|50|

යූල්ගේ හිනාව කාමරෙන් එලියටත් ඇහෙනකොට ටේහ්‍යොන්ග් හොස්පිටල් රූම් එක ඇතුලට ගියා.. ඒ වෙනකොටත් නැගිටලා ඇදේ එරමිනියා ගිතන් හිටපු යූල් ජන්කුක් කියන මොනවට හරි මහ හයියෙන් හිනා වෙන ගමන් කවන කවන කට කනවා... යූල්ට තිබ්බේ පොඩි ශොක් එකක් විතරයි ඉතින් නැගිට්ටම යූල්ට එච්චර බලපෑමක් ඇවිත් තිබ්බේ නෑ..

යූල්ට කවාගන්න කොච්චර අමාරුද කියලා ටේහ්‍යොන්ග් ඇස් දෙකෙන්ම දැකලා තියන්වා.. රියා පුදුම නාඩගමක් නටලා තමයි යූල්ට කවාගන්නේ... ඒම වෙලාවට ටේහ්‍යොන්ග්ව දැක්කම ගිහින් ටේහ්‍යොන්ගේ කකුල් දෙක අස්සේ හැංගෙන්නත් කොල්ලා අමතක කරේ නෑ.. ඒ උනාට අද නම් යූල්ගේ කට හොදට වැඩ.. මොනවා හරි කෑම එකක් පොඩි බෝල් එක්කට දාන ජන්කුක් ඇදෙන් වාඩි වෙලා මොනවදෝ කිය කිය කවනවා.. අර කතාවේ සිහියෙන් දික් කරන් දික් කරන හැන්දට යූල් කට අරිනකොට ජන්කුක් පට ගාලා කවලා කට පිහදානවා..

හරි ලස්සන දර්ශනයක්නේ.. ටේහ්‍යොන්ග් දොරත් හෙමින් වහලා දාලා අතේ තිබ්බ බෑග් එකත් අරන් ඇද ගාවට ඇවිද්න ආවා..

"ඩඩාආආආ......"

ටේහ්‍යොන්ග්ව දැක්ක හැටියේ යූල් කෑ ගහලා දඩි බිඩියේ ඇද උඩම දන ගහන් ටේහ්‍යොන්ගේ පැත්තට හැරෙනකොට ජන්කුක් බෝල් එක ඔඩොක්කො තියන් යූල්ව අල්ලගත්තා..මොකද අතට කැනියුලා එකක් ගහලා හින්දා ඒක පෑරෙයි කියලා...

"මගේ යූල් නැගිට්ටද... දැන් කොහොමද..."

"අයි ඒ ඩඩා කෝමද අහල්ලේ..යූල් බබාට මුකුත් උන් නෑනේ..."

යූල් එහෙම කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ග්ට රවන්න පුලුවන් හොදම එකෙන් රැව්වා.. මේ මිනිහා නම් ජීවිතේට ලමයෙක් හුරතල් කරන්න දැනගන්න එකක් නෑ... ජන්කුක් රවන ගමන් හිතුවම ජන්කුක්ගේ රැවිල්ලට ටේහ්‍යොන්ග් ඔලුවත් කහ ගත්තා...

"ඒකනේ යූල් ස්ට්‍රෝන්ග්නේ... බලන්නකෝ ඩඩා මොනාද යූල්ට ගෙනාවේ කියලා..."

"යේ..ෆෘත් ජූස්නේ....."

"ඕක කාලා මේක බොමු කෝ මොනාද යූල් කන්නේ..."

ටේහ්‍යොන්ග් ඇදේ අනිත් පැත්තන් වාඩි වෙන ගමන් ජූස් කප් මේසේ උඩින් තිබ්බම යූල් පටස් ගාලා ටේහ්‍යොන්ගේ ඔඩොක්කෙට පැන්නා...

"ඩඩා රසඅඅඅ කෑමක්නේ කල්ලේ.. ඩඩාටත් ඕලද...අන්තල් කිව්වා යූල් බබාතමයි හැදුවේ කියලා..."

යූල් කියනකොට ජන්කුක් ආයෙත් යූල්ව අතෑරලා බෝල් එක අතට ගත්තා...

"මොනාද බලන්න කෝ මටත්...."

