|28|

"ඔහොම ඉන්න.. කොහෙද දුවන්නේ.. කවුද නපුරු අන්කල් ..."

දුවන්න ගිය පොඩ්ඩෙක්ගේ අතකින් අල්ලන් ජන්කුක් අහනකොට පොඩ්ඩ ඇස් දෙක බෝල කරා...

"අල කලු පාතම ඇදන් මෙහෙ ලොකු බූම් එක්කින් එන අන්තල්..."

ඒ කියපු තාලෙන්ම කිව්වෙ ටේහ්‍යොන්ග් ගැන කියලා තේරෙනකොට ජන්කුක්ට හිනා ගියා... ටේහ්‍යොන්ග් ගැන මෙහෙම පිට කෙනෙක්ගෙන් අහනවමයිනේ ජන්කුක් මේ...

"ඉතින්.. ඇයි ඒ අන්කල් නපුරු මැනික..."

චූටි පොඩ්ඩව උස්සලා ඔඩොක්කෙන් තියන් ජන්කුක් ඇහුවේ පොඩ්ඩා හොදට හරිබරි ගැහිලා ජන්කුක්ගේ බඩටත් එක්ක හේත්තුවක් දාගන්නකොට....

"අන්තල් ආවොත් අපිත සැල කලලා තමයි යන්නේ... ලොකු මැඩම්ට විතලයි බය නපුලු අන්තල්...."

ජන්කුක් එක්ක හරි හරියට වග විස්තර කියන පොඩ්ඩා දිහායි ජන්කුක් දිහායි ටේහ්‍යොන්ග් දොර ගාවට වෙලාව බලන් හිටියා.. හරිම ලස්සන රූපයක්.. කවදා හරි තමන් ගෙදරට එනකොට දකින්න ආසම රූපයක් ඒ විදියට ටේහ්‍යොන්ග් කලින්ම දැක්කා...

"කෝ කවුරුත් නැද්ද..."

ටිකක් කට හඩ ගැබුරු කරලා ටේහ්‍යොන්ග් උගුරත් පාදනකොට පොඩ්ඩා හැදුවෙම ජන්කුක්ගේ ඔඩොක්කෙන් පැනලා යන්න.. ඒත් ජන්කුක් අත් දෙකෙන්ම පොඩ්ඩව අල්ලන හිටියේ ටේහ්‍යොන්ග් දිහා බලන්...

"අහ්.. මේ මොකද මේ... පුටු නැද්ද මේ පොඩි ලමයින්ට ඉදගන්න.. ඔහොම උඩ ඉදගත්තම උඩ යනවා ලමයි..."

ජන්කුක් ගාවට ඇවිත් පොඩ්ඩගේ මූනටම පාත් වෙලා ටේහ්‍යොන්ග් උගුර යටින් කියනකොට පොඩ්ඩා බයටම ජන්කුක්ගේ පපුවටම ඇලිලා හිටියේ ඇස් දෙකත් පුලුවන් තරම් ලොකු කරගෙන..

"ඉහ්..ඉහ්...."

හරි පටන් ගත්තා අඩන්න.. ටේහ්‍යොන්ග් විදුලි වේගෙන් ඔලුව ගත්තේ පොඩ්ඩා ඇස් දෙකම අතින් පොඩි කරන් අඩන්න පටන් ගත්තු හින්දා..

"අනේ.. චූටි මැනික කෝ බලන්න... අන්කල් විහිලුවටනේ කිව්වේ.. කෝ කෝ බලන්න...."

ජන්කුක් අඩන පොඩ්ඩව පපුවට තුරුල් කරගන්න ගමන් ටේහ්‍යොන්ග්ට හොද පාරක් රැව්වෙ ටේහ්‍යොන්ග් එක අතකින් ඔලුවත් කහ ගන්නකොට...

"සීහු...කොහෙද....අහ් මේ ඉන්නේ.. අනේ මෙයා කරදර කරාද ඇයි මේ අඩන්නේ..."

එතකොට පුන්චි පොඩ්ඩෝ ටිකව බලාගන්න ගෑනු කෙනා ජන්කුක් ගාව හිටපු පොඩ්ඩව හොයන් ආවෙ ඒ සද්දේ ඇහිච්ච ගමන් සීහු තව ටිකක් හයියෙන් අඩන්න පටන් ගන්නකොට...

