06.Coffee Shop ☕
මින්හී වොෂ් රූම් එකට ඇවිත් අඩන්න පටන් ගත්තා ඒ කදුලු වලට හේතුව එයාවත් දන්නේ නැ
",වේ....මින්හී වේ මොකටද මේ අඩන්නේ එයා කා එක්ක හිටියත් ඔයාට මොකද ඇයි ජින් වෙන කෙල්ලෙක් එක්ක ඉදිද්දී මට මෙච්චර රිදෙන්නේ.."
මින්හී කොච්චර වෙලා ඇඩුවා ද කියන්න එයාවත් දන්නේ නැ කෙල්ල මූන සෝදගෙන වොෂ් රූම් එකෙන් එනකොට එතැන හිටියේ ජින් කෙල්ල ජින් දිහා නොබලා යන්න හදනකොට ජින් මින්හීගේ අතින් ඇදලා අරගෙන බිත්තියට තියලා තද කරගත්තා මින්හී ජින්ටයි බිත්තියටයි මැදි වෙලා
" තමුසේ ඇත්තටම කවුද කියනවා "
ජින් ඇහුවේ කෙල්ලගේ මූනට එබිලා මින්හී එයාගේ ඇස් හංගනවා
" මම ප්රශ්නයක් ඇහුවා උත්තරයක් ඕන "
මින්හීට මොනා කියන්න ද කියලා තේරෙන්නේ නැ
" එහාට යනවද මට යන්න ඕන "
මින්හී අහක බලාගෙන කිව්වා
" ඇයි තමුසේ ඇඩුවේ "
ජින් තමන්ගේ පැත්තට කෙල්ලගේ මූන හරවගෙන ඇහුවා
" මම ඇඩුවේ නැ
චේබල් එහාට වෙන්න ඔයාගේ යොජාචිංගු දැක්කොත් වැරැදියට හිතයි "
මින්හී එහෙම කියලා ජින්ව තල්ලු කරලා දාලා ගියා
" තමුසේ ඇත්තටම කවුද මින්හී ඇයි තමුසේ ලගම ඉන්න ඕන කියලා හිතෙන්නේ මම හීනෙන් දකින කෙල්ලත් තමුසේ වගේමයි අයිෂ් මගේ ඔලුව රිදෙනවා "
ජින් ඔලුව අතගාන ගමන් ගියා එදා දවස එහෙම ගෙවිලා ගියා
______________________________________
" කු..කු..කුමරුනි ඔබතුමා නො..නොහඩනු ම්..මැනවි ඔබතුමා සෝයොන් කුමරිය සමඟ විවාහ වන්න.."
" මා කෙසේද එසේ සිදු කරන්නේ මා ආලය කරන්නේ ඔබට පමන යි ආරෝ.. මා හැරදමා නොයන්න "
" ඔ..ඔබතුමා මෙය ක්..කල යුතුයි දැන් මා හට යාමට අවසර දෙන්න "
" නොහැකියි ආරෝ..ඔබට මා දමා යාමට අවසර දිය නොහැකියි "
" මා..නැවත... ඔබතුමා සොයා පැමිනෙන්නම් මෙය්..මෙය තා..තාවකාලික ස..සමු..සමුගැනීමක් පමණයි "
" ආරෝ......"
ජින් ඔලුව අල්ලාගෙන නැගිට්ටා
" අයිෂ්... මොකද්ද ඒ දැක්කේ ඒ කෙල්ල හරියට මින්හී වගේමයි ඒ කෙල්ලගේ මුලු ඇදුමම ලේ වලින් පෙගිලා ඒ කියන්නේ මින්හීට කරදරයක් ද "
ජින් ඇදෙන් බැහැලා වොෂ් රූම් එකට යන්න ගිහින් ආපහු නැවතුණා
" ඒත් මට මොකද එයාට මොනා වුනත් මගේ කවුරුවත් නෙවෙයි නේ ඉතින් ඒත් ඒ හීනේ.. යුනි ගිහින් ම බලනවා "
ජින් එහෙම හිතාගෙන ඔක්තෝබර් කලින් යුනි එකට ආවා මින්හී වෙනදා වගේ යුන්මි සෝහි එක්ක එනවා දැක්ක ජින් සැනසුම් සුසුම් හෙලුවේ කෙල්ල හොදින් නිසා හැබැයි කොල්ලා මෙච්චර බය වෙන්න හේතුව ජින්ටවත් තේරෙන්නේ නැ කොල්ලා අඩියට දෙකට මින්හී ලගට ගිහින් කෙල්ලගේ අතින් අල්ලාගත්තා
" එනවා යන්න "
" ඔප්පා..."
