|30|

"එහෙම බෑ...!"

"ඒ මොකද....බැරි..."

ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක්ගේ අත් යටින් අත් දෙක දාලා උස්සලා ආයෙත් බන්කුවේ ඉන්දන ගමනුයි....

"බැහැ... ඇයි ඒ එලියට යන්නේ... "

"එලියට යන්නේ..ඔයා එකම තැන හින්දානේ ජන්කුක්...."

"ඒ උනාට මට එලියට ගිහින් කන්න ඕන නෑ..."

ටේහ්‍යොන්ග් ලෑස්ති උනේ රෑ වෙලා ජන්කුක්ව එලියට එක්කන් යන්න කෑම ගන්න.. ඒ උනාට ජන්කුක් බෑම කියනවා...

"හරි ඇයි ඒ බැරි.... ඔයා කැමති නැද්ද මාත් එක්ක යන්න කූ..."

ටේහ්‍යොන්ග් ටිකක් හඩ පාත් කරාම ජන්කුක් ඉක්මනට හැරුනා..

"එහෙම නෙවෙයි... අපි විතරක් කාලා එන්නේ.. එතකොට අනිත් අයට..."

"අනිත් අයට මෙහෙ කෑම හදනවනේ..."

"හ්ම්ම්...."

ජන්කුක් හුස්මක් පාත දාලා හ්ම්ම් කියලා මුමුනනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔඩොක්කො හොම්බ ගහන් ඉන්න බාම්ගේ මූන අයින් කරා...

"ඇයි ඉතින් මේ..."

"අපිට පුලුවන්නෙ පොඩ්ඩො ටිකවත් එක්කන් යන්න..."

"අර පොඩි ලමයි ටික ඔක්කොම මගේ වාහනේ.. මන් බස් එකක් පාවිච්චි කරනවා කියලා හිතුවද..."

ඇස් දෙකත් ලොකු කරන් ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් රවලා අහක බලාගත්තා....

"මේ අහන්න..එයාලව එහෙම හිතුනු හිතුනු විදියට එලියට අරන් යන්න බෑනේ... අනික.....

"අනික කියන්නෙ හ්‍යුන්ග්.. ඒ පොඩ්ඩො ටික පවුනේ.. එයාලත්.. හරියට ..හරියට මන් වගේ...."

ජන්කුක් අන්තිම ටික හෙමින් මිමිනුවේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතකින් අල්ලගන්නකොට.. අර පොඩ්ඩො ටිකත් එක්ක ඉදලා එයා ඕනවටත් වඩා ඒ අයට බැදිලා කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා... මොකද ජන්කුක් ඇත්තටම පොඩ්ඩන්ට ආදරෙයි.. දැන් ඉන්න සිටුවේශන් එකත් එක්ක තවත් සංවේදී වැඩියි...

නැත්නම් වෙන කෙනෙක් නම් එලියට යන් කිව්වම පැනන් ලෑස්ති වෙන්නේ.. ඒ උනාට ජන්කුක්ට ඕන උනේ අර පොඩ්ඩො ටිකවත් එක්කන් යන්න.. ජන්කුක්ගේ හිත ඒ අතින් කොච්චර නම් අහිංසකද..

ජන්කුක්ගේ අහිංසක මූන දකින දකින පාරක් ගානේ ටේහ්‍යොන්ග්ට තමන් හැසිරුන විදිය මතක් උනා.. ඒත් ටේහ්‍යොන්ග් දැන් ඒ දේවල් ගැන නොහිතා ජන්කුකුයි බබයි ගැන හිතන්න උත්සාහ කරනවා.. මොකද ඒකෙන් කාටවත් හොදක් වෙන් නැති හින්දා..

ජන්කුක්ගේ ඩොක්ටර් එක්ක ටේහ්‍යොන්ග් කතා කරේ විසදගන්න තියන ප්‍රශ්න ටික විසදගන්නමයි.. මොකද ටේහ්‍යොන්ග් කියන්නෙ අම්මගේ ආදරේ ලැබුන් නැති දරුවෙක්.. ඉතින් ටේහ්‍යොන්ග් අම්මෙක්ගේ හැගීම් දන් නෑ...

එතකොට පොඩි ලමයෙක් ආශ්‍රය නොකරපු කෙනෙක්.. ඉතින් පොඩි ලමයෙක් ගැන, ආදරේ කරන්න ඕන කෙනෙක් ගැන ටේහ්‍යොන්ග් මුකුත් දන් නෑ..

