|44|

"යොහ් යූල් බබා මගේ කොන්ඩෙන් අදින්න එපා අනේ...."

මාක් තමන්ගේ ඔඩොක්කේ උඩ ඉදන් අත් දෙකෙන්ම කොන්ඩේ අල්ලන් අදින යූල්ට කිව්වේ කෙදිරි ගගා...

"බෑනේ සමොච්චගේ කොන්ඩේ සෝයිනේ, යූල් බබාතත් ඕල..."

"ඔය ඔයාට තියෙන්නෙ සෝයි කොන්ඩයක්... ඔයාගේ ඩැඩාට කියනවා දැන් මම කරදර කරනවා කියලා හරිද.."

ඒ සැනින් යූල් මාක්ගේ කොන්ඩේ අතෑරලා බෙල්ල බදාගත්තා...

"මන් ආදලේනේ සමොච්චට...."

"යුන්ගි මේ , යෝ මේ මිනිහා නැගිටපන්කෝ..."

මාක් කකුල දිගෑරලා සෝෆා එකේ මුල්ලක් අල්ලන් ඉන්න යුන්ගිට පයින් ගැහුවම යූල් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා... ඒ සද්දෙට පුටුවේ ඉදන් ලැප් එක දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා බැලුවේ මාක්ව උයලා කන්න වගේ...

"උබ හැසිරියන් හරි විදියට ඔය ලමයා ඉස්සරහා... "

"අන්න ඔයාගේ ඩඩා අදත් නැට්ට පත්තු කරන්.."

ආපිට ටේහ්‍යොන්ග්ට රවන ගමන් මාක් යූල්ට කියනකොට යූල් හිටියේ මාක්ටයි යුන්ගිටයි මැද සෝෆා එකේ වාඩි වෙලා යුන්ගිට ඇන ඇන...

"නැත්ත පත්තු කලනවා කියල්ලේ මොකත්ත ඩඩා..."

"මාක්...!!."

ආපිට ඒකම ටේහ්‍යොන්ගෙන් යූල් අහන්කොට ටේහ්‍යොන්ග් අන්තිම වෝනින් එකත් දුන්නා...

"එහ්..එහ් ටේහ්‍යොන්ග්.. අර..අර බලපන් යකෝ..."

එක පාරටම කැබින් එකෙන් පිට වීදුරු දොර ගාවින් ගිය රූපේ දැකලා කලබල උනු මාක් ඉදපු තැනින් නැගිට්ටෙ ටේහ්‍යොන්ග්ට හයියෙන් කෑ ගහන ගමනුයි...

විස්වාස කරන්න පුලුවන්ද , ඒ හිටියේ ජන්කුක්... මාක් ටේහ්‍යොන්ග් දිහා බලලා යුන්ගි දිහා බැලුවාම යූල්ගේ කරදරේ හින්දා නැගිට්ට යුන්ගිත් ඇස් ලොකු කරන් බලන් හිටියා... ඒත් ටේහ්‍යොන්ගේ නම් කිසිම රිඇක්ශන් එකක් තිබ්බෙ නෑ... ටේහ්‍යොන්ග් කිසි හැගීමක් නැති බැල්මකින් බලන් හිටියා...

"ටේහ්‍යොන්ග්, ඒ ජන්කුක්ද මොකක්ද මෙතන වෙන්නේ...."

යුන්ගි යූල්ව වඩන් නැගිටින ගමන් සීරියස් ටෝන් එක්කින් ඇහුවම ටේහ්‍යොන්ග් යුන්ගි දිහා බලල ඔලුව වැනුන්වා...

"ජන්කුක්, ජන්කුක්...මන් ඒත් ඒ නම මට පුරුදු ඇයි බැලුවා... ඒ පොඩි කොල්ලා මේ විදියට ආවේ කොහොමද බන්.. මොනවද වෙන්නෙ, උබ කියන්න එපා අපි ගියේ වෙන කාගේ හරි සොහොනකට කියලා..."

මාක් ආයෙත් සෝෆා එකෙන් ඉදගන්න ගමන් ඔලුව අත් දෙකෙන්ම අල්ලන් කියනකොට ටේහ්‍යොන්ග් හිනා උනා.. ඒක හරි අමාරු හිනාවක් කරගන්න දෙයක් නැති කමට එලියට දාපු හිනාවක්...

