|33|
"එන්න කෑම කන්න කට්ටියම..."
රෑට කෑම කන වෙලාව ලන් වෙනකොට ග්‍රැනීගේ කටහඩ කිචන් එක පැත්තෙන් ඇහුනේ ජන්කුක් යුන්ගියි මාකුයි දිහා බලනකොට... ඒ දෙන්න ආවේ ටේහ්‍යොන්ග්ව බලන්න උනාට ටේහ්‍යොන්ග් තාමත් ඇවිත් නෑ, ටේහ්‍යොන්ග් පරක්කු වෙනවා ඒත් අද ටේහ්‍යොන්ග් කලින් ඒවි කියලා ජන්කුක් බලන් හිටියා.. ඒ උනාට ටේහ්‍යොන්ග් ආවේ නෑ තාමත්...
මාක් යුන්ගි දෙන්න ගැන කියනවා නම් එකී මෙකී බඩු ගොඩකුත් අරන් ජන්කුක්ව බලන්න ආවේ ,, බබාලට ඕන කරන සබන් කැටේ ඉදන් මේස් එකට යනකන් අයිටම් අයිටම් ඔක්කොම අරන් ඇවිත් තිබ්බෙ ජන්කුක්ව පුදුම කරන ගමන්...
කොහොමත් ටේහ්‍යොන්ගේ මේ යාලුවෝ දෙන්නව ජන්කුක්ට කලින් හම්බෙලා තිබ්බා , ඒත් ඒ ටේහ්‍යොන්ගේ බෝයි විදියට නෙවෙයිනේ ඒ හින්දා මේ විදියට හරි අමුතුයි..
යුන්ගි කතා කරපුම නැති තරම් මාක් තමයි ජන්කුක් එක්ක දිගටම කතා කරේ එක්සයිට් වෙලා , මොකද මේක හරි අමුතු දෙයක්නේ ඉතින් මාක්ට හරි දේවල් දැනගන්න තිබ්බේ.. යුන්ගි නම් ඈනුම් ඇර ඇර අහන් හිටියා..
ජන්කුක් ඉතින් වැඩිය කතා කරේ නෑ, ඒත් එදා අර කැෆේ එකේ ඉදන් යද්දි උන සිද්ධිය කිව්වම ජන්කුක්ට ඒ දෙන්නා ගැන විශ්වාසයක් ගොඩ නැගුනා...
"කෝ අනේ ටේ.. වෙනදටත් මෙච්චර පරක්කු වෙනවද ජන්කුක්..."
මාක් එහෙම ඇහුවේ ඉස්සරහා තිබ්බ ස්ටූල් එකෙන් ග්ලාස් එක තියන ගමනුයි....
"සමහර දවස් වලට... "
"යුන්ගි, ගන්න කෝල් එකක් ටේට.. ඌ එනවානම් අපිට ඉන්න පුලුවන්නෙ තව ටිකක්..."
ඒ කියනකොට යුන්ගි පෝන් එක කනේ තියන් ජනේලේ ගාවට ඇවිදන් ගියා... එතකොටම දොර රෙද්ද අස්සෙන් පුන්චි මූනත් මතු උනා... අනිත් දෙන්න කෙසේ වෙතත් ජන්කුක් නම් දැක්කා..
ජන්කුක් මාක් යුන්ගි දෙන්න හිටපු හින්දම ඇස් වලින්ම ඇයි කියලා ඇහුවේ පොඩ්ඩා අතෙන් කට වහන් ඇස් බෝල දෙක එහෙ මෙහෙ කරකවලා දොර දිහාවට අතෙන් ඉගි කරනකොට...
මේ නිදාගන්න කලින් කට්ටිය එක්ක ජන්කුක්ට එන්න කියන්නයි මේ අයට ඕනේ... මොකද රෑට කාලා බීලා ඇදට නගින්න කලින් එයාලගේ ඒන්දල්ගෙන් සින්දුවක් අහන්න ඕන හින්දා...
"හ්‍යුන්ග්.. මන් ටිකක් එලියට ගිහින් එන්නම්..."
