04. First Day 😉

Jin pov

දින කිහිපයකින් නොදුටු ඒ රුව දැකීමේ ආශාවෙන් මා අද දිනයේ සැමදා අප හමුවන චෙරි මල් ගසට ගියෙමි මම ඈත සිටම ඇය දුටුවේය ඇය මට පිටු පා සිටගෙන සිටියේය... මා ඈ අසල ගොස් ඇයට කතා කලා

" ආරෝ......"

ඇය මා දෙසට හැරී කෝපයෙන් බලා සිටියි

" ආරෝ..මා හට කමා කරන්න මදක් ප්‍රමාද වුනා "

මා එසේ පැවසුවද ඇගේ මුහුනේ වෙනසක් නොවුනි

",ආරෝ...."

" ඔබ කෙදිනක ද ප්‍රමාද නොවුනේ කුමරුනි..."

ඇය මා හට පිටු පා සිට ගනිමින් පැවසුවේ ය..

" ආරෝ... මා හට බොහෝ රාජකාරි "

ඇය නිහඬව සිටි..

" මා හට කමා කරන්න නමුත් ඔය ලෙස නොසිටින්න ආරෝ.."

ඇය මා දෙස හැරි බැලුවාය..

" මා හට බිය යි කුමරුනි.. මම සාමාන්‍ය පවුලක තරුනියක් ඔබතුමා.."

මා ආරෝගේ උරහිසෙන් අල්ලලා

" මා ඔබට මීට පෙර ද පවසා තිබෙනවා මා ආලය කරන්නේ ඔබට නැතිනම් ඔබේ තත්ත්වයට නොවේ "

" නමුත් කුමරුනි.."

" කිසිවක් නොපවසන්න "

" එසේය "

ඇය බිම බලාගෙන පැවසුවා

" ආරෝ......"

ඇය මා දෙස බැලුවා

" ඔබ මාලිගාවට පැමින්නේ නැති ද "

" මා හට මාලිගාවට පැමිනීමට අවශ්‍යතාවයක් නොමැත "

" කිම් ද "

" කුමරුනි මා හෙදියක් මාලිගාවට පැමිනීමට නම් කවුරුන් හෝ අසනීප විය යුතුයි "

" ඉදින් මා අසනීප වන්නම් "

" කුමරුනි "

_____________________________________________

මම එලාම් එකේ සද්දෙට ගැස්සිලා ඇහැරුනේ මම අද ඒ කෙල්ලගේ මූන දැක්කා ඊයේ යුනි එකේදී හම්බුනු කෙල්ලගේ මූන වගේමයි අයිෂ් මොන මගුලක් ද මන්දා ඔයා කවුද කියලා මම හොයාගන්නම්කෝ

මම වොෂ් එකක් දාගෙන පහලට ගියා එතකොට යුන්ගියා ඇවිත් ෆයිල් එකක් දික් කලා

" මොකද්ද "

" උබ ඊයේ හොයන්න කිව්ව කෙල්ල ගැන විස්තර "

ඔක්කොම මගේ දිහා බැලුවේ හරියට පිටසක්වලයෙක් දිහා බලන්න වගේ

" මොකද ඔහොම බලාගෙන ඉන්නේ "

" කවුද හියුන්ග් ඒ කෙල්ල "

ජිමින් ඇහුවා

" උබට මොකටද ඒක "

" 😒"

" කෙල්ල ගැන කියපන් "

" කෙල්ලගේ නම මින්හී කෙල්ලට නංගි කෙනෙක් ඉන්නවා තාම high school තව යාලුවෙක් එක්ක තමයි ඉන්නේ යුන්මි ඉන්නෙත් එයාලා එක්ක "

යුන්ගි අන්තිම ටික කිව්වේ නම්ජූන් දිහා බලාගෙන

" යුන්මි කිව්වේ අපේ එකී ද "

නම්ජූනා ඇහුවා අනේ ඇත්තටම මූ වගේ එකෙක්

" යේ..උබේ එකී තමයි "

" ඒකි මොනාද එහේ කරන්නේ ගෙදර ඉන්න බැරුව ද "

