11.What Happened 👀

Author pov

ජින් උදේ යුනි යන්න රෙඩි වෙලා පහලට එනකොට හොබී කලබලෙන් දුවගෙන ආවා

" ජිනා ලොකු ප්‍රශ්නයක් "

" මොකද්ද වෙලා තියෙන්නේ "

ජින් හැමෝගෙම දිහා බලලා ඇහුවා

" ජිනා චැන්යොන් වැඩ පටන් අරගෙන "

" මොකද්ද ඌ කරලා තියෙන්නේ "

" පොඩි කොල්ලෝ 10 දෙනෙක් ඕස්ට්‍රේලියාවට විකුනන්න හදන්නේ ඔක්කොම ලමයි අවුරුදු 14 ත් 17 ක් වගේ වෙන්නේ ඊට වැඩි නැ "

" අයිෂ් පො#$%& ඕකා ගිය පාර ඉවරයක් කරලා දැම්මා නම් ඉවරයි ෂිට්.."

ජින් එතැන තිබුණු පුටුවට පයින් ගහන ගමන් කිව්වා

" මගේ ඔෆිස් රූම් එකට ඔක්කොම කතා කරගෙන වරෙන් ඉක්මනට "

ජින් තරහින් හොබීට කියලා ගියා හැමෝම විනාඩියක් ඇතුලට ජින්ගේ ඔෆිස් රූම් එකට ආවා

" හියුන්ග් මොකද්ද ප්‍රශ්නේ "

ටේහ්යුන් ඇහුවත් ජින් මුකුත් නොකියා මේස උඩ කාසියක් කරව කරව හිටියා හොබී ඔක්කොම විස්තරේ කිව්වා

" මේ පාර මූ මගෙන් තමයි පාඩමක් ඉගෙනගන්නේ "

ජිමින් කිව්වේ කට කොනින් හිනා වෙලා පුටුවට බර වෙන ගමන්

" ජිනා තව දෙයක් අපි ගැන විස්තර පිටට ගිහින් තියෙනවා "

හොබී කියද්දී මෙච්චර වෙලා කාසිය කරකවමින් හිටපු ජින් කාසිය උඩින් ඇගිල්ල තියලා කරකවන එක නවත්තලා හොබී දිහා බැලුවා

" ඒ කොහොමද හියුන්ග් වෙන්නේ අපේ කවුද එහෙම දෙයක් කරන්න ඉන්නේ "

ජන්කූක් ඇහුවා

" ඒක නම් හරියටම දන්නේ නැ ඉක්මනට හොයාගන්න ඕන "

හොබී කිව්වා

" අද ගේම් එකට අපි හත් දෙනායි විශ්වාසවන්තම කිහිප දෙනෙකුයි විතරක් සෙට් කරගමු "

නම්ජූන් කිව්වා

" අද නම් ඔය බල්ලා මගේ අතින් අවසන් ගමන් යන්නේ රෙඩි වෙයන් මොන ක්‍රමේකින් හරි ඒ ලමයි කොරියාවෙන් පිට යන්න බැ අරස්සෝ...?"

ජින් හැමෝම දිහා බලලා ඇහුවා

" යේ......."

" ඉස්සෙල්ලාම අපේ ලග ඉදගෙන අපිට වල කපන බල්ලා මොකාද කියලා හොයාගන්න ඕන
සුගා ඌ මොකාද කියලා හොයාගෙන උබ කැමති දෙයක් කරපන්
ජේකේ ජිමින් චැන්යොන් ගැන ඇහැ ගහගෙන ඉන්න
හොබී නම්ජූන් එක්ක ඉතුරු වැඩ ටික බලාගන්න
ටේ වරෙන් මාත් එක්ක
අද ඕකාව ඉවරයක් කරලා මිසක් ආපහු එන්නේ නැ "

