|47|

ජන්කුක් දැන් තමන්ගේ ජීවිතෙව් කරන්නේ නැතිම දෙයක් තමයි මිනිස්සුන්ව විශ්වාස කරන් නැති එක..ජන්කුක් කලින් එහෙම කරෙත් නෑ හැබැයි එයා මුලු ජීවිතේටම එකම් එක කෙනෙක් විශ්වාස කරන්න ගත්තා ... අන්න එතනම ජන්කුක්ගේ විශ්වාසේ කෑලි වලට කැඩිලා බිදිලා ගිහින් එපා උන තැන ජන්කුක් ආයෙත් ඒ දේ කරන්න බය උනා...

ටේහ්‍යොන්ගේ පුන්චි දරුවා ඇත්තටම පුදුම තරම් හුරතල්.. ජන්කුක් දන්නවා ටේහ්‍යොන්ග් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් දරුවා මෙහෙම හුරතල් වෙනවා කියන එකත් පුදුමයක්...

ජන්කුක් නිවාඩු දවස කියලා එලියට ගියත් ජන්කුක්ට නිදහසක් නැති දේවල් ගොඩාක් මුන ගැහුනාම ජන්කුක්ට ඒක එපා උනා... අනික ජන්කුක්ගේ හිත පොඩ්ඩක් ගැස්සුනා මොකද ජන්කුක්ට හ්‍යුන්බින් කියපු කිසිම දෙයක් පැහැදිලිව තේරුනේ නෑ...

හ්‍යුන්බින් කියන්නේ සත පහකට විශ්වාස කරන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි, මේ හැරිලා, මේ හිනා වෙලා ඊලගට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි මනුස්සයෙක් ...අනික හ්‍යුන්බින් යූල් ජන්කුක් ගාව ඉන්නකොට කිසි දෙයක් නොකියා හිටියා අනික එක පාරටම මෙහෙම ජන්කුක් අහම්බෙන් තෝරගත්තු රෙස්ටොරන්ට් එකක් ඇතුලෙ අහ්ම්බෙන් හ්‍යුන්බිවත් මතු වෙන්න පුලුවන්ද.. ඇත්තටම ජන්කුක් පරිස්සම් වෙන්න ඕන..හ්‍යුන්බින්ගේ ඇස් වහලා දෙයක් කරනවා කියන දේ හරි අමාරු දෙයක්...

.


.

"ටේ ඔහොම ඉන්න.. ඔයා කොහෙද ගියේ ඇයි යූල්ව එක්කන් ආවේ..."

යූල්වත් වඩාගෙන ගේ ඇතුලට ආපු ටේහ්‍යොන්ගේ පස්සෙන් එන ගමන් රියා කතා කරේ අතේ තිබ්බ වතුර ටික ඇදුමෙම පිහදාගන්න ගමන්.. ටේහ්‍යොන්ග් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑනේ... ටේහ්‍යොන්ග් රියාව ගනන් ගන් නැතුව ඇතුලට ඇවිදන් ගියා තාමත් ටේහ්‍යොන්ග් සපත්තු දාගෙන ෆුල් කිට් එකම ඇදගෙන ..

"ටේ.. මට උත්තර දෙන්න ඩෑඩ් එක්ක එලියට ගිය යූල්ව ඇයි අරන් එන්නේ....

රියාට කතාව ඉවරකරගන්න බැරි උනා ටේහ්‍යොන්ග් යූල්ව කර උඩ නිදිකරවගෙනම හැරුණ.. ටේහ්‍යොන්ග් බලපු බැල්මට රියාගේ කට වැහුනා...

"මම මේ තමුන්ට කියන් දේ හොදට මතක තියාගන්නවා හරි, මීට පස්සෙ ඩෑඩ් ආවොත් යූල්ව කොහෙවත් අරන් යන්න දෙන්න බෑ හරි.."

නපුරු විදියට කියලා හැරුණ ටේහ්‍යොන්ග් කාමර පැත්තට ඇවිදගෙන ගියා... රියත් ටේහ්‍යොන්ගේ පස්සෙන් ඇවිදන් ආවා...

"එහෙම කොහොමද ටේ, ඔයා හොදටම දන්නවා යූල් ඩෑඩ්ට කොච්චර කැමතිද කියලා, අනික ඩෑඩ් ආවොත් මට බෑ කියන්න බෑනේ..."

