10.Please Leave Me 😥
Back to present
Minhee pov
සතියක් ගෙවිලා ගියා ටේහ්‍යුන්, ජන්කූක් ,ජිමින් තුන් දෙනාත් අපේ යාලුවෝ වුනා ටේහ්‍යුන් කියන්නේ ජින්ගේ මල්ලි කියලා මම නම් විශ්වාස කරන්නේ නැ ජින්ට වඩා කොච්චර වෙනස් ද ටේහ්‍යුන් අනේ මන්දා
මම උදේ නැගිටලා එනකොට ජීහි වැනි වැනි ආවා අනිත් ඩබල නැ යුන්මි ගැන නම් කියලා වැඩක් නැ ඒකි නම් නිදි දෙව්දුවගේ නෑයෙක් ද කොහෙද මම සෝහි යුන්මි ඩබල නැගිට්ටන්න රූම් එකට ගියා
දුටු දේ විශ්වාස කරගන්න බැරුව බලාගෙන හිටියේ මම දකින්නේ හීනයක් ද කියලා හිතාගන්න බැරුව
යුන්මියා උදේම නැගිටලා වෙන්න පුලුවන් වැඩක් ද ඉර බස්නාහිරින් පෑයුවත් සෝහි කොල්ලොන්ට පැනි හලන එක නැවැත්තුවා කියලා විශ්වාස කරන්න පුලුවන් ඒත් මේකි උදේම නැගිට්ටා කියන්නේ විශ්වාස කරන්න පුලුවන් දෙයක් නෙවෙයි අපේ හාමුදුරුවනේ
" මොකද උබ මගේ දිහා යුරේනස් වලින් ගොඩ බැහැපු පිටසක්වලයෙක් දිහා බලන්න වගේ බලාගෙන ඉන්නේ "
යුන්මි ඇහි බමකුත් උස්සගෙන ඇහුවා
" අනී බන් අද ඉර මොන පැත්තෙන් ද පෑයුවේ කියලා කල්පනා කලේ "
" ඉර පෑයුවේ ඊයේ ඉර පෑයුව පැත්තෙන්ම තමයි සෙද්ද 😒"
යුන්මි මූන වාහනේකට අහුවෙච්ච කජු ලෙල්ල වගේ කරගෙන කියද්දී මට හිනා ගියා
" හිනා වෙයන් තව හිනා වෙයන් ලේ පිරිසිදු වෙන්න හිනා වෙයන් "
මම හිනාව නවත්තගෙන යුන්මි දිහා බැලුවා ඒකි රවාගෙන බලාගෙන ඉන්නවා
" දැන් උබ මොනාද උදේම නැගිටගෙන කරන්නේ "
" බිංකුන්ඩෝ ගනන් කරනවා වෙඩිමක් කතා කරන්න එපා බන් නින්ද ගිහින් එපැයි බන් නැගිටින්න "
මොකද යකෝ ඒ කිව්වේ ඒ කියන්නේ මේකි ඊලගට නිදාගෙන නැද්ද
" මොකද්ද බන් ඒ හරුපේ උබ නිදාගත්තේ නැද්ද "
" නින්ද ගියේ නැ බන් දැන් ඒවායි වැඩක් නැ බන් මෙන්න මේකව නැගිට්ටවපන්කෝ මේකි කොල්ලෙක් ගැන කියවනවා "
යුන්මි ගෙම්බා පොලේ ගහලා වගේ නිදාගෙන ඉන්න සෝහිව පෙන්නලා කිව්වා
" ඕකි ඔහොම තමයි බන් "
මම එහෙම කියලා ගිහින් සෝහි පෙරවගෙන හිටිය ශීට් එක අයින් කලා
" නිදාගන්න දීපන්කෝ වදේ "
එහෙම කියලා ශීට් එක අරගෙන ඔලුවේ ඉදලා පෙරවගත්තා
