05. Kiss 💋

Author pov

මින්හී හිටියේ පොත් රාක්කයට හේත්තු වෙලා පොතකුත් පපුවට තුරුල් කරගෙන

" ඔයා......"

කෙල්ල මේ වෙලාවේ සේහුන්ව බලාපොරොත්තු වුණේ නෑ මොකක්ද හේතුවකට එයා මේ වෙලාවේ බලාපොරොත්තු වුණේ ජින්ව

" oppz...baby girl මොකද මේ බය වෙලා "

සේහුන් පොත් රාක්කයට අත්දෙක තියලා මින්හීව මැදි කර ගත්තා මින්හී හොඳටම බය වෙලා

" එ..එහාට යනවා "

මින්හී ගොත ගහමින් කිව්වා කට කොනින් හිනාවුණු සේහුන් කෙල්ලගේ මූණට එබුනා

" ඔයා ගොඩක් ලස්සනයි නේ baby girl "

සේහුන් කිව්වා

" එහාට වෙනවා මට යන්න ඕනි "

කෙල්ල සේහුන්ව තල්ලු කරන්න හැදුවත් එයාට සේහුන් තල්ලු කරන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ එතකොට තමයි කොහෙන්ද ආපු අතක් සේහුන්ගේ කන හරහා ගියේ එතකොට තමයි දැක්කේ ජින් තරහෙන් පුපුර පුපුර සේහුන් දිහා බලාගෙන ඉන්නවා මින්හී වෙන දෙයක් හිතාගන්න බැරුව පොත් රාක්කයට හේත්තු වෙලා ඔහේ බලාගෙන ඉන්නවා

" උඹට කොහින්ද කොහෙන් ආපු හයියක්ද යකෝ "

ජින් සේහුන්ගේ ඇඳුමෙන් අල්ලාගෙන කිව්වා

" උඹට ඔච්චර තරහ යන්නේ මේකි උඹේ කවුද "

" උඹට මොකද මගේ කවුරු වුනත් පැත්තකට වෙලා හිටපං "

ජින් එහෙම කියලා මින්හීවත් ඇදගෙන ගියේ ටිකක් පාලු තැනකට

" යාහ්හ් තමුසෙට පිස්සු ද මාව කොහෙද මේ ඇදගෙන ආවේ ආ..."

ජින් අල්ලපු පාර මින්හීගේ අත රතු වෙලා කෙල්ල අතත් අල්ලාගෙන කෑගහනවා

" අහ්... තමුසෙගේ කටේ සද්දේ අඩු කරගෙන කතා කරනවා "

" ඒ මොකටමට ඕන මම කතා කරන්නේ "

මින්හී ජින්ගෙන් අත බේරගෙන කිව්වා

" ඉන්නවකෝ තමුසෙගේ කට වහන්න "

ජින් එහෙම කියලා මින්හීගේ ඉනෙන් ඇදලා අරගෙන කෙල්ලගේ ලා රෝස පාට තොල් සිපගන්න පටන් ගත්තා මින්හී ජින්ගෙන් කොච්චර ගැලවෙන්න හැදුවත් කෙල්ලට බැරි වෙද්දී මින්හී ජින්ගේ හාදුවට අවනත වුනා ජින් කෙල්ලගේ තොල් එක්ක ටික වෙලාවක් සෙල්ලම් කරලා ඈත් වුනා මින්හීගේ ඇස් වලින් කදුලු බේරෙනවා දැක්ක ජින් ටිකක් බය වුනා

" අහ්.."

ජින්ට කියන්න ගියපු දේ නැවතුනේ කෙල්ල ගහපු කම්බුල් පාර නිසා

" තමුසේ මහ.."

