|48|

ටේහ්‍යොන්ග් හිටියේ හොස්පිටල් එකේ කොරිඩෝ එකේ පුටුවක් උඩට වෙලා වාඩි වෙලා.... ටේහ්‍යොන්ගේ දනිස් දෙක උඩ තිබ්බ අත් දෙක අස්සේ මූන හිර වෙලා තිබ්බෙ උස්සන්න බැරි කමට වගේ... මීට ටික වෙලාවකට කලින් ටේහ්‍යොන්ග් වින්ද හැගීම ඇත්තටම ටේහ්‍යොන්ග්ට ආයෙත් විදින්න ඕන උනේ නෑ,,, මොකද මීට කලින් වතාවේ උන මේ වගේම ඊටත් වඩා භයානක සිද්දිධියෙන් එයාගේ ලෝකේ ලොකුම දෙයක් එයාට අහිමි උනා.. ඒත් අද, අද උන දේ ඇත්තටම හරිම භයානකයි..

ටේහ්‍යොන්ග් සිල්වර් පාට පුටුව උඩ වාඩි වෙලා හිටියේ ඉස්සරහා තියන කාමර වලින් මොන කාමරේට යන්නද කියලා හිතාගන්න බැරුව... එක කාමරේක රියාගේ පැලුනු ඔලුවට මැහුම් දාලා තාමත් රියාට සිහිය නෑ.. අනිත් කාමරේ ජන්කුක් එයාටත් එච්චරම සිහියක් තිබ්බෙ නෑ..ලොකු තුවාලයක් නැති උනත් ජන්කුක්ගේ අතක් සම්පූර්නයෙන්ම හීරිලා ගිහින් ඔලුවේ පැත්තක් වැදිලා තිබ්බ.. ලොකුම දේ මේ අනතුරෙන් යූල්ට එක හීරීමක් වෙලා තිබ්බෙ නැති එක... කවුරුත් නොදන්නවා උනත් ටේහ්‍යොන්ග් දන්නවනේ ඇත්ත... ඉතින් යූල් හරියටම තමන්ගේ ඔම්මලා දෙන්නගෙම මැද හරි අපූරුවට ආරක්ෂා වෙලා තිබ්බා...

ජන්කුක් , ජන්කුක් දන්නෙ නෑ කිසිම දෙයක් ජන්කුක් දන්නෙ මේ ඉන්නෙ ටේහ්‍යොන්ගේ බබා කියන්න විතරයි.. ටේහ්‍යොන්ග් මෙච්චර කාලෙකට හිතන් හිටියේ ජන්කුක් තමන්ගේ මූන බලන්න අකමැති තරම් වෛර කරනවයි කියලා.. මොකද ජන්කුක්ව කම්පැනි එකේ හම්බුන මුල්ම දවසේ ඉදන් පුදුමාකාර කේන්තියකින් ජන්කුක් ටේහ්‍යොන්ග්ට මූන දුන්නේ.. ඒ උනාට ජන්කුක් දෙපාරක් නොහිතා ටේහ්‍යොන්ගේ දරුවව බේරගන්න වාහන දෙකක් මැද්දට පැන්න කියලා හිතෙත්දිත් ටේහ්‍යොන්ගේ ඇග හිරි වැටුනා.. හැමදාමත් චන්ඩියාගේ ඩඩාට වඩා මමා ඉක්මන් උනා.. හැමදාමත්... ඉතින් අදත් ඒ විදියමයි.. තාමත් යූල්ට සිහිය නෑ, යූල් හොදටම බය වෙලා ශොක් වෙලා කියලයි ඩොක්ටර් කිව්වේ..

ටේහ්‍යොන්ග්ට රියාව අමතක කරන්න බෑ... ඒත් ටේහ්‍යොන්ග් කැමති උනේ නෑ තමගේ මේ ගල් හිතේ තියන් හැගීම් හැම කෙනා එක්කම බෙදාගන්නත්, ටේහ්‍යොන්ග්ට බෑ එක පාර තැන් තුනක ඉන්න... ටේහ්‍යොන්ග් කවදත් විවෘත උනේ එකම කෙනෙක් ගාව විතරයි.. ඒ එකම් කෙනෙක් ගාව ,

"දඩස්...."

එක පාරටම ඉස්සරහා තිබ්බ දොරක් වේගෙන් ඇරිලා බිත්තියේ වැදෙන සද්දෙට ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සුවා... ටේහ්‍යොන්ගේ ඇස් රතු වෙලා... මීට ටික වෙලාවකට කලින් ඩොක්ටර් යූල්ගේ තත්වේ නෝමල් කියලා ගියත් ටේහ්‍යොන්ග්ව ගැහුනා...