"අනේ සමාවෙන්න පොඩි බේබි... කෝ සීහු අපි යන්.. අනිත් අයත් බලන් ඉන්න අද චිත්‍ර අදින්න කෝ.."

සීහුව වඩාගෙන ටේහ්‍යොන්ග්ට සමාවෙන්න කියලා ඔලුව නවලා ආචාර කරන ගමන් එතනින් ගියාම ජන්කුක් හිටපු විදියටම ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලට රැව්වෙ කේන්තියෙන්..

"බලන්නකෝ.. අර පොඩ්ඩව ඇඩෙව්වනේ... "

"විහිලුවටනේ කූ..."

අර ගෑනු කෙනා එතනින් ගිය ගමන් පිටිපස්සට බැදන් හිටපු අත් දෙක බිමට දාන ගමන් ජන්කුක් ගාවට ලන් උන ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත් දෙකෙන්ම තුරුල් කරගත්තා...

ඒ ලොකු පපුවටම ටේහ්‍යොන්ග් ජන්කුක්ව තුරුල් කරගෙන ඔලුව උඩින් හාදුවක් තිබ්බේ කොන්ඩෙන් එන සුවදත් බලන ගමනුයි...

"පරිස්සමට හිටියා නේද.. කූ කෑවද...ම්ම්.."

ටේහ්‍යොන්ග් හිමින් මුමුනලා ඇහුවම ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවෙන් හොද හුස්මක් ගත්තා...

"මන් හෙව්වා..."

ජන්කුක් එච්චරමයි කිව්වේ ටේහ්‍යොන්ග් හරි ලස්සනට හිනා වෙලා ජන්කුක්ගේ ඔලුව අතගෑවා...

"මන් දැන් ආවනේ..."

ඇත්ත තමයි ටේහ්‍යොන්ග් මේ වෙනකොට ඇවිත් කියන්නේ ගොඩාක් කලින්...

"ඔය දෙන්න ඕක රූම් එක්කට ගිහින් කරගත්තොත් හොද නැද්ද..."

ග්‍රැනීගේ කටහඩ පිටිපස්සෙන් ඇහෙනකොට ජන්කුක්නම් අකුනක් වැදුනා වගේ එහාට වෙන්න හැදුවත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව අල්ලගත්තේ ඈත් වෙන්න දෙන් නැතුව...

"වදයක් නොවී යන්නකෝ ග්‍රැනී... මන් ආවා විතරයි.."

"ඔව්..ඔව් .. දැන් මන් වදේ ,මට කියනවා මෙච්චර කලින් එන්න තමුන් මේ පාර ඩෑඩ්ට කිව්ව බොරුව මොකක්ද කියලා.. දෙයියනේ කියලා ඊලගට එන කෝල් ටිකට මන් උත්තර දෙන්න ඕනනේ.."

ග්‍රැනී ඒ කියපු විදියටනම් දෙන්නටම හිනා ගියා... මේක නිකන් හරියට හයි ස්කූල් යන කපල් එකක් ගෙදරට හොරෙන් ලව් කරනවා වගේ.. ඒ උනාට මෙතන ග්‍රැනී ෆුල් සපෝට් එක දෙනකොට ටේහ්‍යොන්ග් ග්‍රැනීව ගනන්වත් ගන්නෙ නැතුව ජන්කුක්වත් ඇදගෙන කාමරේට ආවේ ග්‍රැනීට ගිහින් අර පොඩි ලමයි ටිකත් එක්ක සෙල්ලම් කරන්න කියන ගමනුයි... අතේ තියන දේකින් පාරක් වදින්න කලින් ඉක්මනට දොරත් වහන්න ටේහ්‍යොන්ග් අමතක කරෙත් නෑ...

"ග්‍රැනී මුකුත් කිව්වෙ නෑ නේද.."

අන්තිමට නිදහසේ ජන්කුක් එක්ක ඇද උඩින් ඉදගන්න ගමන් ටේහ්‍යොන්ග් එහෙම ඇහුවම ජන්කුක් ඔලුව හොලවලා නෑ කිව්වා...

"ඔයා මගේ වයසක ග්‍රැනීව දැලේ දාගෙන.. මෙච්චර ඉක්මනට ග්‍රැනී සෙට්ල් උනාමයි මේ...."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ලොකු ඈනුමක් ඇරියා..

