| Epilogue |
"හූ..හූ..ඔයාත බෑලේ... අන්න අලක....."
"ආආආආ..මමා මගේ අත...."
"ම..මදේනේ ඒක... ඩඩා මතනේ අලන් දුල්ලේ..."
"නැහැ, ඒක අපි දෙන්නගේම ගුකී... ඒ හින්දා මටත් ඕනේ...."
"ආආආආ... ම..මමා... හ්‍යුන්ග් මදේ පයිප්පේ උදුලනවා... ආයියා.. ඩඩා..හ්‍යුන්ග් මත පයින් ගැහුවා....."
"you shut up...ගුකී...ඔයා බොරු කියන්නේ....."
"ආයිශ්..හයුන්ග්ග්ග්...!!!!!!"
ජන්කුක් කිචන් එකේ ඉදන් මහ හයියෙන් බෙරිහන් දුන්නේ එලියේ ඉදන් එන සද්දේ අහන් ඉන්න බැරිම තැන....
"හ්‍යුන්ග්...!! ඔයා කොහෙද...!! යූල්...!! ගුකී..!! මන් දැන් ආවොත් ඩඩාලා බබාලා දෙගොල්ලොන්ටම හොද පාඩමක් උගන්නනවා හරී... මන් දැන් කීයේ ඉදන්ද උදේට කන්න කතා කරන්නේ ආහ්....'
ජන්කුක්ගේ සද්දේ ඇහුනා විතරයි ඇහි ඇහි තිබ්බ රන්ඩු ඔක්කොම නැවතුනා, මොක්කට හරි හයියෙන් මොකක් හරි වැදෙන සද්දයක් ඇහුනා, ඊලගට බල්ලෙක් බුරන සද්දෙකුත් ඇහුනා , ඊට පස්සේ පුටුවක් පෙරලෙන සද්දෙකුයි හයියෙන් දුවන සද්දෙකුත් ඇහුනා.... ජන්කුක් ඔලුව දෙපැත්තට වනලා ආයෙත් පෑන් එකේ කර වෙවී තිබ්බ බිත්තරේ අනිත් පැත්ත දැම්මා...
හැමදේම වෙලා අවුරුදු ගානක් ගෙවිලා ගිහින් තිබ්බා... හ්‍යුන්බින් සියදිවි නසාගත්ත එකත් එක්ක ඒක ලොකු අපකීර්තියක් උනා කිම් කම්පැනි එකට, සාක්ශිත් එක්ක අවුරුදු ගනන් ඈත් ඉදන් සිද්ද උන අපරාධ ගොඩාක් ලීගේ කට උත්තරත් එක්ක හොයාගත්තා, ඒ ඔස්සේ හොයාගත්තු ගොඩාක් අපරාධත් අල්ලගන්න පුලුවන් උනා.. අන්තිමට කිම් කම්පැනි එක වැහිලා ගියා, අපකීර්තිය හින්දා ඒ මුලු ගොඩ නැගිල්ලම වහලා දාන්න සිද්ද උනා, ඒකේ රස්සා නැති උන , ස්ව කැමැත්තෙන් කම්පැනි එක හැර ගිය අර ඇරෙන්න අනිත් අයට ටේහ්‍යොන්ග් එයාගේ කම්පැනි එකේ ජොබ් එක හදලා දුන්නා...
ඒ කාලේ හැමෝටම අමාරු උනා,, බලාපොරොත්තු නොවන දේවල් එක්ක මුලු කිම් පවුලටම ලොකු අපකීර්තියක් විදින්න සිද්ද උනා, යම් ප්‍රමානෙකට එලියට ආවත් ජන්කුක්ගේ ටේහ්‍යොන්ගේ ප්‍රශ්නේ ප්‍රසිද්ධ වෙන්න නොදී වලක්වගත්තා, මොකද ඒ නඩු වාර හැමතැනම ප්‍රසිද්ධ උන හින්දා...
මොනවා උනත් මොන වැරදි කරත් එයාගේ ඩෑඩ් නිසා ටේහ්‍යොන්ග් ටිකක් අවුලෙන් හිටියේ, ඒත් ඒ හැම වෙලාවකම ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවින් හිටියා, මාක් , යුන්ගි මේ හැමෝටම ඒ කාලේ එච්චරම හොද කාලයක් උනේ නෑ... ඒත් හැමෝම ඒ කාලේ ලොකු බාධක කරදර ගොඩාක් මැද ගෙවලා දැම්මා...
ටේහ්‍යොන්ගේ කම්පැනි එකත් හ්‍යුන්බින්ගේ කම්පැනි එක වගේමයි, ටේහ්‍යොන්ග්ට අර නැති උන විශ්වාසය ගොඩනගාගන්න සෑහෙන කාලයක් ගියා, ඒ වගේම ටේහ්‍යොන්ගේ වැඩ හොද හින්දා ඒකට එච්චර ලොකු කාලයක් ගියේ නෑ, ජන්කුක් ටේහ්‍යොන්ගේ එකම මේන් මොඩ්ල් උනා.... කවුරුත් නොදන්නවා උනාට ඒක කරන්න ටේහ්‍යොන්ග් කොච්චර කල් බලන් හිටියද කියලා දන්නෙ ටේහ්‍යොන්ග්ම විතරයි...
ජන්කුක්ට ආයෙත් එයාගේ මමාව ලැබුන් නැතත්, ඒ වෙනුවෙන් සාධාරනයක් ඉශ්ට වෙලා, හ්‍යුන්බින් පසුතැවෙමින් දඩුවම් වින්ද එක ගැන සෑහීමකට පත් උනා, එයාට මතක නැති අතීතය, උන විදිය ඒ දේවල් සේරම අන්තිමට හරි දැනගත්ත එක ගැන ජන්කුක් සෑහීමකට පත් උනා...
ජිමින් මේ හැමදේකටම කිසිම ප්‍රතිලාබයක් නැතුව කොච්චරනම් උදව් කරාද කියනවානම් කවදාවත් ජිමින් නැත්නම් මේක මේ තරම් දුරට සාර්තක කරගන්න බැරි බව හැමෝම දැනන් හිටියා.... ජිමින් මේ හැමදේම ඉවර උනාම ආයෙත් රට ගියේ ජන්කුක්ගේ තදබල අකමැත්ත මත.. ජන්කුක්ට ඕන උනේ ජිමින්ව ලගින් තියාගන්න, ඒ උනත් ජිමින් ආයෙත් ගියේ එන්න පොරොන්දු වෙලා...
මේ වෙනකොට හැමදෙයක්ම විසදිලා, ජන්කුක් ටේහ්‍යොන්ග් දෙන්නම මිස්ටර් ලීගේ මුලු පවුලටම ග්රැවී එකක් හදලා අවසන් ගෞරවය දැක්වූවා..මොකද කරපු වැරදි වලට මිස්ටර් ලී ජීවිතාන්තය දක්වා හිරේ නියම උනා.. මිස්ටර් ලී ඒක බාරගත්තේ ස්ව කැමැත්තෙන් ඒත් මිස්ටර් ලී ඒ තරම් කල් ජීවත් උනේ නෑ... හිරේදිම බෙල්ලෙ වැල දාගෙන මැරිලා තිබුනා,, යුන්ගිගේ උදව් අරන් ඒ මිනිය භාරගෙන හැමෝටම අවසන් ගෞරවය දක්වන්න ටේහ්යොන්ග්ටයි ජන්කුක්ටයි පුලුවන් උනා... මිස්ටර් ලී නැත්නම් මේ කිසිම දෙයක් නෑ...
ටේහ්‍යොන්ගේ මමාටයි, ඩෑඩ්ටයි වගේම, ජන්කුක්ගේ මමාට වෙනම ග්රැවීස් කරලා ගෞරවය දක්වන්න එයාලට පුලුවන් උනා... ඒ වෙලාවෙදි මේ තරම්කල් හිතේ හිර කරන් හිටපු හැමදේම ජන්කුක් කියලා දිය කරා, ටේහ්‍යොන්ග් පවා විවෘත උනා, කවදාවක් කියන්න නොහිතපු එයාලගේ දුක හිතෙන කතා තුන් දෙනා එක්කම බෙදාගන්න එයාලට පුලුවන් උනා...
මේ වෙනකොට ඒ හැමදේමත් එක්ක අවුරුදු ගානක් ගෙවිලා ගිහින්,ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්න මැරි නොකරත් එයාලා එකට ජීවත් උනා, එයාලට එයාලගේ බැදීම් පටන්ගන්නවත් පවත්වගෙන යන්නවත් හරියට නමක් අවශ්‍ය වෙලා නොතිබුනු නිසා ඒක කිසිම කෙනෙක්ට ගැටලුවක් උනේ නෑ, විශේෂම දේ එයාලා ගාවට අලුත් අමුත්තෙකුත් එකතු උනා, ඒ ,ජකුක්ගෙයි ටේහ්‍යොන්ගෙයි දෙවෙනි නසරානි බඩ්ඩ, කිම් ගුකී... මේ වෙලාව ගැන පැහැදිලි කරනවා නම් අද හැමෝටම නිවාඩු දවසක්..පුරුදු පරිදි හතර දෙනත් එක්ක ටිකක් පරක්කු වෙලා අවදි උනත් ඒ වෙනකොටත් පොඩි බඩ්ඩ එලියට ගිහින් , ජන්කුක් උදේ කෑම ලෑස්ති කරලා දැන් මේ තුන් දෙනාට පැය භාගෙක වෙලේ ඉදන් කතා කරනවා එක්කෙනෙක් නෑ....