ටේහ්‍යොන්ග්නුත් එකටම යූල් එක්ක කට ඇරියාම ජන්කුක් ඇහි බැමක් උස්සලා මහ බබා දිහා බැලුවා ...

"මේවා මේ යූල්ගේ කෑම .. යූල් බබා ඩඩාට කියන්න හප් කියලා..."

"හප් ඩඩා...ඒවා යූල් බබාගේ.. ඩඩා වෙන මොලා හරි කල්ල..."

ජන්කුක් මූන හදපු විදියටම ඇස් දෙකත් මොකක්ද කරලා ටේහ්‍යොන්ග්ට රවපු යූල් හප් කියලත් කියලා ටේහ්‍යොන්ගේ ඔඩොක්කෙන් ජන්කුක් ගාවට පැන්නම ජන්කුක් අත් දෙකෙන්ම යූල්ව අල්ලගත්තා... අල්ලගෙන යූල්ගේ පිම්බුන කම්මුලක් එබෙන්න තොල් දෙක තියලා ඉම්බ ජන්කුක් එක කකුල යූල්ව ඉන්දවන් ඉතුරු ටිකත් නිවෙන්න කලින් කවනකොට ටේහ්‍යොන්ග් කකුලක් නවලා අනිත් කකුල උඩින් තියාගන්න ගමන් ලාවට හිනා වෙවී බලන් හිටියා..

"පුන්චි චන්ඩියා මගේ බඩ පිරුනද..."

අන්තිම හැන්දත් කවලා ඉවර වෙලා අතින් කට වටෙත් පිහලා ජන්කුක් අහනකොට යූල් දත් දෙකත් එලියේ දාන් හිනා උනා...

"සසායි.. අන්තල්ගේ කෑම ගුඩාක් රසයි..."

"එයාගේ කෑම ගොඩාක් රසයි තමයි යූල් දැන් එන්නකෝ එයාට අත් සෝදගන්න..."

ටේහ්‍යොන්ග් යූල්ව තමන්ගේ ඔඩොක්කෙන් ඉදවන් ජූස් එකට බටේ ගහලා දුන්නම මෙලෝ සිහියක් පතක් නැතුව යූල් ඒක උඩට අදින්න ගත්තා...

"රියා..."

ජන්කුක් ටේහ්‍යොන්ගෙන් එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් යූල් දිහා බලලා ආයෙත් බැලුවා..

"එයාව ඩිස්චාජ් කරවලා ගෙදර යැව්වා.. දැන් කොහොමද ඔලුව තාම රිදෙනවද.."

ජන්කුක්ගේ ප්ලාස්ටර් ගහපු නලල දිහා බලන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් අවුලක් නෑ කියන්න ඔලුව වැනුවා..

ජන්කුක් අර බෝල් එකත් අරන් සින්ක් එකෙන් ඒකත් හෝදලා පැත්තකින් තියලා ආයේ බෑග් එක ඇතුලේ තිබ්බ බෝල් එකත් අරන් එතන කවුන්ටර් එක උඩින්ම තිබ්බා...

"මන් රෑටත් සුප් එකක් හදන් ආවා...රෑට ඉන්නවද..."

ජන්කුක්ට රෑට යූල් ගාව ඉන්න ඕන උනත් තාමත් ඒක ගැන අහන්න තිබ්බ අපහ්සුතාවයටම එහෙම ඇහුවාම ටේහ්‍යොන්ග් භාගයක් හිස් උන කප් එක අරන් එතන ඩ්‍රෝවර් එක උඩින් තියලා යූල්ව ඇදෙන් තිබ්බා..

"ම්ම්..ඔයා ඉන්න.. මන් ටික්කින් ගිහින් ආයෙත් රෑ  වෙලා එන්නම්..."

