|37|

"අහ්...මන් කොහෙද මේ...."

ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඔලුව අල්ලගන්න ගමන් නැගිට්ටේ වෙනදට වඩා වෙනස් තැනක.. වෙනස් තැනක ඉන්න එක එයාට කොහොමත් පුදුමයක් උනේ නෑ, ඒත් ප්‍රශ්නේ උනේ මේ කොහෙද කියන එකයි... කාමරයක් ඇතුලේ ලොකු ඇදක් උඩ හිටපු හින්දා ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඔලුවත් අල්ලන් නැගිට්ටෙ වැනි වැනී... ඊයේ කොච්චර බිව්වද කිව්වනම් බඩත් දාගෙන වමනේ යන්න ඕන වගේ ගතියක් දැනෙනකොට බාත් රූම් එකට යන්න තියන දොර කියලා හිතන්න පුලුවන් දොරත් තල්ලු කරන් ටේහ්‍යොන්ග් ඇතුලට ගිහින් එහෙමම කොමඩ් එක ගාව දන් ගහගත්තේ ඔක්කාර කරන ගමන්..

ටේහ්‍යොන්ග් කියන්නෙ බීලා නුපුරුදු කෙනෙක් නෙවෙයිනේ ඒත් ඊයේ නම් සීමාව පැන්න කියලා ටේහ්‍යොන්ග්ටම තේරුනේ මෙතන තමන් ඉන්නෙ කොහොමද කියලවත් යන්තන් මතකයක් තමන්ට නැති වෙනකොටයි ..

"ටේ.. ටේ උබ කොහෙද...."

කාමරේ  ඇතුලෙන් මාක් කෑ ගහන සද්දේ ඇහෙනකොට මේ ඉන්නෙ උන්ගේ ගෙදරක කියලා දැනගත්තු ටේහ්‍යොන්ග් සැනසුම් සුසුම් හෙලුවා...

"ටේ..අහ්..ආයිශ්..උබට වොමිට් වෙනවද්.. යු..යුන්ගී... වතුර එකක් ගේන්නකෝ මෙන්න මුට වොමිට් වෙනවා... "

වොශ් රූම් එකේ දොරත් ඇරන් ඇවිත් ටේහ්‍යොන්ග් ගාවින්ම දනගහගෙන පිට අතගාන ගමන් මාක් යුන්ගිට කෑ ගැහුවම ටේහ්‍යොන්ග් ඇස් වල කදුලු පුරවන් වතුර වගේ ඉතුරු ටිකත් වමනේ කරලා දැම්මා..

"කෝ..කෝ නැගිටපන් .. බලපන් එක පන කලදක් තියනවද උබේ ඇගේ.. බීපන් බීලා පුලුවන් නම් බැහැලා නාපන්.. රෙද්ද... බලපිය තෝ ගාව ගද ඉදකින් යකෝ..."

ටෙහෙයොන්ග්ට පුලුවන් තරම් බැන බැනම සින්ක් එකට මූන අල්ලලා මාක්ම මූන හෝදවලා කාමරේට අරන් ආවේ යුන්ගි  ට්‍රේ එක්කුත් අරන් කාමරේට එනකොට...

මාක් ගිහින් ටේහ්‍යොන්ග්ව ඇදෙන් ඉන්දවනකොට යුන්ගි ට්‍රේ එක ඩ්‍රෝවර් එක උඩින් තියලා වතුර එක අතට ගත්තා..

"අහ්, මේක බීපන් ටිකක් බීලා ටික්කින් මේ පෙති දෙකත් බීපන් ..උබේ බඩ ඉතුරු වෙලාද දන් නෑ.."

බැන බැන හරි ටේහ්‍යොන්ගේ අතින් පෙති දෙක්කුත් එක්ක වීදුරුව තියලා යුන්ගිත් එහා පැත්තෙන් වාඩි උනේ ටේහ්‍යොන්ග් සද්ද නැතුවම පෙති දෙකත් එක්ක වතුර එක එක පාරම ගහලා දානකොට..