ඒ අස්සේ එලියේ රන්ඩුවකුත් ඇහෙනකොට ජන්කුක් කිචන් එකේ ඉදන්ම මහ හයියෙන් බෙරිහන් දුන්නා.... සද්ද බද්ද නතර උනත් තාම කිසි කෙනෙක් නාව එකට ජන්කුක් දැන් කේන්තියෙන් ඉන්නේ... ජන්කුක් බිත්තර ටිකත් ප්ලේට් එකට දාලා කෑම මේසේ උඩින් තියලා කූඩෙකින් වහලා දාලා ඉස්සරහට එන කොන්ඩේ පිටිපස්සට කරන් බූලත් දාන ගමන් එලියට ඇවිදන් ආවා...
හොදට ඉර පායලා , ජන්කුක් දොරෙන් නැතුව උස ජනේලෙකින් එලියට බැහැලා වටේ බැලුවේ කෝ මේ බඩු තුන කියලා.. අපරාදෙ කියන්න බෑ ඩඩාත් අර පොඩි බඩ්ඩටම හරියනවා...
නිල් පාට බනී බනීලා ඉන්න කලිසන් කොටේකුත් ගහන් ගුකී තනකොල ගොල්ලේ බාම්ව නාවනවා...
"ගුකී....!!!"
"ඔ..ඕ..මමා.. බලල්ලකෝ.. බාම්ත නාල්ල ඕනෙලුනේ...."
ජන්කුක්ගේ සද්දෙට දත් සෙට් එකම එලියට දාලා ලස්සනට හිනා උන ගුකී අනිත් වතුර පාරත් බාම්ගේ ඔලුවේ ඉදන් නෑවිලා යන්න අල්ලලා හයියෙන් හිනා උනා... ජන්කුක් ඉනටත් අත් දෙක තියන් හොද හුස්මක් ගත්තා...
"දැන් ඔයා බාම්ව කීවෙනි පාරටද නාවන්නෙ ගුකී, එයාව ඊයේ උදෙත් නෑව්වා,ඊයේ රෑත් නෑව්වා, දැන් අද උදෙත් ඔහොම ගියොත් බාම් අසනීප වෙයි හරි, "
ජන්කුක් බොහොම ඉවසීමෙන් කිව්වේ, මොකද ගුකීට දොස් කියලා වැඩක් නෑ එයාගේ ඩඩාවයි හොයාගන්න ඕනේ, මොකද ගෙදර තිබ්බ ලොකු වතුර පයිප්පේ උස්සන්න බැරි තරම් බරයි කියලා දෙන්නත් එක්ක ඩඩා ගාවට ගිහින් කුනු කුනු ගානවා ජන්කුක් බලාගෙන,, ඊට පහුවදාම දෙන්නටම පොඩි සැහැල්ලු වතුර පයිප්පයක් ඩඩා ගෙනල්ලා දුන්නේ දෙන්නම සතුටින් ඉහ වහා යනකොට... ඒකෙන් දෙයියනේ කියලා ශොට් එක හම්බුනේ අහක ඉන්න බාම්ට, දැන් ජන්කුක් බලාගෙන ඊයේ උදෙත් දෙන්නත් එක්කම අල්ලන් බාම්ව නාවනවා, රෑ වෙලත් එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ බාම්ව නෑව්වා, දැන් අද උදෙත් බාම් නානවා, අසරනයට ශැම්පු ටිකවත් දානවානම් කමක් නෑ නිකන්ම වතුරෙන් අල්ලලා හෙන ආතල් එකක් දැන් ගන්නේ...
උදෙත් ඒකට රන්ඩු උන සද්දේ තමයි ජන්කුක්ට ඇහුනේ, ඒ උනාට මේ වෙනකොට යූල් අතුරුදන්, ටේහ්‍යොන්ග්නුත් නෑ...
"මමා ඉල්ලකෝ කෑ නොගහා, ඩඩා තමයි කිව්වේ බාම්ව ඇදට ගල්ල ඕන නම් පිරිසිදුව ඉල්ල ඕලේ කීලා... අනික හ්‍යුන්ග් මත පයින් ගැහුවා..මේ සතුත් වෙලා...."
ගුකී අර චබී කකුලකුත් දික් කරලා පෙන්නලා බාම්ගේ ලගටම ගිහින් කකුලක එල්ලුනා... බාම් යූල්ටයි ගුකීටයි දෙන්නටම ආදරේ හින්දා හපන්නෙ කරන්නේ නැති එකම හොදයි, නැත්නම් දෙන්නගේ වදේ ඉවසන්න බැරුව මොකක් හරි වෙනවා...
"මමා... ලුක්.. මේක ලස්සනයි නේද..."
යූල් ඒ පාර පිටිපස්සෙන් මතු උනාම ජන්කුක් ඒ පැත්තට හැරුනා...
ජන්කුක්ට හොදටම විශ්වාසයි මීට ටික්කට කලින් ඉන්න ඇත්තේ ගුකී වගේම වතුර නාගෙන කියලා.. ඒ උනාට මේ ටිකට හොදට ඇදුම් මාරු කරන් වොශ් දාන් සුවද ගහ ගහ ඇවිත් අහිංසක විදියට ජන්කුක්ගෙන් ටෙඩියෙක් පෙන්නලා අහද්දි ජන්කුක් ඇස් හීනි කරා... හොදට දන්නවා ඔක්කොටම මල්ලිව අල්ලලා පැනලා ගිහින් හොද බබා වෙන්න, අනික යූල් කියන්නේ ගුකීට සාපේක්ශව ඇත්තටම අහිංසක බබෙක්, ගුකී තමයි අහක ඉන්න යූල්ව අවුස්සලා අරන් වලියක් දාගන්නේ... ඒ හින්දා ඉතින් යූල් හොද බබා උනා කියලා ගුකීට සත පහකට ගානක් නෑ..
ජන්කුක් යූල්ව වඩාගෙන කම්මුලක් එබෙන්න ඉම්බා.... කෝමත් ජන්කුක්ගේ පල්වෙනි චන්ඩියා යූල්ගේ, ඇරපු අතක් නෑ ටේහ්‍යොන්ග් වගේ උනාට තිබ්බෙ ජන්කුක්ගේ ගති, ටේහ්‍යොන්ග්ට ආදරේ උනාට මමා ගාව හුරතල් වෙන්න හරි කැමති ඒකට ගුකී කියන්නේ මහම මහ නසරානී බඩ්ඩක්, පෙනුමෙන් ජන්කුක් වගේම උනත් ටේහ්‍යොන්ග් වගේම මහ දගම දග මගුලක්... ඕන දෙයක් කරන්න හොදට මොලේ තියනවා , කරත් ගිහින් ඩඩාගේ ගාවින් තමයි නතර වෙන්නේ.. ඒ හින්දා ටේහ්යොනුත් ගුකී ඉල්ලන ඕන මගුලක් සැනින් ගෙනත් දුන්නා... යූල්ට ඉතින් එයාගේ මමාව හොදා....
යූල්ව වඩන් ඉම්බ හින්දා ගුකීගේ ජෙලස් බනී වර්ශන් එක ඔන් උනා, දෙන්නගේ පැත්තට හැරිලා ඇස් දෙක හීනී කරලා බැලුව ගුකී අර පයිප්පේ අල්ලලා විසික්කා කල්ලා දැම්මා...
"ඩඩා..... ඩඩා.....ඩඩා...!!!!"
මහ හයියෙන් ගුකී කෑ ගහන්න පටන් ගන්නකොට ජන්කුක් තොල් තද කරන් හිටියා.. ජන්කුක්ටත් ඕක තමයි කරගන්න ඕන උනේ... ජන්කුක් කිව්වොත් අහයි ගුකී මේන් කියලා, "අලේ මමා උයා කත වහ ගල්ලකෝ " කියලා ඕන පජාත වැඩක් කරයි, ටේහ්‍යොන්ග් ගැරෑජ් එකේ ඉදන් ඇවිත් ගුකීව වඩා ගත්තේ ගුකී ටේහ්‍යොන්ගේ බෙල්ලේ එල්ලිලා ජන්කුක්ටයි යූල්ටයි සැසී ලයින් එකක් දානකොට...
"හ්‍යුන්ග්.. බලන්න මන් කීයේ ඉදන්ද කන්න කතා කරන්නේ කියලා... දැන් ඔය වතුරේ නටලා රෑට හෙම්බිරිස්සාවයි උනයි ගැනුනොත් තමයි මන් බලාගන්නේ ආයේ පයිප්පයක් නැති වෙන්න මන් ඔක්කොම පුච්චලා දානවා... "
ජන්කුක් අතේ ඉන්න යූල්ටත් රවලා කිව්වම යූල් බිම බලන් ජන්කුක්ගේ පපුවේ මූන ඔබා ගත්තේ ගුකී රවලා ටේහ්‍යොන්ගේ නිරුවත් උරහිසේ ඔලුව තියාගන්නකොට..
