02. New Friend 🤗

Minhee pov

මම දුවගෙන ගිහින් කෙනෙක්ගේ ඇගේ හැප්පුනු පාර එහෙම්ම ම ඇස් පියාගත්තා ඒත් මම වැටුනේ නැති නිසා මම ඇස් ඇරලා බැලුවා

ටිකකට කලින් මගේ දිහා බලාගෙන හිටපු කොල්ලා..........

ඒ ඇස් දිලිසෙනවා හරි ලස්සනයි මොකද්දෝ හුරුපුරුදු බවක් දැනෙනවා

ඒත් එක පාරට මේ යකා මාව අතහරින්න

" ආව්...."

බිම වැටුනු පාර මට ධූමකේතු වල්ගා තරු මන්දාකිණි ග්‍රහලෝක සරලවම කිව්වොත් මුලු සෞරග්‍රහ මණ්ඩලයම පෙනුනා

" තමුසෙගේ ඇස් පොට්ට ද ඇවිල්ලා මගේ ඇගේ හැප්පෙන්න තරමට "

" මියානේ මම දැක්කේ නැ "

" දැක්කේ නැද්ද දැකලත් නොදැක්කා වගේ ඇවිත් හැප්පුනා ද "

මූට පිස්සු ද දැකලා ඇවිත් හැප්පෙන්න චාල්ස් කුමාරයා ද දන්නේ නැ

" මම කිව්වා නේ මියනේ මම දැක්කේ නැ "

" යා ජිනා ඕක අතහැරපන් පොඩි කෙල්ලෙක් නේ බන් "

ලස්සන හිනාවක් තියෙන කොල්ලෙක් එහෙම කිව්වා අම්බෝ ඒ හිනාව උදේට දැක්කොත් දවසම හොදයි හරියට ඉර පෑව්වා වගේ

" හ්ම්ම් තමුසේ ආපහු මගේ ඉස්සරහට ආවොත් තමුසෙට මොනවා කරයි ද දන්නේ නැ "

එහෙම කියලා ගියා අනේ අපි බය වෙයි පුදුම ලොකුකමක් නේ තියෙන්නේ ඌට ගිය යුනි එක

" මොකද්ද බන් ඒ වුනේ "

සෝහියා මගේ ලග ඇවිත් ඇහුවා

" අනේ මන්දා බන් කොහෙද යන පිස්සෙක් ද කොහෙද "

" මොනා වුනත් කොල්ලා ලස්සනයි බන් "

ඔය කිව්වේ ඉතින් මේකිට ඉතින් ත්‍රස්තවාදීයෙක් උනත් කමක් නැ හැන්සම් නම්

" මෙන්න මෙහේ වරෙන් යන්න "

මම සෝහියා ඇදගෙන ගියා අපි යුනි එක වටේම ඇවිදලා අන්තිමට ආවේ cafeteria එකට

" මේ ඕයි උබ අදත් වැඩද "

සෝහියා මගේ දිහා බලලා ඇහුවා

" යේ "

",ඒ කියන්නේ මට ඉන්න වෙන්නේ අර මාර දූතිකාව එක්ක ද බන් "

සෝහියා මූන දෙල් කරගෙන කිව්වා

" දැන් උබ ඔය මාර දූතිකාව කිව්වේ ජීහීට ද කියපන් "

" යේ ඕකිට නැතුව වෙන කාට කියන්න ද "

" ඕක කියපන් ජීහීගේ මූනටම උබට වෙන්නේ මොකද්ද කියලා "

" උබ හිතන්නේ ඒකිට මම බයයි කියලා ද මේ සෝහි "

සෝහියා අතපය විසි කර කර කිව්වා

" සරලවම කෙටියෙන් කිව්වොත් බන් ඔව් එහෙම තමයි 😂"

මම හිනා වෙලා කිව්වා

" මගෙත් මුකුත් නාහ හිටපන් ඇෆ්ගනිස්තාන් සලමන්දරා "

" යකෝ තොට මාව සලමන්දරෙක් වගේ ද පේන්නේ කියපන් "

" අනී උබට සලමන්දරා කිව්වා කියලා ඒ සතා මට විරුද්ධව නඩුවක් ෆයිල් කරයි ඒක නිසා වෙන නමක් කල්පනාව කරන්න ඕන "

" උබට මම කිව්වා කියලා හිතාගනින් "

" හැමදාම කියන්නේ ඕක නේ ඉතින් 😂"

සෝහියා මල මෝහිනි වගේ හිනා වෙනවා මේකිට මෝහිනි කිව්වොත් මෝහිනිටත් අපහාසයක් මියානේ මෝහිනි ඔන්නි වරදක් කලත් සිතකින් නොවේ සමාව භාජනයකට දමා තබා ගන්න