ජන්කුක් දෙන්නටම හිනා වෙලා ඔලුව ලාවට නමන ගමන් පොඩ්ඩගේ අතිනුත් අල්ලන් එලියට ආවා.. ඇවිත් හෙමීට උඩ පැන පැන යන පොඩ්ඩත් එක්ක පිට්ටනිය දිගේ එයාලගේ සුදු ගොඩනැගිල්ලට ආවා...
ජන්කුක් චූටි පොඩ්ඩො ටිකව නිදිකරවලා ආයෙත් එනකනුත් ටේහ්‍යොන්ග් ඇවිත් හිටියේ නෑ... එතකොට යුන්ගි මාක් එක්ක කෑම මෙසෙට වාඩි වෙනවා...
"එන්න ජන්කුක් අපි බලන් හිටියේ ඔයා එනකන්.."
"මන් තව පස්සේ කන්නම් හ්‍යුන්ග්..."
ජන්කුක් එහෙම කියලා කාමරේට යන්න ලෑස්ති උනත් ග්‍රැනී ජන්කුක්ව අල්ලන් කෑම මේසෙන් ඉන්දෙව්වා... ඒ කරලා ජන්කුක්ට වෙනම හදන කෑම ටික බෙදන්න ගත්තේ යුන්ගි මාක් දෙන්නත් කෑම බෙදාගන්නකොට...
"ඔයා කන්න ඕනේ.. ටේහ්‍යොන්ග් ආවත් දැන් කන් නැතුව නිදාගනියි.. ඒ හින්දා ඔයා කන්න... නැත්නම් කොහොමද මෙයා ඉන්නේ..."
ජන්කුක්ගේ බන්ඩියටත් තට්ටුවක් දාන ගමන් ග්‍රැනී එහා පැත්තෙන් වාඩි වෙලා එයාටත් කෑම බෙදාගත්තා...
"යුන්ගි..කොහොමද දැන් ඩෑඩ්ගේ වැඩ...."
"කෙරීගෙන යනවා ග්‍රැනී..."
යුන්ගි ඔලුව උස්සන්නෙත් නැතුව මිමිනුවාම මාක් දත් ටික පෙන්නලා හිනා උනා..
"මාක්...දැන් මොකද කරන්නේ...."
"ඩෑඩ්ගේ බිස්නස් වැඩ තමයි ග්‍රැනී... කොහෙද ටේව හම්බුනෙත් නෑ මේ ප්‍රශ්න හින්දා..."
මාක් හරි සුහද විදියට කතා කරනකොට ජන්කුක් නිහඩවම කෑම කෑවා.. ඒ උනාට ජන්කුක් බලන් හිටියේ නම් කොයි වෙලේ හරි ටේහ්‍යොන්ගේ වාහනේ සද්දේ ඇහෙයිද කියලා අහගෙන...
"හ්ම්ම්.. අපේ හන් කතා කරාද... ටේ ගැන අහලා.."
"දෙතුන් පාරක් කතා කරා.. අපි එහෙන් මෙහෙන් කියනකොට ආයෙත් කතා කරේ නෑ..කොහොමත් අන්කල්ට සැක හිතිලා ඇති ග්‍රැනී..."
මාක් එක දිගට කියවන් යනකොට ග්‍රැනී ඇස් වලින් ජන්කුක්ව පෙන්නලා සද්ද නැතුව ඉන්න කියලා ඉගි කරා..මොකද දැනටමත් මේක ඇවිලිලා කියලා දන්නවාකොට ජන්කුක් ඕකත් හිතන්න ගත්තොත් බැරි හින්දා...
අන්තිමට යුන්ගි මාක් දෙන්නා හොදටම රෑ වෙලා හොටෙල් එක්ක නවතින්නම් කියලා ගියෙ ජන්කුක් කාමරේට ඇවිත් වොශ් එකක් දාගන්නකොට... ඇදේ දිගා උනත් ජන්කුක්ට ටේහ්‍යොන්ග් මතක් උනා.. මොකද කලින් දවසේ හරි ලස්සන විදියට මේ ඇදේම දෙන්න ගෙව්වා.. ඒත් අද දවසටවත් ටේහ්‍යොන්ගෙන් කෝල් එකවත් නෑ..
වෙන දවසක්නම් මේක මෙ තරම් ජන්කුක්ට දැනුන් නෑ ඒත් අද දැනුනා.. සමහර විට මිනිස්සු එන්න එන්න ලන් වෙනකොට පොඩි දේටත් ගොඩාක් හිත රිද්දගන්නවා ඇති...
