|54|
ජන්කුක් අද තිබ්බ වැඩ ගොඩාක් ඉවර කරලා කැබින් එකෙන් එලියට ආවා... උදේ ලෝකෙශන් එකට ගිහින් ආයෙත් ඇවිත් ජන්කුක් ඇතුලෙන්ම ලන්ච් එක ගත්තා.. ටේහ්‍යොන්ග් ආවා ගියා මොකක්ද කියලා හරියට ජන්කුක්ට නෝට් උන් නෑ... මොකද වෙනදට ජන්කුක් එක්ක ලොකේශන් එකට පරක්කු වෙලා හරි ටේහ්‍යොන්ග් ආවත් අදත් ආවේ නෑ..
කොහොමත් එදා ජිමින් හම්බුනාට පස්සේ ටේහ්‍යොන්ග් වෙනස් උනා.. වෙනස් උනා කිව්වේ එහෙම වෙනසක් නෙවෙයි ටේහ්‍යොන්ග් හිත ඇතුලේ මොනා හරි තියන් හිටියා කියලා ජන්කුක්ට තේරුනා.. ජන්කුක් අහන්න උත්සාහා කරත් ටේහ්‍යොන්ග් එවෙලෙට ඒ දේවල් අමතක කරා... මොකද ටේහ්‍යොන්ග්ට ජන්කුක් එක්ක කාලේ අපතේ යවාගන්න ඕන උනේ නෑ..
ඒ උනාට මෙච්චර දෙයක් වෙලත් හ්‍යුන්බින් තාම තමන්ට ප්‍රතිචාරයක් නොදක්වපු එකනම් සැලකිලිමත් වෙන්න කාරනාවක් උනත් , ජන්කුක් අවදානෙන් හිටියේ.. සතෙක් වගේ කොයි වෙලා කඩා පනියිද මොනවා වෙයිද කියලා කවුරුත් දන්නෙ නෑ.. කොහොමත් හ්‍යුන්බින්ගේ වැඩ ගොඩාක් අවුල් වෙලා තිබ්බා... අර ඩ්‍රග්ස් අහු උන සිද්දිය ආයෙත් ඇදිලා එනකොට පාටි එකෙන් පස්සෙත් හ්‍යුන්බින් පුදුම කේන්තියෙන් හිටපු එකයි උනේ...
ජන්ග්, මාක්ගේ ඩෑඩ් ඇවිත් යනවා කොයි තරම් දැක්කත් මින් ව එහෙම දැක්කෙ නැත්තේ කොහොමත් මින් එහෙම හ්‍යුන්බින් හම්බෙන්න එනවා කියන එක අවදානම් හින්දා... ටේහ්‍යොන්ග් එයාගේ කම්පැනි එකේ වැඩ කරගෙන යන අතරේ මෙහෙ එකත් බැලුවා.. එක පාරට මෙතනින් අයින් වෙනවා කියන්නෙ හ්යුන්බින්ගේන් එන බලපෑම වැඩියි.. ටේහ්‍යොන්ග්ට හ්‍යුන්බින් කිසිම හානියක් කරන් නෑ කියන ටේහ්‍යොන්ග්ට සීයට දාහක් විස්වාසයි, ඒ වගේම යූල්ටත්.. යූල් කියන්නෙ ජන්කුක්ගේ ලමයෙක් කියල දන්නවා උනත් මෙච්චර කාලයක් යූල් කියන්නේ ටෙහෙයොන්ගේ ලම්යෙක් අනික එයාගේ මුනුබුරා.. ඒක නැති වෙන්න හ්‍යුන්බින් ඉඩ දෙන් නෑ... මෙතන එකම අවදානම තිබ්බෙ ජන්කුක්ට.. හරියටම බැලුවොත් ජන්කුක්ගේ එක්ස්සිස්ටන්ස් එකත් එක්ක හ්‍යුන්බින්ට ජන්කුක්ට මුකුත් කරන්න අමාරු උනත්, හ්‍යුන්බින් කියන්නේ විශ්වාස කරන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි..