",ඔය මෝහිනි වගේ හිනා වෙන එක නවත්තපන් ගෑනියේ කට්ටිය බලනවා මටත් ලැජ්ජයි යකෝ "

හැමෝම අපි දිහා බලන නිසා මම කිව්වේ

" ආ උබට ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා ද මම මෙච්චර කල් හිතාගෙන හිටියේ උබට ඒම දෙයක් නැ කියලා "

" ගහප් තොට පයින් මම තෝ වගේ ප්‍රසිද්ධියේ කොල්ලොන්ට පැනි හලන්නේ නැ නේ 😏"

" එතකොට උබ හොරාට ද පැනි හලන්නේ යකූ මේකි මම හිතුවේ අර හීනෙන් පේන කොල්ලා ගැන විතරයි හිතන්නේ කියලා "

මින්හී තවුසේ නම් ඉල්ලගෙන කෑවේ සෝහි හැරක කට ගැන දන්නේ නැ වගේ තෝ කතා කලේ

" annyeong
මම මෙතනින් ඉදගත්තාට කමක් නැද්ද "

ලස්සන ටිකක් විතර කොට ගෑනු ලමයෙක් අපි දෙන්නා ලගට ඇවිත් ඇහුවා

" ඕකේ "

මම හිනා වෙලා කිව්වා එයා ලස්සනට හිනා වීගෙන මගේ ලගින් වාඩි වුනා

" ඔයාලා දෙන්නාත් first year ද "

එයා අපි දෙන්නා දිහා බලලා ඇහුවා

" යේ
මම සෝහි
මේ මින්හී
එතකොට ඔයා "

සෝහියා අපි දෙන්නාව හදුන්වලා දුන්නා

" මම යුන්මි "

එයා හිනා වෙලා කිව්වා අපි දෙන්නාත් හිනා වුනා අපි තුන්දෙනා කතා කර කර හිටියා යුන්මිත් අපිටම සෙට් වෙනවා අපිට වගේම පිස්සු 😂 අර කොල්ලෝ සෙට් එක කැෆිටේරියා එකට ආවා කෙල්ලෝ හූල්ලන්වා ඉවරයක් නැ

" මුන් නිකන් හූල්ලන්නේ කොල්ලෝ දැකලා නැ වගේ මුන්ගේ මොකද්ද ඔච්චර ලස්සනක් තියෙන්නේ හත් අවුරුද්දක සාගතේට අහුවෙච්ච එළුවෝ ටිකක් වගේ සෙද්ද මට නම් මුන් දැකලා එපා වෙලා "

යුන්මි කියවගෙන ගියා අපි දෙන්නා නිකන් කරකවලා අතහැරියා වගේ අපි දෙන්නා කටත් ඇරගෙන යුන්මි දිහා බලාගෙන ඉන්නවා

" මොකද ජෝඩුව ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ "

යුන්මි අපි දෙන්නා දිහා බලලා ඇහුවා

" ඔයා එයාලව දන්නවා ද "

සෝහියා ඇහුවා

" මම මොකෝ නොදන්නේ මගේ ඔප්පා කියන මිනිහායි උගේ නසරානි යාලුවෝ සෙට් එකයි "

අම්මට හුඩු යුන්මිගේ ඔප්පා මොකාද දන්නේ නැ

" යුන්මි ඔයාගේ ඔප්පා කවුද "

" අර ඉන්නේ බන් ඩිම්පල් හිනාවක් දාගෙන බකබුස්සෙක් වගේ පොරක් අන්න ඒ ජීවියා තමයි මාගේ දයාබර නොවන ඔප්පා "

" අඩේහ්........... උබ මොනවා කිව්වත් උබේ ඔප්පා මාර හැන්ඩියි නේ උබට බැරි ද මට ඔප්පාව දෙන්න "

සෝහියා ඇහුවා මම ඔලුවේ අත ගහගත්තා මේකි නම් හැදෙන්නේ නැ

" උබට ඕන නම් අරන් පලයන් මගෙන් නම් කිසි බාධාවක් නැ ඕකා හිටියා කියලා වැඩකුත් නැ නේ උබ ඔතාගෙන හරි අරගෙන පලයන් "

යුන්මි කිසිගානක් නැතුව කිව්වා

" ඔතාගෙන යන්න කලින් මිනිහාගේ නම දැනගෙන ඉන්න එපැයි බන් කියපන් ඔප්පාගේ ඉදලා යාලුවෝ දක්වාම පිලිවෙලින් "