"මේ ඔක්කොම ඩෑඩ්ගේ ගේමක් කියලා දැන දැන මන් තවත් ජීවත් වෙන්නෙ කොහොමද කියපන් මාක්.. කියපන් මට දැන් මන් මොනවද කියන්න ඕන කරන්න ඕනේ... මන් කරපු හැම දෙයක්ම වතුරෙද බන්.. මන් මෙච්චරකන් ඉදලා තියෙන්නෙ හීනෙකද කියපන්..."

ටේහ්‍යොන්ගේ කටහඩ ඕනවටත් වඩා බිදිලා තිබ්බා.. මාක් යුන්ගි ඕනවටත් වඩා දැක්ක මොන තරම් ටේහ්‍යොන්ග් කඩන් වැටුනද කියලා.. ටේහ්‍යොන්ග්ට සති දෙකකට පස්සෙ සිහිය එනකොට ටේහ්‍යොන්ග් ගාව ඉතුරු වෙලා තිබ්බෙ මැශින් ටිකක් විතරයි...

ටේහ්‍යොන්ග් හෙව්වට හම්බුනේ අන්තිමට ජන්කුක්ගේ සොහොනක් විතරයි ,ජන්කුක් ගිහින් එයාව දාලා.. කොහොමද ටේහ්‍යොන්ග් විස්වාස කරන්න ඕනේ.. කවුරු කියන දේවල්ද ටේහ්‍යොන්ග් විස්වාස කරන්න ඕනේ...

ඇයි ජන්කුක්ට එක මොහොතක් බැරි උනේ ටේහ්‍යොන්ග් හෝල් එකෙන් එලියට එනකන් ඉවසන්න , ඒ උනාට ටේහ්‍යොන්ග් එනකොට ඔක්කොම වෙලා ඉවරයි... ටේහ්‍යොන්ග්ට දැනුනේ බයක්, ආයෙත් තමන්ට සැලකිල්ලක් නොදක්වන පිරිසක් අතරේ තනි උනා හා සමානව දැනිච්ච දුකක්...

ටේහ්‍යොන්ගේ මේ අවුරුදු ගාන ගෙවුනේ අසිහියෙන්.. ටේහ්‍යොන්ග් පටන් ගත්ත දේවල් ඔක්කොම මග නත්‍ර උනා.. ටේහ්‍යොන්ග් සම්පූර්නයෙන්ම හ්‍යුන්බින්ගේ රොබෝවෙක් වගේ උනා... මේ කිසි දෙයක් ටේහ්‍යොන්ග් හිතලා කෙරුවේ නෑ දෙයියනේ...

අන්තිමට රියාව ටේහ්‍යොන්ග්ට මැරි කරන්න සිද්ද උනා... ඒ තැනට ඩෑඩ් වැඩ කරා, ඒ තැනට හ්‍යුන්බින් ටේහ්‍යොන්ග්ව පත් කරා... ටේහ්‍යොන්ගේ ජීවිතේ කොහෙත්ම සතුටින් ගෙවුනු එකක් නෙවෙයි, එයා දන්න කාලේ ඉදන්ම ඒක හොදින් ගෙවිච්ච ජීවිතයක් නෙවෙයි, එයා හොදින් හිටියානම් ඒ හිටියේ එයාගේ ආදරෙත් එක්ක. ඒ ජන්කුක් එක්ක එයාගේ චන්ඩියත් එක්ක.. ටේහ්‍යොන්ග්ට කොතනද වැරදුනේ ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ..

ටේහ්‍යොන්ග්ට දැනුනේ තමන් සම්පූර්නයෙන්ම හිස් මනුස්සයෙක් ගානට.. ටේහ්‍යොන්ගේ සැනසීම තිබ්බෙ සිමෙන්තියෙන් කරපු ගල් පුවරුවක් ඉස්සරහා.. ටේහ්‍යොන්ග් විවෘත උනේ මහ වැස්ස වෙලාවක එක සිමෙන්ති ගල් පුවරුවක් ඉස්සරහා... ඇයි ටේහ්‍යොන්ග්ට මෙහෙම උනේ කියලා ටේහ්‍යොන්ග් හැමදාමත් ඇහුවා.. ඇයි ටේහ්‍යොන්ග් මේ තරම්ම අවාසනාවන්ත කියලා ටේහ්‍යොන්ග් එයාගෙන්ම ඇහුවා.. එයා ජන්කුක්ගෙන් ඇහුවා... ලස්සන සුදු පාට රෝස මලකින් ඒ සොහොන සරසලා ඒ හැමදාකම එතන ඉදන් හිටිය ටේහ්‍යොන්ගේ දුක දැක්කේ එතන තනකොල විතරක්ම උනා... මහ වැස්ස වෙලාවක අර කදුලු හෝදන් වැටුනු වැහි බින්දු විතරක්ම උනා...

ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ මේ විදියට ජීවිතේ ගෙවන්න.. ඒත් හ්‍යුන්බින් එයාට මැරෙන්නත් තහනම් කෙරුවා..ඉතින් කොහොමද ටේහ්‍යොන්ග් මැරෙන්නේ.එක්කින් නවතිනකොට ටේහ්‍යොන්ග්ව මහ බැදීම් ගොඩකින් බැදලා දාලා හිර කෙරුවාම ටේහ්‍යොන්ග් කොහොමද මේ හැමදේම දාලා ඇස් පියාගන්නේ..

ටේහ්‍යොන්ග්ට අන්තිමට ඉතුරු උන එකම විසදුම උනේ ඩෑඩ් එක්ක වැඩ කරන එක.. ඩෑඩ් ගාව රූකඩයක් වගේ ඉන්න එක.. ඒකම විතරයි හ්‍යුන්බින් ටේහ්‍යොන්ග්ට ඉතුරු කරපු එකම විසදුම...

අන්තිමට මේ තරම් කල් හීනයක් උන රූපේ එදා ටේහ්‍යොන්ගේ ඉස්සරහට ආවම ටේහ්‍යොන්ගේ පපුව පුපුරපු නැති ටික විතරයි... ටේහ්‍යොන්ග් කෑ ගැහුවා කේන්ති ගත්තා ඇයි මෙහෙම කරේ ඇහුවා ඒ උනාට හ්‍යුන්බින්ට ඒවට උත්තර දෙන්න උවමනා උනේ නෑ...

ටේහ්‍යොන්ග්ට පිස්සු හැදුනා ටේහ්‍යොන්ග්ට ඕන උනා දුවන් ගිහින් ජන්කුක්ව තුරුල් කරගන්න, එයා මොන තරම්නම් දුකෙන්ද හිටියේ කියන්න, ඒ උනාට හම්බුන පල්වෙනි වතාවෙම ජන්කුක්ගේ කටින් පිට උනු සැර වචන් එක්ක ජන්කුක් ඉන්නෙ මොන තරම් කේන්තියෙන්ද කියලා තේරුම්ගන්න ටේහ්‍යොන්ග්ට අමාරු උනේ නෑ..

තවත් අතකට ටේහ්‍යොන්ග් කොහොමද ජන්කුක්ට කතා කරන්නෙ , ටේහ්‍යොන්ග් මැරි කරලා, එයා ගාව රියා ඉන්නවා ඉතින් කොහොමද කිසි ගානක් නැතුව ටේහ්‍යොන්ග් වැඩ කරන්නේ.. ඉස්සර හිටපු සෙල්ලක්කාරයට නම් මේ දේවල් ගානක් නැති වෙන්න තිබ්බ ඒත් දැන් ටේහ්‍යොන්ග් කියන්නෙ වගකීම් තියන කෙනෙක්, ඒ වගකීම්ම මහ හිසරදයක් වෙච්ච කෙනෙක්... ටේහ්‍යොන්ග්ට කල්පනා කරලම එපා වෙලා තිබ්බේ..

ටේහ්‍යොන්ග් කොහෙදවත් කියලා කවුරුත් නොදන්නවා වෙනකොට ටේහ්‍යොන්ග් එදා රෑම ජීවත් වෙන ජන්කුක්ගේ සොහොන ගාව ගත කෙරුවා.. ටේහ්‍යොන්ගේ පපුවට හරි අමාරු උනා.. ටේහ්‍යොන්ග්ට මේ තරම් වේදනාවක් ලැබෙන්න තරම් සුදුසුද කියලා ටේහ්‍යොන්ග්ම කල්පනා කරා...

ජන්කුක්වත් කාවවත් ආයෙත් ලබාගන්න එක ලේසි නෑ.. ටේහ්‍යොන්ග්ට හැම තැනම තිබුනේ බාධා විතරයි.. එයා හිර වෙලා..