යුන්මි කියන්න ගියපු දේ මැදින් නැවැත්තුව ජින්
" lecture එක පටන් ගන්න කලින් එවන්නම් ඕයි බය වෙන්න එපා මම මුකුත් කරන්නේ නැ "
ජින් එහෙම කියලා මින්හී ඇදගෙන ගියේ යුනි එකේ කෙල්ලෝ ඔක්කොම කටවල් අක්කරයක් විතර ඇරගෙන බලාගෙන ඉද්දී
" යාහ්හ් තමුසෙට මොනවා වෙලා ද මගේ අත අතහරිනවා "
මින්හී කොච්චර කෑගැහුවත් ජින් කෙල්ලගේ අත අතහැරියේ නැ යුනි එකේ පැත්තක තිබුණු පාලු building එකක් ලගට එක්කන් ආපු ජින් කෙල්ලගේ උරහිස් දෙකෙන් අල්ලලා බිත්තියට හේත්තු කලා
" මොකද මේ ආ.."
" පුදුම තරම් කෑගහනවා මෙතනට කවුරුවත් එන්නේ නැ "
" Wtf !!"
" තමුසේ හොදින්ද "
" ඇයි තමුසෙගේ ඇස් පේන්නේ නැද්ද මම හොදින් කියලා "
" පේනවා "
ජින් කට කොනින් හිනා වෙලා මින්හී දිහා බැලුවා
" පරිස්සමින් ඉන්නවා රෑට කොහෙවත් ඇවිදින්න ගිහින් අහුවුනොත් කකුල් දෙක කඩනවා "
අයිෂ් ඒ මොකද්ද ජිනා තමුසේ කිව්වේ මේ කෙල්ල මොනා හිතන්න ඇද්ද එයා මොනවා හිතුවත් මට මොකද
ජින් හිතලා මුකුත් නොකියා යන්න ගියා
මොන පිස්සෙක් ද මේ අනික මේකා දන්නේ කොහොමද මම රෑට ඇවිදින්න යනවා කියලා එතකොට එදා............
අනී එහෙම වෙන්න බැ
" පස්සේ ඕවා හිතමු දැන් lecture එක ට යන්න ඕන "
මින්හී ලෙක්චර් හෝල් එකට යනකොට සෝහි යුන්මි දෙන්නා බර සාකච්ඡාවක
" මුන් දෙන්නාට මාව මතකත් නැ කයිය ගහන ලස්සන "
සෝහි යුන්මි දෙන්නාට බනින ගමන් මින්හී දෙන්නා ලගට ගියා
" තොපි දෙන්නාට මාව මතක ද ආ අර යකා මාව උස්සගෙන ගියා උබලා දෙන්නා නිකන්වත් ගෙව්වා ද ආ "
මින්හී ඉනට අත් දෙක ගහගෙන කිව්වා
" උබට මුකුත් වෙලා නැ නේ ඔය හොදට ඉන්නේ අපි බයේ හිටියේ උබ ජින් ඔප්පාට මොනාහරි කරයි කිව්වා "
සෝහි කිව්වා
" අන්න ඒකයි බන් අනික බය වෙන්න එපා උබට ඔප්පා මුකුත් කරන්නේ නැ මම නේ කියන්නේ "
යුන්මි කිව්වා
" සැක් තොපි දෙන්නා වගේ යාලුවෝ දෙන්නෙක් මුහුදට දාන්න වටින්නේ සෙද්ද "
මින්හීගේ මූන බලන්න ලස්සනයි සෝහිටයි යුන්මිටයි හිනා ඉතින්
" අදත් senior සෙට් එකට lecture අපිත් එක්ක ද "
යුන්මි ඇහුවේ එයාගේ හිතේ තිබුණු ප්රශ්නයක්
" මම හිතන්නේ ඔව් "
සෝහි කියද්දී යුන්මිගේ වගේම මින්හීගෙත් මූන වෙනස් වුනා
" අපි මේ lecture එක කට් කරමු "
මින්හී අහිංසක විදියට ඇස් පිය ගගහා අහද්දී සෝහි පෙරේතයෝ කුම්බාන්ඩයෝ භූතයෝ ඔක්කොම එක සැරේට දැක්කා වගේ මින්හී දිහා බලාගෙන ඉන්නවා
" උබට අසනීපයක් ද "
