|35|

හද එලිය ජනෙල් තිර වලින් කාමරේට වැටෙනකොට ජන්කුක් තමන්ගේ දිලිසෙන ඇස් වලින් හෙල්වෙන තිර රෙදි අතරින් පේන රෑ අහස දිහා බලන් හිටියා... වෙනදට ජනෙල් සීමාවෙන් ඇදට පේන හද අද පේන් නැති වෙලා තිබ්බේ දැන් මධ්‍යම රාත්‍රියත් පහු වේගන යන්වා කියලා ජන්කුක්ට දන්නලයි..

ඒත් ඉතින් කොහෙටවත් හැරෙන්න බැරුව ජන්කුක්ට නින්ද ගියේ... නෑ.. මොකද ජන්කුක්ගේ බඩ හින්දා ජන්කුක්ට කැමති කැමති පැත්තට හැරෙන්න බැරි උනා..

ජන්කුක්ගේ කොන්දේ දෙපැත්තේ තොබ්බ කොට්ට දෙක අත් දෙකෙත් ආයෙත් හදාගත්ත ජන්කුක් ලොකු කමිසේ බොත්තම් විවර කරේ හෙමින් හෙමින් බඩ අතගාන ගමනුයි.. ඒක බය හිතෙන විදියට පිම්බිලා තිබ්බා..

හම දිලිසෙනවා ඒ තරම් ජන්කුක්ගේ බඩ ලොකු වෙලා තිබ්බා.. ඔව් මේ අට වෙනි මාසේ ගෙවෙනවා... දැන් හැමදේටම ලගයි..

හීනියට කැසිල්ලක් එනකොට ජන්කුක් කොට්ටෙ එහා පැත්තට අත දික් කරලා නමපු පොඩි ටවල් එකක් අතට අරන් ඒකෙන් හෙමීට බඩ පිරිමදින්න ගත්තා...

නියපොතු වලින් කැහුවොත් පාරවල් හිටී කියලා ජන්කුක් හෙමීට බඩේ යටි පැත්ත තුවායෙන් පිරිමැද්දා... ඒ සනීපෙටම ජන්කුක්ට නින්ද යාගෙන එනකොට ජන්කුක්ට එහෙමම නින්ද ගියා.. ගොඩාක් වෙලාවට මෙහෙමයි.. ඒත් ටේහ්‍යොන්ග් හිටියොත් ටේහ්‍යොන්ගේ අත නිරන්තරයෙන් පැටියාව අතගානවා.. ඇතුලේ හිටියේ කවුරු උනත් අන්න ඒ වෙලාවට පොඩි පයින් පාරක් එහෙම දෙන්නේ එයාගේ ඩඩාව අදුරගෙන වගේ..

වේගෙන් කාලේ ගියා .. සමහර දේවල් හිතන්න නොහිතන්න ඕන ප්‍රමාන වලින් වෙනස් උනා.....

සමහර දේවල් නොහිතාම ඉන්න ඕන තරමට අමුතු උනා...

එක දිගට පෝන් එකට එන නොටිෆිකේශන් සද්දෙට නින්ද ගිය එක ජන්කුක් ආයෙත් ඇහැරුනා... හොදයි ජන්කුක් ආයෙත් පෝන් එක පාවිච්චියට ගත්තා.. ඒ උවමනාවක් උනොත් කියලා.. මොකද ඕන උනොත් නෙවෙයි ටේහ්‍යොන්ග් කතා කරන හින්දා..

ඒත් මේ නොටිෆිකේශන් පොප් අප් උනේ ටේහ්‍යොන්ගේ නම්බර් එකෙන් නෙවෙයි... ඒක සේව් නොකරපු නම්බර් එකක්...

ජන්කුක් ඕපන් කරා මැසේජස් ටික වෙනදා වගේම මේ පැත්තෙන් රිප්ලයි නොගිය ෆොටෝස් විතරක් ආපු චැට් එකක්...

