|55|
"අයිගෝ මගේ මැනික..."
ජන්කුක් වාහනෙන් බහිනකොටම දොර ගාව ඉදන් පැන පැන ආපු යූල්ව අල්ලන් වඩා ගත්තේ කම්මුල එබෙන්න හාද්දකුත් දෙන ගමන්...
"කූ..."
ඒත් එක්කම එලියට ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටේ අතක් යවලා තුරුල් කරගත්තේ යූල් මූන උල් කරන් ටේහ්‍යොන්ගේ කොලර් එකෙන් අල්ලගන්නකොට...
"ඇයි හ්‍යුන්ග් මෙයා මූන දෙක කරන්.. මගේ මැනික කෑවේ නැද්ද..."
"නානේ, බෝල අන්තල් කමු කිව්වම ඩඩා කීවා මමා එනකන් ඉමු කීලා..."
ටේහ්‍යොන්ග් ඔලුව පිටිපස්ස කහ කහ පොඩ්ඩක් පිටිපස්සට උනේ ජන්කුක්ගෙන් ප්‍රහාර එල්ල වෙන්න කලින්..
"බොරු කූ කියන්නේ , මෙ ටික්කට කලිනුත් යුන්ගි එක්ක සැලඩ් එකක් කෑවේ යුන්ගි ගියා වොශ් දාන්න... "
ටේහ්‍යොන්ග් යූල්ගේ නහය මිරිකලා එහෙමම ජන්කුක්වත් එක්කන් ඇතුලට ගියේ මේ වෙනකොටත් මාක් ඇතුලට ගිය හින්දා...
"ජිමිනි එනවා කිව්වද දැන්, මේ යුන්ගි හ්යුන්ගේ මැන්ශන් එකද..."
"හ්ම්ම්..ජිමින් එයි දැන් මන් ලොකේශන් දැම්මා.. යුන්ගිගේ තමයි...."
"බහිල්ල..ඕන මමා.. යූල් බබාත බහිල්ල ඕන..."
ජන්කුක්ගේ ශර්ට් එක අල්ලන් මාක්ගේ සද්දේ කිචන් එක පැත්තෙන් ඇහෙනකොට යූල් බැහැලා දුවගෙන ගියෙත් උඩත් පැන පැන කිචන් එක පැත්තට...
"හේයි..."
පිටිපස්සේ දොරෙන් ජිමින්ගේ සද්දේ ඇහුනම ජන්කුක් ටේහ්‍යොන්ග් දෙන්නම හැරුනා...
"come..come.. did you have your lunch...?"
"no..not yet...."
ජිමින් බෑග් එක සෝෆා එකට අතෑරලා පිට කෝට් එක ගලවලා එතන්ටම දැම්මා...
"ඒනම් හොද වෙලාව අපිත් ටිකක් ලේට්...යන්..."
ටික්කින් ඔක්කොම ලන්ච් එක ගන්නකොට ආයේ කෑවේ නැති ජන්කුක් යූල්ට කැව්වා... වෙනදට කන්න හොර යූල් අපූරුවට ජන්කුක් ඒවා මේවා දාලා උදේ හදපු කෑම එක කන්න ගත්තේ කට්ටියම බලන් ඉන්නකොට...
"මේ වෙනකොට මේ ටික නෑ කියලා දැනගෙන ඇත්ද..."
ජිමින් ඇහුවේ පෙන් එකක් ලැප් එකට කනෙක්ට් කරන ගමන්...
"සමහරවිට.. කියන්න බෑ.. අපි එනකොටත් ඇවිත් නෑ... අනික අපි එලියේ මුකුත් ඇවිස්සුවේ නෑ ලීට හොද මීටරයක් ඇති ඒ උනාට... හොයාගනී ඉක්මනටම..."
"ෆයිල් එක වැඩියි... අනිවාරෙන් වීඩියෝස් ඇත්තේ... තව ටික්කින් ලින්ක් එකක් හම්බෙනවා ඒකෙන් පාස්වර්ඩ් කඩමු.... මොකක්ද පොටෝ සීන් එක..."
