|27|
"එපා ..තෑ ගහන්න..ශ්.."
"උයා තිකක් එහාත වෙන්නතෝ මතත් බලල්ල...කෝ..."
"අනේ... ඒන්දල් ඇහැලෙයි.. කෑ ගහන්න එපා... "
හෙමීට හෙමීට මුමුනන සද්ද ටිකක් එක්ක ශ් ශ් ගාන සද්ද ඇහෙනකොට ජන්කුක් පියන් හිටපු ඇස් අමාරුවෙන් ඇරියා... නින්දෙන්ම බර වෙලා තිබ්බ ඇස් ඇරියම එක පාරට මුකුත් පේන් නැති වෙනකොට ජන්කුක් හෙමින් ඇස් පොඩි කරා...
"අයියෝ..අයියෝ..එයා ඇහැලුනා... දුවමු අපි..."
එක පාරටම පුන්චි අඩි ටිකක් ඈත් වෙනකොට ජන්කුක් සම්පූර්නයෙන්ම ඇස් දෙක ඇරියා.... මුලින්ම තමන්ගේ ඔලුවට උඩින් තියන සුදු පාට රේන්ද අල්ලපු වියන දිහා බැලුවේ පුදුමෙන්...
ටිකෙන් ටික ඊයේ උන දේවල් මතක් වෙනකොට ජන්කුක්ට හිනාවක් ආවේ ඉබේමයි...
මොකද ඊයේ ටේහ්‍යොන්ග් ග්‍රැනීගෙන් නොසෑහෙන්න ගුටිත් කාලා බැනුනුත් අහලා තමයි ඒ රන්ඩුව නතර උනේ.. ඒ ජන්කුක් හින්දා නෙවෙයි ටේහ්‍යොන්ග් අතුරුදන් වෙලා හිටියට..
ඒත් අන්තිමට ටේහ්‍යොන්ග් ඇත්තම හේතු ග්‍රැනී ඉස්සරහා දිගාරිනකොට ග්‍රැනීගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ... අඩුම ග්‍රැනී ජන්කුක් දිහා බැලුවේවත් නෑ.... ටේහ්‍යොන්ග් කියන ඔක්කොම නිශ්ශබ්දව අහන් හිටියා විතරයි..
අන්තිමට ජන්කුක්ට මතක තමන්ගේ ඇස් ලාවට සෝෆා එකේ ඉද්දිම පිය උනා විතරයි...
අන්තිමට ජන්කුක් මේ උදේ ඇහැරුනේ හරිම සුවපහසු කාමරේක... ඒකත් එහෙන් මෙහෙන් ඇහුන පුන්චි පුන්චි හඩවල් කීපෙකට... ඉතින් දැන් ජන්කුක් සම්පූර්නයෙන්ම නැගිටලා... ජන්කුක් කාමරේ තිබ්බ ඔරලෝසුව දිහා බැලුවා.. උදේ නමයත් පහු වෙලා කොහෙද ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හිතට ප්‍රශ්න ගලාගෙන ආවා...
තමන්ගේ ඇදුම් ලොකු සැහැල්ලු ශර්ට් එක්කට මාරු වෙලා තිබ්බෙ ජන්කුක්ට සහනයක් සලසලා දීලා...
ජන්කුක් හෙමින් ඒ ලොකු ඇදෙන් බැහැලා හිටගත්තා... ඉස්සර ටේහ්‍යොන්ගේ කාමරේ වගේම දිලිසෙන සීතල ලී පොලව... පරන ගෙදරක් කියලා බැලූ බැල්මට පේනකොට ඒක ග්‍රැනීගේ ගෙදර කියලා අදුරගන්න ජන්කුක්ට අමාරු උනේ නෑ... ජන්කුක් හෙමින් කාමරේ ජනෙල් ගාවට ඇවිදන් ගියා...
තුනී තිර රෙදි දෙපැත්තට ඇද්ද ජන්කුක්ට දකින්න හම්බුනේ හරිම ලස්සන දර්ශනයක්.. ඒක උදේ පාන්දර ඕනම කෙනෙක්ට දකින්න ප්‍රිය දර්ශනයක්... චූටි චූටි බබාලා ගොඩාක් ඉස්සරහා තන පිට්ටනිය පුරා සෙල්ලම් කරනවා....
