|52|
"අමාරුද ම්ම්..."
ජන්කුක්ට කොහෙදෝ නැති ලැජ්ජාවක් ඇවිත්.. ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත්දෙකටම උස්සගන්න ගමන් පාකින් ලොට් එකෙන් වාහනේ නවත්තලා එලියට ආවා.. දෙන්නම තෙමිලා ... ඒ සී එකේ හිටපු හින්දා යන්තමට වේලිලා තිබ්බත් තාමත් දෙන්නම තෙතයි..ජන්කුක් ලැජ්ජාවටම ටේහ්‍යොන්ගේ බෙල්ල අස්සෙන් මූන ගහගත්තේ මූන පේන් නැති වෙන්න....
"මේ කොහෙද හ්‍යුන්ග්..."
ටේහ්‍යොන්ග් උස්සන් ආවට කොහෙද කියලාවත් ගානක් නැති උන ජන්කුක් එහෙම ඇහුවේ බේස්මන්ට් එකෙන්ම ලිෆ්ට් එකට නැග්ග හින්දා...
"මේ මන් ඉන්න එපාර්ට්මන්ට් එකක්... "
"එ..එතකොට යූල්..."
"මන් සමහර දවස් වලට මැන්ශන් එකෙට ගියේ නෑ.. යූල්ව බලන්න ඕන උනත් එහෙම යන එක මට හිසරදයක්..."
ජන්කුක් ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට දාන් හිටපු අත උස්සලා ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවලා අතගෑවා...
සෑහෙන තට්ටු ගානක් ඇවිත් ලිෆ්ට් එක ඇරුනාම ටේහ්‍යොන්ග් එලියට ආවේ ෆ්ලෝර් එක්කින්... ඒ ෆ්ලෝ එකේම දොරවල් තුනයි පේන්න තිබ්බේ... එකක් ඉමර්ජන්සි එක්සිට් එක... ඒ දෙකෙන් එක දොරක් ගාවට ඇවිත්න් ගිහින් ටේහ්‍යොන්ග් නතර උනා...
"0115 ගහන්න "
ඒක කියනකොටත් ජන්කුක්ගේ මූන ටිකක අමුතු උනා...ජන්කුක් සද්ද නැතුව පින් එක ගහලා දොර ඇරියාම ඇතුලට ගියා....
"මන් එන්නද තනියම පුලුවන්ද..."
ජන්කුක් කම්මුල් දෙක රතු කරන් ටේහ්‍යොන්ග් දුන්න ඇදුම් දෙකත් උස්සන් බාත් රූම් එකට ගිහින් දොර වහගත්තා... ටික්කින් ටේහ්‍යොන්ග්නුත් අනිත් රූම් එකෙන් වොශ් එකක් දාගෙන ආයෙත් කාමරේට එනකොට ජන්කුක් ඇදුම් මාරු කරගෙන....
ටේහ්‍යොන්ගේ තඩි ස්වේට් පෑන්ට් එක්කුයි ලොකු සුදු පාට ටී ශර්ට් එක්කුයි ඇදන් හිටිය ජන්කුක් යූල්ටත් වඩා කියුට්ව පෙනුනා... කන්නාඩි මේසේ ගාව කොන්ඩේ පිහ පිහ හිටපු ජන්කුක්ව ටේහ්‍යොන්ග් පිටිපස්සෙන්ම බදාගත්තේ තද කරලා....
"ම්..මේ මොකද මේ..."
"සුවදයි...."
ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් තොල් දෙක තද කරලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුලක් පිටිපස්සේ ඉදන්ම ඉම්බා... නාලා ඇවිත් ටේහ්‍යොන්ගේ කොන්ඩේ වතුර බින්දු ටික ජන්කුක්ගේ බෙල්ල දිගේ බේරෙනකොට එතන කන්නාඩි මේසේ ගාවම තිබ්බ පුටුවෙන් ටේහ්‍යොන්ග්ව ඉන්දෙව්ව ජන්කුක් තමන්ගේ ඔලුවේ තිබ්බ තුවායෙන්ම ටේහ්‍යොන්ගේ කොන්ඩෙත් පිහින්න ගත්තේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටේ අත් දෙක යවලා බඩට මූන තද කරගන්නකොට.... ඊට පස්සේ එහෙමම කකුල් දෙකෙන්ම අල්ලලා ජන්කුක්ව ඔඩොක්කෙන් ඉන්දවගත්තම ජන්කුක් තුවාය ඈත් කරලා ටේහ්‍යොන්ගේ ඇස් දිහා බැලුවා...
තාමත් ඇස් රතු වෙලා...
"හ්‍යුන්ග්.. සිහියෙන්ද ඉන්නේ ..."
"නැතුව... මන් හොද සිහියෙන් ඉන්නේ... කෝ පිහින්න...."