ජිමින් පුටුවෙම කැරකෙනකොට වටේට ඉදන් හිටපු සෙට් එක ආයෙත් පුටු වලට හේත්තු උනා..යූල් ජන්කුක්ගේ ශර්ට් එක අස්සට අතකුත් දාන් ඇගිල්ලකුත් කටේ ගහන් නිදි ඔඩොක්කෙට වෙලා... යුන්ගි ෆයිල් එකක් ඇදලා මේසේ උඩට අතෑරියා...
"යෙස්... ජන්කුක් අපි දැක්ක පොටෝ එකමයි... ඒ කියන්නේ ලී කියන්නේ ලීට ෆැමිලි එකක් ඉන්නවා... "
ෆයිල් එකේ උඩින්ම තිබ්බ ෆැමිලි ෆොටෝ එකයි පෝන් එකෙන් කැබින් එකේ ගහපු පොටෝ එකයි පෙන්නලා මාක් කියනකොට යුන්ගි අනිත් කොල ටිකත් ඇදලා මාක්ගේ අතින් තිබ්බා...
"w..what...? යුන්ගි වයිෆුයි පුතයි දෙන්නම නැති වෙලාද... "
මාක්ගේ අතින් කොලේ අතෑරුනේ ඒ කොලේ ටේහ්‍යොන්ග් උදුරන් බලනකොට..පොඩි කාලේ ඉදන් දන්නවා උනත් අඩුම ලීට ලමයෙක් ඉන්නවා කියලාවත් ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ....
"වයිෆ් නැති වෙලා තියෙන්නෙ කොයි කාලෙද..."
ජන්කුක් ඇහුවේ ඔඩොක්කේ දිගේ රූටන යූල්ව උඩට උස්සන්...
"දැන් අවුරුදු දහයකටත් වැඩියි..."
යුන්ගි අනිත් කොලෙත් අරන් මාක් අතට දෙන ගමන් උත්තර දුන්නා...
"එතකොට පුතා..."
"පුතා නැති වෙලා මාසයක්වත් නෑ...!"
"මොකක්...!"
"what..!"
කට්ටියටම ඒක ශොක් එකක් උනා.. විශේශයෙන්ම ටේහ්‍යොන්ග්ට , මොකද කිසිම කෙනෙක් ඒක දන්නෙ නැත්තේ ඇයි ඒ...
"මෙතන මොකක් හරි අවුලක් තියනවා හ්‍යුන්ග්.. "
"ශ් , බලන්න... මෙතන ඔක්කොම සී සී ටීවී රෙකෝර්ඩ්ස්..."
ජන්කුක් කතා කරනකොට ජිමින් මුමුනනකොට හැමෝම ලැප් එක ගාවට ලන් උනා...
"මේ ඩෑඩ්ගේ කැබින් එක... ලුක්... මිස්ටර් මින් , ජන්ග් අන්කල් දෙන්නම ඉන්නවා... "
ටේහ්‍යොන්ග් හ්‍යුන්බින්ගේ කැබින් එක අදුරන් කියනකොට ජිමින් ඇරෙන්න අනිත් අයත් ඔලුව වැනුවා...
"වැඩක් නෑ.. වොයිස් රෙකෝඩ් නැතුව මේවා වැඩක් නෑ.. මේවා ලීක් උනොත් කේස් එකක් වෙන්නේ අපේ ප්‍රයිම් මිනිස්ටර්ට විතරයි... "
ජිමින් රෙකෝඩ්ස් ස්කිප් කර කර කිව්වේ යුන්ගි අත මිටි මොලවගන්නකොට...
"මේ වගේ ඒ තුන් දෙනා මීට් වෙන රෙකෝඩ්ස් පවා තියනවා කියන්නේ , මිස්ටර් මින්ටයි , මිස්ටර් ජන්ග්ටයි තියෙන්නෙත් ලොකු රිස්ක් එකක්... "
"උබ කියන්නේ සීක්රට් ප්ලේස් එකේ මොනවා ඇතිද, මේක මිස්ටර් ලීගේ කැබින් එක විතරයි...."