සමහර අය ලොකූ ගස් යට ඉදගෙන මොන මොනවා හරි අදිනවා, තව කීප දෙනෙක් එහෙ මෙහෙ දුවනවා , තව කට්ටිය බිම ඉදන් ඉන්නවා ඒක මොන තරම් ලස්සනද.. ජන්කුක් ජනෙල් පියනුත් හෙමින් ඇරලා හොද හුස්මක් ගත්තා..
ජන්කුක්ට තමන් ඉන්න තැන, තත්වේ ප්‍රශ්න ඔක්කොම මොහොතකට අමතක උනා.. මෙච්චර කාලෙකට ජන්කුක්ට මේ තරම් හොද හැගීමක් දැනිලා තිබ්බේ නෑ...
"ක්හ්ම්..."
පිටිපස්සෙන් උගුරපාදන සද්දයක් ඇහෙනකොට අර පුන්චි ලමයින්ගේ හිනා සද්දේ ඇතුලේ ගිලිලා හිටපු ජන්කුක් ගැස්සිලා ගියා ... ජන්කුක් දැක්කේ භාගෙට ඇරුනු දොර ඉස්සරහා අත් දෙකත් පිටිපස්සට බැදන් බලන් ඉන්න ග්‍රැනීව.. ජන්කුක් පුරුද්දටම අත් දෙක ඉස්සරහින් අල්ලගන්න ගමන් ඔලුව නවාගත්තා...
"මූන සෝදන් කන්න එන්න..."
එච්චරමයි කිව්වේ ජන්කුක් ඔලුව උස්සන්නත් කලින් ග්‍රැනී එතනින් ගියා...
ජන්කුක් බයටම අතේ ඇගිලි එකට මිරිකගත්තා.. කෝ..කොහෙද ටේහ්‍යොන්ග්.. ටේහ්‍යොන්ග් කොහෙද ජන්කුක්ව දාල ගිහින් තියෙන්නේ.. ජන්කුක් හතර වටේ ඔලුව හැරෙව්වම තමයි දැක්කේ කාමරේම ඇද ගාව තියන බෑග් එක.. ජන්කුක් බෑග් එක ඇරලා ඇදුම් දෙකක් අරගෙන කාමරේ ඇතුලෙම තිබ්බ බාත් රූම් එක ඇතුලට ගියා..
ඉක්මනට සෝදගත්තු ජන්කුක් ඇදුම් මාරු කරන් එලියට ආවෙ බඩටත් අත තියාගෙන.. හවස කෑවට පස්සේ ජන්කුක් මුකුත් කෑවේ නෑ.. ජන්කුක්ට පුදුම බඩගින්නක් දැනුනේ...
"මගේ චන්ඩියට බඩගිනිද.. මමාට සමාවෙන්න මැනික.. මමාට නින්ද ගියානේ ... අපි ඉක්මනට මොනා හරි කමු.."
හෙමින් මුමුන මුමුන ජන්කුක් කාමරෙන් එලියට එබුනා... ජන්කුක්ට කාමරේට ආපු විදියවත් මතක නෑ මොකද ජන්කුක්ට නින්ද ගියානෙ.. අනිවාරෙන් ටේහ්‍යොන්ග් තමයි ජන්කුක්ව ගෙනත් තියන්න ඇත්තේ...
ජන්කුක් හෙමින් හෙමින් කොරිඩෝව දිගේ ඇවිදන් ගියේ කාමරම කීපයක් පහු කරන ගමනුයි .. තනි තට්ටුවේ ගෙයක් උන ඒක පරන ලොකූ පරාසයක පැතිරිලා තිබ්බ එකක් උනා... අන්තිමට විසිත්ත කාමරේ කියන්න පුලුවන් තැනකට ආපු ජන්කුක් දැක්කේ ඉස්සරහා දොර ගාව හිටන් එලිය බලන් ඉන්න ග්‍රැනීව...