දැන් ටේහ්‍යොන්ග් ටික ටික ඒවා ඉගනගන්නවා.. කලින් හැම දේටම තරහා අරන් කෑ ගැහුවට දැන් ටේහ්‍යොන්ග් එක පාරට කේන්ති නොගෙන මොකක්ද කියලා බලන්න උත්සාහ කරනවා.. ඒ ඔක්කොම ජන්කුක්ගේ ඩොක්ටත් එක්ක කතා කරපු දේවල් වල ප්‍රතිපල තමයි...

දැන් ජන්කුක්ගේ මූඩ් එක චේන්ජ් වෙන විදිය ගැන පොඩි අයිඩියා එකක් ටේහ්‍යොන්ග්ට තිබ්බ.. ඒකයි ටේහ්‍යොන්ග් තකහනියක්ම ගෙදර ගිහින් ජන්කුක් ආදරෙන් බලාගන්න ගත්තු බලූව ජන්කුක්ට ගෙනත් දුන්නේ... ඒකෙන් ජන්කුක් සතුටු උන විදිය දැක්කම ටේහ්‍යොනුත් සතුටු උනා...

දැනුත් එහෙමයි.. ජන්කුක්ගේ හිතේ තියෙන්නේ මොනාද කියලා තේරුම්ගන්න ටේහ්‍යොන්ග් උත්සාහ කරා...

"කමක් නෑ අපි දැන් ඇතුලට යමුකෝ.. මෙන්න මේ ලොක්කට කන්න දෙන්න වාහනේ එනකන් මාව කන්න හැදුවා.. පුලුවන් නම් කූ මට තේ එකක් හදන් එන්නකෝ..."

ජන්කුක්ගේ අතින් අල්ලන් ටේහ්‍යොන්ග් ආයෙත් ගේ පැත්තට එනකොට බාමුත් දෙන්නගේ පස්සෙන් ආවේ ඒ වේගෙටම ඇවිදගෙන.... ගොඩ කාලෙකින් දැක්කත් මොකද ජන්කුක්ගේ සුවද අදුරගත්තු බාම් හරි ආදරෙන් ජන්කුක් ගාව දැවටුනා..

"එන්න පැටියෝ.. අපි යමු.. හ්‍යුන්ග් ඔයා වොශ් එකක් දාගන්නකෝ.."

ආයෙත් එලියට යන එක ගැන කතාවත් නොකරපු ජන්කුක් එහෙම කියන ගමන් කිචන් එක පැත්තට ඇවිදගෙන ගියා....

"දෙවියනේ.. මට හාට් ඇටෑක් හදවන්නද හදන්නේ.. මේ කොහෙන්ද මේ බල්ලෙක් උස්සන් ආවේ..."

කිචන් එකට යන මග ඩයිනින් රූම් එකේ හිටපු ග්‍රැනී පපුවටත් අතක් තියන් කෑ ගැහුවේ කලුවරේම ජන්කුක් එක්ක පස්සෙන් මතු උන බාම්ව දැකලා.. ඒ උනාට ග්‍රැනී කෑ ගහපු පාර බාම් ටක් ගාලා ජන්කුක්ගේ ඉස්සරහට ආවේ ජන්කුක්ව ආරක්ශා කරන්න වගේ....

"ඇයි ඇයි මොකද කෑ ගහන්නේ..."

බාගෙට ගලවපු ශර්ට් එකේ බොත්තම් පිටින්ම ටේහ්‍යොන්ග් දුවන් ආවම ග්‍රැනී ටේහ්‍යොන්ග් දිහා බැලුවේ ඇහි බැම අකුලන්..

"ඔහ්.. බාම් මොකද මේ...."

දත් සෙට් එකත් එලියේ දාන් විලිස්සන් ඉන්න බාම්ගෙන් ටේහ්‍යොන්ග් අහන්කොට බාම් ටේහ්‍යොන්ග්ටත් විරිත්තුවේ ටේහ්‍යොන්ග් දික් කරපු අත අකුලගන්නකොට....

"කෝ බාම් පැටියෝ.. එන්නකෝ අපි යමු... "

ජන්කුක් බාම්ගේ ඔලුව අතගෑවම බාම් නැට්ට වනාගෙම ජන්කුක්ගේ කකුලේ හොම්බ ඇතිල්ලුවේ ටේහ්‍යොන්ග් කන්ෆියුස් විදියට ග්‍රැනී දිහා බලනකොට..

