|32|
ජනෙල් තිර රෙදි අස්සෙන් ආපු එලිය ජනේලේ ගාවම තියෙන ඇදේ නිදාගෙන ඉන්න දෙන්නට කරදර කරනකොට ඒකෙන් බාදාවක් උනේනම් ටේහ්‍යොන්ග්ට විතරයි.. මොකද ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවට කම්මුල තද කරන් හොද නින්දක හිටියේ...
ටේහ්‍යොන්ගේ එක අතක් හිරි වැටිලා වගේ මොකද ජන්කුක්ගේ සම්පූර්න බර එයාගේ අත උඩ.. අනිත් අතින් ඇස් දෙක පොඩ්ඩක් පිහදාලා ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවත් එයාට හිනා ගියේ ජන්කුක්ගේ සැප නින්දට... මොකද ජන්කුක්ගේ බෝල කම්මුලක් පපුවට තද වෙලා හින්දා තොල් දෙක උල් වෙලා භාගෙට ඇරිලා.. හීනියට ගොරවනවත් ඇහෙනකොට ජන්කුක් කවදාවත් නැති තරම් හොදට නිදාගෙන හිටියා....
ජන්කුක්ගේ සැප නින්ද කඩන්න ලෝබකමටම ටේහ්‍යොන්ග් හෙමීට ජන්කුක්ව ටිකත් බදාගෙන ඒ පිට දිගේ ඇගිලි යවලා අතගෑවේ ජන්කුක් තලුත් මරලා ආයෙත් ගොරවන්න පටන් ගන්නකොට...
හෙමින් ජන්කුක්ව කොට්ටේ උඩින් තියලා තුරුල් කරගන්නත් කොට්ටයක් තිබ්බ ටේහ්‍යොන්ග් ඇදෙන් බැහැලා වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන පොඩි ටවල් එක්කට උනු වතුර තෙමන් ඇවිත් ජන්කුක්වත් පිහදාලා රෙද්ද පොරවලා දැම්මා...
ජන්කුක් ඇහෙරෙයි කියලා කාමරේ ලයිට්වත් දාන් නැතුව ලෑස්ති උන ටේහ්‍යොන්ග් අන්තිමට ජන්කුක්ගේ නලලත් ඉබලා හෙමින් දොර ඇරන් කාමරෙන් එලියට ඇවිත් දොර වහලා දැමා...
දිග කොරිඩෝ එක දිගේ ඇවිදන් යනකොටම හම්බුනේ මේඩ් කෙනෙක් .. මේඩ් ටේහ්‍යොන්ගේ මූන දිහා බලලා කම්මුල් රතු කරන් බිම බලාගෙන ඉක්මනට ගියේ ටේහ්‍යොන්ග් කෝට් එකත් අනිත් අතට මාරු කරන් මේ මොකෝ කියලා හැරිලත් බලද්දි...
කොරිඩෝ එකෙන් එලියට ඇවිත් විසිත්ත කාමරේට ආවමයි ටේහ්‍යොන්ග් ග්‍රැනීව දැක්කේ.. ග්‍රැනී දූවිලි පිහින කෙදි තියන පිස්නාවක් තියන් ඒකෙන් විසිත්ත කාමරේ කොනට හිටිය ග්‍රෑන්ඩ් පාගේ පොටෝ එක පිහිනවා...
ග්‍රැනීට උදේම ග්‍රෑන්ඩ්පා මතක් වෙලා.. ටේහ්‍යොන්ග්ට ඉතින් දුක හිතුන පාර ටේහ්‍යොන්ග් හෙමින් ග්‍රැනී ගාවට ගිහින් ග්‍රැනීගේ උරහිසට අත තිබ්බේ ග්‍රැනී ගැස්සිලා හැරෙනකොට..
"ඔහ්..ඔයාට අසනීපයක්ද ග්‍රැනී ඇසුත් රතු වෙලා.. නින්ද යන් නැද්ද..."
ටේහ්‍යොන්ග් ඒක ඇහුවා විතරයි ග්‍රැනීගේ තොල් පැත්තට ගිහින් හයියෙන් හුස්ම ගත්තේ ටේහ්‍යොන්ගේ ඇස් ලොකු වෙනකොට..