ජන්කුක් හිටපු තැනම ඔලුව නවාගෙන හිටියේ ග්‍රැනී හැරිලා බලනකොට.. කලු පාට දිග ගවුමක් ඇදලා හිටිය ග්‍රැනී එයාගේ සුදු පාට කොන්ඩේ උඩට කරලා බැදලා හිටියේ පාලිකාවක් වගේ... ඇත්තටම එහෙම තමයි එයා තමයි අර පුන්චි ලමයි ටික බලාගන්නේ.. අනාත උනු පුන්චි දරුවෝ ටික.. එයාලට ඉන්න තැන දීලා කන්න බොන්න දීලා බලාගන්නේ.. ඉතින් ග්‍රැනී ඒ විදියට හිටියේ....
"එන්න කෑම කන්න...."
ජන්කුක් ග්‍රැනී පිටිපස්සෙන් කෑම කාමරේට ආව...
"අපි මේ වෙනකොට උදේ කෑම අරන් ඉවරයි.. අනිත් දවසේ හත හමාර වෙනකොට උදේ කෑම මේසෙට එන්න ඕන තේරුනාද..."
ග්‍රැනී අන දෙනවා වගේ කියනකොට ජන්කුක් ඔලුව නැමුවා...
"ඔය ලමයට කතා කරන්න බැරිද..."
"පු..පුලුවන් මැඩම්..."
"ඉදගන්න ජන්කුක්... ඔයාට පුලුවන් දැන් මට මැඩම කියන එක නවත්තන්න, මොකද ඔයා ටේහ්‍යොන්ගේ නම් ඔයත් මගේ තමයි..."
එහෙම කියන ගමන් ග්‍රැනී ජන්කුක්ට පුටුවක් ඇදලා දුන්නම ජන්කුක්ගේ ඇස් දෙක පුලුවන් තරම් ලොකු උනා...
"කෝ.. පරිස්සමට ඉදගන්න.."
කලින් ග්‍රැනීගේ කටහඩේ තිබ්බ සීතල ගතිය වෙනුවට දැන් ඒක අඩු වෙලා තිබ්බා.. ජන්කුක්ව පරිස්සමට පුටුවෙන් ඉන්දපු ග්‍රැනී ජන්කුක්ට එහා පැත්තෙන්ම ඉදගෙන පිගානක් ජන්කුක් ගාවින් තිබ්බා...
"ඔයාට මොනාද කන්න පුලුවන්... මොනා කැමතිද දන්නෙ නැති හින්දා මන් කීපයක් හැදුවා... "
ජන්කුක්ගේ පිගානෙන් බැදපු බිත්තරයක් තියන ගමන් ග්‍රැනී පරිස්සමට ජන්කුක්ට කතා කරනකොට ජන්කුක් ගල් වෙලාම හිටියා...
ජන්කුක්ට දැන් ටේහ්‍යොන්ග්ව ඕන.. ජන්කුක් දන්නෙ ටේහ්‍යොන්ග්ව විතරයි.. ජන්කුක් ටේහ්‍යොන්ග් ඇරෙන්න අනිත් කාටත් බය උනා...
"හ..හ්‍යුන්ග් කො..කොහෙද මැඩම්..."
ජන්කුක් පුලුවන් තරම් හෙමින් අහනකොට ග්‍රැනී අතේ තිබ්බ හැන්ද පැත්තකින් තියලා ජන්කුක්ව උරහිස් වලින් අල්ලල තමන්ගේ පැත්තට හරවගත්තා...
"බයෙන්ද ඉන්නේ..."
"න්..නෑ මැඩම්..."
"මැඩම් ඕන් නෑ... ටේහ්‍යොන්ග් වගේම ග්‍රැනී කියන්න.. නැත්නම් ග්‍රෑන්ඩ්මා ඕන එකක්... ඔයත් දැන් මගේ දරුවෙක් වගේ තමයි.."
ග්‍රැනී එහෙම කියනකොට ජන්කුක් තොල් පොට එකට හපාගත්තා...