"බලපන් මේ දැන් කිව්ව එක ඇහුවද කියලා.. උබට කිව්වේ වතුර ටිකක් බීලා ටික්කින් බොන්න කියලා..."

"මගේ ඔලුව පැලෙන්න එනවා යකෝ, වහගනින් කට..."

කියවන කියවිල්ල ඉවසන්න බැරුව ටේහ්‍යොන්ග් දඩස් ගාල වීදුරුවත් ස්ටූල් එක උඩින් තියලා අත් දෙකෙන්ම ඔලුව අල්ලන් කෑ ගැහුවම දෙන්නම කටවල් වහ ගත්තා...

"අපි කියවන එක තමයි උබට වදේ උනේ නේද..ටිකක් හාන්සි වෙයන් වොශ් එකක් දාගන්නවනම් දාගන ඇදුමක් ඇදගනින් ඕකේ මගේ ඇදුම් ඇති , ටික්කින් වරෙන් කන්න දැන් දවල් වෙන්නත් එනවා..."

යුන්ගි කියාගෙන ගිහින් මාක්වත් ඇද කාමරෙන් එලියට ආවේ ටේහ්‍යොන්ග්ට ටිකක් තනියම ඉන්න දීලා... හේතුවක් නැතුවත් ටේහ්‍යොන්ග්ට වටෙ පිටේ දේවල් ඔක්කොමත් එක්ක කේන්ති යනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගෙන කොට්ට ඔක්කොම බිමට ඇදලා විසික් කරලා දැම්මා...

ඒත් එක්කම කොට්ටෙට යට වෙලා තිබ්බ පෝන් එක රින් වෙන්න ගන්නකොට ටේහ්‍යොන්ග් එක අතකින් අරන් කවුද බැලුවා...

"හෙලෝ.. මිස්ටර් ලී කියන්න..."

"...................."

"නෑ මන් එලියට ඇවිත් ඉන්නේ..."

"..............................."

"මොන ෆන්ශන් එකක්ද, අහ්.. අයිශ්.. මට අමතක උනා කීයටද තියෙන්නේ..."

"....................................."

"හවස් තියන ලබ්බකට දැන් ඉදන් කෝල් කරන්නෙ මොකටද අයිසේ..."

"......................................."

"මොන කරදරයක්ද අන්කල් මේ.. මට මගේ නිදහසේ ඉන්න දෙන්නෙ නැද්ද , ඩෑඩ් ඩෑඩ් ඩෑඩ්... මට මේ මගුල් ඔක්කොම එපා වෙලා මන් උබලා කියන කියන  මගුල් කරානෙ තාමත් ඇතිවීමක් නැද්ද තමුන්ලට, මං මැරෙන්නද ඕනේ.... ආයිශ්.. ෆක් ..ෆක්...."

ටේහ්‍යොන්ග් අනිත් අතින්ම කොන්ඩේ ඇදන් කෑ ගහලා පෝන් එක විසි කරලා දැම්මම පෝන් එකත් ටයිල් එක දිගේ ලෙස්සන් ගිහින් නැවතුනා...

ටේහ්‍යොන්ගේ රතු වෙච්ච ඇස් වලින් මදි නොකියන්න රස්නේ පිට වෙනවා, ඔලුව පුපුරු ගහන්න රිදෙනවා, ඇග හැමතැනම හරිම අපහසුවක් දැනුනේ... ටේහ්‍යොන්ග්ට එක මොහොතකට මේ හැමදේකින්ම නතර වෙන්න හිතුනා.. දැන් මහන්සි..

ඒත් බෑ.. ටේහ්‍යොන්ග්ට ඒ හැමදේමත් අතරේ ජන්කුක්ගේ මූන මැවිලා පෙනුනා, තවත් මහත් වෙලා ඉන්න ජන්කුක් ගාව ඉන්න එයාගේ පුන්චි පැටියාව මැවිලා පෙනුනා, තව ටිකයි එයා ඉවසන්න ඕන ඩෑඩ් කියන විදියකට එයා ඉවසන්න ඕන මොකද නැත්නම් එයාගේ පන එයා ගාව්ට ගන්න එක හීනයක්ම විතරක් වෙන්න ඉඩ තිබ්බා...