"හ්‍යුන්ග් කෑවද..."

"මොන කෑමද.. මන් දිගටම වැඩ... ඩෑඩ් නැති අතරේ දැනුත් පැන ගත්තේ,, මට පට්ට නිදිමතයි මහන්සියි..."

ටේහ්‍යොන්ගේ රතු වෙලා තිබ්බ ඇස් වල මහන්සිය බේරෙනවා...

"හයුන්ග් වොශ් එකක් දාගන්න.. මන් මොනවා හරි කන්න අරන් එන්නම්..."

"අනේ මන් නිදාගන්නවා මෙහෙම...."

එහෙම කියලා ටේහ්‍යොන්ග් එහෙමම ඇදේ පතබෑවෙන්න හැදුවත් අන්තිමට ටේහ්‍යොන්ග්ට උනේ ඔලුව උඩට වැටුනු ටවල් එකත් අරන් බාත් රූම් එකට යන්නයි...

ජන්කුක් ටික්කින් කෑම පිගානකුත් එක්ක කිරි එක්කුත් අරන් ආයෙත් කාමරේට ආවා... මගම ගලව ගලව ගිහින් තිබුනු ටේහ්‍යොන්ගේ ඇදුම් ටිකත් එකතු කරන් බින් එකට දාපු ජන්කුක් ටේහ්‍යොන්ගේ සපත්තු දෙකත් අරන් තියලා ජග් එකෙන් වතුර එකක් වීදුරුවට පිරෙව්වා...

මේසෙ පැත්තට හැරිලා වතුර එක පුරවලා වීදුරුව තිබ්බම ජන්කුක් ගැස්සිලා ගියේ තමන්ගේ ඇග වටේ සීතල අත දෙකක් එතේනවා දැනෙනකොට.. බලන්න දෙයක් නෑ ආපු සුවදත් එක්ක ඒ ටේහ්‍යොන්ග් කියලා ජන්කුක්ට අදුරගන්න අමාරු නෑනේ...

"අද මොකද මගේ චන්ඩියා කරේ.. ඩඩා නැතුව පාලු හිතුනද..."

ඇදන් හිටපු ලොකු ශර්ට් එක යටින් නිරුවත් බඩ උඩ ටේහ්‍යොන්ගේ සීතල ඇගිලි එහෙ මෙහෙ යනකොට ජන්කුක් එහෙමම පිටිපස්සට හේත්තු උනා.. ඒක මාරම සනීපයි ටේහ්‍යොන්ගේ අත් අතර කවදත් හයියයි.. ඕනම වෙලාවක ජන්කුක්ගේ බර දරාගන්න තරම්... ටේහ්‍යොන්ගේ සීතල හුස්ම බෙල්ලෙ පිටිපස්සෙන් කම්මුලට වදිනකොට , අර ඇගිලි වලින් බඩ අතගෑවෙන හැගීම ජන්කුක් හරි ආසාවෙන් විදගත්තා... ඒ ස්පර්ශ වල රාගය තිබ්බේ නෑ, ජන්කුක්ට හිතාගන්න බෑ මනුස්සයෙන් වෙනස් වෙන ඉක්මනට...

පුලුවන් තරම් තමන්ගේ ඇගට වහ වැටිලා , ඒ ඇග තලලා දාලා දාලා අන්තිමට ඒ ඇගම කිසිම රාගයක් නැතුව ආදරෙන් ස්පර්ශ කරන තැනට එනකන් දේවල් වෙනස් උන විදිය ඇත්තටම පුදුමයි.. ඒක තමයි හැගීම කියන්නේ.. ඒක තමයි ආදරේ එක හැගීමක් වෙන්නේ.. මොන තරම් වැරදි තිබුනත් ආදරේ කරන්න ලගින් රැදෙන්න එක හේතුවක් හොයාගන්න එක තමයි ආදරේ කියන්නේ...

ඉතින් මෙතනත් අරෙහෙ මෙහෙ පැටලුන දෙන්නගේ සම්බන්දේ කෙලවර උනේ ආදරේකින්... හරියට මොන තරම් පැටලුනත් නූල් බෝලේ දෙපැත්තේ කොනවල් දෙක තියනවා වගේ....

