|43|
"අලේ... අන්තල් මත අත සෝදන්න ඕලේ..."
ජන්කුක්ට චූටි හුරතල් කට හඩක් ඇහෙනකොට පහල බලන්න හැදුවත් ඊට කලින් වොශ් රූම් එකේ දොර ඇරිලා කවුරු හරි ඇතුලට ආවා...
"දෙයියනේ පුන්චි බේබී.. කොහොමද මේක ඇතුලට ආවේ මේ දොරත් වහලා තියනකොට..."
ආවේ කවුරු උනත් අර හිටපු ලමයව වඩාගන්න ගමන් කතා කරනකොට ජන්කුක් අත් දෙක හෝදන්න ගත්තා...
"ම්..මේ අන්තල් පස්සෙන් ආවේ මන්... අන්තල් දොල වහල්ල කලින් ඇතුලට පැන්නා..."
"දෙයියනේ අතක්වත් අහු උනා එහෙම නම් ,......."
ජන්කුක් නෙවෙයි ඒ කතා වලට අවදානේ දුන්නේ... ජන්කුක් එහෙමම හැරිලා වොශ් රූම් එකක් ඇතුලට ගියා... එලියේ මොන මොනවදෝ වචන පටලව පටලව කිය කිය හිටපු දෙන්න ගියා වගේ සද්දේ නැති උනාම ගිය වැඩේ කරන් ආයෙත් ජන්කුක් එලියට ඇවිත් සින්ක් එකට අත් දෙක අල්ලා හෝදන්න ගත්තා...
හැබැයි පොඩ්ඩ වෙලාවයි ආයෙත් ජන්කුක්ගේ කලිසම් කකුලෙන් ඇද්ද..
"අලේ අන්තල් මත් අත සෝදන්න ඕනනේ.."
එවෙලේ නම් ජන්කුක් බිම බැලුවා.. දැන් නැනී කෙනෙක් ආවේ අත සේදෙව්වෙ නැද්ද... මේක කම්පැනි එකක්ද ඩේ කෙයා එකක්ද.. පුලුවත් තරම් හිතෙන් බයින ගමන් බිම හිටන් ජන්කුක්ගේ කලිසමත් අල්ලන් ඔලුව උස්සන් ඉන්න පොඩ්ඩ දිහා බැලුවා...
"ඇයි දැන් කලින් අත සේදුවේ නැද්ද ම්ම්..."
ජන්කුක් ඒක ඇහුවෙත් ටිකක් සැරෙන් වගේ.... මූන බලන් බයින්නත් බෑ.. ජන්කුක් ලමයින්ට කැමති නෑ තමයි ඒත් මේ ලමයා හරි හුරතල් පාටයි වෙන විදියකින් කියනවා නම් ඒ ලමයගේ මූන බලන්න බෑ වගේ ජන්කුක්ට දැනුනා... ඒ උනාට තාමත් කලිසම අල්ලන් මූන උස්සන් ඉන්න ලමයට බනින්න බැරි තැන ජන්කුක් වට පිට බැලුවේ පොඩි ස්ටූල් එකක්වත් තියනවද කියලා,, ඒත් නැති හින්දා ජන්කුක් පොඩ්ඩගේ අත කලිසමෙන් ගලවලා පිටිපස්සෙ අත් දෙක යවලා ඉස්සුවා...
"අහ්, මන් මෙහෙම අල්ලන් ඉන්නම් හෝදගන්න අත් දෙක... "
ජන්කුක් පොඩ්ඩව උස්සගෙනම සින්ක් එකට නැවිලා කිව්වම පොඩ්ඩක් දත් දෙකත් එලියට දාන් හරි හුරතල් විදියට හිනා වෙලා ටැප් එක ඇරලා අත් දෙක වතුරට දැම්මා...
