|49|

ජන්කුක් යූල්ගේ හොස්පිටල් රූම් එක ඉස්සරහට වෙලා බලන් හිටියේ යූල් දිහා...

"සර් ඇතුලට යන්න..."

"ඒත් ඩොක්ටර් එපා කිව්වනේ..."

ගාඩ් කෙනෙක් ඇවිත් ජන්කුක්ට කාමරේ ඇතුලට යන්න කිව්වත් ජන්කුක් ආපහු ඇහුවේ සැකෙන්..

"ටේහ්‍යොන්ග් සර් පර්මිශන් ගත්තා.. සර් ඇතුලට යන්න..."

ගාඩ් ඔලුව නවලා ආචාර කරන ගමන් ජන්කුක්ට කියනකොට ජන්කුක් හෙමින් දොර ඇරන් ඇතුලට ගියා... ජන්කුක් යූල්ගේ ඇද ගාව නැවතිලා යූල් දිහා බැලුවා...

ජන්කුක් කවදාවත් දැනෙන්න ඕන නෑ කියලා තමන්ගේ ජීවිතෙන් අයින් කරපු හැගීමක් ජන්කුක්ට ආයෙත් දැනෙන ගමන් තිබ්බා.. මේක බොරුවක් නෙවෙයි... ජන්කුක්ගේ පුන්චි චන්ඩියා ඇත්තටම ජීවත් වෙනවා... චූටි තොල් ඔක්සිජන් මාස්ක් එක ඇතුලෙන් ඇරිලා හුමාලේ අස්සෙන් ජන්කුක්ට යූල්ගේ දත් පෙනුනා.. ඒ බෝල ඇස් බලාගන්න නම් යූල් ඇස් ඇරන් හිටියේ නෑ..

ජන්කුක්ගේ පපුවේ පැත්තක් රිදෙනවා වගේ දැනුනා... ජන්කුක්ට සතුටකත් වැඩිය තමන් පැටලිලා වගෙයි දැනුනේ.. සතුටුයි.. ඇයි ජන්කුක්ට සතුටු නොවෙන්නේ.. මේවට වෙන්න ඇති බලාපොරොත්තු නොවුනු දේවල් කියන්නේ... ජන්කුක්ටත් අන්න ඒ වගේ දෙයක් දරාගන්න බැරි හැගීමක් දැනෙනේ...

ජන්කුක්ට යූල්ව බදාගන්න ඕන උනා, කලින් දවසක අර සින්ක් එකේ සබන් පුරවගෙන නටපු නැටුම, එදා ටේහ්‍යොන්ග් ඇවිත් පිටිපස්සෙන් ඒ දෙන්න දිහා බලපු විදිය, එදා රෙස්ටොරන්ට් එකේ තමන්ගේ අතේ නිදාග්ත්තු විදිය, ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහුනා... නොදැනුවත්ව හරි යූල් හිටියා එයා ගාව, එයා මෙච්චර කාලයක් යනකන් දුක් උනත් අන්තිමට ඒක බොරුවක්.. කවුද මේ තරම් අවාසනාවන්ත දේවල් ජන්කුක්ගේ ජීවිතේට දුන්නේ.. පුන්චි මැනික හැදෙන්න ඕන උනේ ජන්කුක් ගාවනේ.. ජන්කුක්ට මාරම දුකක් දැනුනා, ඇයි මිනිස්සු තිරිසන් වෙන්නෙ මෙහෙම.. ඇයි මුකුත් නොදන්න කිරි දරුවව එයාගේ මමාගෙන් ඈත් කරේ.. තමන්ගේ වැඩ වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ සතුට ඈත් කරන්න පුලුවන්ද මෙහෙම...

හ්‍යුන්බින් ගැන එකතු උන කේන්තිය තවත් වැඩි උනා මිසක අඩු උනේ නෑ.. ජන්කුක්ගේ ඇස් දෙකෙන් කදුලු පේලියට වැටුනා.. ඒ ඔක්කොම කදුලු යූල්ගේ ඇදුමට වැටිලා උරාගන්නකොට ජන්කුක්ගේ අත ඇතුලේ පුන්චි කැනියුලාවක් ගහපු යූල්ගේ බෝල අත පරිස්සමට හිර වෙලා තිබ්බා..