.

.

"කාපන්, කාපන්, කන්න බැරි නම් මේ සුප් එක වත් බීපන්.."

මාක් ටේහ්‍යොන්ග් ගාවට සුප් බෝල් එක්කුත් ලන් කරන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් මේසෙ උඩ ඉදන්ම ඔලුව බිමට පහත් කරන් හිටියා.. ටේහ්‍යොන්ගෙන් විහිලු  කරන පාටක් පේන්න තිබ්බෙ නෑ, ඒ වගේම ටේහ්‍යොන්ග් කිසිම දෙයක් කියන්න සූදානමකුත් නෑ... ටේහ්‍යොන්ගේ මේ හැසිරීම දෙන්නටම අපහසුවක්.. මොකක්ද ටේහ්‍යොන්ග් වෙනදා වගේ ඒ දෙන්නට විහිලුවක් කරයි කියලා එයාල බලාපොරොත්තු උනා... ඒත් ටේහ්‍යොන්ග් වෙනස් වෙලා...

ටේහ්‍යොන්ගේ වෙනස් ඒ විදියට තේරුනේ යුන්ගි මාක් දෙන්නට විතරයි, ජන්කුක් දැක්කේ එයාව මගාරින ටේහ්‍යොන්ග් කෙනෙක්, දරුවට ආදරේ කරලා තමන්ව මගාරින ටේහ්‍යොන්ග් කෙනෙක්.. ග්‍රැනී දැක්කේ ඕනවට වඩා මහන්සි වෙන නිසා ගෙදර එන් නැති ටේහ්‍යොන්ග් කෙනෙක්, ඒ ඔක්කොම අතරින් ඇත්තටම තමන්ට තියන පීඩනය මොන තරම්ද කියලා දැනන් හිටියේ ටෙහ්‍යොන්ග්ම විතරයි...

හරියට ටේහ්‍යොන්ග් දවස් ගානකින් ගෙදර ගිහින් නෑ, එක්කො එයාගේ කැබින් එකේ, නැත්නම් එයා නිතරම ඉන්නෙ හොටෙල් රූම් එකෙ ටේහ්‍යොන්ග් හිටියේ, අහම්බෙන් යුන්ගි මාක් දෙන්න හොයන් නාවා නම් ඒත් ටේහ්‍යොන්ග්ව හොයාගන්න බැරි වෙන්න ඉඩ තිබ්බා..

"ටේ... "

යුන්ගි ටේහ්‍යොන්ග් එහෙන් මෙහෙන් සුප් එක බීලා ඉවර වෙනකන් ඉදලා කතා කරේ කෑම මේසෙම පුටුවේ පිටිපස්සට හේත්තු වෙන ගමන්...

"ටේ..උබට මන් කියන් එකවත් ඇහෙනවද බන්.. මොකක්ද උබට වෙලා තියෙන්නෙ..."

ටේහ්‍යොන්ගෙන් සද්දයක් නැති තැන යුන්ගි කෑ ගැහුවම ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සුව.. යුන්ගිගේ විතරක් නෙවෙයි මාක්ගෙත් ඇස් ගැස්සුනා...

"මචං.. "

යුන්ගි නැගිටලා ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන් වාඩි උනාම ටේහ්‍යොන්ග් එහෙමම යුන්ගිගේ උරහිසට ඔලුව හේත්තු කරගත්තම යුන්ගි අනිත් අතින් ටේහ්‍යොන්ගේ ඔලුව අතගෑවා... මාක් ඒ දිහා බලන් හිටියේ එලියට එන්න දගලන කදුලු නවත්තගෙන...