ඉතින් ජන්කුක් ඉස්සරහා උනත් ටේහ්‍යොන්ග්ට එයාගේ සෘජු මූන පෙන්නන්න උනා...ඒක එච්චර පහසු නැති උනත් ටේහ්‍යොන්ග්ට තිබ්බ එකම ව්සදුම ඒක උනා..

එක හොදකට කියලා තිබුනේ ටේහ්‍යොන්ග්ව තේරුම් ගන්න පුලුවන් යාලුවෝ දෙන්නෙක් ටේහ්‍යොන්ග්ට හිටිය එක විතරයි..

මේ වෙලාවේ ටේහ්‍යොන්ගේ කැබින් එක ඉස්සරහින් ජන්කුක් යනකොට මාක් යුන්ගි දෙන්න පුදුම උන තරමට ටේහ්‍යොන්ග්ට දරාගන්න බැරි වෙන එක සාධාරණයි...

"ඇයි බන් අන්කල් මෙහෙම කරේ.. ඒ ..ඒ කියන්නේ.. යූල්... බන්.......

මාක් කියන්න ගිය එක සම්පූර්න කරගන්න බැරි උනා මොකද යුන්ගි තමන්ගේ අතේ ඉන්න යූල්ව පෙන්නලා ඔලුව හෙලෙව්වා එපා කියලා...

"රියා..රියා දන්නවද මේක..."

ආයෙත් මාක් ඇහුවා..

"සමහර විට..."

"රියා මොකද කිව්වේ... "

"මන් කතා කරේ නෑ..."

ටේහ්‍යොන්ගෙන් හම්බෙන උත්තර වලින් දෙන්නටම දැනුනේ අනුකම්පාවක්...

"මොකක් හරි දැන් ගෙදර පලයන් තවත් මෙතන ඉන්න ඕන නෑ.. පලයන්... "

ටේහ්‍යොන්ග්ව පුටුවෙන් නැගිට්ටවන ගමන් මාක් ටේහ්‍යොන්ග්වත් ඇදන් එලියට ආවේ ටේහ්‍යොන්ග් කැබින් එකෙන් එලියට ආපු ගමන් ආයෙත් අර මූන මවාගද්දි...

පාකින් ලොට් එකටම ටේහ්‍යොන්ග්ව ඇදන් ආපු මාක් ටේහ්‍යොන්ග්ව වාහනේට නග්ගලා ටේහ්‍යොන්ගේ උකුලෙන් යූල්වත් තිබ්බා... ඊලගට ඉස්සරහා ඉදපු ඩ්‍රයිවර් ගාවට ගියා..

"කෙලින්ම මැන්ශන් එකට යන්න.. කොහෙවත් යන්න එපා...."

එතනින් යන වාහනේ දිහා මාක් යුන්ගි දෙන්නම සාක්කු දෙකට අත් දෙක දාන් බලන් හිටියා...

"ඒ මොකක්ද යුන්ගි උනේ..."

"මන් දන් නෑ , මන් දන්නෙ අපේ එකා පව් කියන්න විතරයි.. මෙච්චර දෙයක් වෙනකන් අපි දන්නෙ නැත්තේ කොහොමද මේක..."

යුන්ගි එයාගේ වාහනේට හේත්තු වෙන ගමන් සිගරට් එකක් පත්තු කරගත්තේ මාකුත් එකක් පත්තු කරගන්නකොට...

"මෙච්චරකල් උන දේවල් උනෙත් අපි දැනුවත්ව නෙවෙයිනේ යුන්ගි... අපි මොකද මේකට කරන්නේ.. ජන්කුක් මොඩ්ල් කෙනෙක් වෙලා මේකට එනවා කියන්නෙ කොල්ල ලේසි පහසු ගේමක් නෙවෙයි ගහලා තියෙන්නේ... අපි ජන්කුක් ගැන හොයන්න ඕන... හිටිය තැනක නොයිද මෙහෙම ආවෙ ඇයි කියලා අපි හොයන්න ඕන යුන්ගි..."

මාක් එක දිගට කියන් යනකොට යුන්ගි කල්පනා කරන ගමන් බලන් හිටියා...

"ඕකේ.. මන් වෙච්ච දේවල් හොයන්නම් ඔයා දැන් වෙන්නෙ මොනවද කියලා බලන්න ඕන , හැබැයි පරිස්සමට..."