"තව මොනා පිහින්නද.. ඔහ්..ඔය මට කිචි..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ටී ශර්ට් එක උස්සලා පපුවටත් එක්ක තොල් තියනකොට ජන්කුක් කිචි හින්දා එහෙට මෙහෙට ඇබරුනා.. අනිත් පාර ටේහ්‍යොන්ග් උරලා උරලා රතු වෙච්ච නිපල් උඩ ටේහ්‍යොන්ගේ තොල් ආයෙත් නතර වෙනකොට ආයෙත් පාරක් ජන්කුක්ගේ කටින් කෙදිරිලි පිට උනා.. ජන්කුක් ටී ශර්ට් එකෙන් වැහිලා තියෙන ටේහ්‍යොන්ගේ ඔලුව අත් දෙකෙන්ම අල්ලගෙන ඔලුව උඩ අතට නවාගත්තාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටේ තිබ්බ අත් දෙක තව ටිකක් තද කරලා ජන්කුක්ව තව කකුල් දෙක උඩම ඇගට ලං කරගන්න ගමන් තදින් ජන්කුක්ගේ පපුව සිප ගත්තා..
"ඩිං ඩොං...."
එලියෙන් කවුරු හරි බෙල් කරන සද්දේ කාමරේටත් ඇහෙනකොට ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ග් ගාවින් ඈත් උනා... ටේහ්‍යොන්ග්ට ඒත් සිහියක් නෑ....
"හයුන්ග් කවුරු හරි බෙල් කරනවා බලන්න.... "
"කවුද මේ වෙ.......
"ඩිං ඩොං...."
"ආයිශ්...."
ජන්කුක්ව කකුල් දෙකෙන් බැස්සුව ටේහ්‍යොන් හිටගෙන ඉන්න ජන්කුක්ගේ ටී ශර්ට් එක හදලා කම්මුලක් ඉම්බා.. ඉබලා එහෙමම උස්සගත්තේ ජන්කුක් දවසේ තුන් වෙනි වතාවටත් බයෙන් ටේහ්‍යොන්ගේ බෙල්ල බදාගන්නකොට...
"ඔයා ඔහොම ඉන්න මන් බලන්නම්..ම්ම්..."
ජන්කුක්ව ඇදෙන් තියලා කම්මුලක් මිරිකලා එහෙම කිව්ව ටේහ්‍යොන්ග් දොරෙන් එලියට යන විදිය ජන්කුක් බලන් හිටියේ හෙන ආදරෙන්.. මොකද මීට අවුරුදු ගානකට කලින් වගේ නෙවෙයි ටේහ්‍යොන්ග් ජන්කුක්ට සලකන විදිය අල්ලන විදියෙන් පවා ජන්කුක්ට ටේහ්‍යොන්ගේ ආදරේ පේනවා... ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගාවම ඉන්න හිතෙන තරමට ටේහ්‍යොන්ගේ හැසිරීම ආදරනීයයි.. සමහර විට ටේහ්‍යොන්ග් යූල් ගාව ඉදන් ආදරනීය වෙන්න ඇති නැත්නම් ලග නැති කාලේ නැති දේවල් වලට අගය වැඩියෙන් දැනෙන්න ඇති....
ටික්කින් ජන්කුක්ට ඇහුනේ හෙන වේගෙන් එන අඩි සද්දයක්.. ඒක වේගෙන් ඇහුනත් එච්චර බර සද්දයක් උනේ නෑ..
"යූල් මැනික..."
යූල් දොරෙන් මතු වෙනකොටම ජන්කුක් යූල්ව අදුරගත්තා...
"ඕ .. අන්තල්... ඩඩා කූවා උයා මෙහෙ කීලා..."
යූල් හෙන හුරතලෙන් කියලා ඇද ගාවට දුවන් එනකොට ඊට පිටිපස්සෙන් ටේහ්‍යොන්ග්නුත් ආවා සාක්කු දෙකට අත් දෙක දාගෙන....
"අරුන් දෙන්න මෙයා එක්කන් එනවා කිව්වා මට අමතක උනානේ... "
ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් දොර වහනකොට යූල් ඇද ගාවට ඇවිත් ඇද අයිනෙම හිටිය ජන්කුක් ගාවට ලන් උනා... ලන් වෙලා ජන්කුක් දික් කරපු අතේ අමාරුවෙන් එල්ලිලා ඇදට නගිනකොට ටේහ්‍යොන්ග් ඇවිත් යූල්ව උස්සලා ජන්කුක්ගේ ඇග උඩින් තිබ්බා...
යූල්ගේ ඇස් වලින් නිදිමත බේරෙනවා.. අර පාටියට යන්න ඇන්ද හොද සූට් එක පිටින් තාමන් යූල්....
"හ්‍යුන්ග් යූල්ගේ ඇදුන් තියනවද මෙහෙ..."