"යකෝ.. මමනේ එක්කන් ආවේ... මොකද උබ මට විරිත්තන්නේ අහ්..."

"බොරුවට කෑ ගහන්න එපා හ්‍යුන්ග්.. දැන් වොශ් එකක් දාන්ද ඔය ආවේ... "

ග්‍රැනී ඉන්නවා කියලත් අමතක කරලා ඇහි බැමකුත් උස්සලා එහෙම ඇහුව ජන්කුක් ගනන් ගන් නැතුව කිචන් එක පැත්තට ඇවිදන් යනකොට බාමුත් ටේහ්‍යොන්ග් දිහා බලලා නැට්ටත් උස්සන් ගියේ ටේහ්‍යොන්ග් පුහ් ගාලා සද්දයක් කටින් දානකොට..

"යනවා යනවා ගිහින් නා ගන්නවා.. ගද ගහ ගහ ඉන්නෙ නැතුවේ... අර ලමයගේ අයිතිකාරයෝ ඔක්කොම එකයි.. බැලුවොත් පුප්පගත්තගමන්මයි..."

ග්‍රැනී එහෙම කියන ගමන් ගවුම අතින් ගස්සන් ගියේ ටේහ්‍යොන්ග්ට රවන ගමනුයි..

"ඇ..ඇයි මට රවන්නෙ මන් මොනා කරාටද... ආආහ්... ග්‍රැනී ඔයා මටද පුප්පුඅනවා කිව්වේඒඒ....."

"දෙන්නටම තමයි.... යනවා කෑ නොගහා..."

ග්‍රැනී ඈත ඉදන් කෑ ගහනකොට ටේහ්‍යොන්ග් කිචන් එක පැත්තට ඔරවන ගමන් කාමරේට ඇවිදන් ගියා...

ටික්කින් ටේහ්‍යොන්ග් වොශ් එකක් දාන් ඇදුම් මාරු කරන් ආයෙත් කිචන් එකට එනකොට ජන්කුක් ඉන්නවා කිචන් කවුන්ටර් එක පැත්තට හැරිලා.. බාම් එතනම බිමින් තියපු භාජනේ ඇතුලේ තිබ්බ කෑම කනවා....

ටේහ්‍යොන්ග් ටීශට් එකේ අත් දෙක උඩට රෝල් කරන ගමන් ෆ්‍රිජ් එක ඇරියෙ ජන්කුක් ඒ සද්දෙට හැරිලා බලනකොට...

"ඇයි හ්‍යුන්ග්.. බඩගිනියිද.. මන් ඉක්මන්ට මොනවා හරි හදන්නම් එතකන් මේක බොන්න..."

අතේ තිබ්බ මග් එක ටේහ්‍යොන්ග් ගාවට අරන් එන ගමන් ජන්කුක් කිව්වත් ටේහ්‍යොන්ග් කරේ මග් එකත් එක්කම ජන්කුක්ව පස්සෙන් පස්සට එක්කන් ආපු එක...ඒ කරලා ජන්කුක් කිචන් කවුන්ටර් එකේ හේත්තු උනාම ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සලා කවුන්ටර් එක උඩින් ඉන්දෙව්වේ ජන්කුක් මේ මොකද කියලා බලන් ඉන්නකොට...

ඒ කරලත් නතර නොවී ජන්කුක් අතේ තියෙද්දිම මග් එකෙන් උගුරක් බිව්ව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නහයේ නහය ගෑවෙව්වෙ ජන්කුක්ගේ බෝල ඇස් තවත් බෝල වෙනකොට....

ඊලගට ආයෙත් ෆ්‍රිජ් එක ගාවට ගිහින් ඒකෙන් සුදු පාට විනිවිද පේන බාස්කට් බාස්කට් එලියට ගත්තේ ජන්කුක් කටත් ඇරන් බලන් ඉන්නකොට... කැරට් ලීක්ස්, ලූනු අරවා මේවත් එක්ක ව්‍රැප් කරපු මස් පෙතිත් එලියට අරන් ටේහ්‍යොන්ග් හිනා වෙලා බැලුවා..

"ඔයාට එලියට යන්න බැරි හින්දා හැමෝටම ගන්න පුලුවන් විදියට ඩිනර් රෙඩි කරමු... මන් එලියේ ටේබල් ඇරේන්ජ් කරන්නම්..."

