|51|

"චටාස්....!!!"

ටේහ්‍යොන්ගේ කම්මුල පුපුරු ගහන්න වගේ... ඒ තරම් තදට සද්දෙට අර කම්මුල් පාර වැදුනා...

"ටේහ්‍යොන්ග්..මම අහන්නේ රියා කොහෙද....එච්චරයි..."

"මන් දැන් එක පාරකුත් කිව්වා මිස්ටර් කිම්, රියා කොහෙද කියලා මන් දන් නෑ..."

හ්‍යුන්බින් දත්මිටි කාගෙන කම්මුලකුත් අල්ලන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලලා ලී දිහා බැලුවා..

"ගනින් ඔය ටික..."

හ්‍යුන්බින් කෑ ගැහුවම ලී ලියුම් කවරයක් හයුන්බින් අතට දුන්නම හ්‍යුන්බින් ඒකේ ඇතුලේ තිබ්බ පොටෝ ටික අරගෙන ටේහ්‍යොන්ගේ මූනටම දමලා ගැහුවා...

"මිස්ටර් කිම්, තමුන් තමුන්ගේ සීමාවේ ඉන්න... මට මෙහෙම කරන්න තමුන්ට කිසිම අයිතියක් නෑ..."

"අයිතිය, මන් උබේ ඩෑඩ්.. ඒකම මදිද මට අයිතියකට... හොදට ඇස් ඇරලා බලපන් , කොහෙද ඉන්නෙ කියලා ඒකි... ඒකි රටෙන් පිට වෙනවා ඒකිගේ මිනිහා දන් නෑ.. හහ්.. හරි ශෝක් විහිලුව..උබට පවුල කඩාගන්නද මන් මේ මැරේජ් එක කරලා දුන්නෙ උබට..."

ටේහ්‍යොන්ග් දත් මිටි කාගෙන බිමට වැටිලා තියන පොටෝ දිහා බැලුවා...රියා රියා එයාපෝර්ට් එකේ ඉන්න ෆොටෝස්, ඇතුලට යන ෆොටෝස්... ටේහ්‍යොන්ග් කටකොනකින් හිනා උනා....

"මොකද උබ හිනාවෙන්නේ... උබ හිතන දේවල් එකකවත් වෙන් නෑ ටේහ්‍යොන්ග්, අන්න ඒක මතකතියාගන්නවා හරි, අර කාලකන්නියා ආයෙත් ආවා කියලා ....

ඒ වෙලේ ටේහ්‍යොන්ග්ට දැනුනේ එයාව ගිනි ගන්නවා වගේ.. අද හවස පාටි එක... ඒකට ලෑස්තිත් වෙල ඇවිත් හ්‍යුන්බින්ගෙන් මෙහෙම කතා අහන් ගුටි කන්න උනාම.. ඒ මුකුත් කමක් නෑ කිසි  වරදක් නොකරපු ඒ අහිංසකයට කාලකන්නියා කිව්වම...

"කට..කට පරිස්සමට මිස්ටර් කිම්... ජන්කුක්, මගේ කොල්ලගේ නම ජෝන් ජන්කුක්, මේ කිම් කම්පැනි එකේ මේන් මොඩ්ල්, මගේ දරුවගේ මමා, මගේ ලොකේ මට වටිනම වස්තුව... උබලා ඔක්කොම එකතු වෙලා ඒකව මැරුනා කියලා බොරු කියලා මාව මැඩෙව්වට තවත් මන් ඒවට නැටවෙන්නේ නෑ.....

"චටාස්...!!!"

ආයෙත් පාරක් ටේහ්‍යොන්ගේ කම්මුලට පාරක් වදිනකොට ටේහ්‍යොන්ග් ඉස්සරහට පැනලා හ්‍යුන්බින්ගේ කොලර් එකෙන් අල්ලගත්තේ දත්මිටි කාගෙන..ටේහ්‍යොන්ගේ ඇස් කේන්තියෙන් රතු වෙලා....ලී පැනලා ටේහ්‍යොන්ග්ව අල්ලන් හ්‍යුන්බින් ගාවින් ඈත් කරන්න හදනකොට හ්‍යූන්බින් ටේහ්‍යොන්ගේ අත් දෙක ගල්වලා විසි කරා....

"කොහෙවත් යන හිගන්නෙක් හින්දා උබ එහෙනම් මට අත ඉස්සුවා ටේහ්‍යොන්ග්.. හොදට බලන් ඉදපන් මන් ඕකට මොකද කරන්නෙ කියලා...."

හ්‍යුන්බින් කේන්තියෙන් උනත් කට කොනින් හිනා වෙලා කියනකොට ටේහ්‍යොන්ගත් දෙක ගසලා අර විදියටම කට කොනින් හිනා වෙලා ඇවිස්සුන ඇදුම් ටික හදාගත්තා...

"කරන්න, මොනවා කරන්නද, තමුන්ට ජන්කුක්ට අතක්වත් තියන්න බෑ මිස්ටර් කිම් ඒක හොදට මතක තියාගන්නවා, ජන්කුක්ගේ ශූට් දෙකක් අද රෑ වෙනකොට රිලීස් වෙනවා, අනික රේටින්ස් කොහොමද කියලා මන් ඇන ඇන පෙන්නන්න ඕනද .... ජන්කුක්ට මොනවා හරි උනොත් සම්පූර්න වැරැද්ද වගේම වගකීමත් තමුන් අතට එන්නේ.. බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා.. ඔක්කොම පටන් ගත්තා විතරයි.. තවත් මාව රූකඩයක් වගේ නට්වන්න කිසිම හේතුවක් තමුන්ට මන් ඉතුරු කරන් නෑ...."

පොල්ලෙන් ගහන්න වගේ හ්‍යුන්බින්ගේ මූනටම ලන් වෙලා ඒ ටික කියපු ටේහ්‍යොන්ග් දොර බිත්තියේ වැදෙන්න තරම් හයියෙන් ඇරන් එලියට ගියාම හ්‍යුන්බින් සම්පූර්නයෙන්ම කැබින් එක අනිත් පැත්ත ගැහුවා....

කොහෙන්ද..කොහෙන්ද  ටේහ්‍යොන්ග්ට එච්චර හයියක්......

.

.

