකත් ගිහින් කියයි මම කියන්න එපා කිව්වා කියලා

ඒත් ඉතින් කිව්වාත් මොකද මගේයි මින්හීගෙයි අතරේ සම්බන්ධයක් නැ නේ මම ඕවා හිත හිත ගිහින් ඇදට ගියේ නිදාගන්න කියලා හිතාගෙන ඇස් දෙක පියාගත්තා මින්හීව මතක් වෙනකොට මට හිනා ගියා

අයිෂ් මොන මගුලකට හිනා වෙන්නේ....

එයා සාමාන්‍ය කෙල්ලෙක් විතරයි

ඒත් ඒ දිලිසෙන ඇස් මාව පිස්සු වට්ටනවා එයාව කිස් කරන්නමයි හිතෙන්නේ

ජිනා තමුසෙට මොනවා වෙලා ද

මට තේරෙන්නේ නැ කවදාවත් නොවිදපු හැගීම් ගොන්නක මම හිර වෙලා ඔයා මොකද්ද මින්හී මට කලේ මගේ නින්දත් එහෙනම් නැති කරා මම මින්හී ගැන හිත හිතා ඉදලා කොයිවෙලේද නින්ද ගියේ කියන්න මම දන්නේ නැ

Author pov

පසුදින යුන්මි මින්හී සෝහි තුන් දෙනාට lecture නොතිබුණු නිසා තුන් දෙනා ගෙදර ජීහි ස්කූල් යැව්වා යුන්මි කලේ පැත්තකට වෙලා කල්පනා කරපු එක මේ වෙනස මින්හීටයි සෝහිටයි තේරුනා

" යුන්මියා උබට මොනාහරි ප්‍රශ්නයක් ද "

මින්හී යුන්මිගේ ලගින් වාඩිවෙලා ඇහුවා

" අනී...."

යුන්මි හිනා වෙලා කිව්වා

",එහෙනම් මොකද බන් මිනිහා මැරිච්ච ගෑනි වගේ ඉන්නේ "

සෝහි යුන්මිගේ ඉස්සරහින් වාඩි වෙන ගමන් ඇහුවා

" එහෙම මුකුත් නැ බන් කම්මැලියි "

යුන්මි ඈනුමක් අරින ගමන් කිව්වා

" ඇත්තටම නේද උබ හොදින් නේ "

" මින්හී උබට පේන්නේ නැද්ද මම හොදින් කියලා "

" හරි හරි පේනෝ "

" අපි සෝජු පාටියක් දාමු "

යුන්මි මින්හී සෝහි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවා

" මම නම් උඩින්ම කැමතියි මින්හී උබ මොකෝ කියන්නේ "

" මම මොකටද අකමැති වෙන්නේ "

මින්හී කිව්වා තුන් කට්ටුව පිස්සු නටලා ගේ අනිත් පැත්ත පෙරලලා නසරී ලමයි ඉන්න තැනක් වගේ ජීහීත් ගෙදර ආවා

" තොපි මට හොරා බොන්න ද හදන්නේ "

ජීහී බෑග් එක සෝෆා එකට විසි කරලා එතැන හිටපු සෝහිගෙන් ඇහුවේ

" යේ....... උබට කියන්න උබ එංගලන්තයේ මහරැජින ද "

" මම මහරැජින නෙවෙයි මහරැජිනගේ one and only මිනිබිරී "

" අඩෝ ඒක 😂😂"

" හිටපන්කෝ ඔහොම මම වොෂ් එකක් දාගෙන එන්නම් "

ජීහී එහෙම කියලා සෝහිටත් ගස්සගෙන ගියා සෝහි හිනා වෙනවා පිස්සෙක් කොටුවෙන් පැනපු පිස්සෝ ටික වගේ පිස්සු නටලා තුන් කට්ටුව එක්ක බොන්න පටන් ගත්තා ජීහි බිව්වේ නැ මුන් ගැන දන්න නිසා ජීහි දොරත් ලොක් කරලා යතුරත් හැංගුවා තුන් කට්ටුව බීලා දැන් හොදටම වෙරි කෙලින් හිටගන්න පනක් නැ

" ඒ..... බන් මට.... මොකද මින්හීලා දෙන්නෙත් පේන්නේ උබට කිබුලෙක් ඉන්නවා ද් "

සෝහි වැනි වැනි මින්හීට ඇගිල්ලක් දික් කරගෙන කිව්වා

" උබත පිත්තු ද ගෑනියේ....... මෙහේ කොයින් ද කිබුල්ලු හික්..."