දොරෙන් එලියට ආවේ ජන්කුක්, ජන්කුක්ගේ සම්පූර්න අත සුදු පාටින් බැන්ඩේජ් කරලා , ඔලුවත් ඔතලා ජන්කුක් දොරේ හැඩල් එකට අත තියන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා.. ටේහ්‍යොන්ග් නැගිට්ටෙවත් නෑ පුටුවෙන්.. මොකද ටේහ්‍යොන්ග්ට බය හිතුනා තමන් ආයෙත් ඒ පුටුව උඩටම වැටෙයි කියලා... ටේහ්‍යොන්ග් බය වෙලා... ජන්කුක්ට නොතේරෙන්න හේතුවක් නෑ , සමහර විට මේ තරම්ම අසරන හැගීමක් දැනෙන විදියට ටේහ්‍යොන්ග් ඉන්නවා මීට කලින් ජන්කුක් දැකලා නැතුව ඇති, ටේහ්‍යොන්ග්ට තාමත් ඕන ඇති කාටවත් නොපෙනෙන්න එයාගේ හිතේ දුක දියකරන්න තැනක්... ටේහ්‍යොන්ග් අසරනයි හැම පැත්තකින්ම...

"ජ..ජන්කුක්.. "

ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් ජන්කුක්ගේ නම කියනකොට ටේහ්‍යොන්ගේ තොල් වෙව්ව්ලුවා.. ජන්කුක් ඒ සැනින් දොර අතෑරලා ටේහ්‍යොන්ග් ගාවින්ම වාඩි උනා...

"හ්‍යු... ටේහ්‍යොන්ග්.. ඇයි මේ.. යු..යූල් හොදින් නේද.. යූල්ට කරදරයක් නෑනේ..."

ටේහ්‍යොන්ගේ අත් ගොබයක් අල්ලගන්න ගමන් ජන්කුක් අහන්කොට ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවා...

"කි..කියන්න... යූල් හොදින් නේද.. මොකද වෙලා තියෙන්නෙ.. ඔය විදියට බලන්නෙ මොකද..."

ජන්කුක් එයාගේ තුවාල අත් වේදනා දුන්නත් ටේහ්‍යොන්ග්ව අල්ලන් හෙලෙව්වා...

"එ..එයා හොදින්.. එයා හොදින්.. ගොඩාක් ස්තුතියි ජන්කුක්..."

ටේහ්‍යොන්ග් එහෙම කියන් ගමන් එතනින් නැගිට්ටා... හෙමීට බිත්තියට වාරු වෙලා ටේහ්‍යොන්ග් එතනින් එලියට එන්න ගන්නකොට ජන්කුක් ඉදන් හිටපු තැනම ඉදන් යන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා.. බෙහෙත් විදලා තිබ්බත් ජන්කුක්ගේ වැදුනු ඔලුව පැලෙන්න තරම් රිදුනා තව අතත්... වැදුනු පාරට ඇගම රිදුනා... වාහනේට ඉස්සරහා වැදෙනවා කියන්නේ ,මේ තරම් හරි ඒ තුන් දෙනා බේරුනේ වාහන දෙකම බ්‍රේක් කරපු නිසයි නැත්නම් ඒ තුන් දෙනාගෙන් කිසිම කෙනෙක් ජීවත් වෙයි කියලා හිතන්න බෑ.. ජන්කුක් හෙමින් එතනින් නැගිටලා ඉස්සරහා තිබ්බ දොරේ වීදුරු රවුමෙන් ඇතුල බැලුවා...

යූල් ඉන්නවා , සුදු පාට ඇදේ වැතිරිලා සිහිය නැතුව.. සාමාන්‍ය විදියට යූල්ට සම්බන්ද වෙලා තිබ්බ මැශින්ස් වැඩ කරනකොට ජන්කුක් සැනසුම් සුසුම් හෙලුවා... ජන්කුක් එතකොටයි දැක්කේ ටේහ්‍යොන්ගේ ගාඩ්ලා කීප දෙනෙක් එතන් හිටන් ඉන්නවා, තව කෙනෙක් ටේහ්‍යොන්ග් එලියට යනකොට ඒ පස්සෙන් ගියා කලින් ජන්කුක් දැක්කා...

ජන්කුක් එතනම තිබ්බ මැශින් එකෙන් කප් දෙක්කට මිල්ක් කොෆී දෙකක් අරන් අර ගාඩ් ගාවට ගියා..