"ඇත්තද තමුන්ට මගේ ඩෑඩ්ට බෑ කියන්න බැරි තමුන් බැදලා ඉන්නේ මගේ ඩෑඩ්වද..."

රියගෙ ඇස් ලොකු උනා.. ටේහ්‍යොන්ග් කේන්තියෙන් ..

"ට්..ටේ මොකද මේ.. ඇයි එහෙම කියන්නේ.. ඩෑඩ් යූල්ට ආදරෙයි , යූලුත් ඩෑඩ්ට එකතුයි.. එ.. එතකොට කොහොමද එහෙම කරන්නේ..."

"ඇයි, මොකද එහෙම කරන්න අමාරු, මම මේ ලමයගේ ඩෑඩ් නම් , මං තමුන්ගේ හස්බන්ඩ් නම් තමුන්ට මම කියන් වචනෙට පිටින් යන්න හේතුවක් තියෙන්න විදියක් නෑ..."

ටේහ්‍යොන්ග් යූල්ව ඇද මැදින් තියලා සපත්තු දෙක ගලවලා දාලා බ්ලැන්කට් එක පෙරෙව්වා...

"එ..ඒ අපේ දරුවනේ... යූල්ට නපුරු වෙන්නේ ඔයාමයි ටේ...යූල්ට එහෙම බලපෑම් කරන්න බෑ....

"හහ්.. අපේ.. නෑ නෑ රියාට දැන් ගොඩාක් ඉක්මනට දේවල් අමතක වෙනවා වගේ.. මගේ.. මේ ඉන්නේ මගේ දරුවා ඒක මතක තියාගන්නවා... බොරුවට කදුලු පුරවගත්තට මං තමුන්ලා ඔක්කොගෙම හැටි හොදට දන්නවා,, මං ඉක්මනට මේ ඔක්කොම ඉවර කරනකන් බලන් ඉන්නවා එතකොට තමුන් ආපු විදියටම යන්නත් ලෑස්ති වෙනවා..."

ටේහ්‍යොන්ග් කිසිම හිතක් පපුවක් නැති විදියට කියනකොට රියා අතින් කට වහගත්තා... රියා ටේහ්‍යොන්ගේ ලගට ආවත් ටේහ්‍යොන්ග් අඩියක් පස්සට ගියා ..

"මං මෙච්චරකල් සද්ද නැතුව හිටියේ මට කරන්න දෙයක් නැති කමට නෙවෙයි , මං මොනවා කරත් වැඩක් නැති හින්දා.. මට ගිය දේවල් එකක්වත් ආයෙත් ලබාගන්න් බැරි හින්දා... ඒ උනාට මට ඒකට අවස්තාවක් ආවමත් පස්ස ගහන්න තරම් මොඩයෙක් නෙවෙයි මම... කියපන් ගිහින් ඩෑඩ්ට මේ ටිකත්.. "

"නැහැ.. නැහැ ටේ.. මේ අහන්න... මං කිසිම දෙයක් ඩෑඩ්ට කියන් නෑ.. ප්ලීස් ටේහ්‍යොන්ග් මගෙන් යූල්ව ඈත් කරන්න එපා.. ප්ලීස් ටේ... මං ඔයා කියන ඕනම දෙයක් කරන්නම්..."

ටේහ්‍යොන්ග් හිනා උනා.. ඇද උඩ නිදන් ඉන්න යූල් දිහා බලල ටේහ්‍යොන්ග් හිනා වෙනකොට රියා අත් දෙකෙන්ම තමන්ගේ කදුලු පිහදාගත්තා...

"මගේ දරුවට තමුන් කරපු වෙනස්කම් එකක්වත් මම දන්නේ නෑ කියලද හිතන්නේ රියා... හොදට මතක තියාගන්නවා,මං කේන්ති ගිහින් කෑ ගැහුවට, සද්ද නැතුව හිටියට මං අන්ධයෙක් නෙවෙයි.. උබ දැන් මේ ලමයට ආදරේ උනාට මගේ දරුවා පුන්චිම කාලේ ඒ පොඩි එකාට සලකපු විදිය මට තාමත් මතකයි..මට මතකයි යකෝ.. මගේ දේවල් වලට අඩු පාඩු කරන එකෙක්වත් මං ඉතුරු කරන් නෑ..."