ඒකේ අදත් සුපුරුදු විදියටම පොටෝස් ටිකක් ඇවිත් තිබ්බා.. ජන්කුක්ගේ ඇගිලි ගැහෙනකොට ජන්කුක් ඒ පොටෝස් ටික එකින් එක බලන් ගිහින් දඩස් ගාලා පෝන් එක මෙට්ටේ උඩින් තිබ්බා.. එයාගේ ගැහෙන හදවත සන්සුන් කරගන්න වගේ හුස්මවල් අරන් පපුවත් එක්කම බඩ අතගාපු ජන්කුක් ඇස් දෙක පියාගත්තාම ඒ ඇස් කොනින් පුන්චි කදුලු බින්දු දෙකක් කොට්ටෙට වැටිලා පේන්නේ නැතුව ගියා...

ඇස් පියන් හිටියත් එයාගේ එක අතකින් අනිත් අතේ තිබ්බ රින්ග් එක ස්පර්ශ කරමින් හිටියේ හරියට පරන උනු, නැත්නම් කලින් උනු හැමදේම ආයෙ ආයෙත් මතක් කරගන්න වගේ...

.

.

ජන්කුක් ඊලග උදේ ඇහැරුනේ තමන්ගේ අතකට බරක් වගේ දැනෙනකොට.. ජන්කුක්ගේ තොල් අතරේ හීනි හිනාවක් ඇදුනා.. එයා තනි වෙලා නෑ.. එයාගේ තනිය මකන්න සුරදූතයෝ ගොඩාක් එයා වටේ ඉන්නවනේ..

මේක මේ මාස කීපයටම නිතර උන එකක්... උදේම කෑම හදන්න පිරිසිදු කරන්න අවදි වෙන මේඩ්ලා දොරවල් ඇරියාම අර පැන්චොන්ගෙන් එක පැන්චියෙන් උදේට ජන්කුක් ගාවට ආවා.. ඒ පුන්චි පිජාම එක පිටින්මයි...

හැමෝටම පාන්දර හුරු වෙනකොට මේ කොහේ හරි හැමෝම ඉන්න එක ගැටලුවක් උනේ නෑ.. පලවෙනි දවසේ බඩගිනි වෙලා ඇවිත් ආයෙත් යන්න කම්මැලි කමට ජන්කුක් ගාව නිදාගත්තත් අනික් දවස් වල නිකන්ම ජන්කුක්ගේ උනුසුම හොයන් ආවා... ඒ ළමයි දෙමාපියෝ නැතුව හැදෙනකොට හම්බෙන පොඩි උනුසුමටත් හරි ඉක්මනින් ලෝබ කම් කරා , ආස කරා.. ඉතින් ජන්කුක්ට හැමෝම ආදරෙයි ...

හැබැයි අර නපුරු අන්කල් නොහිටියොත් විතරයි.. ටේහ්‍යොන්ග් හිටිය ප්‍රමානෙට වඩා නොහිටිය ප්‍රමානයයි වැඩි උනේ..ඉතින් ජන්කුක් මේ ලොකු ගෙදර ග්‍රැනී එක්කයි පොඩ්ඩො එක්කයි තනි උනා.. නොවරදවාම ටේහ්‍යොන්ග් ජන්කුක්ව හොස්පිටල් අරන් ගියා,, ගෙදරටම ඩොක්ටර්ස්ලා ගෙනත් චෙක් කරා... ටේහ්‍යොන්ග් දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරා..

ඒත් ජන්කුක් වෙනුවෙන් කාලේ ඉතුරු උනේ ගොඩාක් අඩුවෙන්.. දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ ගැන විවෘතව කතා නොකරනකොට හැමදේම වෙනස් වෙන ගමන් තිබ්බා...

සමහර වෙලාවට ටේහ්‍යොන්ග්ව ඕනමයි කියලා හිතෙන වෙලාවට ටේහ්‍යොන්ග් ලග නැති වෙනකොට, ජන්කුක්ට ලොකු අසරනකමක් දැනුනා.. ඒක ඕනවට වැඩි වගේ දැනුනත් තුවාලේ තියන කෙනයි වේදනාව දන්නෙ කියන්න වගේ ඒ වේදනාව අසරන කම කොහොමත් කවුරුත් හිටියේ නැති ජන්කුක් අමු අමුවෙම වින්දා...

සමහර දාට එයා බය උන හීන එයාව රෑට බය කරනකොට එයාට වතුර වීදුරුවක් බොන්න නැගිටගන්න බැරි උන අවස්තා වල ඒ වගේ මහ ඕන නැති හැගීම් ඕනවටත් වඩා දැනුනා..