ජින් එහෙම කියලා නැගිටලා ගියා ටේත් ජින්ගේ පස්සෙන් යද්දී අනිත් අයත් විසිරිලා යද්දී යුන්ගි විතරක් ඉතුරු වුනා යුන්ගි cctv චෙක් කරන කොට තමයි දැක්කේ එකෙක් ජින්ගේ රූම් එකේ තියෙන ෆයිල් අවුස්සනවා යුන්ගි මේසේට ගහලා නැගිට්ටේ ඕකාව ඉවරයක් කරනවා කියලා හිතාගෙන යුන්ගි ගන් එකක් අරගෙන ජින්ගේ ඔෆිස් රූම් එකෙන් එලියට එනකොට නම්ජූන්ගේ රූම් එක පැත්තෙන් සද්දයක් ආපු නිසා ගන් එකත් ලෝඩ් කරගෙන ඒ පැත්තට හිමින් කිට්ටු වුනා නම්ජූන්ගේ රූම් එකේ දොර භාගෙට ඇරලා තිබුනු නිසා යුන්ගි හොර පූසා වගේ ඔලුව දාලා බැලුවා එතකොට අරු නම්ජූන්ගේ රූම් එක අනිත් පැත්ත පෙරලගෙන මොනාද හොයනවා

" මගෙන් උදව්වක් ඕන ද "

යුන්ගි බිත්තියට හේත්තු වෙලා ගන් එකත් කරකවන ගමන් කියනකොට අරු බය වෙලා යුන්ගි දිහාට හැරුනා

" බො..බොස් "

" මොකද බය වෙලා.... මොනාද හෙව්වේ කිව්වොත් මටත් උදව් කරන්න පුලුවන් නේහ් "

අරු වෙව්ලද්දී යුන්ගිගේ මූනේ එවිල් ස්මයිල් එකක් ඇදුනා සමහර වෙලාවල් වලට යුන්ගි ජින්ට වඩා නපුරුයි කියලා ගොඩක් දන්නවා

" බො..බොස් මියානේ "

" දැන් උබ සමාව ඉල්ලන්නේ උබ කරේ වැරැද්දක් කියලා දන්න නිසා නේ වැරැදියි කියලා දැනගෙන මොකටද කරේ සල්ලි වලට හ්ම් "

යුන්ගි ඇහිබමකුත් උස්සගෙන අහද්දී අර මනුස්සයා මුකුත් නොකියා හිටියා

" මම මොකටද මෙච්චර උබ එක්ක කතා කරන්නේ "

" බොස් එපා.... මියානේ බොස් ප්ලීස් "

යුන්ගිගේ කකුල් දෙක ලග වැද වැටිලා සමාව ඉල්ලද්දී යුන්ගි අඩියක් පස්සට වුනා

" උබට මේක කරන්න කලින් හිතන්න තිබුනේ "

යුන්ගි එහෙම කියලා අර මනුස්සයාගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බා ඒ වෙලාවේ තමයි යුන්මි එන්නේ යුන්මිව දැක්ක යුන්ගි එක පාර ශොක් වුනේ මේ වෙලාවේ කොහොමටවත් යුන්මිව බලාපොරොත්තු නොවුණු නිසා යුන්මිව බය කරලා යැව්වා

" මම කෙල්ලට දරුනු වැඩි වුනා ද නම්ජූනා ආවාම කියනවා ඌ බලාගනියි "

යුන්ගි හිතුවා

After Three Hours

පැය තුනකට පස්සේ නම්ජූන් ආවත් අනිත් අය ආවේ නැ නම්ජූන් ඇවිත් living room එකේ වාඩිවෙනකොට යුන්ගි ඇවිත් නම්ජූන්ගේ ඉස්සරහින් වාඩිවුනා

" තත්ත්වය කොහොමද "

" සුගා මූ මේක තනියෙන් කරන වැඩක් නෙවෙයි මේක පිටිපස්සේ තව කිහිප දෙනෙක් ඉන්නවා මූට minister කෙනෙක්ගේ සපෝට් එකත් තියෙනවා ඒ කවුද කියලා හොයාගන්න බැරි වුනා "

" ඉක්මනට හොයාගමු..."