"ඩඩා බලන්නකූ, මදේ කකුලත් සිදෙනෝ... මමා බැල්ලත් එක්ක... හ්‍යුන්ග් පයිනුත් ගැහුවා, ඩඩා පයිප්පේ මදේ නේද.... මදේ පිස්තෝලේ තිබ්බානම්.........
ටේහ්‍යොන්ග් පට පට ගාලා ගුකීගේ බ්රේක් නැති කට වහනකොට ජන්කුක් ඇතුලට යන ගමන්ම හැරිලා බැලුවා...
"මොකද්ද හ්‍යුන්ග් ඒ කතාව.. මේ ගෙදර ඒ වගේ සෙල්ලම් බඩු නෑනේ..."
"මොකද නැත්තේ, මමා උයා දැකලා නානේ, ඩඩාගේ....."
"ඩඩාගේ පෝන් එක නේද ගුකී බබා... ඩඩාගේ පෝන් එකෙන්නේ එහෙම වීඩියෝ එකක් අපි බැලුවේ...."
ටේහ්‍යොන්ග් ගුකීට ඇස් දෙකම ගහලා කියනකොට ජන්කුක් නැවතිලා ඇස් දෙක හීනි කරලා බැලුවා...
"ඔ..ඔවුනේ.. මමා ඒම තමයි.."
"ඔය බොරු මමා.. මන් මගේ ඇස් දෙකටම දැක්කා ඩඩා ඩුශුම් එකක් අතේ තියන් ඉන්නවා...."
ගුකීත් ටේහ්‍යොන්ග් කියන එකටම උල්පන්දම් දෙනකොට යූල් ජන්කුක්ගේ කනට කරලා රහසින් කිව්වම ජන්කුක් යූල්ගේ ඔලුව අතගෑවා..
"ඇත්තද මැනික , ඒනම් මන් හොයාගන්නම්කෝ ඒක, අපි කන්න යන්, බඩගිනිනෙ මගේ චන්ඩියට..."
ජන්කුක් යූල්ව වඩන් ගස්සන් වගේ කිචන් එක පැත්තට යනකොට ටේහ්යොන්ග්නුයි ගුකීයි අත් වලින් බීරෝ දෙන්නෙක් වගේ මොනාද කියාගන්න ගමන් පස්සෙන් ඇවිදන් ගියා...
ටේහ්‍යොන්ග් ගරාජ් එක අස්සේ රිංගන් හිටියේ වාහනේ බලන්න, සර්විස් එකට දාන්න වෙලාවක් නැති හින්දා ඕක මේ දෙන්නත් එක්ක හෝදන්න ගත්තොත් ටේහ්‍යොන්ග්ට වෙන්නේ වතුරෙන් කෙසෙ වෙතත් අර බටු ඇට දෙකට හෙම්බිරිස්සාව හොද වෙනකම් ජන්කුක්ගෙන් බැනුම් අහන්න....
ඊට පස්සේ කට්ටියම කෑම මේසෙට වාඩි උනාම ජන්කුක් ආයෙත් කෑම ටික රත් කරලා ගත්තා, ටේහ්‍යොන්ග් යූල්ට කවන ගමන් කනකොට ජන්කුක් ගුකීව තියන් කවන්න පටන් ගත්තේ ටේහ්‍යොන්ග් ජන්කුක්ටත් එහෙමම කවනකොට.. මහ පන්ඩිතයා උනාට තාම කන්නේ බේබි කෑම, යූල් දැන් ලොකු හින්දා එයාලත් එක්කම සැර අඩුවෙන් කෑම කනවා...
අද තමයි ඉතින් නිවාඩු දවස , ඕන දෙයක් කරන්න, ඒ උනාට ටේහ්‍යොන්ග්ට උදේ ආපු කෝල් එක්කට තව ටික්කින් කම්පැනි එකට යන්න වෙනවා කිව්වා හින්දා ජන්කුක් අනිත් පැත්තට ලන්ච් එක රෙඩි කරන්න ගත්තා, ජන්කුක් සාමාන්යෙන් කම්පැනි එකට ගියත් අද නිවාඩු හින්දා යන්න ඕන නෑ, ටේහ්‍යොන්ග් යන්න ඕනනේ , යූල් නම් එයාගේ ස්කූල් හෝම්වර්ක් ටික සාලෙන් ඉදන් කරන්න ගන්නකොට පොඩි බඩ්ඩ පටන් ගත්තා ආයෙත් ගේ වටේ රවුම් ගහන්න, ටේහ්‍යොන් අර බාගෙට නාලා ඉන්න බාම්ව නාවලා පිහ දම්මලා ඇතුලට දැම්මම එයත් ඇවිත් යූල් වැඩ කරන් තැන කාපට් එකෙන් නිදාගත්තා...
ජන්කුක් ඉක්මන්ට කෑම ටික ලෑස්ති කරලා බොක්ස් දෙක්කට දැම්මා... එකක් ලොකු ලන්ච් බොස් එකක් අනික චූටි එකක්..මොකද ලොකු බොසුයි පොඩි බොසුයි දෙන්නම යන හින්දා දෙන්නටම ජන්කුක් එක වගේ ලෑස්ති කරන්න ඕනේ, බැරි වෙලාවත් ලන්ච් එක ගන්න වෙලාවට එයාට ඩඩාගේ වගේ නැතුව තිබ්බොත් එහෙම ආයෙත් ඒ වගේ කරනකන්ම බෙරිහන් දෙනවා, පලවෙනි දවසේ ඒ වැරැද්ද උනත් ආයෙත් ඒ වැරැද්ද වෙන්න දුන්නෙ නෑ,
දවසක් ජන්කුක් එයාගේ කැබින් එකේ ඉදලා ඩිසයින් එකක් කරලා කම්මැලිකමටත් එක්ක ටේහ්‍යොන්ගේ කැබින් එක පැත්තට ගියා, ඒ උනාට ඈත පේනවා ටේහ්‍යොන්ගේ කැබින් එකේ ඉදන් එන එම්ප්ලෝයි කෙනෙක් කට අතින් වහන් හිනා වෙවී එනවා..
"මොකද හිනා වෙන්නේ, මොකක්ද ඇතුලේ වෙන්නෙ හිනා වෙන්න තරම්..."
ජන්කුක් ටිකක් තදින් වගේ ඇහුවේ ලේඩි බයවෙනකොට, ඉක්මනට ජන්කුක්ට ආචාර කරපු ලේඩි සමාවෙන්න කියලා එතනින් ගියේ ජන්කුක් කැබින් එක පැත්තට ඇවිදන් යනකොට.. ජන්කුක් ඉතින් බුග් ගාලා යන් නැතුව දොරට තට්ටු කරේ ඇත්තටම මොනා කරන්වද කියලා,
"එල්ල..."
ඒ සද්දේ ඇහෙනකොටම ජන්කුක්ටත් බකස් ගාලා හිනා ගියා ජන්කුක් දොර ඇරන් ඇතුලට ඔලුව දාලා බැලුවේ කවුද මේ අලුත් බොස් කියලා, අද බොස් නෑ ඇක්ටින් බොස් ඉන්නේ... ටේහ්‍යොන්ගේ උස ලොකු පුටුවේ ඉදන් ඉන්න ගුකීව ඈතට පේන්නෙත් නෑ,ජන්කුක් මේසේ ගාවටම ඇවිදන් ගියා, ටේහ්‍යොන්ග් වගේම පොඩි ෆුල් කිට් එකක් ඇදන් බට්ට වගේ ගුකී අර විසාල පුටුවේ වාඩි වෙලා පැද්දි පැද්දි හිටියේ අර ගෝල්ඩ් කලර් පෑනත් අතේ තියාගෙනමයි...
"ගුකී මොකද මේ ඩඩා කෝ.."
"ඩඩා නෑ මන් තමයි මෙතල ඉල්ලේ... පයිල් තියලවා නම් තියලා යල්ලා පුලුවන්.."
ඔන්න ඕමයි ගුකීගේ බක පන්ඩිත වැඩ, ඒ හින්දා ජන්කුක් වෙනසක් නැතුව උදේට බොස්ලා දෙන්නටම දේවල් ලෑස්ති කරන්වා, යූල් ඉස්කෝලේ යනවා දැන් තව ටික දවසකින් ගුකීත් නර්සරි යන්න ඕනේ, එතකන් තමයි ඉතින් කම්පැනි එකට උස්සන් යන්නේ...
ටේහ්‍යොන්ග් ගුකීවත් එක්කන් කම්පැනි එකට ගිහින් එනකන් ජන්කුක් ගෙදර අස් කරලා යූල් එක්ක ඉස්කෝලේ වැඩ කරා, ජන්කුක් දැන් සතුටින් ඉන්නේ, එයාගේ ලෝකෙම මෙතනනේ, කිම් මැන්ශන් එකටවත්, ටේහ්‍යොන්ග් රියා එක්ක හිටපු මැන්ශන් එකටවත් ඒ දෙන්න ගියේ නෑ, ඒ දෙන්නම ගියේ වෙන තැනකට, අලුත්ම තැනකට අලුතින්ම පටන් ගන්න... මොකද පරන දේවල් කිසිම දෙයක් එයාට මතක් කරන්න ඕන උනේ නෑ.. පරන දේවල් හින්දා නැවතීමක් නැතුව අවුරුදු ගනන් එයාලා දුක් වින්දා...