මාක්ගේ ඉන වටේ අත දාන ලගට ඇදලා ගන්න ගමන් යුන්ගි කිව්වෙ කටේ තිබ්බ දුම් ටික මාක්ගේ මූනට පිබලා...

"අරූ ආයෙත් පිස්සුවක් නටයිද යුන්ගි.. මට බයයි..."

"බලමු... මේ ඔක්කොගෙම කෙලවරක් තියෙන්නත් ඕනෙනෙ... නගින්නකෝ..."

සිගරට් එක බිමට දාලා පාගන ගමන් යුන්ගි වාහනේට නැග්ගෙ මාක්ටත් අතින් සන් කරන ගමන්මයි...

.


.


.

හොදටම රෑ වෙලා... ටේහ්‍යොන්ග් හිටියේ මැන්ශන් එකේ එයාගේ ඔෆිස් රූම් එකේ... රියා ගෙදර හිටියේ නෑ එයාගේ ගෙදර පාටි එකක් කියලා ගිහින්.. ටේහ්‍යොන්ග්ටත් ඉන්වයිට් කරලා තිබ්බත් ටේහ්‍යොන්ග්ට යන්න ඕන උනේ නෑ..

රියාට බෑ ටේහ්‍ය්න්ග්ට ඕනවට වඩා බල කරන්න.. ඒකෙන් වෙන්නෙ ටේහ්‍යොන්ග් යකෙක් වෙන එක විතරයි, ඒ හින්දා ටේහ්‍යොන්ග් කියපු විදියට යූල්වත් තියලා රියා ගියේ නොගිහින් බැරි කමට...

ටේහ්‍යොන්ග් මැශින් එකෙන් ඩිසයින් එකක් කර කර එයාගේ වැඩ කරනකොට යූල් ආවා කිරි බෝතලේකුත් උස්සන්.. සාමාන්‍යෙන් නම් ටේහ්‍යොන්ග් වැඩ කරන වෙලාවට ඒ පැත්ත පලාතට එන්න තහනම්.. ඒ උනාට අද යූල්ට අල්ලගන්න ඔම්මවත් නැති හින්දා මීට ටික්කට කලින් ඩඩාම හදලා දුන්න කිරි බෝතලේ අත් දෙකෙන්ම උස්සන් යූල් ඇතුලට ආවේ හොරෙන් වගේ...

"ඩඩා...."

"ම්ම්ම්...."

"ඩඩා...."

"ම්ම්ම්..."

"ඩඩා....!!"

"මොකද යූල් කෑ ගහන්නේ...."

ටේහ්‍යොන්ග් ම්ම් ම්ම් ගෑවා මිසක් නොබලපු හින්දා යූල් ටේහ්‍යොන්ගේ පුටුව ගාව ඉදන්ම යටි ගිරියෙන් බෙරිහන් දුන්නෙ ටේහ්‍යොන්ගේ අතින් කොලෙත් වැටෙනකොට... ටේහ්‍යොන්ග් කෑ ගහලා ඇහුවට යූල් නෙවෙයි බය උනේ.. යූල් කරේ එයාගේ අර ලොකු ඉස්සරහා දත් දෙක එලියට දාල ලස්සනට හිනා උන එකා..

"ඩඩා.. වඩා... වඩාගල්ලකෝ..."

අත් දෙකත් දික් කරන් හිනා වෙවී ඉන්න යූල් දැක්කම ටේහ්‍යොන්ග් කෝමද ආදරේ නොකරන්නේ..ටේහ්‍යොන්ග් කොච්චර බැන්නත් යූල් නෙවෙයි ගනන් ගන්නේ ඩඩා ගාන් ඕනම වෙලාවක දුවන් එන්නෙ ටේහ්‍යොන්ග් ගාවට තමයි.. ඒ ගතිගුනේ ටේහ්‍යොන්ග්ට මතක් කෙරුවේ එක්කෙනෙක්වම විතරයි.. ටේහ්‍යොන්ගේ මූනේ හිනාවක් ඇදුනා...

"කෝ එන්න.."

"යේ....!!"

ටේහ්‍යොන්ග් පොඩ්ඩව වඩන් ඔඩොක්කෙන් තියාගත්තම යූල් හොදට හරි බරි ගැහිලා ටේහ්‍යොගේ ඇගට හේත්තුවක් දාන් කිරි බෝතලේ කටේ ගහගත්තා...