රියා හයියෙන් ඇඩෙන එක වලක්වගන්න කට වහන් හිටියා.. ටේහ්‍යොන්ගේ ඇස් රතු වෙලා, ටේහ්‍යොන්ග්ට කේන්ති ගිහින් කෑ ගහනකොට රියා ලගටවත් යන්න බයයි.. ඒ තරමට ටේහ්‍යොන්ග් නපුරුයි , ටේහ්‍යොන්ග්ව අදුරගන්න රියාට සෑහෙන කාලයක් ගියා... රියා පරක්කු උනා ටේහ්‍යොන්ග්ව අදුරගන්න.. එහෙනම් රියා මේ තරම් වැරැද්දක් ජීවිතේට කරන්න හිතන එකක් නෑ.. එහෙනම් ටේහ්‍යොන්ග්ට ලන් වෙන්න හිතන් යූල්‍ට රියා ලං නොවී ඉන්න තිබුනා, ටේහ්‍යොන්ග් ටික කාලෙකින් තමන්ට කැම්ති වේවි කියලා නොහිතා ඉන්න තිබ්බා.. එහෙනම් ටේහ්‍යොන්ගේ දරුවගේ මමා එක්ක තිබ්බ තරහට යූල්ට වෙනස්කම් නොකර ඉන්න තිබ්බා...

ඒ උනාට ඒ මුකුත් රියා තේරුම්ගන්නකොට පරක්කු වැඩියි... රියාට මේ දැන් ටේහ්‍යොන්ගේ කටින් පිට වෙන වචන වලට බය හිතුනා.. මොකද රියා ටේහ්‍යොන්ග් ගාවට ආවෙ ආසාවට වගේම ටේහ්‍යොන්ගේ ඩෑඩ්ගේ බල කිරීමට.. ටේහ්‍යොන්ග් අන්ත අසරණ වෙලා දරුවා එක්ක හිටපු වෙලාවකයි කරන් ආපු ටේහ්‍යොන්ගේ මැරේජ් එක හ්‍යුන්බින් ටේහ්‍යොන්ගේ ඇගේ ගැහුවේ...

ටේහ්‍යොන්ග්ට තමන්ගේ දරුවා, එයාගෙයි ජන්කුක්ගෙයි දරුවා හම්බුනා ටේහ්‍යොන්ග්ට සිහිය ආපු ගමන්ම.. ටේහ්‍යොන්ග් හිටියේ ශොක් වෙලා.. ටේහ්‍යොන්ග්ට ජන්කුක් නැතුව ජීවත් වෙන්න ඕන උනේ නෑ.. ටේහ්‍යොන්ග්ට ඕන උනේ ජන්කුක්ගේ සොහොන ගාව වැටිලා මැරිලා යන්න.. මේ ලෝකේ එයාව තේරුන්ගත්තේ ජන්කුක් , සතුටක් දුන්නේ, ආදරේ දුන්නෙ ජන්කුක් ඒ වගේම අහම්බෙන් ආව ඒ දෙන්නගේ චන්ඩියා.. ඒ උනාට එයාගේ කූ එයාට චන්ඩියා දීලා මේ ලෝකෙන් ගිහින් තිබ්බම ටේහ්‍යොන්ග් මොකක්ද කරන්න ඕන...

අන්තිමට තමන්ගේ දරුවාවත් නැති කරගන්න බැරි තැන ටේහ්‍යොන්ග් හ්‍යුන්බින් කියපු මැරේජ් එකට කැමති උනා... ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ වෙන අම්මෙක් ගාව තමන්ගේ දරුවව හදන්න.. ඒ උනාට ටේහ්‍යොන්ගේ අසරණම තැන් බල බල හ්‍යුන්බින් ටේහ්‍යොන්ග්ට බල කරනකොට, ආයේ දෙයක් කියන්න බැරි වෙන තරමට අසරණ කරනකොට ටේහ්‍යොන්ග් මොනාද කරන්න ඕනේ.. මොකක්ද කරන්න ඕනේ අහන්න,පපුවට මූන ඔබන් හුස්ම ගන්න එයාගේ කූ එයා ළඟ හිටියේ නෑනේ...

