08.Saranhea 💓

දින සති ගෙවිලා යද්දී ආරෝ ජීහන්ට ආදරය කරන්න පටන් ගත්තා ඒත් ආරෝ තවම දන්නේ නැ ජීහන් කියන්නේ කිරුල හිමි කුමාරයා බව ඒ අතරේ  සුක්‍යෝන් උප බිසව සැරසුණේ අලුත් කුමන්ත්‍රණයකට

දිනක් රජතුමාගේ බලකිරීම මත ජීහන්ට රාජකීය රෝහලට යාමට සිද්ද වුනා රාජකීය රෝහල කලබලයක්

" කුමක් ද මේ සිදුවන්නේ "

" කිරුල හිමි කුමාරයා පැමිනෙන නිසා සියල්ලෝම කලබලෙන් "

හායූන් පිලිතුරු දුන්නා මද වේලාවකින් ජීහන් රාජකීය රෝහලට පැමිනියා ජීහන්ගේ ඇස් රැදිලා තිබුනේ ආරෝ අසල ඇය තමන් කවුරුන් දැයි දැනගත් පසු කුමක් සිදු වෙයිද යන්න ඔහුගේ සිතට වද දුන්නා සැවොම ජීහන්ට ආචාර කලා ආරෝගේ ඇස් පුදුමෙන් විසල් වූවා

" ජන්ග්..."

ඇය මිමිනුවා

" එතුමා බොහෝ කඩවසම් "

හායූන් ආරෝගේ කනට කර පැවසුවා

" හ්ම්ම් "

ඇය ඊට වඩා කිසිවක් නොකියා සිටියා ඇය සිටියේ කුමක් සිදු කරන්න ද කියා සිතා ගත නොහැකිව.........

ජීහන් රාජකීය රෝහලෙන් පිටවී ගිය පසු ආරෝ ද පිටව ගියේ ජීහන්ව මුලින්ම හමු වූ ස්ථානයට

" ඇයි ඔබ මට නොපැවසුවේ ඔබ කිරුල හිමි කුමරු බව..... "

ආරෝ හැඩුවා... ජීහන් ඇයට මුසා පැවසූ නිසා ඇයට දැනුනේ වේදනාවක් බියක්

______________________________________

" කුමක් ද රෝහලේ නොමැති නම් කොහි ද "

ජීහන් පැවසුවේ මදක් කෝපයෙන්

" එසේය කුමරුනි.."

" අසු සූදානම් කරන්න පිටව යා යුතුයි "

" නමුත් කුමරුනි අගබිසව හමු වීමට යා යුතුයි නොවේද "

" ජන්ග්..... මා පැවසුවේ කුමක්ද "

" එසේය කුමරුනි "

ජන්ග් එසේ පවසා පිටව ගියා ජීහන් ඉක්මනින් ආරෝ සිටින ස්ථානයට ගියා ආරෝ හිටියේ ජීහන්ට පිටුපා

" ආරෝ "

ජීහන්ගේ කටහඬ ඇසුනු නිසා ආරෝ ඉක්මනින් කදුලු පිසදාගෙන ජීහන් දෙසට හැරුනේ හිස නවාගෙන

" ආරෝ.."

" ඔබතුමා කුමක්ද මෙහි සිදු කරන්නේ "

" ආරෝ.....'

ජීහන් අඩියට දෙකට ආරෝ ලගට ඇවිත් ආරෝ වැලදගත්තා

" වේ..... මා.. හට.. නොපැවසුවේ ඔබතුමා කවුරුන් ද කියා.... වේ. මාව රැවැට්ටුවේ "

", ආරෝ මා කිදිනකවත් ඔබව රැවැට්ටුවේ නැ මියානේ මා කවුරුන් ද කියලා නොපැවසුවාට මා ඔබට මා කවුරුන් ද කියා පැවසීමට උත්සාහ කලා "

ජීහන් ඉකිගසන ගමන් හඩන ආරෝගේ හිස අතගාන ගමන් පැවසුවා

" හඩන්න එපා......"

", ඔබතුමා මා හට මුසා පැවසූ නිසා මා හඩන්නේ "

" මියානේ ආරෝ.... "

ජීහන් ආරෝගෙන් ඈත් වී ඇගේ නලලට හාදුවක් තවරලා ආරෝගේ නිකටෙන් අල්ලලා ඔහුගේ පැත්තට හරවා ගත්තා ජීහන් කදුලු පිසදලා ආරෝගේ මූන දිහා බලාගෙන හිටියේ ආදරෙන්

" සරන්හේ ආරෝ...."