ටේහ්‍යොන්ග්..ටේහ්‍යොන්ග් කවදාවත් මෙහෙම වෙන කෙනෙක් නෙවෙයි, කොයි තරම් රිදුනත් ඒවා පිටට පෙන්නන කෙනෙක් නෙවෙයි, අදත් එහෙමයි වචනයක් පිට නොකර එක විනාඩියකට වගේ යුන්ගිගේ උරහිසේ ඔලුව තියන් ඉදලා ඔලුව ඉස්සුවා..උස්සලා පුටුවෙනුත් නැගිට්ටම යුන්ගිත් නැගිට්ටා..

"උබ අද ෆන්ශන් එකට  යනවද..."

එලියට යන්න යන ටේහ්‍යොන්ගේ අතින් අල්ල යුන්ගි ඇහුවේ මාකුත් ඇවිදන් එනකොට..

"ඔව් මම යන්නම ඕනනෙ..."

"එපා...!"

මාක් එක පාරට එපා කියලා කෑ ගැහුවම ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා මාක් දිහා බැලුවා...

"ඇයි, ඇයි මට එපා කියන්නෙ, මට එපා උනත් මට නොගිහින් ඉන්න බෑ..."

"ම...මන්.. මේ කියන්නෙ.. බන්.. මචං ටේ.. උබට යන්න බැරි නම් අද යන්න එපා..කොහෙ හරි පලයන්... උබ..."

මාක්ගේ කටින් පිට වෙනකොට ටේහ්‍යොන්ග් කුතුහලෙන් මාක්ගේ පැත්තට සම්පූරනයෙන්ම හැරුනා...වෙනදට නම් මාක් කියන්නෙ සම්පූර්නයෙන් වෙනස් කෙනෙක්... යුන්ගි ටේහ්‍යොන්ගේ හිතුවක්කාර  වැඩ වලට එකතු උනත් මාක් ටිකක් පහු බහින කෙනෙක්, ඒත් අද මාක් දෙපාරක් නොහිතා ටේහ්‍යොන්ග්ට යන්න එපා කියනකොට ටේහ්‍යොන්ග්ට ඒ ඇයි දැනගන්න ඕන උනා..

"ඇයි ඒ.. මාක්.. කියපන් මොකක්ද අවුල..."

"පි..පිස්සුද යකෝ.. මට ඇති අවුලක් නෑ... මන් කිව්වේ උබට බැරි නම්, අද මහන්සි වගේ නම් නොයා ඉදපන්..කොහොමත් උබ ඉන්න ඕනම නෑ... මන් කියන්නෙ ජන්කුක් එක්ක කොහේ හරි පලයන්, මායි යුන්ගියි යනවනේ...."

"මෙන්න මුට කියන් දෙයක් වටේ නොයා කියන්න කියපන් යුන්ගි... "

ටේහ්‍යොන්ග් ටිකක් තරෙහෙන් වගේ කිව්වේ කතාව අස්සට ජන්කුක්වත් ඇදිලා ආපු හින්දා...

"මන් දන් නෑ.. මාක් මොකක්ද කියපන් කියන්නේ... උබ දන්නවනේ මූ ගැන , ඔය උබට අමාරු හින්දා උබ දැන් රෙස්ට් එකක් අරන් කැමති නම් යමන්... අපිත් හවස එනවා..."

යුන්ගි මාක්ට විකාර කියනවට රවන ගමන් ටේහ්‍යොන්ග් එක්ක දොර ගාවට ආවා..

"ටේහ්‍යොන්ග්ව හොටෙල් එකෙන් දාන්න , දන්නවනේ සර්ච් එකේ ඉදපන්."

එලියේ හිටපු ගාඩ් කෙනෙක්ට එහෙම කියන් ගමන් ටේහ්‍යොන්ග් වාහනේ පිටිපස්සට නගිනකන් හිටිය යුන්ගි ඇතුලට හැරිලා ආවේ ටේහ්‍යොන්ග් සීට් එකේ පිටිපස්සට ඔලුව තද කරගන්නකොට...

.

.