යූල්ව ගෙදර එක්කන් යන්න කියලා පුලුවන් කියලා තිබ්බත් ටේහ්‍යොන්ග් යූල්ව හොස්පිටල් එකේම තියාගත්තේ ජන්කුක්ට එන්න ලේසි වෙන්නයි.. යූල්ව ගෙදර අරන් ගියා කියන්නෙ ජන්කුක්ට යූල් ගාවට ලන් වෙන්න අමාරු වෙන එක.. මොන පැත්තෙ හිර උනත් ටේහ්‍යොන්ග්ට ඕන උනේ ජන්කුක් ගාවට යූල් ලන් කරන්න... රියා තේරුම් අරන් ඉන්නේ.. යූල් කියන්නෙ තාමත් පොඩි දරුවෙක්ක්.. එයා ආදරේ හම්බෙන පැත්තට නැවෙනවා.. ටේහ්‍යොන්ට තමයි මොන දේ කරත් ආදරේ.. එහෙම තියන් ජන්කුක් එක්ක යූල් එකතු වෙන එක කොහොමත් වෙනවා...

රියා යූල්ව ලග තියාගන්න දෙන්න කිව්වත් ටේහ්‍යොන්ග් ඒකට කැමති උනත් ටේහ්‍යොන්ග්ව බදාගෙන අඩලා අඩලා අන්තිමට රියාම තීරනය කරා ආයෙත් යූල් ඉස්සරහට නොයන්න... රියාට ඕන උනේ එයා අතින් උන වැරදි හදාගන්න..මොන තරම් අමාරු උනත් , ටේහ්‍යොන්ග් එයාට ආදරේ කරන් නෑ කියලා දන්නවා කොට ඒ ආදරේ ඇත්තම අයිතිකාරයා ඇවිත් කියලත් දන්නවාකොට රියාට තේරුනා එයාට පුන්චිමත් අවස්තාවක් නෑ කියලා.. අනික ටේහ්‍යොන්ග් කියන්නේ තද කෙනෙක්, එයා සංවේදී උනත් ඒ මේ වගේ වෙලාවක විතරයි ටේහ්‍යොන්ග් මොන තරම් වැටිලද හිටියේ කියලා රියා දැක්කා.. ආයෙත් ටේහ්‍යොන්ගේ සතුට උදුරගන්න හිත හදාගන්න රියාට බැරි උනා... ඒක යූල් පිටින් දාලාවත්..

ඉදිකිරීම ගිනි අරන් හැම තැනම මහා ආන්දෝලනයක් වගේ වෙලා ඒ දේවල් ගෙවිලා සතියක් ගියා... හ්‍යුන්බින් අන්තිම මොහොතෙත් ඔක්කොම මොකක හරි ගැටයක් ගහලා වහලා දැම්මා.. ඒ උනත් අර ඩ්‍රග්ස් පෙට්ටි ටික ගාවට ආයෙත් ලං වෙන්නවත් හ්‍යුන්බින්ට බැරි උනා.. හ්‍යුන්බින්ට පුලුවන් උනේ හැමදේම ගැන මීඩියා වලින් එලියට යන එක නවත්තන්න විතරයි..

නැත්නම් KIM කියලා ගහපු පෙට්ටි ඔක්කොගෙම ඩ්‍රග්ස් පිරිලා තියනකොට තාම වරායෙන් එලියට ගත්තේ නැති කන්ටේනර් දෙකක් එහෙන් පිටින්ම තියනකොට හ්‍යුන්බින් ඔලුව ගිනි අරන් හිටියේ...

ටේහ්‍යොන්ග් හ්‍යුන්බින් කියන කියන පාරට ගිහින් කම්පැනි එකේ වැඩ බලාගත්තේ යූල් ගැනවත් අනිත් දේවල් ගැනවත් අවදානේ හ්‍යුන්බින්ගෙන් ඈත් කරන්න.. හ්‍යුන්බින් පිස්සු බල්ලා වගේ හිටියේ...

ඒ උනාට මිස්ටර්  මින් ඔක්කොම යටගහනකොට හ්‍යුන්බින් ආයෙත් ඔලුව උස්සන්න පටන් ගත්තා.. මේක කිම් කම්පැනි එකට එච්චර හොද දෙයක් නෙවෙයි.. මේක ගැන ෆීල්ඩ් එකේ ඔක්කොම කතා වෙනකොට හ්‍යුන්බින් ඒකටත් ප්ලෑන් එකක් ගහන් ගමන් හිටියා...