" ඒක අපි දන්නවා ද යකෝ උබේ නංගි නේ "

හොබි කිව්වා

" දැන් මොක්ටද හියුන්ග් ඒ කෙල්ල ගැන හොයන්නේ "

ටේ ඇහි බමකුත් උස්සගෙන ඇහුවා

" උබට කියලා තියෙනවා නේද මම මට හීනෙන් කෙල්ලෙක් පේනවා ඒ කෙල්ල මේකි වගේමයි "

" හියුන්ග්ට වැරැදුනා වෙන්න බැරි ද "

ටේ ඇහුවා

" උබට පිස්සු ද පිටසක්වලයෝ හියුන්ග්ට එයාගේ underwear එකක් අදුරගන්න බැරි වුනත් කෙල්ලෙක් අදුරගන්න බැරි වෙනවද නැද්ද හියුන්ග් "

ජිමින් ටේගේ ඔලුවට ගහලා කියලා අන්තිම ටික කියද්දී මගේ දිහා බැලුවා මම රවලා බලපු නිසා අහිංසක විදියට හිනා වුනා

" අද යන්නේ නැද්ද ආ "

මුන් ඔක්කොම එක එක කතාවල නිසා මම ඇහුවේ

" යන් හියුන්ග් "

එහෙම කියලා ජන්කූක් ඉස්සරහ වෙලා ගියා

" මූට මොනා වෙලා ද "

ටේ ඇහුවා

" මූට අපේ ඇස් වලට වැලි ගහලා මොනාද කරන්න පුලුවන් අපිත් එක්කම නේ ඉන්නේ බලාගමු "

ජිමින් එහෙම කියලා ගියා අපි ඔක්කොම යුනි එකට ආවා ඇතුලට එනකොටම අපිට හම්බුනේ සේහුනියි උගේ කටු කන බල්ලෝ රැලයි මේ යුනි එක ඇතුලේ මාත් එක්ක හැප්පෙන්න එන එකම එකා

" හියුන්ග් මූ මොනාහරි කියාගෙන ආවොත් මම මුගේ දත් දෙකක් බඩට යවලා නවතින්නේ "

ටේ කිව්වා

" දත් දෙකක් බඩට යවලා මදි යකෝ මාසක් hospital ඉන්න වැඩේ සෙට් කරන්න ඕන "

ජිමින් කිව්වා

" නැත්නම් කෙලින්ම cemetery එකට යවමු ඒක ලේසියි "

යුන්ගි කිව්වා

" අපි බලමු මූ මොකාටද එන්නේ කියලා "

මම කිව්වා සේහුන් අපේ ලගට ඇවිත් නැවතුණා

" උබ තාම හොදින් නේහ් "

සේහුන් කට කොනින් හිනා වීගෙන කිව්වා

" වේ.... උබ මට මොනාහරි වෙනකම් ද බලාගෙන ඉන්නේ "

" උබට මොනාහරි උනොත් මම කා එක්ක ද හැප්පෙන්නේ "

" උබ වගේ පො#$& එක්ක හැප්පෙන්න උබ හිතුවද අපිට පිස්සු කියලා 😂"

" මොකද්ද තෝ කිව්වේ.....😡"

සේහුන් මගේ ඇදුම් අල්ල ගන්න ගමන් කිව්වා

" ඕයි...."

ටේ කෑගහගෙන එනකොට මම අතින් කිව්වා එපා කියලා

" උබට ඇහුනේ කොහොමද 😏"

" උබ මට ද බල්ලෝ පො#%& කිව්වේ "

" යේ.."