.
.
.
.
.
"හ්‍යුන්ග්... මේක බීලා ඉන්න.."
ජන්කුක් මග් එක ටේහ්‍යොන්ග් ගාවින් මේසේ උඩින් තියන ගමන් කිව්වේ ටේහ්‍යොන්ග් එක දිගට ලැප් එක දිහා බලන් ඉන්නකොට...
ඒ උනාට මග් එක ගෙනත් තිබ්බ කියලවත් ටේහ්‍යොන්ගේ අවදානය ජන්කුක්ට යොමු උනේ නෑ..
ජන්කුක් කරදර නොකර ගිහින් ඇදෙන් ඉදගත්තා.. හෙමින් හෙමින් ඇදුමට උඩින් පේන බඩ අතගෑවේ එයා දැන් තවත් ලොකු වෙලා හින්දා...
එදායින් පස්සේ දව්ස් සති ගෙවිලා ගියා.. උනේ ටේහ්‍යොන්ග් ගොඩාක් කාර්යබහුල උන එක විතරයි... ඇහුවාමනම් කිව්වේ අලුත් කම්පැනි එකේ වැඩ කියලයි.. ඒ උනාට ටේහ්‍යොන්ග්ට හරියට ජන්කුක් එක්ක ගැවසෙන්න වෙලාවක් තිබ්බෙත් නැද්ද කොහෙද...
ජන්කුක් උත්සහ කරා.. ඒත් ඉතින් ටේහ්‍යොන්ග්ට වැඩ තිබ්බා.. ඒක නොදැනුවත්ව උනත් ජන්කුක්ට රිද්දුවා.. ඕනම මනුස්සයෙක් මේ කාලෙට වැඩියෙන් ආදරේ බලාපොරොත්තු වෙනව... නැත්තේ නෑ ටේහ්‍යොන්ග් ජන්කුක් ගාව හිටියා ඒත් ටේහ්‍යොන්ග් මූන දුන් නෑ ජන්කුක්ට ඒක ජන්කුක්ට රිද්දුවා...
අන්තිමට ජන්කුක් කාමරෙන් එලියට යනකොටත් ටේහ්‍යොන්ග් අවදානය දුන්නෙ නැති හින්දා ජන්කුක් ටිකක් තදින් දොර වහන් ගියේ ටේහ්‍යොන්ග් ඒ සද්දෙට ගැස්සෙනකොට..
මෙච්චර වෙලා එක එක ඩොකියුමන්ට් එක්ක බිසී උන ටේහ්‍යොන්ග් ජන්කුක් කාමරෙන් ගියාම තේ එක බොන්න ගත්තා...
-"දැන් ලෑස්තිද.. මට අද බලන්න පුලුවන්ද..."
ටේහ්‍යොන්ග් එහෙමම නම්බර් එකකට ඩයල් කරලා කනේ තියන් කතා කරා...අද ටේහ්‍යොන්ග් නිවාඩු දවසක්.. මේ මාසෙකින් විතර වෙන්න ඇති ටේහ්‍යොන්ග් ගෙදර ඉන්නේ... ඒත් ඒ කියලා නැතුව ටේහ්‍යොන්ග් ගාව දිගෑරගත්තු ප්ලෑන් ඩොකියුමන්ට් , ඒවා මේව විසිරිලා තිබ්බා...
-"ඔකේ..මන් අද හවස එනවා... ලොක්කට ඉන්න කියන්න..."
එහෙම කියලා කෝල් එක කට් කරපු ටේහ්‍යොන්ග් අත් දෙක දිගෑරලා හිරි කඩලා මග් එකත් අරන් ජනේලේ ගාවට ඇවිදන් ගියා... එතනට හරි ලස්සනට පොඩ්ඩො සෙල්ලම් කරන තන පිට්ටනිය පෙනුනා... අද මේ වෙලාවේ පොඩ්ඩෝ එලියේ සෙල්ලම් කරනකොට ඊටත් වඩා ටේහ්‍යොන්ගේ හිත පිනවපු දර්ශනය උනේ ලොකූ අතු විහිදුනු ගහ යට ඉන්න කෙනාව...