ජන්කුක් එපාර්ට්මන්ට් එකෙන් එලියට බැස්සෙ පාටි එකට යන්න...ජිමින් කලින් එලියට ගියා..මොකද එයා දැන් කොරියා වලට ආපු හින්දා මෙහෙ මොඩ්ල් ස්කූල් එකත් එක්ක ජොයින් වෙලා ඉන්නේ... එලිවේටර එකෙන් එලියට ඇවිත් කම්ප්ලෙක්ස් එකෙන් එලියට එනකොටම කම්පැනි එකෙන් ආපු වාහනේ ගාවට ජන්කුක් ඇවිදන් යන්න මේන් එන්ට්‍රන්ස් එක ගාව ඉදලා ඉස්සරහට අඩිය තිබ්බා විතරයි වේගෙන් ආපු කලු පාට වාහනයක් ජන්කුක් ඉස්සරහින් බේක් කරලා නැවැත්තුවේ ජන්කුක් බයටම පස්සට පයිනකොට...

කලු පාට මිල අධික වාහනේ එතනින් නතර කරාම ජන්කුක් හැදුවේ ඒක මගෑරලා වටෙන් ආයෙත් වාහනේ ගාවට යන්න.. ඒත් ඊට කලින් අර නවත්තපු වාහනෙන් බැස්සේ ටේහ්‍යොන්ග්... ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් ටේහ්‍යොන්ග් දිහා බැලුවේ පිස්සුද කියලා බලන්න වගේ... තනි කලු ඇදලා හිටිය ටේහ්‍යොන්ගේ කොන්ඩේ ඇවිස්සුනත් ඒකත් හොට් විදියට පෙනුනා....

"නගින්න..."

වාහනෙන් බැහැලා වටෙන් ජන්කුක් ගාවට ඇවිදන් ආපු ටේහ්‍යොන්ග් එහෙම කියනකොට අර කම්පැනි එකෙන් එවපු වාහනෙන් ඩ්‍රයිවර් බැස්සා...

"කොහෙ යන්නද... අර වාහනයක් එවලා තියෙන්නේ..."

ජන්කුක් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් පැසෙජර් ශීට් එකේ දොරත් ඇරලා ආයෙත් ජන්කුක් දිහා බැලුවා...

"මොක උනත් මොකද එකම කම්පැනි එකේනේ, ඒ හින්දා නගින්න..."

ටේහ්‍යොන්ග් ඇහි බැමක් උඩ දාලා කියනකොට ජන්කුක් අත් දෙක බැදගත්තා.. ඇදන් හිටිය අවුට් ෆිට් එකට උඩින් ජන්කුක් ලොකු කෝට් එකක් දාන් හිටියේ.. ජන්කුක්ගේ ලස්සන කලු කොන්ඩේ උඩට කරලා කෑල්ල නලලට වැටෙන්න හදලා හිටියේ , තොල් දෙක ඉලිප්පිලා ලා රෝස පාටට දිලිසෙනකොට ජන්කුක්ව ඒ විදියට තවත් සෙක්සි විදියට පෙනුනා...

"තේරුම්ගන්න අපිට ඒකට එකට යන්න බෑ...ඒක ප්‍රශ්නයක් ඒ හින්දා මන් අරකේ යන්නම්..ඔයා යන්න ටේහ්‍යොන්ග්..."

ජන්කුක් එහෙම කියනකොට ටේහ්‍යොන්ග් පිටිපස්ස හැරිලා අර ඩ්‍රයිවර්ට ඇගිලි දෙක්කින් මොකක් හරි කිව්වම මනුස්සයා දඩ බඩ ගාලා වාහනේට නැගලා ස්ටාර්ට් කරන් ගියා...

"දැන් හරිනේ, ඒක ප්‍රශ්නෙකුත් නෑනේ... ඒ හින්දා නගින්න..පරක්කු වෙනවා.."

ජන්කුක් වෙන කරන්න දෙයක් නැති තැන ටේහ්‍යොන්ග් දොර ඇරන් හිටිය පසෙන්ජර් ශීට් එකට නැග්ගම ටේහ්‍යොන්ග් දොරෙන් පහලට වැටුනු ජන්කුක්ගේ ලොකු කෝට් එකේ කොන අල්ලලා ඔඩොක්කෙට දාලා දොර වැහුවා... ඊට පස්සේ එහා පැත්තෙන් ඇවිත් ශීට් එකෙට නැගලා බෙල්ට් එක දාගෙන ජන්කුක් දිහා බලනකොට ඒකත්  ටේහ්‍යොන්ග්ම කරන්න කලින් ජන්කුක් දා ගත්තා...

"let's go ...."

ටේහ්‍යොන්ග් වාහනේ රේස් කරලා පාරට දැම්මම ජන්කුක් අත් දෙකෙන්ම ශීට් එක අල්ලගත්තා.. ඒ තරම් වේගෙන් ටේහ්‍යොන්ග් වාහනේ අරන් ගියේ.. ටේහ්‍යොන්ගේ කොන්ඩේ ඇවිසීලා, මූනත් රතු වෙලා...පුලුවන් තරම් සන්සුන්ව කතා කරාට කේන්තිය මූනේ පිරිලා.. ඒක ජන්කුක්ට තේරෙන්නෙ නැත්නම් කාටද තේරෙන්නේ....

"කො..කොහෙද යූල්...."

ජන්කුක් හෙමින් කෝකටත් ඇහුවේ ටේහ්‍යොන්ගේ කේන්තිය ඇවිස්සෙන් නැති වෙන්න..

"එයා මාක් එක්කයි යුන්ගි එක්කයි එයි..අපි යමු..."

ටේහ්‍යොන්ග් හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක ගාවම වාහනේ නැවැත්තුවා.. මීඩියා පිරිලා... ටේහ්‍යොන්ග් ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැලා එතන හිටපු ගාඩ් කෙනෙක්ට යතුර විසි කරලා අනිත් පැත්තෙන් ඇවිත් ජන්කුක්ට දොර ඇරියා... ඇරලා ජන්කුක්ට බහින්න අත දෙනකොට ජන්කුක්ට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි උනා....

කැමරාස් ෆෝකස් වෙලා තියනකොට ජන්කුක් හෙමින් ටේහ්‍යොන්ගේ අතින් අල්ලගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව නැගිට්ටවගත්තම... ෆ්‍රෑශර්ස් වැදෙන්න ගත්තා අන්ධ වෙන්න.. මේක හොට්ම හොට් නිව්ස් එකක වෙනවා ශුවර්.. ජිමින් හිටියානම් ජන්කුක්ගේ පස්සට දෙකක් දෙනවා හික් ගෑවෙන්න...

ජන්කුක්ගේ ලොකු සුදු පාට කෝට් එක ගලවලා එතන කෙනෙක් අතට දුන්නු ටේහ්‍යොන්ග් එයාගේ කලු කෝට් එකත් ගලවලා එයාටම දුන්නා.. ඒලගට ජන්කුක්ගේ අතක් එයාගේ අත වටේ පටලන් ඇතුලට යන්කොට වටේ හිටපු අයගෙන් සූ ගාලා සද්දේ ඇහුනා....