ටේහ්‍යොන්ග් හොටෙල් එකට ඇවිත් එයාගේ වැඩ වගයකුත් කරලා, ඇදට වැටුනේ ඇගට දැනුනු මහන්සියට.. තාමත් ඔලුවේ කැක්කුම අඩු නොවෙනකොට අර ගතිය හින්දා ඇසුත් රතු වෙලා තිබ්බා...

හවස් වෙනකන්ම ඇදේ හිටියත් නින්ද ගියේ නැති තැන ටේහ්‍යොන්ග් සෑහෙන වෙලාවක් වැය කරලා වොශ් එකක් දාගෙන ඒ වෙනකොටත් රූම් එකට ඇවිත් තිබ්බ කිට් එකට චේන්ජ් උනා...

වෙඩින් එක්කට වගේ හොදම සූට් එකක් ඇවිත් තියන්කොට හ්‍යුන්බින්ගේ වැඩ ගැන කේන්තියෙන් ටේහ්‍යොන්ග් ලෑස්ති උනා.... ලෑස්ති වෙලා කෝල් එකක් දීලා තමන්ගේ වාහනේ ගෙනත්ද කියලා දැනගෙන රූම් එක වහන ගමන් එලියට ආවා...

ගැලරියෙන් ජන්කුක්ගේ පොටෝ දෙක තුනක් බලන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ චැට් එකට ගිහින් බැලුවා... අන්තිමට මැසේජ් එකක් ඇවිත් තිබ්බෙ දවස් ගානකට උඩදි.. ටේහ්‍යොන්ග්ට බෑ දොස් කියන්න.. ජන්කුක් වගේම ටේහ්‍යොන්ග්‍ය්ත් දන්නවා දෙන්නම වෙනස් කියලා.. ඒත් ටේහ්‍යොන්ග්ට තිබුනා තනියමම කාලේ ගෙවන ජන්කුක්ගේ හිත මොන තරම් පීඩනයෙන්ද කියලා එක පාරකට තේරුම් ගන්න...!

"හෙලෝ රියා..."

ආපු කෝල් එකට ආන්ස්වර් කරන ගමන් එලිවේටර් එකෙන් බැස්ස ටේහ්‍යොන්ග් පාකින් ලොට් එක ඇතුලට ඇවිදගෙන ගියා...

"මම ටෙන් මිනිට්ස් වලින් එනවා..."

කෝල් එක කට් කරලා සාක්කුවට දා ගන්න ගමන් ටේහ්‍යොන්ග් වාහනේට නැග්ගේ ටයි එක පොඩ්ඩක් ලිහිල් කරන් ගමනුයි...

.

.

මගින් රියාවත් පික් කරගෙන ටේහ්‍යොන්ග් ඩ්‍රයිව් කරන්න ගත්තේ රියා ටේහ්‍යොන්ගේ අවදානය ගන්න ලොකු උත්සහයක් දෙනකොට...

"ඔයා ඇයි ටේ මන් දිහා බලන්නෙවත් නැත්තේ..."

රියා අන්තිමට ඇහුවේ ටේහ්‍යොන්ග් පාඩුවේ ඩ්‍රයිව් කරනකොට ....

"නිකමට මන් දිහා බැලුවද..අද මන් ලස්සන නැද්ද.. ඔය ශටර් එක වහන්න ටේ මගේ හෙයර් එක අවුල් යනවා, අනික මගේ මේකප් එක සවුත්තු වෙනවා මේ වෙට් එක හින්දා...

ටේහ්‍යොන්ග්ට කට කොනකින් හිනා ගියා,, ජන්කුක් කැමති ශටර් එක ඇරලා තියනකොට භාගෙට එන හුලගට මූන අල්ලන් යන්න, කවදාවත් කොන්ඩේ ඇවිස්සෙනවා කියලා කෑ ගැහුවේ නෑ කාර් එකේ ෆැග්‍රන්ස් එකට කම්ප්ලේන් කරේ නෑ, අඩුම ජන්කුක් කියන්නෙ ටේහ්‍යොන්ගේ එහා පැත්තේ ටේහ්‍යොන්ග් බලාපොරොත්තු වෙන විදියේ කෙනෙක්,.. ඒත් නැග්ග වෙලේ ඉදන් රියා කරන්නෙ ටේහ්‍යොන්ගේ ඔලුව ගිනි ගන්න වැඩමයි...