කියන්න ගියපු දේත් නවත්තලා කෙල්ල අඩාගෙන ගියා

" අයිෂ්.... ඒ මොකද්ද ඒ වුනේ..? මොනා වුනත් අද ඉදන් තමුසේ මගේ විතරයි තමුසේ මගේ කනට ගැහුවා නේ බලමුකෝ මගෙන් බේරෙන හැටි "

ජින් මින්හී යන දිහා කට කොනින් හිනා වෙලා කිව්වා

මින්හී ගෙදර ඇවිත් අනිත් අයත් එක්ක කතා නොකර එයාගේ රූම් එකට ගිහින් දොර වහගත්තා දොර දිගේ රූටලා ගිහින් බිම ඉදගත්තා

" මොකද්ද ඒ වුනේ...? ඇයි මට දැනුනේ හරියට කලිනුත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා වගේ අයිෂ් මට පිස්සු හැදීගෙන එනවද ජින්ව දැකලා දවස් ගානයි ඒත් එයා මගේ ලග ඉදිද්දී දැනෙන්නේ හරියට අවුරුදු ගානක් තිස්සේ දන්නවා වගේ නේ ඔය ඔක්කොම අමතක කරන්න මින්හී....."

මින්හී තනියම කියව කියව ගිහින් වොෂ් එකක් දාගෙන එනකොට එතැන එක නාඩගමක්

" ඕයි ඕයි ඔච්චර ලොකු පෙති කපන්න එපා යකෝ පොඩියට කපපන් "

යුන්මි සෝහිට කෑගහනවා සෝහි කැරට් කපනවා එව්වා කැරට් පෙති නෙවෙයි පාන් පෙති වගේ ජීහී එතැනට වෙලා චීස් ටිකට වැඩේ දෙනවා

" මොනාද උබලා කරන්නේ "

මින්හී කිචන් එකට ඔලුව දාලා ඇහුවා

" ඕ මින්හී අපි මේ උයන්න කියලා බැලුවේ ඒත් බැ බන් මුන් දෙන්නා එක්ක බලපන් මේකි කපලා තියෙන කැරට් පෙත්තක මහත කරත්ත රෝදයක් වගේ මේ අනිත් එකී මෙතනට වෙලා අපි එක්ක කයිය ගගහා හිමීට චීස් ටිකට වැඩේ දෙනවා ",

යුන්මිගේ මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ කරගෙන මින්හීට කිව්වා

" මුන් දෙන්නා ඔහොම තමයි බන් හිටපන් මම උබට උදව් කරන්න "

මින්හී එහෙම කියලා සේහි ජීහි දෙන්නාව කිචන් එකෙන් එලියට පලවාහැරලා උයන්න පටන් ගත්තා

________________________________________

" කුකී උබට යුන්මි කතා කලා ද "

නම්ජූන් living room එකට ඇවිත් ඇහුවා

" අනී හියුන්ග් වේ..?"

" මේකි මගේ කෝල්ස් ආන්සර් කරන්නෙත් නැ යුනි එකේදී මගහරිනවා ආපහු මොනාහරි වෙලා වගේ "

" මොනාද වෙලා තියෙන්නේ "

ජින් එහෙම අහගෙන ඇතුලට ආවා

" අනි බන් මේ යුන්මි කෝල්ස් ආන්සර් කරන්නේ නැ බන් "

" උබ ඒ කෙල්ලට බනින්න ඇති "

" පිස්සු ද යකෝ බනින්නත් කතා කරන්න එපැයි "

" හරි හරි හියුන්ග් කලබල නොවී ඉන්නකෝ මම කතා කරලා බලන්නම් "

ජන්කූක් කිව්වා

" මට පුලුවන් නම් බන් මම මෙහේ ගෙනත් තියාගන්නවා යුන්මියා ව "

" ඉතින් එක්කන් වරෙන්කෝ අපි එපා කිව්වා ද "

ජින් කිව්වා

" ඒක නේ හියුන්ග් එක්කන් එන්නකෝ "

ජන්කූක් බනී ස්මයිල් එක දාලා කිව්වා

" උබට හොදටම ෂුවර් ද මූයි යුන්මි යි හොදම යාලුවෝ විතරයි කියලා "

ජින් නම්ජූන් දිහා බලාගෙන ඇහුවා

" මූ හැසිරෙන විදියට මටත් විශ්වාස නැ ජිනා "