" ගෑනියේ නැගිටපන්කෝ තොට මම කීයේ ඉදලා කතා කරන්නේ තවුසේ මැරිලා වගේ නිදි මගේ නින්දට තමයි මුන් ඔක්කොම අපහාස කරන්නේ එතකොට මේකට නිදාගන්නවා කියලා නෙවෙයි ද "
යුන්මි සෝහියා පෙන්නන ගමන් කෑගහනවා
" අනේ බන් නැගිටපන් යකෝ තොගේ කනේ පිට්ටු ද ඕයි "
මම සෝහිට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා ඒත් කොහෙද මේකි ඇහැරෙන පාටක් නැ
" යුන්මියා ඔහොම හිටපන්කෝ අද මම ඕකිට කරන්න හොද වැඩක් "
" මොකද්ද තෝ කරන්නේ හදන්නේ "
" බලාගෙන හිටපන්"
මම කිචන් එකට ගිහින් ice water එකක් අරගෙන ඒකට කෝපි ටිකක් දාලා සීනි දාලා අවසාන වශයෙන් පදම එන්න බිත්තරයක් දාලා කවලම් කලා සෝහියා පව් කියලත් හිතුනා ඒත් ඕකි මට කරපුවාට රිටන් එක දෙන්නත් එපැයි නැත්නම් හරි නැ නේ
මම සෝහියාගේ රූම් එකට ගියා
" ඕකේ මොනාද තියෙන්නේ බන් "
යුන්මි මාව දැක්ක ගමන් ඇහුවා
" වැඩිය දෙයක් නැ බන් බිත්තර කෝපි සීනි තව මොනාහරි අඩුයි වගේ හුටා ලුනු දාන්න අමතක වුනා "
" උබ හදන්නේ මේකිව ඔම්ලට් දාන්න ද "
" අනී බන් හිමින් ඔය ශීට් එක අයින් කරපන් "
මම කිව්වාම යුන්මි හිමින් සැරේ ඇදට නැගලා සෝහිගේ ශීට් එක අයින් කලා
" හනා
දුල්
සෙත් "
සෝහිගේ මූනටම මම සාදා ගත් අතිශය විශේෂ මිශ්‍රණය හැලුවා
" බුදාම්මේ..."
සෝහි කෑගහගෙන නැගිට්ට පාර යුන්මියා ඇදෙන් බිම
" ඊව් සැක් මේ මොනාද යකෝ "
සෝහි මූන පිහිදන ගමන් ඇහුවා යුන්මි බිම වාඩිවෙලා බලාගෙන ඉන්නවා
" මොකද්ද වුනේ.. හොරෙක්වත් පැන්න ද ඌ වැරැදි කෙනාගේ ගෙදරට පැන්නේ කෝ ඌ වරෙන් එලියට අද මම ඕකාව අපායට නොමිලේ ටුවර් එකක් යනවා "
Toothbrush එකත් කටේ ගහගෙන දුවගෙන ආපු ජීහී කාමරේ පුරාම ඇස් යවන ගමන් කෑගැහුවා
" හොරෙක් නෙවෙයි බන් ග්‍රීස් යකෙන් බන් නැ වැරැදුනා බිත්තර යකින්නක් "
යුන්මි කොන්ද අල්ලාගෙන නැගිටින ගමන් කිව්වා
" අහ් ඔම්මා මගේ කශේරුව.....
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න ඕන "
යුන්මි එතැන තිබුණු පුටුවක වාඩි වෙලා කිව්වා පව් දෙවියනේ සුපිරි පාරක් වැදිලා වගේ
" ඒක නෙවෙයි උබ මොනාද ඇද පල්ලේ කලේ "
ජීහි යුන්මි දිහා බලාගෙන ඇහුවා
" පොල් කැඩුවා....