සේහුන් මගේ කනට ගැහුවා

" මම මූව අද මරනවා බල්ලා "

මම සේහුන්ගේ බඩට පයින් ගැහුවේ ඌ පිටිපස්සට වීසි වෙලා යන්න තොල පැලිලා ආපු ලේ පිහිදගෙන මම අරුගේ ඇදුමෙන් ඇදලා අරගෙන මූනට ගහගෙන ගියේ උගේ කටෙන් ලේ එද්දී

" මෙතන මොකද්ද වෙන්නේ "

අයිෂ් මේ ඩීන් කාරයා එන්නෙත් ඕන් නැති වෙලාවට නේ දැන් මූට උත්තර දීපන්කෝ රෙද්ද

" තමුසෙලා දෙන්නා අදත් ගහ ගත්තා ද තමුසෙලා කවද්ද හැදෙන්නේ එනවා දෙන්නාම ඔෆිස් එකට "

ඩීන් කාරයා එහෙම කියලා ගියා අරු ලේ පෙරාගෙන බිම මුගේ වාසනාවකට මගේ අවාසනාවකට මේ වෙලාවේ මෙතනට ඩීන් කඩාගෙන පහත් වුනේ මම එතකොට තමයි දැක්කේ ඇගිල්ලකුත් කටේ ගහගෙන මින්හීව


ඇත්තටම එයා ලස්සනයි angel කෙනෙක් වගේ මගේ හීනේ හිටියා වගේමයි එයා මගේ දිහා බලනකොට මම ඇහැකුත් ගහලා ගියා කෙල්ල ඒකට ගැස්සුනා කියලා එයාගේ මූන දැක්කාම තේරෙනවා

Minhee pov

අද යුනි යන පලවෙනි දවස නිසා කලින් නැගිට්ටා ඊයේ ගියාට ඊයේ ලෙක්චර්ස් තිබුනේ නැ අද තමයි හරියටම වැඩ පටන් ගන්නේ මම නැගිටලා එනකොට ජීහී පන දමාගෙන මොනාද හොයනවා

" ජීහියා මොනාද හොයන්නේ "

" මගේ සෝස පාට ටවල් එක නැ නේ අනේ මම මේ ඒක හෙව්වේ "

ජීහියා ඔලුව කස කස කිව්වා මම දන්නේ නැද්ද මුන්ගේ හැටි කොහේ හරි පල්ලක ඇති

" අන්තිමට කොහෙද දැම්මේ "

" අන්තිමට දැම්ම තැන මතක නම් මම එතැන බලනවා නේ වදේ ගොන් ප්‍රශ්න අහන්න එපා "

" මේ ඕයී තොපි දැක්කා ද මගේ අහවල් එක "

සෝහියා එහෙම අහගෙන ආවා මොකද්ද යකෝ ඒ කියපු කුනුහරපේ ජීහී සෝහි දිහා බලාගෙන ඉන්නවා මම හිතන්නේ කෙල්ල වැරැදියට තේරුම් අරගෙන ඒකිට විතරක් නෙවෙයි මටත් තේරුනේ එහෙම තමයි 😂

" තොගේ අහවල් එක දැක්කා නම් අපිට තොවිලයක් නටන්න වෙයි "

ජීහී කිව්වා මම හිතුවා හරි 😂

" මොන කුනුහරපයක් ද යකෝ ඒ කිව්වේ උබට තියෙන එකම තමයි මටත් තියෙන්නේ "

(Author : මම නම් මුකුත් දන්නේ නැ මගෙන් අහන්න එපා )

" මොකද්ද යකෝ නිදාගන්නවත් දෙන්නේ නැ සෙද්ද "

යුන්මි නිදිමතේ වැනි වැනි ඇවිත් කිව්වා

" යුන්මි ඔන්නි සෝහි ඔන්නිගේ අහවල් එක දැක්කා ද අහනවා 😶"

" මොකාක්........"

යුන්මිගේ නිදිමත කොහෙන් ගියා ද දන්නේ නැ යුන්මි සෝහියා දිහා බැලුවා

" සැක් බොලාගේ වල් හිත්..
මම ඇහුවේ යකෝ මගේ underwear එක දැක්කා ද කියලා "

" ඉතින් යකෝ ඕක ඔහොම ඇහුවා නම් ඉවරයි නේ තෝ නේ අපේ වල් සිත පිබිදෙව්වේ "

මම කිව්වා

" වෙඩිමක් තමයි
දැන් කියපන් දැක්කා ද කියලා "

" අනී මගේ සෝස පාට ටවල් එකත් නැ "