ජීහන් ආරෝ කම්බුල් පිරිමදින ගමන් පැවසුවේ ඇගේ දිලිසෙන දෑස් දෙස ආදරයෙන් බලාගෙන ඇගේ දෑස් අතරේ අතරමං වූ ජීහන් ආරෝගේ තොල් මත ඔහුගේ තොල් තබා පරිස්සමින් සිපගන්න පටන් ගත්තා ආරෝගේ දෑස් පුදුමෙන් විසල් වුවත් ඈයට ජීහන්ගේ උනුසුම් හාදුවෙන් මිදීමට අවස්ථාවක් නොවීය..ජීහන්ගේ එක් අතක් ඇගේ බද වටා එතෙද්දී ආරෝ ඇගේ අත් ජීහන්ගේ ගෙල වටා ඔතාගෙන ලං වුනා

අවටින් හමාගෙන ආ සීතල සුලං රැලි හේතුවෙන් අසල තිබූ චෙරි ගසේ මල් පෙති දසත විසිරී ගියේ ඔවුන්ගේ ආදරයට ආශිර්වාද කරන්නාක් මෙන්..ජීහන්ට ආරෝගේ තොල් වලින් ඈත් වීමට නම් අදහසක් නොමැත... ආරෝ අපහසුවෙන් බව තේරුනු ජීහන් ඇගෙ තොල් වලින් මෑත් විය ආරෝ චෙරි ගෙඩියක් මෙන් රත් පැහැ විය..

______________________________________

සතියක් ගෙවිලා ගියත් ආරෝ මුනගැසීමට ජීහන් නොපැමිනි නිසාවෙන් ආරෝ හිටියේ කනස්සල්ලෙන්..... ඇය වෙනදා වගේම චෙරි ගස ලගට වී සිටියේ ජීහන් එයි කියා බලාපොරොත්තුවෙන් ඇය සිතූ ලෙසටම ජීහන් පැමිනියා

" ආරෝ......"

ඇය ජීහන් දෙස කෝපයෙන් බලා සිටියා

" ආරෝ..මා හට කමා කරන්න මදක් ප්‍රමාද වුනා "

ජීහන් එසේ පැවසුවද ඇගේ මුහුනේ වෙනසක් නොවුනි

",ආරෝ...."

" ඔබ කෙදිනක ද ප්‍රමාද නොවුනේ කුමරුනි..."

ඇය ජීහන්ට හට පිටු පා සිට ගනිමින් පැවසුවේ ය.
.
ආරෝ... මා හට බොහෝ රාජකාරි "

ඇය නිහඬව සිටි..

" මා හට කමා කරන්න නමුත් ඔය ලෙස නොසිටින්න ආරෝ.."

ඇය ජීහන්  දෙස හැරි බැලුවාය..

" මා හට බිය යි කුමරුනි.. මම සාමාන්‍ය පවුලක තරුනියක් ඔබතුමා.."

ඔහු ආරෝගේ උරහිසෙන් අල්ලලා

" මා ඔබට මීට පෙර ද පවසා තිබෙනවා මා ආලය කරන්නේ ඔබට නැතිනම් ඔබේ තත්ත්වයට නොවේ "

" නමුත් කුමරුනි.."

" කිසිවක් නොපවසන්න "

" එසේය "

ඇය බිම බලාගෙන පැවසුවා

" ආරෝ......"

ඇය ජීහන් දෙස බැලුවා

" ඔබ මාලිගාවට පැමින්නේ නැති ද "

" මා හට මාලිගාවට පැමිනීමට අවශ්‍යතාවයක් නොමැත "

" කිම් ද "

" කුමරුනි මා හෙදියක් මාලිගාවට පැමිනීමට නම් කවුරුන් හෝ අසනීප විය යුතුයි "

" ඉදින් මා අසනීප වන්නම් "

" කුමරුනි "

ආරෝ උස් හඩින් කතා කලා ජීහන් සිනා සී ආරෝගේ කම්බුල පිරිමැද්දා

මේ සියල්ල අතරේ සුක්‍යෝන් උප බිසවත් ලීසනුත් සිටියේ ජීහන් ඝාතනයට ක්‍රමයක් සිතමින්

" මෑනියනි, අප කුමක්ද සිදු කරන්නේ "