ජන්කුක් සුදුම ඇදලා, සපත්තු දෙක පවා තනි සුදු ටේහ්‍යොන්ග් තනිකරම කලු, ඩෙවිල් ඇන්ඩ් ඒන්ජල් වගේ... රෙඩ් කාපට් එක දාලා තිබ්බ හෝල් එක මැදින් ඉස්සරහට ටේහ්‍යොන්ග් යනකොට ජන්කුක්ට පුදුම අපහසුතාවයක් දැනුනේ..ඉස්සරහට යන්න, ඒකත් ටේහ්‍යොන්ග් එක්ක.. වැඩි දුර යන්න ඕන උනේ නෑ හ්‍යුන්බින්ගේ ගිනි ගන්න ඇස් දෙක දෙන්නටම මුන ගැහුනම ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක් හිටි තැනම මැද නතර උනා..

"ම..මාව අතාරින්න... ප්ලීස් ටේහ්‍යොන්ග්..."

"බයවෙන්න එපා ජන්කුක්..ඔයා මන් ඉන්නකන් බය වෙන්න ඕන නෑ..මට දැන් මේක ඇති වෙලා...'

හ්‍යුන්බින් වටේ කට්ටියට හොද හිනාවක් දෙන ගමන් දෙන්න ගාවටම ඇවිදන් ආවේ ගිනි ගන්න ඇස් දෙකෙන්...

"මොකක්ද මේ කරන විකාරේ... දැනටමත් මීඩියා වලින් අරන් ඇති...මගේ නම්බුව කන් නැතුව නවත්තනවා ඕක..."

"ඔහ් ප්ලීස් මිස්ටර් කිම්.... කොහොමත් මන් රියාගෙන් ඩිවෝස් උනා.. තව පැයක් යනකොට ඒ නිව්ස් එකත් හැමෝම දැනගනි..ඉතින් මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක මට එලියට එන්න බැරි කමක් නෑනේ.."

අන්න ඒකටනම් ජන්කුක්ගෙත් කටත් පොඩ්ඩක් ඇරුනා..පිස්සුනේ මේ මිනිහට කරන මගුලක් කියලා කරන්න ඕන... කොච්චර චන්ඩිකම් දැම්මත් ටේහ්‍යොන්ග් ඉස්සරහා ඒවා බැහැලා යන්න දෙපාරක් හිතන් නෑ ජන්කුක්ගේ ....

"මෝ.මොකක්.. තමුසෙට පිස්සුද අහ්..ටේහ්‍යොන්ග්.. රියාගේ ඩෑඩ්.. මන් එයාට මොකක්ද කියන්නේ..අපේ රිලේශන්ශිප් එක.. මගේ පාර්ට්නර්ශිප් එකට මොකක්ද වෙන්නේ..."

හ්‍යුන්බින්ට තද වෙන්න පුලුවන් උපරිමෙන් තද වෙලා හිටියේ... ටේහ්‍යොන්ග් ලද අවස්තාවෙන් කරන්න පුලුවන් ඔක්කොම කරනවා.... මිස්ටර් ලී ටැබ් එකත් උස්සන් එතනට දුවන් ආවේ කලබලෙන්....

කිම් කම්පැනි එකේ heir පලමු විවාහයෙන් ඩිවෝස් වෙලා කිම් කම්පැනි එකේ මේන් මොඩ්ල් එක්ක ඩේටින් කියන නිවුස් එක පට පට ගාලා ශෙයාර් වෙනකොට හ්‍යුන්බින් ටේහ්‍යොන්ග් දිහයි ජන්කුක් දිහායි මරන් කන්න වගේ බලලා ඇවිදන් ගියා.. ලීත් ඒ පස්සෙන් දුවන් යනකොට ටේහ්‍යොන්ග් එහෙමම ජන්කුක්ගේ අතක් උඩට උස්සලා අල්ලේ පිට පැත්තෙන් තොල් දෙක තියලා සිප ගත්තා....

"Let's Dance Baby....."

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් මහත් උනා.... වටෙන් ස්ලෝව් මියුසික් එකක් ඇහෙනකොට පාට පාට ලස්සන එලි දෙක තුනක් මුලු හෝල් එකම එලිය කරා... ජන්කුක්ගේ සුදු පාට කෝට් එක අස්සෙන කඩා හැලෙන කමිසේ උඩින් අත දාපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව ලගට ඇදලා අරන් අනිත් අතින් ජන්කුක්ගේ අතක් අල්ලගත්තේ ජන්කුක්ගේ අනිත් අත ඉබේම ගිහින් ටේහ්‍යොන්ගේ උරහිසේ නතර වෙනකොට....

ජන්කුක් ටේහ්‍යොන්ගෙ දෙන්නට දෙන්න මූනට මූන බලන් හිටියා.. එයාලට ඇතියි කියලා හිතෙනකන්... එයාලා වටේට තවත් ගොඩාක් කපල්ස් නටනවා..හරිම හෙමින්... ඒ අතරේ ටේහ්‍යොන්ග් එයාට මගෑරුනු ගොඩ කාලෙකින් දකින දිලිසෙන බෝල ඇස් දිහා බලන් හිටියා... ඇස් වටේට තිබ්බ ලා දිලිසෙන මේකප් එකත් එක්ක ජන්කුකුව ගොඩාක් ලස්සනට පෙනුනා..හරියටම ඒන්ජල් කෙනෙක් වගේ... කොන්ඩේ ගානට හදලා තනි සුදු ඇදලා පිලිවෙලට ඉන්න ඒන්ජල් ගාව ඉන්න කොන්ඩේ ඇවිස්සිලා තනි කලු ඇදලා හිතුවක්කාර පෙනුමට ඉන්න ටේහ්‍යොන්ග්ව හරි ලස්සනට ගැලපුනා.. ටේහ්‍යොන්ගේ අත් වලට ඒ හීනි ඉන කවදත් වගේ පර්ෆෙක්ට් විදියට ගැලපුනා...

දැන් ඉන්නේ එදා හිටපු අහිංසක කොල්ල නෙවෙයි.. ඒ ඇස් එක එක දේවල් වලින් පිරිලා මේකප් කරපු ඇස් හරි සරාගී පාටයි... එයාල හරි ලස්සනයි දිලිසෙන ලයිට් එලි මැදින් නටනකොට එයාලා ගොඩාක් ලස්සනට පෙනුනා...