" තව දෙයක් උබට මතක සුගා ගිය සතියේ Geum river එකේ පාලම යට තිබිලා හම්බුනු අවුරුදු 12 ක ගෑනු ලමයෙක්ගේ body එකක් ඒ කෙල්ලව රේප් කරලා මරලා ඔතනට ගෙනත් දාලා තියෙන්නේ චැන්යොන් තමයි "

" පර බල්ලා.... ලමයි විකුනනවා මදි වෙලා ද මූ රේප් කරන්නේ "

" කොන්දක් තියෙන එකෙක් නෙවෙයි සුගා චැන්යොන් කියන්නේ සල්ලි වෙනුවෙන් ඕන බලු වැඩක් කරයි ඌට වටින්නේ සල්ලි විතරයි "

යුන්ගි මුකුත් කිව්වේ නැ ඒ වෙලාවේ තමයි නම්ජූන් ෆෝන් එක ඔන් කලේ

" යුන්මිට මොනා වෙලා ද මෙච්චර මිස් කෝල් "

නම්ජූන් මුමුනන ගමන් යුන්මිට කෝල් කලත් ආන්සර් කලේ නැ

" මේකිට මොනා වෙලා ද කෝල් ආන්සර් කරන්නේ නැත්තේ "

නම්ජූන් ආපහු කෝල් කරනකොට ෆෝන් ඕෆ්

" තරහ වෙලා වෙන්න ඇති පස්සේ යාලු කරගන්නවා "

නම්ජූන් එහෙම හිතලා නැගිටලා යන්න හදනකොට යුන්ගි නම්ජූන්ට කතා කලා

" වේ යුන්ගියා "

" යුන්මි අද මෙහේ ආවා "

යුන්ගි කියද්දී නම්ජූන් පුදුමෙන් බලාගෙන හිටියා

" ඒ මොකටද "

යුන්ගි වෙච්ච දේවල් ඔක්කොම කිව්වා

" කෙල්ල අඩ අඩා බන් ගියේ "

යුන්ගි නම්ජූන් දිහා බලාගෙන කිව්වා

" යුන්මිට අපි ඇත්ත කියමු ජිනාගෙන් අහලා තවත් හංගලා වැඩක් නැ බන් "

" හ්ම්ම් එහෙම කරමු.."

රෑ හැමෝම රෙඩි වෙලා place එකට ගියා

" උබට හරියට ෂුවර් නේද 7.00 මුන් පිටත් වෙන්නේ කියලා "

ජිමින් ජන්කූක්ගෙන් ඇහුවා

" ඔව් යකෝ "

චැන්යොන් වරායට යන්න තෝරගත්ත පාරේ කැලයක් තියෙනවා නම්ජූන්ගේ ප්ලෑන් එකට අනුව කැලේ හැංගිලා ඉදලා උන් එනකොට කන්ටේනර් එකට පහර දෙන්න තමයි ප්ලෑන් කලේ කන්ටේනර් එකේ රෝදයට ජින් ෂූට් කලා කන්ටේනර් එකේ driver බහිනකොට ජින් අතින් සන් කලේ driver අල්ලාගන්න කියලා එසැනින් ක්‍රියාත්මක වූ ජින්ගේ ෆයිටස්ලා driver අල්ලාගත්තා

" චැන්යොන් එනවා "

Bluetooth speaker එකෙන් ජිමින් කිව්වා චැන්යොන් එනකොට ජින්ගේ ෆයිටස්ලා driver අරගෙන ගිහින් ඉවරයි චැන්යොන් වාහනෙන් බැහැලා එනකොට ගාඩ්ස්ලා චැන්යොන්ගේ පස්සෙන් ආවා

" කෝ යකෝ driver "

චැන්යොන් කන්ටේනර් එකට අතින් ගහලා කිව්වා

" වෙලාව හරි ",

නම්ජූන් කියද්දී ජින් අනිත් කට්ටිය ගාඩ්ස්ලා ට වෙඩි තිබ්බා චැන්යොන් ඉතුරු වෙද්දී ගාඩ්ස්ලා ඔක්කොම බිම එතකොට චැන්යොන්ගේ ෆයිටස්ලා ආවේ ජින් එයාගේ ෆයිටස්ලා එක්ක චැන්යොන් ඉස්සරහට ගියා