ජන්කුක් ගොඩ කාලෙකින් පොඩ්ඩෙක්ව වඩා ගත්තේ.. බෝල ගෙඩියක් වගේ ඉන්න පොඩ්ඩා හරි උනුසුම් , ලස්සන හුරතල් ඇදුම් වලිනුත් එලියට ඇවිත් ඒ උනුසුම තමන්ට දැනෙනෙනකොට ජන්කුක් නොදැනුවත්වම පොඩ්ඩව චුට්ටක් පිටිපස්සෙන් ලන් කරගත්තා...
මේ පොඩ්ඩා කරන්නෙ අත සේදිල්ලක්නම් නෙවෙයි පෙන එන විදියට එක ගානට වැටෙන වතුර එකට අත අල්ලන් ඉන්නවා...
"කෝ... දැන් ඔය අත සෝදන විදියද අහ්..."
"අලේ බලන්නතෝ අන්තල් මේම මේම ජෝ වැතුනම අතේ බෝල හිතිනවා.. ඒවා සෝයි...."
ජන්කුක්ගේ පැත්තට මූන හරවන ගමන් පොඩ්ඩා හරි සතුටින් කිව්වෙ අර ජබ්බ කකුල් දෙකත් ගසන ගමන්මයි.. ඒ උනාට ජන්කුක්ගේ මූන නම් අමුතු උනා.. මෙච්චර ලගට අර මූන දැක්කමයි... ජන්කුක්ගේ ඇස් අර පාලු වොශ් රූම් එක ඇතුලේ ගැස්සිලා ගියා.. ඒ හුරුපුරුදු මූන නිකන් අඹලා වගේ ඒ ඇස් වලට පේනකොට ජන්කුක්ගේ අතින් පොඩ්ඩව අතෑරෙන්න ගියා...
ඉක්මනට හරි සිහියට ආපු ජන්කුක් අත් දෙකෙන්ම තද කරලා පොඩ්ඩව අල්ලගත්තත් පොඩ්ඩ නම් හිටියේ කාලෙකින් හම්බුන වස්තාවෙන් හොද ප්‍රයෝජන ගන්න ගමනුයි... රතු පාට කහ පාට හෑන්ඩ් වොශ් ඔක්කොගෙනම අතට හලන් පෙන එනකන් අත් දෙක අතුල්ලගන්න පොඩ්ඩව ජන්කුක්ට පෙවුනේ නෑ.. ජන්කුක් බලන් හිටියේ කන්නාඩියෙන් පේන පොඩ්ඩගේ මූන දිහා.. පැත්තට පේන රූපේ ඒ වගේමයි.. සමහර විට එක පාරට ඒ වෙනස්කම් විතරයි ජන්කුක් අදුරගන්න ඇත්තේ... ඒ උනාට ජන්කුක්ට හොදටම පැහැදිලි ඒ මේ ලෝකේ තමන් හොදටම දන්න මනුස්සයෙක්ගේ දරුවා මේ කියන්න...
ටේහ්‍යොන්ග්..!
ඔව් ටේහ්‍යොන්ග් වගේ.. හරියටම ඒ වගේ.. තනිකර ටේහ්‍යොන්ගෙ මිනි වර්ශන් එකක් ඒ... හුරතලෙට බෝලෙට ඉන්න පොඩ්ඩා තනිකරවම ඒ වගේ...
"අහ්.."
ජන්කුක් ගැස්සිලා ගියා පොඩ්ඩා අත් දෙකේ සබන් පුරවන් හැරිලා සබන් පෙන බෝලයක් ජන්කුක්ගේ කම්මුලේ ගාපු හින්දා...
"මොඅවද දෙයියනේ මේ කරන්නෙ අහ්..."
ජන්කුක් එතකොටයි වෙලා තිබ්බ විනාසේ දැක්කේ.. සින්ක් එකේ වතුර යන් නැති වෙන්න තිබ්බ කෑල්ල ප්‍රෙස් කරලා ඒකට අර හෑන්ඩ් වොශ් හල හල සබන් බෝල ගන්නවා මේ කොල්ලා.. ජන්කුක් බඩ වටෙන් අත් දාලා අල්ලන් ඉන්න හින්දා වදුරු පැටියා වගේ එල්ලිලා කොල්ලා පෙන වලට ගහ ගහ හිනා වෙනවා...