ටේහ්‍යොන්ග් එහෙම කිව්වම ජන්කුක් අත් දෙකෙන්ම මග් එක මිරිකගත්තා... ඒ කිව්ව වචන කීපයට මේ වගේ දෙයක්නම් ජන්කුක් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ... ඇත්ත ජන්කුක්ට ඕන උනා එයාව නිතරම හිනස්සන, ඒන්දල් ඒන්දල් ගගා පස්සෙන් එන පොඩ්ඩො ටිකවත් එකතු කරන් මෙහෙම දෙයක් කරන්න... ඒ උනාට ඒකට හයියක් ජන්කුක්ට නැහැනේ... දෙන දේට අමතරව තවත් දේවල් ජන්කුක් කවදාවත් ඉල්ලුවේ නෑ.. ඒත් ටේහ්‍යොන්ග් මෙහෙම තමන්ව තේරුම් ගන්නකොට ජන්කුක්ට ඇත්තටම හරි අමුතු හැගීමක් හදවතට දැනුනා...

"හ..හයුන්ග්..."

"ශ්..ශ්.. අඩන්න නම් තියාගන්න එපා.. මම ඉව්වොත් මේකෙ ඔක්කොටම හෙට කොමඩ් එකට වෙලා ඉන්න වෙයි.. ඒ හින්දා මට උදව් කරන්න... ම්ම්...."

ජන්කුක් කැමැත්තෙන්ම හා කියලා පහලට බහින්න හැදුවේ.. ඒ උනාට බෑනේ... ඉතින් ටේහ්‍යොන්ග්ම ජන්කුක්ව උස්සලා බිමින් තිබ්බා....

අන්තිමට ටේහ්‍යොන්ග් අර ජන්කුක්ගේ රස තේ එක බොන ගමන් ජන්කුක්ගේ පස්සෙ කැරකෙනකොට ජන්කුක් හරි හරියට උයන්න පටන් ගත්තා.. කොහොමත් කිචන් එකේ වැඩ ජන්කුක්ට අරුමයක් නෙවෙයි.. ඉතින් ජන්කුක් සට පට ගාලා වේගෙන් එලවලු කපන දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ කටත් ඕ හැඩේ කරන්.. මේඩ්ලා ටික කිචන් එකේ දොර ගාවට වෙලා කිචි බිචි ගානවා නම් ටේහ්‍යොන්ග් දැක්කේ නෑ.. මොකද පොඩි බේබි කවදාවත් නැතුව කිචන් එකේනේ..මේ කිචන් එක්කට බැස්සමයිනේ ටේහ්‍යොන්ග්....අර බාමුත් ජන්කුක් ගාවටම වෙලා හොම්බ දික් කර කර හිටියේ ටේහ්‍යොන්ගේ රැවුම් ගෙරවුන් මැද්දේ..

හරි සතුටෙන් ගෙනත් දුන්නත් මොකද මේ යස්ස බල්ල ජන්කුක්ව හම්බුනා විතරයි ජන්කුක්ව අයිති කරන් ටේහ්‍යොන්ග්ටත් ඔරවන්න පටන් අරන්....

අන්තිමට කිචන් එකේ වැඩ කරන අයත් ඇවිත් ජන්කුක්ට උදව් කරන්කොට ටේහ්‍යොන්ග් එලියට ආවා... කොල පාට තණ වත්තේ අර පොඩ්ඩන්ගේ බිල්ඩින් එකේ තියන කොටු කොටු මේස ගෙනත් දිගට තියලා ලොකු මේසයක් කරේ වත්තේ වැඩ කරන අයගෙත් උදව්වෙන්..

ඊට පස්සේ චූටි කහ පාට බල්බ් වැල් ටික්කුත් ගස් වල එහාට මෙහා අමුනලා අර මේස උඩින් යැව්වේ එතන කලුවර අහසේ වෙනමම වයිබ් එකක් මවලා..

අද පොඩ්ඩෝ ටිකට හරි සතුටුයි.. එයාලගේ ඒන්ජල් එයාලට කෑම හදන හින්දා අද කට්ටියට කලින් නිදියන්න ඕන උනේ නෑ.. කහ පාට චූටි බල්බ් වලින් එලිය උනු වත්ත පුරාම පුන්චි පුන්චි පොඩ්ඩගේ හිනා කතා වලින් පිරිලා තිබ්බේ කාටවත්ම පාලුවක් ඇති නොවෙනකොට... විශේෂයෙන්ම ටේහ්‍යොන්ග්ට, මොකද ටේහ්‍යොන්ග්ට මෙහෙම ඒවා හුරු නෑනේ.. ඒත් අද ඒ දේ කමක් නැති උනා..