"ටේහ්‍යොන්ග්.. කොහෙටද ගියේ... "

ජන්කුක් ඇහුවම් ජන්කුක් දිහා බලන් අර ගාඩ් කනේ තිබ්බ බඩ් එකට ඇගිල්ල තිබ්බා...

"පොඩි සර් එලියේ ඉන්නවා සර්..."

ගාඩ් අහගෙන ජන්කුක්ට කිව්වම් ජන්කුක් හෙමින් ඇවිදන් එලියට ගියා...

ජන්කුක් එලිවේටර් එකෙනුත් පහලට ඇවිත් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් එලියට ඇවිත් බැලුවා.. හොදටම රෑ වෙලා ඒ වුනාට හැම තැනම එලියයි ලයිට් දාලා හින්දා.. හොස්පිටල් එකේ පේශ්න්ට්ලට නිදහසේ ඉන්න හදලා තිබ්බ කොටසට ඇවිදන් ගිය ජන්කුක් වටේටම ඇස් කරකව කර්කව බැලුවේ ටේහ්‍යොන්ග් කොහෙද කියලා , ජන්කුක් දැක්ක ගාඩ්න් එකේ ටිකක් එහාට වෙන්න කලු පාට ඇදන් හිටන් ඉන්න ගාඩ් කෙනෙක් අනිවාරෙන් ඒ ලගම ටේහ්‍ය්න්ග් ඉන්නවා කියලා දන්න හින්දා ජන්කුක් ඒ පැත්තට ඇවිදන් ගියා...

හිතුවා වගේම ඊට ටිකක් එහාට වෙන්න තිබ්බ ගානට කපපු පොඩි පදුරු පේලියක් ගාව තිබ්බ බංකුවක ටේහ්‍යොන්ග් ඉදන් හිටියා.. ජන්කුක් ඒ දිහා බලන් පදුරු ටික වටෙන් එතනට ඇවිදගෙන යනකොට ගාඩ් ජන්කුක්ට ඔලුව නවලා ආචාර කරා...

ජන්කුක් ඇවිදන් ගිහින් ටේහ්‍යොන්ග් හිටිය බංකුවෙන්ම වාඩි උනා... තමන් ගාවින්ම සීතල හුලගකුත් එක්ක කවුරු හරි ඉදගන්නවා දැනුනම කලින් වගේම අත් දෙකේ තියන් හිටිය මූන උස්සලා ටේහ්‍යොන්ග් බැලුවා..

"ඔ...ඔයා.. මොකද මෙතන..."

ටේහ්‍යොන්ග් පුදුම වෙලා ඇහුවා, මොකද නිකමටවත් ජන්කුක් තමන්ව හොයන් එයි කියලා ටේහ්‍යොන්ග් හිතුවේ නෑ... ජන්කුක් අතේ තිබ්බ එක කප් එකක් ටේහ්‍යොන්ග්ට දික් කරාම ටේහ්‍යොන්ග් ඒක දිහා බලලා ආයෙත් ජන්කුක්ගේ මූන දිහා බැලුවා... ජන්කුක්ට මෙහෙම හිතුනු හිතුනු විදියට එලියට එන්න බෑ, එයාගේ ඔලුව බැන්ඩේජ් එක්කින් බැදලා අතත් එක්ක... ටේහ්‍යොන්ග් ඇස් ආයෙත් රතු වේගන ආවා...

"ඔයා මේක ගත්තේ නැත්නම් මන් අල්ලලා විසික් කරනවා හරිද..."

ජන්කුක් ටිකක් තද කටහඩකින් කිව්වම ටේහ්‍යොන්ග් ඉක්මනට කප් එක අතට ගත්තා.. මොන අවස්තාවක් උනත් ජන්කුක්ගේ හුස්මක්වත් ප්‍රතික්ශේප කරන්න හැකියාවක්වත් උවමනාවක්වත් ටේහ්‍යොන්ග්ට තිබ්බෙ නෑ...

ජන්කුක් ටේහ්‍යොන්ග් කප් එක ගත්තම හෙමීට තමන් අතේ තිබ්බ කප් එකට පිබලා උගුරක් බිව්වා...

"බයවෙන්න දෙයක් නෑ , මට එන ගමන් ඩොක්ටර්වත් හම්බුනා, යූල් තව ටික්කින් නැගිටියි..."