ජන්කුක් සෝෆා එකට වෙලා ඉන්විටේශන් එක දිහා බලන් හිටියේ හරි හිස් බැලමකින්... පාටි එකක්.. ඒකට නොඑන කෙනෙක් නෑ.. හැමෝම එනවා.. ඉතින් ජන්කුක්ටත් අනිවාරෙන් ඉන්විටේශන් එක හම්බුනා...

"ෆක්... මේ බල්ලා හැමෝගෙම අවධානේ වෙනස් කරන්න හදන්නේ.. බලහන් මූ ඩොනේට් කරන ගාන.. එකෙක්ටවත් ආයේ ඕකේ වැරැද්දක් පේන් නෑ... "

ජිමින් අතේ තියන ටැබ් එක ජන්කුක්ගේ උකුල උඩට අතෑරලා ජන්කුක්ගේ එහා පැත්තෙන්ම සෝෆා එක උඩට ඇදන් වැටෙන ගමන් නලල මිරිකගෙන කිව්වම ජන්කුක් ඉන්විටේශන් එක අතෑරලා ටැබ් එකා අරන් උඩට පහලට ගියා...

"මොකක්ද කරන්නෙ දැන්.. මූ මීඩියා ඔක්කොම අල්ලලා... අපි ගිනි නෙවෙයි බෝම්බයක් ගහලා හොර අල්ලන්න තැන හොයලා දුන්නත් මුන් ටික ඔක්කොම යට ගහනවා..ඉදකින්... "

ජන්කුක් කියවන්කොට ජිමින් ජන්කුක්ගේ ඔඩොක්කේ තිබ්බ ඉන්විටේශ එක අරන් බලලා මහ කුප්ප බැල්මක් දැම්මා..

"මො..මොකද ඔහොම බලන්නේ..."

ජන්කුක් ඇස් දෙකත් හීනී කරලා ඇහුවම ජිමින් ඉන්විටේශන් එක මුල ඉදන් අගට කියෙව්වා...

"ඕක කියෙව්වට කමක් නෑ මුකුත් කරන් නෑ හරි.. යූල් ඉදී, මොන මගුලක් උනත් මගේ මැනිකගේ ඇස් වලට ඒවා පේන්න දෙන්න බෑ.."

ජන්කුක් ටිකක් බර කරලා කිව්වම ජිමින් ජන්කුක් දිහා බලලා කාඩ් එක ආයෙත් ජන්කුක් අතටම දුන්නා...

"හරි... දැන් ටේහ්‍යොන්ගේ වැඩේ කොහොමද... මම තාමත් පුදුම වෙලා ඉන්නේ හරි.. අන්තිමට උබ ලව් කරලා තියෙන්නේ අර ඩයල් එකගේ පුතාට, ඊටත් ලමයා උගෙයි උබෙයි.. දැන් මැරුනයි කිව්වා ඔක්කොම උනුත් ජීවත් වෙනවා... මට අර හ්‍යුන්බින් කාරයව කන්න හිතිලා තියෙන්නේ බන්.."

ජිමින් එක දිගට කියවන් ගිහින් හොද හුස්මක් ගත්තා...

"දැන් එතකොට ටේහ්‍යොන්ගේ ක්සිම වැරැද්දක් නෑ?"

"හ්ම්ම්..එයා කියන විදියට එයා මුකුත් දන් නෑ... "

"තමන්ගේ ඩෑඩ්ගේ හැටි දන්නවානම් හිතන්න එපැයි මොකක් හරි යටිකූට්ටු වැඩක් මෙතන් තියන්වා කියලා..."

ජිමින් සෝෆා එකටත් ගහන ගමන් කියනකොට ජන්කුක් හොද හුස්මක් ගත්තා..

"මම..මම අසරන උන විදිය දන්නේ මමම විතරයි ජිමින්... ඒ වගේම ටේහ්‍යොන්ග් අසරන උන විදිය දන්නෙත් එයාම විතරයි.. හ්‍යුන්බින් යූල් ගැන කිය කිය ටේහ්‍යොන්ග්ව පුලුවන් තරම් කන්ට්‍රෝල් කරලා... ඒක තමයි වෙලා තියෙන්නේ... පේනවට වඩා දේවල් වෙනකොට ඒක වෙනස් වෙනවා..."

