07.Past 👑️

" වෙදදුරුතුමනි.., වෙදදුරුතුමනි ඔබතුමා කොහි ද "

මහජන රෝහලේ සියලු කලබල මැද හෙදියක් මෙසේ කෑගසමින් දිව යන්නේ ඇගේ මිතුරිය අද දිනයේ ද කිසිවෙකුට නොපවසා රෝහලෙන් පිටව ගොස් ඇති බව වෙදදුරුතුමාට දැනුම් දීමටයි ඇගේ ක්‍රියාකලාපය වෙදදුරුතුමා ඉතා හොදින් දන්නවා අයෙක් විය

" කුමක්ද කාරනය "

" ආරෝ මහජන රෝහලේ නොමැත වෙදදුරුතුමනි "

" කුමක්ද ඈට අමතක වී ද දෙදිනකින් රාජකීය රෝහලට හෙදියන් බදවා ගැනීමේ පරීක්ෂණය බව "

" අප කුමක්ද සිදු කරන්නේ "

" ඇය පැමිනි වහාම මා දැනුවත් කරන්න
හාහ් හිතුවක්කාර කෙල්ල...."

වෙදදුරුතුමා එසේ පවසා එතැනින් පිටව ගියා

____________________________________

" කොහෙද නුබ දිව යන්නේ ඔබට තවම සුව වී නොමැත "

ආරෝ එසේ පවසමින් හාවෙක් පසුපස දිව යයි

" නුබ හරි හිතුවක්කාර සාවෙක් මා නුබට පැවසුවා නොවේ ද නුබට සුව වී නොමැත බව නුබට දඩුවම් කල යුතුයි මා පැවසූ දේ නෑසූ නිසාවෙන් "

ආරෝ සාවා අල්ලාගෙන සාවාට පවසයි

" වෙදදුරුතුමා මා නොමැති බව දැනගෙන ඇති මා කුමක්ද සිදු කරන්නේ "

ආරෝ තොල පිට පෙරලගෙන කල්පනාවක එවිට ඇයට ඇසුනේ කවුරුන් හෝ වේදනාවෙන් කෙදිගාන හඩක් ඇය සෙමින් ඒ පැත්තට පියමැන්නා එවිට ඇය දුටුවේ තුවාල වී වැටී සිටින තරුනයෙක් ඇය වටපිට බලමින් තරුනයා ලගට සෙමෙන් ලං විය..

" ඔබ කවුරුවන් ද "

මද සිහියෙන් සිටි තරුනයා අසලට කිට්ටු වූ ආරෝ ඇසුවා...

" ඔ..ඔබ.. මෙ..ත..නින්.. පි..ටව.. ය..න්න "

තරුනයා අපහසුවෙන් වචන ගැට ගහගෙන කතා කලා

" ඔබ මේ අයුරින් වනයක් මැද දමා යාමට නොහැකියි ඔබ බොහෝ දුර්වලයි වහාම ප්‍රතිකාර කල යුතුයි "

ඇය පැවසුවේ තරුනයාගේ නාඩි පිරික්සමින්

" මදක් රැදී සිටින්න "

ආරෝ එසේ පවසා බෙහෙත් පැලෑටි සොයා ගියා ය..

මදකින් ආරෝ බෙහෙත් පැලෑටි සොයා පැමිනෙන විට තරුනයා සිහිසුන් වී සිටියා

" මොහු සිහිසුන් වෙලා මුහුනත් සුදුමැලි වෙලා "

ආරෝ තරුනයාගේ තුවාලට ප්‍රතිකාර කර අවසන් කරන විට හිරු බැසගෙන ගොස් අවසානයි ආරෝ තරුනයා රැගෙන අසල තිබූ කුඩා නිවසකට ගියා

පසුදින තරුනයාට සිහිය ආවා

" මා මේ කොහි ද සිටින්නේ "

තරුනයා හිස අල්ලාගෙන නැගී සිටීමට උත්සාහ කලත් එය අසාර්ථක වී ගියේ ඔහුගේ තුවාලය පෑරුනු නිසාවෙනි

" අහ් "

" ඔබ නැගිට්ටා ද "

ආරෝ පැමින එසේ ඇසුවා

" ඔබට දැන් කෙසේද "

" දැන් සුවයි
ඔබට ස්තූතියි "

ආරෝ මද සිනාවකින් සංග්‍රහ කරලා

" ස්තූති අනවශ්‍ය මා කලේ ඕනෑම කෙනෙක් සිදු කරන දෙයක්
ස්තූති කලත් කම් නොවේ ඔබට මා ප්‍රතිකාර කලේ ඔබේ අකමැත්තෙන් "

ආරෝ දිහා තරුනයා බලා සිටියේ ඔහුගේ දෙතොලතර මද සිනාවක් රැදෙද්දී

" ඔබගේ නාමය කුමක් ද "

" ආරෝ එවිට ඔබ.."