සෝහි මින්හීගේ නලලට අත තියලා ඇහුවා
" පිස්සු ද ගෑනියේ මට ඇති අසනීපයක් නැ අනේ මේක කට් කරමු "
මින්හී සෝහිගේ අත පැත්තකට කරලා කිව්වා
" අනේ ඔව් බන් මම කියන්නම් නෝට් එකක්වත් ඉල්ලගන්න තෝ හිටපන් අපි දෙන්නා ලෙක්චර් එක කට් කරන්නම් "
යුන්මි දත් තිස්දෙකම එලියට දාලා හිනා සෝහිට කිව්වා
" ඒක හොදයි උබ හිටපන් ඈ "
" යකෝ ඒක මාර අසාධාරණ වැඩක් වුනා නේ මම මේවට විරුද්ධව නඩු දානවා යකෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් මේක තොපි දෙන්නා බන්ධනාගාර ගත වෙන්න ලෑස්ති වෙයන් "
" හරි බන් අපි දෙන්නා බඩු ටික ලෑස්ති කරගන්නම් "
මින්හී හිනා වෙලා කිව්වා
" හරි මට කියපන් ඇයි උබලා දෙන්නා ලෙක්චර් කට් කරන්න හේතු කියපන් ".
" හේතු උබ හිතාගනින්
එහෙනම් කෙල්ලේ අපි ගියා "
මින්හී එහෙම කියලා යුන්මිවත් ඇදගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා දෙන්නාම ගිහින් යුනි එකේ කෙලවරක තිබුණු බෙන්ච් එකක ඉදගත්තා
" සෝහියා අපි දෙන්නාට ජාතිය අමතනවා ඇති "
මින්හී හිනා වෙලා කිව්වා
" යේ.......දැක්කා නේ මූනේ හැටි පව් කියලත් හිතුනා "
යුන්මි මින්හීගේ කතාවට එකතු වෙලා කිව්වා
" මම පොඩි දෙයක් අහන්න ද "
මින්හී යුන්මිගේ පැත්තට හැරිලා ඇහුවා
", මොකද්ද "
" ජින් ඔප්පා මොන වගේ කෙනෙක් ද "
යුන්මි කවදාවත් නොදැකපු ජීවියෙක් දිහා බලන්න වගේ මින්හී දිහා බලාගෙන ඉන්නවා
" මම නිකන් ඇහුවේ ඔහොම බලන්න එපා ",
", මම දැන් ඇහුවා ද මොකටද කියලා හරි මම කියන්නම් "
යුන්මි එහෙම කියලා මින්හීගේ පැත්තට හැරුනා
", ජින් ඔප්පා කියන්නේ නිදහසේ ඉන්න කැමති කෙනෙක් එයාට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩුවක් විතරයි එයා ආදරේ විශ්වාස කරන්නේ නැ ඒකට හේතුව එයාගේ ඔම්මා ඇක්සිඩින්ට් එකකින් නැති වෙනවා ඔප්පා ඒ සිද්ධියෙන් පස්සේ තමයි වෙනස් වෙලා තියෙන්නේ මම හිතන්නේ ඔයාට පුලුවන් වෙයි ඔප්පාව වෙනස් කරන්න "
මින්හී ඇස් දෙක ජිල් බෝල කරගෙන බලාගෙන ඉන්නවා
", වේ උබ එහෙම කියන්නේ මම කොහොමද එයාව වෙනස් කරන්නේ "
" උබේ දිහා ඔප්පා බලන විදියෙන් කිව්වේ ඔප්පා උබ දිහා බලන විදිය වෙනස් "
" අනේ මන්දා බන් "
" ඒක නෙවෙයි හවස lecture නැ නේ "
" අනී බන් ෂොප් එකට යන්න ඕන අද උබලා දෙන්න පලයන් "
" අපි දෙන්නත් එන්නම් උබට තනියකුත් නැ නේ අනික උබ එනකොට රෑ වෙනවා නේ "
" හ්ම්ම් "