ජන්කුක් එහෙම කිව්වෙ ටේහ්‍යොන්ග් මේ තරම්ම අවුල් වෙලා ඉන්නෙ යූල් හින්දා කියලා හිතලා.. මොකද දරුවෙක්ට වෛර කරන්න හිතක් ජන්කුක්ට නෑ ඒ වගේම ටේහ්‍යොන්ග්ටත් , ටේහ්‍යොන්ග්ට දරුවෙක් ඉන්නවා ජන්කුක් දන්නවා තමන්ගේ දරුවා නැති උනාම දැනෙන දුක, තමන්ගේ ආදරේ නැති උනාම දැනෙන දුක... ජන්කුක්ට එහෙම කරන්න ඕන උනේ නෑ.. ජන්කුක්ට වෙලාවකට මේ ඔක්කොම දාලා යන්න තරම් හිතුනත් සමහර දේවල් මතක් වෙනකොට ජන්කුක්ට එහෙම වෙන්න හිතුනේ නෑ..

දැන් මොන සම්බන්දෙ නැති උනත් ටේහ්‍යොන්ග් හිටපු විදිය දැක්කම ජන්කුක්ගේ හදවත ගැස්සුනා.. මොකද ටේහ්‍යොන්ග් කියන්නෙ උපරිමෙන් කේන්ති යන කාටවත් බය නැති කෙනෙක්.. එහෙම කෙනා කොයි තරම් නිශ්ශබ්ද වෙලා වෙනස් වෙලාද කියලා ජන්කුක් මේ කාලේ පුරාවට අත්වින්දා සමහර තැන වල , මේකත් ඒ වගේ... අදත් ටේහ්‍යොන්ග් හිටපු විදිය ජන්කුක්ගේ හිතට හරි නෑ..

ටේහ්‍යොන්ග් එතනින් අනිවාරෙන් ඇවිදන් ආවේ තාමන්ගේ මූන ජන්කුක්ගෙන් හංගන්න... ටේහ්‍යොන්ග් කප් එක අතට ගත්තත් බිව්වේ නෑ.. ටේහ්‍යොන්ගේ ඇස් දෙක ඔහේ බිම නතර වෙලා තියනකොට ටේහ්‍යොන්ගේ අත් වෙව්ලුවා...

"ඔය විදියට ඉන්න එක ඔයාට ගැලපෙන්නෙ නෑ ටේහ්‍යොන්ග්..."

ජන්කුක් එහෙම කීවම ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක් දිහා බලලා බංකුව පිටිපස්සට හේත්තු උනා...

"පුරුදු නැති දේවල් නම් කොයිතරම් කරලා තියනවද සමහර දේවල් වෙනුවෙන්..."

ටේහ්‍යොන්ගේ කටහඩත් අඩු උනා... ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා...

"අපි කතා කරන්න ඕනද..?"

"ඔයා කොහොමද ඔය තරම් තද කෙනෙක් උනේ...?"

ජන්කුක්ගේ ප්‍රශ්නෙට ටේහ්‍යොන්ග් ආයෙත් ප්‍රශ්නෙකින්ම උත්තර දෙනකොට ජන්කුක් කට කොනින් හිනා උනා..

"පුරුදු නැති දේවල් කරේ ඔයා විතරක් නෙවෙයි හින්දා..."

"ඇයි අපිට මෙහෙම උනේ ජන්කුක්...?"

ජන්කුක්ගේ උත්තරෙන් ටේහ්‍යොන්ග් සෑහීමකට පත් උනත් නැතත් ටේහ්‍යොන්ගෙන් නිකුත් උනේ තවත් ප්‍රශ්නයක් විතරයි... ඒකට ජන්කුක් උත්තර දුන් නෑ.. ඒකට කවුරුත් උත්තර දෙන්න ඕන නෑනේ.. දෙන්නම එයාලට උන දේවල් දන්නවා ඉතින් ඇයි අමුතුවෙන්...

"මෙතන මම නෙවෙයිද එහෙම දෙයක් අහන්න ඕන ටේහ්‍යොන්ග්..?"

ටේහ්‍යොන්ග් නිරුත්තරයි.. ඇයි ටේහ්‍යොන්ග් මේ තරම් හැගීම්බර වෙන්නෙ මේ දැන් ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව තුරුල් කරගන්න හිතෙනවා.. ඒ තරම්ම ජන්කුක් කෙලින් කතා කරනවා, ඉස්සර වගේ ගොත නොගහා කෙලින් කතා කරනවා.. ටේහ්‍යොන්ග්ට ජන්කුක්ට කියන්න ඕන උනා එහෙම වෙන්න එපයි කියලා...

"ජ..ජන්කුක් ... මේ අ..අපේ දරුවා............

"කටවහනවා ටේහ්‍යොන්ග්!!!"