කිසිම දවසට රියා එක්ක පාටියකට නොඑන ටේහ්‍යොන්ග්, ආවත් වෙන වෙනම ඇවිත් වෙනම ඉන්න ටේහ්‍යොන්ග් මේ මුලු හැමෝම ඉස්සරහා ජන්කුක්ගේ ඉනට අතත් දාන් තුරුල් කරන් නටනකොට ජන්කුක් එයාගේ ඔලුවේ තියන පීඩනේ එක මොහොතකට අමතක කරන්න උත්සාහා කරා...මොකද ජන්කුක් කියන්නෙත් මනුස්සයෙක් මොන දේ උනත් දැන් එයාගේ හිත දන්නවා ටේහ්‍යොන්ග් වැරදි නෑ කියලා , අනික එදා තරම්ම හොදට ජන්කුක්ට ටේහ්‍යොන්ගේ ආදරේ උනුසුම වෙනසක් නතුවම දැනෙනවා...

වැරදි ගැන කියනවානම් ජන්කුක්ව ටේහ්‍යොන්ග්ට ලන් උනෙත් ලොකුම ලොකු වැරද්දක් හින්දා.. ඒ තරම් සෙල්ලක්කාර ටේහ්‍යොන්ග් ජන්කුක් නැතුව අවුරුදු  ගානක් පසුතැවිලි වෙලා එයා ගාව කදුලු හලනවා කියන්නෙම ඒක ජන්කුක්ට ලොකු දෙයක්.. වෙන කාටවත්ම නෙවෙයි කාටත් වඩා හොදට ටේහ්‍යොන්ග්ව දන්න ජන්කුක්ට ලොකු දෙයක්...

"ජන්කුක්.. මැනික... "

"ම්ම්..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කනට කරලා කොදුරනකොට ජන්කුක් මිමිනුවා...

"යන්න එපා... ආයෙත් යන්න එපා ...."

"කොහෙද..."

"කොහෙවත්, ආයෙත් මට තනිවෙන්න බෑ, යූල් එක්ක මට මේ ජීවිතේ තනිවෙන්න ඕන නෑ... මට හරි මහන්සි මැනික..."

ටේහ්‍යොන්ගේ අවංක වචන ජන්කුක්ගේ හිත පාරනකොට ජන්කුක් එහෙමම ටේහ්‍යොන්ගේ උරහිස උඩ තිබ්බ අත අරන් ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් යවලා සිනිදුවට අතගෑවා...

"යන් නෑ..හ්‍යුන්ග්...."

ජන්කුක් හෙමීට ටේහ්‍යොන්ගේ කනට කරලා කියනකොට ටේහ්‍යොන්ග් එහෙමම බෙල්ල නවලා ජන්කුක්ගේ උරහිසක් තදට සිප ගත්තා....

"ආයෙත් ඔයා එහෙම කියනවා අහන්න මන් බලන් හිටියා... ආදරෙයි.....!"

එතනින් පස්සේ දෙන්නා කිසිම දෙයක් කිව්වේ නෑ.. ඒවචන ප්‍රමානවත් උනා හැම හැගීමකටම... ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව දැනෙන්න, ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව දැනෙන්න...

"ඩඩා.....!!!!"

ඔන්න මදි පාඩුව දුවන් ඇවිත්... යූල් ටේහ්‍යොන්ගෙයි ජන්කුක්ගෙයි කකුල් අස්සෙන් පැන්නේ ඔක්කොටම ඇහෙන්න කෑ ගහගෙන....

"ඕ.. මගේ යූල් මැනික..."

ටේහ්‍යොන්ග්ටත් කලින් ජන්කුක් ටේහ්‍යොන්ග්ව අතෑරලා යූල්ව වඩාගත්තම යූල් ජන්කුක්ගේ බෙල්ල වටෙනුත් අතක් දාන් ටේහ්‍යොන්ගේ කෝට් කරෙන් අල්ලගත්තා... ඒ වෙලේ තමයි පිටිපස්සෙන් හිටන් ඉදපු මාක් යුන්ගි ඩබලට දෙන්නගේ ඇස් ගියේ... මාක්ගේ ලස්සනට ගානට හදපු කොන්ඩේ කාක් කූඩුව වගේ, යුගිගේ ඇදුම බල්ලො කාලා වගේ... යූල් ඇස් දෙකත් බෝල් කරලා මාක්ටයි යුන්ගිටයි හුරතලේට හිනා වෙලා ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා...

"යූල් දග වැඩක් කරලා නෙවෙයිනේ ඇවිත් හුරතල් වෙන්නෙ නේද..."

ටේහ්‍යොන්ග් ටිකක් තදින් අහනකොට යූල් පටස් ගාලා ටේහ්‍යොන්ගේ ඇදුමේ තිබ්බ අත අරන් ජන්කුක්ට තව ටිකක් තුරුල් උනා...

"හ්‍යුන්ග් කෑ ගහන්න එපා යූල්ට.. එන්න මගේ චන්ඩියා අපි මොනා හරි බොමුද.."

"හලීඊඊඊ....."

ජන්කුක්ට දත් සෙට් එකම දාලා හිනා උන යූල් එතනින් ගියාම යුන්ගි මාක් එක්ක එතනට ලන් උනා...

"යෝ..තොගේ හපන්කම් බලලා බලලා බැරිම තැන මේ ආවේ.. අර පොඩි බෝම්බේ අපි දෙන්නම කෑවේ නැති ටික විතරයි..."

"කියපන් මගේ ලමයා ඉන්න තැන එහෙම ඔය කතාව කට කඩනවා..."

"බලන්වා යුන්ගි මගේ කොන්ඩේ, දෙයියනේ මන් පිස්සෙන් වගේ නේද.. ඕ මයි ගෝඩ්.....

මාක් යුන්ගිව බෙල්ලෙන්ම අල්ලගත්තම් යුන්ගි ටේහ්‍යොන්ග්ට හෙන අමාරු හිනාවක් දැම්මා...

"නෝ බබා.. ඒක එච්චර අවුලක් නෑ..."

"අවුලක් නෑ.. අවුලක් නෑ බලනවා අර මිරර් එකෙන් මාව පේන විදිය... යකෙක් වගේ.. මෙහෙ එනවා යන්න.. ටේ.. ඔයා ආයේ යූල්ව බලාගන්න දෙනවානම් මන් වෙනම පේමන්ට් එකක් ඒකට ගන්නවා...."

ටේහ්‍යොන්ග්ටත් ගස්සලා මාක් යුන්ගිව ඇදන් යනකොට ටේහ්‍යොන්ග් යුන්ගිගේ උරහිසට තට්ටුවක් දාලා අයිනේ මේසෙකට වෙලා ඔරේන්ජ් ජූස් එකක් බොන ජන්කුකුයි යූලුයි දිහා බැලුවා... දෙන්න එක ගාවින් ඉන්නකොට ඇස් දෙක එක වගේමයි.. බෝලෙට දිලිසෙනවා...