අන්තිමට ටේහ්‍යොන්ග් රියාව මැරි කරා.. මුකුත් නොදන්න පුන්චි එකා ටේහ්‍යොන්ග් ගාව එල්ලිලා හැදුනත් පහු වෙනකොට රියා එක්ක ඉන්න පුරුදු උනා..
ඒත් යූල්ට වැඩියෙන් දැනුනේ තමන්ගේ ඩඩාගේ ආදරේ වෙන්න ඇති , ඒක වෙන්න ඇති යූල් කොච්චරවත් සැර කරන ටේහ්‍යොන්ග් පස්සෙන්ම දැවටෙන්න ආස උනේ...

රියා ටේහ්‍යොන්ගේ අතක් අත් දෙකෙන්ම අල්ලගත්තා,

"දෙවියනේ මට සමාවෙන්න ටේ.. මට සමාවෙන්න..."

රියා හයියෙන් ඇඩුවා...

"ම..මම කොහොමද.. කොහොමද වෙන දරුවෙක් එක පාරට බාරගන්නේ.. ම.. මං අතින් වැරදි වෙන්න ඇති ඒත් මාව විශ්වාස කරන්න දෙවියනේ ටේහ්‍යොන්ග් මං යූල්ට ආදරෙයි.. මං ඒ පොඩි දරුවට දැන් ආදරෙයි..ඔම්මා කියාගෙන මං ගාව දැවටෙනකොට මං කොහොමද ඒ හුරතල් දරුවට ආදරේ නොකර ඉන්නේ... ප්ලීස් ටේ.. ඒක නම් කරන්න එපා...."

රියා කොයිතරම් ඇඩුවත් ටේහ්‍යොන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුන් නෑ...

" ම..මං පිලිගන්නවා.. එ කාලේ මට මේ දේවල් තේරුන් නෑ ටේ.. මං මෙහෙම දෙයක් දන්නවානම් මං කීයටවත් මේ පවුලට එන්නේ නෑ.... අනික මට ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ ටේ.. හ්‍යුන්බින් අන්කල් මට එතකොට කිව්වෙ නෑ ඔයාට දරුවෙක් ඉන්න කතාවක්වත් අන්තිමට මට මගේ ඩෑඩ් බල කරනකොට මුකුත් කරගන්න බැරි උනා... අ..අන්තිමට මං ඔයාගේ ආදරේ ගන්නයි මේ හැමදේම කරේ.. මාව විශ්වාස කරන්න ටේ මුලදි කොහොම උනත් දැන් කිසි දෙයක් බොරුවක් නෙවෙයි.. ඔයා එක දවසක්වත් මං දිහා බලලා තියනවද ටේ,එක දවසක් මාත් එක්ක ඇදක නිදාගෙන තියනවද, අඩුම ඔයා කොහොම කෙනෙක්ද , ඔයාගෙ ඇගවත් මම දන්නවද.... මම ආස උන කිසි දෙයක් මට අන්තිමට හම්බුන් නෑ ටේ , ඒත් මට දැන් ඒ කිසි දෙයක් එපා මට ඔයාලා ගාව ඉන්න දෙන්න.. ඔයා මට ආදරේ නැහැ කියන්න මම දන්නවා , ඔයා මට මේ තරම් හරි සලකන්නේ යූල් නිසා කියලාත් දන්නවා.. ප්ලීස් ටේ ඔයා හිතන දේ කරන්න එපා .."

ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරන් ඉවක් බවක් නැතුව අඩන රියාව ඇදන් කාමරෙන් එලියට ආවා...

"එතකොට මේ හැම අසාධාරනේම උනේ තමුන්ට විතරද, එතකොට මම.. මට මොකද උනේ.. මේ හැමදේම ලැබෙන්න ඕන කෙනා කිසි දෙයක් නොදැන පැත්තක ඉන්නකොට මට තවත් මොනවද උබ කරන්න කියන්නේ .. මගේ දරුවට එයාගේ ඇත්ත මමාව ඕනේ ... ඒක වෙන්න ඕන... ඒක කාට ඕන උනත් නැති උනත් මට ඕන.. මං ඇයි දුක් විදින්නේ , මං මොකක්ද කරපු වැරැද්ද මේ ලෝකේ මං කැමති හැමදේම නැති කරගන්න.. මේ පාර මං ඒක වෙන්න දෙන්නේ නෑ... "

ටේහ්‍යොන්ගේ ඇස් වලින් කදුලු නාවත් ඒ හිත හොදටම බිදිලා තිබ්බේ... ඊට පස්සෙ කාගෙවත් කතාවක් තිබ්බේ නෑ ටේහ්‍යොන්ග් වාහනේ කී එකත් අරන් ආයෙත් ගෙදරින් එලියට බහිනකොට රියා එහෙමම පුටුවක් උඩට ඇදගෙන වැටුනා...