උදේ ලෙක්චර් එක විතරක් තිබුණු නිසා මින්හී සෝහිට මැසේජ් එකක් දැම්මා cafeteria එකට එන්න කියලා
", කෝ බන් මේකි "
මින්හී දොර දිහා බලාගෙන ඇහුවා
" කොල්ලෙක්ට පැනි හලනවා ඇති ෂුවර් එකට "
යුන්මි ෆෝන් එක දිහා බලාගෙන උත්තර දුන්නා
" ඔය එන්නේ "
" අහ් නෝන හාමුලා දෙන්නා හරි මහන්සි ඇති නේ ලෙක්චර්ස් කට් කරලා
එහා පලයන් "
කෑගහගෙන ආපු සෝහි මින්හී තල්ලු කරලා එතැනින් වාඩිවුනා
" හිමින් කතා කරපන් ගෑනියේ කන් ඇහෙනවා "
යුන්මි ෆෝන් එක පැත්තකින් තියලා කිව්වා
" හිමින් කතා කරන්න වටින්නේ නැ "
සෝහි මින්හීගේ අතේ තිබුණු චොකලට් මිල්ක් එක උදුරාගෙන කිව්වා
" සෝමාලියාවෙන් ආපු කැහැටු වැදිරියක් වගේ බීපන් බීපන් "
මින්හී කිව්වා තුන් දෙනා එක්ක රන්ඩු වෙවී කාලා බීලා මින්හී එක්ක ෂොප් එකට ආවා මින්හී වැඩ පටන් ගත්තා යුන්මි සෝහි දෙන්නාත් මින්හීට උදව් කලා කට්ටිය ටිකක් අඩු වෙද්දී තුන් දෙනා වාඩි වුනා
" මහන්සියි නේද "
මින්හී සෝහි යුන්මි දෙන්නා දිහා බලාගෙන ඇහුවා
" අනී බන් අවුලක් නැ නැද්ද යුන්මියා "
සෝහි යුන්මිගේ ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා
" අනින්න එපා බන් "
යුන්මි කිව්වා මින්හී හිනා වුනා ඊලගට කොෆි ෂොප් එක ඇතුලට ආපු කට්ටිය දැක්කාම යුන්මිගේ මුන වෙනස් වුනා
" මොකද බන් ඔය "
මින්හී ඇහුවා
" පොඩ්ඩක් පිටිපස්ස බලපන් "
යුන්මි කිව්ව සැනින් මින්හී හැරිලා බැලුවා ජින් ඇස් හීනි කරගෙන මින්හී දිහා බලාගෙන ඉන්නවා දැක්ක මින්හී ආපහු ඉස්සරහ හැරුනා
" මෙයාලා මොනාද මෙහේ කරන්නේ "
මින්හී මිමිනුවා
" මෙතනට නාන්න එන්නේ නැ නේ බන් "
සෝහියා කිව්වා
" වෙඩිමක් කියන්න එපා ඕයි Manager කාරයා මොකටද අරයාට අච්චර දෙකට තුනට නැවෙන්නේ ආ "
මින්හී ඇහුවා
" ඒක කොහොමද යකෝ අපි දන්නේ ගිහින් අහපන් "
සෝහි කිව්වා යුන්මි මීක් සද්දයක් නැ manager මින්හීව ජින්ලා හිටපු තැනට ගිහින් මොනාද ඕන කියලා අහන්න කිව්වා මින්හී නිකන් නැගිට්ටේ මරන්න ගෙනියන්න වගේ
" ගුඩ් ලක් බන් "
සෝහි කිව්වා
" කුමාවෝ බන් "
මින්හී හොද හුස්මක් අරගෙන නෝට් බුක් එකත් අරගෙන කොල්ලෝ ටික ලගට ගියා
" සර්ලාට මොනාද ඕනේ "
ජින් උත්තර දෙන්න කලින් දුවගෙන ආපු කෙල්ලෙක් මින්හීගේ පිටිපස්සේ හැංගුනා
" මින්හී ඔන්නි මාව බේරගන්නකෝ "
" මොකද මේ "
මින්හී ඇහුවේ පිටිපස්ස හැරෙන්න හදන ගමන්
" හැරෙන්න එපා ඔන්නි ඔයාගේ දයාබර නංගිගෙන් බේරගන්න "
" මොකා ජීහී....."