පිටිපස්සෙන් දොරක් ඇරිලා වැහෙන සද්දෙට ජන්කුක් හැරිලා බැලුවේ නෑ.. ඒ අඩි සද්දෙන්ම ඒ කවුද කියලා ජන්කුක්ට හිතාගන්න පුලුවන් ....ටේහ්‍යොන්ග් ඇවිත් ජන්කුක් එහා පැත්තෙන්ම හිරගෙන ජන්කුක්ගේ කර වටේට අතක් දාගෙන තමන්ගේ ඇගට හේත්තු කරගත්තා.. දෙන්නගෙම ඇස් නැවතිලා තිබ්බේ නිසොල්මනේ ඇස් වහන් ඉන්න යූල්ගේ අහිංසක මූන දිහාවට...

"යූල් අසනීප උනාම මන් අනන්තවත් මෙහෙම ඇද ගාව තනියම හිටන් ඉදලා ඇති ජන්කුක්...අද මෙතන ඔයා ඉන්නකොට මගේ හිත පිරෙනවා වගේ දැනෙනවා... "

ජන්කුක්ගෙන් ලොකූ හුස්මක් පිට උනා.. ජන්කුක්ගෙන් හඩක් පිට උනා නම් ඒ ජන්කුක් වතාවෙන් වතාවට උඩට ඇදපු නහය විතරයි...

"මට ඕන නෑ මගේ යූල් වෙන කිසි කෙනෙක් ගාව හැදෙනවා දකින්න... "

"ඒ..ඒත් ටේහ්‍යොන්ග් යූල් මමා කියලා අදුරන්නෙ මාව නෙවෙයි...."

ජන්කුක් හෙමින් මිමිනුවාම ටේහ්‍යොන්ගේ අත ජන්කුක්ගේ උරහිසේ මිරිකිලා තද උනා....

"මට ඕන නෑ මෙතනින් එහාට තවත් එයා රියාට ඔම්මා කියනවා දකින්න... මට ඕන නෑ ... "

"ඒත් එක පාරටම පුන්චි ලමයෙක්ගේ හිතක් වෙනස් කරන්න බෑ , ඒක අපි තේරුම් ගන්න ඕන..."

ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගත්තා.. ටේහ්‍යොන්ගේ ඇස් රතු වෙනවා..

"ඒ කොහොම උනත් මට ඒක වැඩක් නෑ ජන්කුක්.. මට ඕන මේ හැම දේකින්ම පැනලා යන්න... යූල්ට ඕන ඔයාව.. අපි නෙවෙයිද එයා මේ ලෝකෙට එනකන් බලන් හිටියේ.. මටත් වඩා ඔයා නෙවෙයිද ජන්කුක් මෙයා එනකන් බලන් හිටියේ පරිස්සම් උනේ.. මට අවස්තාවක් දුන්නේ...."

ටේහ්‍යොන්ග් කියන්නෙ ඇත්ත.. ජන්කුක්ට ඒ කිසි දෙයක් අමතක නෑ.. ඒත් ... ජන්කුක්ට මුකුත් කරන්න හිතාගන්න බෑ.. ජන්කුක් මේ වගේ අවස්තාවක් ගැන දන්නෙ නෑ...

"මම ආර්ත්මාර්තකාමී මනුස්සයෙක්ද ජන්කුක්... මම වැරදිද... ඇයි මන් සැනසීමක් හොයන දේවල් එක මොහොතෙන් මන් ගාවින් නැති වෙන්නේ... දරුවට එයාගේ ඇත්ත මමාව ලන් කරන්න හදන මම ආර්ත්මාර්තකාමී මනුස්සයෙක්ද ජන්කුක්...?"

ටේහ්‍යොන්ගේ කටහඩ බිදිලා... ජන්කුක්ට හිතාගන්න බැරි තරම් රිදෙන හිත බරවෙන වචන් ටේහ්‍යොන්ගේ තොල් අතරින් පිට උනා.. ජන්කුක්ට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ මේ අතරින් කවුද වැරදි කවුද හරි කියලා... ඇත්තටම කවුද වැරදි? ජන්කුක්ද? ටේහ්‍යොන්ග්ද? රියාද? නැත්නම් ඒ මුකුත් දන්නෙ නැති යූල්ද?