ජන්කුක් හරි.. ජන්කුක් ඒ අතින් පර්ෆෙක්ට්.. මොකද ජන්කුක් හැමපැත්තෙන්ම හිතුවා.. එයාට ටේහ්‍යොන්ග්ට කෑ ගහලා වැරැද්ද පටවන්න පුලුවන් කම තිබිලත් ජන්කුක් තවත් හිතුවා.. අනික ටේහ්‍යොන්ග් ගැන ජන්කුක් දන්නවා බොරුවට තියා කොහොමවත් අඩන කෙනෙක් නෙවෙයි ටේහ්‍යොන්ග්, අනික ටේහ්‍යොන්ගේ ඇස් අසරනයි , ජන්කුක් කියන්නෙ දැන් මරනෙන් නැගිට්ටා වගේ මහ දරුනු අත්දැකීම් ගොඩකට මූන දුන්න මනුස්සයෙක්.. ඉතින් ජන්කුක් දැන් ඉස්සර වගේ නෙවෙයි කදුලු ඉස්සර කරගන්න කලින් හැම දේම දිහා බලන්න පුරුදු වෙලා...

පිටින් ඉදන් බලන, මුල ඉදන් දන්න කෙනෙක්ට පේනවා ජන්කුක් මොන තරම්නම් වෙනස්ද කියලා.. ජන්කුක් මේ තරම්කල් සංවේදී උනේ එයාගේ දරුවා සම්බන්ද දේවල් වලට, එයාට දැන් තවත් සංවේදී වෙන්න ඕන නෑ මොකද එයා බය උන දේවල් දැන් හොදින් වෙනවා... ජන්කුක්ට ඕන උනේ සාධාරනයක්.. මේ ඔක්කොම ප්‍රශ්න වලට විසදුමක්.. ඒත් ඒ දේවල් විසදන්න ජන්කුක් තාම හරිම පොට අල්ලන් නැති වෙන්න පුලුවන්...

පෝන් එකට කෝල් එකක් එනකොට ජන්කුක් ගිලිලා හිටපු කල්පනාවෙ මිදුනා... දන්නෙ නැති නම්බර් එකක්.. ජන්කුක් ආන්ස්වර් නොකර ඉන්නත් හදලා ආයෙත් පෝන් එක ආන්ස්වර් කරලා කනේ තියාගෙන කතා නොකර හිටියා...

-"හෙ..හෙලෝ..."

එහා පැත්තෙන් ගෑනු කටහ්ඩක් ඇහෙනකොට ජන්කුක් ටිකක් පුදුමෙන් ආයෙත් නම්බර් එක දිහා බැලුවා..

-"හෙලෝ..මේ ජෝන් ජන්කුක් නේද..."

එහා පැත්තෙන් ආයෙත් කතා කරනකොට ජන්කුක් උගුර ටිකක් පාදලා සෝෆා එකට හේත්තු උනා..

="කවුද කතා කරන්නේ..."

-"ජ..ජන්කුක්... ජන්කුක් නේද මේ... ම..මන් රියා කතා කරන්නේ..."

ජන්කුක් යටි තුල හපාගෙන හොද හුස්මක් ගත්තා..

="ඔව්.. ජන්කුක් තමයි කියන්න..."

ජන්කුක් එච්චර අවධානයක් නොදී වගේ කතා කරත් පපුවත් ගැහුනා...

-"මේ වෙලාවේ වැඩක්ද ඔයාට කතා කරන්න පුලුවන්ද ජන්කුක්..."

රියා එහෙම ඇහුවේ ඒ කටහඩේ තරහක්වත් මුකුත් තිබ්බෙ නෑ..

="නෑ කියන්න රියා..මොකක්ද කියන්න තියෙන්නේ..."

-"මට ඔයාව හම්බෙන්න ඕනේ... ම්ම්.. හෙට හවස ඔයාට ෆ්‍රීද..."

රියා අහනකොට ජන්කුක්ගේ ඇහි බැම ඇකිලුනා..ජන්කුක්ට දැන් මිනිස්සු විශ්වාස කරන පුරුද්ද ඇත්තෙම නෑ..