"අහ්.. මට තේරෙනවා.. අද ග්‍රෑන්ඩ් පා නැති උන දවසද... ඕවා ඔහොම තමයි ග්‍රැනී..ආයි.. ආයි.. උහ්.. ගහන්න එපා... ආයි අනේ.... "
ග්‍රෑන්ඩ් පා මතක් වෙලා ග්‍රැනී අවුලෙන් ඉන්නවා කියලා හිතලා පන්ඩිත කමට ග්‍රැනීගේ හිත හදන්න හැදුවා විතරයි අතේ තිබ්බ පිස්නාවෙන්ම ටේහ්‍යොන්ග්ට පාරවල් වදින්න ගත්තේ ග්‍රැනී අතෙනුත් ටේහ්‍යොන්ග්ට ගහනකොට..
"මොකක්ද අනේ උදේ පාන්දර ගහන්නේ... මහන්සි මට.."
"ඔව් උබට මහන්සි ඇති... අද හවස් වෙනකොට තමුන්ගේ කාමරේ සවුන්ඩ් පෲෆ් නොකරගත්තොත් මන් නරක ගෑනි කියන්න එපා හරි..."
ග්‍රැනී යකෙක් වගේ කෑ ගහලා ගස්සගෙන යන්න ගිය පාර ග්‍රැනීගේ දිග ගවුම ටේහ්‍යොන්ගේ කකුලෙත් වැදුනා..
"මො..මොකක්... සවුන්ඩ් පෲෆ්...
"ඇයි... මොකද.. අර අහිංසක කොල්ලා ඉතුරු වෙලාද දන් නෑ..."
"අහිංසක.. පුහ්....ඔයාට ඕක තමයි කෙල්ලේ හදිසියේ ග්‍රෑන්ඩ් පාව මතක් උනේ නෙහ්... ඒ අසරන මනුස්සයත් ඔයාගෙන් ගුටි කන්න බැරු.............. අයිශ් මේ යනවා යනවා වදේ...."
ඊලග පාරත් අතේ තිබ්බ බ්‍රශ් එක උස්සනකොට ටේහ්‍යොන්ග් ගෙදරින් එලියට බැස්සේ හිනා වෙන ගමනුයි...ඒ බැහැලත් ආයෙත් දොරෙන් ඇතුලට එබුනු ටේහ්‍යොන්ග්,
"කෙල්ලේ.. මගේ ඒන්ජල්ව බලන්න පොඩ්ඩක් ඈහ්...."
හයියෙන් කෑ ගහලා එහෙම කිව්ව ටේහ්‍යොන්ග් ග්‍රැනීගේ කිංකිනි නාදෙ ඇහෙන්න කලින් වාහනේ ඇතුලට පැන ගත්තා..
ටේහ්‍යොන්ග් ගේට් එකෙන් එලියට වාහනේ දැම්මෙ යන්තම් හිනාවක් මූනේ තියන්... එයා හුරතල් උනා නම්, කෑ ගැහුවානම්, හිනා උනානම් ඒ හැමදේම සීමා උනේ මෙතනට විතරයි... දැන් තවත් කෙනෙක් ටේහ්‍යොන්ගේ ඒ තැනට එකතු වෙලා...
මෙතනින් පස්සේ ටේහ්‍යොන්ගේ හිනාව නැති උනා.. මොකද ටේහ්‍යොන්ග්ට මේක දැන් හිතට වදයක්.. එයාට ඩෑඩ්ගෙන් ගැලවෙන්න ඕන උනත් බෑ..
ඇත්තටම දැන් ටේහ්‍යොන්ග් හිර වෙල.. සමහර විට එයාගේ හිනාවේ අවසාන දවස් ගෙවෙන්නේ ලස්සනම විදියට වෙන්න ඇති..
මොනා උනත් ඉක්මනින් ජන්කුක්ව බලන්න එන එක තමයි ටේහ්‍යොන්ගේ බලාපොරොත්තුව.. මොකද එයාට ඒ තුරුලේ ඕනම දෙයක් මොහොතකට අමතක කරහැකි......