ජන්කුක් ඇහුවේ යූල්ව ඇගට හේත්තු කරන් සපත්තු දෙක ගලවන ගමන්...
"මෙහෙ ඇදුම් නෑ... මෙයා මෙහෙ එන් නෑනේ.."
"ඒ උනාට වොශ් දම්මමු නෙහ් නැත්නම් අමාරුයිනේ මෙහෙම... "
ජන්කුක් එහෙම කියන ගමන් භාගෙන වැනෙන යූල්ව වඩාගත්තම ටේහ්‍යොන්ග් යූල්ගේ කකුලේ භාගෙට ගැලවුනු සපත්තු දෙක ගලවලා මේස් දෙකත් ගලවලා පුටුව උඩින් තිබ්බා.... එහෙමම වොශ් රූම් එකට අරන් ගිහින් ජන්කුක් කොමඩ් එකේ පියන උඩ වාඩි වෙලා යූල්ගේ ඇදුම් එක එක ගලවනකොට ටේහ්‍යොන්ග් බාත් ටබ් එකට ලා රස්නෙන් උනු වතුර හදලා පිරෙව්වා...
ඊට පස්සේ ජන්කුක් යූල්ගේ ඔලුව තෙමෙන් නැති වෙන්න හොදට බාත් ටබ් එක ගාව දනගහන් හෝදවනකොට ටේහ්‍යොන්ග් යූල්ගේ ගලවපු ඇදුම් ටික උස්සන් ගිහින් බින් එකට අතෑරලා ගිහින් කෙට්ල් එකට වතුර එකක් ගැහුවා...
ජන්කුක් යූල්ව හොදට සෝදවලා පිහදම්මලා ඇදේම නිදිකරවලා මුලු ඇගටම පව්ඩර් දැම්මේ හරි ආදරෙන්.. අද තමයි ජන්කුක් යූල්ව මෙහෙම හේදෙව්වේ... යූල්ට පුන්චි සුදු පාට ටවල් එකක් ඔතලා ජන්කුක් යූල්ව වඩන් එලියට යනකොට ටේහ්‍යොන්ග් කිචන් එකේ ඉදන් එනවා..
සුදු පුලුන් බෝලේ වගේ ඔතලා ජන්කුක් තමන්ගේ අතේ නිදන් ඉන්න යූල්ව ඉවරයක් නැතුව ඉබිනවා...
"හ්‍යුන්ග්, අල්ලගන්නකෝ මන් කිරි එකක් හදන්න... "
ජන්කුක් යූල්ව ටේහ්‍යොන්ග් අතට දුන්නම ටේහ්‍යොන්ග් යූල්ව වඩන් ඇවිත් කිචන් එකේ තිබ්බ ටේබල් එක උඩම වාඩි වෙලා ජන්කුක් කිරි හදන දිහා බලන් හිටියා...
යූල්ට සුදු කිරි එකක් ලා රස්නෙන් නිවලා හදලා ජන්කුක්ටයි ටේහ්යොන්ග්ටයිත් කිරි දෙකක් කෝපි දාලා හදලා තිබ්බා... ඒ අතරට ටේහ්‍යොන්ග් කෝම හරි යූල්ව නැගිට්ටවගත්තම ජන්කුක් බටයක් කෝප්පෙට දාලා පොඩ්ඩ පොඩ්ඩ කිරි එක පොවා ගත්තා...
මාක්ටයි යුන්ගිටයි වද දි දී ඉන්න ඇති මේ දෙන්න මෙතන එයාලගේ ඩාන්ස් එක ඉවර වෙලා එනකන්.. ටේහ්‍යොන්ග්ට ඒ වත් සිහියක් නෑනේ මෙතෙන්ට එක්කන් එනකනුත්...
"පව් හ්‍යුන්ග් එයාට දොයි මතේ.... "
"මේ ටික බ්ව්වම නිදියන්න පුලුවන්නේ...."
ටේහ්‍යොන්ගේ අතට ජන්කුක් කෝප්පේ දීලා ජන්කුක් යූල්ව ඔඩොක්කෙන් තියන් පුටුවෙන් වාඩි උනා...
ඊට පස්සේ දෙන්නත් එක්කම් කිරි දෙක බීලා යූල්වත් අරන්ම ඇදට ආවා... ටේහ්‍යොන්ග් දොර වහලා ඇදට නැගලා ලයිට් එක ඩිම් කරලා ජන්කුක්වයි ජන්කුක්ගේ පපුවට තුරුල් වෙලා ඉන්න් යූල්වයි ලගට ඇදලා ගත්තා.. අරන් ජන්කුක්ගේ ඔලුව තමන්ගේ අත උඩින් තියන් අනිත් අත යූලුයි ජන්කුක්යි උඩින් දාල ජන්කුක්ගේ කොන්ද හෙමීට අත ගෑවේ දෙන්නවම තුරුල් කරගන්න ගමනුයි...