ජන්කුක්ගේ ඇස් වලට කදුලු ආවේ නෑ.. ඒ උනාට ජන්කුක්ගේ මූන තිබ්බටත් වඩා වෙනස් උනා... ඒකට හේතුව මොකක්ද කියලා ජන්කුක්වත් දැනන් හිටියේ නෑ...
ජන්කුක් ඔලුව දෙපැත්තට ගසලා දාලා කොල්ලව ඉස්සුවා.. කොහෙද සීනී බෝතලේට ඇදෙන ඇඹලයා වගේ ආයෙත් අර පෙන ගොඩටම අත ඔබනවා මේ පොඩි එකා...
"දැන් ඕක නවත්තන්න, ඔයාගේ නැනී දැක්කොත් මටත් බැනුම් අහන්න වෙයි..."
"අන්තල්ට නැනී බයිල් ලෑ.. එදා අත්තල් හොදතම කෑ ගැහුවේ යූල් බබාතල් නැනීතයි... අන්තල් විතලමයි ඒ විදියත යූල් බබාත කෑ ගැහුවේ...."
මොන මොනවදෝ හෝ ගාලා පච පච ගාන පොඩ්ඩව ජන්කුක් උස්සලා සින්ක් එකේ ගැට්ටෙන් හිට ගැස්සුවා...
"දැන් ඇති හොදද.. බබාට අසනීප වෙයි වතුරේ ඉදලා.. ඉන්න,"
ජන්කුක් එක අතක් පොඩ්ඩගේ බඩ වටේ දාලා අල්ලගෙන අනිත් අත සින්ක් එකේ ඇතුලට පෙන උඩින් අරන් ගිහින් අර කෑල්ල ප්‍රස් කරේ වතුර ටික සද්දෙට බහිනකොට.. යූල්ගේ මූනෙන් නම් කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ ඒකට.. ජන්කුක්ටයි කන්නාඩියටයි ඔක්කොටම රව රව හිටියේ කේන්ති ගිහින්... ගොඩාක් කේන්තිනේ එයාට හහ්....!
අන්තිමට ජන්කුක් අර පෙන ටික ඔක්කොම තනි අතෙන් යවලා ඉවර වෙලා අත හෝදගෙන තාමත් අත් දෙකේ පෙන පුරවන් ඉන්න බබා දිහාට හැරුනේ කන්නාඩියෙන් බලන් ගමන්.. පොඩි කමටද රැවිල්ල.. ඒ රැවිල්ල ඒ විදියමයි.. ජන්කුක්ගේ පපුව ගිඩි ගිඩි ගාලා ගැහුනා.. ඒ උනාට ඒවා සම්පූර්නයෙන්ම තහනම් දේවල්... ජන්කුක් අත් දෙක එකට බැදන් ඉන්න පොඩ්ඩගේ අත් දෙක අල්ලන් සින්ක් එකට නැවුනේ යූල් එයාගේ අත් දෙක නෙවෙයි වගේ අහක බලන් ඉන්නකොට.. පන්ඩිතයා...
අන්තිමට සබන් වලට දිය වෙන ගිහින් තිබ්බ අත් දෙක හොදට ජන්කුක් හෝදලා ඉවර වෙනකොට වොශ් රූම් එකේ දොර ඇරුනා.. ජන්කුක් අවදානය දෙන් නැතුව දිගටම අත් දෙක සේදෙව්වා...
හැබැයි වොශ් රූම් එකේ දොර ඇරුනු අදුරු මුල්ලේ ඉදපු කෙනාගේ ඇස් නම් අමුතු විදියට දිලිසෙමින් තිබ්බා.. එයා මේ දකින දර්ශ්නය හින්දම...
"ඩඩා....!!"