සමහර වෙලාවට හැමකෙනාටම සාධාරණ තීරන ලැබෙන් නෑ.. ලැබිය යුත්තාට ලැබිය යුතු දේ ලැබෙනවා...!

.



.


.
"කෝ බලන්න.. මගේ මැනික නැගිට්ටද...අපි කුක්කු එකක් බොමුද"

සෑහෙන වෙලාවකට පස්සෙ නිදියලා නැගිටලා නිදි ගැට කඩ කඩ කාමරෙන් එලියට ආපු යූල්ව අල්ලගන්න ගමන් රියා ඇහුවෙ යූල්ගේ කම්මුලකුත් ඉබින ගමන්...
රියා වඩාගත්ත පාර යූල් මූන රියාගේ උරහිසේ ගහ ගත්තා...

"මත ඕන මිල්ක් කොපීනේ.. අල දුඹුරු පාත එක..."

යූල් උදේ ජන්කුක් එක්ක බීපු කිරි එක මතක් වෙලා කියනකොට රියා ඇස් ලොකු කරගත්තා...

"අද ඔයාගේ ඩඩා මොනාද ඔයාට අරන් දුන්නේ යූල්.."

යූල්ව වඩන්ම කිචන් එක පැත්තට යන ගමන් රියා අහනකොට යූල් චූටි අත් දෙනෙම ඇස් දෙක පිස්සා..

"ඩඩා නෙවෙයිලේ.. අන්තල්නේ අලන් දුන්නේ.. අන්තල්ගේ කුක්කු එක මං බීවේ.. මං පස්තාත් කෑවා..."

රියා බැලුවේ මොන අන්කල් කෙනෙක් ගැනද කියන්නේ කියලා...

"මං දැක් ලුකුයිනේ.. මට ලුකු කෑම ඕලේ..."

"ඔව් ඔව් මටත් පේනවා දැන් මගේ බෝලේ ලොකුයි කියාලා නම්..."

යූල්ගේ අතට කිරි බෝතලේ දීලා රියා එලවලු ටික කපන්න ගත්තම යූල් එයාගේ පාඩුවේ කිරි එක බොන්න ගත්තා.. කොහොමත් යූල් වද දුන්න කෙනෙක්මත් නෙවෙයි...

"අපි යන්ද අද පාර්ක් එකට යූල්.."

"අනේ.. යන්කො..අපි ඩඩාවත් අලන් යමුද.. ඔම්මා.. හා කීන්නකෝ.."

යූල්ට ඊට වඩා සතුටක් නෑ...

"ඩඩාට වැඩනේ.. අපි අහලා බලමු ඩඩා එනවද කියලා යූල් අහනවද.."

පෝන් එක අරන් ටේහ්‍යොන්ග්ට කෝල් එකක් අරගන්න ගමන් රියා ඇහුවම යූල් ඉක්මට කිරි එක බීලා ඉවරකරා...
ඊටපස්සෙ හොදටහරි බරි ගැහිලා පුටුව උඩ ඉදන් ලොකු පෝන් එක එක අතකින් අල්ලගන්නත් බැරිව රියාගේ අත අයින් කරලා අමාරුවෙන් පෝන් එක කනේ තියාගත්තා..

-"හෙලෝ..."

=" හලෝ.. හලෝ ඩඩා... මම මේ කතා කලන්නේ..යූල් බබා..."

රියා පැත්තකට වෙලා මේ හුරතලේ දිහා බලන් හිටියා... ඔයා කතා කරේ රියානම් ටේහ්‍යොන්ග් උවමනාව අහන් සැනින් කට් කරනවා.. යූල්ට නපුරුකම පෙන්නුවට ටේහ්‍යොන්ග් තරම් යූල්ට කවුරුත් ආදරේ නැතුව ඇති..