ජන්කුක් පුදුම තරම් සද්දෙන් ඒක කීවේ.. ඇයි ටේහ්‍යොන්ග් ඒවගේ දෙයක් කියන්නෙ මොකටද... දෙන්නම දන්නවා නම් ඒ දෙන්නගේ දරුවා යන්නෙ කොහොමදවත් නොකියා ගිය විත්තිය ඇයි ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක්ගේ පාරන මතක අවුස්සන්නේ... ටේහ්‍යොන්ග් එයාගේ කෝට් සාක්කුවට අත දාලා මොනා හරි එලියට ගත්තා... ඒ එලියට ගත්තු දේ දැක්ක ජන්කුක්ගේ ඇස් කේන්තියෙන් දිලිසුනා...

"කොහෙන්ද ඕක.. දෙනවා.. මෙහාට.... "

ජන්කුක් අතේ තිබ්බ කප් එක එතන්ම බිම දාල ටේහ්‍යොන්ගේ අතේ තිබ්බ ලේ වලින්ම පැත්තක් අවර්න උන කහ පාට පුන්චි වූල් සපත්තුව ඇදලා ගත්තා.. ටේහ්‍යොන්ග් ඒක තද කරන් අල්ලන් හිටියේ නෑ ටේහ්‍යොන්ග් ජන්කුක් ඒක උදුරගන්කොට ඒක ජන්කුක්ට ගන්න දුන්න...

ජන්කුක්ගේ මූන බලන් ඉන්නකොට වෙනස් උනා, ඒ සපත්තුව ජන්කුක්ගේ අතක් අස්සේ මිරිකෙනකොට ජන්කුක්ගේ ඇස් වල කදුලු දිලිසුනා..

"ඔ..ඕක ඔයාගේ ඇදුමෙන් බිමට වැටෙනකොට ඔයාව ඇතුලට දාන්න කලින් මම ගත්තේ... "

ටේහ්‍යොන්ග් එහෙම කියනකොට ජන්කුක් කදුලු පිරුනු ඇස් දෙකෙන් ටේහ්‍යොන්ග් දිහා කෙලින් බැලුවා... ටේහ්‍යොන්ග් දන්නවා එයා නොදන්නෙ කොහොමද එයාල දෙන්නම එකටම එයාලගේ පුන්චි චන්ඩියා වෙනුවෙන් හදපු බලපු දේවල්...

"ජ..ජන්කුක්..."

"එපා...!!"

"ජන්කුක් මන් කියන දේ අහන්න..."

ටේහ්‍යොන්ග් වෙව්ලනවා.. ටේහ්‍යොන්ග් දන්නෙ නෑ ජන්කුක් එයාලගේ චන්ඩියාගේ ලේ ගෑවුන පුන්චි සපත්තුව යන යන තැන සාක්කුවේ දාන් අරන් යන් විත්තිය.. ටේහ්‍යොන්ගේ උගුර හිර වෙනවා වගේදැනුනා.. මේ වෙලාවේ බිම බලන් හිටියේ ජන්කුක්...

"ජන්කුක්... යූල්..."

"යූල්..ඔව් යූල්... ඔයා ඔය කියන්න හදන්නෙ ඔයාගේ දරුව කියලානම් මම ඒක දන්නවා ටේහ්‍යොන්ග්, අනික බය වෙන්න එපා මම කිසිම වරදක් මුකුත් නොදන්න අහිංසකයෙක්ට කරන්නෙ නෑ.. මං තිරිසනෙක් නෙවෙ.........බ්..ම්හ්..මාහ්.....

ටේහ්‍යොන් ජන්කුක් කතා කරගෙන ගියපු කට එක අතකින් කතා කරන්න බැරි වෙන්න මිරිකලා අල්ලගත්තා...

"මන් හිතලාවත් නැති දේවල් කියවන්න එපා ජන්කුක්.. මන් උබ ගැන එහෙම හිතන්න හිතලාවත් නෑ..."

ජන්කුක් ටේහ්‍යොන්ගේ කේන්ති කටහඩ අහන් ටේහ්‍යොන්ගේ අත් ගලවලා එහාට විසි කරා..

"අල්ලන්න එපා මාව... මම ආවේ ඔයාගේ හිත හදන්න මිසක් වෙන මොකටවත් නෙවෙයි.. මම යනවා..."

ජන්කුක් ලෑස්ති උනේ යන්න.. ජන්කුක් බංකුවෙන් නැගිට්ට පරක්කුවට ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදලා ආයේ ඉන්දුවා.. ඒ ටේහ්‍යොන්ග් ගාවින්ම බංකුවේ ඉදන්ම ජන්කුක්ගේ තමන්ගේ පැත්තට හරවගත්ත ටේහ්‍යොන්ගේ ජන්කුක්ගේ පපුවෙන් මූන තියාග්ත්තා.. ජන්කුක්ව ගැස්සිලා ගියා .. මේ ස්පර්ශ නුපුරුදු දේවල් නෙවෙයි, මේක ගොඩාක් කාලයක්, අනික නොවිය යුතු දෙයක්.. ජන්කුක් ටේහ්‍යොන්ග්ව තල්ලු කරන්න හැදුවත් හැමදාමත් වගේ ටේහ්‍යොන්ග් ජන්කුක්ට වඩා ශක්තිමත් උනා...