ඇත්තටම උත්තර නැති ප්‍රශ්න කියන්නෙ මේවට වෙන්න ඕන.. ඔක්කොම එකට සම්බන්ද වෙලා විකාරයක් උනාම කිසි කෙනෙක්ට කිසි දෙයක් පැහැදිලි නෑ.. ජන්කුක් තමන්ගේ අනිත් අත උස්සලා තමන්ගේ උරහිස වටේ තද වෙලා තිබ්බ ටේහ්‍යොන්ගේ අත ලාවට පිරිමැද්දා...

හැම දෙයක්ම වැරදි වැටහීම්.. හරි හෝ වැරදි ජන්කුක් ටේහ්‍යොන්ග් කියපු දේවල් විශ්වාස කරා නොකරා ඒ දේවල් හිතට ගත්තා.. මොකද ජන්කුක්ගේ ඇස් වලට පේන හැම දෙයක්ම වැරදිලා.. ඉතින් මේ හැමදේකම කොනක මොනාම හරි වරදක් තියනවා...

ජන්කුක් පාතට නැවිලා යූල්ගේ නලලට වැටුනු කොන්ඩේ පිටිපස්සට කරලා හාදුවක් තිබ්බා... තමන්ට මේ හුරු පුරුදු බව දැනෙන පොඩ්ඩව එහෙම දැනුනේ ඒ ටේහ්‍යොන්ගේ දරුවෙක් හින්දා විතරක්ම නෙවෙයි ඒ එයාගෙත් දරුවෙක් හින්දා... ඇයි මේ හැම දේම අතරින් ඒ ජන්කුක්ම?
ඇයි ඔහුම....?

.


.


.

ටේහ්‍යොන්ග් හිටියේ රියාගේ රූම් එකේ.. හොස්පිටල් රූම් එකේ... මේ වෙනකොට ටික වෙලාවක් රියාට සිහිය ඇවිත්... රියා හිටියේ හෝන්දු මාන්දු වෙලා වගේ...

ටේහ්‍යොන්ග් රියාගෙන් කම්මුල් දිගේ පහල්ට වැටුනු කදුලු පිහදැම්මා... රියා ගැස්සිලා ගියා... මේ පල්වෙනි වතාවට ටේහ්‍යොන්ගේ හිතවත් ස්පර්ශයක් දැනුනේ රියා... හිතවත් තියා දරුනු ස්පර්ශයක්වත් ටේහ්‍යොන්ගෙන් රියාට ලැබුන් නෑ... එක අතකට රියාට හිස් වෙනවා කියන එක අරුමයක් නෙවෙයි වෙන්න ඇති...

"ම..මට සමාවෙන්න..."

ටේහ්‍යොන්ග් අවංකවම රියාගෙන් සමාව ගත්තා... රියා දැනන් හිටියා මාක්ටයි යුන්ගිටයි පින් සිද්ධ වෙන්න කවුද යූල්ගේ මමා කියලා... ඉතින් අර විදියට කිසි හිතිල්ලක් නැතුව වාහ්නේට පැනපු මනුස්සයා කවුද කියලා රියාට හිතාගන්න බැරි නෑ...

ඒ කතාව, මෙච්චර වෙලා ටේහ්‍යොන්ගේ තොල් අතරින් ඇහුන කතාවත් එක්ක තව තවත් සනාථ උනා... මේ වෙනකොට ජන්කුක් මේ හොස්පිටල් එකේ කොහෙවත් හිටියේනෑ.. ජන්කුක් ගියා... ටේහ්‍යොන්ග්ව රියාගේ කාමරේ පැත්තට තල්ලු කරන ගමන් ජන්කුක් යන්න ගියා....

ඒ උනාට ජන්කුක් තරම් ටේහ්‍යොන්ග් හිත හයිය නැතුව ඇති..මේ තරම් කාලයක් මේ නපුරු මනුස්සයා අස්සෙ හැංගිලා තිබ්බ කතාව ඇහුනාම රියාගේ කදුලු පාලනය කරගන්න බැරි උනා... රියා ඊටත් වඩා එයා ගැනම එයාලගේ ජීවිතේ ගැනම හිතලා දුක් උනා... එයාට ටේහ්‍යොන්ගේ හිතේ එක අංශු මාත්‍ර්‍යක තරම්වත් ඉඩක් නෑ,ඒ වගේම රියාට කොලේක කරපු අත්සනක ඇරෙන්න ටේහ්‍යොන්ග් ගැන කිසිම අයිතියක් නෑ.. ඒත් යූල්... රියාට ඒ දේ ගොඩාක් අමාරු වෙයි...