එතකොට ජීහී ආවේ යක්ෂයා අවේස වෙලා සෝහිත් නැගිටලා යුන්මිත් ඇදගෙන එතැනට ගියා
" මීසෝ කෝ උබ "
" ජීහී මොකද්ද බන් කේස් එක බලපන් උබේ මූනත් රතු වෙලා චෙරි ගෙඩියක් වගේ "
සෝහි ජීහිගේ කරට අත දාගන්න ගමන් කිව්වා
" එහාට වෙලා ඉන්නවද් "
ජීහි සෝහි දිහා බලාගෙන කියනකොට යුන්මි මින්හී දෙන්නම හිනා වුනා මින්හීගේ හිනාව දිහා කෙනෙක් හරි ආසාවෙන් බලාගෙන හිටියේ
" ජීහියා අපි ගිහින් මේ ප්රශ්නේ බේරගමු "
යුන්මි එහෙම කියලා ජීහිව ඇදගෙන පැත්තකට ගියා සෝහි මීසෝ එක්කගෙන ගියා මින්හී ජින්ලාගේ ඕඩර් එක දීලා යුන්මි ඉන්න තැනට ගියා
" මොකෝ කේස් එක "
මින්හී ඇහුවේ ජීහි දිහා බලාගෙන
", මේකයි බන් වෙලා තියෙන්නේ අනේ ජීහිගෙන් කොල්ලෙක් කැමතියි කියලා ඉතින් මේකි ඒ කොල්ලාට ගහලා ඒක බේරගන්න මීසෝ මැද්දට පැනලා දැන් ඒ කොල්ලා වෙනුවට මේකි මීසෝට ගහන්න පස්සෙන් පන්නන්නේ 😅"
සෝහි කියලා ඉවර වෙනකොට මින්හීට හිනා යන්න ආවත් හිනා නොවුනේ දැන් හිනා වුනොත් ඔක්කොම ඉවරයි කියලා දන්න නිසා
" ජීහී පිස්සු වැඩ කරන්න එපා මීසෝ කරපු දේ හරි ඔයා එයාට ගහලා වැඩක් නැ නේ දැන් දෙන්නා එක්ක ගෙදර යන්න උබලා දෙන්නාත් පලයන් මම එන්නම් "
මින්හී බලනකොට ජින්ලා ගිහින්
" උබ එහෙනම් පරිස්සමින් වරෙන් හරි ද "
සෝහි කිව්වා
" හරි බන් උබලා පරිස්සමින් පලයන් "
සෝහි යුන්මි ජීහී ගියාට පස්සේ කවුරුවත් වැඩිය ආවේ manager කලින් ගියේ මින්හීට යතුරු භාර දීලා ෂොප් එකේ වැඩ කලේ මින්හී තව ගෑනු ලමයෙකුයි විතරයි එයත් හදිස්සියක් කියලා ගියා මින්හී ෂොප් එක වහලා යන්න හදනකොට ආපහු ජින් ආවා
" ෂොප් එක වහන්න හදන්නේ හෙට එන්න "
ජින් මුකුත් නොකියා ඇවිත් වාඩිවුනා
" black coffee එකක් "
මින්හී ඉනට අත් දෙක ගහගෙන ජින්ගේ ඉස්සරහට ගියා
" ඕන නම් ගෙදර ගිහින් හදාගෙන බොනවා "
මින්හී කිව්වා
" තමුසෙගෙන් නිකන් කන්න ආවේ නැ නේ මම ගෙවන්නම් "
" තමුසේ මහ ඇනයක් "
මින්හී බැන බැන ගිහින් ජින්ට black coffee එකක් හදාගෙන ආවා ජින් කට කොනින් හිනා වෙලා කොෆි එක අතට ගත්තා
" තමුසේ මොකද උදේ lecture එක කට් කලේ "
" මම දැන් ඒකට උත්තර දෙන්නම ඕන ද "
" යේ......"
" මට ඕන නිසා හරි නේ "
" තමුසේ හරි පන්ඩිතයි නේ හිතුවාට වඩා "
මින්හී මුකුත් කිව්වේ නැ ජින් ටිකකින් ගියාට පස්සේ මින්හී ෂොප් එක වහලා ගෙදර ගියා
To be continue...........😈
අද චැපිය හරි නැතුව ඇති 😕
අදහස් කියන්නකෝ
Bạn đang đọc truyện trên: AzTruyen.Top