="කියන්න දෙයක් තියනවානම් මෙහෙමම කියන්න... "

-"ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා මට ප්‍රොමිස් වෙන්න පුලුවන්.. ඒත් ප්ලීස් පුලුවන් නම් අනිවාරෙන් **** පාර්ක් එකට එන්න මන් බලන් ඉන්නවා හවස හතරට... "

රියා එහෙම කියලා තව මුකුත් නොකියා කෝල් එක කට් කරාම ජන්කුක් නලල මිරිකගත්තා.. මේක ටේහ්‍යොන්ග්ට කියන්න හිතකුත් ජන්කුක්ට තිබ්බෙ නෑ.. ජන්කුක් හැරිලා බැලුවේ කටත් ඇරන් සෝෆා එකේ නින්ද ගිහින් ඉන්න ජිමින් දිහා...

"ජිමිනා... ඒහ්..ජිමිනා අයියෝ නැගිටිනවකෝ..."

"මොහ්..මො..මොකද කෑ ගහන්නේ ක..කවුද ආවේ.."

වෙඩි තියන්න වගේ එක පාරටම ලන්තබොකොස් වෙලා සිහියක් පතක් නැතුව ජිමින් ඇහැරිලා අහනකොට ජන්කුක් හිනාව නවත්තගත්තෙත් හෙන අමාරුවෙන්..

"මොකෙක් වත් නෑ.. හෙට හවස පොඩි ගමනක් යන්න තියනවා... යන් හරිද.."

"හරි හරි ඒවා වෙලාවට වෙයි.. දැන් කන්න බෑ.. මන් නිදි.."

මොකක්ද හරුපයක් කියලා ජිමින් ආයෙත් සෝෆා එකේ පෙරලුනාම ජන්කුක් ජිමින්ගේ පස්සටත් පයින් එකක් ගහලා කාමරේට ආවා...

පහුවදා හවස තුන වෙනකොට ජන්කුක් ලෑස්ති උනා.. ජිමින් එලියට ගිහින් හිටපු හින්දා එලියෙන් සෙට් වෙන්නම් කිව්වම ජන්කුක් එපාර්ට්මන්ට් එකේ දොරත් වහන් එලියට ආවා...

ටැක්සි එක්කින් ඇවිත් පාර්ක් එකෙන් බැස්සා ජන්කුක් ඒ වෙනකොටත් එතනට ඇඉත් හිටපු ජිමින්ටත් එලියෙන් ඉන්න කියන් මාක්ස් එකත් දාන් ඇතුලට ගියා.. පාර්ක් එක තිබ්බේ ඇතුලට ඇතුලට වෙන්න.. ගස් වවලා ජන්කුක් ඇතුලේ අඩිපාර දිගේ ඇවිදන් ගියේ අවදානෙන්.. ඒ උනාට රියා කතා කරේ ඇයි කියලා දැනගන්න එයාට ඕන උනා...

ජන්කුක් දැක්කා ඇතුලට වෙන්න තිබ්බ එච්චර සෙනග හිටපු නැති හරියට තිබ්බ බෙන්ච් එක්ක රියා ඉදන් ඉන්නවා.. ජන්කුක් මේ වෙනකොට ගහන් හිටියේ ප්ලාස්ටර් විතරයි, රියා තාමත් ඔලුව බැන්ඩේජ් කරන් හිටියේ...

ජන්කුක් රියා ගාවට ගිහින් හිටගෙන ඇද හිටපු දිඅ කෝට් එක අස්සට අත් දෙක දාන් උගුර පෑදුවා.. රියා ලොකු කලපනාවක හිටියේ ජන්කුක්ගේ සද්දේ ඇහුනාම ගැස්සිලා හැරිලා බැලුවා...

"ඔහ්..ජන්කුක්... දැන්ද ආවේ.. ඉදගන්න..."

එතනම බෙන්ච් එකට අත දික් කරන ගමන් හිනා වෙලා රියා කතා කරාම ජන්කුක් එතනින් ඉදගත්තා..බෙන්ච් එකේ එහා කොනේ ජන්කුක් ඉන්නකොට මෙහා කොනේ රියා හිටියා.. රියා තනියම හිටියේ.. ජන්කුක් ඉදගත්තම රියා ජන්කුක් දිහා බැලුවා, ජන්කුක් මාක්ස් එක ගලවලා කැප් එකත් ගලවලා රියා දිහා බැලුවම රියා ගැස්සුනා...