ඒත් ජන්කුක්ගේ හිත නිමුනේ මේ පොඩ්ඩො ගාව.. තව ටික දවසකින් එලියට එන පුන්චි චන්ඩියාව අතින් තුරුල් කරගන්න, ඒ දවස් වලට තනි නොවෙන්න හරි ලස්සන හීන ජන්කුක් හැමදාමත් දකිමින් ඉන්න පුරුදු උනා...

අදත් ඒ වගේ පුන්චි කෙල්ල ජන්කුක්ට තුරුල් වෙලා නිදියන් ඉන්නකොට ජන්කුක් ලාවට හිනා වෙල ඒ පුන්චි බද වටේ අත දාන් ආයෙත් ඇස් පියාගත්තා.. ඒ තමන්ගේ පුන්චි දරුවා තමන්ට තුරුල් වෙලා ඉන්නවා දැකපු හීනේ ඉතුරු ටිකත් ලස්සනට බලාගන්න ඕන උන හින්දා...

සතියකින් හමාරකින් විතර ටේහ්‍යොන්ගේ වාහනේ ග්‍රැනීගේ ගේට්ටුවෙන් ඇතුලට ආවා...

උදේ වෙලා තියනකොට තාමත් පොඩ්ඩො ලෑස්ති වෙලා නැ කියලා පේනකොට ටේහ්‍යොන්ග් වාහනේ නවත්තන ගමන් එලියට බැස්සා...

බැහැලා ඇතුලට යනකොටම හම්බුනේ ග්‍රැනී.. ඒත් එක්කම ටේහ්‍යොන්ගේ ඇස් යොමු උනේ ජන්කුක් ඉදගන්න දුඹුරු පාට උස ජනෙල් ගාව තියන පුටුවට...

ගොඩාක් වෙලාවට ටේහ්‍යොන්ග් එනකොට ජන්කුක් එතන ඉදන් ඉන්නවා.. සමහර දවස් වලට පොතක් කියවන ගමන්, සමහර දවස් වලට හෙමි හෙමීට බඩ අතගාන ගමන් පුන්චි සින්දුවක් කවියක් මුමුන මුමුන... එහෙමත් නැත්තම් පුන්චි පොඩ්ඩො රොත්තක් වට කරගෙන මොනා හරි කතාවක් කියන් ගමන්... නැත්නම් පොඩි වූල් ගෙත්තමක් දාන ගමන්...

ඒ හැමදේම ග්‍රැනී පුරුදු කරපු දේවල්... ආයෙත් ජන්කුක්ම හොයාගත්ත දේවල්.. ඇත්තටම ඒක ඇහැට දකින්න ප්‍රිය දසුනක්... ඒත් අද එතන් හිස් කියන්නෙ ජන්කුක් තාමත් නිදි කියන එක...

"ටේ..ඔයා ඇදිලා ගිහින්.. මෙහෙම දිගටම උනොත් මම හන්ට කතා කරනවා... "

ටේ ඒකට මුකුත් නොකියා හිනා උනා.. ඒ හිනාවෙත් මහන්සියක් පිරිලා තිබ්බා..

"කිරි එකක් හදන්නද..."

ග්‍රැනී අයෙත් ඇහුවම ටේහ්‍යොන්ග් එපා කියලා ඔලුව වැනුවා..

"මට කූගේ කිරි එක බොන්න ඕන.. මන් ඇතුලට යන්නම්කෝ ග්‍රැනී.."

ටේහ්‍යොන්ග් ග්‍රැනීගේ උරහිස අතගාන ගමන් යනකොට ග්‍රැනී ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ මිශ්‍ර හැගීමෙන්...

ටේහ්‍යොන්ග් භාගෙට ඇරුනු දොර සම්පූනයෙන් ඇරන් ඇතුලට ආවම ටේහ්‍යොන්ග්ට දකින්න හම්බුනේ එයා ජීවිතේ දැක්ක ලස්සනම දර්ශනේ... ඒක ඒ තරම් ලස්සනයි.. හරියට ටේහ්‍යොන්ගේ ඇස් වල කදුලු පිරෙන්න තරම්..