"ම්..මන් දන්නවා ඔයා කල්පනා කරනවා ඇති මන් මුකුත් නොකීවේ මොකද කියලා.. ඇත්තටම ටේහ්‍යොන්ගේ මුරන්ඩු කමට මෙහෙම දෙයක් වෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවේ නෑ.. මේක ටිකක් ඕනවට වැඩියි ඒත් මන් හිතන් නෑ මන් කෑ ගැහුවා කියලා මෙතන කිසිම දෙයක් වෙනස් කරන්න පුලුවන් කියලා... ඔයා නිකන්ම නිකන් කොල්ලෙක් උනා නම් මෙහෙම දෙයක් මම කියන්නන් ඔයා අද මෙතන ඉන්න එකක් නෑ ඒත් පිලිගන්න අමාරු උනත් මට පිලිගන්න වෙන විදියට හැමදේම මට පේනවා.. ඉතින් එන දේකට මූන දෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ දරුවෝ... ඒ හින්දා මන් ගාව බයවෙන්න එපා.. මන් තරම් මගේ ටේහ්‍යොන්ග්ව වෙන කවුරුත් දන් නෑ.. ඒ ලමයා පොඩි කාලේ ඉදන් තනි වෙච්ච දරුවෙන් ටිකක් හරි හොද උනා නම් ඒ මන් එක්ක විතරයි හන් මේ ලමයව විනාශ කරා.. ඉතින් තවත් මට ටේගෙ හිත කඩන්න බෑ.. ඒ වෙනුවෙන් මන් ඔයාව බලාගන්නම්... "
දිගට කතා කරලා ග්‍රැනී ජන්කුක්ගේ ඔලුව අතගෑවේ ආදරෙන්.. මොකද ග්‍රැනී එදා දැක්ක ජන්කුක් ටේහ්‍යොන්ගේ කාමරෙන් එලියට එන විදියත් ඇතුලට යන විදියත්.. ටේහ්‍යොන්ග්ට වෙලා තිබ්බ විපර්‍යාසෙත්.. ඒත් ඒක මේ විදියට කෙලවර වෙයි කියල නම් කවදාවත් හිතුවේ නෑ...
අන්තිමට ඒක එහෙම උනා... කොහොම උනත් අන්තිමට ටේහ්‍යොන්ග් තමන් ගාව නතර උන එක ගැන ග්‍රැනී සතුටු උනා...
"අන්තිමට මට මුනුබුරෙක් විතරක් නෙවෙයි තවත් පුන්චි කුමාරයෙක් මගෙ තනියට ගෙනත් දුන්නා.. කෝ එයා ඉන්නවද මට පෙන්නන්න..."
ජන්කුක්ගේ ඔලුව අතගාලා හිනාවෙලා ජන්කුක්ගේ ඇදුමෙන් වැහුනු බඩ දිහා බලල එහෙම ඇහුවම පලවෙනි වතාවට ජන්කුක් පිට කෙනෙක්ගේ ඉස්සරහා තමන්ගේ පැටියාව නිරාවරනය කරා... ඉතින් ග්‍රැනී තමන්ගේ රැලි වැටුනු අත ඒ කිරි සුදු පාට පිම්බුනු බඩ උඩ තිබ්බෙ ආදරෙන් .. ජන්කුක්ට අර බය නැති උනා.. මොකද තමන්ගේ පැටියට කරුනාව දක්වන කෙනෙක් ගාව බයවෙන්න ඕන උනේ නෑ ජන්කුක්ට..
ජන්කුක්ට දැන් තදින්ම ටේහ්‍යොන්ග්ව ඕන... කොහෙද කියලා දැනගන්න.. ඒත් අහන්න ලැජ්ජයි...
"ඔයා ඇස් කරකව කරකව හොයන්නෙ අර මෝඩයවනම් එයා ඊයේ රෑම ගියා.. ඔයාට නින්ද ගිය හින්දා කතා කරේ නෑ..."
බෙල්ල දික් කරන ජන්කුක් දිහා බලල හිනා වෙලා ග්‍රැනී එහෙම කිව්වෙ ජන්කුක් කම්මුල් රතු කරගන්නකොට... ඒත් ටේහ්‍යොන්ග් ඊයේ රෑම ගිහින් කීවම කලින් දවස් වලත් මහන්සි වෙලා ඊයේ දවසමත් පොඩිවත් විවේකයක් නැතුව තමන්ව මෙහෙ එක්කන් ඇවිත් ආයෙත් ඒ පයින්ම ගියා කිව්වම ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගැන හිතන්න දේවල් ඉතුරු උනා... ඉතින් ටේහ්‍යොන්ග් කැපකිරීම කරන්නෙ ආදරේට නෙවෙයිද...