" රජතුමා ජීහන්ට ඉක්මනින් කිරුල ලබා දීමට උත්සාහ කරන්නේ නමුත් ඔහු තාම අවිවාහකයි ඒ නිසා රජතුමා ජීහන්ට ප්‍රධාන උපදේශකගේ දියනියත් ජන් අමාත්‍යගේ දිනියත් යෝජනා කර තිබෙනවා ජීහන් ඒ පිලිබද කිසිවක් පවසා නොමැති වීම මාගේ පුදුමයට කරුනකි "

" මෑනියනි එසේ නම් ඔහුට තරුනියක් සිටීමට නොහැකි ද "

" නුබ සිතන්නේ ජීහන් යනු නුබ වැනි තරුනයෙක් කියාද ඔහු පහසුවෙන් කෙනෙක්ව ලං කරගන්නා අයෙක් නොවේ....."

" උප බිසවුනි මා පාලිකා යන් "

සුක්‍යෝන් කතාව නැවැත්තුවා

" පැමිනෙන්න "

" හෙට දිනයේ දී ප්‍රධාන උපදේශකගේ දියනියත් ජන් අමාත්‍යගේ දිනියත් අගබිසව විසින් මාලිගාවට  කැදවලා "

" ඔබට යා හැකියි "

පාලිකාව ගියාට පසු සුක්‍යෝන් තරහින් අතමිට මොලවගත්තා

" අගබිසව එතුමියගේ කාර්යය පටන් ගෙන "

සුක්‍යෝන් පැවසුවේ හිතේ කපටි උපක්‍රමයක් වැඩ කරද්දී

පසුදින අගබිසවගේ ආරාධනය මත ප්‍රධාන උපදේශකගේ දියනියත් ජන් අමාත්‍යගේ දිනියත් පැමිනියා ජීහන් සිටියේ ආරෝ මේ පිලිබදව දැනගතහොත් කුමක් කරාවි ද කියලා සිතාගත නොහැකිව ඔහුට කිසිවක් කරගැනීමට නොහැකි වූ නිසා ඔහු සිටියේ කලකිරීමෙන්

" මා කුමාරයෙක් නොවුනා නම්.......
ආරෝ වෙනුවෙන් මේ සියල්ල අතහැර ඇය ලගට යනවා "

ජීහන් එසේ සිතා යාමට සැරසෙද්දී ඔහු සිහිසුන්ව ඇද වැටුනා

", කුමරුනි "

එවිට ඇතුලට පැමිනි ජන්ග් කෑගැසුවා මුලු මාලිගාවේ ම විශාල කලබලයක් කිරුල හිමි කුමාරයා හිටපු ගමන් සිහිසුන් වූ නිසාවෙන්

" වෙදදුරුතුමනි කිරුල හිමි කුමරු සිහිසුන් වෙලා ",

කලබලෙන් දුවගෙන ආ හෙදියක් පැවසුවා එතැන සිටි ආරෝ අඩියක් පසුපසට තැබුවා

" කුමරුනි "

ඇය මිමිනුවා ඇගේ ඇස් වලින් කදුලු බිදු මෝදු වෙද්දී ඇය තමන්ව පාලනය කරගත්තේ අපහසුවෙන්

" ආරෝ, හායූන් සහ යූන් වෙදදුරු මා සමග පැමිනෙන්න ඉක්මන් කරන්න "

ප්‍රධාන වෙදදුරුතුමාගේ අනට කීකරුව ඉක්මනින් කුමර මාලිගය වෙත ගමන් කලා

" පුතනුවන්ට කුමද්ද සිදු වී ඇත්තේ පවසන්න ඔහු එක් වරම සිහිසුන් වීමට හේතුව කුමක්ද "

අගබිසව ඇසුවා

" අගබිසවුනි කලබල නොවන්න "

" කලබල නොවී සිටින්නේ කෙසේද රජතුමනී "

වෙදදුරුතුමා කුමරුව පරික්ෂා කර අවසානයේ

" රජතුමනී බිය වීමට කාරනයක් නොවේ එතුමාට ආසාත්මිකතාවක් "

" කුමද්ද "

" එසේය රජතුමනී මා ඖෂධ නියම කරන ලදි "

වෙදදුරුතුමා එසේ පැවසුවා ආරෝ සැනසුම් සුසුම් හෙලුවේ ජීහන්ට අනතුරක් නොමැති නිසා

____________________________________

" ඔබ සිතන්නේ මෙය මා කල දෙයක් බව ද "