ගොන් පුරස්සන අහන්න එපා බන් මේන් මේක රෑ දොලහට මෝහිනි දැකලා වගේ කෑගැහුවා ඒකට බය වෙලා ඇදේ කොනේ හිටපු මම බිම "
" අහ් ඒක මිසක් "
" වේ... වේ උබ මොනාද හිතුවේ
අපරාදේ කියන්න බැ මින්හි වගේමයි "
" මින්හී ලමයා මින්හී වගේ වෙන්නේ නැතුව උබ වගේ වෙන්න ද "
සෝහි කිව්වා
" අඩේහ් කවුද මල්ලී මේ...."
ජීහී සෝහි ලගට යන ගමන් ඇහුවා
" මේ උබට ස්ත්‍රී පුරුෂ භාවය අදුරගන්න බැරි ද කොහෙද යකෝ මෙතන මල්ලිලා මෙතන ඉන්න ඔක්කොම කෙල්ලෝ අනිත් එක උබට වඩා වැඩිමල් ගරු කරලා ආමන්ත්‍රණය කරපන් "
මම කිව්වේ ජීහිගේ ඔලුවට ටොක්කක් ඇනලා
" ඊයා යකෝ බිත්තර ගදයි සැක් ".
සෝහි කිව්වේ අතේ සුවද බලලා ඒක කියපු විදියට අපි ඔක්කොම හිනා වුනා
" හිනාව නවත්තපන් යකුනේ උබලා ඔහොම හිනා වෙන්නේ රටට දැයට වටින අහිංසක බෝ පැලයක් වගේ දරුවෙක්ට කියලා අමතක කරන්න එපා "
සෝහි කියනකොට ඔක්කොම තත්පරක් දෙකක් නිශ්ශබ්දව ඉදලා කලින්ට වඩා හයියෙන් හිනා වුනා
" මේ..මේකි.. කටින්ද බන් ඕක කිව්වේ.... "
යුන්මිට හිනා වෙලා හුස්ම ගන්නත් අමාරුයි
" කටින් නෙවෙයි පුපෙන් 😑"
" අදමයි ඇහුවේ "
" දැන් ඇහුවා නේ ගිහින් ලෑස්ති වෙයන් පොඩි එකා ස්කූල් පලයන් ආවා මෙතන "
සෝහි ඇදෙන් බහින ගමන් කිව්වා
" මගෙන් මුකුත් නාහ මෙතනින් පලයන් සෝහි යන්න "
" ඕක නවත්තපන් දැන්
ජීහී ගිහින් ස්කූල් යන්න ලෑස්ති වෙනවා
යුන්මි උබ නිදි ද ගෑනියේ නැගිටපන් යුනි යන්නේ නැද්ද තෝ
සෝහි තෝ ඔය පොඩි එකා එක්ක රන්ඩු කරන එක නවත්තලා ගිහින් ලෑස්ති වෙයන් "
මම බැනලා ඉවර වෙනකොට මුන් ටික නෙප්චූන් වලින් මේ ලෝකෙට කඩාගෙන පහත් වුනු ජීවියෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා
" උබට වතුර එකක් ඕන ද බන් "
යුන්මි ඇහුවා
" උබට මම................