ටේහ්‍යොන්ග් එහෙමම පිටිපස්සේ පුටුවට වැටුනේ ඇගිලි වලින් නලල මිරිකන ගමන්...
එදා අර ගොඩනැගිල්ල ගිනි ගත්ත දවසේ රෙකෝඩ්ස් ටික, හ්‍යුන්බින් කෑ ගහලා පෝන් එක පොලවේ ගහන එක, ජන්ග් පිස්සුවෙන් වගේ ඇවිත් යන එක, මිස්ටර් ලී පෝන් දෙක තුනකින් කෝල් ගන්න විදිය... ඒ ඔක්කොම රෙකෝඩ්ස් වල තිබ්බා...
"ජන්කුක් , ටේහ්‍යොන්ග් දෙන්නම ඇන්සිඩන්ට් උන තැන සී සී ටී වී නෑ, අපිට ගන්නත් බෑ , ඒවා අතුරුදන් , පොලිසියෙන් කේස් එක වහලා... මීට කලින් උබලා තුන් දෙනාගේ අතින් නැති උන ලේඩි, උබලා අදටත් දන් නෑ එදා ඇත්තටම මොකක්ද උනේ කියලා, කෝ කෝ රෙකෝඩ්ස් මේ එක්කවත්, ඒ හෝම් එක අද මිස්ටර් කිම්ගේ... හ්යුන්බිගේ ලමයා නැති උන දවස තමයි හරියටම අර ගින්න ඇති වෙච්ච දවස බට් අද වෙනකන් ඒක ගැන දන්න කෙනෙක් නෑ... "
ජිමින් එකින් එක පෙන්නලා දුන්නෙ එලියට එනගමන්...
"මිස්ටර් ලී කියන්නේ අනිවාරෙන් හොයලා බලන්න ඕනේ කෙනෙක්.. හ්‍යුන්ග් අපි හම්බෙමු එයාව දැන්ම නෙවෙයි වෙලාව ආවම.. මට ලොකු සුවර් එකක් තියනවා දෙයක් ගැන,සැකේකුත් එක්ක, ඒ ගැන තව කල්පනා කරල බලන්න ඕනේ..."
ජන්කුක් යූල්ව කර උඩින් නිදිකරවගන්න ගමන් එලියට බහිනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ සපත්තු දෙකත් අතින් අරන් එයාගේ සපත්තු දෙක දාගත්තා...
"ඕකේ පරිස්සමට යන්න.. ටෙයා ජන්කුක්ව බලාගන්න වෙයි මොකද අද දවසේ ෆොටෝසුත් මිස්ටර් ලීගේ කැබින් එකේ තිබ්බා... උබට මන් ආයේ කියන්න ඕන නෑනේ, ඒ උබේ ඩෑඩ් උනත් මිස්ටර් කිම් මිස්ටර් කිම්මයි.. උබත් එක්කම ජන්කුක් යන එන එක සේෆ්..."
"ම්ම්..අපි ගියා... ජිමින් මෙහෙමම එපාර්ට්මන්ට් එකට යනවද.."
"ඔව්, මට තව පොඩි වැඩ ටිකක් තියන්වා ඒනම් පරිස්සමට යන්න, "
ජන්කුක් ටේහ්‍යොන්ගේ එපාර්ට්මන්ට් එකට මූව් උන හින්දා යූල්ගේ කම්මුලකුත් අතගාලා ජිමින් වාහනේට නැග්ගම ටේහ්‍යොන්ග් ජන්කුක්ට යූල්වත් එක්ක නගින්න උදව් කරලා වාහනේ ස්ටාර්ට් කරා...
"මොනවා හරි මගින් ගන්න තියනවද කූ..."