රියා පලවෙනි වතාවට ටේහ්‍යොන්ග් ශක්තිමත් තුරුලට වෙලා හයියෙන් අඩන්න ගත්තා , ඒ ඔක්කොම එකතු උන පපුව ගැලවෙන්න තරම් ආපු වේදනාවට...

"ම..මටත් සමාවෙන්න , මම නෑවිත් ඉන්න තිබුනා.. ඒත් ම..මාව විශ්වාස කරන්න ටේහ්‍යොන්ග් , මට වෙන විසදුමක් තිබ්බේ නෑ... මට ඕන උනා ඔයාව...."

ටේහ්‍යොන්ග් හෙමින් රියාගේ ඔලුව අත්ගෑවා වෙලුම් පටි උඩින්ම...

"ම..මට එක දවසක් .. දවස් දෙකක් පුලුවන් නම් දවස් කීපයක් යූල් එක්ක ඉන්න දෙන්න.. ප්ලීස් ටේහ්‍යොන්ග් ..."

රියා කදුලු පිරුනු ඇස් දෙකෙන් ටේහ්‍යොන්ගේ පපුවේ ඔලුව තියන් හරි අහිංසක ඉල්ලිමක් කරා.. මෙච්චර කල් යූල්ව බලාගත්තෙ රියා නෙවෙයිද.. ටේහ්‍යොන්ග් ආර්ත්මාර්තකාමි ඇති , ඒත් මේ වගේ දේකට බෑ කියන්න තරම් නෙවෙයි...

ටේහ්‍යොන්ගේ තොල් රියාගේ හිස් මුදුනේ පලවෙනි , සමහර විට අවසාන වතාවටත් නතර උනා...

"මට සමාවෙන්න , ඒ වගේම ස්තූතියි රියා....!!"

ටේහ්‍යොන්ග් හිමින් මිමිනුවා....

.



.




.





.






.




.

ජන්කුක් හිටියේ එපාර්ට්මන්ට් එකේ ටී වී එක ඉස්සරහා ඉදගෙන යන නිව්ස් දිහා බලාගෙන... ඊට අමතරව පෝන් එකේ සයිලන් නොකරපු නොටිෆිකේශන් හිටු කියලා පොප් අප් වෙනවා...

ජන්කුක්ගේ ඇස් දෙකා මහ නපුරු පෙනුමක් තිබ්බේ.. ජන්කුක් බිම තිබ්බ කාපට් එකේ වාඩි වෙලා ඉස්සරහා ස්ටූල් එක උඩ තිබ්බ කෑන් එකක් අරගෙන උගුරක් බීලා ආයෙත් ඒක ස්ටූල් එක උඩින්ම තිබ්බා....

"මේ වන විටත් විශාල ලෙස ආන්දෝලනයකට ලක්ව ඇති මෙම පුවත පිලිබදව සත්‍ය අසත්‍යතාව ගැන තවමත් විමර්ශන කරමින් පවතිනවා... පරීක්ශන මගින් ඉදිකිරීම කල නොහැකි බවට තවුරු කල වගුරු බිම් සහිත පෙදෙස ගොඩ කරමින් විශාල ඉදිකිරීම් ආර්ම්භ කිරීම සම්බන්දයෙන් එහි සිටි සියලු දෙනා අත්තඩංගුවට ගෙන තිබෙනවා... අද පස්වරුවේ පැමිනි භූකම්පන තත්වයක් නිසා සිදු කල ඉදිකීමක් කඩා වැටීමත් සමග සේවයේ යෙදී සිටි පුද්ගලටක් විස්සකටට අධික පිරිසක් ජීවිතක්ශයට සහ තවත් පිරිසක් තුවාල තත්වයට පත්ව තිබෙනවා..."

"මෙන්න දැන් ලැබුනු පුවතක්... ඉදිකීමේ පිටුපස කොටස ගිනි ගැනීමෙන් මේවන විටත් සම්පූරනයෙන්ම ඉදිකර තිබූ කාර්‍යාල කාමර් ඇතුලු ස්තාන කිහිපයකට අලාභ හානි සිදු වී තිබෙනවා... මෙය ඉබේ ඇති වූ ගින්නක්ද නැතිනම් උවමනාවෙන් සිදූ වූ දෙයක්ද යන්න පිලිබදව තවමත් විමර්ශන් සිදුවෙමින් පවතිනවා.. කෙසේ වෙතත් ක්සිම ජීවිත හානියක් සිදු වී නොමැති බවයි මේ වන විට ආරංචි වූ තොරතුරු මාර්ග පවසන්නේ..."