"ටේහ්‍යොන්ග් මේ තරම් පිස්සු වැටෙන එක පුදුමයක් නෑ..."

රියා හෙමින් මිමිනුවත් ජන්කුක්ට ඒක ඇහුනා..

"මොකක්ද කිව්වේ මිසිස් රියා..."

"ඔහ්..අහ් නෑ.. ජන්කුක් ගොඩාක් ලස්සනයි මෙහෙම ජන්කුක්ව මුනගැහුන පලවෙනි වතාව මන් හිතන්නේ.."

රියා කිව්වම ජන්කුක් ඒකට ප්‍රතිචාරයක් දුන් නෑ.. ජන්කුක්ට රියාව දැකපු විදියවල් ගැන නිකමටවත් පැහැදිලි කරන්නවත් කතා කරන්නවත් ඕන උන් නෑ...

ජන්කුක්ට කෙලින්ම අහන්න හිතුනේ නෑ රියාගෙන ඇයි කතා කරේ කියලා..මොකද රියා ලොකු කලපනාවක..ඉතින් කොයිවෙලාවේ හරි කතා කරන්කන් ජන්කුක් බලන් හිටියා....

"ජ..ජන්කුක් මාත් එක්ක තරහද..."

අන්තිමට රියා කතා කරාම ජන්කුක් රියා දිහා බැලුවේ හිස් බැලම්කින්..

"ඒ මොකටද..."

"ම්ම් ..මුකුත් නෑ... මෙන්න ඔයාට දෙන්න දෙයක් තියන්වා..."

එහෙම කියන ගමන් රියා ජන්කුක් අතට අතේ තිබ්බ හෑන්ඩ් බෑග් එක ඇතුලේ තිබ්බ පොලිතින් කවරයක් අරන් දුන්නා... ජන්කුක් ඒක අතට අරන් ඇර්ලා බැලුවා.. දෙවියනේ පොටෝ.. ගොඩාක් පොටෝ...යූල්ගේ පොටෝ ගොඩාක්... දුවන ඒවා කන ඒවා, සෙල්ලම් කරන ඒවා.. ඇදුමුත් නැතුව කකුල් අත පය හතර අතට දාල හුරතලේට ඉන්න ඒවා.. කෙටියෙන් කියනවානම් ජන්කුක්ට මගෑරුන යූල්ගේ ලමා කාලේ ඒ පොටෝ අස්සේ තිබ්බා...

ජන්කුක් හරි ආසාවෙන් ඒ පොටෝ එකින් එක දිහා බලනකොට යූල් ලොකු උන විදිය පේනවා වගේ පිලිවලින් පොටෝ තිබ්බා..රියා බලන් හිටියේ කදුලු පුරවන් පොටෝ එකින් එක අතගගා බලන ජන්කුක් දිහා..රියාත් කදුලු පුරවන්.. රියාටත් දරුවෝ හිටියේ නැතත් රියායි යූල්ව හැදුවේ..ඉතින් දරු කැක්කුම එයත් දන්නවා..

"ස්..ස්තූතියි..ගොඩාක් ස්තූතියි..."

ජන්කුක් අත් දෙකටම පොටෝ ටික හිර කරන් හිනා වෙලා කිව්වම රියා තොල් හපාගෙන ඔලුව වැනුවා..

"ම..මට තරහක් නෑ.. මගේ පුන්චි චන්ඩියාව බලාගත්තට , එයාට ආදරේ කරාට මම ඔයාට ස්තූති කරන්නෙත් නෑ.. මොකද මට ඒ දේවල් වලට වචන වලින් කියන්න දේවල් නෑ.."

රියාට හරි පුදුමයි ජන්කුක් ගැන.. ජන්කුක්ගේ තැන තමන් හිටියානම් මොන තරම් නරක විදියට තමන් හැසිරෙයිද කියලා රියාට හිතන්න බැරි උනා... ඒ තරම් ජන්කුක් සාමාකාමීව හැසිරුනා... අනික ජන්කුක් ස්තූතියි කිව්වා එයාට මේ පොටෝ දුන්න එක ගැන අනික යූල්ව බලාගත්තට ස්තූතියි කියලා එයාව පහත් නොකර යූල් නිසා අම්මා කෙනෙක් උන රියාට වටිනාකමක් දුන්නා... ඒම මදිද ටේහ්‍යොන්ග් මේ තරම් මේ කොල්ලට වහ වැටෙන්න හේතුව රියාට හිතාගන්න..