ජන්කුක් ලොකු කෑම භාජන එලියට අරන් එනකොට හැමෝම ඒකට උදව් උනා... පුන්චි පොඩ්ඩෝ තියලා තිබ්බ පොඩි පුටු වල වාඩි වෙලා හිටියේ හරි ආසාවෙන් .. එයාලට මේ ඔක්කොම අලුත්නේ...

රවුම් වයින් ග්ලාස් හැමෝම ගාව තියනකොට පොඩ්ඩො ගාව ඊට වෙනස් ග්ලාස් තිබුනා... ලොකු අයට වයින් දානකොට පොඩි අයටයි ජන්කුක්ටයි හම්බුනේ ෆෘට් ජූස්...

"අපේ ඒන්දල්..."

චියර්ස් කරන්න කලින් පොඩ්ඩො ටික කෑ ගැහුවේ එහෙමයි.. අන්තිමට හැමෝම අර රස ඩිනර් එක ගන්නකොට මේසේ මුලම වාඩි වෙලා හිටිය ටේහ්‍යොන්ග් ඊට එහා පැත්තෙන් හිටපු ජන්කුක්, එතකොට අනිත් කොනේ හිටපු ග්‍රැනී කවදාවත් නැතුව මේඩ්ලත් එතන හිටියා...

ගොඩ කාලෙකින්, ඒ වගේම ජන්කුක්ගේ පලවෙනි වතාවට මෙහෙම කෑම වේලක් ගන්නවා... ටේහ්‍යොන්ග් ගොඩ කාලෙකින් කෑමක් අතරතුර හිනා උනා...

පොඩ්ඩො කෑම ගන්නකොට නිශ්ශබ්ද උනත් හැමෝටම ඇහෙන්න ග්‍රැනීගේ පරන ග්‍රැමර්ෆෝන් එක දානකොට ආයෙත් කට්ටිය කිකි බිචි ගාන්න ගත්තත්.. බාම් නම් මුලු වෙලාවම මේසෙ යටට වෙලා ජන්කුක්ගේ ඔඩොක්කෙන් හොම්බ තියන් හිටියා..

මේ ඔක්කොම දිහා ග්‍රැනී බලන් හිටියේ හරි සතුටෙන්.. මතක් ඇති කාලෙක තමන්ගේ මේ පරන ලොකු ගෙදර මෙහෙම පිරුනු ගතියක් දැනුනේ නෑ.. මේ වගේ රෑ වෙනකන් වත්තේ ඉදන් මෙහෙම සතුටු වෙලා නෑ.. ටේහ්‍යොන්ගේ දිලිසෙන ඇස් එක්ක ආදරේ පිරුනු හිනාව දැක්කේ නෑ... ඉතින් මේවට සතුටු නොවෙන්නෙ කොහොමද.. ඒ ඔක්කොම එයා හින්දම තමයි.. ඒ පොඩ්ඩෝ කියන්න වගේ ඒන්ජල් හින්දා...

"අද සතුටුයිද මගේ කූට..."

ඔක්කොම ඉවර වෙලා පරක්කු නොවී පොඩ්ඩන්ව ඇදට යැව්වම ඔක්කොම ඉවර උනා... ඉතින් ජන්කුක් කාමරේට ඇවිත් වොශ් එකක් දාගන ලොකු පිජාම සූට් එක්කුත් ඇද ගත්තා... ලාවට තෙමුනු කොන්ඩේ පොඩ්ඩක් පිහින ගමන් හිටිය ජන්කුක්ව පිටිපස්සෙන් බදාගන්න ගමන් කාමරේට ආව ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක් හැරිලා ටේහ්‍යොන්ගේ පපුවෙන් ඔලුව තියාගන්නකොට...

දැන් තමයි වෙලාව ජන්කුක්ගේ හිතේ උතුරන ඒ හැගීම් වලට එලියට එන්න දෙන්න...

"කූ..අහ්.. ඇයි මේ..."

"මුකුත් නෑ..."

"සතුටු නැද්ද.. ඔන්න පොඩ්ඩෝ ටිකත් එක්කම ඩිනර් එක ගත්තා..."