"මේ වන විට නගර මද්‍යයේ විශාල උද්ගෝශනයක් සිදු වෙමින් පවතිනවා.. ජීවිතක්ශයට පත් සේවකයින්ගේ පවුල් වන අය මේ වන විටත් ඉදිකිරීම් වල වැඩ භාරගත් ආයතනය ඉදිරියේ උද්ගෝශනයේ යෙදී සිටිනවා.... "

"ඉදිකීම ක්ශේත්‍රයේ විශාල නමක් දිනා තිබූ ජන්ග් ආයතනයට මෙවැනි චෝද්නාවක් එල්ල වීම සම්භන්දයෙන් පවතින තත්වය මත ආයතනය විසින් චෝදනා ප්‍රතික්ශේප කලද මේ වන විටත් විශාල පිරිසක් එතනට එකතු වී සිටිනවා... තවමත් ජන්ග් මහතා මාද්‍යට හා ආර්ක්ශක අංශ වෙත නිවේදයටක් නිකුත් කර නොමැති අතර සේවකයන් පවසන්නේ මේ මොහොතේ ජන්ග් මහතා එම ආයතන්‍ය තුල නොසිටින බවයි.... "

"මේ චෝදනා සමග , ගොඩ කල විශාල ඉඩම් ප්‍රමාන්‍යක තොරතුරු මේ වන විටත් ලැබී පවතින අතර ගිනි තැබීමත් සමග කලබල වූ බොහෝ දෙනෙක් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙමින් ඉතිරි කොටස් වලටද ගිනි තැබීමක් මේ වන විට වාර්තා වනවා.. ඒ සමග ඇත්තෙන්ම සැක කටයුතු යමක් තිබේදැයි සොයාගැනීමට සහ ගින්න මැඩපැවැත්වීමට උත්සාහ දරන නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට අපහසු වී තිබෙනවා... "

"ගින්න පිලිබදව විමර්ශනය කිසීමට එම ස්තානයට වාර්තා කල නිලධාරීන් පවසන්නේ පුද්ගලයින්ගේ කලහකාරී හැසිරීම මත සියලු සාක්ශි විනාශ වී යන බවයි.. මේ වන විටත් පුද්ගලයක් එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් සිටින අතර විශාල අලාභයක් හා නැවත් භාවිතයට ගත නොහැකි අන්දමින් මේ සියල්ල විනාශ වෙමින් යන බව ඔවුන් පවසනවා...."

ඒ එක්කම එපාර්ට්මන්ට් එකේ දොර ඇරිලා කවුරු හරි ඇතුලට ආවා වගේම ඉස්සරහා ගිනි ගන්න කෑ ගහන බ්‍රේකින් නිව්ස් එකෙන් මොහොතකට ඇස් අහකට ගන්නෙ නැතුව ජන්කුක් ඒ දිහා බලන් හිටියා...

"අහ්, ලොක්කා... නිව්ස් වලට මොකද කියන්නේ... ඔක්කොම ගිනි අරන් දෙවියනේ.. මොන අපරාදයක්ද මේ..."

ජන්කුක්ගේ පිටිපස්සෙන් එබුන ජිමින් කටටත් අත තියන් කෑ ගහනකොට ජන්කුක් ඇස් දෙක රෝල් කරා...

"මෙහෙම එක පාරට මිනිස්සු මැරුනාම , මෙච්චර ඉක්මනට මිනිස්සු කුපිත වෙනවා කියලා මන් දන්නෙ අදනේ..."

උඩ කෝට් එක ගලවලා බිමටම වට්ටන ගමන් ජිමින් ජන්කුක් ගාවින්ම වාඩි වෙන ගමන් ස්ටූල් එක උඩ තිබ්බ කෑන් එකක් ඇදලා අරන් කැඩුවා...

"උබට මෙහෙම මූන එල්ලන් ඉන්න ඕන නිව්ස් එකක් නෙවෙයි මේක හැබැයි.. ඒත් උබේ මූන අවුල්...එනිවේ.. චියර්ස්..."