ජන්කුක්ගේ ඒ අත් අතරට තුරුල් වෙල තමන්ගේ දරුවාව දකින්න ලොකු ආසාවක් ටේහ්‍යොන්ග්ට ආවා.. ඒ වගේම ඒ චිත්‍රේ අනිත් පැත්තෙන් එක කොටසක් වෙන්නත් ලොකු ආසාවක් ටේහ්‍යොන්ග්ට තිබ්බා...

ටේහ්‍යොන්ග් කිසිම සද්දයක් කරන් නැතුව ඇදුම් ගලවලා වොශ් එකක් දාගෙන් ඇවිත් ජන්කුක්ගේ පිටිපස්සෙන්ම දිගාවෙලා ඒ ලොකු පොරෝනේ ඇතුලටම ගිහින් ජන්කුක්ව බදාගත්තේ ඒ උනුසුම් බෙල්ල මතින් හොද හුස්මකුත් ගන්න ගම්නුයි... මේ උනුසුම තමයි ටේහ්‍යොන්ග්ට මගෑරුනු උනුසුම....

.

.

Flash back...

"තමුන්.. තමුන්.. මන් තමුන්ට ගරු කරේ තමුන් මගේ ඩෑඩ්ගේ වයසේ මනුස්සයෙක් හින්දා.. ම..මන්..."

ටේහ්‍යොන්ග් මිස්ටර් ලීගේ කොලර් එක තදින් අල්ලන් බිත්තියට තද කරන් හිටියේ කේන්තියෙන් දත්මිටි කන ගමන්...

ටේහ්‍යොන්ග්ට දැනුනේ ඔක්කොම නැති උනා වගේ.. මීටි රූම් එක ඇතුලේ ඩෑඩ් අහපු දෙයින් උනේ ටේහ්‍යොන්ග්ව ගැස්සිලා ගිය එක.. මොකද මෙච්චර කල් අමාරුවෙන් ඩෑඩ්ගෙන් ජන්කුක්ව හැන්ගුවා.. ඒත් ඒක ඩෑඩ් දැනගෙන..කොහොමද ඒ මිස්ටර් ලී නෙවෙයිනම්... ටේහ්‍යොන්ග් හිටියේ පුදුම කේන්තියකින්...

"පොඩි සර්.. මේ අහන්න.. සන්සුන් වෙන්න.."

"සන්සුන් වෙන්නෙ කොහොමද මිනිහෝ..කියපන්..කියපන් මන් කොහොමද මේකට සන්සුන් වෙන්න ඕනේ කියලා.. ඩෑඩ් මගේ අහින්සකයව මරලා දායි යකෝ.. මරලා දායි... ඒ අහින්සකයා ගාව මගේ දරුවත් ඉන්නවා දෙයියනේ ..."

ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගැහුවත් ඒ කටහඩේ තිබ්බ වේදනාව අදුරගන්න මිස්ටර් ලීට බැරි උනේ නෑ.. ඒත් හ්‍යුන්බින්ට ජන්කුක් ගැන කීවේ මිස්ටර් ලී කියන එක බොරුවක් නෙවෙයි උනා...

ටේහ්‍යොන්ගේ නහර පිරුනු ඇස් වල ගිය රතු පාට රේකා ටේහ්‍යොන්ගේ ඔලුවේ තිබුනු අවුල පෙන්නන්න ගන්නකොට මිස්ටර් ලීට බැරි උනා ටේහ්‍යොන්ග්ව සන්සුන් කරන්න...

ටේහ්‍යොන්ග් එතනින් මිස්ටර් ලීව බිත්තියටම තල්ලු කරලා යනකොට ලීත් හැදුවේ පස්සෙන් යන්න උනත් එතනට ආපු හ්‍යුන්බින් ලීව නැවැත්තුවේ ලීගේ ඉහින් කනින් දාඩිය දානකොට..ඒ ටේහ්‍යොන්ග් කියපු දේවල් හ්‍යුන්බින්ට ඇහුනාද කියලා දන්නේ නැති හින්දා.. ඒ ඇහුනේ නැත්නම් දරුවෙක් ගැන හ්‍යුන්බින් දැනගන්න විදියක් නෑ...