"එහාට වෙන්න..."

"මට එක විනාඩි පහක් දෙන්න ජන්කුක්.. මගේ ඔලුව පුපුරන්න වගේ..."

ටේහ්‍යොන්ග් තව ටිකක් ජන්කුක්ට තුරුල් වෙන ගමන් මිමිනුවාම් ජන්කුක් තවමත් ටේහ්‍යොන්ග්ව ඈත් කරන්න උත්සාහ කරා.. ඒත් බැරි තැන ජන්කුක් එහෙමම හිටියා... ජන්කුක්ගේ එක අතක් බංකුව උඩ නතර වෙනකොට අනික් අත අර පුන්චි සපත්තුව වටේ එතිලා තිබ්බා...

"ඔයාට පුලුවන් ඔයාගේ වයිෆ් ගාවට යන්න ටේහ්‍යොන්ග්... හැමදේම වරදින්න දෙන්න එපා... පුන්චි හිතක් රිදෙන දෙයක් වෙන්න දෙන්න එපා... "

ජන්කුක් ටේහ්‍යොන්ගේ පිටට තට්ටුවක් දැම්මෙ ජන්කුක්ට දැනුනා ටේහ්‍යොන්ග්ව ගැස්සෙන විදිය.. ඇයි ටේහ්‍යොන්ග් අඩන්නේ අඩන්න ඕන ජන්කුක්නේ ජන්කුක්ටනේ උන හැම දෙයක්ම උනේ.... ජන්කුක්ට තරහ ගන්නත් බෑ.. ඒත් ජන්කුක්ට කේන්තියි...

ටේහ්‍යොන්ග්ට මොනාද නැත්තේ, ජන්කුක්ට මොනාද තියෙන්නේ....!

"එ..එයා ඉන්නවා ජන්කුක්..ප්ලීස් යන්න එපා... එයා ඉන්නවා.. අපේ දරුවා ඉන්නවා, ඔයාගේ චන්ඩියා තාමත් ජීවත් වෙනව ජන්කුක්...!"

රියා පොලවේ හැපි හැපි එපා කියපු දේ, හ්‍යුන්බින් එච්චර දවසක් හංගන්න උත්සාහ කරපු දේ, ජන්කුක් නොදන්න ටේහ්‍යොන්ග් දන්න රහස ටේහ්‍යොන්ග් එහෙම කියනකොට ජන්කුක්ගේ පපුවේ ඔලුව තියන් හිටිය ටේහ්‍යොන්ග්ටම තේරුන ජන්කුක්ගේ පපුව මොන තරම් වේගෙන් ගැහෙනවද කියලා..

ජන්කුක් තමන්ට පුලුවන් තරම් වේගෙන් ටේහ්‍යොන්ග්ව පිටිපස්සට තල්ලු කරා..

"චටාස්!!"

හිතන්නවත් වෙලාවක් නැතුව ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ගේ කම්මුලට හම්බුනේ කම්මුල් පාරක්.. ඒක ඒ තරම් තදින් වැදුනා.. ජන්කුක්ගේ මූන කේන්තියෙන් රතු වෙලා..

"මේ..මේක විහිලු කරන්න හොද වෙලාවක් නෙවෙයි.. ඒක හොදට මතක තියාගන්නවා, උබත් මොකක් හරි සෙල්ලමක්නම් කරන්නෙ වහාම ඒක නවත්තපන් ටේහ්‍යොන්ග්.. මම කිසි දෙයක් ඉවසන් නෑ.. මන් මගේ ඉවසීම අතෑරලා හුගක් කල්... හොදට මතක තියාගන්නවා ඒක...."

ජන්කුක්ගේ කේන්තියෙන් පිරුනු කටහඩත් එක්ක ටේහ්‍යොන්ග්ට කෑ ගහනකොට ටේහ්‍යොග්න්ග් නෙවෙයි වචනයක් කිව්වේ , ජන්කුක් නැගිට්ටා යන්න ඒ එක්කම ටේහ්‍යොන්ග්නුත් නැගිට්ටා...

"ජන්කුක්... මේ අහන්න..."

ජන්කුක් ටේහ්‍යොන්ග් අල්ලගත්තු අත ගසලා දැම්මා...