"තමුන්ගේ ඔය මේක්ප් බඩු මෙතන හැමතැනම හලන්න ලෑස්ති වෙන්න එපා හරි... දාගන්නවා ඔක්කොම එකතු කරන් ඇතුලට..."

"මට ඔය විදියට කෑ ගහන්න එපා ටේ හරිද .. අනික ඔයා තමයි ශටර් එක ඇරලා මගේ ලුක් එක අප්සට් කරේ... මමයි ඔයාව මැරි කරන්න ඉන්නෙ මට මීට වඩා හොද විදියට කතා කරන්න...නැත්නම්  මම අන්කල්ට කියනවා..."

ටේහ්‍යොන්ග් ඕන කුදයක් ගහගන්න කියලා සද්ද නැතුව හිටියා.. ටේහ්‍යොන්ගේ ඇස් දෙක රතු වෙලා ඔලුවේ කැක්කුමක් සැරින් සැරේ අල්ලන්කොට ජන්කුක්ට කතා කරන්නම ඕනෙයි කියලා නිකමට ටේහ්‍යොන්ග්ට හිතුනා...

"තමුන් බහිනවා මන් ටික්කින් එන්නම්..."

හොටෙල් එකේ පාකින් ලොට් එකේ වාහනේ නවත්තලා ටේහ්‍යොන්ග් කිව්වේ ජන්කුක්ට කෝල් එකක් ගන්න හිතාගෙන...

"පිස්සුද ඔයාට.. ඔයත් එක්ක ඇවිත් තනියම ඇතුලට යන්න , කට්ටිය බලයි මොකද කියල,, "

"එක පාරක් කිව්වම දෙයක් අහන්න පුරුදු වෙනවා...!."

ඒත් එක්කම රියා අතේ තිබ්බ බෑග් එක සද්දෙන් බිමට ගැහුවා...

"තමුන් තව එක සැරයක් මට ඒ විදියට කතා කරොත් මන් ඩෑඩ්ට කියනවා හරිද... "

ගන්න ගිය කෝල් එක පැත්තකට දාල ටේහ්‍යොන්ග් වාහනෙන් බැහැලා මහ සද්දෙන් දොර වහලා දැම්මෙ අනිත් පැත්තෙන් රියාත් බහිනකොට...

"ඇගේ එල්ලෙන එපා..."

රියා ගාවින් ඈත් වෙන ගමන් ටේහ්‍යොන්ග් වේගෙන් එන්ට්‍රන්ස් එක පැත්තට ඇවිදගෙන ගියා...

මුලු පාටියම එකී නොකී බිස්නස් පාර්ට්නස්ලාගෙනුයි, දන්න නොදන්න ගොඩක් අයගෙනුත් පිරිලා හිටියේ , ටේහ්‍යොන්ග් හෝල් එක ඇතුලට යන්න හදන්කොටම රියා ටේහ්‍යොන්ගේ අත වටේ අත් පටලන් එල්ලුනේ ටේහ්‍යොන්ග් රවලා බලන්කොට.. ඒත් ටේහ්‍යොන්ගේ මූන කොහොම තිබ්බත් රියා ආඩම්බරෙන් ඇතුලට ගියා...

හ්‍යුන්බින්ගේ කම්පැනි එක හයර් කරන මොඩ්ල්ස්ලා, එයාලගේ කම්පැනි එක එක්ක සම්බන්ද එන්ටර්ටෙයින්ට්මන්ට් කම්පැනි වල ආර්ටිස්ට්ලා ගොඩාක් අය හිටියා...