"අහ්, යූල්ගේ කිරි එක ඉවරයි , ඒක ඕන, පලතුරු ටික්කුත් ඕනේ.. මෙහෙමම යමුද..."
"ඕන් නෑ මන් ඕඩර් එකක් දාන්නම් දැන් මගින් ගන්න ගියාම කරදරයි... "
ටේහ්‍යොන්ග් එහෙම කියලා කල්පනා කරන ගමන් ඩ්‍රයිව් කරා..
"එච්චර හිතන්න එපා හ්‍යුන්ග් , "
එක අතකින් යූල්ව අල්ලන් ඩ්‍රයිව් කරන ටේහ්‍යොන්ගේ අතක් හෙමීට අතගාලා ජන්කුක් කිව්වේ ටේහ්‍යොන්ග් කල්පනා කරන්වා කියලා පෙවුන හින්දා...
"ජන්කුක්ට මතක ඔම්මව විතරයි නේද, අප්පා ගැන මුකුත් මතක නැද්ද..."
"ම්හ්ම්.. මට මතකයක් නෑ ලොකුවට, එක්කෝ අප්පා නැති වෙලා මන් පොඩි කාලේ, මට ලාවට මතක මාව ප්‍රී ස්කූල් දාලා ඔම්මා වැඩට යනවා විතරයි.. අපි ගෙදර ආවත් සමහර දවස් වලට කිම් මැන්ශන් එකට ආවා, ඉස්සර ඒක පැහැදිලි නැති උනාට දැන් මට ලාවට මතකයි, ඒක කිම් මැන්ශන් එක තමයි.... ඔම්මා වැඩ කරේ මිස්ටර් කිම් ගාව..."
"මට ඔයාව මතක නෑනේ... "
"මතක තියෙන්න විදියක් නෑ, මන් ආවත් ඉන්නේ ඔම්මට දීලා තිබ්බ රූම් එකේ චිත්‍රයක් හරි මොකක් හරි ඇද ඇද... මන් ඉස්කෝලේ යනකොටත් එහෙමමයි, එතකොට මන් ගෙදර තනියම හිටියත් සමහර වෙලාවට ඔම්මා මාව ගන්න ආවා වාහනේක.. මට ඒක එච්චර ගානක් නෑ, ඔම්මා කියලා තිබුනේ එයා වැඩ කරන තැනින් එයාට දුන්න වාහනයක් කියලා... ඒ දවසට මන් කිම් මැන්ශන් එකට තමයි ආවේ... "
"ම්ම්..."
ජන්කුක් දිගටම එයාට මතක දේවල් කිව්වා...
"මිස්ටර් කිම්ව මට එහෙමම මතක නෑ, මන් පුදුම උනේ ඇයි හ්‍යුන්ග්ව මතක නැත්තේ මට කියලා, ඔයා හිටියේ මෙහෙ නෙවෙයිනේ එතකොට කොහොමත්..මොනවත් මට පැහැදිලි නෑ... "
ටේහ්‍යොන්ග් අත දික් කරලා ජන්කුක්ගේ ඔලුව අතගෑවා... ජන්කුක් ටේහ්‍යොන්ගේ අතේම කම්මුල අතුල්ලලා යූල්ගේ මූනට කම්මුල හේත්තු කරගත්තා..