" කොහොමද චැන්යොන් කාලෙකින් නේ "

ජින් කටකොනින් හිනා වෙලා කිව්වා

"SJ "

කලු මාක්ස් එකක් දාලා හිටියත් චැන්යොන්ට ජින්ව අදුරගන්න පුලුවන් උනා

" උප්ස් මාව අදුරගත්තා "

" උබේ කටහඬ කවදාවත් අමතක වෙන්නේ නැ මගේ හැම වැඩකටම උබ අකුල් හෙලනවා "

" උබ හැමදාම ඔහොමයි චැන්යොන් මහ ලොකුවට කියවලා අන්තිමේ දී පැනලා යනවා මේ පාර පැනලා යන්න එපා බේබි.."

ජින් කටහඬ වෙනස් කරලා අන්තිම ටික කිව්වා

" මොනාද උබලා බලාගෙන ඉන්නේ ඉවරයක් කරලා දාපන් "

චැන්යොන්ගේ ෆයිටස්ලා ජින්ගේ ෆයිටස්ලා එක්ක සටන් කරද්දී ජන්කූක් ටේ දෙන්නා කන්ටේනර් එක ඇරලා බැලුවා පුංචි ලමයි 15 ක් විතර එතැන හිටියා ජන්කූක් ටේ කන්ටේනර් එක අරගෙන ආවේ ජින් කියපු නිසා චැන්යොන්ගේ ෆයිටස්ලා ජින්ගේ ෆයිටස්ලා අතින් ඉවර වෙද්දී චැන්යොන් හිමින් මාරු වෙන්න හදන්නේ

" Sj අරු පැනලා යන්න හදන්නේ "

හොබී කියද්දී ජින් ඇස් හීනි කරගෙන කා එකට නගින චැන්යොන් දිහා බැලුවා

" උබලා මෙතන බලාගනින් මම ඌ ගැන බලාගන්නම් "

ජින් එහෙම කියලා බයික් එක අරගෙන චැන්යොන් පස්සෙන් ගියා පස්සෙන් ජින් එනවා කියලා දැක්ක චැන්යොන් ස්පීඩ් වැඩි කලා ජින් චැන්යොන්ගේ පාර හරස් කරලා බයික් එක නැවැත්තුවා චැන්යොන් එක පාරට බ්‍රේක් ගැහුවා ජින් බයික් එකෙන් බැහැලා චැන්යොන්ගේ පැත්තට එනකොට චැන්යොන් රිවස් කරගෙන යන්න හැදුවේ ඊට වඩා ඉක්මන් වුනු ජින් කා එකේ රෝදයට ෂූට් කලා ජින් ගිහින් කා එකේ ඩෝ එක ඇරලා චැන්යොන් එලියට ඇදලා ගත්තා

" උබ හිතුවේ අදත් මගෙන් බේරෙන්න ද පර බල්ලා "

ජින් චැන්යොන්ගේ කනට ගහපු පාර මිනිහා පාර මැද ඇදගෙන වැටුනා

" උබව මෙහෙම ඉවරයක් කරන්න නෙවෙයි මම හිටියේ ඒත් මොනවා කරන්න ද "

චැන්යොන් නැගිටලා හිට ගත්තා

" උබට මොනාද ඕන SJ "

" මට ඕන ද.."

" යේ......"