ජන්කුක්ගේ කන් අඩි පැලෙන තරම් හයියෙන් කෑ ගැහුව යූල් ජන්කුක්ගේ අත් අතර ඉදන්ම අනිත් පැත්තා හැරිලා උරහිස් වලට උඩින් එබුනේ ජන්කුක් දගලන පොඩ්ඩ වැටෙයි කියන බයට අත් දෙකෙන්ම අල්ලගන්නකොට.. බර අඩි සද්දයත් එක්ක ඒක තමන්ගේ පැත්තට ලන් වෙනවා දැනෙනකොට ජන්කුක්ගේ ඇස් කන්නාඩිය අස්සෙන් ඒ රූපේ හොයන් ගියා...
ජන්කුක්ටත් හොරෙන් සමහර දේවල් ඇග ඇතුලේ වෙන්නේ.. ජන්කුක් උපරිම සාමාන්‍ය වෙන්න උත්සාහා කරා.. ජන්කුක්ට තරහක් දුකක් කලකිරීමක් එක පාර දැනුනා... මූනේ කිසි දෙයක් වෙනස් උනේ නෑ.. ජන්කුක්ගේ මූන ඇස් දෙක කන්නාඩියට උඩින් තිබ්බ කහ පාට ලයිට් එලියෙන් දිලිසෙනකොට පිටිපස්සෙන් හිටපු ටේහ්‍යොනුත් කන්නඩියෙන් ඒ දිලිසෙන බෝල ඇස් දිහාම බලන් හිටියා..
ටේහ්‍යොන්ග්ට බෑ , රයිට්.. ටේහ්‍යොන්ග් මැරීඩ් , අනික එයාට බබෙක් ඉන්නවා, ඉතින් මේ විදියට වෙන කෙනෙක් දිහා එයාට බලන්න බෑ..
"ඩඩා... ඩඩා..."
යූල්ගේ හරි උත්සහය ඩඩාගේ අවදානේ එයාට ගන්න... ඒත් ටේහ්‍යොන්ග් ජන්කුක්ට වගේම ජන්කුක්ගේ අත් අතර හිටන් හිටපු පොඩ්ඩට පිටිපස්සෙ ඉදන් ඉස්සරහා කන්නාඩිය දිහා බලන් හිටියා... සමහර විට යූලුත් කන්නාඩිය පැත්තට හැරුනානම් සමහර දේවල් තුන් දෙනාටම පැහැදිලිවම පේන්න තිබ්බා...
"යූල්..ඔයා මේ ෆ්ලෝර් එකේ වොශ් රූම් එක්ක මොනවද කරන්නේ...."
ටේහ්‍යොන්ගේ ගැඹුරු කටහඩට ජන්කුක්වත් වෙව්ලලා ගියා.. සමහර දේවල් නවත්තන්න බෑ කොයි තරම් කාලයක් ගෙවිලා තිබ්බත්...
"ඩඩා.. අහල්ලකෝ.. මන් අත සේදුවනේ... මේ බලල්ලකෝ...."
ජන්කුක් මුකුත් නොකියා හිටියා.. පොඩ්ඩා තමන්ගේ පුන්චි ජබ්බ අත් දෙක දික් කරලා ටේහ්‍යොන්ග්ට පෙන්නනව... පුදුම කපටියෙක්.. ඒ උනාට ජන්කුක්ට අමතක උනාට ජන්කුක්ගේ මූනේ තාමත් අර පෙන පාර තියනවා...
"ඕකේ.. අපි දැන් යමු... ඔයාගේ ඔම්මා බලන් ඉන්නවා...."
ටිකක් බර කරලා කියන ගමන් ටේහ්‍යොන්ග් අත් දික් කරාම පොඩ්ඩා දඩ බඩ ගාලා ජන්කුක්ගේ උරහිස් උඩින්ම පයින්නයි ලෑස්ති උනේ... මොකද ඉදල හිටලා තමන්ගේ ඩඩා තමන්ව වඩා ගන්න හදනකොට ඒක මිස් කරගන්න යූල්ට කොහොමත් ඕන උනේ නෑ... ජන්කුක් දගලන පොඩ්ඩව අත් දෙකෙන්ම උස්සන් අනිත් පැත්ත හැරිලා ටේහ්‍යොන්ග්ට මූන දීලා හිට ගත්තා...