"එහෙම එක දවසක තමයි මට ලොකු සද්දය්ක් ඇහුනේ.. ඔම්මා මට කියලා තිබ්බේ කාමරෙන් එලියට එන්න එපායි කියලා, ඒ උනාට මතක විදියට මන් ඔම්මට කතා කරත් ඔම්මා ආවේ නෑ, ඊට පස්සෙ මන් එලියට ඇවිත් කොරිඩෝව දිගේ ඇවිදන් ගියා, දැන් ඒ කාමර නැද්ද මන්දා හ්‍යුන්ග් මන් මිස්ටර් කිම්ගේ කාමරේ තියන කොරිඩෝවට ගිහින් නැහැ වැඩිය, ඒ ටික අස් කරේ මිසිස් හන්... "
"ඔම්මා..ඔම්මා.. එදා ඔම්මට වෙඩි තිබ්බා , ඔම්මා දොර අස්සේ හිටිය මන් දිහා බලන් අත් දික් කරලා මොනාද කිව්වා, එච්චරයි අර සද්දෙටම මට සිහිය නැති උනා.. මන් දන් නෑ මට ආයෙත් ඔම්මා ගැන මතකයක් තිබ්බෙ නෑ, මන් දන්න දවසේ ඉදන් හිටියේ කිම් මැන්ශන් එකේ.. හ්‍යුන්ග් එනකන්ම මම හිටියේ එහේ, මන් ඉස්කෝලේ ගියත් ඉගන ගත්තත් එතනින් එහා කොහෙවත් යන එක මට තහනම් උනා, මන් දන් නෑ මන් දන්න කියන අයට හිටියේ ඒ කිම් මැන්ශන් එකේ අය විතරයි, මිසිස් හන් ගොඩාක් නපුරුයි, මන් ජීවත් උනේම බයෙන්.......
"ශ්..ශ්... දැන් ඇති... අපි ආවා.ඒවා ඉවරයි දැන්..ම්ම්.... උඩට යන්... "
ජන්කුක් එක දිගට කියන් යනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුලක් අතගාලා වාහනෙන් බැහැලා ඇවිත් එහා පැත්තෙන් ඇරලා යූල්ව වඩාගත්තා, ජන්කුක් බැහැලා වාහනේ ලොක් කරලා ටේහ්‍යොන්ග් එක්කම පාකින් එකෙන්ම එලිවේටර් එකට නැග්ගා...
.
.
දවස් ගෙව්නා.. හැබැයි බලාපොරොත්තු උනා වගේ කලබලයක් උනේ නැති එකමයි පුදුම උනේ.. මොකද මිස්ටර් ලී ඒ ගැන හ්‍යුන්බින්ට කිව්වානම් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා, ඒ උනාට එහෙම උනේ නැති හින්දත් හැමෝම හිටියේ කලබලෙන්..
ඔය අතරෙ හ්‍යුන්බින්ගේ නම වෙනස් කරපු ඩ්‍රග්ස් කන්ටේනස් ටිකක් අහු වෙලා, ඒත් එක්කම අයිඩෝල්ස්ලා ලවා ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝට් වෙනවා කියන චෝදනාවත් එකපිට එනකොට ඒකෙන් හ්‍යුන්බින්ගෙන් ලැබුනේ මොන වගේ ප්රතිචාරයක්ද කියලා ඇත්තටම කිසි කෙනෙක් දැනන් හිටියේ නෑ..ඒ වෙලාවට මීඩියා වලට ෆේස් වෙන් නැති එක තමයි හොදම දේ...
හ්‍යුන්බින් කැබින් එකේ එහාට මෙහාට නොයිවසිල්ලෙන් ඇවිද්දා, එක පිට පෝන් එකට එන කෝල්ස් එක්ක , ඉස්සරහා ටී වී එකේ නිව්ස් එකත් ප්ලේ වෙනකොට හ්‍යුන්බින් පුලුවන් තරන් හයියෙන් කෑ ගැහුවා...
මෙච්චරකල් හැමෝටම රහසක් උන දේවල් මේ විදියට එලියට යන එක ඇත්තටම, මිස්ටර් ලී කැබින් එකෙ දොර ගාවට වෙලා හිටගෙන සාමකාමීව මේ දිහා බලන් හිටියා... හ්‍යුන්බින්ගේ කොන්ඩේ අවුල් වෙලා,
"ටේහ්‍යොන්ග්ට , ටේහ්‍යොන්ග්ට කතා කරනවා..."
ඒ පරක්කුවට මිස්ටර් ලී ටේහ්‍යොන්ගේ කැබින් එකට කෝල් එකක් ගත්තා..කොහොමත් ටේහ්‍යොන්ග් ඔය කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියේ..කියනකොටම ටේහ්‍යොන්ග් උඩට හෙමීට...
