03. Mafia King 😎

Author pov

" හියුන්ග් ප්‍රශ්නයක් "

ටේ එහෙම කියාගෙන ජින්ගේ ඔෆිස් රූම් එකට ආවා

" මොකද්ද ප්‍රශ්නේ "

" හියුන්ග් අපේ වෙපන්ස් ගෙනාපු වාහනේකට lee suk ගේ උන් attack කරලා "

" WTF !!"

ජින් මේසෙට ගහලා නැගිට්ටා

" අනිත් අයට ඉක්මනට එන්න කියන්න "

" යේ හියුන්ග් "

ටේ ගිහින් අනිත් අයට කතා කරගෙන ආවා ජින් මේසෙට ගහලා නැගිට්ටා

" මෙච්චර දෙයක් වෙනකම් අපේ එවුන් මොන %&# කලේ ආ "

ජින්ගේ තරහ කොයිතරම් ද කියනවා නම් අතේ නහර ඉලිප්පිලා

" අපේ වුන් ඔක්කොටම වගේ තුවාලයි තව එකෙක් වෙඩි තියලා මරලා දාලා "

හොබී කිව්වා

" lee suk වත් උගේ එක බලු නකුටෙක්වත් හෙට උදේ ඉර දකින්න බැ "

" යේ හියුන්ග් "

" කාලෙකට පස්සේ එකෙක් දෙකෙක් ස්වර්ගයට යවන්න පුලුවන් "

යුන්ගි කිව්වේ අතේ හිරි යවන ගමන්

" මුන්ට තාම බැරි වුනා නේ අහු නොවෙන්න වැඩක් දෙන්න "

ජිමින් කිව්වා

" වෙපන්ස් රෙඩි ද "

නම්ජූන් ඇහුවා

" යේ හියුන්ග් "

ජන්කූක් කිව්වා

" අද ඕකුන් එකෙක්වත් ඉතුරු වෙන්නේ කෑලි කෑලි වලට කපලා මුහුදේ දානවා SJ එක්ක නේ හැප්පෙන්න ආවේ අද බලාගමු සුගා gang එක රෙඩි කරපන් "

සුගා නැගිටලා ගියා කට්ටිය ඔක්කොම රෙඩි වෙලා mansion එකෙන් එලියට ආවේ lee suk අවසන් ගමන් යවන්න බලාගෙන

ජින්ගේ ගොඩක් අය නොදන්නා පැත්ත තමයි මේ mafia king SJ කියන්න පුලුවන් SJ කියන නම ඇහුවත් ඕනම කෙනෙක් වෙව්ලන තරම් කවුරුවත් SJ කියන්නේ කවුද කියලා දන්නේ නැ NIS එකෙන් පිස්සු බල්ලෝ වගේ SJ ව හොයන්නේ ඒත් තාම හොයාගන්න බැරි උනා SJ එක්ක හැප්පෙන්න ආපු කෙනෙක් ආපහු පනපිටින් ගිහින් නැ කොරියාවේ සිද්ධ වුනු ගොඩක් murder වලට SJ සම්බන්ධයි මරපු එකෙක්වත් මේ ලෝකේ ජීවත් වෙන්න තරම් සුදුසු අය නෙවෙයි

Minhee pov

රෑ දහයත් වෙන්න කිට්ටුයි මම තාම පාරේ හොද වෙලාවට සෝහිට කිව්වේ අද ශොප් එකට කට්ටිය වැඩියෙන් ආපු නිසා එන්න පරක්කු වෙනවා නැත්නම් මාව මරලා පාරේ බල්ලෙක්වත් නැ බල්ලෙක් තියා හොල්මනක්වත් නැ මෝහිනි අක්කන්ඩියවත් නැ නේ සැක් හිටියා නම් බයක් නැ ඒත් මෝහිනි අක්කන්ඩිය එන්නේ රෑ දොලහට නේ මම පාලු පාර දිගේ හිමින් ඇවිදගෙන යනකොට එකපාරට වෙඩි සද්දයක් එක්ක මිනිස්සු කෑගහනවා ඇහුනු නිසා මම එතැනම නැවතුණා මම හිමින් සද්දේ ඇහුනු පැත්තට ගියා එතැන තිබුණු පදුරකට මුවා වුනා තනි කලු ඇදගත්ත මිනිස්සු වගයක් කට්ටියකට හොදටම ගහලා වෙඩි තිබ්බා එයාලා කලු mask දාලා තිබුණු හින්දා අදුරගන්න බැරි උනා එතන ලේ විලක් මම එතැනින් යන්න හදනකොට මගේ ෆෝන් එක රින් වුනා

" අරකිව අල්ලපන් "