ඔහොම නැවතියන් යුන්මියා"
මම කතා කරනවා නෑහුනු ගානට ගියා ජීහි ස්කූල් ගියා සුපුරුදු පරිදි අපි තුන් දෙනා යුනි ගියා උදේම lecture එකක් නොතිබුණු නිසා අපි තුන් දෙනා cafeteria එකට ගිහින් කයියක් ගහගෙන හිටියා
" අර තට්ටියා කියන ඒවා කොහොමද බන් අහගෙන ඉන්නේ නින්ද යනවා නේ බන් "
යුන්මි කොෆි එක බොන ගමන් කිව්වා
" මොනා වුනත් ඒක ඇත්ත බන් මටත් නිදිමතයි "
සෝහියා කිව්වා
" අනේ ඇත්තටම තොපි දෙන්නා "
" මොකද්ද කියන්නේ උබ නිදාගත්තේ නැද්ද කියපන් සෝමාලියන් වයසක හිවලි "
" ඇමසන් වල් කිබුලි "
" මැඩගස්කර ගස් හෝතබුවා "
" ඕස්ට්‍රේලියන් හැලි ඔටුච්චි "
" සිරි ලංකන් මී මැස්සි "
මමයි සෝහියායි රන්ඩු වෙනකොට යුන්මියා මගේ දිහා බලනවා සෝහියා දිහා බලනවා මම බයේ හිටියේ මේකිගේ බෙල්ල ගලවලා යයි කියලා
" නවත්තපන් යකුනේ මේක zoo එකක් කියලා හිතාගෙන ද තොපි ඉන්නේ විනීතව හැසිරියන් මේ මම වගේ හූම් "
යුන්මි ගැම්මෙන් කිව්වා
" යකෝ ඒක "
" යමන් වෙලාව හරි "
අපි lecture එකට ගියා අද දවසටම ජින් වත් එයාගේ යාලුවෝ කවුරුවත් දැක්කේ නැ යුන්මිගෙන් ඇහුවත් ඒකි දන්නේ නැ කිව්වා හිතට හරි නැ වගේ lecture එක ඉවර වෙලා අපි එනකොට යුන්මිට කෝල් එකක් ආවා
Yunmi pov
අද ඔප්පා වත් අනිත් අයවත් යුනි ආවේ නැ ඔප්පාට කෝල් කලත් ෆෝන් එක ඕෆ් මොනා කරනවද මන්දා ෆෝන් ඕෆ් කරගෙන ජන්කූක්ට කෝල් කරාට වැඩක් නැ ඒකා කෝල් එක ආන්සර් කරන්නේ නැ මුන්ට මොන මගුලකට ෆෝන් තියෙනවා ද ඕන වෙලාවට එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නේ නැ මින්හීත් මගෙන් අහනවා මුන් ටික කෝ කියලා කෙලින්ම ඇහුවා නම් ඉවරයි නේ ජින් ඔප්පා කොහෙද කියලා ඒත් ඉතින් මම දැනගෙන එපැයි කියන්න ඔප්පා කියන නසරානියා නැති නිසා lecture එකෙන් භාගයක් නිදාගත්තා ඒත් හිතට හරි නැ කරදරයක් ද දන්නේ නැ නේ lecture එක ඉවර යුනි එකෙන් එලියට බහිනකොටම ඔම්මාගෙන් කෝල් එකක් ආවා
" යෙබුසේයෝ ඔම්මා "
" යෙබුසේයෝ මැනික හොදින් ඉන්නවා නේද ගෙදරින් ගියා ගියාමයි කෝල් එකක්වත් දුන්නේ නැ ඔම්මාව අමතක වුනාද මෙච්චර ඉක්මනට "
" අනියා ඔම්මා ඔයාව එහෙම අමතක වෙනවාද අනේ මම නම් ඉතින් වෙනදා වගේ ඉන්නවා ඔයාට කොහොමද ඔම්මා එතකොට අප්පා "
" අපි හැමෝම හොදින් මැනික කෝ ඔප්පා ෆෝන් ඕෆ් කරලා නේ "
" යේ ඔම්මා මාත් කෝල් කලා ෆෝන් ඕෆ් නේ "
" ඔප්පා හොදින්ද කියලා බලන්න "
",හරි හරි "
" ගිහින් බලන්න කරදරයක් ද දන්නේ නැ නේ අප්පා ඉන්නේ ඔප්පා එක්ක තරහින් කියලා දන්නවා නේ "
" මොකාක්.... ඔම්මා කියන්නේ මට එහෙට යන්න කියලා ද "
" මොකද කලින් නොදන්න තැනක් ද ඕන තරම් ගිහින් තියෙන්නේ "
" හරි හරි මම ගිහින් බලන්නම් "
" හ්ම්ම් මගේ හොද කෙල්ල පරිස්සමින් හරි ද"
" හරි ඔම්මා "
මම මින්හීටයි සෝහිටයි යන්න කියලා ඔප්පාගේ ගෙදර පැත්තට ගියා මූ නිසා මට තියෙන කරදරයක් ෆෝන් එකක් තියෙන්නේ මොකටද මන්දා කරදරකාරයා ඔප්පාට දෙහි කප කපා ගෙදර ලගට ආවා
මොකද අප්පා මෙච්චර මේ ගෙදර නිශ්ශබ්ද ෂුවර් එකට නසරානියෝ ටික ගෙදර නැතුව ඇති මෙහේ ඉදලා වැඩක් නැ මම යනවා
මම යන්න කියලා හැරෙනකොට ඔප්පාගේ රූම් එක පැත්තෙන් සද්දයක් ආවා
" මේකා ඉන්නවා ද "
අද නම් මම ඕකාට හොද පාඩමක් උගන්නනවා මම හිමින් සැරේ උඩට ගියා ඔප්පාගේ රූම් එකේ දොර භාගෙට ඇරලා දාලා තිබුනේ මම හිමින් දොර අරිනකොට දැක්ක දේ අදහා ගන්න බැරි වුනා
යුන්ගි ඔප්පා................