ටේහ්‍යොන්ග්ට පේනවා හ්‍යුන්බින් රියාගේ ඩෑඩ් එක බර කතාවක්.. ආයෙත් මොනවා කරන්න ප්ලෑන් කරනවද දන් නෑ.. ඒ උනත් ඒ එක දේකටවත් ටේහ්‍යොන්ග් දැන් බය උන් නෑ.. ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිදන් ගිහින් එතනින්ම වාඩි උනා...

"හ්‍යුන්ග් ලේන්සුව දෙන්න පොඩ්ඩක්.. "

ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ලේන්සුව ඉල්ලන් යූල්ගේ කර වටේ බැන්දාම මේසෙ උඩ තිබ්බ කෑලි කපපු පලතුරු ඉවක් බවක් නැතුව යූල් ගිලින්න ගත්තා...

"ගොඩාක් කන්න එපා මැනික... "

"අයි ඒ... ඒවා රතයිනේ..."

"රස උනාට ඕවා විතරක් කාලා බෑ..."

"කමක් නෑ කන්න දෙන්න ජන්කුක්...එයා කොහොමත් ඔයා වගේ, පලතුරු කනවා නැත්නම් ජූස් බොනවා..."

ටේහ්‍යොන්ග් කිව්වම ආයේ ජන්කුක් මුකුත් කිව්වේ නෑ... රියා රටින් ගියේ ආයෙත් යූල්ව හම්බෙන් නැතුව.. යූල් ගොඩාක් රියාව හෙව්වා.. එක පාරටම ලගම හිටපු අය ඈත් වෙනකොට පොඩි හිත් වලට දරාගන්න අමාරුයිනේ... ඉතින් ටේහ්‍යොන්ග් ඒකට විශේශ දෙයක් කරන්න, බොරු කරන්න ගියේ නෑ.. රියාගෙන් අමාරුවෙන් හරි යූල් අයින් වෙන්න ඕන, ඒ වෙලාවට යූල් එක්ක වැඩිපුර ගැවසිලා, ජන්කුක් එක්ක තියලා, යුන්ගි මාක් එක්ක ඉන්න හුරු කරලා ටේහ්‍යොන්ග් යූල්ට ඒ දේවල් අමතක කරවන්න හැදුවා මිසක් අම්මා එයි කිය කිය බොරු කියන්න ගියේ නෑ.. ඒක ජන්කුක්ට කරන ලොකු අසාධාරනයක්.. ජන්කුක්ගේ ආදරේ දැනෙනකොට යූල් නිකන්ම ජන්කුක් ගාවට ඇදෙනවා කියන්න ටේහ්‍යොන්ග් දන්නවා, ඒ හින්දා මොන විදියෙන් හරි ඒ දේ කරා මිසක් වෙන දේවල් ටේහ්‍යොන්ග් කරන්න හිතුවේවත් නෑ..

ජන්කුක් උනත් රියාට ඊරිසියා නොකර තේරුම්ගත්තා...මොකද රියා ගැන යූල්ගේ හිතේ මතක වැඩීනේ.. ඉතින් යූල් තවත් කාලෙකින් ඒ දේවල් ඔලුවෙන් අයින් කරයි, උබේම අයින් වෙයි.. ඒක විශ්වාසයි, ජන්කුක් ටේහ්‍යොන්ග් මැද යූල්ගේ හිතේ තවත් කෙනෙක්ට ඉඩ නැති වෙයි ගොඩාක් දුරට....

"අනේ හ්‍යුන්ග් බෑ... යූල් තනියමනේ එතකොට..."

"මාක්ටයි යුන්ගිටයිනේ දෙන්නෙ ජන්කුක්...."

"ඒ උනාට, ඒ දෙන්නටත් බෑනේ........

"ඒක උන්නෙ බලාගන්නේ, මෙයා ඒ දෙන්නව මරන් කෑවත් උන් දෙන්නා බලාගනී.. ප්ලීස් කූ..."

ජන්කුක්ගේ කර උඩම නින්ද ගිහින් ඉන්න යූල්ව මාක්ගෙයි යුන්ගිගෙයි ඇගේ ගහන්න හදන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් බෑම කිව්වා... හ්‍යුන්බින් අලුත් ප්‍රොජෙක්ට්, ඉදිරිපත් කරනවා.....   ඩොනේශන්  ගැන කතා කරනවා....අලුත් පාර්ට්නර්ශිප්ස් ඩිවලොප් කරනවා... මිනිස්සුන්ගේ හිතෙන් නරක නාමේ යවන්න පුලුවන් ඔක්කොම හ්‍යුන්බින් කරන්වා..එයාගේ අවධානේ මොහොතකට ජන්කුක්ගෙනුයි ටෙහ්‍යොන්ගෙනුයි ඈත තිබ්බේ....

"ඒ පාර තෝ කොහෙද යන්නේ... "

ටේහ්‍යොන්ග් යූල්ව උස්සන් ගිහින් දෙයියනේ කියලා ආයෙත් කොන්ඩේ හදන් ඇවිත් ඉන්න මාක්ගේ ඇගෙන් තිබ්බම ඔක්කොටම කලින් යුන්ගි මාක්ගේ උඩ ගිය කෙස් කෑල්ලක් හදලා ඇහුවේ ටේහ්‍යොන්ග්ට රවන ගමන්..

"පොඩ්ඩක් එලියට..උබලා දෙන්නම මගේ හොදම යාලුවෝ.. මට ඒවා කවදාවත් අමතක වෙන් නෑ මචං..."

ටේහ්‍යොන්ග් හෙන ඉමෝශනල් විදියට කියලා එතනට ආපු ජන්කුක්වත් ඇදන් පැත්තේ තිබ්බ දොරකින් එලියට පැන්නම යුන්ගියි මාකුයි කන්ෆියුස් වෙලා බලන් හිටියේ..

"ගොන් හිවලා..පැන්නා නේද බටර් ගාලා...."

"ආයිශ්..කනවා මන් ඕකව..යුන්ගීඊඊඊ....!"

"ඇ..ඇයි බබා... ඉට්ස් ඕකේ අපි ගෙදර යන්.."

මාක් තැටිය දිගාරින්න පටන් ගන්න කලින්ම යුන්ගි මාක්ගේ අතින් යූල්ව අරන් එලියට ආවා..කොහොමත් ඩෑඩ්ලා හින්දා මේකට ආවට මෙලෝ මල සිහියකින් නෙවෙයි දෙන්න හිටියේ....
.

.