ජන්කුක් උඩට යන පඩිපෙල දිගට ගහලා තිබ්බ පොටෝ දිහා බලන් උඩට ගියේ තොල් අතරේ ලා හිනාවක් තියාගෙන...
එයාලගේ ලස්සනම මතක, යූල්ට වගේ එයාලගේ මමාව ගුකීට ප්‍රශ්නයක් නොවෙන ලස්සන පොටෝ ඒ පඩිපෙල දිගටම ලස්සනට එල්ලලා තිබ්බා... ඒවා සතුටුම මතක...
ජන්කුක් ටික්කින් වොශ් එකක් දාගෙන ඇදගෙන යූල්වත් ලෑස්ති කරගත්තා.. එයාලට අද යන්න තියනවා ගමනක්... ටේහ්‍යොන්ග් වැඩ ටික ඉවර කරලා එහෙමම ජන්කුක්වයි යූල්වයි ගන්න එන්නම් කිව්ව හින්දා ජන්කුක් ලෑස්ති වෙලා වෙලාවට එලියට ආවා.. ටික්කින් ටේහ්‍යොන්ග් ආවම ජන්කුක් පැසෙන්ජර් ශීට් එකට නැග්ගා, බාම්ව පිටිපස්සට නග්ගගත්තා, යූල් නම් හරි අපූරුවට ජන්කුක්ගේ ඔඩොක්කෙට වෙලා එලිය බල බල යන්කොට ගුකීට ඕන උනේ ඩඩා එක්ක වාහනේ එලවන්නනේ... එහෙටයි මෙහෙටයි නට නට ඉදලා අන්තිමට දෙන්නටම නින්ද ගියාම ජන්කුක් ගුකීවත් අරන් ඔඩොක්කෙන් තියන් පපුවට හේත්තු කරගත්තේ බෙල්ට් එක තුන් දෙනාටම වැටෙන විදියට දාගෙන...
"මේ දෙන්නා එක්ක නටලා ඔයාට මහන්සි නේද..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නලල්ට වැටුනු කොන්ඩේ උඩට දාලා කම්මුල ටිකක් මිරිකලා කිව්වේ ජන්කුක් එහෙමම ටේහ්‍යොන්ගේ අල්ලේ කම්මුල තද කරගන්නකොට.. මෙහෙම දෙන්න හුරතල් උනොත් තමයි අර දෙන්නා එක්ක ඕව කරන්න බෑ විශේශයෙන්ම ගුකී හරිම ජෙලස් ,
"ඔය කාලේ විතරයි, බලන්න යූල් ගුකී ලොකු වෙනකොට එයා හ්‍යුන්ග් හින්දා එයා ටිකක් සයිලන් වෙනවා, "
"ඔයා ලග ඉන්නකන් විතරයි, ඊට පස්සේ දෙන්නත් එක්ක මරාගන්නකොට බලන්න ඕනේ ඒ ගති ඔක්කොම...."
ටේහ්‍යොන්ග් කට ඇද කරලා කියනකොට ජන්කුක් හිනා වෙලා ශටර් එක ඇරියා..
"ග්‍රැනී කෑ ගහයිද හ්‍යුන්ග්, අපි ගොඩ කාලෙකින් මේ..."
"කවද ගියත් එයාගෙන් අපි ගුටිකන්නම ඕනේ, මතකනේ එදා ගිහින් එලියටවත් ආවේ නෑ, "
ටේහ්‍යොන්ග් කිව්වේ කලින් පාර ග්‍රැනී හම්බෙන්න ගියාම ග්‍රැනී ඔක්කොමලම එක්ක තරහා වෙලා ඇතුලට වෙලා හිටියේ.. ග්‍රැනී හිතන් හිටියේ ජන්කුක් ඇත්තටම නැති උනා කියලනේ... පස්සේ යූල් බලන්න විතරක් ඇවිත් ආයෙත් ගස්සන ඇතුලට ගියා.. දැන් මේ ගොඩාක් කාලෙකින් යන්නේ, ටේහ්‍යොන්ග් නැතුව යන්නවත් ජන්කුක්ට වෙලාවක් නෑ, අනික මේ දෙන්නම එක්කන් තනියම ගිහින් ජන්කුක්ට බලාගන්නත් අමාරුයි...
ටික්කින් පුරුදු පැත්තට එනකොට ජන්කුක් නම් හරි ආසාවෙන් ඒ පහුවෙන දේවල් දිහා බලන් හිටියේ පරන දේවල් මතක් කරන ගමන්.. එක පාරටම සුදු පාට පුන්චි කඩේ පහුවෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් දෙන්නම එක පාර මූනෙන් මූන බලාගත්තා... බලාගෙන හයියෙන් හිනා උනා.. එදා තමයි ටේහ්‍යොන්ග් ජන්කුක්ව මැරි කරේ හරියටම, මහ රෑ පාර දිගේ ඇවිදන් ඇවිත් අර කොෆී ශොප් එකට ගිහින් රෑ කලුවරේ මුද්ද දාලා, ඒවා මතක් වෙනකොට හරි ආදරනීය හිනාවක් දෙන්නටම ගියේ..මොන තරම් ප්‍රශ්න ගොඩකද එදා හිටියේ, එදා බඩේ හිටපු යූල් අද අත් දෙකේ නිදන් තවත් පුන්චි බඩ්ඩක් මදි පාඩුවටත් ඉන්නවා...
ලොකු වත්ත ඇතුලට වාහනේ දානකොට ජන්කුක් අර දෙන්නවම හොලවලා හොලවලා නැගිට්ටෙව්වා...
"කෝ..කෝ නැගිටින්න, මෙහෙම නිදියන් ඉන්නවද ආ...යූල්..ගුකී... කෝ...."
තලුත් මර මර හොද නින්දෙන් නැගිට්ට දෙන්න වටේ පිටේ බලනකොට යූල්නම් සතුටින් පිනා ගියා.. ගුකීනම් දන්නෙ නෑනේ කොහෙද කියලා...
ටේහ්‍යොන්ග් බැහැලා ඉස්සල්ලම බාම්ට එලියට පනින්න දොර ඇරලා ජන්කුක්ගේ පැත්තෙන් දොර ඇරලා යූල්ව වඩාගත්තම යූල් දගලලා දගලලා බිමට පැන්නා.. ඊලගට ජන්කුකුත් එලියට බහිනකොටම ගුකී ජන්කුක්ට කලින් බිමට පැන්නා...
තාමත් ඉස්සර වගේමයි, කොලම කොල පාට තනකොල පිට්ටනිය, ඈත සුදු පාට ගොඩනැගිල්ල, ග්‍රැනීගේ ලොකූ පරන ගෙදර, වත්ත පහලට හැදුනු ලොකු ගස්, ඒ ගස් අස්සෙන් යන හොද හුලග, ජන්කුක් ඕනතරම් මේ වත්ත පුරා ඇවිදලා ඇති, බිමින් ඉදගෙන පොත් කියවලා ඇති අර පොඩ්ඩොත් එක්ක සෙල්ලම් කරලා, සින්දු කියලා ඇති, ඒ ඔක්කොම පේලියට මතක් වෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක්ගේ උරහිස වටේ තක් දාන් ඇගට තද කරන් නලලෙන් හාද්දක් තිබ්බා...
"දෙයියනේ හ්‍යුන්ග් එයාලා දැන් ගොඩාක් ලොකුයි.."
"ඒන්ජල්..."
"අපෝ..නපුරු අන්කල්..."
ඒ පැත්තට දුවන් ආපු ලමයි වගයක් එහෙම කියන් දුවන් ඇවිත් ටේහ්‍යොන්ගේ මූනටම එහෙම කිව්වම ටේහ්‍යොන්ග් රැව්වා රැවිල්ලක් ජන්කුක් ටේහ්‍යොන්ගේ බඩට වැලමිටෙන් ඇනලා තල්ලු කරලා අර ලමයි ගාවට ඇවිදන් ගියා... එයාලා ගොඩාක් ලොකුයි ගොඩාක්, සමහර අය ජන්කුක්ට වඩා පොඩ්ඩයි මිටි, එයාලට තාමත් මතකයි එයාලගේ ඒන්ජල්ව, ඒ වගේම නපුරු අන්කල්වත්,... දැන් ග්‍රැනීට ලමා නිවාසයක් සම්පූර්නයෙන් කරන්න අමාරුයි, ග්‍රැනී ගොඩාක් වයසයි, ඉතින් අද ඇවිත් තියෙන්නේ ලමයි ටික ග්‍රැනීව බලන්න වෙන්න ඕනේ.. එයාලා දැන් ගොඩාක් ලොකුයි, ඒ නිසා මේ අයවමයි පුලුවන් තරම්කල් ඉස්සරහටත් බලාගන්නේ...