මේ ආදරේ තමයි ටේහ්‍යොන්ග් අවුරුදු ගානක් පුරාම හෙව්වේ.. සමහර විට ජන්කුක්ව එයාට නැති උන, එයාලා ඇක්සිඩන්ට් උනු, යූල් ඉපදුනු දවස දොරේ පින් එක විදියට දාගෙන ටේහ්‍යොන්ග් නොවිදිනා දුක් විද විද මේ සතුටින් ආදරෙන් පිරුනු තැනම කදුලු හලන්න ඇති... අඩපු හැමෝටමත් සතුටු වෙන්න අයිතියක් තියනවා... හරියට වැරදි වැටහීම් ජීවිතේට බලෙන් එකතු කරලා විනාශ කරපු ටේහ්‍යොන්ගේ ජන්කුක්ගේ පුන්චි පවුලට වගේ.......
.
.
.
.
"ආහ්.. ආයි.. ආයී.. ගහන්න එපා අප්පා..."
ජන්කුක් පස්සත් අල්ලන් ජිමින්ගෙන් බේරෙන්න බිත්තියට හේත්තු උනාම ජිමින් ඉන්නවා ගිනිගන්න ගම්මිරිස් ඇටයක් වගේ මූනත් මෙච්චරක් කරන් රතු කරන්....
"ගහන්න..ගහන්න නෙවෙයි මන් උබව කුඩු කරනවා දැනගන්නවා... මන් කොච්චර උබව හෙව්වද දන්නවද... අහ්... අන්තිමට මන් අර උබේ ප්‍රේමවන්තයාගේ මැන්ශන් එකටත් කෝල් කරන හැදුවේ.. වෙලාවට වෙලාවට මන් කෝල් නොකරේ.... යන තැනක කියලා යන්න එපැයි.. අර මාක්ද පාක්ද මොකාද එකා ඉස්සරහා මන් කොච්චර නොන්ඩි උනාද කියලා උබ දන්නවද.. නෑනේ.. උබ දන් නෑ.. උබ උබේ ලෝකෙනේ.........
ජිමින් එයාගේ දුක් ගැනවිල්ල එක දිගට කියන් යනකොට ජන්කුක් බිත්තියට හේත්තු වෙලා කොකොටත් කියලා ඇදන් හිටිය ටේහ්‍යොන්ගේ ලොකු කබායෙන් මුලු ඇගම වහගත්තා..මොකද ජිමින්ගේ අතේ මඩ පිරිච්ච සපත්තුවක්...
"අනේ..ඇති බන් ඉතින්.. මන් දැන් ආවනේ....අනික.. මගේ පෝන් එක උදේ තමයි මට හම්බුනේ හ්යුන්ගේ කාර් එකේ සීට් එකක් අස්........
එච්චරයි කියන්න හම්බුනේ ආයෙත් ජිමින් පටන් ගත්තා..
"ඔය... බලපන්.. උබේ පෝන් එක සීට් එකක් අස්සේ වැටිලා ඒක අමතක වෙන්න තරම් උබලා මොනාද කරේ.. අන්න ඒක කියපන්.. මන් බෝම මාරුවෙන් අර ටේහ්‍යොන්ගේ යාලුවෝ දෙන්නගේ නම්බර් හොයන් කතා කරාම මට සෑහෙන කතා තොගයක් කිව්වා.. මන් උගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව අල්ලගන්න හදනවා කියලත් කිව්වා.. මන් මගේ ජීවිතේට අහපු කතාද මේ අහ..........
ජන්කුක් එහෙමම දුවන් ගිහින් කාමරේට පැනලා දොර වහගත්තා.... නැත්නම් ඕකෙන් බේරෙනවා බොරු... ජිමින් එයාට පුලුවන් තරම් වෙලා ජන්කුක්ට බැන්නත් ජන්කුක් නෙවේ එලියට බැස්සේ එයා ගානට වොශ් එකක් දාන් ලෑස්ති වෙලා එලියට බැස්සේ... මොකද උදේ ජන්කුක් එක්ක නැගිටලා ටේහ්‍යොන්ග් ජන්කුක්ව එයාගේ එපාර්ට්මන්ට් එකෙන් දාන් යූල් එක්ක ගෙදර ගියා මොකද අද ටේහ්‍යොන්ග් එයාගේ කම්පැනි එකට යනවා කියලා..
කොහොම හරි ජිමින්ව සන්සුන් කරන් ජිමිනුත් ලෑස්ති උනාට පස්සේ ජන්කුක් ජිමින් එක්කම් පහලට ආවා.. ඒ වෙනකොටත් ටේහ්‍යොන්ග් යූල් එක්ක ලෑස්ති වෙලා ආයෙත් ඇවිත්... ජිමින් ටේහ්‍යොන්ග්ටත් ගස්සන් ගිහින් එයාගේ වාහනේට නගිනකොට ජන්කුක් හිනා වෙලා ගිහින් ටේහ්‍යොන්ගේ වාහනේ පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනේ එතෙන්ට වෙලා උඩ පැන පැන හිටපු යූල්වත් ඔඩොක්කෙන් තියන්...