සෝහියා කිව්වා

" හරි බන්
ටෙස්ටින් වන් , ටූ , ත්‍රී ම්ම්හ්
ඔව් මේ අවස්ථාවේ දී ඔබ දෙපලට හදුන්වා දීමට සූදානම් වන්නේ මාගේ දයාබර නොවන ඔප්පා සහ ඔහුගේ නසරානි යාලුවන්වයි

අර කෙල්ලෙක්ගේ කරට අත දාගෙන ඉන්නේ ජින් ඔප්පා එයා ගැන කිව්වොත් නපුරුකමේ උල්පත කෙල්ලෝ කියන්නේ එයාට නිකන් මොනාද වගේ බන් "

" මොනාද වගේ කිව්වේ බන් "

සෝහියා මැදින් පැනලා ඇහුවා

" මැදින් පනින්න එපා යකෝ තෝ මූඩ් එක කනවා ඉතින් "

යුන්මි කිව්වා

" උබ කියපන් "

මම කිව්වා

" ජින් ඔප්පා තේරුම් ගන්න නම් ලෝකේ කාලා වතුර බීලා එන්න ඕන එයා කෙල්ලෝ මාරු කරන්නේ underwear මාරු කරන්න වගේ මෙහේ ඉන්නකොට තේරෙයි "

උදේ මම ඇගේ හැප්පුනු යකා පෙන්නලා කිව්වා

"ඊලග ජීවියා මගේ crush එක හී අර පූසෙක් වගේ ටේබල් එක බදාගෙන නිදාගෙන ඉන්නේ ඒ තමයි මින් යුන්ගි නින්ද තමයි එයාගේ ප්‍රථම රාජකාරිය ලේසියෙන් කතා කරන්නේ නැ ජුකයි ඉතින් "

අම්බෝ ඉතින් යුන්මිගේ හිනාව 😂

" ඊලගට ජීවියා මෙයාට නම් ගොඩයි උදේට දැක්කොත් දවසම සුභයි එයාගේ නම හේසොක් ඒත් අපි කතා කරන්නේ හොබී කියලා දත් තිස් දෙක දාලා හිනා වුනොත් ආයේ නිකන් ඉර පෑව්වා වගේ තමයි රාත්‍රි කාලයේදී නම් වඩා ප්‍රයෝජනවත් අර sprite එකක් කටේ ගහගෙන ඉන්නේ එයා තමයි "

ඇත්තටම එයාගේ හිනාව මාර ලස්සනයි වශී වෙනවා

" මගේ ඔප්පා කියන ජීවියා කිව්වොත් ඕකාට තියෙන්නේ මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් සෛල වල හිට මොලේ මම හිතන්නේ ඕකා හින්දා මම අහන කුනු බැනුම් දන්නේ මම විතරයි අහෝ දුකකි කුමක් කරන්න ද මා "

" උබේ ඔප්පා උබම තියාගනින් මොලේ වැඩි එවුන් එක්ක ජීවත් වෙන්න අමාරුයි "

සෝහියා කිව්වා

" සැක් අපරාදේ මම හිතුවා මට නෑනෙක් සෙට් වුනා කියලා කමක් නැ ජුකක් නැ "

" අනිත් අය ගැනත් කියපන් මැදින් ඇඩ් දාන්නේ නැතුව "

මම කිව්වා

" ඊලගට ඉන්නේ අපේ මෝචි බබා එයාගේ වොයිස් එක හරියට angel කෙනෙක්ගේ වගේ ඔය සෙට් එකේ කොටා නමින් කිව්වොත් ජිමින් යන යන තැන පොලොව සිපගන්නවා මාර ආදරයක් තියෙන්නේ පොලොවට අර හේසොක් ඔප්පාට එහා පැත්තෙන් ඉන්නේ එයා තමයි "

" එයාව මට සෙට් කරලා දීපන්කෝ යුන්මි උබ හොදයි නේ බන් "

" උබ හදන්න බැ සෝහියා "

" මාව හදන්න උබ මහන්සි වෙන්න ඕන නැ"

" උබට මාව පේන්නේ කපුවෙක් වගේ ද කියපන් ඉස්සෙල්ලාම 🤨 "

යුන්මි ඇහිබමක් උස්සගෙන ඇහුවා

" අනී බන් කපුවෙක් නෙවෙයි කපුටෙක් වගේ බන් "

මම ඔය වගේ පිලිතුරක් බලාපොරොත්තු උනා

" මින්හී මේකි මගෙන් කනවා කෑමක් ආයේ ඇවිදගන්න බැරි වෙන්න "

" උබට උදව්වක් ඕන නම් කියපන් යුන්මි මම ඕන වෙලාවක රෙඩි "