රියා ජන්කුක් ගාවට බෙන්ච් එක දිගේම ලන් වෙලා ඉදගත්ත.. ජන්කුක්ගේ අත් දෙකම අල්ලගත්ත රියා ජන්කුක්ගේ මූන දිහා ඇස් දිහා බැලුවා...

"ම..මන් ටේහ්‍යොන්ග්ට, ඒ වගේම ඔ..ඔයාලගේ යූල්ට ගොඩාක් ආදරෙයි.. නොලැබෙන මිරිගුවක් පස්සේ යන්වා කියලා දන්නවා උනත් මන් බලාපොරොත්තු මහ ගොඩක් ගොඩ ගහන් හිටිය..ම..මට ඕන උන් නෑ ඔයාලගේ ලස්සන ජීවිත විශ්වාස කරන්න... ටේහ්‍යොන්ග් ගොඩාක් විදෙව්වා.. මේ අවුරුදු ගානම එයා හිනා වෙනවා මන් දැකලා නැතුව ඇති, යූල් නොදන්නකමට මාත් එක්ක හිටියත් ඒ දෙන්නටම ලැබෙන්නම ඕන කෙනා ඔයා... ඒ මම නෙවෙයි.. ටේහ්‍යොන්ග්ට ආදරේ කරන්න, යූල්ට ජීවත් වෙන්න ඔයාව ඕන.. එයාලා හිනාවෙන්න වටිනවා, ම..මගේ පන යූල් මැනික මන් ඔයාට දෙන්නේ.. බය නැතුව එයාගේ මමාට මන් දෙනවා.. ඔයාට වඩා වෙන කාටවත් ඒ දෙන්නව බලාගන්න බෑ.. හැමදාමත් සතුටින් ඉන්න.. ආයෙත් දවසක් පුලුවන් උනොත් මම එන්නම් යූල් මැනිකව බලලා යන්න.. එතකොට එයාට මාව අමතක වේවි..ඒ වගේ පුන්චි හුරතලයක් මට දුන්නට ඔයාට ගොඩාක් පින්..මන් හිතන්නෙ මන් දැන් දන්නවා ජීවත් වෙනවා කියන්නෙ මොකක්ද කියලා........"

රියා කතා කරන් යනකොට වචන් වෙව්ලුවා , අත් ගැහුනා.. ජන්කුක්ගේ අත් තද කරා ජන්කුක් නෙවෙයි වචනයක් කිව්වේ... ජන්කුක්ට හරි ආදරේ හිතුනා.. එයාව වටින කෙනෙක් මේ ලෝකූ තවත් ජීවත් වෙලා ඉන්නවා කියලා දැනෙනකොට.. ජන්කුක් අඩන රියාව තමන්ගේ පපුවට තුරුල් කරන් ඒ පිටට තට්ටු දැම්මේ රියා අඩන්න පුලුවන් තරම් තමන්ගේ දුක ජන්කුක්ගේ පපුවේ දිය කරලා අරිනකොට...

අන්තිමට රියා මේ රටෙන් යන්වා කියලා යන්කොට ජන්කුක් අර පොටෝ ටිකත් අතේ තියන් පාරක් එකේ තනි උනා... ජීවිත වෙනස් වෙන්නෙ මහ පුදුම විදියට.. හැමදාමත් වගේ පුදුම කිරීම්ම පිරුනු දේවල් විදියට...

.








.






.





.





.
Let's dance baby.....

.






.





.

***********************

_____________________________Dark_Sunshiner 🤍🥀




Chat with radio එකට why him ,mention  කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ,
තව SomeDay , විස මාත්‍රා දෙකත් mention කරලා තිබ්බා...
ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි , මට සතුටුයි...🍃🥀💫♥️

Thanks for reading ♥️

To be Continued...

2023/12/28

Bạn đang đọc truyện trên: AzTruyen.Top