අමතක කරන්න බෑ දරුවා ලැබෙන්න ඉද්දිත් ජන්කුක්ව ඇක්සිඩෙන්ට් කෙරෙව්වේ හ්‍යුන්බින් කියලා... ඒක පැහැදිලියි ටේහ්‍යොන්ගේ ඇක්සිඩන්ට් එක වෙන්න තිබ්බ එකක් නෙවෙයි, ඒත් ටේහ්‍යොන්ග් ආව වෙලාවත් එක්ක ටේහ්‍යොන්ග් ඇක්සිඩන්ට් උනා..
අදටත් ජන්කුක්ට වාහනේ යනකොට අර බය දැනෙනවා. මොකද අර සීට් එකට හිර වෙලා ලේ වලින් වැහුනු විදිය අදටත් ජන්කුක්ට මතකයි...
"අහ් ජන්කුක් හම්බුන එක හොදයි...."
ජන්කුක් කැබින් එකෙන් එලියට එනකොටම ආපු මාක් ජන්කුක්වත් ඇදන් ආපහු කැබින් එක ඇතුලට ගියා..
"ම..මාක් හ්‍යුන්ග් ඇයි මේ හදිසියේ... අනික යූල් කෝ..."
"යූල් ඉන්නවා එයාගේ බෝල අන්කල් එක්ක... ඔයා ලන්ච් ගත්තද.."
ජන්කුක් එක්කම සෝෆා එකෙන් වාඩි වෙන ගමන් මාක් ඇහුවේ හරි සුහද විදියට..කොහොමත් මාක් යුන්ගි දෙන්නා ගොඩාක් ජන්කුක්ට උදව් කරලා තියනවා ඒ කාලෙත්..කොහොම අය උනත් ජන්කුක්ට වරදක් වෙලා නැති හින්දා අවුලක් නෑ.. අනික ටේහ්‍යොන්ගෙන් අවසර අහම්බුනෙත් මාක් යුන්ගි දෙන්නා ආශ්‍රය කරන්න විතරයි...
"ඇයි හදිසියේ, අනික හ්‍යුන්ග් කොහෙද උදේ ඉදන් දැක්කෙ නෑ.. මන් තව ටික්කින් එන්න හිටියේ..."
"ඊට කලින් කරන්න වැඩක් තියනවා , මේ වෙලාවේ ලීයි, හ්‍යුන්බින් අන්කලුයි නෑ කම්පැනි එකේ..."
මාක් කිව්වේ ඔරලෝසුවෙන් වෙලාවත් බලන ගමන්...
"දන් නෑ... උදේ හිටියා මන් හිතන්නෙ මන් දැක්කෙ නෑ.."
"නෑ නෑ මේ වෙලාවේ නෑ... තව ටික්කින් අපිට තියෙන්නෙ ලීගේ රූම් එකට පයින එක..."
ජන්කුක් අතෙනුත් කට වහගත්තා.. ඒක තියෙන්නේ හ්‍යුන්බින් ඉන්න ෆ්ලෝර් එකේමයි.. ඕකට හොරෙන් රිංගනවා කියන්නේ බෙල්ල කපාගන්නවා වගේ වැඩක් ඒ ෆ්ලෝර් එකේ ගාඩ්ලා ඉන්නවා හැමවෙලේම...
"පිස්සුද.. අනික ඒ ෆ්ලෝර් එකේ සිකිරුටි එක හයි...ආහ්.. ආයි අප්පා... "
මාක් ටෝන් ගාලා ජන්කුක්ගේ ඔලුව පිටිපස්සට එකක් ගැහුවා..
"කටවහන් අහපිය පොඩි එකා..උබේ මනුස්සයා තමයි ඕඩර් එක දුන්නේ... තව ටික්කින් සී සී ටීවී ඕෆ් වෙනවා පැයකට, ගාඩ්ලා චේන්ජ් වෙන්නේ ඔය වෙලාවට, කොහොමත් එතන හතරක් විතරනේ ඉන්නේ , එක එක්කෙනා යනකොට අපිට ශේප් එකේ ඉමාර්ජන්සි පඩිපෙල දිගේ යන්න තියෙන්නේ... එතනම ඉදලා අන්තිම කෙනත් යනකොටම අපි ලී කාරයගේ රූම් එකට යනවා ඕකේ... "
මාක් එක දිගට ප්ලෑන් එක කියනකොට ජන්කුක් මූනත් අච්චර කරන් අහන් හිටියේ ඔලුවේ පිටිපස්සත් අල්ලන්...