" එහෙම දෙයක් නැ අනික යුන්මියා කැමති කෙනෙක් ඉන්නවා "

ජන්කූක්ගේ රාජකීය පානය වන බනානා මිල්ක් එක කටේ ගහගන්න ගමන් කිව්වා

" හැබැයි ඌට අබ සරණයි ඉතින් මොනා කරන්න ද "

සෝෆා එකේ නිදාගෙන ඉන්න යුන්ගි දිහා ඇස් කොනින් බලන ගමන් ජින් කිව්වා

" හෙට මම ඕකිව අල්ලාගන්නම් "

නම්ජූන් කිව්වා

" උබ කෙල්ලට බනින්නේ එහෙම නැ "

ජින් කිව්වා

" හරි බන් "

_____________________________________

පසුදින මින්හී සෝහි යුන්මි තුන් දෙනාම යුනි ගියා උදේම lecture එකක් තිබුණු නිසා තුන් දෙනාම lecture hall එකට ගියා අද lecture එක last year student ලා first year student එකට තිබුනේ ඒක නිසා ජින්,යුන්ගි,හොබි , නම්ජූන් හිටියා lecture hall එකට ඇතුලු වෙනකොටම මින්හී දැක්කේ තමන් දිහා කට කොනින් හිනාවක් දාගෙන බලාගෙන ඉන්න ජින්ව මින්හී ජින්ට රවලා අහක බලාගත්තා

" හුටා... මම ඉවරයි "

නම්ජූන් යුන්මිව මරන සයිස් එකේ බැල්ලමක් දාගෙන බලාගෙන ඉන්නවා දැක්ක යුන්මිට කියවුනා

" මම මේ lecture එක කට් කරනවා "

යුන්මි එහෙම කියලා හැරුනේ නම්ජූන්ගෙන් බේරෙන්න හිතාගෙන නමුත් ඒ සිහින කෑලි කෑලි වලට කුඩු වෙලා බොද වෙලා සුලගේ පා වෙලා ගියේ නම්ජූන්ගේ කටහඩ ඇහුනු නිසා

" ඔහොම නැවතියන් යුන්මි "

අද නම් උබව බේරගන්න සක්‍රයා නෙවෙයි සක්‍රයාගේ පුත්‍ර රත්නය ආවත් බැරි වෙයි sound එකේ හැටියට මට extra lecture එකක් සෙට් වෙයි වගේ

යුන්මි එහෙම හිතන ගමන් අහිංසක හිනාවක් දාගෙන හැරුනා

" මොකද බන් මේ "

සෝහි ඇහුවා

" මම අවසන් ගමන් යන්න හදන්නේ මාව බේරගනින් "

", මොකද්ද යකෝ කියන්නේ තේරෙන භාෂාවකින් කියපන් "

මින්හී කිව්වා

" ඔප්පාගෙන් කෝල්ස් 25 ක් තිබ්බා උබලාගේ සද්දේ නිසා මට ෆෝන් එක රින් වෙනවා ඇහුනේ නැ පස්සේ ගන්නවා කියලා හිතාගෙන නිදාගත්තා මට අමතක උනා ඕයි දැන් ඒකට මේ මනුස්පයාට යක්ෂයා අවේස වෙලා තියෙන්නේ "

" ඉතින් බන් උබේ නේ වැරැද්ද "

මින්හී කිව්වා

" ඔහොම කියන්න එපා යකෝ "

" යුන්මි මෙහෙ වරෙන් "

නම්ජූන් කතා කලා

" අනී මම මෙතන ඉන්නම් ඔප්පා කියන්න "

" මම ඔතනට ආවොත් තමුසෙගේ කන ගලවලා අතට දෙනවා "

" ඔව් නේ ඉතින් තමුසේ අල්ලන දෙයක් ආපහු ඉතුරු වෙන්නේ නැ නේ "

යුන්මි මිමිනුවා ඒක මින්හීටයි සෝහිටයි ඒක ඇහිලා හිනාව පාලනය කරගෙන හිටියේ අමාරුවෙන් යුන්මි හිමින් සැරේ ගිහින් ජින්ගේ ලගින් හිටගත්තා