"මොකද ඒ මට ගස්සන් යන්නෙ..."
ටේහ්‍යොන්ග් වාහනේ හරවගන්න ගමන් අහනකොට ජන්කුක් යූල්ටත් එක්ක සීට් බෙල්ට් එක දාගෙන හිනා උනා...
"ඔය මන් ඊයේ ආවේ නැති හින්දා.. මට කියන්නත් බැරි උනානේ....මගේ චන්ඩියා කෑවද මැනික..."
"නැහැනේ අන්තල් ඩඩා කල්ල දුන් නෑනේ..."
"දෙයියනේ හ්‍යුන්ග් යූල් කෑවේ නැද්ද...."
ජන්කුක් යූල් කියනකොට ටේහ්‍යොන්ග් දිහා රවලා බැලුවේ කෑ ගහගෙන...
"ම්..මේ.. මේ පරක්කු වෙන හින්දා මන් කෑම එක අරන් ආවා...."
ටේහ්‍යොන්ග් එක අතකින් ඔලුවත් කහලා පිටිපස්ස පෙන්නුවාම ජන්කුක් යූල්වත් අල්ලන් පිටිපස්සේ තිබ්බ බොක්ස් එක අරන් දිගෑරියා.... දිගෑරන් හැන්දෙන් චුට්ට චුට්ට කවන්න ගත්තේ ටේහ්‍යොන්ගේ සාක්කුවේ තිබ්බ ලේන්සුවත් අරන් යූල්ගේ බෙල්ලේ බැදලා.. මුල් ටිකේ නම් රියා නැති අඩුව හොදටම දැනුනා යූල්ට, ඒ උනාට පස්සේ පස්සේ කට්ටියත් එක්ක ඉද්දි ඒක හරි ගියා.. මොකද යූල් ජන්කුක් එක්කත් ඉක්මනට එකතු උනා, ටේහ්‍යොන්ග් කලින් තරම් සැර නොවෙනකොට ඔක්කොටමත් වඩා යූල්ට ඩඩා හොද උනා, ඊට පස්සේ එයාව හැමවෙලේම ඩඩාගෙන් බේරගන්න මේ අන්කල් හොද උනා, ඊටත් පස්සේ ඉතින් මාක් යුන්ගි දෙන්නා තමයි.. දෙන්නව අල්ලන් කෑවත් මාක් යුන්ගි දෙන්න හරි අපූරුවට ඉවසන හින්දා එයාලා හොදම අන්තල්ලා උනා... ග්‍රෑන්ඩ් පා කවදත් යූල්ගේනේ ඒ හින්දා යූල් ග්‍රෑන්ඩ් පාටත් කැමති....
දැන් අද ටේහ්‍යොන්ග් ජන්කුක් යූල් තුන් දෙනාම යන්නෙ ටේහ්‍යොන්ගේ කම්පැනි එකට.. ටේහ්‍යොන්ග් ඒක පටන් ගත්තම තමයි කිසිම වැඩකට හරියට ඉන්වෝල්ව් උන් නෑ, මොකද ටේහ්‍යොන්ග්ට ලොකු ශොක් එකක් උනානේ ජන්කුක්ගේ නැති වීම..ඉතින් ටේහ්‍යොන්ග් ඒක අතෑරලාම වගේ තමයි හිටියේ... හ්‍යුන්බින්ගේ පදේට නට නට කිම් කම්පැනි එකට වෙලා හිටියා මිසක් ගොඩාක්ම මාක් යුන්ගි දෙන්නා මේකත් බැලුවා, ටේහ්‍යොන්ග්නුත් ඉදලා හිටලා ආවා...
මේ දවස් දෙක පහු වෙනකොට කිම් එකෙන් කරපු අලුත්ම ශූට් එක ජන්කුක්ගේ රිලීස් උනා...ජන්කුක්ගේ අමුතුම වයිබ් එකට රේටින්ස් බලන් ඉද්දි වැඩි උනා... masquerade mask එකත් එක්ක ඒක පට්ටම විදියට ශෙයා උනා... ඒකත් එක්ක ජන්කුක්ගේ හැමදේම වැඩි වෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් ගැන නිව්ස් එකත් හැමතැනම ඒක යටින් ශෙයා උනා... අනික ටේහ්‍යොන්ගේ වෙඩින් එකේ පොටෝසුත් එක්ක අර ඩිවෝස් එකත් ඇදිලා ඇවිත් තිබ්බ හින්දා හ්‍යුන්බින් හිටියේ තියන ප්‍රශ්න මදිවට තව මේවත් එක්ක ගොඩගහන්... හ්‍යුන්බින්ගේ වැඩ එක දෙක බලන් යන්කොට අවුල් වෙලා යනගමන් තිබ්බා...