" සරන්හේ මින්හියා උම්මා "

යුන්මි මගේ බෙල්ල බදාගෙන කිව්වා සෝහියා රවාගෙන බලාගෙන ඉන්නවා

" උබලා දෙන්නා මම නැති තැනක ලව් කරපන් මට ඕවා බලාගෙන ඉන්න බැ "

" ඉරිසියයි නේ සෝහියා "

මට සෝහියා අවුස්සන්න ඕන කියලා ආපු කුරිරු අදහසක් නිසා එහෙම කිව්වා

" මොකටද මම ඉරිසියා කරන්නේ "

" අපි දෙන්නාගේ ආදරේට නැද්ද මින්හී "

" යේ "

" අනේ මට වෙන වැඩ නැ නේ තොපි වගේ වයසක වැදිරියෝ දෙන්නෙක්ට ඉරිසියා කරන්න "

" සෝහි දත් නැතුව බත් කනකොට දැනෙන්නේ කොහොමද කියලා බලන්න ආසද "

මම ඇහුවා

" තාම නම් එහෙම ආසාවක් නැ ",

" ජීහී උබ ගැන බලාගනියි කොහොමත් ඒකී හිටියේ උබට වැඩක් දෙන්න ඕන කියලා "

" මොකාක්........ 😳 එහෙනම් සෝහි කියලා කෙනෙක් මේ ලෝකේ නැති වෙයි 🤧"

මට හිනා ගියා සෝහියා කොච්චර කියෙව්වාත් ජීහී ගහන කුප්ප ගේම් වලින් බේරෙන්න තාම බැ

" ජීහී කියන්නේ කවුද "

යුන්මි ඇහුවා

" අහ් ජීහී කියන්නේ මගේ නංගී "

" යකෝ ඒ පොඩි එකාට මේකි බය "

" කවුද යකෝ බය මම බය නැ හුම් "

" හාකෝ 😂"

අපි දෙන්නාම එකට කියලා හිනා වුනා

" හිනා වෙයන් තව හයියෙන් හිනා වෙයන් "

අම්බෝ සෝහිගේ මූන බලන්න ලස්සනයි

" හිනාව නවත්තලා ඉතුරු ඩබල් ගැනත් කියනවද "

සෝහි කිව්වා

" අහ් හරි ජිමින් ඔප්පාට එහා පැත්තේ ඉන්නේ ටේ ජින් ඔප්පාගේ මල්ලී අහිංසකයි වගේ හිටියට තරහ ගියාම බලන්න ඕන යක්කු පරාදයි

ඊලගට මගේ බෙස්ටා හාවෙක් වගේ උනාට මෙලෝ අහිංසක කමක් නැ නම ජන්කූක් අපි නම් කතා කරන්නේ කුකී කියලා මේකාගේ පස්සෙන් එන කෙල්ලොන්ට මාව පෙන්නවා මේකාගේ gf කියලා ඒක නිසා තාම තනිකඩයි

ඔන්න සෙට් එක ගැනම කිව්වා තව දැනගන්න ලැබෙයි මෙහේ ඉන්නකොට "

යුන්මි කිව්වේ සෙට් එක දිහා බලාගෙන

" හ්ම්ම් "

" ඒක නෙවෙයි ඔයාලා කොහෙද ඉන්නේ "

" වේ "

" මට ගෙදර ඉන්න බැ ඔම්මායි අප්පායි මට කොල්ලෙක් හොයලා ඒ යකා බදින්න කියලා වද දෙනවා "

" ඉතින් වරෙන් බන් අපේ ගෙදර අපිට තව එකෙක් වැඩි නැ "

සෝහියා කිව්වා

" සෝහියා කියන එක ඇත්ත වරෙන් "

මමත් කිව්වා

" අනේ කුමාවෝ දෙන්නාටම "

" ස්තූති එපා බන් කන්න දෙයක් අරන් දීපන් "

සෝහි කිව්වා

" තොට කෑමෙන් තොර ලෝකයක් නැද්ද යකෝ "

සෝහි කට ඇරියොත් කෑමක් ගැන කියවනවා

" කන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් ද බෑ නේ "

" හරි හරි හිටපන් කන්න අරන් දෙන්නම් "

යුන්මි එක්ක කතා කර කර ඉදලා යුනි එකේ වැඩ ටිකත් ඉවර කරලා අපි ආවා යුන්මි සෝහි එක්ක ගෙදර ගියා මම coffee shop එකට ආවා

To be continue.................😈

Vote comment කරන්න
Next chapter හමුවෙමු
සරන්හේ 💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top