" ජන්ග් "

ඔහු පිලිතුරු දුන්නේ මදක් කල්පනා කර

" එවිට ඔබට තුවාල වූයේ ඔබ කවුරුන්ද "

ආරෝ ඇසුවේ මදක් සැකයෙන්

" මා කුමාරයා ප්‍රධාන ආරක්ෂකයා "

ආරෝ ඇස් දෙක ලොකු කරගෙන බලා සිටින ආකාරය දුටු තරුනයාට සිනා විය..

" ඔබ සිනා සෙන්නේ මන් ද "

" කිසිවක් නොමැත "

" මා දැන්ම පිටවිය යුතුයි වෙදදුරුතුමා දැනටමත් මා සොයනවා ඇති.."

" ඔබ රාජකීය රෝහලේ හෙදියක් ද "

" මහජන රෝහලේ හෙදියක්
මා හට ප්‍රමාද යි "

ආරෝ කලබලයෙන් නැගි සිට එසේ පැවසුවා

" මා ද ඔබ සමග පැමිනෙන්නම් "

" ඔබ විවේක ගත යුතුයි "

" මා හට දැන් සුවයි ඔබ හා පැමිනෙන්නම් "

එසේ පැවසූ තරුනයා කුටියෙන් පිටව ගියා ආරෝත් ඔහු සමග නගරය බලා පිටත් විය.. ගමන පුරාවටම ආරෝගේ කතා වලින් පිරිලා තරුනයාත් මේ කටකාර තරුනියගේ කතා අසාගෙන සිටියේ කිසි දිනෙක නොදැනුනු හැගීම් ගොන්නකින් ඔහුගේ සිත වෙලාගනිද්දී.....
අවසානයේ මහජන රෝහල අසලට පැමිනි පසු ආරෝ තරුනයා දෙසට හැරුනි..

එසේ නම් මා යා යුතුයි  ඔබ ප්‍රවේසමෙන් යන්න "

තරුනයා හිස සෙල වූවාම මිස කිසිවක් නොපැවසූවේය.. ආරෝ සිනා වී රෝහල ඇතුලට ගියා තරුනයා ද මුහුනේ සිනාවක් රදවගෙන ආරෝ නොපෙනී යන තෙක් බලා සිටියා..

මාලිගාවේ විශාල කලබලයක් ඊයේ දින සිට කිරුලු හිමි කුමරු සොයා ගැනීමට නොහැකි බැවින්

" රජතුමනී,
පුතනුවන් පිලිබද ආරංචියක් තිබේ ද "

අගබිසව රජතුමා අසලට ගොස් අඩමින් ඇසුවා

" තවම කිසිදු තොරතුරක් නොමැත අගබිසවුනි "

" ඔබතුමා කුමක්ද සිදු කරන්නේ නැති වී සිටින්නේ අපගේ පුතනුවන් මේ රාජ්‍යයේ කිරුලු හිමි කුමාරයා ඔබතුමා කෙසේද ඔය ලෙස සන්සුන්ව සිටින්නේ "

" අගබිසවුනි......"

" රජතුමනී මා ප්‍රධාන පාලක..."

" පැමිනෙන්න "

ප්‍රධාන පාලක ඇතුලට පැමින රජතුමාට ආචාර කලා

" රජතුමනී, කිරුල හිමි කුමරු නැවත මාලිගාවට පැමිනිලා...."

" පුතනුවන් "

අගබිසව පිටව ගියා රජතුමාත් ඒ සමග පිටව ගියා

_____________________________________

" ජන්ග්..."

" කුමරුනි
ඔබතුමාට කුමද්ද සිදු වුයේ..?"