මෙච්චර කාලෙකට ටේහ්‍යොන්ග් එන් නැතිව ඉදලා ලගකදියි මේ දේවල් වලට සම්බන්ද උනේ.. රියාට ආඩම්බර වෙන්න ඕන තරම් හේතු තිබුනා.. මොකද කිම් කම්පැනි එකත් එක්ක පාර්ට්නර් ශිප් එකක් හදාගන්න ඕනතරම් අය බලන් හිටියා, ඒකත් එකම උරුමක්කාරයා එක්ක විවාහා වෙලා... ටේහ්‍යොන්ග් ආර්ටිස්ට් කෙනෙක්ටත් වැඩිය කඩවසම් , කූල් රූඩ් කෙනෙක්.. එයාව ලබාගන්න ඕනතරම් අය බලන් හිටියා.. ඒ අතරින් ඒ රියාම උනු එකට එයාගේ තිබ්බෙ ආඩ්ම්බරයක්...

"වරෙන් අරෙහෙට..."

එන එන එකාට කතා කරලා ඇති වෙලා හිටිය ටේහ්‍යොන්ග්ව රියාගේ අතින් මුදවගෙන මාක් එතනින් ටේහ්‍යොන්ග්ව ඇද ආවේ රවලා බලන් ඉන්න හ්‍යුන්බින්ටත් හිනා වෙලයි...

"මොකියක්ද බන් මේ.. මොන මගුලක්ද මේ...."

"මන්දා බන්..."

ටෙහෙයොන්ග් වාඩි වෙන ගමන් මේසෙට බර උනාම මාක් අත් දිගෑරලා ටේහ්‍යොන්ගේ ඔලුවට පාරක් ගැහුවා...

"මෝඩ ගොනාට කිව්වා අද එන්න එපා පලයන් කියලා..."

"මට වෙන කරන්න රෙද්දක් නෑ.. හැම මගුලටම කෑ නොගහා ඉදපන්.."

"දැන් තෝව අද මෙතන බන්දලා දුන්නත් උබ ඉන්නවා හා කියාගෙන එහෙමද.."

"පිස්සුද තොට..."

"මන්..කියන්නේ......

මාක්ට කතාව සම්පූර්න කරගන්න හම්බුන් නෑ හ්‍යුන්බින් මිනි ස්ටේජ් එකට නැග්ගේ මයික්‍රෆෝන් එකත් අරගෙන...

"අද අපි ගොඩක් පාර්ට්නර්ශිප්ස් අලුත් කරා, අපිත් එක්ක තවත් සහයෝගයෙන් වැඩ කරන්න කැමති උන හැමෝවම පිලිගන්නවා... ඒ වගේම අද විශේෂම වැඩේට අපි තාමත් ආවෙ නෑ... ඒ මගේ එකම පුතා ටේහ්‍යොන්ගේ එන්ගේජ්මන්ට් එක අද... කලින් දැනුවත් නොකරත් මං මේ වෙලාවේ දැනුම් දෙන්න කැමතියි, ශින් ගෲප් එකත් එක්ක අපේ තිබ්බ ඇග්‍රිමන්ට්ස් අලුත් කරා, ඉතින් මේ මැරේජ් එක අපිට තවත් අලුත් හොද සහයෝගයක් වෙයි.....!"

ටේහ්‍යොන්ගේ අතේ තිබ්බ ග්ලස් එක මේසේ උඩම පෙරලිලා යනකොට වටේටම ආපු අත්පුඩි හඩත් එක්ක ටේහ්‍යොන්ග් රියා ඉන්න තැනට ලයිට්ස් ෆෝකස් උනා...

ඒ කවුරුත් , සමහර විට දන්න කවුරුත් ඒ හෝල් එක කොනක හිටිය කෙනාව දකින්න නැතුව ඇති....!

.





.





.





.






.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀


හ්‍යුන්බින්..- මම දන්නවා වැඩ කරන්න ඕන විදිය...😈


Thanks for reading ♥️

To be Continued...

2023/10/24

Bạn đang đọc truyện trên: AzTruyen.Top