පරක්කු වෙලා ටේහ්‍යොන්ග් ගෙදර එන දවස් වලට නින්දත් නොනින්දත් අතර ඉන්න රියාට ඕනතරම් දැනිලා ඇති තමන් එක්ක නිදන් ඉන්න යූල්ව රෑට බලන්න එනවා.. ඔලුව අත්ගාලා ඉබලා යනවා.. ටේහ්‍යොන්ගේ ආදරේ එහෙමයි... යූල්ට අසනීප උනාන ටේහ්‍යොන්ග් ගනන් නොගත්ත වගේ හිටියත් කරන්න පුලුවන් හැමදේම කරනවා, ඩොක්ටලා දෙතුන් දෙනා ගෙදරට එවනවා,බෙහෙත් එවනවා රෑට නින්ද ගියාම වඩාගෙන තුරුල් කරන් ඉන්නවා... ටේහ්‍යොන්ග්ට් ඒ පුන්චි ඇස් වලින් කෙනෙක්ව අමතක කරන්න තිබ්බ උවමනාව මිසක් වෙන දෙයක් නෙවෙයි ඒ දුරස් වීම.. එයා බය උනා ඕනවට වඩා බැදෙන්න.. ඒ උනාට කිසිම වෙලාවට අතාරින්න සූදානම් උනෙත් නෑ..

කොහොම හරි ටේහ්‍යොන්ග්වත් කැමති කරගත්තට පස්සෙ හවස යූල්වත් ලෑස්ති කරන් රියා වාහනෙන් පාර්ක් එකට ආවා. ඒ වෙනකොට කලුවර වැටෙන්න පටන් අරන් , ටේහ්‍යොන්ග් එන්න පරක්කු වෙන හින්දා රියා යූල්වත් එක්කන් පාර්ක් එකට ගියා...

ගොඩාක් සෙනඟ නැති උනත් කට්ටිය සෙල්ලම් කරා...

"ඔම්ම යූල්ට අයිස්ක්‍රීම් අරන් එනකන් මෙතන් ඉන්න ඕන හොදද..."

ඇතුලට එනකොටම යූල් අයිස්ක්‍රීම් ඉල්ලපු හින්දා යූල් දැන් සෙල්ලම් කර කර හිටපු ඔන්චිල්ලාව ගාව තියල රියා අයිස්ක්‍රීම් වෑන් එක ගාවට ඇවිදන් ගියා...

පාර්ක් එක ලොකුයි පැත්තකින් අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් , අනිත් පැත්තෙන් පාර, රියා හැරි හැරි බලන ගමන් අයිස්ක්‍රීම් වෑන් එක ගාවට ඇවිත් අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.. ටේහ්‍යොන්ග් ආවත් කන්නේ නෑනේ...

ඒ උනාට අයිස්ක්‍රීම් වලට සල්ලි ගෙවලා ඉවර උන ටිකට බැලුවම යූල් හිටපු තැන හිටියේ නෑ... කොහොමත් යූල් දග වැඩත් කරන හින්දා රියා අයිස්ක්‍රීම් දෙකම අත් දෙකට අරන් යූල් හිටපු පැත්තට ඇවිදන් ආවා..

"යූල්.. යූල් මැනික.. ඔම්මාව බය නොකර එලියට එන්න..."

රියා ඒ වටේම ඇවිදින ගමන් කෑ ගහ ගහ කතා කරත් යූල් නෙවෙයි ආවෙ..

රියාට ඇඩෙන්න වගේ.. රියා දැන් විනාඩි පහලවක් විතර යූල්ව හොයනවා.. ටේහ්‍යොන්ග් ඒ වෙලාවෙ වාහනේ නවත්තලා පාර්ක් එක ඇතුලට ආවා...

ඒ උනාට ටේහ්‍යොන්ග් දකින්න බලාපොරොත්තු උන රූපේ නම් දකින්න හම්බුනේ නෑ..ඒ වෙනුවට දැක්කේ ඉඳහිට හිටපු ළමයි මිනිස්සු අතරේ බාගෙට දියවෙච්ච අයිස් දෙක්කුත් අතේ තියන් කෑ ගගහා ඇවිදින රියාව...

ටේහ්‍යොන්ග් අඩියට දෙකට රියා ගාවට ගිහින් වැලමිටෙන් අල්ලලා රියාව තමන්ගේ පැත්තට හරවගත්තා... රියාගෙ ඇස් වල කදුලු පිරිලා...

"මොකද කෑ ගහන්නේ.. කොහෙද යූල්..."