ප්‍රමිතියෙන් තොරව අතෑරලාදාපු වගුරුබිමක් ගොඩ කරලා ලොකු ක්න්ස්ට්රක්ශන් වැඩක් පටන් ගන්නකොට, බලන් ඉද්දි ඒකේ වැඩ කරන මිනිස්සු මැරුනා භූමිකම්පාවකට, ඊට පස්සේ වැදගත්ම රහස් ෆයිල්ස් පිරුනු ගබඩාව ගිනි අරන් කිසිම හේතුවක් නැතුව, බිම් ගබඩාවේ තිබ්බ ඩ්‍රග්ස් අහු උනේ බිලියන ගනන් හ්‍යුන්බින්ට පාඩු කරලා....
මේ වෙනකොටත් හ්‍යුන්බින්ගේ එලියට ආපු නැති කන්ටේනර් දෙකක් අහු උනා, ඒ ඔක්කොම්ගෙම කිම් කියන නම එක්ක මේවා මීඩියා වලට නොදී රැකගන්න හ්‍යුන්බින් පුදුම විදියට මහන්සි උනේ... අවුරුදු ගානක ප්ලෑන්ස් මෙහෙම එලියට යන්නෙ කොහොමද කියලාවත් හ්‍යුන්බින්ට අදහසක් තිබ්බේ නෑ.. හ්‍යුන්බින්ගේ රහස් එලියට යනවා කියන්නේ ප්‍රයිම් මිනිස්ටර් මිස්ටර් මින්ගේ තනතුරට ලොකු අනතුරක් තිබ්බා.... හ්‍යුන්බින් කියන්නේ නම නොදන්න ලොකු හස්තයක් වගේ, මින්ගේ හැම දෙයක්ම හ්‍යුන්බින්ට යට උනා.... අර ඉඩමේ ලියකියවිලි හ්‍යුන්බින්ගේ නමට හැදුවේ මින් වෙනකොට ඒක ගැන ලොකු කතා බහක් සෝශල් මීඩියාස් වල යනකොට කෙලින්ම හ්යුන්බින්ටත් කලින් ඇගිල්ල දික් වෙන්න වැඩි ඉඩකඩන් තිබ්බේ මින්ට, ඒ වගේම ජන්ග්ට.. ඒ ඔක්කොමත් එක්ක ටේහ්‍යොන්ග් තවත් හයිලට් වෙන පිස්සුවක් නටන්න ගන්නකොට හ්‍යුන්බින් පිස්සු වැටිලා හිටියේ...
ජන්කුක් හම්බෙනකොටම ටේහ්‍යොන්ග් එයාගේ කම්පැනි එකේ වැඩ පටන් ගත්තා... ජන්කුක් කියන්නේ ටේහ්‍යොන්ගේ ශක්තිය, ඒක දුර්වලකම නෙවෙයි ඒ දෙන්නම මේ වෙනකොට ඇති තරම් දුක් වින්දා... ජන්කුක් හතර වටේ නොයා දේවල් පැහැදිලිව තේරුම්ගන්න පුලුවන් මොලේ තියන කෙනෙක් උන එක ටේහ්‍යොන්ග්ට ලොකු හයියක්....
ටේහ්‍යොන්ග් කම්පැනි එක ඉස්සරහින් වාහනේ නැවැත්තුවාම ඉස්සරහා හිටපු ගාඩ් කෙනෙක් ටේහ්‍යොන්ගේ පැත්තෙන් ආවම ටේහ්‍යොන්ග් යතුර දීලා වාහනෙන් බැස්සා... බැහැලා ඇවිත් පැසෙන්ජර් ශීට් එකේ දොර ඇරියාම එක අතකින් යූල්වත් වඩන් ජන්කුක් බැස්සේ ටේහ්‍යොන්ගේ අතේ එල්ලිලා...
එදා වගේමයි , එදා ටේහ්‍යොන්ගේ අතේ එල්ලිලා මේකට පලවෙනි වතාවට ජන්කුක් ආවේ යූල්ව බඩේ තියන් නහයත් ඇද ඇද, ඒත් අද යූල්ව අත් දෙකේ තියන්.... හැමදේම මේ වෙනකන් වෙන්න කොච්චර දේවල් වලට මූන දෙන්න උනාද... එදා භාගෙට හදලා තිබ්බ තැන අද වෙනකොට සම්පූර්න උනා.... කලු පාට දුඹුරු පාට සුදු පාට එකතු උන තීම් එක මුලු කම්පැනිය පුරාම තියනකොට ජන්කුක්ට ආඩම්බර හිතුනා...