ඉස්සර වගේමයි ටේහ්‍යොන්ග් ගොඩාක් උසයි, තනි කලු ෆුල් සූට් එක, උඩට කරලා තිබ්බ තද කලු පාට කොන්ඩේ ලගින් එන සිගරට් ස්මෙල් එකත් එක්ක මික්ස් උන කූල් ස්මෙල් එක ජන්කුක්ට ඇස් උස්සන්න පවා බැරි කරලා තිබ්බා..
ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා නිකමටවත් නොබලා පොඩ්ඩව දික් කරාම පොඩ්ඩා ඉක්මනට ටේහ්‍යොන්ගේ බෙල්ල වටේ අත දාලා ටේහ්‍යොන්ගෙ ඇගට පැන්නා... ඒ උනට ජන්කුක්ගේ කමිස කරෙනුත් තාමත් අල්ලගෙන... පොඩ්ඩගේ අත් වල තාම වතුර.. ජන්කුක් තමන්ගේ සාක්කුවට අත දාලා ලේන්සුව අරගෙන පොඩ්ඩගෙ අත් දෙක පිහින්න ගත්තේ පොඩ්ඩ ටේහ්‍යොන්ගේ අතේ ඉද්දිමයි.. ඒ හරි ලස්සනයි ටේහ්‍යොන්ගේ වගේම ටේහ්‍යොන්ගේ අතේ හිටිය පන්ඩිතයගෙත් ඇස් වල බැල්ම කෙලින්ම වැටිලා තිබ්බේ ජන්කුක්ගේ මූනට ජන්කුක් ඉක්මනට අත් දෙක පිහලා තවත් එතන ඉන්න බැරි හින්දා ස්ටෝල් එකක් අස්සට රින්ගගත්තේ ටේහ්‍යොන්ගේ අඩි සද්දේ වගේම පොඩ්ඩගේ පච පච ගෑවිල්ල දොරෙන් එලියට යනකන්ම ඇහෙනකොට...
ජන්කුක් කොමඩ් පියන් උඩ ඉදගෙන හයියෙන් හුස්ම ගත්තා.. ඒ ටේහ්‍යොන්ගේ දරුවා.. හරිනේ.. ඒත් එයාගේ දරුවා...එයා මේ ලෝකේ නෑ.. කොහොමද ටේහ්‍යොන්ග් තවත් දරුවෙක් හදන් ඒ තරම් හොදට ඉන්නේ.. ජන්කුක්ගේ අත් ඇදුමට උඩින්ම යටි බඩට තද උනා..ඒ වේදනාව දැනෙනවා දැනෙනවා වගේ.. එයාගේ දරුවයි නැති උනේ.. එයා ආදරෙන් බලාගත්ත එයාගේ දරුවයි එයාට නැති උනේ...
ජන්කුක්ගේ ඇස් රතු වෙලා තියනකොට ජන්කුක්ගේ හුස්ම හඩ ඕනවටත් වඩා තද උනා.. ජන්කුක්ගේ කෝට් සාක්කුවේ ඇතුල් පැත්තේ තිබ්බ දේක ජන්කුක්ගේ අත තද උනා...
කහ පාට වූල් වලින් ගෙත්තම් කරපු පුන්චි සපත්තුවක්.. ඒකේ පැත්තක් අවර්ණ උනු ලේ වලින් වැහිලා තිබ්බා....!
.
.
.
.
.
.
**************************
___________________________Dark_Sunshiner 🤍🥀
Taehyung with Yool...💫
Thanks for reading ♥️
To be Continued...
2023/11/15
Bạn đang đọc truyện trên: AzTruyen.Top