" උබ විදවලා විදවලා මැරෙනවා දකින්න "

ජින් එහෙම කියලා කිනිස්සක් අරගෙන චැන්යොන් බඩට ඇන්නා

" අහ් "

චැන්යොන් ලේ පෙරාගෙන බිම වැටෙද්දී ජින් වියරුවෙන් හිනා වුනා

" මම.... මො..මොකද්ද උබට ක්..කරපු වැරැද්ද "

" අර පොඩි එවුන් උබට කරපු වැරැද්ද මොකද්ද බල්ලෝ තෝ අහිංසක පුංචි කෙල්ලෝ කී දෙනෙක් රේප් කරලා මරලා දැම්මා ද එතකොට ඒ පොඩි ලමයි උබට මොකද්ද කරපු වැරැද්ද.... කියපන් පො$%%# "

ජින් ආපහු කිනිස්සෙන් චැන්යොන්ට අනිද්දී ඌ වේදනාවෙන් කෑගැහුවා

" මට යන්න දීපන් SJ "

" උබට යන්න පුලුවන් එහා ලෝකෙට ගුඩ් බායි චැන්යොන් "

ජින් එහෙම කියලා බිම වැටිලා ඉන්න චැන්යොන්ට වෙඩි තිබ්බේ ඌ අවසන් හුස්ම හෙලද්දී

" එහෙනම් කොල්ලෝ මම ගියා "

ජින් චැන්යොන්ගේ කම්බුලට තට්ටුවක් දාලා යද්දී කොහෙන්දෝ ආපු බුලට් එකක් ජින්ගේ උරහිසේ ගෑවි නොගැවී ගියා ජින් පිටිපස්ස හැරෙද්දී කඩු කිනිසි අමෝරා ගෙන 10 ක් 15 ක් ඉන්නවා

" මොන මගුලක් ද එනවා නම් එකපාර වරෙන්කෝ "

ජින් කිව්වා

" වරෙන් "

ජින් කියනකොට එකෙන් කිනිස්සක් උස්සගෙන දුවගෙන ආවා ජින් උගේ අත අබරලා පයින් ගැහුවා තව එකෙන්ට උඩ පැනලා පයින් ගහපු පාර ඌ බිම ඔක්කොම විනාඩි 15 ක් ඇතුලත බිම ජින්ගේ උරහිසෙන් ලේ ගිහින් නිසා එයා ගොඩක් දුර්වල වෙලා එතැන ලේ විලක් ජින් අමාරුවෙන් බයික් එකට නැගලා ගියා

(Author:ඊයේ පෙරේදායි බලපු දෙමළ ෆිල්ම් දෙකට පින් සිද්ද වෙන්න ෆයිට් සීන් ටිකක් ලියාගත්තා)

Minhee pov

යුන්මි එයාගේ ඔප්පා හම්බවෙන්න යනවා කිව්ව නිසා මම සෝහි එක්ක ආවා සෝහිට ගෙදර යන්න කියලා මම කොෆි ෂොප් එකට ගියා අද කියලා වෙනසක් තිබුනේ නැ මාත් එක්ක වැඩ කරන ඔන්නිත් හදිස්සියක් කියලා ගියා manager ත් මට ෂොප් එකේ යතුර භාර දීලා ගියා හිටපු customers ලා දෙන්නත් ගියාට පස්සේ ෂොප් එක වහන්න හදනකොට මම බලාපොරොත්තු නොවුණු කෙනෙක් ඇතුලට ආවේ

" ජින්....."

එයා අමාරුවෙන් වගේ හිටියේ මම එයා ලගට ගියා

" වතුර එකක් "

මම වතුර එකක් ගෙනත් දුන්නා මනුස්සයෙක් වතුර එකක් ඉල්ලුවාම නොදෙන්න තරම් මම නපුරු නැ එතකොට තමයි මම දැක්කේ එයාගේ අතේ ලේ ගෑවිලා මෙයාට මොනා වෙලාද

" ජින්... ඔයා හොදින්ද "

" ම්ම් "

මොකද කවදාවත් නැතුව කතා නැත්තේ මෙයා ඉන්නේ අමාරුවෙන්

ඒත් ඇයි..?

ඒක මොකටද මට

ඒත් මෙයා අමාරුවෙන් නේ ඉන්නේ මොනාද කරන්නේ

මම ජින්ගේ උරහිසෙන් අල්ලලා හෙල්ලුවා

" අහ්.."