ඒක දුක් විදීමක් හැබැයි තාමත් මග.. කවදා කොහොම මොන විදියට ඉවර වෙයිද දන්නෙ නැති කතාවේ එක පැටලුමක් මේක... ඉතින් ඒ පැටලුමේ දෙන්න දෙන්නට ආදරෙන් ඉන්නවා.. කැමැත්තෙන් ඉන්නවා...

මේක තමයි ඕන , ඕනම වෙලාවෙදි දැනෙන්නයි ඕන... ඉතින් ජන්කුක්ට මේ ටේහ්‍යොන්ගේ දරන්න බැරි තරම් හැගීම ආදරේ දැනෙනවා... මොන දේවල් අතර උනත් ඒ අත් අතර තමන්ට ආරක්ෂාවක් දැනෙනවා... අම්ම කෙනෙක්ට වැඩියෙන්ම දැනෙන්නේ තමන්ගෙයි පැටියගෙයි ආදරේ රැදුනු තැන.. ඉතින් ඒ වගේ ජන්කුකුත් ටේහ්‍යොන්ග් ගාවට බැදිලා තිබ්බා...

"ඩෝං......!"

"අහ්.."

"ජන්කුක්..ජන්කුක්.. මොකක්ද උනේ.. ජන්කුක් කතා කරන්න..."

එක පාරටම පාර පැත්තෙන් ලොකු සද්දයක් ඇහෙනකොට ජන්කුක් අත් දෙකෙන්ම කන් දෙක වහගන්න ගමන් පාත් උනා... ජන්කුක්ට සිහිය තිබුනා.. ඒත් ජන්කුක්ගේ වැහුනු ඇස් දෙක ඇතුලේ හරි වේගෙන් ඇස් බෝල එහෙ මෙහෙ ගියා...

ඒ විදියට ජන්කුක්ව කඩන් වැටුනාම ටේහ්‍යොන්ග් පුදුම තරම් බය උනා... ඉක්මනට ජන්කුක්ව අත් දෙකටම ගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදෙන් දිගා කරේ ජන්කුක්ව අල්ලගන්න ගමන්.. ඒත් ජන්කුක් තාමත් තමන්ගේ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන... හයියෙන් හුස්ම ගන්න ජන්කුක්ගේ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා..

"එ..එපා..එපා... අහ්..අනේ.. ඔම්මා... එපා.. ඔම්මා..අනේ ඔම්මා.... මගේ ඔම්මා....."

ජන්කුක් හයියෙන් කන් දෙකම වහන් කෑ ගහනකොට ටේහ්‍යොන්ග්ට මොකද කරන්නෙ හිතාගන්න බැරුව ගියා..

මොකක්ද ඒ සද්දේ..

"ග්‍රැනී.. ග්‍රැනී.. කෝ කවුරුත් නැද්ද.. අනේ එන්නකෝ... මගේ කූට අමාරුයි.. ග්‍රැනී..."

ජීවිත කාලෙම තනියම හිටිය ටේහයොන්ග් කොහොම දැනගන්නද මේ වෙලාවට මොකක්ද කරන්නෙ කියලා. තාමත් බාත් රූම් එකේ ඉදන් එලියට ආපු විදියටම ටේහ්‍යොන්ග් ටවල් එක පිටින් .. ටේහ්‍යොන්ග් ඇස් දෙක රතු වෙලා ඒ ඇස් දිලිසෙනවා... ග්‍රැන්ඩ් මා කාමරේට ආවේ මේඩ් කෙනෙකුත් ඒ පස්සෙන්ම කාමරේට එනකොට..

"කෝ.. අහකට වෙන්න.. ටේහ්‍යොන්ග් මොකද වෙලා තියෙන්නේ මේ දරුවට..."

"අනේ ග්‍රැනී.. මොකද වෙලා තියෙන්නේ..."

"ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න..."

ග්‍රැනී එහෙම කියලා කෑ ගහනකොට මේඩ් කාමරෙන් එලියට ගියේ ග්‍රැනී ඇදෙන් වාඩි වෙනකොට...

"කෝ.. මේ බොත්තම් දෙක ගලවන්න... මන් හිතන්නෙ සිහිය නැතිවෙලා.. මොනවද ටේහ්‍යොන්ග් තමුන් කරේ මේ ලමයා මෙහෙම බය වෙන්න තරම් .."