" එය දිග කතාවක් ජන්ග් "

ජන්ග් යනු ජීහන් කුමරුගේ ප්‍රධාන ආරක්ෂකයා මෙන්ම හොදම මිතුරාය..

" ඔබතුමාට තුවාල වූයේ කෙසේද "

" ජන්ග් හිමින් කතා කරන්න "

" පුතනුවනි..,"

අගබිසව සහ රජතුමා පැමිනි නිසා ජන්ග් පිටව ගියා

" මෑනියනි "

" ඔබ සුවෙන් නේද කරදරයක් නැ නේ ද "

අගබිසව කදුලු පුරවගෙන ඇහුවා

" මා සුවෙන් මෑනියනි "

" කුමරුනි කුමක්ද සිදු වූයේ "

" රජතුමනී මා ඇවිදීමට මාලිගයෙන් පිටතට ගොස් නැවත පැමිනෙන විට රාත්‍රි වූ නිසා එලියට වැටෙන තුරු රැදී සිටියා ",

" නුබ කවුරුන් කියා සිතාගෙන්ද ඔය ලෙස හැසිරෙන්නේ නුබ මේ රාජ්‍යයේ කිරුල හිමි කුමාරයා රාජ්‍යයේ අනාගතය බව අමතක නොකරනු "

" රජතුමනී කුමරු සුවෙන් පසුවෙන්නේ ඔබතුමා කලබල වීම අනවශ්‍යයි ඔහු නැවත එසේ නොකරාවි "

අගබිසව කුමරුගේ මුහුන අතගාන ගමන් පැවසුවා

" එසේය පියානනි "

_______________________________________

ආරෝට වෙදදුරුතුමා දොස් නැගූ නිසා ඇය සිටියේ කේන්තියෙන්

" අහ්..ඔහු නිසායි මේ සියල්ල  ගබඩාව තනියම පිරිසිදු කිරීම ට දීම තරම් වෙදදුරුතුමා කුරිරු වූයේ කෙසේද
නැවත ඔහු හමුවුවහොත් මෙයට වාඩුව ඔහුගෙන් ගන්නවා ගන්නවාමයි "

ආරෝ ස්ථිර හඩකින් කිව්වා

" ආරෝ....."

" හායූන් "

ආරෝගේ එකම මිතුරිය හායූන්....

" මා පැමිනියේ ඔබට උපකාර කිරිමට "

" කුමාවෝ හායූන් "

" පෙර දිනයේ නොපැමිනියේ මන්ද "

" ආ මේ.. වනාන්තරේ ඇවිදිමින් සිටින විට රාත්‍රි වූ නිසාවෙන් "

" ඔබ පවසන්නේ සත්‍ය ද."

" නුබට මුසා පවසා මා කුමක් කරන්න ද හායූන් "

ආරෝ සහ හායූන් දෙදෙනා එක් වී ගබඩාව පිරිසිදු කර අවසන් කලා දිනක් ගත වී ගියේ ජීහන් කුමරුගේ සිත ආරෝ නැවත ඇය දැකීමට ආශා කරද්දී පරීක්ෂණයෙන් ආරෝත් හායූන් තව හෙදියන් තිදෙනෙක් රාජකීය රෝහලට තේරී පත් වුනා

දිනක් ආරෝ කඩ වීදියේ ඇවිදිමින් සිටිය දී දැකලා පුරුදු රුවක් දුටු නිසා මදක් නැවතී ඔහු දෙස බලා සිටියා

" මොහු......"

ආරෝ දුටුවේ කඩ වීදියේ ජන්ග් සමග ඇවිදිමින් සිටි ජීහන් කුමාරයා ආරෝ සිටියේ කෝපයෙන්

", එසේ නම් මා හට නුබ නැවත හමුවුනා "

ජීහන් පැවසුවේ සිනහවක් මුවේ රදවගෙන ජීහන් ආරෝ අසලට ගියා

" මා සිතුවේ නැ ඔබ නැවත මා හට මුනගැසෙයි කියලා "

ජීහන් පැවසුවා

" නුබ නුබ නිසා මා හට තනිව ගබඩාව පිරිසිදු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා ද "

ආරෝ කෝපයෙන් පවසද්දී ජීහන් සිනාසුනා ජීහන් සිනාසෙන නිසා ආරෝගේ කෝපය වැඩි විය ආරෝ ඉස්සි ජීහන්ගේ හිසට පහරක් එල්ල කලා ජන්ග් ඉස්සරහට එන්න හදද්දී ජීහන් අතින් සන් කලේ නවතින්න කියන්න වගේ

" මේ නුබ නිසා මා හට සිදු වූ දේවල් වලට "

" මියානේ ආරෝ...."