"ශුවර්ද ඕක ඔහොමම කරන්න පුලුවන් කියලා... ආහ් ..ආයි අනේ අනින්නේ..."
"ආයිශ් දිස් කිඩ්... දෙන්නේ බොට.. ටිකක් පොසිටිව් හිතපන්.. මන් දැන් එලියට යනවා, හරියටම ෆයිව් මිනිට්ස් වලින් ඔයා එන්න සෙකන්ඩ් ෆ්ලෝර් එකට , මන් පහල ඉදන් එන්නම්..."
මාක් එහෙම කියලා ජන්කුක්ගේ කම්මුලත් මිරිකලා හෙමින් කැබින් එකෙන් එලියට ඔලුව දාලා බලලා වැදගත් විදියට එලියට ගියේ පිටිපස්ස හැරිලා ජන්කුක්ටත් ඇහැක් ගහන ගමන්. මාක් කියන්නේ පිස්සු හෝන්තුවක්... ඉස්සර කොහොම බෑඩ් බෝයි උනත් යුන්ගි එක්ක සෙට් උනෑන් පස්සේ කෝලමක් වෙලා මාක්.. දැන් කෙලින්ම ජන්කුක්ගෙ ටයිප් එකට ගැලපෙනවා.. ජන්කුක් කැබින් එකේ තිබ්බ මිරර් එකෙන් බලලා කොන්ඩේ ටිකක හදාගෙන තද කොල පාට සිල්ක් කමිසේ ගානට බෙල්ල පේන්න හදාගෙන විනාඩි පහෛන් එලියට ආවා...
කැබින් එකේ ඉදන් ෆ්ලෝර් එකේ එලිවේටර් එකට යනකන්ම හම්බුන හැමෝම ජන්කුක්ට හිනා වෙලා ආචාර කරේ ජන්කුක් පොඩි හිනාවක් තියාගෙන කැට් වෝක් එකෙන් ඇවිදිනකොට..කොහොමත් දැන් මෙතන හැමෝම දන්නවා ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක්ගේ තියන සම්බන්දේ..කිසිම වැරැද්දක් වෙලා තමන්ගේ ජොබ් එක අනතුරේ දාගන්න කිසි කෙනෙක් කැමති උනේ නෑ....
උඩට ගිහින් තිබ්බ ලිෆ්ට් එක පහලට එනකන් අතේ නියපොතු ටික උල් කරලා බල බල ඉදලා සාමාන්‍ය විදියටම ලිෆ්ට් එකට නැග්ගේ තව දෙන්නෙක් ෆයිල් ගොඩාක් උස්සන් ඒකටම නගිනකොට... ජන්කුක් සයිඩ් වෙලා බට්න් එක ඇගිල්ල නවලා ප්‍රෙස් කරලා ආයෙත් නියපොතු ටික බලන්න ගත්තා... සෙකන්ඩ් ෆ්ලෝර් එකට ආවා කියලා බෙල් එක වැදෙනකොට ජන්කුක් ඒකෙන් එතනින් එලියට බැස්සේ අර ආපු කිසි කෙනෙක් එතනින් බැස්සේ නැති එකට හිතින් පින් දෙන ගමන්... කොහොමත් සෙකන්ඩ් ග්ලෝර් එකේ පැත්තක්ම රෙස්ට් රූම් තිබ්බේ.. මේ වෙනකොට ඔක්කොම ලන්ච් අරන් හින්දා කවුරුත් නෑ, ආවත් මේකට කවුරුත් සැක කරන් නෑ ඒකයි මාක් ජන්කුක්ට සෙකන්ඩ් ෆ්ලෝර් එකෙන් එන්න කිව්වේ... එතකොට කාගෙන් ඇහුවත් ජන්කුක් ගැන ප්‍රශ්නයක් නැති හින්දා...