හුටා මින්හී උබ අද ඉවරයි කකුල් දෙකට වැදලා දුවපන් අර මිනිස්සු මගේ පස්සෙන් පන්නගෙන එනකොට මම පුලුවන් උපරිම වේගෙන් දිව්වා ඒත් ඉස්සරහින් බයික් එකක් ඇවිත් නැවැත්තුවා මම දැන් කොටු වෙලා ආපු කෙනා බයික් එකෙන් බැස්සා මම දැන් බයේ වෙව්ලනවා මගේ පිටිපස්සෙන් ආපු මිනිස්සු දෙන්නෙක් මාව අල්ලාගත්තා

" අනේ.... චේබල් මාව අතහරින්න මම මේ ගැන මුකුත් කියන්නේ නැ මම මුකුත් දැක්කේ නැ.... 😭"

මට මේ වෙලාවේ අඩලා ආයාචනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නැ

" ඕකිව මෙහේ ගෙනෙන් "

බයික් එකේ වාඩි වෙලා හිටපු එහෙම කිව්වාම මාව අරගෙන ගිහින් එයාගේ ඉස්සරහ දණ ගැස්සුවා

" චේබල්...... මට යන්න දෙන්න අනේ 😭"

මම අඩ අඩා කිව්වා

" තමුසේ මොනාද මහ රෑ තනියෙන් පාලු පාරක කරන්නේ "

ඇයි මට දැනෙන්නේ මේ මනුස්සයා කලින් හම්බවෙලා තියෙනවා කියලා අයිෂ් තමුසෙට පිස්සු ද මින්හී ඉක්මනට මෙතනින් පැන ගන්න බලනවා

" ම..මම.. මේ.. "

" අයිෂ්..... කියන රෙද්දක් ඉක්මනට කියනවා ගොතගහන්නේ නැතුව "

අම්බෝ ඒ කටහඬට ගැස්සිලා ගියා

" මම ගෙදර යන ගමන්..."

" ඉතින් තමුසේ සද්දේ ඇහුනු නිසා ආවේ "

මම ඔලුව වැනුවා

" words baby "

එයා මගේ මූනට පහත් වෙලා කිව්වා

" ය්..යේ "

" ආපහු මහ රෑ තමුසේ කොහෙවත් යනවා එහෙම නෙවෙයි දැන් යනවා "

මම නැගිටලා ගියා ටිකක් දුරක් ගිහින් මම පිටිපස්ස හැරිලා බලනකොට එයා බයික් එකට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා මොන වෙඩිමකට යකෝ පිටිපස්ස බැලුවේ ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගන්නේ නැතුව මම ඉක්මනට ගෙදර ගියේ කවුරුහරි මගේ පස්සෙන් එනවා කියලා තේරුන නිසා

" යාහ්හ් ජීහී නැවතියන් අවසාන වතාවට මම තොට කියන්නේ "

ගෙට ඇතුලු වෙනකොටම ඇසුනු වදන් පෙල තමයි ඔය......... අදත් වලියක් මම හිතන්නේ මම බැලුවේ යුන්මි කොහෙද කියලා ඒකි ඔක්කොටම වඩා අන්තයි ඒකි බිම ඉදගෙන හිනා වෙනවා

" සෝහි ඔච්චර තරහ ගන්න එපා අනේ ඔයාගේ ලස්සන කියුට් මූන කැත වුනොත් කොල්ලෙක්වත් බලන එකක් නැ "

" යාහ්හ් මේ පොඩි එකා මට නම කියලා කතා කරනවා යුන්මියා තමුසේ හිනා වෙන එක නවත්තනවා "

" මොකද යකෝ මේ කෑගැහිල්ල "

මම එහෙම අහගෙන ඇතුලට ආවා

" ආ උබ ආවද උබ එනකම් තමයි මම හිටියේ "

සෝහියා ජීහී පස්සෙන් පන්නන එක නවත්තලා ඉනට අත් දෙක ගහගෙන මගේ පැත්තට හැරුනා

" වේ වේ "

" උබේ ආදරනීය දයාබර සෙනෙහෙබර නැගනිය මගේ චොකලට් අයිස්ක්‍රීම් එක කාලා යකෝ "

යකෝ මේකි අයිස්ක්‍රීම් එකකට මෙච්චර නැහුනේ අනේ මන්දා ඉතින් මේකි

" මොකද උබ කට වහගෙන උත්තර දීපන් යකෝ "

" මොනාටද උත්තර දෙන්න ඕන ගිහින් නිදාගනින් බන් මට නිදිමතයි "

" ඔව් අනේ මටත් නිදිමතයි කොහෙද ඉතින් මේ මැන්ටලේ ආවා නේ අයිස්ක්‍රීම් එකක් ගැන අහගෙන "

ජීහී ඈනුමක් යවන ගමන් කිව්වා

" කවුද යකෝ මැන්ටලේ "

" ඔය ඝාන්ටාරේ තමයි ඉතින් කන කීන් ගානවා අප්පා "

" මම මේකිට........ "