" හ්ම්ම් "

" ඔබ අද සතුටින් වගේ "

" යේ........ මා අද බොහෝ සතුටින් "

ආරෝගේ ඇස් සතුටින් දිලිසෙන අයුරු ජීහන් බලා සිටියේ හදවත වෙනදාට වඩා වේගෙන් ගැහෙද්දී

" මා හට එයට හේතුව දැන ගැනීමට හැකි ද "

" මා රාජකීය රෝහලට තේරී පත් වුනා "

ආරෝ සතුටින් සිනාසෙමින් පැවසුවා

" මගෙන් සුභ පැතුම් "

" මා යා යුතුයි ප්‍රමාද වුවහොත් අද දිනයෙත් මා හට දඩුවම් විදීමට සිදු වෙයි "

" එසේ නම් ඔබ ප්‍රවේසමෙන් පිටව යන්න "

ආරෝ ආචාර කර යන දෙස ජීහන් බලාගෙන සිටියේ සිනහවකින් මුහුන සරසාගෙන ටික දුරක් ගිය ආරෝ නැවත හැරි බැලූ නිසා ජීහන්ගේ සිනහව අලුත් විය..

" කුමරුනි "

" ජන්ග් මා හට ඇය සැමදා මුනගැසිය හැකි නම් "

" කුමද්ද "

" කිසිවක් නැ ආපසු මාලිගාවට "

ජන්ග් සිනා සී ජීහන් සමග මාලිගාවට පැමිනියා.

_______________________________________

" මෙවරත් ඔහු බේරුනා මෙතරම් සැලසුම් කර කලත් කුමක්ද සිදු වූයේ "

උප බිසව කෑගැහුවේ ඇගේ සියලු සැලසුම් අසාර්ථක වූ නිසාවෙනි

" උප බිසවුනි, කමා කරන්න "

යුන් ඇමති බැගෑපත්ව ඉල්ලා සිටියා

" ඔබ කමා කරන්න කියූ සැනින් සියල්ල වෙනස් වන වාද "

" උප බිසවුනි, "

" රජතුමා මා පිලිබද සොයා බලන්නේ නැ එතුමා මා හමුවීමට දැන් පැමිනෙන්නේ ද නැත එතුමා අගබිසව හා ජීහන් කුමරු පිලිබදව පමනයි සොයන්නේ එවිට මා හා මගේ පුතනුවන්ට කුමද්ද සිදු වන්නේ රජ විය යුත්තේ මාගේ ලීසන් කුමරු පමණයි "

" එය එසේ සිදු වේවි බිසවුනි "

යුන් ඇමති යටහත් පහත් කියා සිටියා

සුක්‍යෝන් උප බිසවගේ පුතු වූ ලීසන් කුමරු ජීහන් කුමරුට වඩා වයසින් වැඩිය.. ලීසන් කුමරුගේ ක්‍රියාකලාපය නිසා රජතුමා කිරුලු හිමි කුමරු ලෙස ජීහන් කුමරු පත් කරන ලදි.. මේ නිසා කෝපයට පත් සුක්‍යෝන් උප බිසව ජීහන් කුමරු ඝාතනයට අවස්ථා කිහිපයකදීම තැත් කලත් ඒ සියල්ල අසාර්ථක විය..

දින කිහිපයකට පසු ආරෝ සහ හායූන් මාලිගාවට පැමිනියා දැන් ඔවුන් දෙදෙනාම රාජකීය රෝහලේ හෙදියන් ලෙස කටයුතු කරනවා මේ අතරේ ජීහන් උයනට වී ආරෝ පිලිබද සිතමින් සිටින විට ජන්ග් පැමිනියා

" කුමරුනි "

" ජන්ග්.."