ඊට පස්සේ ජන්කුක් හෙමින් සැරේ රෙස්ට් රූම් නෙවෙයි අනිත් පැත්තට ඇවිදන් ගිහින් බිත්තිය ගාව තිබ්බ ලොකු පැලේ ගාවින් හැරිලා වීදුරු වලින් රවුම් දෙකක් තිබ්බ ඝනකම් ඉමර්ජන්සි එක්සිට් එක ගාවට ආවා... ඒක ලොක් කරලා තිබ්බෙ නැත්තේ වෙලාවට ශේප් එකේ වටපිට බලලා ජන්කුක් එක දොරන් ඇරන් ඇතුලට යනකොටම ජන්කුක්ව ඇදිලා ගියා...
"ආයිශ්.. මන් බය උනා..."
"යන් උඩට..."
මාක් ජන්කුක් එනකන් එතන ඉදන් ජන්කුක්වත් ඇදන් උඩට නගින්න ගත්තා..කොටුවට කොටුවට පහල පේනකොට උඩට කැරකි කැරැකි යන්න තිබ්බේ.. ටික දුරක් ගිහින් මාක් නැවැතිලා හැරිලා ජන්කුක්ගේ සපත්තු දෙක දිහා බැලුවේ රවලා..
"මොකද රවන්නෙ මට..මන් කියන්වා හ්‍යුන්ග්ට මට ගැහුවා කියලා..."
"ඉතින් කියනවා... මන් බයවෙයි ඕකාට... මොකක්ද ජන්කුක් ඇත්තටම ඔය සපත්තු දෙක..සද්දේ බලනවා දෝංකාර දෙනවා..."
කට ඇද කරලා මාක් කියනකොට ජන්කුක් මාක්වත් පහු කරන් තව ටිකක් සද්දෙන් පඩි නැග්ගා..
"මගේ සපත්තු තමයි ප්‍රශ්නේ හැමෝටම..මන් සපත්තු දාන්නේ මැච් වෙන විදියට... "
ජන්කුක්ට පාරම් බාන්න උන් නෑ අන්තිමට ජන්කුක්ට උනේ සපත්තු දෙක ගලවන් මේස් දෙක පිටින් උඩට යනකන් ගිහින් ආයෙත් දාගන්න..ඊට පස්සේ ෆ්ලෝර් එක කාපට් හින්දා සද්දේ ඇහෙන් නෑ...
"දැන් හරිද වෙලාව... ශුවර් එකටම මිස්ටර් කිම් නැතුව ඇතිනේ..."
"අන්කල් හිටියත් ලී නෑ ඒක ශුවර්... ලී එලියට ගියා..."
මාක් ජන්කුක්ව නවත්තලා දොර ඇරන් එලියට ගිහින් බිත්තියෙන් එබිලා බැලුවා... මේ වෙනකොට දෙන්නෙක් ගිහින්, උන් සයින් කරලා ගියාම දෙන්නෙක් එනවා... එතකොටම හ්‍යුන්බින්ගේ රූම් එක ගාව හිටපු දෙන්නත් පඩිපෙල බැහැලා ගියා...
"ඔකේ.. ජස්ට් නව්..."
මාක් රහසින් කෑ ගැහුවම ජන්කුක් එලියට ආවා.. දෙන්නත් එක්ක ෆ්ලෝර් එකේම එහාට වෙන්න තිබ්බ ලීගේ දොර ගාවට ගියා.. ඒකේ පාස්වර්ඩ්...
"මුන් මේවෑ මොනාද හගන් ඉන්නේ... සෙකට්‍රිගේ රූම් එකටත් පාස්වර්ඩ් ඕනද...."
මාක් කුටු කුටු ගගා පෝන් එක කනේ තියාගත්තාම ජන්කුක් බෙල්ල දික් කරලා කවුරුත් ඉන්නවද බැලුවා.. බය නැතුව ආවත් හ්යුන්බින්ව සතපහකට ශුවර් නෑනේ..
-"යකෝ මේකේ පාස්වර්ඩ් තියෙන්නේ... දැන් කොහොමද යන්නේ..."
මාක් පෝන් එකෙන් බයිනකොට ජන්කුක් කීස් ටික බැලුවා...
-"ඔහ් හරි, මොකක් හරිනම් කෝල් එකක් ගනින්..ඔව් ඔව්.. ජන්කුක් ඉන්නවා..මොකක් දැන් පෝන් එක දෙන්න බෑ..උබට මොන්ගල්ද නිකන් ඉදපන් මන් තියනවා.."