"හෙලෝ ලී අන්කල්..."
ටේහ්‍යොන්ග් ආපු කෝල් එක කනෙක්ට් කරලා අන්සවර් කරා....
"......................."
"මන් එන ගමන්.. ඩෑඩ්ව ශේප් කරන්න... අවුලක්නම් යුන්ගිට හරි මාක්ට හරි කතා කරන්න.. මන් එහේ කියන්න..."
ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් කෝල් එක කට් කරලා වාහනේ වේගේ වැඩි කරා... මගින් නවත්තලා කෝෆී එකක් ගත්තු ටේහ්‍යොන්ග් ඒක බොන ගමන් උපරිම වේගෙන් ඩ්‍රයිව් කරේ, ඩෑඩ් මේ වතාවේ කරන්න හදන්නේ මොනාද කියලා පොඩි අදහසක් ඔලුවේ තියාගනමයි...
.
.
.
ඇගට හරි පහසුවක් දැනෙනකොට ජන්කුක් ඇදෙන් නැගිට්ටා.. පොඩි ඩ්‍රෝවර් එක උඩ තිබ්බ ඔරලෝසුව දිහා බැලුවාම තමයි උදේ දහයත් පහු වෙලා කියලා දැක්කේ.. අර චන්ඩියා බඩ අස්සේ ඉදන් කුරු කුරු ගාන්න ගත්තු හින්දා තමයි ජන්කුක් දැන්වත් ඇහැරුනේ...
වෙනදා වගේ එයාව ඇහැරවන්න ඇද වටේ කැරකෙන්න පොඩ්ඩො කවුරුත් ආවේ නැති හින්දා ජන්කුක් අද ටිකක් වැඩියෙන් නිදාගෙන.. ඒනම් ටේහ්‍යොන්ග් තමයි එවන් නැතුව ඉන්න ඇත්තේ..
වෙලාව දහයත් පහු වෙලා නම් අනිවාරෙන් ටේහ්‍යොන්ග් ගිහින් ඇති.. නිකමට බලාපොරොත්තු උනත් ඇහැරෙනකොට ටේහ්‍යොන්ග් ලග ඉදීවි කියලා ඒම බලාපොරොත්තු වෙන්න බෑ..
ජන්කුක්ට තේරුම්ගන්න පුලුවන් ටේහ්‍යොන්ග් ලොකු ස්ට්‍රෙස් එක්ක ඉන්නේ.. ඒ මුකුත් ටේහ්‍යොන්ග් ජන්කුක්ට කියන් නෑ.. ඇවිත් පපුවට මූන ගහන් හොදට ලොකු හුස්මවල් ගන්නවා විතරයිනේ..
ඒ අතින් දැන් ජන්කුක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා... එහෙමම පොරවන රෙද්ද උස්සලා ඇගේ තියන රතු පැල්ලම් දිහා බැලුව ජන්කුක් ඔලුවේ ඉදන් රෙද්ද වහගත්තේ ලැජ්ජාවටමයි... ඒත් ඉතින් ලැජ්ජා වෙන්න කාමරේ කවුරුත් නෑනේ ඒත් එක්කම කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා..
"ජන්කුක්... ජන්කුක්... දැන් ඇහැරෙන්න දරුවෝ..ඔයා මොනා හරි කන්න ඕන..."
ග්‍රැනී වෙනදාටනම් ඇතුලට ආවත් අද එන් නැතුව දොරට තට්ටු කරලා ගියා... ජන්කුක් ඇදේ ඉදන් කකුල් දෙක ඇදෙන් පහලට දාලා ලොකු ඈනුමක් ඇරියා... එතනම තිබ්බ ටේහ්‍යොන්ග් භාගෙට බීලා දාලා ගිහින් තිබ්බ වතුර වීදුරුවේ ඉතුරු ටික බීලා දාලා ඇද රෙද්දත් පටලන් බිමත් ඇද ඇද වොශ් රූම් එක ඇතුලට ගියා...