සුක්‍යෝන් ඇසුවා

" එසේ නම් මෙය මෑනියන්ගේ ක්‍රියාවක් නොවේද "

ලීසන් ඇසුවා

" ඔබ ඔබේ මෑනියන් පිලිබද මේ අයුරින් ද සිතාගෙන සිටින්නේ "

ලීසන් නිහඬව සිටියි

මද වේලාවකට පසු ආරෝ සහ හායූන් දෙදෙනා කුමර මාලිගය වෙත ගියේ ඖෂධ රැගෙන එවිට කුමරු සිහිය පැමින තිබූ අතර අගබිසව ඔහු අසල රැදී සිටියා ආරෝ රැගෙන පැමිනි කසාය පාලිකාවක් විසින් ජීහන්ට පිලිගැන්නුවා නමුත් ජීහන්ගේ ඇස් තිබුනේ ආරෝ අසල තමන් දිහා ජීහන් බලාගෙන සිටින බව දැනුනු ආරෝට මද අපහසුතාවයක් නොදැනුනාම නොවෙයි එම නිසා ඇය පිටව ගියා

" අගබිසවුනි ජං අමාත්‍යතුමා ඔබතුමිය හමුවීමට පැමින "

" එසේ ද
මා පිටව යන්නම් කුමරුනි "

" එසේය මෑනියනි "

Aro pov

දින කිහිපයක් ගත වුනා ඔහු සුවෙන් යන සැනසීම පමනක් මා හට ඉතිරි විය.. කෙදිනකවත්  මා හට හිමි නොවන බව දැන දැන මා ඔහුට ආලය කරමි යථාර්ථය එයයි එය පිලිගැනීමට මගේ සිත අදිමදි කරයි ඔහු කුමාරියෝ මා සාමාන්‍ය පවුලක උපත ලද තරුනියක්

මා චෙරි ගස අසලට වී සිටියේ සිත නිදහස් කරගැනීමේ අදිටනින්.. සීතල සුලං රැලි හේතුවෙන් චෙරි මල් පෙති දසත විසිරිලා ගියේ වසන්‍තයේ සුන්දර බව කියන්නාක් මෙන් මා අත දිගු කල විට චෙරි මල් පෙත්තක් මාගේ අත උඩට වැටුනා මගේ මුහුනේ සිහින් සිනාවක් රැදුනා

ඔහු පැමිනියා ද..?

මා හැරී බැලුවා ඔව් මා බලාපොරොත්තු වූ පරිදි ඔහු පැමිනියා දෑස් කදුලින් තෙත් වෙද්දී මා ඔහු දෙස බලා සිටියා ඔහු අඩියට දෙකට මා අසලට පැමින කම්බුල පිරිමැද්දා

" ආරෝ.........."

ඔහුගේ ගොරෝසු කටහඩින් මගේ නම මිමිනුවා

" ම්හ්හ්"

මා හට කතා කිරීමට අවශ්‍ය නොවීය

" මියානේ "

ඔහු පැවසුවේ මාගේ නලල මත ඔහුගේ තොල් තබමින් මා දෑස් පියාගෙන ඒ මොහොත වින්දා සැමදා මෙසේ සිටීමට හැකිනම්............

ඔහුගේ උනුසුමට තුරුල් වී සිටීමට මා හට හැකි ද සියල්ලන්ට රහසින් අප ආලය කලත් කෙදිනක හෝ මේ සියල්ල එලි වූ විට කුමක් සිදු වේ ද

මා දෑස් පියාගෙන සිටියා ද කදුලු කම්බුල් දිගේ ගලා ගියා ඔහුට එය දැනී මාගේ කම්බුලක රැදී තිබුණු ඔහුගේ අත ඉවතට ගත්තා මා හට හැඩිමට අවශ්‍යයි

" ආරෝ.... කුමක් ද සිදු වූයේ "

ඔහු මාගේ කදුලු පිසදමමින් ඇසුවේ මුදු ස්වරයෙන් නමුත් මා කිසිවක් නොපවසා සිටියා

" ආරෝ..... දෑස් විවර කරන්න "

මා ඔහුට අවනත වී දෑස් විවර කර ඔහු දෙස බැලුවා

" ඔබට මා අතින් වරදක් සිදු වූවාද.....?"

ඔහු කනස්සල්ලෙන් අසද්දී මා හිස සෙලවූයේ නැ කියන්න

" එසේ නම් කුමක් ද සිදු වූයේ....?"