යූල්ගේ ලොකු ඇස් එයාගේ ඩඩා වැඩ කරන ස්ක්‍රීන් එක දිහා හරි ආසාවෙන් බලන් හිටියා.. ඒ උනාට නිකමට අත තියන්න ගියේ නෑ... යූල්ව නිතරම හැමෝම හුරතල් කරන හින්දා යූල් හුරතලේට හැදුනට යූල් කියන්නෙ බුද්ධිමත් දරුවෙක්... ඩඩාට කරදර කරොත් තරහා යනවා කියලා එයා දන්නවා.. ඒ හින්දයි එයාගේ ඩඩා එයාට ඕන තරම් ගහලා කඩාගන්න වෙනම මැශින් එකක් ගෙනත් දීලා තියෙන්නේ.. ඒකේ ස්ක්‍රීන් එක කුඩු වෙලා ඒක වෙනම කතාවක්...

ටිකක් වෙලා වැඩ කරනකොට ටේහ්‍යොන්ග්ට ඇහුනේ දොරෙන් එපිට කූන් කූන් ගගා කන් කෙදිරි ගාන බලු කෙදිරියක්..

"බාම්.. බාම්.. ඩඩා.. බාම්ව ඇතුලත ගමුද .. ඩඩා...."

"ම්ම්... "

ටේහ්‍යොන්ග් ම්ම් ගෑවම පට ගාලා බිමට බැස්ස යූල් උසත් නැති භාගෙට වැහුනු දොර අත් දෙකෙන්ම ඇරියා.. එතකොටම ඇතුලට ආවේ ලොකු තද දුඹුරු පාට බලු තඩියෙක්..

"බාම් බාම්.. එල්ලකෝ.. "

බාම් යූල්ටත් වඩා උසයි.. යූල් හරි ආදරෙයි බාම්ට.. බාම් පිරිසිදුව ඉන්න නිසාත් බාම් කියන්නෙ එයාට විශේශ නිසාත් යූල් බාම් එක්ක සෙල්ලම් කරාට ටේහ්‍යොන්ග් මුකුත් කිව්වේ නෑ...

බාම් යූල්ගේ උඩ ඉදන් පහලටම ඉව කරලා ටේහ්‍යොන්ග් දිහා බලන් කූං කූං ගාන්න ගත්තේ හරියට හුරුපුරුදු විදියට..

"ඔව් ඔව්.. බාම් නිදාගන්න කොල්ලෝ..."

ටේහ්‍යොන්ග් අත් දික් කරලා බාම්ගේ ඔලුව අත ගෑවම බාම් එතනම කාපට් එක උඩ නිදාගන්නකොට යූලුත් එතන්ම ඉදන් බාම්ගේ ඇගට හේත්තු උනා..

"යූල් එන්න මේ ඉතුරු ටික බොන්න... "

ටේහ්‍යොන්ග් මේසෙ උඩ බාගෙට ඉවර උන කිරි බෝතලේ පෙන්නලා යූල්ට කතා කරද්දි යූල් දුවන් ඇවිත් ටේහ්‍යොන්ගේ ලොකු අතක් අල්ලන් කකුල් දිගේ බඩ ගාලා ටේහ්‍යොන්ගේ ඔඩොක්කෝ ඉද ගත්තා...

"මේ ටික බීලා හොද ලමයා වගේ නිදාගන්න දග නොකර..."

යූල්ගේ ඔලුව අතගාලා ටේහ්‍යොන්ග් කිව්වම බෝතලේ කටේ ගහන් ඉතුරු කිරි ටිකත් යූල් බිව්වා...

යූල්ට සනීපෙට එයාගේ ඩඩාගේ ඔඩොක්කුවේ කාලෙකින් නින්ද යනකොට යූල් නිදි කියලා තේරුනාම ටේහ්‍යොන්ග් යූල්ව අත් දෙකෙන්ම බදාගෙන ඔලුවට මූනට හාදු තිබ්බා....

.



.

"හනේහ්.. නැගිටපන් බන්.. උබට පුරුදු නැති මගුල් බොන්නෙ ඇයි කියපන්කෝ....."

.






.





.





.





.





.

************************

___________________________Dark_Sunshiner 🤍🥀

Taehyung with his jungkook's grave....

Taehyung with Yool...<3

Thanks for reading ♥️

To be Continued...

2023/11/16

Bạn đang đọc truyện trên: AzTruyen.Top