ජන්කුක් තොල හපන් බලන් හිටියේ මූන වෙනස් කර කර බයින මාක් දිහා අන්තිමට මාක් සාක්කුවෙන් ලේන්සුව අරන් අන්ක ටික ගහලා දොර ඇරගත්තා... ඇතුලට ගිහින් දොර ලොක් කරගත්තා දෙන්නා ලයිට්ස් ඔන් කරන් හතර වටේ සර්ච් කරන්න ගත්තා..
"දැන් එලියට යන්නත් අර වගේ ප්ලෑන් එකක් තියනවා නේද..."
ජන්කුක් මේසේ ගාව නැමිලා ඉන්න මාක්ගෙන් ඇහුවම මාක් මේසේ අස්සෙන් මූන එලියට දැම්මා..
"මොන.."
"ඇයි දැන් ආවා වගේම එලියට යන්නත් ප්ලෑන් එකක් ඇතිනේ... නැත්නම් මේකේ ඉන්නද..."
"ඔහ්, don't think about it darling... මාත් තාම ඒක ගැන හිතන ගමන්.."
ජන්කුක්ගේ හුස්මත් හිරවෙන්න ආවා..ජන්කුක් ගස්සගෙන කැබින් එකේ තිබ්බ කබඩ් එකක් ගාවට ගියේ මාක් කොන්ඩ කෑල්ලක කන පිටිපස්සට කරනකොට...
මාක් ලීගේ මේසේ ඇවිස්සෙන් නැති වෙන්න චෙක් කරලා ලොකර්ස් අරෛන්න හැදුවත් ඒවෑ යතුරු නැති තැන ආයෙත් ෆයිල්ස් චෙක් කරන්න ගත්තා.. ජන්කුක් කබඩ් එක ගාවට ගිහින් යතුර නැති තැන මාක් දිහා බැලුවා..
"මේ එක්කවත් කීස් නෑනේ... "
"සිරාවට , ලී කාරයා මැරුනොත් මුකුත් දන් නැතුව අනිත් එවුනුත් මැරෙනවා රෙද්ද... "
මාක් සෝෆා එක අස්සෙත් බලලා එතන ස්ටූල් එක වටෙත් බලන ගමන් ලීට බනිනකොට ජන්කුක් එතන්ට ලන් වෙලා ස්ටූල් එක අනිත් පැත්තෙන් පෙරලුව...
"ලුක් , මෙතන මොකක් හරි තියනවා..."
ජන්කුක් කියනකොට මාක් බිමින්ම එහා පැත්තට එබුනා..
"ඔව්මයි, මුකුත් පින් එකක් නැද්ද..."
මාක් වට පිට බලන ගමන් පොඩි සිදුර බලනකොට ජන්කුක් තමන්ගේ ශර්ට් එකේ ගහලා තිබ්බ පින් එක ගත්තා..උඩ පබලුවක් වගේ එකක් එක්ක යටින් කටුව...
"මේක ඇති වෙයිද..."
"ට්‍රයි කරලා බලමු.."
මාක් ඒක අරන් අර හිලට දාලා තද කරාම ක්ලික් ගාලා ස්ටූල් එක පැත්තකින් පොඩි දොරක් ඇරුනා.. ඒකේ කීස් කිහිපයක් එක්ක මොනවා හරි පොඩි කොල වගයක් තියනකොට මාක් ජන්කුක්ගේ උරහිසට තට්ටු කරලා smrik කරලා ඒ ටික අතට අර ගත්තා...
"මේ දෙක අරන් කබඩ් එක බලන්න මන් ලොකර්ස් බලන්නම්..."
පින් එක ආයෙත් ශර්ට් එකේ ගහගන්න ගමන් මාක් දුන්න කීස් එරගෙන ජන්කුක් කබ්ඩ් එක අරින්න හැදුවා... ඒක වෙනස් වෙනකොට මාක් ගාව තිබ්බ කීස් වලට ඒක මාරු කරලා ආයෙත් ට්‍රයි කරාම කබඩ් එක ඇරුනේ මාකුත් ලොකර් එකක් ඇරගන්නකොට...