"ස..සර්..."

"ශ්.. එයාට යන්න දෙන්න... මන් දන්නවා වැඩ කරන්න ඕන විදිය.."

හ්‍යුන්බින්ගේ කටේ අමුතු හිනාවක් ඇදෙනකොට ඒ හිතේ තිබ්බ අදහස් වෙනස් කරන්න කාටවත් බැරි උනා...

"ලී..."

හ්‍යුන්බින් සාක්කු දෙක අත් දෙක දාගන්න ගමන් ලීට කතා කරනකොට ලී කලින් ටේහ්‍යොන්ගේ අතින් පොඩි උන ශර්ට් එකයි කෝට් එකයි හදාගන්න ගමන් කෙලින් උනා..

"සර්..."

"අද මින්ගේ කැම්පේන් එක තියෙන්නේ කීයටද.."

මින්, මිස්ටර් මින්, යුන්ගිගේ ඩෑඩ්.. එහෙම නැත්නම් ප්‍රයිම් මිනිස්ටර්...

"තව පැය දෙකකින් පටන් ගන්නවා සර්..."

ඔරලෝසුව දිහා බලන් ගමන් ලී කියනකොට හ්‍යුන්බින් සාක්කුවෙන් ගත්තු සිගරට් එක තොල් අතරේ තියාගත්තේ ලී තමන්ගේ සාක්කුවෙන් ගත්තු ලයිටර් එකෙන් හ්‍යුන්බින්ගේ තොල් අතර තිබ්බ සිගරට් එක පත්තු කරනකොට...

"ඒ ඒරියා එකම ක්ලීන්නේ , අවුලක් වෙන එකෙක් හරි ආවොත් දෙපාරක් නොහිතා ලොස්ට් කරපන්... මිනිස්සු මදි වගේ නම් උන්ගේ ටී ශර්ට්ස් එක්ක අපේ එවුන් ටිකක් දානවා.. හොදින් හරි නරකින් හරි චන්ද ටික එන්න වැඩේ කරන්න ඕන.. දන්නවනේ කොහෙ හරි ගැස්සුනොත් අවුරුදු කීයක වැඩ වතුරෙද කියලා.."

"හරි සර්.. මන් බලලා කට්ටිය ටික යවන්නම්.."

ලී ඔලුව නවාගෙනම කියනකොට හ්‍යුන්බින් සිගරට් එක තොල් අතරට අරන් කටින් දුම් ටිකක් පිට කරා..

සාක්කුවෙන් ගත්තු පෝන් එකෙන් කෝල් එකක් අරන් කනෙන් තියාගත්ත හ්‍යුන්බින් තමන්ගේ කැබින් එකේ ග්ලාස් වෝල් එක ආවරනය කරලා තිබ්බ ස්ක්‍රීන් එක රිමෝට් එක්කින් ඕපන් කරා...

"හෙලෝ මින්.... හවස් වෙනකොට පර්මිට් දෙකයි, අර ගොඩ කරන්න බෑ කිව්ව ඉඩමෙ ඩොකියුමන්ට්ස් ටිකයි ලෑස්ති කරපන්.. උබ අද රෑට කොහොමත් සීයට පනහක් දිනලා ඉවරයි.."

හ්‍යුන්බින් කට කොනින් හිනා වෙන ගමන් පෝන් එක සෝෆා එක උඩට විසි කරලා ස්ටූල් එක උඩ තිබ්බ ග්ලාස් එක එක උගුරට හිස් කරා...

Flash back end...

.

.

"මාව යකා අවුස්සන් නැතුව යන දිහාක යනවා මනුස්සයෝ..."

ටේහ්‍යොන්ග් පුදුම තරම් කේන්තියෙන් කෑ ගැහුවේ... ටේහ්‍යොන්ග් පිටිපස්ස හරවලා ඉන්නකොට මිස්ටර් ලී ඔලුව නවලා ටේහ්‍යොන්ග්ට ආචාර කරන ගමන් එලියට ගියා.. ටේහ්‍යොන්ග් අතින් කොන්ඩේ පිටිපස්සට කරන ගමන් පුටුවට පයින් ගැහුවාම පුටුව රෝද වලින් කාමරේ කොනකටම විසි වෙලා ගියා...