"අයින්.. වෙල්ල.. අයින් වෙල්ල.. මදේ..මදේ මමා..මදේඒඒ.. ඩඩා...!! එන්නකූ... මදේ මමා...අලේ...හ්‍යුන්ග්ග්...!!"
නසරානි බඩ්ඩ අර ලමයි මැද්දෙන් කොහෙදෝ ඉදන් පැනලා ජන්කුක්ගේ කකුල් දෙක බදන් මූනත් දෙක කරන් යුද්ධ ප්‍රකාශ කරන්න ගන්නකොට අර ලමයි ටික නම් ගුකී දිහා බලන් හිටියේ කටත් ඇරන් , මොකද කෑ ගහනකොටත් ගුකීව හෙන හුරතලේට පෙනුනේ..
"අනේ, ශෝයිනේ මෙයා... කෝ එන්නකෝ අපිත් එක්ක..."
"ආහ්..අල්ලන්න එපා මාව.. අලේ මාව බේලගනියෝ....."
ගුකී ගිරිය යටින් කෑ ගහන්කොට අර ලමයි ටික ගුකීව උස්සන් ගියේ ජන්කුක් හිනා වෙවී බලන් ඉන්නකොට, ගුකී අත පය හතරම උඩ ද දා බෙරිහන් දුන්නා...
"ආහ්.. ආයි.. ආයි ග්‍රැනී ගහන්න එපා අප්පා...."
සුපුරුදු සද්දේ ශ්‍රවනය වෙනකොට ඇතුලේ ඉදන් කට අතින් වහන් හිනා වෙවී දුවන් ආපු යූල්වත් අල්ලන් ජන්කුක් ඇතුලට ගියේ ග්‍රැනීගෙන් ගුටි කන්නම බලන්.... ජන්කුක් ඇතුලට යනකොටත් පුටුවක ඉදන් හිටපු ග්‍රැනී ගාව දනගහන් හිටපු ටේහ්‍යොන්ග් ග්‍රැනීගේ අතේ තිබ්බ අවානෙන්ම ගුටි කනකොට ජන්කුකුත් ගිහින් එහා පැත්තෙන් දනගහන් ග්‍රැනීගේ ඔඩොක්කෙන් ඔලුව තියාගත්තා... ජන්කුක්ටත් අවාන අකුලලා පාරක් හම්බුනත් ටේහ්‍යොන්ග්ට වගේ නැතුව එක පාරෙන් ඒක නතර උනා...
"උබලා දෙන්නා මේ මන් බලන්න කොච්චර දවස් ආවේ නැද්ද... ආහ්... මම මැරුනාමද එන්න හිටියේ..."
"අ..අනේ ග්‍රැනී අපිට සමාවෙන්න... මැරෙන කතා කියන්න එපා..."
"අනේ කෙල්ලේ..මන් කියන එක අහන්නකෝ..."
ටේහ්‍යොන්ග් ග්‍රැනීගේ නිකටින් අල්ලගත්තම ආයෙත් පාරක් අවාන අකුලලා ග්‍රැනී දුන්න ටේහ්‍යොන්ගේ අතට...
"එහාට යන්න දෙන්නම.. දෙන්නම... මට කතාවක් නෑ.."
ග්‍රැනී කදුලු පිහන් කිව්වේ ජන්කුක් ටේහ්‍යොන්ග් දෙන්නම මූනට මූන බලන් ටිකක් එහාට පස්සට වෙනකොට.. යූල් දුවන් ගිහින් ග්‍රැනීගේ ඔඩොක්කෙට නැග්ගාම , ටික්කින් ජන්කුක් බලාගෙන වටේ පිටේ ඔක්කොම දේවල් වලටත් රව රව ගුකී එනවා මල් ඔටුන්නකුත් ඔලුවේ ගහන්, කෙල්ලෝ ටික හොදට ගුකීව හුරතල් කරලා වගේ...
"පොඩි බේබි, චූටි බේබි.. එන්න තේ බොන්න යන්න..."
මේඩ් කෙනෙක් ඇවිත් කතා කරනකොට දනගහන් හිටපු දෙන්නම ග්‍රැනී දිහා බැලුවා..ගුකී මේ ඩිංගට ග්‍රැනීගේ ඔඩොක්කෙන් යූල්ව එලවලා උඩට නැගන්...
"මේ දෙන්නට වතුර උගුරක් නෑ.. මගේ පුන්චි කොල්ලෝ දෙන්නට කිරි හදන්න..."
"ප්ලීස් ග්‍රැනී..."
ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම් හිටියේ ග්‍රැනී දිහා බලන්.. ග්‍රැනී ලොකු හුස්මක් පාත දැම්මා...
"එහෙනම් මන් කියන් ඕන දේකට කැමති වෙන්න ඕනේ... "
"හරි, ඕනම දෙයක් ග්‍රැනී ප්ලීස්..."
"එහෙනම් ලෑස්ති වෙන්න මැරි කරන්න..."
"මොහ්.."
"මොකක්..."
දෙන්නම් නැගිට්ටා ඉන්න තැනින්... මේ හදිසියේ මැරේජ් එකක්... අනික මේ යූල් ගුකී දෙන්නම ඉද්දි....
"ඇයි..මොකද බැරිද... එහෙනම්...
"නෑ..නෑ.. ග්‍රැනී අපි කැමති..."
"ජන්කුක්...."
ජන්කුක් ඉක්මනට කැමතියි කියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක් ගෑවේ ජන්කුක් රවලා බලනකොට...
"කැහ්..කැහ්..මගේ අන්තිම කාලේ ලන් වෙලා.. මගේ ලමයින්ගේ කසාදයක්වත් බලන් නැතුවයි මට මැරිලා යන්න වෙන්නේ..."
ග්‍රැනී මාරන්තික විදියට කහිනකොට ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම් ග්‍රැනීව අල්ලගත්තේ පපුව අතගාන ගමන්...
"හරි ග්‍රැනී..අපි කැමති... කෝ මගේ කෙල්ලගේ බේත්... බිව්වද..."
"කැහ්..කැහ්... එහෙනම් රෑ වෙනකොට ලෑස්ති වෙන්න..
"මොකක් රෑ වෙන....
"කැහ්..කැහ්.. අප්පේ.....
"හරි හරි ග්‍රැනී රෑ වෙනකොට ලෑස්ති වෙන්නම්...."
ටේහ්‍යොන්ග් අන්තිමට එකග වෙනකොට ග්‍රැනී උගුරත් අත්ගාලා අර ඇස් අග තිබ්බ බොරු කදුලු බින්දුවත් ශේප් එකේ පිහලා දැම්මා...
"කොල්ලනේ, එලියට එන්න..."
හෙන ජවයෙන් ග්‍රැනී කෑ ගැහුවම් ඇතුලේ ඉදන් සෙට් එකක්ම එලියට් ආවා...
මාක්, යුන්ගි, එතකොට ජින් හ්‍යුන්ග්, නම්ජූන් හ්‍යුන්ග්, කම්පැනි එකේ උඩ පෝස්ට් වල කීප දෙනෙක්ම, මැක්ස් ඔක්කොමලම... අඩුම කිම් මැන්ශන් එකේ හිටපු ජන්කුක්ගේ නූනා.. එයත්.. ජන්කුක්ට එක පාරටම අදුරගන්නත් බැරි උනා... ග්‍රැනී ඔක්කොම ප්ලෑන් කරලා....
අන්තිමට ජන්කුක්ටයි ටේහ්යොන්ග්ටයි උනේ ඒ ලොකු වත්තෙම වෙඩින් එකට ලෑස්ති වෙන්න.. එවෙලේ දැනුම් දුන්න විතරයි මෙච්චර් වෙලා හිස් වෙලා තිබ්බ මුලු ගෙදරම පිරිලා ගියා... ලොකු වාහන දෙකක් ඇවිත් මුලු වත්තම පොඩි බල්බ් වැල් හැමතැනම යවලා සරසනකොට , තව කට්ටියක් ලොකූ දිගම දිග මේසය්ක් ලෑස්ති කරා.... අර ලොකූ ගහ යටම වෙඩින් අල්තාර් එක හදන්න පටන් ගත්තේ ෆ්‍රෙශ් මල් ගොඩකින්... ටිකෙන් ටික රෑ වෙනවා මේ වෙන මුකුත් හිතාගන්න බෑ දෙන්නටම.. එයාලට එයාලගේ සතුට ලැබුනම ආයෙත් ඒකට අමුතුවෙන් එකතු වෙන්න ඕන උනේ නෑ.. ඒ උනත් හැමෝම ඒක ලෑස්ති කරලා..
දැන් ඉතින් ආයෙත් යූල් ගුකී ගැන වද වෙන්න ඕන නෑ මොකද එයාලට දැන් අල්ල ගන්න ඕනතරම් අන්කල්ලා ඉන්නවා...
යුන්ගි ගිහින් සෝෆා එකෙන් හෙන මහන්සියෙන් වාඩි වෙනකොටම ටේහ්‍යොන්ග් ගිහින් ගුකීව යුන්ගිගේ ඔඩොක්කෙන් තිබ්බා...