"මෙන්න මගේ කම්පැනි එක.. එදා වගේ අද නම් හිස් නෑ... අද ආවේ මන් ඒක හැමදේකින්ම පුරවන්න..."
ජන්කුක්ගේ උරහිස වටේට අතක් යවන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් එහෙමම පාත් වෙලා ටේහ්‍යොන්ගේ උරහිසකට තොල් දෙක තද කරා... යූල් නම් ඇස් දෙකත් ජන්කුක් වගේම ලොකු කරන් වට පිට බලනවා.. එයාට පුදුමයිනේ ඉතින්, මෙච්චර දවසකට ඩඩා එක්ක ගියේ එහෙ නෙවෙයිනේ...
"යූල් මැනික, මේක ඔයාගේ...."
ටේහ්‍යොන්ග් ඊලගට යූල් දිහා බලන් එහෙම කිව්වම යූල්ට හරි හිනාවක් ගියා..
"අත්තද ඩඩා... මේකේ ඉල්ල ඔක්කොම එනෝද යූල් බබා එක්ක සෙල්ලම් කලන්න..."
ඉදලා ඉදලා ගොන් කතා කියන ටේහ්‍යොන්ග්ට හොදම එකෙන් රවල ජන්කුක් යූල්ව තව ටිකක් උස්සගත්තම යූල් හොදට හරිබරි ගැහිලා ජන්කුක්ගේ බෙල්ල වටෙන් අල්ලගත්තා...
"ඩඩා කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි මැනික... ඒක බලමු තව ටිකක් ලොකු වෙනකොට... මගේ චන්ඩියා ඉක්මනට ලොකු වෙන්නකෝ..."
"අයි උයා මත මගේ චන්දියා කියල්ලේ....මන් එහෙම නෙවෙයිලේ.. අනිත මන් ඩඩාගේ...."
"අනේ.... ඉතින් මගේ චන්ඩියාට මගෙත් වෙන්න බෑද සුට්ටක්...."
ජන්කුකුත් යූල් වගේම ඇස් දෙක බෝල කරලා කට උල් කරලා අහනකොට යූල් කම්මුලටත් අතක් තියන් කල්පනා කරා...
"හලී.. හැබැයි චුත්තයි...ඒත් ඩඩා සැලයිනේ... ඒත් මන් ඩඩාට ආදලෙයිනේ.... ම..මදේ ඔම්මා.........
යූල් කියවන් යනකොට ටේහ්‍යොන්ග් ඒ කතාව නවත්තලා යූල්ව එයාගේ අත් උඩට වඩා ගත්තා....
"මගේ යූල් ඩඩා කියන එක අහනවා නේද..."
"ඕ..ඩඩා...."
දෙපාරක් නොහිතා යූල් ඔව් කියනකොට ටේහ්‍යොන්ග් යූල්ගේ කම්මුලක් ඉම්බා... තාමත් තුන් දෙනාම කම්පැනි එක ඉස්සරහා.... යූල්ගේ පන්ඩිත කතා අහනවා...
"මේ ඉන්නේ යූල් මැනිකගේ ඇත්තම මමා.... හරිද... අද ඉදන් එයා මමා .....අපේ පුන්චි මමා...."
එදා වගේම ටේහ්‍යොන්ග් ජන්කුක්ව පෙන්නලා එයාගේ අතකුත් ඉබලා එයා යූල්ගේ මමා කියනකොට යූල්ගේ මූන ප්‍රෙහෙලිකාවක් උනා...
"එ..ඒ උනාත අන්තල් පිරිමි බබෙක්නේ....ඩඩා...."
"දන්නවද මේ ලෝකේ කාටවත් ස්පෙශල් මමාලා නෑ... මගේ යූල්ට විතරයි එහෙම ඉන්නේ... යූල්ට තමයි ගොඩ් ඇවිත් ගිෆ්ට් එකක් දීලා තියෙන්නේ... ඔයාටයි මටයි ස්පෙශල් මමා කෙනෙක් ගොඩ් එවලා තියෙන්නේ...."
යූල්ගේ පිට අතගාන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ ටේහ්‍යොන්ගේ අතකුත් අල්ලගෙන ඇස් දෙකේ කදුලු පුරවන්.. කවුද කිව්වේ ටේහ්‍යොන්ග් ආදරනීය නෑ කියලා... ජන්කුක්ගේ හිතට ආදරේ දැනෙන්න ටේහ්‍යොන්ග් මේ හදන්නේ යූල්ට ඇත්තම මොකක්ද කියලා ආදරෙන් කියලා දෙන්න.. ටේහ්‍යොන්ග් කොයි තරම් ඒ දෙන්නා ගැන හිතනවද.. අහම්බෙන් හරි මේ ජීවිත වල ඇත්ත හුවමාරු වෙන්න අවස්තාවක් හම්බුන එකට ජන්කුක් දෙවියන්ට පිං දුන්නා...