"කොහෙද හ්‍යුන්ග් මේ යන්නෙ අපි...."

ජන්කුක් එක්ක එලියට පැන්න ටේහ්‍යොන්ග් වාහනේට ජන්කුක්ව ඔබාගෙන මේ යන ගමන් හිටියේ.. දෙපැත්තේ ශටර් දෙක ඇරලා කොන්ඩේ හෝ ගාලා හුලගේ ගිහින් ඇවිස්සිලා.. රෑ පාරවල් වල සෙනගත් නෑ..

ටේහ්‍යොන්ග් එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනික් අතින් ජන්කුක්ව අල්ලන් හිටියා.. ජන්කුක් ශටර් එකට වැලමිට තියාගෙන හුලන් පාරට මූන ඇල්ලුවා...

"ඔහ්.. වහින්න වගේ...."

හයියෙන් විදුලියක් කොටලා ගොරවනකොට ජන්කුක් කිව්වේ ටේහ්‍යොන්ගේ අත තද කරගන්න ගමන්....

"එහෙනම් තවත් හොදයි..."

"අහ්..."

"නෑ.. වහින එක හොදයි... "

"මට නම් තේරෙන් නෑ මොනා කියනවද කියලා... "

ජන්කුක් ටේහ්‍යොන්ගේ කට කොනින් හිනාව දිහා බලල ඔලුව දෙපැත්තට හෙල්ලුවම ටේහ්‍යොන්ග් ඇහැක් ගැහුවා.. ටේහ්‍යොන්ග් මත් වෙලාද මන්දා ජන්කුක්ට හොයන්නත් බෑ.. ටේහ්‍යොන්ග් වේගෙන් රේස් කරලා වාහනේ අතුරු පාරකට හැරෙව්වම ජන්කුක් වටපිට බලන්න ගත්තා... කැලේ මැදින්  කාපට්වත් කරපු නැති අතුරු පාරක මේ කොහෙ යනවද කියලා ජන්කුක් දැනන් හිටියේ නෑ...

වැස්ස පටන් අරන් හුලන් පාරත් එක්ක වතුර ඇවිත් දෙන්නම තෙමුවත් ශටර් එක වැහුන් නෑ... පොඩි පාර  දිගේ වාහනේ අරන් ඇවිත් ටේහ්‍යොන්ග් කොහෙන් හරි නැවැත්තුවාම ජන්කුක් වටේටම ඇස් යවලා බැලුවා කලුවරයි..

"බහිමු..."

"අහ්....."

ජන්කුක් පුදුමෙන් ඉන්නේ ... ටේහ්‍යොන්ග් අර මහ වැස්සෙම එලියට බැහැලා කලු පාට කෝට් එක ගලවලා සීට් එක උඩට අතෑරලා අනිත් පැත්තෙන් ආවා.. ඒ එන ටිකට ටේහ්‍යොන්ග්ව හොදටම තෙමිලා.. ජන්කුක් හිටපු තැන දොර ඇරපු ටේහ්‍යොන්ග් බය වෙලා ඉන්න ජන්කුක්ගේ අතින් ඇදලා නැගිට්ටවලා අර කෝට් එක ගලවලා ශීට් එක උඩට දාන ගමන් හරහට උස්සගත්තා..

"හ..හයුන්ග්.. මන් වැටෙයි....!"

"මන් කවදාවත් වට්ටලා තියනවද..ඔයා ඔයිට වඩා බර කාලෙත් මන් ඔයාව ඉස්සුවා හරිද..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නහය හපලා කිව්වම ජන්කුක් අත් දෙක ටේහ්‍යොන්ගේ බෙල්ල වටේ දාගත්තා... දෙන්නම හොදටම තෙමෙනවා.. වාහනේ ඉස්සරහා ලයිට් වලින් ඉස්සරහා එලිය වෙලා.. වටේටම උස ගස් ඒ වාහනෙ නවත්තපු තැන පොඩි එලිමහන් තැනක්.. මහ කැලේ මැද්දේ මහ අවැස්සේ මහ රෑක දෙන්නම වැස්සෙ තෙමෙනවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සන් ඇවිත් බොනට් එක උඩින් ඉන්දවලා ජන්කුක්ගේ ඈත් උන කකුල් අතරට ආවා..කෝට් එක ගැලවුන හින්දා අර දුහුල් රෙද්දෙන් කරපු ශර්ට් එක වැස්සට තෙමිලා ඇගටම ඇලිලා...

ටේහ්‍යොන්ගේ ගිනි ගන්න ඇස් කෙලින්ම නතර උනේ ගාපු ලිප් බාම් එක උඩින් වතුර බින්දු වගේ ගලන තොල් දෙක උඩ... ජන්කුක්ට ටේහ්‍යොන්ගේ උනුසුම තදේටම දැනෙනවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉනෙන් තව ටිකක් ලගට ඇදලා ගත්තම ජන්කුක්ගේ කකුල් ටේහ්‍යොන්ගේ ඉන වටේ නතර උනා...

"Can I...?"

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දෙකේ ගෑවි ගෑවි අහනකොට ජන්කුක් ඇස් පියාගත්තා.. ඒ අවසරෙන්ම ටේහ්‍යොන්ගේ තෙත හීනි තොල් ජන්කුක්ගේ බෝල තොල අතරේ ඇදෙන්න  ගත්තා... ජන්කුක්ගේ සීමා පයිනකොට ජන්කුක්ගේ අත් ටේහ්‍යොන්ගේ බෙල්ල වටේ එතෙනකොට දෙන්නා තදින් සිපගත්තා.. මහ හයියෙන් ගහන අකුනු, මහ වැස්ස, අන්ධාකාරේ එයාලගේ හැගීම් අවුස්සනකොට, දෙන්නට දෙන්නා මගෑරුනු උනුසුම හොයන්න වගේ එකිනෙකාට තද වෙන ගමන් සිප ගත්තා...

ජන්කුක් හයියෙන් කෙදිරි ගෑවා.. ටේහ්‍යොන්ගේ තොල් ඒ තොල් වලින් මිදිලා බෙල්ලට එනකොට බෙල්ලේ සංවේදීම තැන් තදින් උරනකොට ජන්කුක්ගේ අත් කා එකේ බොන්ට් එක උඩ තද උනා...

"ආහ්...හ..හ්‍යුන්ග්...."

ජන්කුක් හයියෙන් කෙදිරි ගානකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව බොනට් එක උඩ දිගා කරවන ගමන් හදිසියේ ඒ බොත්තම් ගලවන්න ගත්තා... ටේහ්‍යොන්ගේ ගිනි ගන්න තොල් ඒ පපුව පුරාවට ඇදෙනකොට ජන්කුක් තමන්ගේ මූනට වැටෙන වැහි බින්දු වලින් මූන තෙමාගන්න ගමන් ඇස් වහගෙන හයියෙන් හුස්මගත්තා...