"මම මේ රටේ ජනාධිපති උනත් තෝ මට ලමයෙක් දීලා බලාගන්න කියනවා ඒක නම් ශුවර්..."
යුන්ගි මැද ඇගිල්ල පෙන්නලා ටේහ්‍යොන්ග්ට බයිනකොට පිටිපස්සෙන් ආපු මාක් යුන්ගිගේ ඔලුවට ටෝං ගාලා පාරක් ගැහුවා...
"තමුන් ජනාධිපති නෙවෙයි අධිරාජ්‍යා උනත් මන් කියන දේ අහන්න ඕනේ එච්චරයි..."
කොන්ඩෙත් පොඩ්ඩක් ගස්සලා යුන්ගි ගාවින්ම වාඩි වෙලා මාක් ගුකීව අතට ගත්තම ගුකී දෙන්නටම රවලා බිමට පැනලා දුවගෙන දුවගෙන ගියා...
යුන්ගි දැන් ආයෙත් පොලිටික්ස් පටන් අරන්... කලින් නොකරත් ඩෑඩ්ගේ වැඩ වලට උදව් කරා යුන්ගි, අර සිද්ධි වලින් පස්සේ මිස්ටර් මින් තනතුරෙන් ඉල්ලා අස් වෙලා උසාවියට භාර උන එකත් ලොකු හිට් එකක් උනා.. ඒක්නුත් මින් ෆැමිලි එක ගැන කතා උනා.. පස්සේ කාලෙක ඔය දේවල් මගෑරිලා යනකොට ආරාධනා පිටම යුන්ගි පොලිටික්ස් වලට ගියා, මොකද ඒක පවුලෙන්ම එන දෙයක්, මේ වෙනකොට මින් යුන්ගි කියන්නේ හැමෝම දන්න තරුන නායකයෙක්, විශේෂම දේ යුන්ගි වෙනස් කෙලින් වැඩ කතාව ඒ හැම වැඩක්ම පිටිපස්සෙන් හිටියේ මාක් කිව්වොත් හරි , දැන් මාක් ඇමති ආර්යාව වගේ, මිනිස්සුන්ට පුදුම විදියට උදව් කරන්නේ, යුන්ගි කියලත් නෙවෙයි මොන විදියට හැසිරුනත් පැත්තකින් හොද හදවත් තියන මිනිස්සු ප්‍රසිද්ධියක් බලාගෙනත් නෙවෙයි.. ඉතින් මාක් අර කලින් ඩෑඩ්ලා අතින් උන වැරදි වලට ඇති උන පහත් හැගීම් මකා ගන්නයි ඒ හැම සල්ලියකින්ම මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තේ.. දැන හෝ නොදැන ඒකේ හොද නම යන්නේ යුන්ගිට..ඉතින් එහෙම කපල් එකක් මාක් යුන්ගි කියන්නේ... ඒ මොනා උනත් වැඩක් නෑ මාක්ට බයවෙන්න ඕනේ යුන්ගි , එච්චරයි...
නම්ජූන් ජින් දෙන්නා එලියේ වැඩ ගැන බලන්වා, ජින් ඔක්කොම කෑම ගැන බලන්වා ඇතුලට ඇහෙනවා එලියේ මේන් ඩෝ එක ගාවම තිබ්බ ලොකු ලී පුටුවක වාඩි වෙලා ග්‍රැනී මේ හැමදෙයක්ම දිහා ලස්සන හිනාවක් මූනේ තියන් බලන් හිටියා..
ටික්කින් ටේහ්‍යොන්ග් ජන්කුක්වත් එක්කන් එයාලගේ පරන කාමරේට ආවා, මේ වෙනකොටත් දෙන්නට ඇද උඩ ඇදුම් ලෑස්ති කරලා..ජන්කුක්ට නම් අමුතුවෙන් හැඩවෙන්න දෙයක් නෑ කොයි වෙලෙත් රෙඩි පිට ජන්කුක් ඉන්න හින්දා ඒක කෝමත් අවුලක් නෑ...
ටේහ්‍යොන්ග් ජන්කුක්වත් ඇදන් කාමරේට ඇවිත් දොර හයියෙන් වහලා දාලා ජන්කුක්ව ලී දොරට තද කරගෙන ඒ තොල් දෙක අල්ලගත්තේ වේගෙන්... ටේහ්‍යොන්ගේ තොල් දෙක ඉවසිල්ලක් නැතුව ජන්කුක්ගේ තොල් අස්සේ යනකොට ජන්කුක්ගේ අත් දෙක ඉබේම ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට එතුනා...
"හ..හ්‍යුන්ග්... "
"ම්ම්හ්..කූ..."
ජන්කුක්ගේ කකුල් දෙක යටින් අත් දෙක දාලා ටේහ්‍යොන්ග් ජන්කුක්ව වඩාගත්තාම ජන්කුක් ටේහ්‍යොන්ගේ ඉන වටේ කකුල් පටලන් හයියෙන් අල්ලගත්තා... ටේහ්යින්ග් ජන්කුක්ව කිස් කරන ගමන්ම වඩන් ආවේ කාමරේ තිබ්බ මේසේ උඩට... ජන්කුක්ව මේසේ උඩින් තියලා තව ටිකක් ලන් කරගන්න ගමන්ම තදට සිපගත්තු ටේහ්‍යොන්ග් හයියෙන් හුස්මගන්න ජන්කුක්ගේ තොල් දෙක අතෑරියා. අතෑරලා නලලට නලල තද කරලා ජන්කුක්ගේ බෝල ඇස් දිහා බලලා ආයෙත් පාරක් ජන්කුක්ව තදට බදාගෙන ජන්කුක්ගේ උරහිසෙන් නිකට තියාගත්තේ මේ පොඩි එකා වගේ හැසිරෙන ටේහ්‍යොන්ග්ව ආපිට ජන්කුක් වැලදගෙන කෙස් අතරින් ඇගිලිතුඩු යවනකොට... ටේහ්‍යොන්ග්ට ගොඩාක් සතුටු හිතිලා වගේ ඒකයි මෙහෙම හැසිරෙන්න, බලාපොරිත්තු නොවුනු ලස්සන දේවල් වෙනකොට කවුද අකමැති...
"ආදරෙයි...."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුලක් පිපගෙන එහෙම කිව්වම ජන්කුක් ටේහ්‍යොන්ගේ නහය මිරිකලා ඈතට කරා..
"පස්සේ කියන්න තියන දේවල් දැන් කියන්න එපා...."
"මට ඒකට වෙලාවක් ඕන නෑ.. හරිද... දැන් ලෑස්ති වෙමු.. අර ඇදුම් ගාන්ට තියනවද දන් නෑ ඔයාගේ ගානනම් කම්පැනි එකෙන් හරි ගත්තෑකි මට කැතට අරන් තිබ්බොත් තමයි මන් මුන් ගැන බලාගන්නේ.."
ටේහ්‍යොන්ග් කිව්වේ ඇද උඩ දාලා තියන කලු පාට කිට් දෙක දිහා බලන ගමන්...
"මේවා මෙහෙම උනාට කමක් නෑ නේද හ්‍යුන්ග්.. හදිසි වැඩි නෑනේ..."
ජන්කුක් හෙමීට ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක්ටම එහා පැත්තෙන් මේසෙට හේත්තු උනා, හේත්තු වෙලා අතක අත පටලන් හොද හුස්මක් ගත්තා..
"අපේ ජීවිතේ අපි කරපු කිසිම දෙයක් ප්ලෑන් කරලා කරපු දේවල් නෙවෙයි කූ.. මතකනේ ඔයාට.. මේකත් අපි ප්ලෑන් කරේ නැති උනාට අවුලක් වෙන එකක් නෑ අඩුම විශ්වාස කරන්න පුලුවන් කීප දෙනෙක් හරි අපි වටේ ඉන්නවා...ම්ම්"
"හ්ම්ම්..ඔයා හරි... යන්..කෝ වොශ් එකක් දාන් එන්න..."
"යන් ..යන් ඔයත් යන්... "
"නෑ නෑ අද මන් ඕක ඇතුලට ගිහින් එලියට එන්න නෙවෙයි.. අයින් වෙන්න..."
කොහොම හරි ජන්කුක්වත් ඇද ඇතුලට යන්න හදපු ටේහ්‍යොන්ග්ව එලවලා ජන්කුක් ග්‍රැනීගේ කාමරේට ඇදුම් ටිකත් අරන් ගියා...
සැලකිය යුතු තරම් වෙලාවක් යනකොට ජන්කුක් ලෑස්ති වෙලා ආයෙත් කාමරේට ආවා.. එනකොට ටේහ්‍යොන්ග් සුදු පාට ශර්ට් එකේ බට්න් දානවා...