"අ..අනේ. ටේ ම..මට සමාවෙන්න යූල්..යූල් නෑ ටේ .. මං හැමතැනම හොයනවා යූල් නෑනේ අනේ ටේ හොයන්නකෝ..."

"මොකක්.. උබ මොන සිහියෙන්ද ඉන්නේ ගෑනියේ.. "

රියාටත් කෑ ගැහුවත් වැඩි වෙලා නොයිද ටේහ්‍යොන්ග් ඒ හැමතැනම යූල්ව හොයන්න ගත්තා.. උදේ ඉදන් උන දේවල් එක්ක ටේහ්‍යොන්ගේ පපුව හයියෙන් ගැහුනා..

"යූල්.... යූල්... කොහෙද ඔයා.. "

ටේහ්‍යොන්ග් කෑ ගහ ගහ හෙව්වා...

-"හෙ..හෙලෝ... මගේ යූල් නෑ.. **** පාර්ක් එකයි ඒ වටේයි හොයපන්..."

කෝල් එකක් අරන් ගාඩ් එකටත් පනිවිඩේ දුන්න ටේහ්‍යොන්ග් එහෙමම පාරට දුවන් ආවා...මහ නරක දේවල් ගොඩාක් ඔලුව අස්සේ වැඩ කරනකොට ටේහ්‍යොන්ග් ව වෙව්ව්ලුවා.. ටේහ්‍යොන්ග් පාර දිගේ දුවන් යනකොට වැදිච්ච මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලන්නවත් සිහියක් තිබ්බේ නෑ.. පලවෙනි වතාවට මෙහෙම දෙයක් උනේ.. ටේහ්‍යොන්ග් කාගේ හරි ඇගේ හැප්පිලා කකුලත් පැටලිලා ඇදගෙන වැටුනා...

ටේහ්‍යොන්ග් දඩ බඩ ගාලා නැගිටින්න හැදුවත් ටේහ්‍යොන්ග් එක්කම් බිම පතබෑවුන එක්කෙනා දිහා ටේහ්‍යොන්ග් බැලුවේ සමාව ඉල්ලන්න..

"මොන සිහියෙන්ද තමුන් ඇවිදින්නේ..."

"අ..අහ්.. සමාවෙන්න ජන්කුක් ..."

ටේහ්‍යොන්ග් ජන්කුක් කෑ ගහපු එක ගනන් නොගෙන සමාව ඉල්ලල එතනින් නැගිටලා ජන්කුකුවත් නැගිට්ටවල හැරුනේ යන්න.. මොකද ටේහ්‍යොන්ග්ට කාලේ වටිනවා...

ජන්කුක් පුදුමෙන් බැලුවා.. කවදාවත් සමාවෙන්න නොකියන මනුස්සයා මොකද මේ කියලා... අනික ටේහ්‍යොන්ග් පුදුම තරම් කලබලෙන්.. යන්න හදපු ටේහ්‍යොන්ගේ අතකින් ජන්කුක් අල්ලගෙන් ඇද්දා ..

"මොකක්ද වෙලා තියෙන්නේ කොහෙද නිකන්ම පාරේ මේ යන්නේ.."

ජන්කුක්ට ඇති වැඩක් නෑ...ඒ උනාට ටේහ්‍යොන්ග් කලබලයි...

"ජ..ජන්කුක් ..ම..මගේ දරුවා..."

ජන්කුක් කලබල උනා ජන්කුක් අල්ලන් හිටපු ටේහ්‍යොන්ගේ අත මිරිකුවා...

"ඇ..ඇයි..යූල්ට මොකද වෙලා තියෙන්නේ .."

මේ උදෙත් හොදට හිටියනේ...යූල්.. ජන්කුක් අතේම නිදියන් කෑමත් කෑවා..

"ම..මං දන් නෑ.. ජන්කුක් ම..මගේ... අනේ අ..අපේ යූල්.. කොහෙද දන් නෑ.. මං හොයනවා මේ.."

ටේහ්‍යොන්ගේ කටහඩ බිදෙනවා... ජන්කුක් ටේහ්‍යොන්ග්ව පාර අයිනෙන් ඇදලා ගත්තා..

"සිහියෙන්.. සිහියෙන් ඉන්න ... ඔයා මේ පැත්තට යන්න මං මේ පැත්තට යන්නම්.. හම්බුනොත් මං යූල්ව අරන් එන්නම් මෙතෙන්ටම...."