"මම මේ දැන් කොරියා වලින් යනවා ඔකේ... මෙතන මොන ප්‍රශ්නේ උනත් තමුන්ට උත්තර දෙන්න අයිතියක් නෑ..."
හ්‍යුන්බින් ටේහ්‍යොන්ග්ට කෑ ගහනකොට ටේහ්‍යොන්ග් අත මිටිමොලව ගත්තා...
"කොහොමත් මිස්ටර් කිම්ට මෙහෙන් යන්න වෙන්නේ නෑ , මොකද මේ වෙනකොටත් ඔයාට කම්පැනි එකෙන් පිටවෙන්න බෑ... "
"සාක්ශි, සාක්ශි නැතුව එකෙක්ට මන් ගාවට ලන් වෙන්න බෑ, අනික මන් මේ ටුවර් එක ප්ලෑන් කරේ මීට මාසෙකට කලින්..."
ටේහ්‍යොන්ග් දත්මිටි කාගෙන හ්‍යුන්බින්ගේ මේසෙට මිටිමොලවලා ගැහුවා...
"උබට උබේ කොල්ලවයි ලමයවයි බේරගන්න ඕන්නම්......
"මිස්ටර් කිම්...!!!!"
"හහ්..හහ්..හා... උබ දන් නෑ.. උබේ ඩෑඩ් තුරුම්පු අතේ තියන් වැඩ කරන්නේ.... අර ජන්කුක් කියන එකාගේ වැඩ මම දන් නෑ කියලද හිතන් ඉන්නේ අහ්, උබලා එකෙක් දන් නෑ මගේ සිස්ටම් එකට එන්ටර් වෙන හැම කෙනෙක්ගෙම ඩීටේල්ස් මං ගාව තියනවා , උට විදවන්න ලෑස්ති වෙලා ඉන්න කියපන්... ඌ කන්න දුන්න අත හපා කෑවා තිරිසන් බල්ලා... මට තිබ්බේ එදා ඇත්තටම ඌවා මරන්......"
මිස්ටර් කිම් පිස්සු හැදිලා වගේ හිනාවෙනකොට ටේහ්‍යොන්ග් ඊටත් වඩා හයියෙන් හිනා උනා...
"රියලි.... ඔයා මිස්ටර් කිම් නම් මාත් ඔයාගේ පුතා, මිස්ටර් කිම්... මාත් තුරුම්පු අතේ තියාගෙන තමයි කතා කරන්නේ,තමුන් හැදුවේ ළමයා ජන්කුක්ගේ කියන එක කියලා ජන්කුක්ව නටවන්න නම් සෝ සෑඩ් මම මිස්ටර් කිම්ට වඩා ඉක්මන්... මේ වෙනකොටත් උන වෙන ඔක්කොම ජන්කුක් දන්නවා, තවත් මාව බයකරන්න දේවල් තුරුම්පු විදියට මං තමුගේ අතේ ඉතුරු කරලා නෑ මිස්ටර් කිම්.. but, karma don't joke around us , okay... මට ලැජ්ජයි තමුන් මගේ ඩෑඩ් කියන්නත්....."
ටේහ්‍යොන්ග් මහ හයියෙන් කෑ ගහන්කොට හ්‍යුන්බින් ටේහ්‍යොන්ගේ කනට පාරක් ගැහුවේ ටේහ්‍යොන්ගේ තොලක් පැලිලා ලේ එනකොට...
"ලී..ලී.. කොහෙද තමුසේ.............."
ඒ වෙනකොටත් මිස්ටර් ලී එතන හිටියේ නෑ....
.
.
.
.
.
.
.
**************************
____________________________Dark_Sunshiner 🤍🥀
Double..
Thanks for reading...
To be Continued...
2024/01/25
Bạn đang đọc truyện trên: AzTruyen.Top