ටේහ්‍යොන්ගේ කැබින් එකේ කිසිම දෙයක් පිලිවලට තිබ්බෙ නෑ.. වැඩ කරන මේසේ උඩ කොල විසිරිලා තියනකොට සෝෆා එක ඉස්සරහා තියන ස්ටූල් එකෙත් ෆයිල්ස් ගොඩවල් තිබ්බා.....

ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරන් කවුන්ට් කරන්න ගත්තා.. ඒ කරලා ටික වෙලාවකින් හුස්ම ගන්න වේගේ සාමාන්‍ය උනාම මේසේ උඩ තිබ්බ කොල ටික අතින් එහාට තල්ලු කරන ගමන් පෝන් එක හොයාගත්තා..

ඒකට මේ වෙනකොටත් මිස් කෝල් බර ගානක් ඇවිත් තිබ්බා... කෝල් ලොග් එකේ උඩට පහලට කරලා තමන්ට ඕන නම්බර එක හොයාගත්ත ටේහ්‍යොන්ග් ඒක ඩයල් කරලා එහෙමම ඔන් එකේ තිබ්බ පර්සනල් ලැප් එකේ ඊමේල්ස් ටික චෙක් කරන්න ගත්තා..

"මැක්ස්..."

එහා පැත්තෙන් කෝල් එක ආන්ස්වර් වෙනකොට ටේහ්‍යොන්ග් කෙලින්ම කතා කරා...

"මන් වැඩක හිටියේ.. ඔක්කොම රෙඩිනේ... "

ටේහ්‍යොන්ග් උඩින්ම ඇවිත් තිබ්බ ඊමේල් එක ඕපන් කරලා ෆොටෝස් ටික බැලුවා...

"යස්.. ඒ ටික මැචින්... මාක් හරි යුන්ගි හරි ඇවිත් ගියාද..."

ඊලග ඊමේල් එකත් ඕපන් කරලා ඩොකියුමන්ට් ඉමේජ්ස් ටික බලාගෙන බලාගෙන ගියේ කලින් ඔක්කොම චෙක් වෙලා කියලා දන්න හින්දා..

"මන් ගිහින් මේ ටික රී චෙක් කරන්නම්... මට කිව්වේ නෑ.. වෙලාවක එයි ආවොත් ඔක්කොම පෙන්නන්න... ඕන ඒවා මාක් කරලා තියන්න.. ඒ ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට ඩීටෙල්ස් දෙන්න එපා..."

එහෙමම ෆෝල්ඩර්ස් ටික ක්ලෝස් කරලා දාන ගමන් ටේහ්‍යොන්ග් ලැප් එක වහලා දැම්මේ සැනසුම් හුස්මක් පාතට දාන ගමන්...

"මොඩ්ල්ස්ලා ගැන බලන්න එපා... ඒකට එන මොඩ්ල් තවම රෙඩි වෙන්නවත් පටන් ගත්තේ නෑ... මැක්ස්ට තියෙන්නෙ අනිත් ඔක්කොම චෙක් කරන එක... මට ඕන ටෝටලි කම්ප්ලීට් විදියට ඔක්කොම පටන් ගන්න... මැක්ස් දන්නවනේ ඩෑඩ් ගැන...."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් එහෙමම මේසෙට හේත්තු උනා... දවල් පහුවේගන යනකොට ටේහ්‍යොන්ගේ අලු පාට කෝට් එක පුටුවේ කොනට තිබ්බා... ශර්ට් එකේ අත් උඩට නවලා ටේහ්‍යොන්ගේ නහර පිරුනු අත් එලියට ලස්සනට පෙනුනා..

කලින් ඇවිස්සුව හින්දා ඉස්සරහට වැටුනු කොන්ඩෙයි , උඩින් ඇරපු බට්න් දෙක තුනයි හින්දා ටේහ්‍යොන්ගෙන් ආකර්ශනීය හොට් පෙනුමක් ආවේ... ඒක දිහා බලන්න කිසි කෙනෙක් නෑ කියලා හිතුනත් කැබින් එකේ එලියේ දොරේ තිබුනු වීදුරු පටිය ඇතුලෙන් බලන් හිටපු කෙනෙක්ගේනම් ඇස් දෙක ආසාවෙන් පිරෙව්වා....