මුලු කබඩ් එකම බලලා පෙන් ඩ්‍රයිව්ස් ටික්කුත් එක්ක ෆයිල් ටික්කුයි ඇතුලේ අනිත් පැත්තට පෙරලපු පොටෝ එක්කුයි අරන් ජන්කුක් සෝෆා එකට ආවේ මාක් මේසේ ගාව ඉන්නකොට..
"ජන්කුක් මේක යූස් කරන්න..."
එතන තිබ්බ මැශින් එක පෙන්නන ගමන් මාක් කියනකොට ජන්කුක් ඔන් එකේ තිබ්බ මැශින් එකට පෙන් ටික ගහලා බලන්න ගත්තා..
"වැඩක් නෑ පාස් වර්ඩ් තියනවා..ජිමින් හිටියානම්..."
ජන්කුක් එහෙම කිව්වේ ඕපන් කරපු ඔක්කොම ක්ලියර් කරලා දාන ගමන්...
"ඕකේ... අපි ඔය ටික අරන් යන්, කොහොමත් කවුරු හරි මෙතෙන්ට ආවා කියලා ලී හොයාගනී... ඒ හින්දා ඔය ටික අරන් යන්.. ඒ උනාට ජන්කුක් ඔයා සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා... "
මාක් ජන්කුක්ට එහෙම කියන ගමන් එයාගේ පෝන් එකෙන් පොටෝස් ටිකක ගන්නකොට ජන්කුක් ගිහින් එබුනත් ජන්කුක්ගේ ඇස් පොඩ්ඩක් ලොකු උනා..මොකද එතන මාක් මේසේ පුරා විසුරුවලා තිබ්බ පොටෝස් අද ජන්කුක් ලොකේශන් එකේ ඉන්න පොටෝස් .. ඒ ඇදුම් එක්කම.. ආයෙත් කම්පැනි එකෙන් ඇතුලට එනකන් පොටෝස් තිබ්බා...
"තනියම කොහෙවත් යන්න හිතන්නවත් එපා... ටේ කිව්ව එක හරි.. මෙතනින් ජන්කුක්ව අයින් කරගත්තොත් මීට වඩා අවුලක් වෙනවා... "
ජන්කුක් මුකුත්ම කිව්වේ නෑ.. මාක් අර පොටෝස් ටික ඒ විදියටම කවරෙට දාලා ලොකර් එකට දාලා වහලා දැම්මා.. වැදගත් කියන දේකට හම්බුනා නම් අර ඩොකියුමන්ට්ස් ටික...
"මේ ඉන්නේ ලී වෙන්න ඕනේ... යුන්ගි හ්‍යුන්ග් හොයාගත්තද ලී ගැන..."
"මට මුකුත් විස්තරයක් අහගන්න බැරි උනා... ඒ කියන්නේ ලීට ෆැමිලි එකක් ඉන්නවා... මන් කවදාවත් දැකලා නෑ ෆන්ශන් එක්කටවත් එනවා දැකලා නෑනේ..."
මාක් රාමු කරපු පොටෝ එකේ ඉන්න ලේඩියි, ලීයි එයාලගේ පුතා කියලා හිතන්න පුලුවන් ලමයයි දිහා බලන් ජන්කුක්ට කියනකොට ජන්කුක් කල්පනා කරා...
"මේකේ ෆොටෝස් ටික අරන් අපි යන් , තව වෙලාව නෑ..."
ඒ කියනකොට මාක් ෆොටෝ එකෙත් පොටෝ එකක ගහගත්තම ජන්කුක් ඒක ගිහින් ආයෙත් කබඩ් එකට දැම්මෙ පෙරලන් නැතුව හිටවලා...
තිබ්බ විදියටම කබඩ් එක වහලා යතුරු ටික ස්ටූල් ලොකර් එකට දාලා තිබ්බ විදියටම වහලා කැබින් එකේ අවුල් වෙලා තිබ්බ තැනුත් දෙන්නත් එක්ක හදලා දොර ගාවට ආවා...
-"හෙලෝ..මුකුත් අවුලක් නෑ නේද.. අපිට යන්න පුලුවන්නේ..."
-"ඕකේ... ඇවිත් කියන්නම්... මන් ජන්කුක් එක්කම එන්නම්... යුන්ගි ඇති එහෙට යන්න..."