"ලස්සනයි... "
ජන්කුක් දිහා බලලා ටේහ්‍යොන්ග් කරපු වැඩෙත් නවත්තලා එහෙම කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ බට්න් ටික දාගෙන ගියේ ටේහ්‍යොන්ගේ බැල්මට කම්මුල් දෙකත් රතු කරගන්න ගමන්... කලින් කිස් කරපු නිසා ජන්කුක්ගේ තොල් දෙක රතු වෙලා චුට්ටක් ඉදිමිලා... අන්තිමට දෙන්නම ලෑස්ති වෙලා ජන්කුක් ටේහ්‍යොන්ග්වත් ඉන්දන් සිම්පල් මේකප් එකක් දාලා ඉවර කරා....
ජන්කුක් කන්නාඩිය පැත්තට හැරිලා ඇදුමේ අඩුපාඩු හදනකොට ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් ජන්කුක්ව හග් කරන් මොකක් හරි ජන්කුක්ගේ අතට දුන්නා..
"හ..හයුන්ග්..."
ජන්කුක්ට වචනත් ගොත ගැහෙන්න ආවා... ඒ.. එයාගෙ දුඹුරු පාට ඩයරිය.. අම්මගේන් එයාට හම්බුන එකම දේ.. මේක මෙච්චර කාලයක් ටේහ්‍යොන්ග් ගාව ඇතියි කියලා ජන්කුක් විශ්වාස කරේ නෑ , ජන්කුක් හිතුවේ තමන්ගේ නොසැලකිල්ල හින්දම මේක නැති කරගත්තා කියලා...
"ඔයාගේ හීනේ, ඔයාගේ ඔම්මගේ හීනේ... "
"හ්‍යුන්ග්..."
"ම්ම්..මම ඒක කියෙව්ව දවසෙමයි මගේම දෙයක් පටන් ගන්න උවමනාවෙන් පටන් ගත්තේ.. මට ඕනේ උනේ මගේ එකම මොඩ්ල් ඔයා කරන්න, ඒ උනාට ඔයාව මගේ කරගන්න අපිට දුරගමනක් යන්න උනා.. ඒ උනාට අද ඉන්න තැන ගැන මන් හදවතින්ම සතුටු වෙනවා..."
"දෙ..දෙවියනේ..."
ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවෙන් ඔලුව හේත්තු කරගත්තාම ටේහ්‍යොන්ග් ජන්කුක්ව තව ටිකක් තද කරගත්තා...
"ඔයා බලාපොරොත්තු උනා වගේම අපේ චන්ඩියා හොදට ඉන්නවා, දැන් අපිට තව චන්ඩියෙක් ඉන්නවා... මට ඔයාලා හැමෝම ඉන්නවා... වෙන මොන දේවත් මට දැන් වැඩක් නෑ.. හැමදාමත් මන් බලන් හිටපු අපි දෙන්නටම අහිමි උන පවුල කියන හැගීම දැන් අපි විදිනවා... ඒ හොදටම ඇති මට.."
ජන්කුක් එයාගේ කදුලු වැටෙන එක වලක්වන ගමන් ටේහ්‍යොන්ගේ අතක් හිමින් පිරිමැද්දා....
"මමා.. ඩඩා...කූ උයාලා.... "
"ඩඩා අපි එන්නද...."
දොරෙන් එලියෙන් ගුකී කෑ ගහනකොට යූල් එන්නද ඇහුවේ ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම එකටම හිනා වෙනකොට..
"එන්න දොර ඇරලා තියෙන්නේ...."
යූල් ගුකීවත් අල්ලන් එතකොට දොර ඇරන් ආවා.. යූල් ඇත්තටම දැන් ලොකු වෙලා, මමා ඩඩා නැති වෙලාවට මල්ලිව බලාගන්න තරම්...
"ඒක දැන් තවත් සම්පූර්නයි..."
ජන්කුක්ගේ කනකට මුමුනලා ටේහ්‍යොන්ග් අත් දෙකටම දෙන්නම වඩා ගත්තම ජන්කුක් දෙන්නගෙම කම්මුලෙන් හාද්ද ගානේ තියලා ඩඩාගේ කම්මුලත් ඉම්බා...
" ඩඩා.. මමා අද ගොඩාක් ලස්සනයි...."
"මමා මම වගේ හින්දා ගුඩාක් ලස්සනයි තමා..."
ගුකී මැදින් පැන්නම කට්ටියම එලියට ගියා.. මේ වෙනකොට ඔක්කොම ලයිට්ස් පත්තු කරලා.. කලින් හිටියේ නැති සෙනගකුත් හිටියා... ඉස්සරහ දොරෙන් එලියට එනකොටම මාක් යුන්ගි දෙන්න ඇවිත් යූල්වයි ගුකීවයි අත් වලින් ගත්තා...
ජන්කුක් බයෙන් වගේ වටේම බලලා ටේහ්‍යොන්ග්ට ලන් උනාම ටේහෙයොන්ග් ජන්කුක්ගේ අත අල්ලගත්තා...
ජන්කුක්ට මතක් උනේ එදා හැමෝටම රෑ මෙහෙම එලියේ තිබ්බ පාටිය... එදා කවදාවත් මෙහෙම දෙයක් හිතන් හිටියේ නෑනේ...
"ශ්ශ්ශ්ස්... මන් පරක්කුද..."
දෙපාරක් බලන්න ඕන උනෙත් නෑ ඒ කටහඩ අදුරගන්න... දුවන් ආපු ජිමින් ජන්කුක්ව පැනලා බදාගත්තේ ජන්කුක් පොඩ්ඩක් පිටිපස්සට විසික් වෙනකොට...
"ජිමින්.. ඔයා එහෙනම් ආවා.."
"නැත්නම්.. ඔයාගේ වෙඩින් එකට එන් නැතුව මේ බස්සගේ එකට එන්නද..."
"ඒයි කොට යාලුවා, මේක මගේ වෙඩින් එක තමයි.. එහාට වෙනවා..."
ටේහ්‍යොන්ග් ජිමින්ව එහාට කරාම ජිමින් ටේහ්‍යොන්ග්ට ඇද කරලා ජන්කුක්ගේ අතින් අල්ලගත්තා.. ඒත් පිටිපස්සෙන් ආපු කෙනා කවුරුත් දැක්කේ නෑ.. ටේහ්‍යොන්ගේ වගේම ජන්කුක්ගේ ඇස් දෙකත් පුදුමෙන් ලොකු උනා..
"රි..රියා..."
ටෙහෙයොන්ග් ජන්කුක්ව ලගට ඇද ගත්තම දෙන්නගෙම මූනු දිහා බැලුව ජිමින් ගිහින් රියාගේ කර වටෙන් අත දාලා ලගට ගත්තා...
"අදුරගන්න, මගේ ෆියොන්සේ, ඕන්නම් මිසිස් පාර්ක් කියන්නත් පුලුවන් ඔයාලට..."
"සුබ පැතුම් දෙන්නටම මගෙන්.. අන්තිමට එහෙනම් අපි ආයෙත් හම්බුනා..."
රියා ජන්කුක්ගෙයි ටෙහ්යොන්ගෙයි අත් දෙකම අල්ලන් ආදරෙන් හිනා වෙලා කිව්වේ ටිකක් එහායින් එයාලා දිහා බලන් ඉන්න යූල් දිහත් බලලා..
"බය වෙන්න එපා.. මම ලන් වෙන් නෑ එයාට..."
ජන්කුක්ගේ කනට කරලා එහෙම කිව්ව රියා ජන්කුක්ගේ අතට මල් පොකුරක් දීලා හග් කරලා ටේහ්‍යොන්ගේ අත අල්ලලා හොලවලා එහාට උනාම ජිමින් ජන්කුක්ට සේරම හරි කියන්න වගේ ඔලුව හෙලෙව්වා..
ඊට පස්සේ උදා උනේ වැදගත්ම තැන, එයාලට එයාලගේ යාලුවෝ විතරයි, ජන්කුක්ව එක පැත්තකින් ජිමිනුයි මාකුයි එක්කන් එනකොට ටේහ්‍යොන්ග් යුන්ගියි එක්ක ආවා... ග්‍රැනී ඉස්සරහින්ම ඉදන් හිනා වෙවී බලන් හිටියේ හරිම සතුටින්.. පුන්චි මල් කුමාරයා මුදු ගෙනත් දෙනකොට හැමෝම අත්පුඩි ගැහුවා.. අන්තිමට හැමදේම් ඉවර වෙලා එයාලා සිප ගන්නකොට ඔක්කොටම වඩා උද්දාමයට පත් වෙලා හිටිය යූලුයි ගුකීයි අලතාරේ උඩට පැනලා මමයි ඩඩායි අස්සෙන් රිංගුවා...