ඇවිත් වූල් වූල් අත් දිග හූඩියකුත් ඇදන් එලියට ඇවිත් හෙමින් හෙමින් ඇවිදන් ගියේ කොන්දත් එක්ක ඔක්කොම රිදෙන හින්දා...
"අහ්.. නැගිට්ටද... යූවූන්... චූටී බේබිට කෑම ගේන්න..."
පුටුවක ඉදන් පොතක් කියව කියව හිටපු ග්‍රැනී එහෙම කියන ගමන් ජන්කුක් එක්ක කෑම මේසෙට ආවා... ඒම තමයි හැමෝම ටේහ්‍යොන්ග්ට පොඩි බේබි කියනකොට නිකන්ම ජන්කුක් චූටි බේබි උනා... මුලින් මුලින් නම් නුහුරු උනත් පස්සෙ ඒක හුරතලේටම පුරුදු උනා.. මොකද පොඩ්ඩො ටිකත් ඒන්දල් ගානවට අමතරම චූති බේබි කියලත් කතා කරන්න ගත්තු හින්දා...
"අහ්.. මේක බොන්න... මන් ඩොක්ටර්ට කතාකරා.."
"මොහ්.. ම්..මේ.....
පේන් කිලර් දෙකක් ජන්කුක්ට ග්‍රැනී දෙනකොට ජන්කුක් හෙන ලැජ්ජාවෙන් බිම බලාගත්තේ ටේහ්‍යොන්ග් මේකත් කියලද කියල හිතන ගමන්..
"ආයේ ඉතින් අර මෝඩයා ඕක කියන්න දෙයක් නෑ.. ගේ දෙක වෙන්න කෑ ගහනකොට අර ලමයි ටික විතරයි ඕක දන් නැත්තේ..."
"අනේහ්..ග්‍රැනී....."
ජන්කුක්ට එතනම වැලලෙන්න හිතුනේ මේසේ අස්සේ මූන ගහගන්න ගමනුයි..ජන්කුක්ට ඉතින් ඔහොම විහිලු හුරු නෑනේ... ඒ උනාගේ ග්‍රැනීගේ වයසක ඇගිලි ජන්කුක්ගේ කොන්ඩේ අස්සෙන් ගියේ කෑම සුවද එනකොට..
"ඕකට ඉතින් ඔය හැටි ලැජ්ජා වෙන්න ඕන් නෑ... දැන් කාලා මේක බොන්න.. අමාරුව අඩු වෙයි.. අරයා ආවම එයාව බයිට් කරමු.."
ග්‍රැනී ඇහැක් ගහලා කියනකොට ජන්කුක්ගේ කට ඕ ශේප් උනා... වයස උනාට ග්‍රැනී හරි හොදයි.. හොදට තේරුම් අරන් ජීවත් වෙන්නේ... ඒත් ඉතින් ටේහ්‍යොන්ග් ගැන බයක් නොතිබුනා නෙවෙයි.. එයාට කොච්චරවත් හ්යුන්බින්ව හදාගන්න බැරි උනා.. සල්ලි පස්සේ බලය පස්සේ දුවනකොට හ්‍යුන්බින් වෙනස් වෙන්න ගත්තා.. ඒකයි ග්‍රැනී දුරින් ඉන්න තීරනේ කරේ... ඒත් ටේහ්‍යොන්ග් එයා ගාව විතරක් ආදරෙන් දැවටෙනකොට ග්‍රැනී හැදුවේ ටේහ්‍යොන්ග්ව හදාගන්න.. ඒත් හ්‍යුන්බින් මිසිස් කිම් මැරුනට පස්සේ ටේහ්‍යොන්ග්ව කාත් කවුරුත් නැති රටක තනි කරේ ග්‍රැනීගේ තද බල විරෝධය මැද්දේ..