මාක් එහෙම කියන ගමන් දොර ඇරන් එලියට එබිලා බලලා එලියට පැන්නා.. ටික්කින් දෙන්නම හිටියේ බේස්මන්ට් එකේ පාකින් ලොට් එකේ වාහනේ එලියට දාන ගමන්...
මුකුත් යන මගට මාක් කතා කරේ නැති හින්දා ජන්කුක් මුකුත් කියන්න ගියෙත් නෑ.. ඒ උනාට ජන්කුක් මාක් දිහා බලලා ආයෙත් බැලුවා..
"මාක් හ්‍යුන්ග්..."
"ම්ම්..."
"අවුලක් නැද්ද හ්‍යුන්ග්ට මේ වැඩ ගැන..."
ජන්කුක් හෙමින් එහෙම ඇහුවම මාක් ජන්කුක් දිහා බලල හිනා වෙලා ජන්කුක්ගේ කොන්ඩේ අවුල් කරා.. කොහොමත් ජන්කුක් ඇස් ලොකු කරලා බලනකොට කලින් හිටිය හුරතල් කොල්ලා මැවිලා පෙනුනා එයාලට...
"ජන්කුක් හිතන්නේ ඩෑඩ් හින්දා මම මේකට අක්මැති කියලනම් , don't worry... වැරැද්ද වැරැද්දමයි.. කවදා හරි අපිට පනිශ්මන්ට් හම්බුනත් ටෙයා විදෙව්වා විදිය දැක්කම ඒක nothing කියා හිතෙනවා.. අනික ජන්කුක් මැරුනයි කියලයි අපිත් හිතන් හිටියේ.. මනුස්සයෙක්ව පනපිටින් ඉද්දි මරවනවා කියන්නේ it's..., I have no words...! "
ජන්කුක් යන්තම් හිනා වෙලා සීට් එකට හේත්තු වෙලා ඔලුව තියාගත්තා... අඩුම ටේහ්‍යොන්ග්ට හොද හෝ නරක එයාගෙම කියලා යාලුවෝ ටිකක් හරි ඉන්නවා...
"ඔයා දන්නවද ජන්කුක්, එදායින් පස්සේ ග්‍රැනී ටේහ්‍යොන්ග් එක්ක කතා කරෙත් නෑ.. අදටත්... අඩුම හ්‍යුන්බින් අන්කල්ටවත් කතා කරාද දන් නෑ... මන් හිතන් නෑ... ටේ ගොඩාක් අවුලෙන් හිටියේ... ඌ රියාව මැරි කරේ කරන්න දෙයක් නැති කමට, රියා එක්ක කිසිම සම්බන්ධයක් ටේගේ තිබ්බෙ නෑ... දැන් උනත් ඌ යූල්ට ඔච්චරවත් ආදරේ පෙන්නන්නෙ ඔයා හින්දා... ඌ රෑ වෙනකන් බි බී අඩනවා ඉස්සර යූල්ගේ ඇස් දෙක ජන්කුක්ගේ වගේමයි කියලා.. අපිටවත් ඌව කන්ට්‍රෝල් කරන්න පුලුවන් උනේ නෑ.. ඒ හින්දා අපි ගැනවත් ටේ ගැනවත් ඩවුට් එකක් තියාගන්න එපා, ටේ දැන් මැරෙන්න උනත් ලෑස්තියි ජන්කුක් වෙනුවෙන්.... උට පොඩි කාලේ ඉදන් හම්බුනේ එච්චර හොද දේවල් නෙවෙයි.. උගෙන් ඔච්චර හරි මනුස්සයෙක්ට කෙයා එකක් අපි දැක්කේ මතකද එදා මගේ බර්ත්ඩේ එකට ජන්කුක්ව එක්ක ආවා බලු පැටියෙකුත් එක්ක අන්න එදා... ඌ සෑහෙන්න වෙනස් උනා... ඒ හින්දා මොනා උනත් ටේ එක්ක ඉන්න ඌ ජන්කුක්ට පන් ඇරලා...!"
.
.
.
.
.
.
.
**************************
____________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...
To be Continued...
2024/01/25
Bạn đang đọc truyện trên: AzTruyen.Top