" කුමරුනි "

" මට ඇයව මුනගැසිය යුතුයි "

" කුමරුනි එය භයානකයි "

" මෙයට වඩා භයානක ක්‍රියා අප කොපමණ කර තිබේ ද "

" කුමරුනි... ඊට වඩා මෙය වෙනස් සුක්‍යෝන් උප බිසව ඔබතුමා පිලිබද සෙවීමට ඔත්තුකරුවන් යොදා ඇති බව ඔබතුමා නොදන්නවාද "

" මා සියල්ල දනිමි මා වෙස් වලාගෙන ගොස් ඇය හමු වි පැමිනෙන්නම් "

" ඔබතුමා ඇයට කැමති ද "

ජීහන් සිනා සී ඇවිද ගියා

ආරෝ පුස්තකාලයට පැමිනෙන විට කවුරුවත් එහි රැදී නොසිටියා ආරෝ පුස්තකයක් පෙරලමින් සිටින විට ඇයට සිහි වූයේ ජීහන් ව

" ඔහුට කෙසේද දන්නේ නැ ඔහු ඉතා කඩවසම් අනිවාර්යයෙන් ඔහුට තරුනියක් ඇති

ආරෝ ඔහුට තරුනියක් සිටියත් නැතත් ඔබට ඇති ගැටලුව කුමක්ද ඔබ ඔහුට ප්‍රතිකාර කලා එය එතැනින් අවසන්

නමුත් මා හට ඔහු පිලිබද නොසිතා සිටින්නට බැරි මන්ද "

ආරෝ පුස්තකයෙන් මුහුන වසාගත්තා මද වේලාවකින් කවුරුන් හෝ පැමින ඇගේ මුව අතින් තද කර පිටිපස්සට තල්ලු කරගෙන ගොස් බිත්තියට තියලා හේත්තු කලා තනි කලු ඇදගත් නාදුනන පුද්ගලයාගෙන් බේරීමට අසාර්ථක උත්සාහයක

" ආව් "

එම පුද්ගලයා අත ඉවතට ගත්තේ ආරෝ ඔහුගේ අත සැපූ නිසා

" නුබ කොටි දෙනක් ද "

ආරෝට ඔහුගේ කටහඬ අසා පුරුදු බැවින් ආරෝ ඔහු දෙස බලා සිටියා එම පුද්ගලයා මුව ආවරණය ඉවත් කර ආරෝ දෙස බැලුවා

" නුබ "

ආරෝ ඇගිල්ලක් දිගු කරමින් පැවසුවා

" නුබ කුමක් ද මෙහි සිදු කරන්නේ "

" නුබව දැකීමට පැමිනියා "

" ඒ කුමකට ද සොරෙකු මෙන් පැමිනෙන්නේ "

" නුබ ව පුදුම කිරීමට පැමිනියේ නමුත් මා පුදුමයට පත් වූයේ "

ජීහන් අත දෙස බලමින් පවසන විට ආරෝ සිනහ විය

" යෙප්පුදා "

ආරෝගේ සිනහව දෙස බලාගෙන සිටි ජීහන්ගේ මුවින් පිටවිය

" කුමක් ද '

" කිසිවක් නොමැත "

" නුබට දැන් කෙසේ ද "

" මා සුවෙන් "

" එසේ නම් මා පිටව යන්නම් "

ආරෝ එසේ පවසා යාමට සැරසෙද්දී ජීහන් ඇගේ අතින් අල්ලලා නැවැත්තුවා ආරෝ ඇස් වලින් ඇයි කියා ඇසුවා

" ප්‍රවේසමෙන් මාලිගය හිතන තරම් සුන්දර තැනක් නෙවෙයි නුබ සිදු කරන කුඩා වැරැද්දකින් නුබේ ජීවතයම නැති විය හැකියි.... අරස්සෝ...?"

ආරෝ ඔව් කියන්න හිස සෙලවූවා

" සරන්හේ ආරෝ...."

ආරෝ යන දෙස බලාගෙන සිටි ජීහන් මිමිනුවේ දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන

To be continue............😈

මේ චැපිය ලිව්වේ මෙච්චර කාලයක් බලපු historical k drama වලට පිං සිද්ද වෙන්න ඒත් ඉතින් language එක නම් පොඩ්ඩක් විතර අවුල් ඇති....😕

NamDinuJoon
Cover එක හදලා දුන්නාට කුමාවෝ 😘

Bạn đang đọc truyện trên: AzTruyen.Top