ටේහ්‍යොන්ග්ව පාර අයිනෙන් එක පැත්තකට තල්ලු කරන ගමන් කහ ඉර ගාවම ඉදන් ජන්කුක්ට අනිත් පැත්තට හැරුණ...

ටේහ්‍යොන්ග් ජන්කුක් කියන දේට ඔලුව වනන් ගමන් ඇවිදන් ගියේ යූල්ට කතා කරන ගමනුයි.. ඒ දිහා බලන් ජන්කුකුත් අනිත් පැත්තට ඇවිදන් ගියා...

ජන්කුක් හැම්තැන්ම බැලුවා. අස්සවල් වල හැමතැනම කොහෙවත් නෑ.. මොකක්ද කියලා හිතාගන්න බෑ .. ජන්කුක්ට කෝල් එකක් ආවා...

Hyung❤️ - calling

ඒක ඒ කාලේ සේව් කරපු විදියමයි ඒ නම්බර එකමයි... තාමත් ජන්කුක් ගාව ඒ පෝන් එක වගේම ටේහ්‍යොන්ග් ගාව ඒ නම්බර් එක... ජන්කුක් හිත හිත ඉන් නැතුව ආන්ස්වර් කරා...

-"හෙලෝ..."

=" හෙලෝ.. ජන්කුක් , යූල් ඉන්නවා කිව්වා... ආයෙත් එන්න..."

-"අහ්.. හරි හ්‍යු... ම්.. මං එන්නම්..."

ජන්කුක්ට එක පාරටම හ්‍යුන්ග් කියවෙන්න ගියා.. ආයෙත් ඒක නවත්තන් ජන්කුක් පෝන් එක සාක්කුවට ආයෙත් හැරුනා... ජන්කුක්ට පොඩි සතුටකුත් දැනුනා මොකද යූල් හොයාගත්තා කිව්වම අමතක නොකර ටේහ්‍යොන්ග් ජන්කුක්ට කියපු එක ගැන....

ජන්කුක් ඉක්මනට කහ ඉර පැත්තට ඇවිදන් යනවා... ජන්කුක් දැක්කා ටේහ්‍යොන්ග්නුත් ඇවිදන් එනවා , ඒ උනාට ටේහ්‍යොන්ගේ ඇස් තිබ්බේ පාරෙන් එහා පැත්තේ, යූල් කොහොමද පාර එහා පැත්තට පැන්නේ, ජන්කුක් ඉක්මනට කහ ඉර ගාවට දුවන් ආවා එතකොටම ටේහ්‍යොන්ග්මුත් ආවා, එහා පැත්තේ පාර අයින දිගේ යූල් දුවගෙන එනවා ඒ පස්සෙන් රියාත් දුවන් එනවා,

"ඩඩා.....!!!"

"යූල් පයින්න එපා...යූල්.."

"යූල්, අනේ මැනික..."

"දෙවියනේ යූල්...."

කටහඩවල් හතරක් හතර විදියකට ඇහෙනකොට යුල් දුවන් ආපු වේගෙටම පාර පැන්නේ හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර...

"ඩෝං..!!"

දෙපැත්තෙන් ආපු වාහන දෙකක් මේ සිද්ධියට වේගේ පාලනය කරගන්න බැරුව බ්රේක් ගහගෙන එකට හැප්පෙනකොට පාර මැදට පැන්න තුන් දෙනෙක් දෙපැත්තකට විසි වෙලා ගිහින් තිබ්බා...

"ජ..ජන්කුක් ... රි..රියා... මගේ යූල්.. මැනික..."

ටේහ්‍යොන්ග් කෑ කහගෙන පාර මැද්දේ දනගහගන්නකොට ලේ පෙරාගෙන ඉන්න ජන්කුක්ගෙයි රියාගෙයි මැද්දේ යූල් සිහි නැති වෙලා ඒ අත් හතරට මැදි වෙලා හිටියා...!

.





.





.





.




.





.

*******************

___________________________Dark_Sunshiner 🤍🥀

Long chapter...👣

හැම එකටම හ්‍යුන්බින්ට බයින්න එපා..😪

පරක්කුයි නේද... මට වෙලාවක් තිබ්බේ නෑනේ..

ඉක්මනට එන්නම්...

Thanks for reading ♥️

To be Continued...

2023/12/10



Bạn đang đọc truyện trên: AzTruyen.Top