"මාව අතාරිනවා.. තමුන්ගේ සෙල්ලම් වලට වෙන එකෙන් හොයාගන්නවා.. මට තමුන්ව පේන්න බෑ... මේ ඔක්කොම පටන් ගත්තු විදියවත් ඉවර උන විදියවත් මට අමතක නෑ.. මම මැරුන් නෑ.. මම මැරුනයි කිව්වට මම මැරුන් නෑ!!"

ජන්කුක් කෑ ගහන ගමන් යන්න යනකොට ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක්ව ඇදලා අරන් අල්ලගත්තා.. මේ පාර ජන්කුක්ගේ මූන දෙපැත්තෙන් අත් දෙක තියලා... ඒ ලොකු අත් වලට ජන්කුක්ගේ මූනේ සෑහෙන ප්‍රමානයක් වැහිලා ගියා.. ජන්කුක් තමන්ගේ අත් දෙකෙන්ම ටේහ්‍යොන්ගේ අත් දෙක අල්ලන් ගලවන්න ට්‍රයි කරා.. මොකද ජන්කුක්ට කේන්ති ටේහ්‍යොන්ග් මේ සෙල්ලම් කරන්න හදන්නෙ එයාගේ වටිනම දුර්වලම තැනත් එක්ක...

"මන් කියන් දේ එක පාරක් අහන්න ජන්කුක් ප්ලීස් දෙවියනේ.. මන් මැරිලා යයි මේ විදියට මේ හැමදේම එක්ක.. ප්ලීස් එක පාරක් අහන්න.. ඒ ඔයාගේ දරුවා ජන්කුක්, ඒ ඔයාගෙයි මගෙයි දරුවා.. රියා, රියා නිකන්ම නිකන් ඩීල් එකක් විතරයි මාව විශ්වාස කරන්න ජන්කුක් රියා තනිකරම ඩෑඩ්ගේ ඉත්තෙක් ප්ලීස් ජන්කුක් මාව විශ්වාස කරන්න...."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූනට එබිලා කතා කරනකොට ජන්කුක් තමන්ගේ කදුලු පිරුනු ඇස් වලින් අදුරේ පේන ටේහ්‍යොන්ගේ කදුලු පිරුනු ඇස් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ට හදිසි ටේහ්‍යොන්ග්ට මේ දැන්ම මේක කියන්න ඕන මොකද මේ වගේ අවස්තාවක් ආයෙත් කවදාවත් එයිද නොඑයිද ටේහ්‍යොන්ග් දන්නේ නෑ.. ඉස්සරහට මොනවා වෙයිද ටේහ්‍යොන්ග් දන්නෙ නෑ.. ටේහ්‍යොන්ග් පුලුවන් තරම් තදින් ජන්කුක්ව අල්ලගත්තා..

"ඔයා එක පාරක් අපේ යූල්ගේ මූන දිහා බැලුවේ නැද්ද ජන්කුක්.. නිකමට ඒ ඇස් දිහා නහය දිහා බැලුවේ නැද්ද, ඒ බෝල ඇස් දෙක ඒවා ඔයාගේ වගේමයි නේද නිකමට දැක්කෙ නැද්ද මැනික ඒක... හිනා වෙනකොට පේන ලොකු දත් දෙක ඔයාගේ සුදු පාට ඒ මුකුත් මගේ යූල්ගෙන් ඔයා දැක්කෙ නැද්ද දෙවියනේ... ඔයාගේ අත් උඩට වෙලා කෑම කනකොට , ඔයා ගාව නින්ද ගිහින් ඉන්නකොට ඒ මුකුත් දැක්කෙ නැද්ද ජන්කුක්... මට තවත් බෑ ඒ අපේ දරුවා තමයි , ඔ..ඔයාගේ චන්ඩියා, ජන්කුක්, එයා අපිව දාලා ගියේ නෑ හැමදේටම පරක්කු වෙලා ඔයා මාව දාලා යනකනුත් සිහිය නැතුව ඇදක් උඩ හිටියට මට සමාවෙන්න ජන්කුක් ප්ලීස් මාව විශ්වාස කරන්න.."

ටේහ්‍යොන්ග් ලොකු උත්සහයක් ගත්තා කට හඩ කැඩෙන් නැතුව ඇඩුම අස්සෙන් කතා කරන්න.. ජන්කුක්ගේ අත් දෙක පාතට වැටිලා, ටේහ්‍යොන්ග් කියනකොට ඒ විශේශයක් නොකරපු යූල්ගේ හැමදේම ජන්කුක්ට මතක් වෙන්න ගත්තා... හැමදේම.. ජන්කුක්ගේ ඇස් බිමට හැරවිලා තාමත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව බලාපොරොත්තු වෙනවා...