එයා...
මනුස්සයෙක්ට
වෙඩි තිබ්බා................😳
මම අඩියක් පස්සට තියවුනා එතකොට එතැන මේසේ උඩ තිබුණු flower vas එක බිම වැටුනු සද්දේ නිසා යුන්ගි ඔප්පා මගේ දිහා බැලුවා ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටෙද්දී මම දුවලා යන්න හැදුවත් මට වඩා ඉක්මන් වුනු යුන්ගි ඔප්පා මගේ අතින් ඇදලා බිත්තියට තියලා තද කලා
" තමුසේ දැකපු හැමදේම අමතක කරනවා මම නොකිව්වයි කියන්න එපා තමුසේ නම්ජූනාගේ නංගී නොවුනා නම් දැනටමත් ඉවරයක් කරලා "
එයාගේ ඇස් කේන්තියෙන් රතු වෙලා යුන්ගි ඔප්පා මෙච්චර කේන්තියෙන් ඉන්නවා දැක්ක පලවෙනි පාර එයා නපුරුයි කියලා දන්නවා
" ඔප්පා.... ප්ලීස් ලීව් මී "
මම මිමිනුවා ඔප්පා මාව අල්ලාගෙන හිටපු විදියට මට රිදුනා ඊට වඩා මගේ හදවතට රිදුනා එයා ඇයි එහෙම දෙයක් කලේ
" තමුසේ මේ ගැන කාටහරි කියලා අහුවෙන්න එපා දැන් යනවා "
මම ඔලුව වැනුවා යුන්ගි ඔප්පා මාව අතහැරිය ගමන් එලියට දුවගෙන ආවා මට කෑගහලා අඩන්න ඕනි.... ඒ මොකද්ද වුනේ මේක හීනයක් නේද මට මේ හීනෙන් ඇහැරෙන්න ඕන... 😭
මම අඩ අඩා ඇවිදගෙන යද්දී මිනිස්සු මගේ දිහා පිස්සෙක් දිහා බලනවා වගේ බැලුවේ පුලුවන් ඉක්මනට ගෙදර ගිහින් රූම් එකේ දොර වහලා එතැනම දොරට හේත්තු වෙලා ඉදගත්තා
යුන්ගි ඔප්පා.. එයා කවුද කොහොමද අර විදියට මනුස්සයෙක් මරලා දාන්නේ
එයා කියපු හැම වචනයක් ම මතක් වෙද්දී මට කියාගන්න බැරි දුකක් ඇති වුනේ.....
මම ඇඩුවා කොච්චර වෙලාවක් ඇඩුවා ද කියන්න මම දන්නේ නැ
To be continue.........😈
හෙට අප්ඩේට් දෙන්න බැරි වෙයි...
Bạn đang đọc truyện trên: AzTruyen.Top