පැත්තකින් එදා වගේම ග්‍රැනීගේ ස්ලෝ වයිබ් එකේ ග්රැමර්ෆෝන් එක ප්ලේ වෙනකොට තනකොල ගොල්ලේ හැමෝම නැටුවා, දිගම දිග කෑම මේසේ හැමෝම කෑම ගත්තා.. හරියට ලොකුම ලොකු පවුලක් වගේ... ලොකු පවුලක් ඒක.... එදා චූටියට හිටිය පොඩ්ඩො ටික එදා වගේම වටේ ඉදන් හිටියත් අද එයාලා ගොඩාක් ලොකුයි, හැමෝම වෙනස් වෙලා, ග්‍රැනී වයසට ගිහින්, මාක් යුන්ගි පරිනත වෙලා ජිමින් රියා අලුත් ජීවිත පටන් අරන් , ටේහ්‍යොන්ග් ජන්කුක් යූල් ගුකී වෙනමම අලුත් ජීවිත වලට ආවඩනවා, ඒත් ඒ හැමෝගෙම හිත් වල ආදරේ සුහදකම් එහෙමමයි.. නැට්ට උස්සන් එහෙ මෙහෙ යන බාම්, එදා පාරේ ඉදන් උස්සන් ගිහින් බැනුම් අහපු හැටි ටේහ්‍යොන්ගෙන්, යූල් හම්බෙන්න දුක් වින්ද විදිය, කිම් මැන්ශන් එකේ ගෙවුන ජීවිතය ඒ ඔක්කොම හැමදේම ආශිර්වාදයක් අත්දැකීමක් ආදරනීය කටුක මතකයක්...
"හනිමූන් එකෙන්ම ජීවිතේ පටන් ගත්ත උබලට ආයෙත් ඉතින් අමුතුවෙන් හනිමූන් යන්න ඕන නෑනේ... "
ටේහ්යොන්ග්නුයි ජන්කුකුයි ගාවට ආපු යුන්ගි කින්ඩියට කියනකොට ජන්කුක් මූනත් රතු කරන් ටේහ්‍යොන්ගේ පිටිපස්සට උනා..
"එහාට පලයන්... යූල් කෝ එයා රියාව අදුරගත්තද..මොකද අර මාක් ජිමින් එක්ක බැනගන්නේ..."
"යූල්ට රියාව එහමම මතකයක් නෑ , ගානක් නෑ වගේ, අනිත් දෙන්න ගැනනම් කතා කරන්න එපා එදා ඔය මනුස්සයව මන් ක්ලබ් එකේදි වැටෙන්න ගිහින් අල්ලගත්තට තාමත් ඔය බයින්නේ.. බලපන් අවුරුදු කීයක්ද යකෝ තාම මතකයිනේ මේ මනුස්සයට ඕක.. හිටපු ගමන් මාත් බැනුම් අහන එකේ අරුත් අහගත්තු දෙන් ඇයි රෙද්ද..."
යුන්ගි ජිමින්ටයි මාක්ටයි බැනලා බැනලා ඈනුමක් ඇරලා ගිහින් පුටුවක් උඩින් වාඩි වෙලා ඇස් දෙක පියාගත්තා..
"මුන් දෙන්නා කවදාවත් හදන්න බෑ බබා... "
අන්තිමට ඒ වෙඩින් එක ඉවර උනා.. කවදාවත් ජීවිතේට මේ තරම් සිම්පල් ආදරනීය වෙඩින් එකක් ගන්න හිතුවේ නෑ කවුරුත්ම... එ උනාට හැමදාමත් වගේ කලබලෙන් ඒක උනා...
උදේ වෙනකන් ග්‍රැනීගේ ගෙදර හිටපු හතර දෙනා උදේම පිටත් උනා...කොහෙද කිව්වේ නැතත් කට්ටියම උදේ ආයෙත් රෙස්ටොරන්ට් එක්කින් නවත්තලා කෑමත් අරන් තව බඩු ටික්කුත් අරන් ආවා...
සෑහෙන වෙලාවකින් ටේහ්‍යොන්ග් ඇතුල් පාරක වාහනේ හරවලා අරන් ගිහින් නැවැත්තුවා...
මේ පුරුදුම පුරුදු පරිසරේ ජන්කුක්ට කොහේ අමතක වෙන්නද... නිදන් ඉන්න යූල්වයි ගුකීවත් වාහනේම තියලා ජන්කුක් ඉස්සල්ලම එලියට පැන්නා... ටේහ්‍යොන්ග් බැහැලා බාම්ට දම්වැල දාලා අර පොඩි කොට ගේට්ටුව ඇරන් ගිහින් බාම්ව බැදලා ආයෙත් ඇවිත් අර දෙන්නව එලියට ගත්තා...
අර වැස්ස දවසේ ටේහ්‍යොන්ග් එක්ක කෑ ගහගත්ත කොට තාප්පේ , නිතර එයා අර මුල් කාලේ ගිය අතුරු පාර සමහර දේවල් වෙනස් වෙලා තිබ්බත් ගොඩාක් දේවල් තාමත් ඒ වගේ..
"අපි පොරොන්දු උනා ආයෙත් දවසක තුන් දෙනාම එමුයි කියලා... අද තමයි හොදම දවස් ඒක ඉශ්ට කරන්න.."
ජන්කුක් පොඩි එකෙක් වගේ උඩ පැන පැන ඇවිත් ටේහ්‍යොන්ගේ ඇගට පැන්නේ අර දෙන්න කට ඇරන් බලන් ඉද්දි...
"අනේ හ්‍යුන්ග්..."
"යන්න ගිහින් දොර අරින්න..."
සාක්කුවෙන් යතුර අරන් ජන්කුක්ගේ අතින් තියලා ටේහ්‍යොන්ග් ජන්කුක්ව තල්ලු කරන් අර දෙනත් එක්ක ආවා... ජන්කුක් අර එයාගේ පුන්චි ගෙදර පුන්චි දොර ඇරියා.. ඒ විදියමයි, හොද පිරිසිදුයි අනිවාරෙන් ටේහ්‍යොන්ග් මේක බලාගන්න ඇති...
"මන් ඕනතරම් මෙතෙන්ට ඇවිත් පරන දවස් මතක් කරන්න ඇති ඒ කාලේ... "
එයාලගේ පුන්චි ගෙදර, ගෙදරක් පවුලක් කියන දේ හරියටම පලවෙනි වතාවට දැනුනු තැන , ලස්සන තීරන ගත්තු එයාලගේ පුන්චි ගෙදර, එදා වගේ අද ඒ පොරොන්දුව ඉශ්ට කරන්න එයාලා ඇවිත්,
ගෙනාපු බඩු ටික එහෙන් මෙහෙන් තියලා පරන වගේම අර ටේහ්‍යොන් කැම්ති ජන්කුක්ගේ කිරි කෝප්පේ හදපු ජන්කුක් එයාගේ ඇදේ නිදන් ඉන්න යූල් ගුකී දිහා බලලා ඇවිත් සෝෆා එකේ ටේහ්‍යොන්ග් අස්සට ගුලි උනා.. ගුලි වෙලා ටේහ්‍යොන්ග් අතට කෝප්පෙ දීලා ටේහ්‍යොන්ගේ පපුවට හාද්දකුත් දීලා පපුවෙන් නිකට තියලා ටේහ්‍යොන්ගේ මූන දිහා බැලුවා..
'ආදරෙයි හ්‍යුන්ග්...."
"මමත්................ කියන්න බැරි තරම්..ම්ම්..."
.
.
.
අවසානය කුමක් වුවත්...
කී ලෙස කුමක් වුවත්...
ඔහුයි විසඳුම සහ ගැටලුව...
ඇයි ඔහුම.........«------•
නැවත කිසි දිනෙක එම පැනය නොඇසේවි... මන්ද එය ඔවුන්ගේම කතාවක්... අවසානයේත් ඔහුයි ආදරනීය විසදුම....!
.
.
|----------------𝐓𝐇𝐄 𝐄𝐍𝐃--------------|
••***********************************••
____________________________Dark_Sunshiner🤍🥀
එහෙනම්... අදින් Why Him....¡ කතාව ඉවරයි....
මුල ඉදන්ම කතාව එක්ක ඉදලා සපෝට් කරපු හැමෝටම, වොට් කරපු කමෙන්ට් කරපු කතාව ඉල්ලපු ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.... ටිකක් කල් ගියත් කතාව ඉවර වෙන්න මේක කම්ප්ලීට් කරගන්න මට හම්බුන එකට සතුටුයි...🫶🍂
ඉතින් හැමදාමත් වගේ ඔයාලට දැනුනු , හිතුනු දෙයක් මට කියන් යන්න.. මන් ඒකට ගොඩාක් කැමතියි...🌙🌼
මොනා හරි අහන්න තියනවා නම් අහන් යන්න.. අහ් අන්තිම chapter එකේ ජන්කුක්ගේ ඇගේ ඇනුනේ අර ගුකී බබා එක්ක හොරෙන් තියන් ඉන්න පිස්තෝලේ තමයි.. එදත් ලීව හම්බෙන්න ගියේ එහෙමයි...😂❤️
images ටිකක් වැඩියිද.. ඒ උනාට කතාවට එකතු කරපු ඔක්කොම දාන්න ඕන උනත් ඉඩ මදිනේ.... පහල ටිකත් බලන්නෝ...
Yool & Guki....🍁🌙
පුංචි මල් කුමාරයා....🥹🌸
With yool...❤
A Beach Date...♥️🔥🌹
Mark & Yoongi..🔥❤
Namjoon & Jin...🌼🌙
Jimin & Riya..💓🌸
lovɘ YoU All..♥️🌹🌙
ᎶᎾᎾⅅ ℬᎽℰ...♥️🥀
2024/02/01
Bạn đang đọc truyện trên: AzTruyen.Top