ටේහ්‍යොන්ග් බලන් හිටියා, වැහි වතුරට පෙගුන කිරි සුදු පාට පපුව හයියෙන් උඩ පහල යන දිහා.. ටේහ්‍යොන්ගේ කලිසම තව තද වෙනවා වගේ දැනුනා... මෙච්චර වෙලා දැනුනු උනුසුම නැති වෙනකොට ජන්කුක් ඇස් ඇරලා බැලුවා.. ටේහ්‍යොන්ග් නෑ.. ඒත් එක්කම ජන්කුක්ට ඇහුනා වැස්ස සද්දේ අස්සෙන් මියුසික් එකක් ප්ලේ වෙනවා..

ටේහ්‍යොන්ග් ආවා භාගෙට කඩන ගමන් වයින් බෝතලයක් අරන්...

බොනට් එක උඩ දිගා උන ජන්කුක්ගේ පපුවේ ඉදන් බඩට එනකන්ම වයින් බෝතලේ හලාගෙන ගිය ටේහ්‍යොන්ග් වැහු වතුරත් එක්ක ජන්කුක්ගේ පපුව බෙදුනු ඉර දිගේ පල්ලන් බහින වයින් වලට තොල් තිබ්බා..

ජන්කුක්ගේ සිහිය ගොඩාක් ඈතයි ජන්කුක් අමාරුවෙන් ඉනෙන් ඉස්සෙන්න හදනකොට ජන්කුක්ගේ මුලු උඩු කය පුරාම තොල් ගෙනිච්ච ටේහ්‍යොන්ග් ජන්කුක්ව නැගිට්ටෙව්වා....

"Let's Dance Baby...."

වැස්ස සද්දෙන් ඇහෙන්න රෝමාන්තික මියුසික් එකත් එක්ක ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක ඕපන් උනා... ටේහ්‍යොන්ගේ අත් එක්ක පැටලුනු අත් බෙල්ල වටේ එතෙනකොට දෙන්නගෙම සපත්තු වැස්සෙම ගැලවිලා ගියා... එක වතාවක් ඈතට  ඇදිලා ගිය ජන්කුක් ටේහ්‍යොන්ගේ අත දිගේම කැරකිලා ඒ ඇගට හේත්තු වෙලා බෙල්ල පිටිපස්සට නැව්වා.. ජන්කුක්ගේ කිරි සුදු පාට බෙල්ල තමන්ගේ ඇස් ඉස්සරහා දිගෑරෙනකොට ටේහ්‍යොන්ගේ මත් උන ඇස් ඒ දිගේම ගියා...

Baby, I'm dancing in the dark
With you between my arms
Barefoot on the grass
Listening to our favourite song
When you said you looked a mess
I whispered underneath my breath
But you heard it
Darling, you look perfect tonight....

කොන්ඩ තෙමිලා වතුර බිංදු පාතට ගලනකොට ආයෙත් දෙන්නගේ තොල් එකට එකතු උනා.. ඉවසීමක් නැතුව සිප ගන්න ගමන් ටේහ්‍යොන්ග් තදින් ජන්කුක්ව ඇගට තෙරපගන්නකොට දෙන්නටම දැනුනා ප්‍රානවත් උන යටිකයවල්....

ටේහ්‍යොන්ගේ ඇගේ රස්නේ ඕනවට වඩා ජන්කුක්ට දැනෙනකොට , ඒ දෙන්නගෙන කාටවත් නැටුම නවත්තන්න ඕන උනේ නෑ.. දෙන්නම තදින් සිප  ගන්න ගමන් නැටුවා.. ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ එක කකුලක් උස්සලා තමන්ගේ ඉන වටේ ඔතාගන්න ගමන් ජන්කුක්ව බොනට් එකට තද කරාම ජන්කුක්ට කලිසමට උඩින් ප්‍රානවත් උන ටේහ්‍යොන්ගේ සාමාජිකයාගේ උනුසුම, දැඩි බව තමන්ගේ ඇතුල්වීමට දැනුනා.. ටේහ්‍යොන්ගෙ ඇදුම් උඩින්ම ජන්කුක්ට තමන්ගේ සාමාජිකයව තෙරපනකොට ජන්කුක්ගේ ඇස් උඩ අතට රෝල් උනා..

"අහ්..ම්ම්හ්..හ්‍යුන්ග්... "

"ම්ම්හ්ග්...."

ජන්කුක්ගේ ටේහ්‍යොන්ගේ තෘප්තිමත් කෙදිරිලි ඒ කන් වලට ඇහෙනකොට තව තව දෙන්නම ඇවිස්සුනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඒ බට් චීක්ස් යටින් අත දාලා වඩා ගන්නකොට ජන්කුක් කකුල් දෙකම ටේහ්‍යොන්ගේ ඉන වටේ ඔතාගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සන් ගිහින් වාහනේ පිටිපස්සේ දොර ඇරලා ජන්කුක්ව සීට එක උඩට අතෑරලා දොර වහන ගමන් ඇතුලට ආවම ජන්කුක් වැටුනු විදියටම කකුල් දෙකත් ඈත් කරන් බලන් හිටියේ ටේහ්‍යොන්ග්ව තවත් අවුස්සලා...

සුදු පාට කලිසම උඩින්ම ඉලිප්පිලා පේන ජන්කුක්ගේ bulge එක තදින් අතින් මිරිකුවාම ජන්කුක් හයියෙන් කෙදිරි ගෑවා..

"ම්ම්හ්...හ..හ්‍යුන්ග්... "

ජන්කුක් තවත් ඉවසගන්න බැරි තැන ටේහ්‍යොන්ග්ව ඇග උඩට ඇදලා ගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇග උඩ හාන්සි වෙන ගමන් ඒ තොල් අල්ලගත්තා... ජන්කුක්ගේ කලිසමේ බට්න් එකත් එක්ක බොක්සර් එකත් ගලවලා සීට් එක ගාවම බිමට දැම්ම ටේහ්‍යොන්ග් තදින් ජන්කුක්ගේ තොල හපන ගමන් පපුවෙන් තොල් තිබ්බම ජන්කුක් ටේහ්‍යොන්ගේ ඔලුව බදාගත්තා...

"ලස්සන වෙලා.. මගේ මැනික තවත් ලස්සන වෙලා.... තව මහත් වෙලා ඉස්සර වගේ බෝල උනානම් මම කැමති..."