" කිසිවක් නොමැත "

මා සිනා වී පැවසුවා නමුත් එය ඔහු විශ්වාස කරන බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත

සත්‍ය පවසන්න "

ඔහුගේ බැල්ලම තියුණු විය.. මා ඔහුගෙන් දෑස් ඉවතට ගෙන ඔහුට පිටුපා සිටගත්තා

" අප යථාර්ථය තේරුම් ගත යුතුයි කුමරුනි "

" කුමන යථාර්ථයක් පිලිබද ද ඔබ පවසන්නේ "

ඔහු මාව ඔහුගේ දෙසට හරවාගනිමින් පැවසුවා

" අප දෙදෙනාට කෙදිනකවත් එක් විය නොහැකියි එයයි යථාර්ථය "

මා හැඩුම් අතරින් පැවසුවා

" මා කුමාරයෙක් නොවුනා නම් ඔබ කිසි දිනක ඔය ලෙස නොපවසා වි "

" කුමරුනි "

" මා හට මේ කිරුලෙන් ඇති ප්‍රයෝජනයක් නැ ආරෝ මා හට අවශ්‍ය ඔබ සමග ජීවත් වීමට පමනයි ඒ වෙනුවෙන් මා හට කිරුල වුවත් අතහැරීමට සූදානම් "

" කුමරුනි ඔබව මේ රාජ්‍යට අවශ්‍යයි ඔබයි කිරුල හිමි කුමාරයා ඔබතුමා කෙසේද මා වැනි නොවටින තරුනියක් නිසා ඔබතුමා සියල්ල අතහරිනවා ද "

" ඔබට ඇය නොවටින තරුනියක් වුවත් මා හට ඇය තමයි මගේ මුලු ලෝකයම "

ඔහු පැවසුවේ කෝපයෙන් එය ඔහුගේ ඇස් වලින් මනාව දිස් වුනා ඔහු එතරම් මා හට ආලය කරනවාද......

මා කදුලු පිරි දෙනෙතින් ඔහු දෙස බලා සිටියේ කුමක් කීමට ද නොවැටහෙද්දී

" සරන්හේ...... නා නෝමු සරන්හේ ආරෝ..."

ඔහු මාගේ ඇස් දෙස කෙලින් බලා පැවසුවා ඔහු මගේ දෑස් දෙස බලා ඉල්ලු දේ වැටහුනු නිසා මා දෑස් පියාගෙන ඔහුට ඉඩ දුන්නා ඔහුගේ සීතල තොල් මගේ තොල් මත වදිද්දී මගේ මුලු ඇගම සීතල වෙලා ගියා

Author pov

ජීහන් සහ මින්හී දෙස කෙනෙක් බලාගෙන සිටි බව ඔවුන් දෙදෙනාම නොදනී..

_____________________________________

පසුදින අගබිසව විසින් ප්‍රධාන උපදේශකගේ දියනිය වූ සෝයන් ව ජීහන්ට යෝජනා කලා මේ පිලිබද දැනගත් ජීහන් වහාම රජතුමා හමුවීමට ගියා එවිට එහි අගබිසවත් රැදී සිටියා

" පියානනි මා හට ඔබතුමාට පැවසීමට යමක් තිබෙනවා "

" කුමද්ද "

" පියානනි මා ආලය කරන තරුනියක් සිටිනවා "

" කවුරුන්ද ඇය.."

අගබිසව ඇසුවා

" ඇය හෙදියක් මෑනියනි "

" කුමක්ද ඔබ පවසන්නේ ඔබ කවුරු කියා සිතාගෙන ද මෙසේ ක්‍රියා කරන්නේ "

අගබිසව කෑගසද්දී රජතුමා සන්සුන්ව බලා සිටියා

" ඔබ පිටව යන්න "

රජතුමා පැවසුවා

" පියානනි මා "

" ඔබ කිරුල අතහැරීමට නම් සූදානම එය කිසි දිනක සිදු නොවේ "

" කුමරුනි ඔබ දැන් පිටව යන්න "

අගබිසව පැවසුවා

" නොහැකියි "

" පාලක මොහුව රැගෙන යන්න "

" පියානනි මා පවසන දෙය මදක් අසන්න "

පාලක කුමරුව පිටතට රැගෙන ගියා

To be continue.........😈

තව එක චැපියකින් අතීත කතාව ඉවරයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top