ජිමින් ජන්කුක්ගේ කර වටේ අත දාලා ලගට ගන්න ගමන් අතේ තිබ්බ කෑන් එකෙන් ජන්කුක්ගේ කෑන් එකට ගහලා චියර්ස් කරන ගමන් ඒක කටේ තියාගත්තා... ජන්කුක්ගේ මූනේ තෘප්තිමත් පෙනුමක් ඇදිලා තිබ්බා..පිටිපස්සෙන් තියන සෝෆා එකේ ඔලුව තියාගන්න ගමන් ජන්කුක් ලොකූ හුස්මක් ගත්තා...

"හෙට ඉදන් උබ පරිස්සමෙන්... දන්නවානේ..."

.




.




.

"ආයිශ් ෆක්..ෆක්..ෆක්....."

හ්‍යුන්බින් තමන්ගේ අතේ තිබ්බ ලිකර් පිරුනු ලොකු වීදුරු බෝතලේ ඉස්සරහා තිබ්බ ස්ක්‍රීන් එක දිහාවට ගහපු පාරට ස්ක්‍රීන් එක ඉරි තලලා ගියා... මිස්ටර් ලී දුවන් ගිහින් ටී වී එක ඕෆ් කරලා දැම්මා... හ්‍යුන්බින් තාමත් කම්පැනි එකේ ,ඉස්සරහා ග්ලාස් වෝල් එක ආවරනය කරලා තිබ්බ තිරේ මේ වෙනකොට ඇරලා දාලා පහල පාරේ මිනිස්සුන්ගේ කලබලේ දැක්ක හ්‍යුන්බින් දත්මිටි කාගෙන් අහැරුනේ එතනම පුටුවක් උඩ ඉදන් ඉන්න ජන්ග් දිහාවට...

"ඈ.. යකෝ තොට මේකවත් හරියට කරගන්න බැරි උනාද... බලපන් ඇස් ඇරලා බලපන් යකෝ.."

ජන්කුගේ කොලර් එකෙන් ඇදලා හ්‍යුන්බින් ගත්තම ලී ජන්ග්ව හ්‍යුන්බින්ගෙන් ගලවගත්තා.... ලීට ඒ වෙලේම කෝල් එකක් ආවා.. ලී පෝන් එක සාක්කුවෙන් අරන් බලලා ආයෙත් කේන්තියෙන් දත්මිටි කන හ්‍යුන්බින් දිහාට හැරුනා..

"ස්..සර්.. මන් පොඩ්ඩක් එලිය.......

"නෑ.. උබ කොහෙවත් යන් නෑ... උබ ගියාම මේව තනියම කරන්නෙ මමද ආහ්... පලයන් මින්ට කෝල් එකක් දීපන්.... ඌ ඇපෘවල් එක ගත්තේ කොහොමද අහපන් මේකට..."

හ්‍යුන්බින් යකෙක් වගේ කෑ ගහනකොට ලී බලන් හිටියේ එයාගේ පෝන් එකේ රින්ස් ගිහින්ම කට් වෙලා යන කෝල් එක දිහා.. ලී හ්‍යුන්බින්ට ඔලුව නවන ගමන් කැබින් එකේ අයිනට ඇවිදගෙන ගියා...

"දාපන් ටී වී එක.. මොකාද මේවා කරන්නේ.. බලපන් ගිහින් ගිනි ගත්ත තැන තිබ්බ කොච්චර ඒවා පිච්චිලාද කියලා... "

"හන් මේ අහපන්.. එතන මෙහෙම කේස් එක්ක වෙන්න විදියක් ඇත්තෙම නෑ... "

ජන්ග් දිහා මරන් කන්න වගේ බලපු හ්‍යුන්බින් තමන්ගේ පුටුව උඩට වැටිලා ඒ වෙලාවේ කැබින් එකේ අනිත් පැත්තෙන් දාපු ටී වී එක දිහා බැලුවා...

"සර්.. එතන මුකුත් ඉතුරු නෑ... එතන ලී පොලව යට තිබ්බ පෙට්ටි ටිකටත් ඩැමේජ්.... එතනට ලන් වෙන්නවත් බැයිලු...."

"ආයිශ්... ගන්න් බැයිනම් කොහොම හරි ඉතුරු ටිකත් ගිනි තියන්න කියපන් මොනවද හොයන්න බැරි වෙන්න.."