ජන්කුක්ගේ ඩයට් එක හින්දා ගානට හැදිලා තිබ්බ ඇග දිගේම ඇස් යවන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කනට කොදුරලා කන් පෙත්ත උරවන්න ගත්තම මේ වෙනකොටත් නිරුවත් වෙලා තිබ්බ ටේහ්‍යොන්ගේ උඩුකය ජන්කුක් තමන්ගේ ඇගිලි වලින් මිරිකලා අල්ලගත්තා...

"අහ්..හ්‍යුන්ග් මට අමාරුයි..."

ජන්කුක් අමාරුවෙන් මුමුනගත්තම ටේහ්‍යොන්ග් එහෙමම පාත් වෙලා ජන්කුක්ගේ සාමාජිකයව අල්ලගත්තා... දැනටමත් තෙත් වෙලා හිටිය සාමාජිකයාගෙ මුදුනින්ම තොල් දෙක තියලා දිව එලියට දාලා වටයක් යවලා සිප ගත්ත ටේහ්‍යොන්ගෙ මුලු සාමාජිකයම කටට දාගෙන උරවන්න ගත්තේ එයාගේ දිග ඇගිලි දෙකක් ජන්කුක්ගේ කටට දාන ගමන්... ජන්කුක් ටේහ්‍යොන්ග් කරපු දේ තේරුම් අරන් ඒ ඇගිලි දෙක උරන්න ගන්නකොට ටේහ්‍යොන්ග් වේගේ වැඩි කරන ගමන් තමන්ගේ කට ඇතුලේ ජන්කුක්ගේ සාමාජිකයා මූව් කරා....

ජන්කුක්ගේ කෙල වලින් තෙත් උන ඇගිලි දෙක ජන්කුක්ගේ ඇතුල්වීම ලග දග කරලා ටික ටික ඇතුලට යනකොට ජන්කුක් හයියෙන් කෑ ගැහුවා... ඒක අහන්න ඒ පරිසරේ කිසිම කෙනෙක් හිටියේ නෑ....

ජන්කුක්ගේ සාමාජිකයට වගේ ඇතුල්වීලට දැනෙන වින්දනය හින්දා වැඩි වෙලා වක් යන්න කලින්ම ජන්කුක් ටේහ්‍යොන්ගේ කට ඇතුලෙම ඔක්කොම නිදහස් කරා... ටේහ්‍යොන්ග් ඒ ටික එහෙමම ගිලින ගමන් උඩට ඇවිත් ජන්කුක්ගේ තොල් වලට පාත් උනේ ජන්කුක් අත් දෙකෙන්ම ටේහ්‍යොන්ග්ව බදලා අල්ලගන්නකොට... ටේහ්‍යොන්ගේ ඇගිලි වේගෙන් ජන්කුක්ගේ ඇතුල්වීමේ උඩ පහල ගියා...

"අහ්..හ්‍යු.....

"ම්ම්හ්..බේබි...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙන් ඇගිලි දෙක එලියට අරන් එයාගේ කලිසමත් එක්ක බොක්සර් එක ගල්වලා පාත් කරේ ඒ තොල් වලින් ඈත් නොවීමයි ... මෙච්චර වෙලා කලිසම ඇතුලේ හිර වෙලා හිටිය ටේහ්‍යොන්ගේ ලොකු සාමාජිකයා නිදහස් උන ගමන් ඇවිත් ජන්කුක්ගේ ඇතුල්වීමත් එක්ක සාමාජිකයාගේ ස්පර්ශ උනාම ජන්කුක් ඉන උස්සලා තව ටිකක් ටේහ්‍යොන්ග්ට ලං උනා...

ටේහ්‍යොන්ගේ සාමාජිකයාගේ නහර පෑදිලා තෙත් වෙලා ජන්කුක්ගේ කකුල් දෙක අතරේ ඇතිල්ලෙනකොට ජන්කුක් හාදුව අතරෙම කෙදිරි ගෑවා... ටේහ්‍යොන්ගෙ එක අතකින් ජන්කුක්ගේ හීනී ඉනත් අනිත් අතෙන් සීට් එකත් අල්ලන් ජන්කුක්ගේ ඉන උස්සලා අරන් සාමාජිකයව ඇතුල් නොකර කකුල් තුල  ඇතුල්වීමත් සාමාජිකයත් අතරේ රබ් කරන්න ගත්තේ ජන්කුක්ට ඉන්න බැරි කරලා... ජන්කුක් ඉන උස්සනකොට ටේහ්‍යොන්ග් තව තව ජන්කුක්ට තද උනා...

ටිකකින් ටේහ්‍යොන්ග් ඒ තොල් වලින් ඈත් වෙලා ජන්කුක්ගේ කදුලු ගලන ඇස් දෙකම සිපගෙන ඒ නලලින් තොල් තියන් හෙමින් හෙමින් ජන්කුක්ට ඇතුල් උනේ ජන්කුක් තොල් එකට හපන් හයියෙන් කෙදිරි ගානකොට... ජන්කුක් ගොඩාක් තදට ඉන්න එක ටේහ්‍යොන්ග්ට දැනුන්ගේ ගොඩාක් උනුසුමව.. එලියේ මහ වැස්ස අතරේ දෙන්නම කෙදිරි ගාමින් ටේහ්‍යොන්ග් ජන්කුක්ට ඇතුල් වෙනකොට ජන්කුක්ගේ කෙදිරිලි වගේම ටේහ්‍යොන්ගේ තෘප්තිමත් ගෙරවිලි සද්දෙන් පිට උනා... මේ රාත්‍රියේ රෝමාන්තික වෙන දෙන්නගේ ආදරේ කෙදිරුම් අහන්න හිටියේ නිහඩ කැලෑවයි, මහ වැස්සයි, වැස්ස අතරේ උනත් පායපු ලා කහ පාට හද එලියයි විතරයි......

I don't deserve this
You look perfect tonight................!!

.




.


.



.

.


.

************************

___________________________Dark_Sunshiner 🤍🥀

I don't deserve this
You look perfect tonight.........❤️‍🔥🌊


🙂🥵♥️

Long chapter....😚

මම අද උදේත් මේක publish කරා, notification යන් නෑනේ...
ඒම උනොත් මං acount එකේ link එක දානවා පොඩ්ඩක් බලන්න , මගෑරෙයි....🫶🥀

••••••••••••••••••••••••••••••••••••••

𝐇𝐚𝐩𝐩𝐲 𝐇𝐚𝐩𝐩𝐲 𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐁𝐮𝐝𝐝𝐢𝐞𝐬....🍃🥀💖

Love you...💫

Thanks for reading.....♥️

To be Continued.....

2024/01/02

Bạn đang đọc truyện trên: AzTruyen.Top