මින්හී සෝජු බෝතලයක් බදාගෙන කිව්වා

" එයා.... කොහොමද මේ මත එහෙම කියන්නේ මම... මම කව්ලු කියලා හිතාගෙන ද හික් "

යුන්මි dinning table එක උඩ වාඩිවෙලා සෝජු බෝතලේ කකුල් දෙක මැද්දේ තියාගෙන කියවනවා මේ ඔක්කොම දිහා බලාගෙන හිටපු ජීහී ඔලුවේ අත ගහගත්තේ මුන් තුන තනියෙන් බලාගන්න ඕන කියලා මතක් වෙද්දී

" ඕ යේ... ඉස්කි ඩිඩින් මින්හී අපි තින්දු කියමු වරෙන් "

සෝහි සෝෆා එක උඩ නැගගෙන උඩ පනින ගමන් මින්හීට කතා කලා මින්හී සෝජු බෝතලේ එක්ක ලව් කරනවා

" සෝහි බැහැපන් ගෑනියේ බිමට "

ජීහි සෝහිගේ අතින් අදින ගමන් කිව්වා

" ඩෝන්ට් ටච් මී අයි විල් කිල් යූ....."

සෝහි ජීහිගේ අත විසි කරලා දාලා කිව්වා

" මොන කෝලමක් ද යකෝ මේ.."

ඒ අතරේ යුන්මිට කෝල් එකක් ආවා ජන්කූක්ගෙන්

" යෙබුසේයෝ
කවුද මේ කතා කරන හාල් පාරුවා "

" යාහ්හ් යුන්මි තමුසේ බීලද "

" පිෂ්ෂු අප්පා මම බොනවා ද තවුසේ බීලා නේද "

" තමුසේ කොහෙද ඉන්නේ ආ "

",මේසේ උඩ "

" අයිෂ් තමුසේ නම් "

" යාහ්හ් මින්හී මගේ අත අතහැරපන් මම උබේ කොල්ලා නෙවෙයි නංගි "

ජීහි කෑගැහුවා

" ඔහොම ඉන්නවා මම දැන් එනවා "

යුන්මිගේ අතින් ෆෝන් එක බිම වැටෙනවා

" ඕක නවත්තපන් යකුනේ
යාහ්හ්හ් සෝහි මගේ කකුල අතහැරපන් මම කකුලුවෙක් නෙවෙයි යකෝ ඕයි "

සෝහි ජීහිගේ කකුල අල්ලාගෙන යන්න දෙන්නේ නැ

" කකුලුවෝ මාව අතහරින්න...... ම්ත.. තාම කොල්ලෙක්වත් නැ මම අහිංසකයි "

" මම කකුලුවෙක් නෙවෙයි ගෑනියේ මම උබට කිව්වා උබ මාව අල්ලාගෙන ඉන්නේ "

අන්තිමේ දී ජීහී බිම වැටිලා තමයි ඒක ඉවර වුනේ එතකොට ගෙදර බෙල් එක වදිනවා ඇහුනු නිසා ජීහි නැගිට්ටා

" කවුද මේ වෙලාවේ ආවේ හොරෙක්වත් ද
තොට පිස්සු ද ජීහි හොරු කවද්ද බෙල් කරලා ආවේ ඒත් ඉතින් කියන්න බැ නේ පෙර සූදානම ශරීර සෞඛ්‍යයට හිතකරයි "

ජීහි තනියෙන් කියව කියව කිචන් එකට ගිහින් සෝස්පන් එක අරගෙන හිමින් දොර පැත්තට අඩිය තිබ්බා තාම බෙල් එක වදිනවා ජීහි හිමින් දොර ඇරලා ආපු එකා මොකාද කියලා බලන්නේවත් නැතුව සෝස්පන් එකෙන් දීලා අදින්න යනකොට හිටපු කෙනා ජීහිගේ අතින් අල්ලලා අනිත් පැත්ත හැරෙව්වා ජීහිගේ පිට හිටපු කෙනාගේ පපුවේ වැදුනා ජීහි අත ගලවගන්න ලොකු උත්සාහයක

" ගෙදරට ආපු මනුස්සයෙක් මෙහෙම පිලිගන්නවා දැක්කමයි "

ජීහිගේ කනට කරලා කිව්වා

" තමුසේ කවුද කියලා කියනවා මාව අතහරිනවා I kill you "

" යුන්මි කොහෙද "

" යාහ්හ් ජන්කුකා අහන මගුලක් ඔය කෙල්ලව අතහැරලා අහපන් "

පැත්තකට වෙලා හිටපු ටේහ්යුන් කිව්වා ජන්කූක් ජීහිව අතහැරියා

" යුන්මි කොහෙද කියලා අහන්න තමුසේ කවුද "

ජීහි ජන්කූක්ගේ දිහායි ටේහ්යුන්ගේ දිහායි බලන ගමන් ඇහුවා

" මම යුන්මිගේ යාලුවෙක් කො දැන් ඕකි "

" මම කොහොමද ඒක......."