සුදූ පාටම ලොකු කමිසයක් ඇතුලට බැහැලා හිටිය ජන්කුක් ගහ මුල තන නිල්ලේ වාඩි වෙලා ගහේ කදට හේත්තු වෙලා පොතක් කියවනවා... බෝල අරන් සෙල්ලම් කරන පොඩ්ඩො ජන්කුක්ගේ පැත්තට වැදෙන් නැති වෙන්න පරිස්සමට සෙල්ලම් කරා.. ලොකු බාමුත් නැට්ටත් උස්සන් අර ලමයි පස්සෙන් එහෙට මෙහෙට දිව්වත් ඉක්මනට දුවන් ඇවිත් ජන්කුක්ගේ මූන ඉබලා යන්නත් අමතක කරේ නෑ..
ඒක හරි ලස්සනයි යන්තම් වැවුනු කොන්ඩේ එහෙට මෙහෙට රෝල් වෙලා හුලගේ දග කරනකොට ටේහ්‍යොන්ග් භාවනාවක් වගේ ඒ දිහාම බලන් හිටියා... ඒතරම් ජන්කුක් ලස්සනයි.. ඒත් ටේහ්‍යොන්ගේ හදවත නිකංම බර වෙනවා... ඒක ටේහ්‍යොන්ග්ට දැනුනා...
ගහ මුල හිටපු ජන්කුක්ට දැනුනා නිකන් කෙනෙක් එයා දිහා බලන් ඉන්නවා වගේ.. එයා හරි නම් ජන්කුක්ගේ ඇස් කෙලින්ම යොමු උනේ එයාලගේ කාමරේ ජනේලේ දිහාවට...හරි ටේහ්‍යොන්ග් ඇස් පිය නොහෙලා බලන් හිටියා..ඔහොම බැල්මක් ජන්කුක්ට වැටුනේ ගොඩ කාලෙකින් ඉතින් ජන්කුක්ගේ මූනේ හිනාවක් ආවා... ඒ ගමන්ම ටේහ්‍යොන්ග් ජනේලේ ගාවින් අයින් උනාම ජන්කුක්ගේ මූන දුකින් බර උනා..
ඒ උනාට ටික වෙලාවයි ටේහ්‍යොන්ග් ඇදන් හිටපු ශෝට් එකේ සාක්කුවට අතකුත් දාගන්න ගමන්ම ඉස්සරහා දොරෙන් එලියට ආවා... කෙලින්ම ඇවිදන් ආවේ ජන්කුක් දිහාවට.. ටේහ්‍යොන්ග් හරි කඩවසම්.. සුදු පාට කොට ශෝටකට ආම් කට් එකක් ඇදලා හිටියේ දාඩිය හින්දාමයි.. ආම් කට් එකෙන් එලියට නිරාවරනය උන අත් වල කැපිලා පෙනුනු මස් පිඩු ඒ මී පැනි පාට හමට ඉර එලිය වැදිලා දිලිසෙනකොට හරි ලස්සනට පෙනුනා..
ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ හරියට අතරමං වෙලා වගේ.. ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවටම ඇවිත් ජන්කුක්ගේ කන ගාවින්ම ඇගිලි දෙක්කින් සද්දයක් දානකන්ම ජන්කුක්ට ගානක් තිබ්බෙ නෑ...
ටේහ්‍යොන්ග්ව දැක්ක ගමන් අර සෙල්ලම් කර කර හිටපු පොඩි ලමයි ටික ටිකක් එහාට වෙලා සෙල්ලම් කරන්න ගත්තේ ටේහ්‍යොන්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා.. ඒ ලමයින්ට අනුව ටේහ්‍යොන්ග් කියන්නෙ කිසිම හේතුවක් නැතුව එයාලව කන්න හදන නපුරු අන්තල් කෙනෙක්...
"හවසට පොඩි ගමනක් යන්න ලෑස්ති වෙන්න..ම්ම්"
කන ගාවටම පහත් වෙලා මුමුනපු ටේහ්‍යොන්ග් අතේ තිබ්බ භාගෙට බීපු මග් එක ජන්කුක්ගේ අතින් තියනගමන් හැරිලා ආවේ ජන්කුක් කටත් ඇරන් බලන් ඉන්නකොට... ජන්කුක්ට නම් මේ දේවල් ඉවසන්න හරි අමාරුයි.. ඇයි ඉතින් හරියට කතාවත් නොකරනේ හිටියේ...