එදා ඉදන් තමයි ග්‍රැනීගේ හුරතල් කොල්ලා වෙනස් වෙලා නපුරු උනේ... ඒ කේන්තිය සමහර වෙලාවක හ්යුන්බින්ටත් එහා... හයුන්බින් වගේම නොවුනානම් ඒ ග්‍රැනී ලග විතරයි.. ඉතින් ඒ නපුරු ටේහ්‍යොන්ග් ආයෙත් කෙනෙක් ගැන සැලකිල්ලක් දක්වනවා, හිනා වෙනවා... වගකීමක් ගන්නවා.. ඒ දේවල් දැක්කේ ජන්කුක් නිසා.. ඒකයි ටේහ්‍යොන්ගේ ජන්කුක්ට ග්‍රැනී මේ තරම් කැමති.. දෙන්නා දේවල් පටන් පටන් ගත්තේ කොහොම උනත් ඒකයි ග්‍රැනී මේ දේවල් පිලිගන්නේ...
ඒත් ග්‍රැනී උනත් ඉස්සරහට වෙන දෙයක් ගැන එච්චර හිතන්න නැතුව ඇති....
.
.
.
-"කියහන්..."
ටේහ්‍යොන්ග් තමන්ගේ පුටුවේ ඉදන් පිටිපස්සට හේත්තු උනේ කොන්ද දිගාරින ගමන්...
="මායි, යුන්ගියි එනවා අද උබගේ ග්‍රැනීගේ ගෙදර..."
-"ඒ මොකටද ඒ..."
="එන්නේ උබව බලන්න..."
-"මාව බලන්න එහෙ රිංගන්නේ අහවල් මගුලකටද.. මන් කම්පැනි එකේ ඉන්නෙ වරෙන් මෙහෙට...."
="අහ්..ඒමද.. උබට ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑනේ... අපි එනවා එච්චරයි...."
-"ඇවිත් අහගනින් ග්‍රැනීගෙන්.. මාත් ඉහ ගහන් ඉන්නෙ හරි අමාරුවෙන්...අපේ වැඩ ඔක්කොම ග්‍රැනී දන්නවා හරි ඒක අමතක කරන්න එපා..."
="හරි යකෝ..කොලුකමට කරන ඒවනේ ඒ... දැන් එහෙම නෑනේ.. යුන්ගි...!! අද හවසට ග්‍රැනීගේ ගෙදර යන්.. මූ ඉන්නවා..."
-"ඔහොම ඉදපන්..උබ මේ වෙලාවේ යුන්ගි එක්ක මොකද කරන්නේ..."
කෝල් එකේ ඉදන්ම මාක් යුන්ගිට කෑ ගහනකොට ටේහ්‍යොන්ග් දඩ බඩ ගාලා ඇහුවා..කොහෙද ඕවා තේරෙන්න පහුගිය දවස් ටිකේ ටේහ්‍යොන්ග් හොද සිහියෙන් හිටියේ නෑනේ...
="යුන්ගි එක්ක මොකද කරන්නෙ අහන්නේ.. මන් මොනා කරන්වා කියලද හිතන්නේ...'"අහ් බබා..ඕක ඉවර කරලා එන්න.. මට බෑ අර ටික ඔක්කොම බලන්න....!"
-"බබා..ඒ යුන්ගි නේද... ඌ මොකද උබට බබා කියන්නේ අහ්..."
="ටේ..ඒනම් මන් තියනවා ඇහ්..රෑට හම්බෙමුකෝ.........
-"ඔහොම ඉදපන්..මාක්..මාක්........beep beep.....
"පොඩි සර්ට ලොකු සර් කැබින් එකට එන්න කිව්වා..."
කෝල් එක කට් වෙනකොටම ටේහ්‍යොන්ගේ කැබින් එක ඇතුලට ආපු මිස්ටර් ලී එහෙම කිව්වම ටේහ්‍යොන්ග්ට යක්ස අරූඩ උනා...
"මොන මගුලක්ද අයිසේ.. මට දැන් ඇති වෙලා..මට බෑ එන්න..."
"ලොකු සර්ව කේන්ති ගස්සන් නැතුව යන්න ... මේ වෙලාවේ සර් කේන්තියෙන් නෙවෙයි ඉන්නේ..."