ජන්කුක් උදේ කෑමෙන් පස්සෙ විසිත්ත කාමරෙන් වාඩි උනේ උස ජනෙල් අතරින් එලිය පේනකොට.. එලියට යන්න ආස උනත් ජන්කුක්ට අහන් නැතුව යන්න බය හිතුනා....
ඒත් ටික වෙලාවයි ජන්කුක් බලාගෙන හිටියා, එහෙන් මෙහෙන් ආයෙත් අර කුනු කුනුව ඇහෙනකොට ජන්කුක් ඇස් හරවලා බැලුවේ කර්ටන් එකක් අස්සෙ එක පොදියට හැන්ගිලා එයා දිහා බලන් ඉන්න පැන්චෝ ටික... කලුයි සුදුයි යුනිෆෝම් වගේ හිතන්න පුලුවන් හුරුබුහුටු ඇදුම් ඇදන් හිටිය පැන්චෝ ටික දැක්කම ජන්කුක්ගේ මූනට ලස්සන හිනාවක් ආවා...
"එන්න.."
ජන්කුක් අතින් එන්න කියලා කට්ටියට කිව්වම වටේ පිටේ ඇස් බෝල ටික කරකවලා එයාලගේ ලොකු මැඩම් ඉන්නවද බලල හොර ගෙඩියෝ ටික වගේ කට්ටිය ජන්කුක් ගාවට ලන් උනා...
"මේක ඔයාත...."
හරි ලස්සන කැලෑ මලක් ඇඹරි ඇඹරි ලැජ්ජාවෙන් ජන්කුක්ගේ අතේ තිබ්බ පොඩ්ඩෝ ජන්කුක් ගාවම බිම ඉදගත්තේ ජන්කුක්ගේ අතෙනුත් අල්ලගන්න ගමනුයි....
හරි අමුතුවට දැනුනත් පැන්චෝ ටික ජන්කුක් ගාව දැවටෙනකොට ජන්කුක්ගේ අත නිකන්ම ඒ බඩ උඩට ගියා.. එයාගෙ චන්ඩියත් මේ වගේ ලොකු වෙයි.. ජන්කුක්ට හිතනකොටත් සතුටු හිතුනේ හරි ආදරෙන්...
"ඒන්දල්ගේ බන්ඩියේ ඉන්නේ ඒන්දල් බබෙක්ද..."
එක පොඩ්ඩෙක් ජන්කුක්ගේ කන ගාවටම වෙලා හොරෙන් ඇහුවත් ඒක හයියෙන් ඇහුනා..
"ඔව්නේ... ඔයා වගේ පුන්චි ඒන්ජල් කෙනෙක් තමයිනේ ඉන්නේ... ඔයා කැමතිද..."
"මන් ඒන්දල් තලම් ලත්තන නෑනේ.. ඒ උනාත මමත් ආතයි හම්ප්..."
පුන්චි පොඩ්ඩා ඒම කියනකොට ජන්කුක් හයියෙන් හිනා උනා...
"එහෙම නෑ.. ඔක්කොම ලස්සනයි.. ඔක්කොම පුන්චි ඒන්ජල්ල තමයි.... දැන් මොකො කරන්නේ පැන්චො ටික..."
"දැල් අපේ තෙල්ලම් තයිම් එක... ඒ හින්දා අපි තෙල්ලම් කලනෝ..."
හරි හරියට ජන්කුක් එක්ක කතාවට එකතු වෙන පොඩ්ඩෝ ටිකත් එක්ක කවදාවත් නැති සතුටකින් ජන්කුක් හුස්ම ගත්තා..
ටේහ්‍යොන්ග්ව බලන්න ඕන උනත් , කිව්වත් වගේ ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කන් ඇවිත් තිබ්බෙ හරිම තැනට තමයි... ජන්කුක්ට නම් හරි හුරු පුරුදු වාහන සද්දයක් ඇහෙනකොට පොඩ්ඩෝ ටික ඉක්මනට බිමින් නැගිට්ටේ ජන්කුක්ගේ අතිනුත් අදින ගමනුයි...
"ඒන්දල්.. ඉක්මනත හැන්ගෙන්න... නපුලු අන්තල්ගේ බූම් එත ආවා...."
.
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
ඉක්මනින් එන්න බලන්නම්...🍁🍂
Thanks for reading ♥️
To be Continued....
2023/09/21
Bạn đang đọc truyện trên: AzTruyen.Top