ඒ මොනා උනත් ජන්කුක් ටේහ්‍යොන්ග් භාගෙට ඉතුරු කරලා දීපු තේ එක හරි අසාවෙන් බීලා මූන උල් කරන් ඉන්න බාම්ගෙත් මූනට පිබලා ඇතුලට ගියේ පැන පැන වගේ ....
ගිහින් වොශ් එකක් දාගෙන සැහැල්ලු කලිසමකට ලොකු ස්වේටර් එක්කුත් ඇද ගත්තම ටේහ්‍යොන්ග් ඇවිත් එයාගේ ලොකු කෝට් එක්කින් ජන්කුක්ව වැහුවා... ඒකෙන් ආපු ටේහ්‍යොන්ගේ සුවදට ආසාවෙන් ඉව කර කර, ඒ වෙනකොටත් ලෑස්ති වෙලා හිටිය ටේහ්‍යොන්ග් එක්ක එලියට බැස්සේ සතුටින් ඉතින් ගොඩ කාලෙකින්නේ...
යනකන් එහෙම වැඩිය කතා නොකරත් ටිකක් දුර යනකොට බිල්ඩින් එකක් ඉස්සරහින් වාහනේ නතර කරා... ටේහ්‍යොන්ග් එහා පැත්තෙන් ඇරලා ජන්කුක්ව එලියට ගත්තාම ජන්කුක් ටේහ්‍යොන්ගේ අතේ එල්ලිලාම ඇස් කරකව කරකව බැලුවේ මේ කොහෙද කියලා..
ටිකක් ලොකු බිල්ඩින් එකක් උන ඒක සම්පූර්නයෙන්ම හදලා ඉවර උනත් තාමත් හිස් උනා... තට්ටු තුනකින් විතර සමන්විත උනත් තවත් උඩට හදන්න පුලුවන් විදියට බිල්ඩින් එක තිබ්බේ... ඇතුලේ මුකුත් තීම් එකක් නැතුව හිස්ම තියනකොට වටේටම ඇහැ යවලා ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවේ කුතුහලෙන්... ඒ වෙනකොට දෙන්නම මේන් එන්ට්‍රන්ස් එක ගාවට ඇවිත් හිටියේ...
"ම්ම්..මගේම කම්පැනි එක මේක....තාම එහෙම කියන්නත් බෑ හිස්.. "
ටේහ්‍යොන්ග් එච්චරයි කිව්වේ ජන්කුක් පුදුමෙන් වගේම සතුටින් ටේහ්‍යොන්ගේ අත මිරිකන් බැලුවා.. සතුටු නැද්ද ඒකේ මේ තරම් වැඩ ඉවර ඇති කියලා ජන්කුක් නිකමටවත් හිතුවේ නෑ... ඒත්...
"ඇ..ඇත්තටමද හ්‍යුන්ග්... මේක..."
"ම්ම්..ඔයා තමයි මගේ පලවෙනි අමුත්තා.... "
"ම්..ම..මට...."
ජන්කුක්ට කියාගන්න දෙයක් මතක් උනේ නෑ.. ටේහ්‍යොන්ග්ට සුභ පතන්න එයාට බෑ.. ටේහ්‍යොන්ග් එයාගෙනෙ ඉතින්... ජන්කුක් ටේහ්‍යොන්ග්ව පුලුවන් තරම් අත් ඈත් කරලා බදාගත්තේ ගොඩ කාලෙකට පස්සේ ටේහ්යොන්නුත් ඒ උරහිසට ඔලුව තියලා හොද හුස්මක් උඩට ගන්නකොට...
"අපි යන්ද ඇතුලට පුන්චි මමා..."
"අනේ හ්‍යුන්ග්...."
ජන්කුක්ගේ නහයත් බර වෙලා.. කොයිවෙලෙත් තරහ ගන්න ජන්කුක් නෙවෙයි ඉතින් ජන්කුක් සංවේදී වෙලා....