" තමුසේ මොනාද කෝල්ස් ආන්සර් නොකර කරන්නේ "

Lecture hall එකේ හිටපු ලමයි ටිකට් නැතුව ෆිල්ම් එකක් බලනවා

" තවුසෙගේ කෝල් ආන්සර් කරන්න ඕන කියලා නීතියක් නැ නේ "

" මොකද්ද කියන්නේ ආ අද මම මේකිට "

යුන්මි ජින්ගේ පිටිපස්සේ ගිහින් හැංගුනා

" ජිනා එහාට පලයන් මේකි දැන් ඕනවාට වැඩියි "

" ඔප්පේ බේරගන්නකෝ අද මේ බඩු කඩන දෙවියන් වහන්සේට අහුවුනොත් මගේ ඇගේ කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙයි මට තාම කොල්ලෙක්වත් නැ ඔප්පේ බේරගන්නකෝ "

යුන්මි ජින්ගේ පිටිපස්සට වෙලා කියවනවා ජින්ට හිනා ඉතින් ජින්ගේ හිනාව දිහා කෙනෙක් වසි වෙලා වගේ බලාගෙන ඉන්නවා

" උබ මට කිව්වා නේ කෙල්ලට බනින්නේ නැ කියලා ඕක අතහැරලා දාපන් "

" ජිනා උබ තමයි හැමදාම මේකිව බේරගන්නේ "

" පව් බන් අතහැරලා දාපන් බලපන් ජින්ගේ පිටිපස්සට වෙලා මී පැටියෙක් වගේ හැංගිලා ඉන්න හැටි "

හේසොක් කිව්වා

" යුන්ගි උබටත් කියන්න දෙයක් තියෙද "

නම්ජූන් යුන්ගි දිහා බලාගෙන ඇහුවා

" අදට විතරක් අතහැරලා දාපන් බන් "

යුන්ගි කියනකොට යුන්මි ඔලුව එලියට දාලා යුන්ගි දිහා බැලුවා

" මේකි හැබැයි පන්ඩිත වැඩක් කරොත් නම් ආයේ තොපි කිව්වත් අතහරින්නේ නැ "

නම්ජූන් කිව්වා එතකොට lecturer ආවා යුන්මි ගිහින් පිටිපස්සේ වාඩිවුනා ජින් ලගින් වාඩි වෙන්න හදපු හේසොක්ව පිටිපස්සට යවලා මින්හීව වාඩි කරගත්තා සෝහි ගිහින් යුන්මි ලගින් වාඩි වුනා

" ඒ මොකද බන් ඒ "

" කට වහගෙන හිටපන් බන් මට නිදාගන්න ඕන "

යුන්මි මේසේ උඩින් ඔලුව තියාගෙන කිව්වා

" හැපූ උබ වගේ ජීවිතයක් "

මින්හී හිටියේ මෙතනින් පැනගන්නේ කොහොමද කියලා හිතමින් හෝල් එකේ හිටපු කෙල්ලෝ ඔක්කොම වගේ මින්හී රවනවා ඉවරයක් නැ

" මොන මගුලකට ද මට රවන්නේ මම මොකද්ද මුන්ට කරපු වැරැද්ද "

මින්හී ඔලුව

" කට වහගෙන lecture එක අහගෙන හිටපන් "

ජින් කිව්වා

" කියනකම් හිටියේ "

" කන පලාගන්නේ නැතුව හිටපන් "

මින්හී ජින්ට රවලා ඉස්සරහ බලාගතතාත් ජින්ගේ හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන්

" තමුසෙගේ අකුරු ලස්සනයි but ලියපුවා භාගෙට භාගයක් වැරැදියි "

ජින් මින්හීගේ පොතට එබිලා කිව්වා මින්හී හිටියේ මූ මෙතනම මරලා දාන්න පුලුවන් නම් කියලා හිතන ගමන්

" හා..'