ජීහි කිව්වා

" සෝස පාට ටවල් එකක් තිබුනා මගේ ඇද යට තිබුනා "

යුන්මියා ඔලුව කස කස කිව්වා

" හනෙව් මගේ සෝස පාට ටවල් රාජා
මම එමි ඔබ සොයා ප්‍රියේ "

ජීහි එහෙම කියාගෙන යුන්මිගේ රූම් එක පැත්තට දිව්වා

" ඒ මොකද්ද බන් ඒ වුනේ "

යුන්මි ඇහුවා

" ගනන් ගන්න එපා බන් ඔක්කොටම පිස්සු 😂"

මම කිව්වා

" මගේ underwear එක හොයලා දීපන් "

" ගිහින් හොයාගනින් කොමඩ් එකේ ඇති සෙද්ද "

මම බාත් රූම් එකට ගියා රන්ඩු වෙලා පිස්සු නටලා අන්තිමේ දී යුනි එකට ආවා ජීහියා school ගියා

" අදත් වලියක් මරේ මරු "

අපි යුනි එක ඇතුලට යනකොටම යුන්මි කිව්වා අපි වටපිට බැලුවේ මොකද්ද යකෝ ඒ කිව්වේ කියලා එතකොට තමයි දැක්කේ ජින් කොල්ලෙක්ට නෙලනවා

" ඒ මොකද බන් "

සෝහියා ඇහුවා

" අදත් ඕකා ජින් ඔප්පාට මොනාහරි කියන්න ඇති ඒකයි ඔය "

" අපිත් යන් ද "

සෝහියා ඇහුවා මේකිටත් ඉතින් කෑමක් හරි වලියක් හරි කිව්වොත් වල්ගේ උඩ තියාගෙන දුවගෙන යයි

" යමන් ඉතින් "

යුන්මි කියනකොට සෝහියා මාවත් ඇදගෙන ගියා

" උබේ ඔප්පාගේ යාලුවා හෙන වසයි නේ "

සෝහියා ඇහුවා මේකිට ඕන නැති රෙද්දක් නැ නේ

" උබ හරියට දැකලා නැ ජින් ඔප්පාට තරහ ගිහින් ඉන්නවා "

යුන්මි කිව්වා

" යකෝ "

මම පුරුද්දට වගේ ඇගිල්ල කටේ ගහගත්තා

" මෙතන මොකද වෙන්න "

එතකොට ඔක්කොම විසිරිලා ගියා

" අම්මාට හුඩු ඩීන් "

යුන්මියා කිව්වා ඩීන් දෙන්නාට බැනලා ගියා එතකොට ජින් මට ඇහැකුත් ගහලා ඩීන්ගේ පස්සෙන් එනවා මොකද්ද යකෝ ඒ වුනේ අනේ හාට්ටුව මොන වෙඩිමකටද මෙච්චර හයියෙන් ගැහෙන්නේ මොකද්ද දෙවියනේ මට වෙලා තියෙන්නේ මම බලනකොට යුන්මි සෝහියා දෙන්නා මගේ දිහා බලාගෙන ඉන්නවා කටවලුත් ඇරගෙන ඔක්කොටම වැඩිය යුන්මියා

" මොකද යකුනේ ඔහොම බලාගෙන ඉන්නේ මගේ මූනේ musical show එකක් යනවද "

" ජින් ඔප්පා උබට නේද ඇහැක් ගැහුවේ "

යුන්මියා ඇහුවා

" තොට පිස්සු ද..."

" මේකිට තමයි බන් "

සෝහියා කිව්වා කියනවා කියලා ඔහොමත් කිය්නවද මං අහන්නේ

" පලවෙනි දවසෙම පරක්කු වෙන්න ද හදන්නේ මෙන්න මෙහේ වරෙන් යන්න "