ජීහිට ඉතුරු ටික කියන්න හම්බුනේ නැත්තේ ඇතුලෙන් වීදුරුවක් කුඩු වෙන සද්දයක් ආපු නිසා

" ඒ ගමන මොකද්ද දන්නේ නැ "

ජීහි එහෙම කියාගෙන ඇතුලට යනකොට ජන්කූක් ටේහ්යුන් දෙන්නාත් ජීහිගේ පස්සෙන් ඇතුලට ගියා

" යාහ්හ් මින්හී තවුසේ ඒ ගමන මේකත් කුඩු කලා ද "

මින්හී flower vas එකක් කුඩු කරලා ඒකයි ඔය කෑගහන්නේ

" කෝ යුන්මි "

ජන්කූක් වටපිට බලන ගමන් ඇහුවා

" මම එලියට යනකොට dinning table එක උඩ වාඩිවෙලා හිටියා නේ මේ පොඩ්ඩට කොහෙද ගියේ "

ජීහි වටපිට බලන ගමන් ඇහුවා .

" අර ඉන්නේ බන් "

ටේහ්යුන් පෙන්නුවේ මේසේ ලග බිම වාඩිවෙලා ඉන්න යුන්මි

" යාහ්හ් යුන්මි "

ජන්කූක් යුන්මිගේ ඔලුවට ගහලා කතා කලා යුන්මි ඔලුව උස්සලා බැලුවා

" හායි කුක්කෝ "

යුන්මි හිනා වෙලා අත වැනුවා

" මොකද ඕයි මේ බීලා බීලා කෙලින් හිටගන්න පනක් නැ "

" මම කෙලින් හිටගෙන පෙන්නන්න ද "

" එපා ඕන නැ "

" නැ ඉන්නවා "

යුන්මි එහෙම කියලා නැගිට්ටා නැගිටින්න ගිහින් දෙපාරක් විතර ආපහු වැටෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ

" මම කෙලින් ඉන්නේ පේනවද "

යුන්මි වැනි වැනි කියද්දී ජන්කූක් ඔලුවේ අත ගහ ගත්තා

" හරි හරි මම දැක්කා "

යුන්මි ආපහු බිම වාඩිවෙලා ආපහු සෝජු බෝතලේ කටේ ගහ ගන්න හදනකොට ජන්කූක් බෝතලෙන් ඇද්දා

" යාහ්හ් ඕක දෙනවා "

" බ්ලැ මට බොන්න ඕන ඔයාත ඕන නම් ගිහින් අරගෙන බොන්න "

" මෙහේ දෙන්වා "

ජන්කූක් සෝජු බෝතලේ යුන්මිගෙන් බේරගෙන යුන්මි ලගින් වාඩි වුනා

" දැන් කියපන් මොකද ඔච්චර බිව්වේ කියලා "

" එයාත....... එයාත.....මම නම්ජූන්ගේ නංගී විතරයි ම්ම්.....මම එයාගේ කවුරුවත් නෙවෙයි මට ජුකයි....."

යුන්මි අඩන්න පටන් ගත්තා ජන්කූක් ෆුල් කම්පියුස් වෙලා ඉන්නේ

" කා ගැන කියන්නේ යුන්ගි හියුන්ග් ගැන ද "

" හිප්....... ඒ පූසා තමයි.... "

" යුන්ගි හියුන්ග් කියන දේවල් අහන්න එපා යුන්මියා "

" මත නිදිමතයි "

ටේහ්යුන් පැත්තකට වෙලා මේ ඔක්කොම පිස්සු වැඩ ටික වීඩියෝ කරනවා

" යාහ්හ් මින්හී එහාට පලයන් ගෑනියේ "

මින්හී ජීහිගේ අතක් අල්ලාගෙන නිදි ජීහිට අත අරගන්න බැරුව ජීහී කෑගහනවා මින්හී නම් සැපට නිදි

" ඔප්පේ..... ඔය ෆෝන් එක පැත්තකින් තියලා මාව බේරගන්නවා "

ජීහී කෑගහනකොට ටේහ්යුන් වීඩියෝ කරන එක නවත්තලා ජීහි ලගට ආවා කොහොම හරි ජීහි අත මින්හීගෙන් අතහැරව ගත්තා සෝහි යුන්මි මින්හී වැටුනු තැන් වල නිදි..

" හම්බෝ ඇති යාන්තම් "

ජීහී සෝෆා එකට වැටෙන ගමන් කිව්වා

" අපි එහෙනම් යන්නම් ජිහී.."

" හරි ඔප්පේ කොහොමත් මුන් ටික හෙට තමයි නැගිටින්නේ අර වීඩියෝ කරපු එක මට එවන්න "

ජීහි කුප්ප හිනාවක් දාගෙන කිව්වා

" හරි හරි "

ටේහ්යුන් ජන්කූක් එක්ක ගියා

To be continue.......😈

හෙටත් අප්ඩේට් දෙන්නම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top