" නවත්තපන් ඕක මෙතන පිස්සන් කොටුවක් නෙවෙයි යකෝ "

මම කෑගහලා කිව්වේ නැත්නම් මෙතන තුන්වැනි ලෝක යුද්ධය පටන් ගන්නවා කියලා දන්න නිසා

" ඒක තමයි මින්හී කියන්නේ ඕක ඉතින් ඔයාගේ යාලුවාට තේරෙන්නේ නැ නේ "

අයිෂ් මේ පොඩි කෙල්ල

" දැක්ක ද තෝ උබටත් නම කියලා කතා කරන්නේ "

" කොහොමද සෝහියා කියන වචන පේන්නේ "

" මින්හී මම මේකිව අද මරනවා "

" යාහ්හ් ජීහී යනවා නිදාගන්නවා කෑගහන්නේ මට බඩගිනියි යකෝ කන්න මුකුත් නැද්ද "

දුවලාම කාපුවා වාෂ්ප වෙලා 🤧

" ගිහින් කාපන්
යුන්මි යමන් මේකි කාලා නිදාගනියි "

සෝහි එහෙම කියලා යුන්මි ඇදගෙන ගියා මම වොෂ් එකක් දාගෙන ඇවිත් කාලා නිදාගන්න ඇදට ගියා මට එතකොට මතක් වුනේ අද වෙච්ච දේවල්

ඇයි මට දැනෙන්නේ ඒ මනුස්සයා මට කලින් හම්බවෙලා තියෙනවා කියලා මම එයාව දැක්කෙත් අදමයි අයිෂ් මට මොනා වෙලාද කොහෙවත් ඉන්න මනුස්සයෙක් ගැන හිතන්නේ මම ඒ දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට දන්නේ නැතුව නින්ද ගියා

Jin pov

Lee suk කාරයා සදහටම නිහඩ කරලා අපි යන්න හදනකොට ෆෝන් එකක් රින් වෙනවා ඇහුනා කෙල්ලෙක් අපි දිහා බලාගෙන ඉදලා දුවනවා දැක්කා

" අරකිව අල්ලපන් "

මම කෑගහලා කිව්වා අපේ එවුන් කෙල්ලගේ පස්සෙන් ගියා කෝකටත් කියලා මාත් බයික් එක අරගෙන ගියා කෙල්ල පන දමාගෙන දුවනවා මම කෙල්ල ඉස්සරහින් ගිහින් බයික් එක නැවැත්තුවා කෙල්ල දැන් කොටු වෙලා

WTF !! මේ අද යුනි එකේදී මගේ ඇගේ හැප්පුනු කෙල්ල කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා මම හීනෙන් දකින කෙල්ලගේ ඇස් වගේමයි දිලිසෙනවා මම මේ කෙල්ලගේ නමක්වත් දන්නේ නැ ඒ වුනාට මට මේ කෙල්ලව දැනෙන්නේ හරියට අවුරුදු ගානක ඉදලා දන්නවා වගේ

කෙල්ලව මගේ ඉස්සරහ දන ගැස්සුවාම මට පොඩි දුකක් නොදැනුනාම නෙවෙයි මේකි මාව පිස්සු වට්ටනවා කෙල්ල හොදටම බය වෙලා අඩනවා මහ රෑ පාලු පාරක මේ කෙල්ල තනියෙන් මොනා කරනවද මන්දා කෙල්ල අඩ අඩා ඉල්ලුවේ යන්න දෙන්න කියලා වෙන එකියක් මෙතන හිටියා නම් අඩන්නවත් දෙන්නේ නැ මෙලහකටත් යන්න ඕන තැනට යවලා අන්තිමේ දී මම කෙල්ලට යන්න දුන්නා අපේ වුන් මගේ දිහා බැලුවේ අද මූ වැරැදි පැත්තෙන් ද නැගිටලා තියෙන්නේ වගේ ටික දුරක් ගිහින් කෙල්ල ආපහු හැරිලා මගේ දිහා බලලා ගියා

" සුගා "

" මොකද බන් "

" මට මේකි ගැන හොයලා දීපන් "

" හරි "

මම එහෙම කියලා බයික් එකට නැග්ගා

" උබ කොහෙද යන්න හදන්නේ "

සුගා ඇහුවා

" පොඩි ගමනක් "

මම එහෙම කියලා කෙල්ලගේ පස්සෙන් ගියා මම කෙල්ල ගෙදර ඇතුලට යනකම් ඉදලා ආපහු ආවා අයිෂ් ජිනා.. තමුන් මේ කවදා කරපු වැඩ ද කෙල්ලෝ මගේ පස්සෙන් ආවා මිසක් මම කෙල්ලොන්ගේ පස්සෙන් ගිහින් නැ කවදාවත්
බලමුකෝ තමුන් කවුද කියලා

To be continue..................😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top