මම ඩබලව ඇදගෙන lecture hall එකට ආවා අපි ගිහින් ටිකකින් lecturer ආවා කියන්න සතුටුයි සෝහියා lecture එක පුරාවටම නිදි අනිත් එකා යුන්මියා ඒකි lecture hall එක පරික්ෂා කරනවා අනේ මන්දා මුන් දෙන්නා අන්තිමේ දී lecture එක ඉවර වුනාම සෝහියා නැගිට්ටවලා ඇදගෙන cafeteria එකට ගියා cafeteria එකට යනකොට දැක්ක දර්ශනය නිසා මම විනාඩි කිහිපයක් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා cafeteria එකේ ජින් හිටියා තනියෙන් නෙවෙයි කෙල්ලෙකුත් එක්ක..... ඒකිත් ජින්‍ට තුරුල් වෙලා ඉන්නවා

මොකද්ද මින්හී මේ වෙලා තියෙන්නේ මොකද මේ මට දුකයි හේතුවක් දන්නෙත් නැ අයිෂ් අද ඊයේ දැකපු මනුස්සයෙක් නිසා මට මොනවා වෙලා ද

" මින්හී වරෙන් "

සෝහියා කතා කරනකොට තමයි මම මේ ලෝකෙට ආවේ

" අහ් මේ එනෝ "

මම සෝහියා ලගින් වාඩි වුනා මම වටපිට බලනකොට තමයි දැක්කේ ජින් මගේ දිහා බලාගෙන ඉන්නවා ඒ ඇස් මට මොකද්දෝ කියන්න හදනවා වගේ පොඩ්ඩක් ඉන්න මට මේ ඇස් හොදට දැකලා පුරුදුයි වගේ ඒත් කොහෙදි ද අයිෂ් මට පිස්සු වගේ වෙන කිසිදෙයක් තේරෙන්නේ නැ

" මින්හියා උබ මොනාද බන් ඔච්චර කල්පනා කරන්නේ "

යුන්මි ඇහුවා

" මුකුත් නැ බන් "

" මින්හියා ජින් ඔප්පා උබේ දිහා බලාගෙන ඉන්නේ හොදකට නම් නෙවෙයි පරිස්සමින් හොදේ මම දන්නවා නේ කෙනාගේ හැටි "

යුන්මියා හෙන සීරීයස් විදියට කිව්වා

" ඉතින් උබේ ඔප්පා ඉන්නෙත් එයා එක්ක නේ "

" මම නැ කිව්වේ නැ නේ 😐"

" හ්ම්ම් "

" ඉක්මනට කාලා යමන් ඊලග lecture එකට "

සෝහියා කිව්වා මම මේකි දිහා බලාගෙන හිටියේ මොන යකා ගහල ද කියලා

" මොකද උබ ඔහොම බලන්නේ "

" උබ මොකද ඔච්චර හදිස්සියක් lecture එකට යන්න "

මම ඇහි බමකුත් උස්සගෙන ඇහුවා

" නිදාගන්න ගෑනියේ උබ හිතුවේ මොකටද කියලා ද ",

" මුකුත් නැ "

අපි කාලා ඉවර වෙලා lecture hall එකට ගියා මේ lecture එක පුරාවටමත් සෝහියා නිදි යුන්මියා පෑන කටේ ගහගෙන වෙනම ලෝකෙක මට සෙට් වෙන්නේ මේ වගේ එවුන් තමයි මොනා කරන්න ද lecture එක ඉවර වෙද්දී හවස් වුනා ජීහී ගෙදර තනියෙන් ඇත්තේ අද ශොප් එකට යන්න වෙලාවකුත් නැ මම ඒක නිසා අර ඩබලට යන්න කියලා library එකට ආවා මම පොත් තෝර තෝර ඉන්නකොට කවුරුහරි පිටිපස්සේ ඉන්නවා වගේ දැනුනු නිසා මම හැරුනේ හැබැයි මම ඒ වෙලේ ඒ කෙනාව බලාපොරොත්තු වුනේම නැ

" ඔයා..."

To be continue..........😈

කවුද කියලා ගෙස් කරන්න

කාලෙකින් නේද
කොහොමද ඔයාලට
පරිස්සමින් ඉන්න ද

හැමෝම පරිස්සමින් ඉන්න
Bye
සරන්හේ
ආපහු කල්පෙකින් හමුවෙමු 😁

Bạn đang đọc truyện trên: AzTruyen.Top