"ම..මාව විශ්වාස කරන්න උනේ මොන දේ උනත් මම වැරැද්දක් කරේ නෑ ඔය දෙන්නට.. මාව විශ්වාස කරන්න රි..රියාගේ ඇගට මන් එක අතක් තියලා නෑ ජන්කුක්.. කොහොමද මට දරුවෝ ඉන්නේ.. මාව විශ්වාස කරන්න මන් වහ වැටුනේ උබට විතරයි බන්, මන් හිටියේ උබ එක්ක බන්, මන් දන්නෙ නෑ තවත් කොහොම මේ දේවල් ඔයාට කියන්නද කියලා ජන්කුක්,මට මහන්සි, ප්ලීස් මාව විශ්වාස කරන්න, ඒ ඉන්නෙ මගේ අපේ දරුවා.. ඒ ඉන්නෙ අපි දෙන්න එනකන් බලන් හිටිය, මන් තනියෙන් බලාගත්තු මගේ පුන්චි යූල් , අපේ යූල්.. ජන්කුක්...!"

ටේහ්‍යොන්ග් හයියෙන් කැහැලා ජන්කුක්ව අතෑරලා තමන්ගේ පපුව අල්ලගත්තා.. ටේහ්‍යොන්ග් සෑහෙන කාලෙකට මේ තරම් කතා කරාමද කොහෙද පපුව හිර වෙනවා දැනෙනකොට ටේහ්‍යොන්ග් පුලුවන් උපරිමෙන් ජන්කුක්ට හැමදේම කිව්ව.. ටේහ්‍යොන්ග් එහෙමම බංකුව උඩින් වාඩි වෙනකොට ජන්කුක්ට සිහියට ආවේ.. ජන්කුක් ටේහ්‍යොන්ග්ව අල්ලගත්තා ටේහ්‍යොන්ගේ පපුව අතගෑවා.. ටේහ්‍යොන්ගේ හැම වචනයක්ම ජන්කුක්ගේ ඔලුවේ දෝංකාර දුන්නා... මේ තරම් අඩ අඩ ටේහ්‍යොන්ග්ට තමන්ට බොරු කියන්න හේතුවක් නැහැයි කියලා ජන්කුක් විශ්වාස කරන්න් පෙලබෙන තරමට ටේහ්‍යොන්ගේ පෙනුම හරිම අසරන උනා, මලානික උනා...

"ප්ලීස් හුස්ම ගන්න, අපි ඇතුලට යන්..."

ජන්කුක් ටේහ්‍යොන්ග්ව වාරු කරන් අත දිගෑරලා පිටිපස්සෙ හිටපු ගාඩ්ට කතා කරා... ඒත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව අල්ලගත්තා...

"ම..මට අමාරු නෑ..මාව විශ්වාසයිද.. ජන්කුක් මාව විශ්වාසයිද ඔයාට.."

ටේහ්‍යොන්ග් කට හොදට ඇරලා හුස්ම ගත්තා... ජන්කුක් ටේහ්‍යොන්ගේ කෝට් එක එහා මෙහා කරලා ශර්ට් එක උඩින් තදින් පපුව අතගෑවා..

"කතා කරන්න එපා, ඇතුලට යනකන් ඉන්න..."

"මාව විශ්වාස කරන්න , මට බොරු කියන්න ඕන නෑ.. ජන්කුක්....!"

ජන්කුක් ඒ වෙනකොටත් ටේහ්‍යොන්ගේ ඔලුව බදාගෙන ඒ කෙස් අතරින් ඇහිලි තුඩු යවලා අත්ගෑවා, මේ තරම් වෙලා ජන්කුක්ගේ අතේ හිර වෙලා තිබ්බ කහ පාට පුන්චි සපත්තුව ටේහ්‍යොන්ගේ අතක හිර වෙලා තිබ්බා....

.





.





.





.





.






.

***************************

___________________________Dark_Sunshiner 🤍🥀

ටේහ්‍යොන්ග්ව තේරෙනවද ,

එයාට මහන්සි, දෙන්නම දන්නේ එයාලට දැනගන්න හම්බුන දේ මිසක් ඇත්ත නෙවෙයි, ඇත්ත දැනගන්නකොට එයාල ශක්තිමත් වෙයි....

අප්ඩේට් දෙනවා දිගටම,

Sorry for the late Update.....👣


Thanks for reading ♥️

To be Continued...

2023/12/16

Bạn đang đọc truyện trên: AzTruyen.Top