"ම්ම්ම්...."

"අයිගෝ.. බබෙක් වගේනේ.. මමා බබෙක් උනාම කෝමද මගේ චන්ඩියා බබෙක් වෙන්නේ..."

තමන්ගේ පපුවේ ඔලුව ගහන් ඉන්න ජන්කුක්ගේ පිට අතගාන ගමන් ඒ යටින්ම අත දාලා බඩත් අත ගාලා එහෙම කිව්වම ජන්කුක් ටේහ්‍යොන්ගේ ශර්ට් එක හපාගත්තා...

"යෝ... මොකද මේ පුන්චි බබෙක් වෙලා..."

"ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයිද..."

ටේහ්‍යොන්ග් ජන්කුක් හිනස්සන්න මොනවා කීවත් කරත් ටේහ්‍යොන්ග් ආපු වෙලේ ඉදන් වෙන කල්පනාවක ඉන්නවා කියලා ජන්කුක්ට තේරුනා.. කලිනුත් ඇහුවත් මුකුත් කීවේ නැති ටේහ්‍යොන්ග් දැනුත් මුකුත් නොකියා ජන්කුක්ගේ ඔලුව අතගෑවා...

"ඉන්නකෝ මන් ඇදුම් මාරු කරගන්න.. මට දාඩියයි..."

ඒත් ජන්කුක් නෙවෙයි ටේහ්‍යොන්ග් ගාවින් අයින් උනේ..

"කෝ.. එහාට වෙන්න..."

"............"

"මොකද මේ හුරතල් වෙන්නෙ..."

"................"

"කූ......

ඉතුරු ටික කියන්න හම්බුන් නෑ ටේහ්‍යොන්ගේ පපුවට තොල් තිබ්බ ජන්කුක් එතන සිපගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඈත් කරා... ඇත්තටම ජන්කුක්ට ආස හිතුනා ටේහ්‍යොන්ග් ගාව ඉන්න.. ඒ පිරිමි අත් ඇතුලේ මදි නොකියන්න ජන්කුක්ට ඉඩ තිබ්බා... මදි නොකියන්න සෙනහස පිරිලා තිබ්බා, ටේහ්‍යොන්ග් ප්‍රශ්නෙක ඉන්නකොට ඉස්සර නම් තරහ ගිහින් ජන්කුක්ව යට කරගත්තත් ආයෙත් ටේහ්‍යොන්ග් කිසිම වැරදි විදියකට ජන්කුක්ගේ ඇගට අත තිබ්බෙ නෑ... මේ වෙලාවේ ටේහ්‍යොන්ග් ටිකක් මත් වෙලා හිටියත් ටේහ්‍යොන්ග් සිහියෙන් හිටියා.. ඒ වත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව එහෙම ඇල්ලුවේ නෑ...

ඉතින් මේකම නෙවෙයිද ආරක්ෂාව.. මේකම නෙවෙයිද ජන්කුක් බලාපොරොත්තු උන දේ... තවත් පරක්කු නොවී ටේහ්‍යොන්ගේ කම්මුලක් අතකින් අල්ලන් ජන්කුක් ටේහ්‍යොන්ගේ තොල් කොනකට සිපුමක් තිබ්බේ ටේහ්‍යොන්ගේ ඇස් ලොකු වෙලා යනකොට..

මොකද මෙච්චරකල් ටේහ්‍යොන්ගේ තොල් මුලින් ඇවිත් පැටලුනා මිසක් ජන්කුක් ඉස්සර උනේ නෑ.. ඒත් අද ජන්කුක්ගේ ඇස් වල හැගීම් පිරිලා තිබා.. ඒ වගේම හරි ආදරනීය විදියට ජන්කුක් ඉස්සර උනා...

"කූ..."

"ම්ම්..."

ජන්කුක්ගේ ඇස් දිහාම බලන් ටේහ්‍යොන්ගේ කූ කියනකොට ඒ ඇස්ම අඩවන් විදියට වහන් ජන්කුක් ම්ම් ගාලා මිමිනුවේ ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇගට ලාවට තද කරගන්න ගමන් ඇද උඩින් වාඩි වෙනකොට...

.





.





.






.





.





.





.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀


Love you... <3

Thanks for reading♥️

To be Continued...

2023/09/27

Bạn đang đọc truyện trên: AzTruyen.Top