ඒ කෙනා කැබින් එකේ දොර ඇරන් එනවාවත් ටේහ්‍යොන්ග්ට ඇහුනේ නෑ.. ටේහ්‍යොන්ග් හිටියේ දොරට පිටිපස්ස හරවලා හින්දා.. ටේහ්‍යොන්ග් පෝන් එක කට් කරන පමාවට ටේහ්‍යොන්ග්ට දැනුනා අත් දෙකක් තමන්ගේ බද වටේ පිටිපස්සේ ඉදන් එතෙනවා,,

එක පාරට උන දෙයින් ටේහ්‍යොන්ග් ශොක් උනත් ටේහ්‍යොන්ග් ඒ අත් දෙක ගලවලා ගසන ගමන් ඉස්සරහට හැරුනේ හිටපු කෙනාව පැහැදිලිවම ටේහ්‍යොන්ග්ට පෙනෙද්දි...

"රියා..."

ටේහ්‍යොන්ග් පුදුමෙන් මිමිනුවත් රියා නම් පුදුම උන බවක් පෙනුනේ නෑ... කලින් පිටිපස්සෙන් විතරක් දැකපු හොට් ගතිය දැන් ඉස්සරහින් ඊට වඩා දකිනකොට රියා ටේහ්‍යොන්ගේ කර වටේ අත් යවලා ටේහ්‍යොන්ගේ ඇගට ලන් වෙලා ඉස්සුනේ ටේහ්‍යොන්ගේ තොල් වලට නැවෙන ගමනුයි ...

එක පාරට මුකුත් හිතාගන්න බැරි වෙනකොට රියාගේ තොල් දෙක ටේහ්‍යොන්ගේ තොල් දෙක උඩ තෙරපෙනකොට ක්ශනික සංවේදනයට ආපු ටේහ්‍යොන්ග් රියාගේ ඉනෙන් අත් දෙක තියලා එහාට තල්ලු කරා...

"ත..තමුන්..තමුන්ට පිස්සුද අහ්... ලැජ්ජා නැද්ද.."

"මන් මැරි කරන්න ඉන්න කෙනාව කිස් කරන්න මන් ලැජ්ජ වෙන්නෙ මොකටද..."

රියා ආයෙත් ටේහ්‍යොන්ග් ගාවට ලන් වෙන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් මේසේ උඩ තිබ්බ ග්ලාස් එක පොලවේ ගැහුවා..

"එක පාරක් කිව්වම,යනවා එලියට.."

"වයි බේබ්... අපිට පුලුවන් එන්ජෝයි කරන්න... ඔයා ස්ට්‍රෙස් එකේ වගේ .. ඇයි අපි ඒක රිලීස් කරන් නැත්තේ.."

ආයෙත් රියාගේ අත් දෙක ටේහ්‍යොන්ගේ කර වටේ පැටලෙනකොට ඒ දෙන්නගෙන් කවුරුත් දැක්කෙ නෑ භාගෙට විවර උන දොර ගාවින් පෝන් එකත් අරන් ගිය කෙනාව...

.




.




.





.





.





.

************************

___________________________Dark_Sunshiner 🤍🥀

🌷💖


Dream...🐇💫


හ්‍යුන්බින් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා තේරෙනවනේ...

මින් කියන්නේ යුන්ගිගේ ඩෑඩ් prime minister...
එතකොට Jung ලොකු බිස්නස්මන් කෙනෙක්...
එයාගේ පුතා Mark...

පුතාලා දෙන්නා බයිලා කෙලිනවා කියලා තාත්තලා දන් නෑ.. 😪🫴

මැද තිබුනේ කලින් chapter එකේ නවත්තපු තැන ඉදන් Flashback එක...

තේරුන් නැති උනොත් කියලා දැම්මේ ඉතිම්.. හී...🧚‍♂️




•°•°°°•°•°•°•°•

𝐈𝐭'𝐬 𝐌𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲....!!!😁🌷❄️🩵

•°•°°°•°•°•°•°•

Thanks for reading♥️

To be Continued...

2023/10/12

Bạn đang đọc truyện trên: AzTruyen.Top