හ්‍යුන්බින්ගේ අත අනිත් පාර නතර උනේ ලීගේ කම්මුලේ..ලී කම්මුල අල්ලන් පස්සට වෙලා හ්‍යුන්බින්ට ඔලුව නැව්වා...

"තො...තොපි එකෙන් හරියට වැඩක් කරගන්න පුලුවන් උන එවුන් නෙවෙයි.. අරුන් ටික මැරුන වෙලේ එතන්ට යන්න එකෙක්ට බැරි උනාද.. අහ්.. යකෝ මීඩියා ගෑවෙන්න කලින් වැඩේ ක්ලෝස් කරන්න තිබ්බනේ... මොකක්ද භූමිකම්පාව..."

"දන් නෑ සර්.... ඒත් එතනට සෑහෙන්න එහායින් ලොකු ගල් තැන්නක් තියන්වා සර්... අපේ උන් එතනට යන ගමන්... උන් සැක කරන්නෙ එතන්ට බෝර දාලා කියලා.... "

"ය..යකෝ... මොන මගුලක්ද කරන්නේ.. මින්ට කතා කරපන්.. මේ මීඩියා නවත්තන්න කියපන්.. ජන්ග්.. පලයන් දැන් කම්පැනි එකට... උබ එතන්ට යනකොට කියන්න ඕන එක මන් උබට එවන්නම්... උබ සම්පූර්න කොටසක් වෙන් කරහන් අර මැරුන උන්ගේ පවුල් වලට... ලී අරුන්ට කතා කරලා කියපන් මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලල කියන්න කියලා හරියටම.. මොක්කුද ගිනි තිබ්බේ... "

"ස..සර් එතන කැමරාස් නෑ අනික කලුවරයි... "

"ටේහ්‍යොන්ග්..ටේහ්‍යොන්ග් කොහෙද..."

"පොඩි සර් හොස්පිටල් එකේ යූල් බබා ඇන්සිඩන්ට් උනා නිසා තාම එතන.."

ලී පෝන් දෙක්කින් පනිවිඩ යවන ගම කනේ තිබ්බ බ්ලූටුත් එකෙන් කතා කරන් ගමන් හ්‍යුන්බින්ට උත්තර දුන්නා...

"යූල්ට දැන් සනීපයිනේ.. තව මගුලක්ද එතන කරන්නෙ.. එන්න කියපන් මෙතෙන්ට, මට එලියට යන්න ඕනේ....."

.

.

"බොස්, ගල් වල ඇතුලටම හාරලා තැනින් තැනින් බෝර දාලා... ලොකු කම්පනයක් යනවා ඒ විදියට...."

"මො..මොකාද මේ... මොකාද කරේ දැන්ම හොයපන්... හොයන්න කියපන්..නූල් කෑලක් හරි තියනවා නම් හොයන්න කියපන්..."

"බොස් ඒ වටේටම ගිනි තියලලු අඩි , සාක්ශි මුකුත් නෑ....!!"

""මෙන්න දැන් ලැබුනු පුවතක්, ගිනි ගත් ඉදිකිරීමේ කාර්‍යාල කාමරය තුල ගින්න නිවීමත් සමග නිලධාරීන් විසින් එතන පරීක්ශාවට ලක් කර තිබෙනවා... ඉතා සූක්ශම ලෙස සකස් කල ලී පොලව යට තිබූ රහසිගත ගබඩා කාමරයක් තුල විශාල පෙට්ටි තුල සැගවූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා... අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයට ගින්නෙන් හානි වී තිබුනත් මේ වන විටත් ඒවා පරීක්ශනයට ගෙන අවසන්... තවමත් නිකුත් නොකල විස්තර සමගින් ආරංචි මාර්ග පවසන්නේ පෙට්ටි මත සදහන් වූ අංක මගින් වැඩිදුර විමර්ශ..................................!

"සලාං........!!!!!!""

.










.








.






.





.





.

************************

________________________________Dark_Sunshiner 🤍🥀

කිසි කෙනෙක් නැතුව එයයි දුක් වින්දේ, අඩුම උනේ මොකක්දවත් දන්නේ නැතුව....!!



සමහර වෛරී චරිත ආදරණීයම විය හැක~....ඒ රියා....!!!!!🌊💫



Thanks for reading...♥️

To be Continued...

2023/12/20

Bạn đang đọc truyện trên: AzTruyen.Top