ඉතින් ඒ හිස් තට්ටු පුරාවට හෙමින් හෙමින් ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක ඇවිදන් ගියා.. ඊට පස්සේ තර්ඩ් ෆ්ලෝර් එකේ තිබ්බ එයාගේ කැබින් එකට ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඒකෙන් ඉන්දවලා වතුර එකක් දුන්නා.. එතකොටම දොරට තට්ටු කරලා ටිකක් පිටරට සම්භවයක් තිබ්බ කෙනෙක් ඇතුලට ඇවිත් ටේහ්‍යොන්ග්ට ආචාර කරා...
"මැක්ස්..කොහොමද වැඩ ටික... "
"කෙරීගෙන යනවා සර්... සර් අපිට තීම් එකක් දුන්නනම් අපිට ෆර්නිචර් එක්ක මේක පේන්ට් කරන්න පටන් ගන්න පුලුවන්..."
මැක්ස් ටේහ්‍යොන්ගේ අතින් ෆයිල් දෙක තුනක් තිබ්බම ටේහ්‍යොන්ග් ඒකත් අරන් ඇවිත් සෝෆා එකේ ජන්කුක් ගාවින්ම ඉදගත්තා...
"මේවැන් කෝකද හොද..."
ජන්කුක් අතින් කලර් තීම් තිබ්බ බුක් එක තියන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක්ගේ ඇස් ආයෙත් පුදුමෙන් පිරුනා..ඉතින් ටේහ්‍යොන්ග් ජන්කුක්ට ඒ තරම් වැදගත් තේරීම් කරන්න දෙනවද....
"මම හ්‍යුන්ග්..."
"ඔව්..ඔයා තමයි.. මට විශ්වාසයි ඔයා මට වැඩිය හොදට තෝරයි කියලා..."
ජන්කුක් දිහාම බලන් ටිකක් බර කරලා ටේහ්‍යොන්ග් එහෙම කිව්වම ජන්කුක් හෙමින් අර පිටු පෙරල පෙරල බලන්න ගත්තා..
අන්තිමට ඔක්කොම බලලා ඩාර්ක් බ්‍රව්න් තීම් එකක් තිබ්බ පිටුවේ නතර උන ජන්කුක් ඒක ටේහ්‍යොන්ග්ට දුන්නම ටේහ්‍යොන්ග් ඔලුව වනන ගමන් ඒක මැක්ස් අතට දීල ජන්කුක්ගේ ඔලුව අතගෑවා..
"හ්‍යුන්ග් කර්ටන්ස් වලට බ්ලැක් ඇන්ඩ් වයිට් ගන්න... මේ ඩිසයින් එක..."
අනිත් බුක් එකත් පෙරලල තියන ගමන් ජන්කුක් එහෙම කිව්වම ඒ ටික අහන ගමන් මැක්ස් එලියට ගියේ ටේහ්‍යොන්ග් චෙක් එක සයින් කරනකොට...
"එහෙනම් එහෙම හොදයිනේ... අපි යන් ඩිනර් අරන්ම ගෙදර යන්..."
ජන්කුක්ගේ අතින් අල්ලන් නැගිටලා ටේහ්‍යොන්ග් එලියට ආවා....
"එතකොට හ්‍යුන්ග් කට්ටිය..."
"ඉන්ටර්විව් ඔක්කොම ඉවරයි මේ වැඩ ටික ඉවර උනාම පටන් ගන්න පුලුවන්..."
ටේහ්‍යොන්ග් එහෙම කතා කරන ගමන් ජන්කුක්ව වාහනේට නැග්ගුවා...
ඒත් ජන්කුක්ට අහන්න බැරි උනා ටේහ්‍යොන්ගේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා.. ඒක අහන්න කලින් වගේම ඩිනර් එක හරියට ගන්න කලිනුත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදන් ඇවිත් ටැක්සි එක්ක නැග්ගා... ඒ ජන්කුක්ගේ මූනට මාස්ක් එක්කුත් දාන ගමනුයි...
"ඉක්මනට යනවා මේ ඇඩ්රස් එකට... ඉක්මනට..."
.
.
.
.
.
.
***************************
___________________________Dark_Sunshiner 🤍🥀
කවුරුත් කාවවත් මැරුවා කියලා තාම තහවුරු උනේ නෑනේ...
Thanks for reading ♥️
To be Continued...
2023/10/07
Bạn đang đọc truyện trên: AzTruyen.Top