මින්හී දත් තිස්දෙකම එලියට දාලා බොරුවට හිනා වෙලා කිව්වා lecture එක ඉවර වෙලා ජින් මින්හීගේ ඔලුවට ගහගෙන ගියා

" ආව් මැඩගස්කර හෝතබුවා "

ඒක ටිකක් සද්දෙන් කියපු බව මින්හීව තේරුනේ යන්න ගියපු ජින් ආපහු හැරිලා බලාගෙන ඉන්න නිසා

ෆිෂ් නහින්නේත් මුඛය නිසා නේ තෝ නහින්නේත් මුඛය නිසා තමයි මින්හී මේ වගේ හැරක කටක් මට දුන්නාට උඩ ඉන්න කෙනා වගකියන්න ඕන

මින්හී උඩ ඉන්න කෙනාගේ අප්පා මුත්තා කිරිකිත්‍තා කිරි කෑ මුත්තා කෙටියෙන් කිව්වොත් හත්මුතු පරම්පරාවම ආදරෙන් සිහිපත් කලා

" තමුසේ මට ද හෝතබුවා කිව්වේ..?"

ජින් මින්හීගේ මූනට එබිලා ඇහුවා

" අනී...මම සෝහිට කිව්වේ "

ජින්ගේ ඇස් නැවතිලා තිබුනේ මින්හීගේ දිලිසෙන ඇස් ලග

" ඒ ඔයාම තමයි "

ජින් මිමිනුවා

" ක..කවුද "

" මුකුත් නැ තමුසේ කට පරිස්සම් කරගෙන ඉන්නවා නැත්නම් තමුසෙට දත් නැතුව කන්න වෙන්නේ "

ජින් එහෙම කියලා ගියා

", මම බය වෙයි කොහෙවත් යන හෝතබුවොන්ට "

" ඕක ඇහෙන්න කිව්වා නම් නරකද "

සෝහි කිව්වා

" ඕක ඇහෙන්න කිව්වා නම් මේකිගේ ඇගේ කෑලි හොයාගන්න වෙන්නේ පංචිකාවත්තෙන් තමයි "

යුන්මි කිව්වා

" වරෙන් බන් යන්න කන්න බඩගිනියි උදේට කෑවෙත් තෝ හින්දා "

" කවුද මම හින්දා තොගේ ඔලුව කොහෙද වැදුනේ කියපන් "

සෝහි කිව්වා

" පස්සේ ඔලුව වැදුනු තැනක් හොයාගමු ඉස්සෙල්ලාම කන්න යමන් මට බඩගිනියි "

තුන් දෙනා කයියක් ගහගෙන cafeteria එක පැත්තට යනකොට කෙල්ලෝ ටිකක් ඇවිත් පාර හරස් කලා

" අපිට යන්න දෙනවද "

සෝහි කිව්වා

" තමුසෙලාට අපේ ඔප්පලා එක්ක තියෙන සම්බන්ධය මොකද්ද "

එක කෙල්ලෙක් ඇහුවා

" දැන් අපිට මොන වගේ සම්බන්ධයක් තිබුනත් තමුසෙලාට මොකද "

යුන්මි ඇහිබමක් උස්සගෙන ඇහුවා

" අහ්.. මේ බලපන්කෝ අලුතින් යුනි එකට ඇවිත් අපිට සද්දේ දාන හැටි "

" අපිට අපේ පාඩුවේ ඉන්න දෙනවාද තමුසෙලාගේ ඔප්පලා එක්ක අපිට කිසිම සම්බන්ධයක් නැ දැන් එහාට වුනොත් හොදයි "

මින්හී කිව්වා

" මේකි තමයි සුමී ජින් ඔප්පා ලග වාඩිවෙලා හිටපු කෙල්ල "

තව කෙල්ලෙක් එහෙම කිව්වා

" එතකොට ඒකි මේ.... හහ් තමුසේ ආපහු ජින් ඔප්පා එක්ක ඉදලා අහුවුනොත් තමුසෙට මම මොනවා කරයිද දන්නේ නැ "

සුමී මින්හීට ඇගිල්ල දික් කරලා කිව්වා

" වේ තමුසේ මොනා කරන්න ද "

මින්හීටත් තරහ ගිහින් හිටියේ

" තාම අලුත් නේ අතහරින්න හැදුවේ..."