පහලම තට්ටුවේ එම්ප්ලෝයිස්ලා ටේහ්‍යොන්ග් එනකොට නැගිටලා ආචාර කරා... අද කවදාවත් නැතුව යූල්වත් එක්කන් ඇතුලට යනකොට ඊට එහා පැත්තෙන් ජන්කුක්ගේ අතත් අල්ලගෙන හින්දා කට්ටිය ටිකක් උවමනාවෙන් බැලුවා.. යූල් නම් හෙන ගට් එකේ හිටියේ..මොකද එයාගේ ඩඩා කිව්වනේ මේ තැන එයාගෙයි කියලා..ඉතින් පොර හිතන් හිටියේ ඒකේ ලොක්කා එයා කියලා....
හිටපු අය ටේහ්‍යොන්ග්ට හිනා වෙලා ජන්කුක් දිහා අමුතුවට බලනකොට ජන්කුක් ලාවට රවන මූනක් හදන් ටේහ්‍යොන්ග් එක්ක ගියා..උන් මේ දැන් රැව්වට උන් ඉදගන්න පුටුවේ තීම් එක සිලෙක්ට් කෙරුවෙත් ජන්කුක් කියලා උන් දන්නවයෑ... හුහ්....
ආපු වෙලේ ඉදන් යූල්ට ඕන දෙයක් කරගන්න කියලා සෝෆා එකෙන් තියනා ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක ඔක්කොම චෙක් කරා... ජන්කුක්ට හිතාගන්න බෑ ටේහ්‍යොන්ග් තාමත් මොඩ්ල්ස්ලා අරන් නැත්තේ ඇයි කියලා..මොකද ටේහ්‍යොන්ග් ෆැක්ට්‍රි දෙකක් දිවෙව්වා... ඒ ඔක්කොගෙම වැඩත් එක්ක ටේහ්‍යොන්ගේ සාම්පල් කොලිටි.. ගොඩාක් ඉම්පෝර්ටන්ට් මැටීරියල්ස්......
"දැන් කියන්න... මොනාද කරන්න ඕන..මොනාද ඔයාගේ හිතේ තියෙන්නේ.. මට ඔක්කොම කියන්න ජන්කුක්..."
දවල් ලන්ච් එකත් අරන් කැබින් එකේ සෝෆා එකේ ඉදගන්න ගමන් ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක්ගෙන්... යූල් ටේහ්‍යොන්ගේ මේසේ අස්සේ රිංගන් හිටියා...
"මට මිස්ටර් කිම්ගේ සීක්රට් ප්ලේස් එකට යන්න ඕන..... හ්‍යුන්ග් මගේ ඔම්මව නැති උන විදිය මම විතරක් දැක්ක වෙන්න බෑ.... "
.
.
.
.
.
.
**********************
____________________________Dark_Sunshiner 🤍🥀
හලෝ... මං පරක්කුයිනේ...announcement එකක් දැම්මා මම.. සමාවෙන්න ...🫶
ඉවර වෙනවා ඉවරවෙනවා, තව සුට්ටයි....🙂
කම්මැලිද... මුල ඉදන් කතාව සම්බන්ධයි... ඔය ගිනි ගත්ත ඉඩම ගැනත් මුල තැනක කියලා ඇති, මින්ට කියලා ඩොකියුමන්ට්ස් හදනවා...මතකද දන් නෑ....
මේකේ real plot එකේ ජන්කුක් model කෙනෙක් නෙවෙයි... ඒත් ඉතින් වෙනස් කරලා ලියන්න උනා...
මොනා හරි කියන්න...මේක කියවන අය ඉන්නවා නෙහ්...🫠
••••••••••••••••••••••••••••••••••••••••••
අවුරුදු ගානක් මහන්සි උන දේවල් නැත්තටම නැති වෙලා අසාර්ථක වෙනකොට... ඇත්තටම අමාරුයි වෙලාවකට....
අන්තිම මොහොත වෙනකන්ම, අතට ලැබෙනකන්ම ඕනවට වැඩිය දේවල් විශ්වාස කරන්න එපා, බලාපොරොත්තු තියාගන්න එපා....
ලැබෙන්න දෙයක් තියනවා නම් මොන මගුල කරත් අනිවාරෙන් ලැබෙනවා,
ඒක ලැබෙන් නැත්නම් මේ ඒක අතට හම්බුනා වගේ පෙනිලා හරි අපිට ඒ දේ අහිමි වෙනවා......!
අපේ ජීවිත ලියවිලා තියෙන්නේ හරි පුදුම විදියට...
ඔයා මොන වයසක කෙනෙක් උනත්,,
කල්පනාවෙන්....!!!!!!!
••••••••••••••••••••••••••••••••••••••••••
Thanks for reading ♥️
To be Continued...
2024/01/15
Bạn đang đọc truyện trên: AzTruyen.Top