නපුරු විදියට ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලට බලල ජන්කුක්ගේ ඇදුමේ බොත්තම් ලිහිල් කරලා මූන පිස්සේ ජන්කුක් කිසිම හැලහොල්මනක් නැතුව ඉන්නකොට...

ඒත් ටේහ්‍යොන්ග් බය වෙලා ජන්කුක් දිහා බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව...

"මො..මොකක්ද ඒ ඇහුන සද්දේ... ඒකට තමයි කූ බය උනේ..."

"මාත් ඒක බලන්න ගිහින් තමයි පරක්කු උනේ.. ට්‍රක් එක්ක ටයර් එකක් පුපුරලා... ඒකයි ඒ ලොකු සද්දයක් ආවේ... ඒත් ඇයි ජන්කුක් ඒකට බය උනේ.."

"මන් දන් නෑ දෙයියනේ.. මොකක්ද මගේ කූට වෙලා තියෙන්නේ.. මොනවා හරි කරන්න ග්‍රැනී.. "

"ටේහ්‍යොන්ග් ඉස්සල්ලම කලබල නොවී ඇදුමක් ඇද ගන්න.. බලන්න ඔයා තාම ටවල් එක පිටින්.. දැන් ඩොකටර් එයි එයා මේ ලග ඉන්නේ..."

ඒ කියනකොටම ඉස්සරහා දොරේ බෙල් එක වැදෙනකොට ටේහ්‍යොන්ග්ව කාමරේ ඉතුරු කරලා ග්‍රැනී එලියට ගියා....

ඩොක්ටර් ඇවිත් ජන්කුක්ට ප්‍රශ්නයක් නෑ කියලා ගියත් ටේහ්‍යොන්ග් ඇදෙන් වාඩි වෙලා හෙමි හෙමින් ජන්කුක්ගේ මූන අතගාන්න ගත්තේ කල්පනා කරන ගමන්...

"ඒ වගේ සද්දෙකට බය වෙලා සිහිය නැති වෙන්න තරම් ඔයාට මොකක්ද උනේ ජන්කුක්..."

ටේහ්‍යොන්ග් හෙමින් මූමුනන ගමන් ඇදෙන් නැගිට්ටා.. ජන්කුක්ට නින්ද යන්න බෙහෙත් දීලා තිබ්බා..

ජන්කුක් හදන් ආපු කෑම එක කිරි එක මේසෙ උඩම නිවිලා යනකොට ටේහ්‍යොන්ග් කාමරේ දොර වහන් ගමන් ජන්කුක් ගාවින්ම ඇල උනා..

හෙමින් හෙමින් ඒ කෙස් අතරින් ඇගිලි තුඩු යවන ගමන් ටේහ්‍යොන්ග්ටත් එහෙමම නින්ද යනකොට මහන්සියට දෙන්නටම නින්ද ගියේ ටිකෙන් ටික රෑ වෙනකොට....

ජන්කුක් ඇහැරුනා නින්දෙන්...

"ජන්කුක්..කොහොමද දැන් ඔයාට.. මුකුත් අමාරු තියනවද ...."

ඇදේ නැගිටලා ඉදන් ඉන්න ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් ඒ ඇස් ටේහ්‍යොන්ග් පැත්තට හැරෙව්වා..

"හ..හයුන්ග්.. ම..මගේ ඔ..ම්..මා.. ඔම්මා.. මැරුනා... එ..එයා....."

"ශ්..ශ්.. හැමදේම හරි..ඔහොම කලබල වෙන්න එපා.. ඒක ඔයාට හොද නෑ.."

ජන්කුකුගේ කම්මුල් පිහින ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ව තුරුල් කරගත්තේ කියන දේවල් නොතේරෙන හින්දයි... ජන්කුක් ලොකු හුස්මවල් පාතට දාන ගමන් ටේහ්‍යොන්ගේ පපුවට ඔලුව තියන හිටියේ කදුලු බිංදු බිංදු හෙමින් වැටෙනකොට..

ජන්කුක්ට අමතක දේවල් මතක් උනාද.......

.






.






.






.





.






.

***********************

___________________________Dark_Sunshiner 🤍🥀


🙃💝

Thanks for reading ♥️

To be Continued...

2023/09/22

Bạn đang đọc truyện trên: AzTruyen.Top