" මෙතන මොකද වෙන්නේ "

පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා ඔක්කොම ගැස්සිලා ගියා සුමී ගිහින් ජින්ගේ අතේ එල්ලුනා

" ඔප්පා බලන්නකෝ මේ කෙල්ල කියන කතාව ඔප්පා එයා කියනවා එයා මගෙන් ඔයාව උදුරගන්නවාලු ඔයා ආදරේ එයාට ලු "

සුමී අඩ අඩා කිව්වා

" මොන හු#%&# යකෝ මේ "

ඉන්නේ කොහෙද කියලා අමතක වෙලා සෝහිට කියවුනා හොද වෙලාවට වැඩිය කාටවත් ඇහුනේ නැ

" මේ ගෑනිට මට දෙකක් අනින්න ඕන "

යුන්මි කිව්වා

" හේයි බේබි ඔයා මොකටද එයා කියන දේවල් විශ්වාස කරන්නේ ඔයා දන්නවා නේ බේබි මම ගැන "

ජින්ගේ වචන හේතුවක් නැතුව වුනත් මින්හීගේ හිතට ගෙනාවේ දුකක් මින්හී අතමිට මොලවගත්තේ කදුලු පාලනය කරගන්න වුවමනාවට

" මොනාද බන් මෙතන වෙන්නේ "

ජන්කූක් ඇවිත් යුන්මිගේ කරට අත දාගන්න ගමන් ඇහුවා කෙල්ලෝ ටික ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා

" තමුසෙලා තුන විතරයි අඩුපාඩුවට හිටියේ ඒකත් හරි "

" මොකද වෙන්නේ කියපන්කෝ ටිකට් නැතුව ෆිල්ම් එකක් පෙන්නවද "

ටේහ්යුන් ඇහුවා

" මෙන්න මේ උඩැක්කිය මට කියනවා මගේ ඔප්පා එක්ක කතා කරන්න ඒකිගෙන් අවසර ගන්න ඕනලු මොකද්ද බන් මම දැන් කරන්නේ "

යුන්මි කෙල්ලෙක් පෙන්නලා කිව්වා .

" යකූ.....මාර ප්‍රශ්නයක් නේ ද "

ජිමින් කිව්වා

" ඔප්පා කියන්නේ මේ එතකොට ජූන් ඔප්පාගේ දෝයොසන් ද "

එක කෙල්ලෙක් ඇහුවා

" අනී මම ජූන් ඔප්පාගේ දෝයොසන් නෙවෙයි නම්ජූන් ඔප්පාගේ දෝයොසන් "..

යුන්මි කිව්ව විදියට අනිත් අයට හිනා ගියත් මින්හී හිටියේ කියාගන්න බැරි වේදනාවකින් හැබැයි ඒකට හේතුව එයාවත් දන්නේ නැ

" වරෙන් අපි යමු "

ජින් මින්හී දිහා බලාගෙන කිව්වා

" මම වොෂ් රූම් එකට ගිහින් එන්නම් "

" අපිත් එන්න ද "

සෝහි ඇහුවා

" අනී ඔයාලා cafeteria එකට යන්න මම එන්නම් "

මින්හි එහෙම කියලා ගියා

" එයා අවුලෙන් වගේ නේ ද "

යුන්මි මින්හී යන දිහා බලාගෙන ඉදලා ඇහුවා

" යේ.....ඒ වගේ අපි යන් "

යුන්මි සෝහී ජන්කූක් ටේහ්යුන් ජිමින් එක්ක cafeteria එකට ගියා

To be continue............😈

හේ හේ
කල්පෙකින් නේ ද

ආපහු අප්ඩේට් පරක්කු වෙන එකක් නැ

Bạn đang đọc truyện trên: AzTruyen.Top