"ආයිශ්.. මට මේක එපා වෙලා අන්කල්.. මට යන්න දෙන්න කියනවා මේකෙන්... මට දැන් වයස කීයද.. මට මගේ ජීවිතයක් දැන්වත් ගත කරන්න දෙන්න කියනවකෝ..."
මිස්ටර් ලී එහෙමම බිම බලාගත්තේ දෙන්න උත්තරයක් නැති හින්දා.. ලී තාමත් හ්‍යුන්බින්ට ජන්කුක් ටේහ්‍යොන්ග් ගැන කියලා නෑ.... මොකද ලී කියන්නෙ ටේහ්‍යොන්ග්ව පොඩි කාලේ ඉදන් දන්නේ.. ලී දන්නවා ටේහ්‍යොන්ග් ජීවත් උන විදිය... හ්‍යුන්බින් ඕනවට වැඩි.. හොදටම වැඩියි..මොකද ටේහ්‍යොන්ග් කවුරුත් නොදන්න දේවල් ගොඩාක් දන්න එකම කෙනා ලී උනා...
"වට් ද ෆක්...."
උඩට යන්න එලිවේටර් එකට නගිනකොට ලී ටේහ්‍යොන්ග් අතට දුන්නු ෆයිල් එක අරන් බලපු ගමන් ටේහ්‍යොන්ග් කේන්තියෙක් ඒක පොලවේ ගැහුවේ ශාප කරන ගමනුයි... ඒකේ තිබ්බ කොල සී සී කඩ යනකොට ටේහ්‍යොන්ගේ පෝන් එකට කෝල් එකකුත් ආව....
.
.
.
හවස් වෙනකොට හොද හැටි හෙම්බත් වෙලා හිටිය ජන්කුක් ගෙදරට හොදට එලිය වැටෙන විදියට උස වීදුරු දාල හදලා තිබ්බ තැනින් වාඩි උනේ එතන තිබ්බ දුබුරු පාට පොඩි සෝෆා එකේ... ඒ ටිකක් ලොකු අයිස් ක්‍රීම් බකට් එක්කුත් අරගෙන.. කලින් දවසේ පාටියේ ජන්කුක්ට අයිස් ක්‍රීම් කන්නම ඕන උනත් ටේහ්‍යොන්ග් නෙවෙයි කන්න දුන්නේ..මොකද රෑ හෙම්බිරිස්සාවක්වත් හදාගනී කියලා...
ඒ උනාට දැන් ජන්කුක්ව නවත්තන්න කවුරුත් නෑනේ පොඩි හැන්දකුත් අරන් ජන්කුක් පුටුවේ වාඩි වෙලා ඇස් දෙකත් ලොකු කරත් අයිස්ක්‍රීම් කන්න ගත්තා....
ජන්කුක් කියන්නෙ හුරතල් බෝලයක්. එයාගේ කම්බුල් තවත් මහත් වෙලා දැන්.. බඩත් ඉස්සරහට ඇවිත් ඇගත් ටිකක් මහත් වෙලා.. ඒවට කටේ අයිස් පිරුනාම තවත් හුරතල් පාටයි...
"ආයි..ආයී ග්‍රැනී මේ අහිංසකයන්ට ගහන්නෙ ඇයි අනේ මෙහෙම...."
නුපුරුදු සද්දයක් තියන වාහනයක් ඉස්සරහින් නවත්තලා ටික වෙලාවකින් කෑ ගහන සද්දයක් ඇහෙනකොට ජන්කුක් හැන්ද අතේ තියන් ඇස් දෙක ලොකු කරන ගමන්ම ඉස්සරහ දොර දිහා බැලුවා...
.
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
එහෙම හැමවෙලේම සතුටින් ඉන්නකොටත් බෝරින්.. 😪
අහන්නකෝ මේකට ගැලපෙනම edit ටිකක් හම්බුනා.. ඒවා ලස්සනයි .. 🥺💫♥️
Thanks for reading ♥️
To be Continued...
___________________________
𝐙𝐡𝐚𝐧 𝐃𝐚𝐲 !!!!💝💫🐰
2023/10/05
Bạn đang đọc truyện trên: AzTruyen.Top