මම අත අරගෙන බලනකොට අත පුරා ලේ... මම බය වුනේ නැ කිව්වොත් බොරු මම ජින්ගේ කැප් එක ගලවලා බැලුවා එයාගේ ඇස් භාගෙට පියවිලා නලලත් සීරිලා මොකද්ද මේ වෙලා තියෙන්නේ

" ජින්.... මොකද වුනේ "

මම ඇහුවාට උත්තරයක් නැ අයිෂ් මින්හී ඒ මනුස්සයා වේදනාවෙන් ඉන්නේ

මම ගිහින් ෂොප් එක වහලා first aid box එක අරගෙන ජින් ලගට ආවා දැන් කොහොමද බෙහෙත් දාන්නේ

" ජින්.."

" ම්ම් "

ජින් අමාරුවෙන් ඔලුව උස්සලා මගේ දිහා බැලුවා ජින් ශර්ට් එක ගැලෙව්වා 😶
මේ මනුස්පයාට පිස්සු ද මම කෙල්ල නේද යකෝ කිසි ගානක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න ලස්සන

" මම handsome කියලා මම දන්නවා ඒත් ඔහොම මගේ දිහා ඉන්න එපා.."

අයිෂ් ලැජ්ජාව බාල්දියෙන් එකයි බලනවා කියලා ඔහොම බලාගෙන ඉන්නවා ද ලැජ්ජාව වහ ගන්න ජින්ට රවලා බෙහෙත් දාන්න පටන් ගත්තා මම හිමින් එයාගේ තුවාලයට බෙහෙත් දැම්මා මොනා කරන්න ගිහින් තුවාල කරගෙන ද මන්දා උරහිසට බෙහෙත් දාලා ඉවර වෙලා නලලට බෙහෙත් දාන්න පටන් ගත්තා ජින්ගේ ඇස් හරි ලස්සනයි දිලිසෙනවා ඒ මූන, තොල් මාව පිස්සු වට්ටනවා කෙල්ලෝ මෙයාට වශී වෙන එක සාධාරණයි

පිස්සු හැදීගෙන එනවද මින්හී ඒ මදිවට හාර්ට් එකත් අසූ හාරදාහට ගැහෙනවා මොන වෙඩිමක් වෙලා ද මට මම ජින්ගේ නලලට බෙහෙත් දාලා ඉවර වෙනකොට තමයි දැක්කේ එයා මගේ තොල් දිහා බලාගෙන ඉන්නවා කියලා මම කෙලින් වෙන්න හදනකොට ජින් මගේ අතින් අල්ලලා ඇදලා ගත්ත පාර මම ගිහින් එයාගේ උකුලේ උඩ ඉන්දුනා මම නැගිටින්න හැදුවත් ජින් මගේ ඉන වටේ අත් යවලා තද කරගත්තා අර තිබුණු අමාරුව කොහෙද දන්නේ නැ

" ජින්...... මම යන්න ඕන "

" කොහෙද "

" ගෙදර යන්න ඕන "

" ඉතින් යන්න "

" තමුසේ අල්ලාගෙන ඉන්නකොට මම කොහොමද යන්නේ "

" මොකද ඔච්චර සැර ආ.."

මේ මොකද යකෝ මේ ඔලුව කොහේ හරි වැදිලා ද කොහෙද

" තමුසෙගේ ෆෝන් එක ඕන "

" ඒ මොකටද "

" මගේ ෆෝන් එක ඕෆ් වෙලා "

" ඉන්නවා පොඩ්ඩක් "

ජින්ගේ අත් ලිහිල් වුනු ගමන් මම නැගිටලා ගිහින් ෆෝන් එක අරගෙන ඇවිත් දුන්නා ජින් කෝල් එකක් දීලා කාට ද මන්දා එන්න කිව්වා විනාඩි 15 පස්සේ නම්ජූන් ඔප්පා ,ජිමිනුයි ඇවිත් ජින් එක්කන් ගියා මම ෂොප් එක වහලා ගෙදර ගියා

To be continue............😈

හෙට දෙන්න හිටියේ අද දුන්නා ටයිප් කරලා ඉවර නිසා..

Bạn đang đọc truyện trên: AzTruyen.Top